කල්පවත්නා ප්රජාතන්ත්රවාදයක් සඳහා පදනම
ඒකාධිපතිත්වයේ බිඳ වැටීම මහා සැමරුම් උත්සවයක්
සඳහා අගනා අවස්ථාවකි. දීර්ඝ
කාලයක් තිස්සේ කරදර වලින් පෙළනු ලැබුවා වූද අරගලයේදී ඉහළ මට්ටමේ කැපකිරීමක් කරනු
ලැබුවා වූද ජනතාවට ප්‍රමෝදමත් වීමටද කාර්යයන්ගෙන් විවේකයක් ලබා ගැනීමටද සම්භාවනාවට
ලක් වීමටද සුදුසු කාලයක් අත්‍යන්තයෙන්ම අවශ්‍යවේ. ජනතාව තමන් පිළිබඳවද තමන් සමඟ දේශපාලන
නිදහස ලබාගැනීමේ අරගලයට සහභාගී වූ සියළු දෙනා පිළිබඳවද ආඩම්බර විය යුතුය. මෙම දිනය
එනතෙක් අරගලයට සහභාගී වූ සියළු දෙනාම ජිවතුන් අතර නොසිටිනු ඇත. ජිවත් වන්නවුන්ද
මියගියවුන් ද සිය දේශයේ නිදහසේ ඉතිහාසය නිර්මාණය කිරීමට දායක වූ විරුවන් වශයෙන්
අනාගතයේදී සැමරෙනු ඇත.
අවාසනාවකට මෙන් මෙය අපරික්ෂාකාරී වීමට අවස්ථාව
නොවේ. දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් මගින් ජයග්‍රාහී ලෙස ඒකාධිපතිත්වය බිඳ දමනු
ලැබූ අවස්ථාවේදී පවා පැරණි රෙජීමය බිඳ වැටීමෙන් ඇතිවූ ව්‍යකුලතාවය උපයෝගී කරගෙන තවත්
මර්දනකාරී රෙජිමයක් ඇතිවීම වැළැක්වීමට ඉතා සැලකිලිමත් පුර්වාරක්ෂාවක් ගත යුතුය. ප්රජාතන්ත්රවාදයට වන ක්රමික පරිවර්තනයක් සඳහා
ප්රජාතන්ත්රවාදී බලවේග වල නායකයන් කල් තබා සූදානම් විය යුතුය. ඒකාධිපති ව්‍යුහයන් කඩා බිඳ දැමිය යුතුය. ව්‍යවස්ථාපිත
සහ නීතික පදනම්ද කල්පවත්නා ප්රජාතන්ත්රවාදයක් සඳහා ක්‍රියාත්මක කලයුතු ප්රමිතින්ද
ගොඩනැංවිය යුතුය.
ඒකාධිපතිත්වයේ වැටීමත් සමඟ එක්ෂණයෙන් පරමාදර්ශ සමාජය පහළ වේ යයි කිසිවකු
කල්පනා නොකළ යුතුය. ඒකාධිපතිත්වයේ
බිඳවැටීම සරල ලෙස කිවහොත් පළල් වූ නිදහසේ කොන්දේසි යටතේ සමාජය වැඩි දියුණු
කිරීමේත් ප්‍රමාණවත් ලෙස මානුෂීය අවශ්‍යතා සපුරාලීමේත් දීර්ඝ කාලීන ව්‍යායාමයන්හි
ආරම්භක ලක්ෂය සනිටුහන් කරයි. බරපතළ දේශපාලන, ආර්ථික සහ සමාජයීය ප්‍රශ්ණ බොහෝ ජනයාගේ සහ කණ්ඩායම් වල තීරණාත්මක සම්මුතිය
සඳහා වන සහයෝගිතාවය අපේක්ෂාවෙන් වසර ගණනාවක් තිස්සේ පවතිනු ඇත. අනාගත ප්‍රශ්ණ වලට මුහුණ දීමට අවශ්‍ය විවිධ ආකල්පයන්
හා දෘෂ්ටීන් ද නිර්මාණාත්මක කාර්යයන් සහ
ප්‍රතිපත්ති සම්පාදනය දිගටම කරගෙන යාම
සඳහා උපකාරීවන ක්‍රියාමාර්ගයන් ද සහිත ඉඩ
ප්‍රස්ථාවන් නව දේශපාලන සම්ප්රදාය විසින් ජනතාවට සලසා දිය යුතුය.
