හර්ෂ ගුණසේන
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ පියවර
ගණනාවක් මෙම ආණ්ඩුව විසින් ගෙන ඇති නමුත් මේ පිළිබඳව පුළුල් ජනතා සාකච්ඡාවක් තවම
ඇතිවී නොමැත. මෙම ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය
පිලිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන්
යුත් කමිටුවක් පත් කරණ ලද අතර එහි වාර්තාවද පසුගිය වසරේ මැයි මස නිකුත් කරන ලදී.
මින් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වූ අතර එම මණ්ඩලයට පාර්ලිමේන්තු කාරක සභාවක බලය ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මන්ත්‍රීවරුන් 21 දෙනකු ගෙන් සමන්විත වන අතර මෙම
කමිටුවේ කාර්ය භාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙළ කිරීමයි. මෙහෙයුම් කමිටුව විසින් නිශ්චිත විෂය ක්ෂේත්‍ර
සම්බන්ධයෙන් තව දුරටත් මහජන අදහස් විමසූ අතර මේවා පදනම් කරගෙන මහජන අදහස් විමසීමේ
කමිටුව විසින් අතුරු වාර්තාවක්ද ඉදිරිපත් කරණ ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට මූලික
අයිතිවාසිකම්, අධිකරණය, නිතිය හා සාමය, රාජ්‍ය මුල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම-
පර්යන්ත සබඳතා යන සය වැදෑරුම් කාරණා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරණ සියළුම පක්ෂ වල
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නියෝජිත්වයෙන් යුත් අනු කමිටු හයක් පත්කරන ලදී. මෙම
අනු කමිටු සියල්ලේම වාර්තා දැන් ඉදිරිපත් කර ඇත. තවමත් ඉදිරිපත් කර නැත්තේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
යෝජනා කෙටුම්පතයි.
මෙහෙයුම් කමිටුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන්
යුත් අතර එහි සාමාජිකයන් වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ්
හකීම්, විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බතියුදින්, පාඨලී චම්පික
රණවක, ඩි. එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර
දිසානායක,ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න,එම්.ඒ. සුමන්තිරන්,
තුසිතා විජේමාන්න මිය, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග, සහ ඩග්ලස් දේවානන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
ගෙන් සමන්විතය. වර්තමාන ව්‍යවස්ථාවේ පළමු සහ දෙවන පරිච්ඡේද (එනම් ජනතාව, රාජ්‍යය,
පරමාධිපත්‍යය සහ බුද්ධාගම අඩංගු කරුණු), රාජ්‍යයේ ස්වභාවය, පරමාධිපත්‍යය, ආගම,
ආණ්ඩුවේ ස්වභාවය, මැතිවරණ සංශෝධන, බලය බෙදීමේ මුලධර්ම සහ ඉඩම් යන කරුණු කෙළින්ම
මෙහෙයුම් කමිටුව මගින් සලකා බැලේ.
අනු කමිටු වල සැකැස්ම
අනු කමිටුව
|
සභාපති
|
සාමාජිකයන්
|
මූලික අයිතිවාසිකම්
|
මහින්ද සමරසිංහ
|
අනුරාධ ජයරත්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි මිය, විජිත
හේරත්,වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, එස්. ශ්‍රීධරන්, ඒ. අරවින්ද්
කුමාර්, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න මිය, එම්. එච්. එම්. සල්මන්
|
අධිකරණය
|
රවුෆ් හකීම්
|
අනුර ප්‍රියදර්ශන යාපා, නවින් දිසානායක, තලතා අතුකෝරල
මිය, චන්දිම වීරක්කොඩි, සුජීව සේනසිංහ, ශ්‍රියානි විජේවික්‍රම මිය, එම්. ඒ.
සුමන්තිරන්, උදය ගම්මන්පිල, නලින්ද ජයතිස්ස, ශාන්ති ශ්‍රී ස්කන්දරසා මිය.
