උපායමාර්ගික
සැලසුම් වල අවශ්‍යතාව
ඒකාධිපතින්ට
එරෙහි දේශපාලන විරෝධතා ව්‍යාපාර විවිධ ක්‍රම වලින් ආරම්භ විය හැක. අතීතයේදී මෙම
අරගල සෑම විටම මෙන් ඇතිවූයේ සැලසුම් රහිතව
සහ අවශ්‍යයෙන්ම අහම්බයක් මෙනි. අතීත මූලික අරගලකාරී ක්‍රියාකාරකම් වලට හේතුවූ
නිශ්චිත දුක් ගැනවිලි එකිනෙකින් බොහෝසෙයින් වෙනස් වූ නමුත් එම දුක් ගැනවිලි වලට නැවතත් ඇතිවන කෘර කම්,
බොහෝ ගරු කටයුතු පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම හෝ මරා දැමීම, මර්දනකාරී නව ප්‍රතිපත්තියක්
හෝ නියෝගයක්, ආහාර ද්‍රව්‍ය හිඟය, ආගමික විශ්වාස කෙරෙහි ඇති අගෞරවය, එසේ නොමැති
නම් වැදගත් අදාළ කාරණයක වාර්ෂික සැමරුම වැනි දෑ බොහෝවිට අඩංගු වී ඇත. සමහර අවස්ථා වලදී ඒකාධිපතිත්වයේ යම් ක්‍රියාවක්
ජනතාව කෙතරම් ප්‍රකෝප කරඇත් දැයි යත් තම ප්‍රතික්‍රියාව අවසන් වන්නේ කෙලෙසදැයි
නොසිතා ප්‍රතික්‍රියා කිරීමට ජනතාව පෙළඹී ඇත. වෙනත් අවස්ථාවන් වලදී ධෛර්ය සම්පන්න
පුද්ගලයකු හෝ කුඩා කණ්ඩායමක් හෝ විසින්
සහයෝගය ජනනය කළ යම් ක්‍රියාවක යෙදෙන්නට ඇත. නිශ්චිත දුක් ගැනවිල්ලක් තමන් විසින්
අත්දකින ලද හිංසනයකට සමාන යයි හැඟීමෙන් වෙනත් අයද
අරගලයට එකතුවීමට පුළුවන. සමහර අවස්ථාවලදී කුඩා කණ්ඩායමක් හෝ එක් පුද්ගලයකු
විසින් විරෝධතා සඳහා කරන ලද නිශ්චිත ඉල්ලීමක් බලාපොරොත්තු රහිත ප්‍රතිචාරයක් ඇති
කිරීමට පුළුවන.
නිරායාසයෙන්
සිදුවන ක්‍රියාකාරකම් වල යම් ධනාත්මක ලක්ෂණ ඇතත් බොහෝවිට ඒවා
අවාසිසහගත වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා කරුවන්
නිතොරවම ඒකාධිපතීන්ගේ කෘරකම් ඇතිවේයැයි බලාපොරොත්තුවන්නේ නැත. එබැවින්
ඔවුන් බරපතළ ලෙස පීඩා විඳි අතර අරගලය බිඳ වැටී ඇත. සමහර අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍ර
වාදීන්ගේ සැලසුම් වල දුර්වලතා නිසා වැදගත් තීරණ ගැනීම
ඉබේ සිදු වී ඇත්තේ විනාශදායක ප්‍රතිඵල ද සමඟිනි. මර්දනකාරී පාලන ක්‍රමය බිඳ දැමුණු
අවස්ථාවලදී පවා එය ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයකට පරිවර්තනය කර ගැනීමේ සංක්‍රමණික
අවස්ථාව හැසිරවීම කල්තබා සැලසුම් කර නොතිබීමේ ක්‍රියාව නව ඒකාධිපතිත්වයක් ඇතිවීමට දායක වී ඇත.