නව ඒකාධිපතිත්වයක තර්ජනය
දුෂ්ට පාලනය දුෂ්ට පාලනයක් බවට පරිවර්තනය විය
හැකැයි ඇරිස්ටෝටල් බොහෝ ඉහතදී පවසා ඇත.14
14 ඇරිස්ටෝටල්,
දේශපාලනය, පස්වන පොත, 12 පරිච්ඡේදය, 233 පිටුව
මර්දනකාරී රෙජිමයක බිඳවැටීම නව පාලකයන්
වශයෙන් තමන්ට මැදහත් වීමට ලැබුණු අවස්ථාවක් පමණකැයි සමහර පුද්ගලයන් සහ කණ්ඩායම්
විසින් කල්පනා කර ඇති බව ප්‍රමාණවත් ඉතිහාසාත්මක සාක්ෂි ප්‍රංශය (ජෙකොබියන් හා
නැපෝලියන් ) රුසියාව (බෝල්ෂෙවික් වරු ) ඉරානය (අයෝටෝල්ලා වරු) බුරුමය (SLORC)
සහ වෙනත් බොහෝ තැන් වලින් ඉදිරිපත් කළ හැක. ඔවුන්ගේ අභිප්රායයන්
වෙනස් විය හැකි නමුත් ප්‍රතිඵලය බොහෝ
සෙයින් එක සමානය. නව ඒකාධිපතිත්වය වඩාත් කෘර විය හැකි අතර පැරණි ඒකාධිපතිත්වයට වඩා
පුර්ණ අධිකාරී බලයක් සහිත වීමට ඉඩ තිබේ.
ඒකාධිපතිත්වය බිඳ වැටීමට පෙර පවා පැරණි
රෙජීමයේ සාමාජිකයන් විසින් ජනප්‍රිය අරගල ක්‍රියාමාර්ගයේ ජයග්‍රහණයේ අයිතිය තමන්
සන්තක කර ගැනීම සඳහා ප්රජාතන්ත්රවාදය සඳහා වන විරෝධතා ව්‍යාපාර අරගලය කෙටි
කරමින් කුමන්ත්‍රණයක් මගින් බලය ඇල්ලීමට උත්සාහ කිරීමට ඉඩ තිබේ. එමගින්
ඒකාධිපතිත්වය පලවා හැරි බවට අයිතිවාසිකමක් ඉදිරිපත් කළ හැකි නමුත් ඇත්ත වශයෙන්ම
එහි බලාපොරොත්තුව නැවත සකස් කළ පැරණි ආකෘතියම නැවත ඇති කිරීමයි.
කුමන්ත්‍රණ අවහිර කිරීම
අලුතෙන් නිදහස් වූ සමාජයන්ට එරෙහිව එන
කුමන්ත්‍රණ පරාජය කිරීමට ක්‍රම තිබේ. මෙම ආරක්ෂණ ශක්‍යතාවය පිලිබඳ කල් තබා දැන
ගැනීම මෙම උත්සාහයන් ව්‍යවර්ත කිරීම සඳහා සමහර විට ප්‍රමාණවත් විය හැක. සූදානම්
වීම වැළැක්වීමට මග පාදයි. 15
15
කුමන්ත්‍රණ වලට එරෙහි වැඩි දුර විස්තර සඳහා බලන්න, ජින් ෂාප්, ප්‍රති කුමන්ත්‍රණය (බොස්ටන්
MA: ඇල්බට් අයින්ස්ටයින් ආයතනය, 2003)
කුමන්ත්‍රණයක් ආරම්භ කළ විගස කුමන්ත්‍රණකරුවෝ
නිත්‍යානුකුලභාවය එනම් ඔවුන්ට පාලනය කිරීම
සඳහා ඇති දේශපාලනාත්මක සහ සදාචාරාත්මක අයිතිය පිළිගැනීම අපේක්ෂා කරති. එබැවින් ප්‍රති
කුමන්ත්‍රණ ආරක්ෂණයේ පළමු මූලික මූලධර්මය නම් කුමන්ත්‍රණ කරුවන්ගේ නිත්‍යානුකුලභාවය
ප්‍රතික්ෂේප කිරීමයි.