|
නිතිය හා සාමය
|
සාගල රත්නායක
|
ඩබ්. ඩි. ජේ. සෙනෙවිරත්න, පාලනී දිගම්බරම්, අමීර් අලි ෂිහබ්දින්,
අජිත් පී පෙරේරා, ඩග්ලස් දේවානන්ද, අනුර දිසානායක, එම්. එස්. තවුෆීක්, මාවෙයි
සේනාතිරාජා, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ
|
රාජ්‍ය මුල්‍ය
|
බන්දුල ගුණවර්ධන
|
සරත් අමුණුගම, වී. එස්. රාධක්‍රිෂ්ණන්, අනෝමා ගමගේ,
හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මුතු සිවලිංගම්,කෙහෙළිය රඹුක්වැල්ල, සුනිල්
හඳුන්නෙත්ති, ඊ. සරවනපවන්, තාරක බාලසූරිය,
|
රාජ්‍ය සේවය
|
සුසිල් ප්‍රේමජයන්ත
|
කරුණාරත්න පරණවිතාන, චන්ද්‍රසිරි ගජධීර, නිහාල්
ගලප්පත්ති, ජේ. සී. අලවතුවල, අබ්දුල්ලා මහරුෆ්, රමේෂ් පතිරණ,වේලු කුමාර්, හර්ෂණ
රාජකරුණා,මුජිබර් රහුමාන්, ඥානමුත්තු ශ්‍රී නේසන්
|
මධ්‍යම- පර්යන්ත සබඳතා
|
ධර්මලිංගම් සිද්ධාර්තන්
|
ඩිලාන් පෙරේරා, එච්. එම්.එම්. හරිස්, ඩලස් අලහප්පෙරුම,
බිමල් රත්නායක,විදුර වික්‍රමනායක,මයිල්වාගනම් තිලකරජා, සනත් නිශාන්ත පෙරේරා, එස්.
එම්. මරික්කාර්, රෝහිනී කුමාරි විජේරත්න මිය, විජේපාල හෙට්ටිආරච්චි
|
මෙම අනු කමිටු වාර්තා සියල්ලේම අවසාන ඉලක්කය රාජ්‍යයේ බලය
නිසි පරිදි බෙදා එමෙන්ම අවශ්‍ය තැන් වලදී බලය මධ්‍ය ගත කර කාර්යක්ෂමතාවය ඉහළ
නැංවීමයි.
මූලික අයිතිවාසිකම් පිලිබඳ අනු කමිටුව සිවිල්, දේශපාලන (පළමු පරම්පරාව) අයිතීන් පමණක්
නොව ආර්ථික, සමාජයීය, සංස්කෘතික (දෙවන පරම්පරාව) අයිතීන් සහ පාරිසරික සහ සංවර්ධනය (තෙවන
පරම්පරාව) පිලිබඳ අයිතීන්ද ව්‍යවස්ථාවට ඇතුළු විය යුතු බව අදහස් කරයි. ලාල්
විජේනායක කමිටුව මගින්ද මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම අයිතීන් ව්‍යවස්ථාවට
ඇතුළත් කර අධිකරණය මගින් බලාත්මක කර ගැනීම ආණ්ඩුකරණයේ ලා කෙතරම් දුරට ප්රශස්ත වේ
දැයි විවාදයක් මේ දිනවල පවතී.
අධිකරණය පිළිබඳ අනු කමිටු වාර්තාව මගින් අධිකරණයේ
ස්වාධීනත්වය ඇති කරගත හැකි ක්‍රම වර්තමාන ව්‍යවස්ථාව මගින් සහතික කර නොමැති බව
දක්වා ඇත.උපරිමාධිකරණ විනිසුරන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් වෙතින් ලද නාම යෝජනා අනුව ව්‍යවස්ථා සභාවේ
නිර්දේශය මත උපරිමාධිකරණ වල විනිසුරුවරුන් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බව අනු
කමිටුව නිර්දේශ කරයි. අධිකරණ වල සංයුතිය ගැන කරුණු දක්වන අනු කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
අධිකරණයක් යෝජනා කරයි. යෝජනා වල සමස්ත පදනම අධිකරණයේ බලය ආරක්ෂා කර ගැනීමයි.
ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා ජාතික පොලිසියෙන් සහ ශ්‍රී
ලංකා පළාත්බද පොලිසියෙන් සමන්විත විය යුතු බව නිතිය හා සාමය පිලිබඳ අනු කමිටුව
නිර්දේශ කරයි. සමස්ත ශ්‍රී ලංකා පොලිසියේ සහ නිලධාරීන්ගේ වගකීම් එමෙන්ම ශ්‍රී ලංකා
ජාතික පොලිසියේ සහ පළාත්බද පොලිසියේ වගකීම් අනු කමිටුව නිර්දේශ කරයි. එමෙන්ම ජාතික
පොලිස් කොමිෂන් සභාවක් සහ පළාත් පොලිස් කොමිෂන් සභාවක් ද ඒවායේ වගකීම් ද පොලිස්පති
ගේ කාර්ය භාරයන් සහ අදාළ පළාත් වල පොලිස් කොමසාරිස් වරුන්ගේ කාර්ය භාරයන්ද අනු
කමිටුව නිර්දේශ කර ඇත. එමෙන්ම හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමේ පටිපාටිය, ජාතික
ආරක්ෂක මණ්ඩලය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳවද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය නායකයා මුදල් විෂය භාර ඇමතිවරයා නොවිය යුතු බව
නිර්දේශ කරණ රාජ්‍ය මුල්‍ය පිලිබඳ අනු කමිටුව රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීම,
පළාත් අරමුදල සහ අයවැය ක්‍රියාවලිය ව්‍යුහගත
කිරීම ගැන නිර්දේශ ඉදිරිපත් කරයි. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල මුල්‍ය
ආන්තිකරණයට ලක් කිරීම ගැන කරුණු දක්වන අනු කමිටුව ජාතික අදායමෙන් නිසි කොටස් පළාත්
සභා සහ පළාත් පාලන ආයතන වලට රාජ්‍යය විසින් ලබාදීම ගැනද මුල්‍ය කොමිෂන් සභාව ගැනද කරුණු දක්වයි. රාජ්‍ය විගණනය සහ විගණකාධිපති
තවදුරටත් බලාත්මක කිරීම ගැනද යෝජනා ඉදිරිපත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින්
යෝජනාකර ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බවද තමන්
විසින් දෙන නියෝග සම්බන්ධයෙන් අමාත්‍යවරු වග
විය යුතු බවද ඇතුළු නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරණ රාජ්‍ය සේවය පිලිබඳ අනු
කමිටුව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ
ව්‍යවස්ථාදායක පාලනයට නතු විය යුතු බව නිර්දේශ කරයි. එමෙන්ම විගණනයට බියෙන් ඇතැම්
නිලධාරීන් අවශ්‍ය තීන්දු නොගන්නා බවත් මෙම තත්ත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා අමතර ජ්‍යෙෂ්ඨ
රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විගණන කොමිසමට පත්කළ යුතු බව ද අනු කමිටුව නිර්දේශ කරයි.
රටේ මූලික ප්රශ්නය වන්නේ ජාතික ප්‍රශ්නයට ස්ථිර
විසඳුමක් ලබාදීම බැවින් මධ්‍යම- පර්යන්ත සබඳතා පිලිබඳ අනු කමිටු වාර්තාව ඉතා
වැදගත්ය. මෙම අනු කමිටුව ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන වල බලතල, පළාත් විධායක
කාරක සභා, ආණ්ඩුකාරවරයාගේ බලතල, පළාත් වල පරිපාලන ව්‍යුහ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය
ලේකම් වරුන්ගේ කාර්ය භාරය, අදායම් එකතුකිරිම හා අදායම් බෙදීම සම්බන්ධ කරුණු සලකා
බල නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර සමගාමී ලැයිස්තුව, පොලිස් හා ඉඩම් බලතල සහ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා අධිකරණය පිළිබඳවද කරුණු දක්වා ඇත. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්
වරුන්ගේ කාර්ය භාරය මගින් පළාත තුළ ද්විත්ව බලයක් නිර්මාණය වන බව අනු කමිටුව
පෙන්වාදේ. එබැවින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරු ද ග්‍රාම නිලධාරින්ද පළාත්
සභා යටතට පත්කර ඔවුන් මගින් මධ්‍යම ආණ්ඩුවේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා ක්‍රමවේදයක්
සකස් කළ යුතු බව අනු කමිටුව යෝජනා කරයි. එමෙන්ම පළාත් සභාව තුළ තිබෙන පළාත් පාලන
ආයතන වල සම්පුර්ණ වගකීම පළාත් සභා වලට පැවරිය යුතු බවත් මධ්‍යම ආණ්ඩුව මගින්
කෙලින්ම පළාත් පාලන ආයතන වෙත මුදල් ලබාදීම නොකළ යුතු බවත් අනු කමිටුව යෝජනා කරයි.
මෙම වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම
සකස්කර ප්‍රසිද්ධ කර ඇති අතර අන්තර්ජාලයට පහත සඳහන් ආකාරයට සම්බන්ධවීම මගින් සිංහල
භාෂාවෙන් අනු කමිටු වාර්තා ඇතුළු තොරතුරු ලබා ගත හැක. මෙම ලිපියේ අරමුණ
ජනතාව අතර මේ පිලිබඳ සංවාදයක් ඇති කිරීමයි. http://sinhala.constitutionalassembly.lk/
No comments:
Post a Comment