යථාර්තවාදී
සැලසුම්කරණය
අනාගතයේ
ඒකාධිපතිත්වයන්ට එරෙහි නැගිටීම් වලදී සැලසුම් නොකරන ලද ජනප්‍රිය ක්‍රියා අනිවාර්යයෙන්ම
වැදගත් කාර්ය භාරයක් ඉටුකරනු ඇත. කෙසේනමුත් ඒකාධිපතිත්වයක් බිඳ දැමීමේ වඩාත්
ඵලදායි ක්‍රම ගණනය කිරීමටත් දේශපාලන තත්ත්වය සහ ජනතා මනෝභාවය ප්‍රශස්ත
මට්ටමට පැමිණ ඇත්දැයි තක්සේරු කිරීමටත් සහ සටනට මුලපුරන්නේ කෙසේද යන්න නිගමනය
කිරීමටත් දැන් හැකියාව තිබේ. එවැනි පසුබිමක් යටතේ නිදහස ළඟා කර
ගැනීම සඳහා වන ඵලදායි ක්‍රම තෝරා ගැනීම උදෙසා පවතින තත්ත්වය ගැන කෙරෙන යථාර්තවාදී
තක්සේරුවක්ද ජනතාවගේ හැකියාවන්ද මත පදනම් වන
පරෙස්සම් සහගත චේතනාවක් අවශ්‍ය වේ.
කෙනෙකුට
යමක් ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය නම් එය කරන්නේ කෙසේදැයි සැලසුම් කිරීම ප්‍රඥාවන්ත වේ.
ඉලක්කය වඩාත් වැදගත් වන තරමට හෝ අසමත්වීමේ ප්‍රතිවිපාක බරපතල වන තරමට සැලසුම්
කිරීමේ අවශ්‍යතාව ඉහළ යයි. ප්‍රයෝජනය සඳහා ඇති සියලුම සම්පත්
ඒකරාශී කිරීමටත් වඩාත් ඵලදායි ලෙස කාර්යයන්හි යෙදවීමටත් ඇති හැකියාව උපායශීලි
සැලසුම්කරණය මගින් වර්ධනය කරනු ලබයි. බලවත් ඒකාධිපතිත්වයක් බිඳ දැමීම උදෙසා ක්‍රියාත්මකවන
සීමාසහිත භෞතික සම්පත් ඇති එමෙන්ම සිය
ආධාරකරුවන් අනතුරුදායක තත්ත්වයක ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට මෙය අවශ්‍යයෙන්ම
සත්‍ය වේ. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන් ඒකාධිපතිත්වයකට බොහෝවිට මහා පරිමාණයේ භෞතික
සම්පත් වලට ප්‍රවේශ වීමටත් කෘර ක්‍රියාවන්හි
යෙදීමටත් හැකියාවත් ඇති අතර සංවිධාන ශක්තියද තිබේ.
“උපායමාර්ගයක්
සැලසුම්කිරීම” යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ දැන් සිටින තත්ත්වයේ සිට ඉදිරියේ බලාපොරොත්තුවන තත්ත්වයකට යාමට උපකාරී විය හැකි ක්‍රියාවලියක් ගණනය
කිරීමයි. මෙම සාකච්ඡාවට අනුරූපව එහි අදහස වන්නේ ඒකාධිපතිත්වයේ සිට අනාගත ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රමයකට ආගමනය වීමයි. එම අරමුණ ජයගැනීම සඳහා වන සැලසුමක් සාමාන්‍යයෙන්
සමන්විත වන්නේ මර්දනය කරන ලද ජනතාව සහ
සමාජය ශක්තිමත් කිරීමටත් ඒකාධිපතිත්වය දුර්වල කිරීමටත් අරමුණු කරන ලද පියවර ගණනාවක් සහිත ක්‍රියාවලියක් සහ වෙනත් සංවිධානය කරන ලද ක්‍රියාවන් ගෙනි. මෙහි
අරමුණ හුදෙක් පවතින ඒකාධිපතිත්වය විනාශ කිරීම පමණක් නොව ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රමයක් ස්ථානගත කිරීමද වේ. පවතින ඒකාධිපතිත්වය විනාශ කර දැමීම පමණක් අරමුණුකරගත්
මහා පරිමාණ උපාය මාර්ගයක තවත් ප්‍රජා පීඩකයෙක් නිර්මාණය වීමේ අවදානම තිබේ.
සැලසුම්කරණයට
ඇති බාධක
ලෝකයේ
විවිධ ප්‍රදේශ වල සිටින නිදහස පිලිබඳ නිපුණයන් විසින් ඔවුන්ගේ සම්පුර්ණ ශක්‍යතාව
විමුක්තිය ලබා ගන්නේ කෙසේද යන ගැටළුව වෙත යොමු කරනු නොලැබේ. පරෙස්සම් සහගත
උපායශීලි සැලසුම්කරණයක් ක්‍රියාත්මකවීමට පෙර කිරීමේ පරම අවශ්‍යතාව මෙම අනුග්‍රාහකයන් විසින් ග්‍රහණය කරනු ලබන්නේ ඉතාමත් කලාතුරකිනි. ප්‍රතිඵල
වශයෙන් මෙය කිසිසේත්ම නොකෙරේ.