සිවිල් ක්‍රියාධරයන් සහ ජනතාව තමන්ට සහයෝගය
දෙතැයි හෝ ව්‍යාකුලව හෝ අකර්මන්‍යව
සිටිතැයි හෝ කුමන්ත්‍රණකරුවෝ අපේක්ෂා කරති. විකෘත වූ සමාජය මත තමන්ගේ බලය ස්ථාපනය
කිරීම සඳහා විශේෂඥයන්ගේ සහ උපදේශකයන්ගේ, නිලධාරීන්ගේ සහ සිවිල් සේවකයන්ගේ,
පරිපාලකයන්ගේ සහ විනිශ්චයකරුවන්ගේ සහයෝගය කුමන්ත්‍රණ
කරුවන්ට අවශ්‍ය වේ. දේශපාලන යාන්ත්‍රණය, සමාජ ආයතන,ආර්ථිකය, පොලිසිය සහ සන්නද්ධ හමුදා හසුරුවන
ජන සමූහය අවිරෝධාත්මකව යටත් වී කුමන්ත්රණකරුවන්ගේ නියෝග සහ ප්‍රතිපත්ති මගින්
සංශෝධනය කරණ ලද සිය කාර්යයන් කරනු ඇතැයි කුමන්ත්‍රණකරුවෝ අපේක්ෂා කරති.
ප්‍රති කුමන්ත්‍රණ ආරක්ෂණයේ දෙවන මූලික
මූලධර්මය නම් කුමන්ත්‍රණ කරුවන්ට සහයෝගය නොදීමෙන් සහ විරෝධතා ව්‍යාපාර මගින්
විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. ඔවුන්ට අවශ්‍ය වන සහයෝගිතාවය සහ සහාය ප්‍රතික්ෂේප කළ
යුතුය. අවශ්‍යයෙන්ම ඒකාධිපතිත්වයට එරෙහිව යොදාගත් අරගල උපක්‍රම නව තර්ජනයටද එරෙහිව
යොදාගත යුතු අතර ඒවා ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුවේ. නිත්යනුකුලත්වය සහ
සහයෝගිත්වය යන දෙවෑදෑරුම් කාරනා ප්‍රතික්ෂේප කළ හොත් කුමන්ත්‍රණය දේශපාලන හාමතින් අභාවයට
යනු ඇති අතර ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩනැංවීමට ඇති අවස්ථාව ප්‍රතිෂ්ඨාපනය වේ.
ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම
ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවේ ව්‍යුහය ස්ථාපනය
කිරීම සඳහා නව ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායට ව්‍යවස්ථාවක් අවශ්‍ය වේ. ආණ්ඩුවේ අභිමතාර්ථය, ආණ්ඩුව සතු බලතල
වල සීමා, ආණ්ඩුවේ බලධාරීන් හා නීති සම්පාදකයන් තෝරාගන්නා මැතිවරණ වල කාලසීමාවන් හා
ඒවා පවත්වන විධි ක්‍රම, ජනතාවට උරුමයෙන් එන අයිතිවාසිකම්, සහ ජාතික ආණ්ඩුවට එයට
පහළින් ඇති ආණ්ඩු සමඟ ඇති සම්බන්ධතා ව්‍යවස්ථාව මගින් සකස් කළ යුතුය.
මධ්‍යම ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ලෙස
පැවතීමට අවශ්‍ය නම් එතුල ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආණ්ඩුවේ ශාඛා අතර
නිශ්චිත බලතල බෙදීමක් ස්ථාපනය කළ යුතුය. පොලිසිය, බුද්ධි අංශ සහ සන්නද්ධ හමුදා වලට
කිසිම නීතික හෝ දේශපාලන ඇඟිලි ගැසීමක් කිරීම තහනම් වන සේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්
වලට ප්‍රබල සම්බාධක පැනවිය යුතුය.