සිය
ජනතාවට දේශපාලන නිදහස උරුමකරදීමේ දැක්මක් ඇති පුද්ගලයන් එම අරමුණ ජය ගැනීම සඳහා
විස්තරාත්මක උපායශීලි සැලසුමක් ඉතාම කලාතුරකින් පමණක් පිළියෙළ කරන්නේ ඇයි?
අවාසනාවන්ත ලෙස බොහෝවිට ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ කණ්ඩායම් වල සිටින පුද්ගලයෝ උපායශීලි
සැලසුම්කරණයේ අවශ්‍යතාව වටහා ගැනීමට අපොහොසත්වෙති. එසේ නොමැතිනම් ඔවුහු උපායශීලි ලෙස
සිතීමට පුරුදුවි නැති හෝ පුහුණු කර නැති පුද්ගලයෝ වෙති. මෙය අමාරු කාර්යයකි. ඒකාධිපතීන්
විසින් නිතොරවම හිරිහැර කරනු ලබන සහ සියතෙහි ඇති වගකීම් වලින් සම්පුර්ණයෙන්ම යටකර
දමා ඇති අරගල නායකයන්ට උපායශීලි ලෙස
සිතීමේ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය සුරක්ෂිතභාවය හෝ කාලය නොමැත.
ඒවෙනුවට
හුදෙක් ඒකාධිපතින්ගේ ක්‍රියා වලට ප්‍රතික්‍රියා දැක්වීම සාමාන්‍ය රටාව වී ඇත.
එබැවින් විරුද්ධවාදීන් සීමාසහිතවූ නිදහසේ අට්ටාලයක් හෝ විමුක්තියක් පවත්වාගෙන යාමට
මාන බලමින්ද, උපරිම වශයෙන් ඒකාධිපති පාලනයන්ගේ ව්‍යාප්තිය සීමා කරමින්ද පාලන තන්ත්‍රයේ
නව ප්‍රතිපත්ති වලට යම් ප්‍රශ්න ඇති කරවමින්ද සෑමවිටම ආරක්ෂාකාරී ලෙස කටයුතු කරනු
ඇත.
සැබැවින්ම
සමහර පුද්ගලයන් සහ කණ්ඩායම් විමුක්තිකාමී ව්‍යාපාරයක් සඳහා පළල් සහ දීර්ඝ කාලීන සැලසුම්
වල අවශ්‍යතාවය නොදකිනු ඇත. ඒ වෙනුවට සිය අරමුණ දැඩිව ස්ථිරව සහ
දීර්ඝ කාලීනව වැළඳ ගන්නේ නම් එය ඉටුවන බව ඔවුන් බොළඳව කල්පනා කරනු ඇත. එළැඹෙන
බාධක වලට මුහුණ දෙමින් සිය ප්‍රතිපත්ති සහ පරමාදර්ශ වලට අනුකුලව ජීවත්වීම සහතික කල
හැකි නම් අරමුණ ජය ගැනීම සඳහා කළ හැකි සියල්ල තමන් කරන බව සමහරු සිතනු ඇත. කාරුණික
වූ අරමුණු වැළඳ ගැනීම සහ සිය පරමාදර්ශ වලට පක්ෂපාත වීම ප්‍රශංසනීය වන නමුත්
ඒකාධිපතිත්වයක් අවසන් කිරීම සහ නිදහස ළඟා කර ගැනීම සඳහා ඒවා කිසිසේත්ම නොසෑහේ.
ඒකාධිපතිත්වයට
විරුද්ධ තවත් සමහර කොටස් ප්‍රචණ්ඩත්වය තව තවත් යොදාගැනීම මගින් නිදහස ලඟා කර
ගැනීමට හැකිවේයයි බොළඳ ලෙස කල්පනා කරනු ඇත. නමුත් ඉහත දැක්වූ පරිදි ප්‍රචණ්ඩත්වය
කිසිසේත්ම ජයග්‍රහණය සහතික කරන්නේ නැත. විමුක්තිය
වෙනුවට එය පරාජය හෝ මහා ඛේදවාචකයක් හෝ ඒ දෙකම හෝ වෙත ලඟා වීමට මාර්ගය පෑදීමට ඉඩ
තිබේ. බොහෝ අවස්ථාවන්හිදී ඒකාධිපතිත්වය ප්‍රචණ්ඩකාරී අරගලයකට මුහුණදීමට සූදානමින්
සිටින අතර යුද්ධමය තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදීන්ට වාසි සහගත වන්නේ නම් ඒ ඉතා
කලාතුරකිනි.
තමන්
කල යුත්තේ කුමක්දැයි තමන්ට දැනෙන සහ හැඟෙන අන්දම මත තමන්ගේ ක්‍රියාකාරකම් පදනම් කර
ගන්නා ක්‍රියාකාරීන් ද වෙති. මෙම ප්‍රවේශයන් පුද්ගල කේන්ද්‍රීය
වනවා පමණක් නොව ඒවා විමුක්තිය සඳහා වන පළල් උපාය මාර්ගයක් ගොඩනැංවීම සඳහා කිසිම
මාර්ගෝපදේශයක් ලබා නොදේ.
යමකු සතුව ඇති ‘විචක්ෂණ අදහසක්’ මත පදනම් වන ක්‍රියාකාරකම්
වල ද සීමාවන් තිබේ. එබැවින් ඒකාධිපතිත්වය පෙරළා දැමීම සඳහා ඉතා සූක්ෂ්ම ලෙස ගණනය කළ
‘ඉදිරි පියවර’ මත පදනම්වූ ක්‍රියාකාරකම්
අවශ්‍ය වේ. උපායමාර්ගික විශ්ලේෂණයකින් තොරව ‘ඊළඟ පියවර’ කුමක්දැයි බොහෝවිට අරගල නායකයන්ට දැනගත නොහැක.
මක්නිසාද යත් ජයග්‍රහණය ලඟා කර ගැනීම සඳහා
පියවරෙන් පියවර කලයුත්තේ කුමක් දැයි ඔවුන් සැලකිල්ලෙන් යුතුව කල්පනා කර නොමැති
බැවිනි. නිර්මාණශිලිත්වය සහ විචක්ෂණ අදහස් වැදගත් වන නමුත් ඒවා පාවිච්චි කළ යුත්තේ
ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල උපායමාර්ගික ස්වරූපය වැඩි දියුණු කිරීම සඳහාය.
ඒකාධිපතිත්වයට
එරෙහිව ගත හැකි විවිධවූ ක්‍රියාමාර්ග ගැන සියුම් ලෙස දැන සිටියද පටන්ගන්නේ කොතැනින්
දැයි සිතාගත නොහැකි නිසා ‘සියලු දෙයම
එකවිට කරන්නැයි’ සමහරු උපදෙස් දෙති. එය ප්‍රයෝජනවත් විය හැකි නමුත් විශේෂයෙන්ම සාපේක්ෂ
වශයෙන් දුර්වල ව්‍යාපාරයකට එය ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇත. එයට අමතරව එවැනි ප්‍රවේශයක්
මගින් පටන් ගන්නේ කොතැනින්ද, පරිශ්‍රමයන් කේන්ද්‍රගත කරන්නේ කොතැනටද, සහ බොහෝවිට
සීමිත වන සම්පත් පාවිච්චි කරන්නේ කෙසේද යන ප්‍රශ්න වලට මග පෙන්වීමක් නොලැබේ.
වෙනත්
පුද්ගලයන් සහ කණ්ඩායම් යම් සැලසුම් කිරීමක අවශ්‍යතාවයක් දකිනු ඇති නමුත් ඔවුන් ඒ
ගැන සිතනු ඇත්තේ කෙටි කාලීන හෝ උපායශීලි ලෙස හෝ පමණි. දිගු කාලීන සැලසුම් කිරීමක
අවශ්‍යතාවය හෝ හැකියාව ඔවුන් නොදකිනු ඇත. සමහර අවස්ථා වලදී සාපේක්ෂ වශයෙන් නොවැදගත් කරුණු
ගැන නැවත නැවතත් අවධානය යොමු කිරීම නිසාද ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයකට පවතින
තත්ත්වය ප්‍රයෝජනයට නොගෙන ප්‍රතිවාදියාගේ ක්‍රියා වලට බොහෝවිට ප්‍රතික්‍රියා දැක්වීමට යාම නිසාද උපායමාර්ගික ලෙස සිතීමට සහ විශ්ලේෂණය කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත. කෙටි කාලීන ක්‍රියා මාර්ග
සඳහා ශක්තිය බොහෝසේ වැය කිරීම හේතුවෙන් තම
අරමුණට නිරන්තරයෙන් ලඟා වීමට හැකි වන සේ තමන් සතුව ඇති සමස්ත ශක්තිය යොමු කිරීමට
හැකි විවිධ විකල්ප ක්‍රියා මාර්ග ගවේෂණය කිරීමට මෙම නායකයෝ බොහෝවිට අසමත් වෙති.