ප්‍රජාතාන්ත්‍රික සම්ප්රදායයන් ආරක්ෂා
කිරිමේද ඒකාධිපති ප්රවනතාවයන් සහ ක්‍රියාමාර්ගයන්ට බාධා පැමිණවීමේ ද අරමුණු
සාක්ෂාත් කර ගැනීම සඳහා ආණ්ඩුකරණයේ ප්‍රාදේශීය,
පළාත් සහ පළාත්පාලන මට්ටම් වලට සැලකියයුතු
පරමාධිකාරයක් හිමිවනසේ සන්ධිය නැතහොත්
ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය වේ. සමහර අවස්ථාවලදී රටේ කොටසක්
වශයෙන් පවතින අතර කුඩා ප්‍රදේශ වලට විශාල පරමාධිකාරයක් ලැබෙන කැන්ටන් වලින්
සමන්විත ස්විස් ක්‍රමය සලකා බැලිය හැක.
නව නිදහසක් ලැබූ රටේ මෙවැනි අංග වලින් යුත්
ව්‍යවස්ථාවක් කලින් පැවතුනේ නම් එය ප්‍රතිෂ්ඨාපනය කර සුදුසු සහ අවශ්‍ය පරිදි එය
සංශෝධනය කිරීම ප්‍රඥාවන්ත වේ. සුදුසු ව්‍යවස්ථාවක් කලින් නොපැවතියේ නම් අන්තර්කාලින
ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. එසේ නොමැති නම් නව ව්‍යවස්ථාවක්
පිළියෙළ කළ යුතුය. නව ව්‍යවස්ථාවක් පිළියෙළ කිරීම සඳහා සෑහෙන කාලයක් ගතවන අතර ඒ
සඳහා බොහෝ සිතා බැලිය යුතුය. මේ සඳහා පළල් ජනතා සහභාගිත්වයක් අවශ්‍ය වන අතර අළුත්
කොටස් සහ සංශෝධන සඳහා අනුමත කිරීමක් අවශ්‍ය වේ. අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට
අපහසු ව්‍යවස්ථාමය පොරොන්දු හෝ බලවත් මධ්‍යගත
ආණ්ඩුවක් බිහි කරන ප්‍රතිපාදන හෝ ඇතුළත්
කිරීමේදී බොහෝ පරික්ෂාකාරී විය යුතුය.
බහුතර ජනතාවට ව්‍යවස්ථාවේ භාවිතා කර ඇති
භාෂාව වටහාගත හැකි විය යුතුය. ව්‍යවස්ථාව නීතිඥයන්ට සහ ප්‍රභූ පිරිස් වලට පමණක්
තේරුම්ගත හැකි සංකීර්ණ හෝ නොපැහැදිලි එකක් නොවිය යුතුය.
ප්‍රජාතාන්ත්‍රික ආරක්ෂණ ප්‍රතිපත්තිය
විමුක්තිය අත්පත් කර ගත් රටකටද විදේශ තර්ජන
එල්ලවිය හැකි බැවින් ඒ සඳහා ආරක්ෂණ ශක්තියක් අවශ්‍ය වේ. ආර්ථික දේශපාලන හෝ යුද්ධමය
අධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා විදේශ බලවේග
විසින් රටට තර්ජන එල්ල කිරීමට ඉඩ තිබේ.
ජාතික ආරක්ෂාවේ අවශ්‍යතාවයන් සපුරාලීමට
දේශපාලන විරෝධතා ව්‍යාපාර වල මූලික සිද්ධාන්ත භාවිතා කිරීම සම්බන්ධව බරපතල ලෙස
සැලකිල්ල යොමු කළ යුතුය. මක්නිසාද යත් ඒ මගින් රටේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය
පවත්වාගෙන යාමේ අභිලාෂය සහතික වන බැවිනි.*
විරෝධතා පැවැත්වීමේ ශක්‍යතාවය කෙලින්ම ජනතාව අතට පත් කිරීම මගින් මෑතක දී
විමුක්තිය ලත් රටවලට ප්‍රබල හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මඟ හැර ගත හැක. ප්‍රබල හමුදාවක් ස්ථාපිත කිරීමට සිදුවුවහොත් ඒ
මගින් ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම තර්ජනයකට ලක්වීමට හෝ වෙනත් කාර්යයන් උදෙසා
පාවිච්චි කිරීමට අත්‍යවශ්‍ය මුල්‍යමය සම්පත් ඒ සඳහා යෙදවීමට හෝ සිදුවිය හැක.