සමහර
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් ඒකාධිපතිත්වයක් පෙරළා දැමීම සඳහා විස්තීර්ණ උපාය මාර්ගයන්
සැලසුම් නොකිරීමටත් කෙටිකාලීන කාරනා ගැන පමණක් අවධානය යොමු කිරීමටත් වෙනත් හේතුවක්
තිබෙන්නට පුළුවන. ඔවුහු සිය උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඒකාධිපතිත්වය බිඳ දැමිය
හැකි යයි සිය හර්දය සාක්‍ෂියට එකඟව නොසිතති. එබැවින් එය කෙසේ කල හැකි දැයි සැලසුම් කිරීම කාලය අපතේ
හැරීමක් හෝ නිෂ්ඵල ක්‍රියාවක් ලෙස සැලකේ. කෘර එමෙන්ම පිළිගත් ඒකාධිපතිත්වයන්ට
එරෙහිව නිදහස සඳහා අරගල කරන ජනතාව බොහෝවිට ඒකාධිපතියන්ට තමන් කැමති ඕනෑම දෙයක්
කළහැකි බව පෙන්වමින් මෙහෙයවනු ලබන ඉතා ප්‍රබල හමුදා සහ පොලිස් බලයන්ගේ අභියෝග වලට
නිතිපතා මුහුණ දෙති. මෙම මිනිසුන් තමන්ට ප්‍රබල
බලාපොරොත්තු නොමැති වුවත් සිය අවංකකම නිසාද සමහරවිට ඉතිහාසගත හේතු නිසාද ඒකාධිපතිත්වයන්ට
තර්ජනය කරති. ඔවුන් එය පිළිනොගත්තත් එමෙන්ම කෙසේවත් දැනුවත්ව එය හඳුනා නොගත්තත් ඔවුන්ගේ
ක්‍රියාවන් බලාපොරොත්තු විරහිත බව ඔවුන්ටම වැටහේ. එබැවින් ඔවුන්ට දීර්ඝ කාලීන සහ
විස්තීර්ණ උපාය මාර්ගික සැලසුම් වල කිසිම ඵලයක් නොමැත.
මෙලෙස
උපාය මාර්ගික සැලසුම් නොකිරීමේ ප්‍රතිඵලය ඉතා බලවත් වේ. එය යමෙකුගේ
ශක්තිය විසුරුවා හරියි. ක්‍රියාවන් බල රහිත කරයි. ජවය නොවැදගත්
කරුණු මත නාස්ති කරයි. යමෙකු සතුව ඇති වාසි ප්‍රයෝජනයට
නොගනියි. යමෙකුගේ කැපකිරීම් වලින් කිසිම ප්‍රතිඵලයක් නොලැබේ.
ප්‍රජාතන්ත්‍රවාදීන් උපායමාර්ගික සැලසුම් නොකරන්නේ නම් බොහෝවිට ඔවුන්ගේ අරමුණු කර
ලඟා වීමට ඔවුන්ට නොහැකි වනු ඇත. දුර්වල ලෙස සැලසුම් කරන ලද ක්‍රියාවලියක අවිධිමත්
සංයෝජනයක් මගින් මහා අරගලයක් ඉදිරියට ගෙන යා නොහැකි වනු ඇත.ඒ වෙනුවට එය
ඒකාධිපතිත්වයට එහි බලය සහ පාලනය ශක්තිමත් කර ගැනීමට උපකාරී වනු ඇත.
නිදහස
සඳහා වන විස්තීර්ණ උපාය මාර්ගික සැලසුම්, යම් හෙයකින් සකස් කලත්, අවාසනාවන්ත ලෙස ඉතා
දුලබ නිසා ඒකාධිපතිත්වයන් ඇත්තවශයෙන්ම තිබෙනවාට වඩා ස්ථිර සාර බව පෙනෙන්නට තිබේ. එම
ඒකාධිපතිත්වයන්ට මේ නිසා පැවතිය යුතු කාලයට
වඩා වසර ගණනාවක් එසේ නොමැතිනම් දශක ගණනාවක් පැවතීමට ඉඩ ලැබේ.