*බලන්න
ජින් ශාප්, සිවිල් ජනතාව මත පදනම්වූ ආරක්ෂාව; ප්‍රශ්චාත්-යුද ආයුධ පද්ධතිය (ප්‍රින්ස්ටන්, නිව් ජර්සි: ප්‍රින්ස්ටන්
විශ්ව විද්‍යාල මුද්‍රණාලය, 1990)
සමහර කණ්ඩායම් තමන් නව ඒකාධිපතියන් වශයෙන්
ස්ථාපිත වීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා කුමන
ආකාරයක හෝ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නොතකා හරින බව මතක තබා ගත යුතුය. එබැවින්
නුදුරු අනාගතයේ ඇති විය හැකි නව ඒකාධිපතිත්වයකට එරෙහිව සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන්,
අයිතිවාසිකම් සහ ක්‍රියා පටිපාටීන් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට දේශපාලන විරෝධතා ව්‍යාපාර
සහ සහයෝගය නොදීමේ ව්‍යාපාර නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමේ අවකාශයක් විවෘතව පවතී.
පුණ්‍යවන්ත වගකීමක්
ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ අභිප්‍රාය ඒකාධිපතින්
දුර්වල කර ඔවුන් ඉවත් කිරීම පමණක් නොවේ. පෑගී සිටින ජනතාවට බලය පැවරීමද එහි අභිප්රායක් වේ. මෙයට පෙර තමන් ඉත්තන් හෝ වින්දිතයන් හෝ පමණකැයි තමන්ටම හැඟී ගිය ජනතාවකට වඩා
නිදහසක් සහ සාධාරණත්වයක් තමන්ගේම උත්සාහයෙන් ලබා ගැනීම උදෙසා බලය ලෙළවා පාවිච්චි
කිරීමට මෙම ශිල්ප ක්‍රමය එම ජනතාවට අවස්ථාවක් සලසා දෙයි. කලින් දුබලයන්ව සිටි පිරිසකට ඉහළ මට්ටමකට ආත්ම අභිමානය
සහ ආත්ම විශ්වාසය ලබා දීම සඳහා වූ අරගලයේ දායකත්වය හරහා අරගලය පිලිබඳ මෙම අත්දැකීම ජනතාවට වැදගත්
මානසික ප්‍රතිඵලයක් ඇති කරයි.
ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම
සඳහා ප්‍රචණ්ඩකාරී නොවන අරගලයක් යොදා ගැනීමේ එක් වැදගත් දීර්ඝ කාලීන වාසිදායක ප්‍රතිඵලයක්
වන්නේ සමාජය කල් පවතින සහ අනාගත ප්‍රශ්ණ සමඟ ගණුදෙනු කිරීමට වැඩි හැකියාවක් ලබා
ගැනීමයි. අනාගත ආණ්ඩුවක අව භාවිතාවන්, දූෂණය, යම් කණ්ඩායමකට පහත් කොට සැලකීම,
ආර්ථික අසාධාරණ කම්, සහ දේශපාලන ක්රමයේ ප්‍රජාතාන්ත්‍රික ගුණාංගයන් ගේ සීමාවන් ද මෙම
ප්‍රශ්ණ තුලට ඇතුළත් විය හැක. දේශපාලන විරෝධතා ව්‍යාපාරයන් යොදාගැනීමේ ජනතා
අත්දැකීම් අනාගත ඒකාධිපතිත්වයකට අනතුරු
දායක විය හැක්කේ අඩු මට්ටමකිනි.