උපායමාර්ගික
සැලසුම්කරණයේ සතර ආකාර වැදගත් යෙදුම්
අපට
උපායමාර්ගික ලෙස සිතීම පහසු කිරීම සඳහා එහි
එන සතර ආකාර මූලික යෙදුම් වල තේරුමේ නිරවද්‍යතාව අත්‍යවශ්‍යය.
ප්‍රධාන
උපායමාර්ගය යනු ගැටුමකදී සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා
වෙහෙසෙන කණ්ඩායමක ප්‍රයෝජනය සඳහා තිබෙන සහ අදාළ වන සම්පත් වල සම්බන්ධීකරණයට සහ ඍජු පාවිච්චියට උපකාරී වන සංකල්පනාවයි.
කණ්ඩායමේ
අරමුණු වලට සහ ගැටුමට දායක වන සම්පත් කෙරෙහි
මූලික අවධානය යොමු කිරීම මගින් ගැටුමේදී පාවිච්චි කළ හැකි වඩාත්ම සුදුසු ශිල්පීය
සටන් ක්‍රමය ( සම්ප්‍රදායික මිලිටරි සටන් ක්‍රමය හෝ ප්‍රචණ්ඩකාරී නොවන අරගලය වැනි )
ප්‍රධාන උපාය මාර්ගය මගින් නිශ්චය කරනු ලැබේ. ප්‍රධාන උපාය මාර්ගය සැලසුම් කිරීමේදී
සිය විරුද්ධවාදීන් වෙත කුමන ආකාරයේ පීඩන සහ බලපෑම් කළ යුතු දැයි අරගල නායකයන්
විසින් තක්සේරු කර සැලසුම් කළ යුතුය. එමතුද නොව ප්‍රථමයෙන් සහ පසුව සිදුවන විරෝධතා
ව්‍යාපාර ආරම්භ කිරීමට සපුරාගත යුතු මූලික කොන්දේසි සහ කාල නිර්නයන් ද ප්‍රධාන උපාය මාර්ගයට ඇතුළත් වේ.
අරගලය
ආරම්භ කිරීමට අවශ්‍ය සීමිත උපාය මාර්ග තෝරාගැනීම සඳහා වන මූලික රාමුව නිශ්චය කිරීම
ප්‍රධාන උපාය මාර්ගය මගින් සිදුවේ. විවිධ කණ්ඩායම්
වලට නිශ්චිත නොවන කාර්යයන් පැවරීමද අරගලයේදී භාවිතා කිරීම සඳහා සම්පත් ඔවුන් වෙත
බෙදා හැරීමද ප්‍රධාන උපාය මාර්ගය මගින් තීරණය කරනු ලැබේ.
උපාය
මාර්ගය යනු
තෝරාගන්නා ලද ප්‍රධාන උපාය මාර්ගය තුල ක්‍රියාත්මක
වෙමින් අරගලයේදී විවිධ අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන සංකල්පනාවයි. උපාය
මාර්ගය සැලකිලිමත් වන්නේ සටන කළ යුතුද, කවදාද,
එය කරන්නේ කෙසේද සහ යම් අභිමතාර්ථ සාධනය සඳහා උපරිම කාර්යක්ෂමතාව ලබන්නේ
කෙසේද යන කරුණු වලටය. උපාය මාර්ගය කලා කරුවකුගේ
සංකල්පනාවක් බඳු වන අතර උපාය මාර්ගික සැලසුම වාස්තු විද්‍යාඥයකුගේ සැලැස්මක්
වැනිය.12
12. රොබට්
හෙල්වී, පුද්ගල සන්නිවේදනය 1993 අගෝස්තු
15
විවෘත
ගැටුම මගින් තමන්ට නියත පරාජයක් අත්වන බවත් එබැවින් විවෘත ගැටුමකින් තොරව යටත්වීම
සුදුසු බවත් විරුද්ධවාදීන්ට දැනෙන්නට සැලැස්වෙන සේ තමන්ට වඩාත් වාසිදායක උපාය
මාර්ගික තත්ත්වයක් නිර්මාණය කිරීම ද උපාය මාර්ගයට ඇතුලත් වේ. එසේ නොමැති නම් වැඩි
දියුණු කරන ලද උපාය මාර්ගික තත්ත්වය මගින් අරගලයේදී අභියෝග කරුවන්ගේ ජයග්‍රහණය ස්ථිර
කරනු ඇත. ජයග්‍රහණය ලැබුණු පසු එය මනාව භාවිතා කරන්නේ කෙසේද යන්න ද උපාය මාර්ගය ට
ඇතුළත් වේ.
අරගල
ක්‍රියා දාමය ගොඩනංවන්නේ කෙසේද සහ එහි විවිධ සංඝටක එකට එකතුකර එහි අරමුණු සාක්ෂාත්
කර ගැනීම සඳහා වඩාත් වාසි සහගත ලෙස යොදාගන්නේ කෙසේද යන්න අරගලයේ ක්‍රියා පටිපාටියට
අදාළ කෙරෙමින්ම නිර්ණය කෙරෙන මූලික අදහස උපාය මාර්ගික සැලසුමයි. කුඩා මෙහෙයුම් වලට
නිශ්චිත ක්‍රියාකාරී කණ්ඩායම් දක්ෂ ලෙස යොමු කිරීමටද එය සම්බන්ධ වේ. ක්‍රියාන්විතයට තෝරාගත් අරගල
ශිල්ප ක්‍රමයේ ජයග්‍රාහී අවසානය සඳහා කළ යුත්ත ගැන ඥාණාන්විත උපාය මාර්ගයක්
වෙනුවෙන් සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතුය. විවිධ ශිල්ප ක්‍රම සඳහා විවිධ දෑ
අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම “අවශ්‍යතා” සම්පුර්ණ කිරීම ජයග්‍රහණය සහතික කිරීම සඳහා ප්‍රමාණවත්
නොවේ. ඒ සඳහා අමතර සාධක ද අවශ්‍ය විය හැක.
උපාය
මාර්ග තීරණය කිරීමේදී ප්‍රජාතන්ත්‍ර වාදීන් විසින් ඔවුන්ගේ අරමුණු පැහැදිලිව
නිර්වචනය කළ යුතු අතර ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා උත්සාහයන්ගේ කාර්යක්ෂමතාව මනින්නේ
කෙසේද යන්න නිශ්චය කළ යුතුය. මෙම නිර්වචනය සහ විශ්ලේෂණය එක් එක්
අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති අවශ්‍යතා හඳුනා ගැනීමට උපායශීලියාට ඉඩ සලසා
දෙයි. මෙම පැහැදිලි බවේ සහ නිර්වචනයේ අවශ්‍යතාව
උපායශීලි සැලසුම්කරනයටද එකසේ අදාලවේ.
උපාය
සහ ක්‍රියාන්විත වල යෙදෙන විධික්‍රම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගැනේ.
සීමාසහිත තත්ත්වයන්හිදී යමෙකුගේ ශක්තිය සහ බලය තම උපරිම වාසිය සඳහා දක්ෂ ලෙස යොදා
ගැනීමට උපාය ඉවහල් වේ. උපාය යනු සීමිත අරමුණක් ළඟා කර ගැනීම සඳහා
යෙදෙන සීමිත ක්‍රියාවකි. උපායන් තෝරාගැනීම පාලනය වන්නේ ගැටුමේ යම් නිශ්චිත කොටසකදී උපාය මාර්ගය
ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චියට ගත හැකි සටනේ ප්‍රමාණය උපරිම අන්දමින් යොදා
ගන්නේ කෙසේදැයි සංකල්පගත කිරීම මතය. වඩාත් ඵලදායි වීම සඳහා උපායන් සහ ක්‍රමවේද තෝරා
ගැනීම සහ යොදා ගැනීම කළ යුත්තේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අනවරත
අවධානය තබාගැනීම සමඟය. උපායමාර්ගික අරමුණු බල නොගන්වන උපායික වාසි අවසානයේදී අපතේ
හරින ලද ශක්තියක් විය හැක.