විමුක්තියෙන් පසුව ප්‍රචණ්ඩකාරී නොවන අරගලය සමඟ
ඇති සමීපතාවය මගින් ප්රජාතන්ත්රවාදය, සිවිල් නිදහස, සුළුජන අයිතිවාසිකම්, සහ ප්‍රාදේශීය, ප්‍රාන්ත හා පළාත්පාලන ආයතන වල පරමාධිකාර බලයන් ආරක්ෂා කර ගැනීමට මාර්ගයක්
සලසා දෙනු ලැබේ. ඒ මගින් සමහර විට විරුද්ධ
පාර්ශ්වයන් විසින් ත්‍රස්තවාදී හෝ ගරිල්ලා සටන් ක්‍රම යොදා ගත හැකි වැදගත් විවාදාපන්න
අවස්ථාවලදී පුද්ගලයන්ට හා කණ්ඩායම් වලට සීමාන්තික විරෝධතාවයන් සාමකාමීව පැවැත්වීමට අවකාශය සලසා දෙයි.
දේශපාලන විරෝධතා ව්‍යාපාර හෝ ප්‍රචණ්ඩකාරී
නොවන අරගල හෝ පිලිබඳ මෙම අධ්‍යයනය පිලිබඳ සිතුවිලි වල පරමාර්ථය වන්නේ සිය ජනතාව මත පැටවී ඇති ඒකාධිපති පීඩනය ඉවත්
කිරීමට සහ මානුෂික නිදහස හා සමාජයේ මට්ටම ඉහළ නැංවීමට යොදන ජනප්‍රිය ක්‍රියාමාර්ග
වලට ගරු කරණ කල්පවත්නා ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ඇති කිරීමට ක්‍රියා කරණ සියළු
පුද්ගලයන් හා කණ්ඩායම් වලට උපකාරී වීමයි.
මෙම අදහස් වල ප්‍රධාන නිගමන තුනක් සංක්ෂිප්ත
ලෙස මෙසේ දැක්විය හැක.
·
ඒකාධිපතිත්වයන්ගෙන්
විමුක්තිය ලැබීම කළ හැක්කකි.
·
එම අරමුණ සාක්ෂාත් කර
ගැනීම සඳහා ඉතා සැලකිල්ලෙන් සිතා බැලීම සහ උපාය මාර්ගික සැලසුම් අවශ්‍ය වේ.
·
පරික්ෂාකාරී වීම,
උත්සාහවන්තවිම, බොහෝ විට බොහෝ අලභාහනි සිදුවන සංයමයෙන් යුත් අරගලය මේ සඳහා අවශ්‍ය
වේ.
නොයෙක් විට උපුටා දක්වන වාක්‍යයක් වන “නිදහස නිදහස් නැත” යන්න සත්‍යයකි. පිඩනයට
ලක්වූ ජනතාවට ඉතාමත් අවශ්‍ය වන නිදහස ඔවුන්ට ලබාදීමට කිසිම බාහිර බලවේගයක්
පැමිණෙන්නේ නැත. ජනතාව තමන් විසින්ම එම නිදහස ලබා ගන්නේ කෙසේද යන්න පිලිබඳ
අවබෝධයක් ලැබිය යුතුය. එය ලෙහෙසි කාර්යයක් නොවේ.
ජනතාවට තමන්ගේ නිදහස සඳහා අවශ්‍ය වන්නේ
කුමක්ද යන්න ග්‍රහණය කර ගත හැකිනම් ඉතාමත් පරිශ්‍රමයකින් පසුව තමන්ගේ නිදහස ළඟා කර
ගත හැකි ක්‍රියා මාර්ග සටහන් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. ඉන් පසුව උද්යෝගයෙන්
යුතුව නව ප්‍රජාතාන්ත්‍රික සංවිධානයක් ඔවුන්ට ගොඩනැගිය හැකි අතර එහි ආරක්ෂාව සඳහා
ද සූදානම් විය හැක. මෙවැනි අරගලයකින් පසුව ලබාගන්නා නිදහස කල් පවත්නා එකකි. එය
පවත්වා ගත හැක්කේ එය රැක ගැනීමට හා එහි වැඩි දියුණුවට කැපවූ ස්ථිර භාවයෙන් යුත්
මිනිසුන් අතිනි.
No comments:
Post a Comment