ප්‍රධාන
උපාය මාර්ගය තුළ උපාය මාර්ගය උචිත ලෙස ස්ථානගත
වන්නේ යම්සේද එසේම සීමිත ක්‍රියා සමුහයක් සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය
මාර්ගය තුළ උපාය උචිත ලෙස ස්ථානගත වී ඇත. උපාය සැම විටම අවධානය යොමු කරන්නේ සටන
වෙතය. එනමුත්
උපාය මාර්ගය තුළ වඩාත් පළල් සිතුම් පැතුම් අන්තර්ගතව ඇත. යම්කිසි උපායක් අවබෝධ
කරගත හැක්කේ සංග්‍රාමයක හෝ විරෝධතා ව්‍යාපාරයක හෝ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස
පමණි. උපාය අදාල වන්නේ උපාය මාර්ගයට වඩා කෙටි කල සිමාවකටය. එසේ නොමැතිනම් කුඩා ප්‍රදේශයකටය.(භූගෝලීය
හෝ ආයතනික වශයෙන්) එසේත් නොමැතිනම් එය සිමිත මිනිසුන් පිරිසක් විසින් ක්‍රියාත්මක
කරන හෝ සිමිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන දෙයකි. ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාන්විත
වලදී උපායික අරමුණ සහ උපාය මාර්ගික අරමුණ යන දෙකෙහි වෙනස බොහෝ විට අර්ධ වශයෙන් තීරණය කරනු ලබන්නේ ක්‍රියාන්විතයේ
තෝරාගත් අරමුණ අප්‍රධාන එකක්ද නැතහොත් ප්‍රධාන එකක්ද යන්න මතය.
උපායමාර්ගික
අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපකාරී වීම සඳහා ආක්‍රමණශීලි උපායික සටන් තෝරාගනු ලැබේ.
විරුද්ධවාදීන් වෙත තීරණාත්මක ප්‍රහාර එල්ල කිරීමට සුදුසු පසුබිම සකස් කිරීම සඳහා මෙවලමක්
ලෙස උපායික සටන් උපායශීලීන් විසින් භාවිතා කරනු ලැබේ. එබැවින් උපායික සටන් සැලසුම්
කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරදුන් අය පවතින තත්ත්වය තක්සේරු කිරීමට සහ වඩාත්
සුදුසු ක්‍රමවේදය තෝරාගැනීමට තරම් දක්ෂ වීම ඉතාමත් වැදගත්ය. ක්‍රියාන්විතයට සහභාගී
වීමට බලාපොරොත්තුවන අයට තෝරාගත් ශිල්ප ක්‍රමය
සහ නිශ්චිත ක්‍රමවේද පිළිබඳව පුහුණුවක් ලබාදිය යුතුය.
ක්‍රමවේද
සම්බන්ධ
වන්නේ නිශ්චිත ආයුධ වලට හෝ ක්‍රියාවන් කරන ආකාරය ටය. පස්වන පරිච්ඡේදයේ දක්වා ඇති
පරිදි ප්‍රචණ්ඩකාරී නොවන අරගලය නැමැති ශිල්පක්‍රමය තුළ යම් ක්‍රියාවන් වල ප්‍රභේද
දුසිම් ගණනක් ක්‍රමවේද වලට ඇතුළත් වේ.( විවිධ ආකාරයේ වර්ජන, සම්පුර්ණයෙන්ම
නොසලකා හැරීම්, දේශපාලන වශයෙන් සහයෝගය නොදක්වීම් වැනි දේ) (උප ග්‍රන්ථය ද
බලන්න)
ප්‍රචණ්ඩකාරී
නොවන අරගලයක් සඳහා භාරදූර සහ ඵලදායි උපායමාර්ගික සැලැස්මක් පිළියෙළ කිරීම රඳා
පවතින්නේ ප්‍රධාන උපාය මාර්ගයේ, උපාය මාර්ගවල, උපායවල සහ ක්‍රමවේද වල සාවධාන සූත්‍රගත කිරීම සහ තෝරාගැනීම මතය.
මෙම
සාකච්ඡාවේ ප්‍රධාන පාඩම වන්නේ ඒකාධිපතිත්වයකින් විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය සාවධාන
උපායමාර්ගික සැලසුම්කරණය සඳහා කෙනෙකුගේ බුද්ධියේ බලාපොරොත්තු සහගත පාවිච්චිය අවශ්‍ය බවයි.
බුද්ධිමත් ලෙස සැලසුම් කිරීමට අසමත් වීම ව්‍යසනයකට හේතුවේ. එමෙන්ම සමාජය පුද්ගල
ස්වාධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු වෙතට තල්ලු කිරීම සඳහා කෙනෙකුගේ පාවිච්චියට
ගත හැකි සම්පත් ප්‍රඥාවන්ත ලෙස පාවිච්චි කිරීමට සමත් උපායමාර්ගික වැඩ පිළිවෙලක් ප්‍රස්ථාර
ගත කිරීමට යමෙකුගේ බුද්ධියේ ශක්‍යතාවය කාර්යක්ෂම ලෙස යොදාගත හැකිය.
No comments:
Post a Comment