ප්‍රජාතන්ත්‍රවාදයේ
ගැලවුම්කරුවන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම
ජනාධිපති
ජනාධිපති
සිරිසේන ව්‍යවස්ථාව තව දුරටත් උල්ලංඝනය කිරීමට කටයුතු කරනු පෙනේ. 19 වන ව්‍යවස්ථා
සංශෝධනයට පෙර 44(2) ව්‍යවස්ථාව යටතේ තමාට කැමති අමාත්‍ය ධුරයක් තබා
ගැනීමට ජනාධිපතිවරයාට අවකාශ තිබුනත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්තිය
ඉවත් කිරීම නිසා ඔහුට කිසිම අමාත්‍ය ධුරයක් දැරීමට අවකාශ නොලැබේ. එසේ නමුත් 19 වන ව්‍යවස්ථා
සංශෝධනයේ අනුෂාංගික සංශෝධන යටතේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට ඔහු ධුරය දරන තාක් කල්
රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය, සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍යය
තමන්ගේ භාරය වෙත පවරා ගැනීමද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යංශ තීරණය කිරීමද කළ හැකිය. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව සහ
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඔහු වෙත තබා ගැනීමට උත්සාහ කිරීම 19 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙනේ. එමෙන්ම
ඔහු පුද්ගලික සංචාරයක් සඳහා තායිලන්තයට පිටත්ව ගියේ අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන්
ගැසට් කිරීමෙන් තොරවය. මේ අනුව
ජනාධිපතිවරයා එම ධුරය දැරීමට තමන් නුසුදුසු බව නැවත නැවතත් පෙන්නුම් කරමින් සිටි.
ජනාධිපතිවරයා
ආණ්ඩුවේ සිටින අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දැරීම පිළිබඳව සදාචාරාත්මක ප්‍රශ්නයක්
මතුව තිබේ. අපේ ව්‍යවස්ථාව සකස් වී තිබෙන්නේ ඒ ආකාරයටය. එයට පුර්වාදර්ශ ද තිබේ. නීතියට
පරිබාහිරව දේශපාලන සදාචාරය ගතහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ඉහත සඳහන්
කළ අමාත්‍යංශ තුන ලැබෙන්නේ ඔහු ජාතික ආණ්ඩුවක සිටිනු ඇත යන විශ්වාසය මතය. එබැවින්
අමතර ඇමතිධුර පසෙක තිබියේවා, ජාතික ආණ්ඩුවෙන් ඔහු සහ ඔහුගේ පක්ෂය ඉවත්වීම මත
ඔහුට ව්‍යවස්ථාවෙන් අනුමත කළ ඇමති ධුර වත් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. නිතිය
වත් නොතේරෙන මොහුට සදාචාරය කෙසේ නම් තේරුම් කරමුද? ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සඳහන්
වන්නේ ජනාධිපතිවරයාට අදාල අමාත්‍යංශ තුන තමන්ට පවරා ගැනීම “කළ හැකි” බවය. ( ඉංග්‍රීසි පිටපත අනුව -may
assign to himself)
එබැවින් එම ඇමතිධුර අතහැරීමේ නීතිමය බාධාවක් ඔහුට නැත. මොහු එම ඇමතිධුර අත හරින්නේ නම්
පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමේ ප්‍රශ්නයට යටත්ව විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ
පත්වීමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් නැත.
එක්සත්
ජාතික පෙරමුණ
එමෙන්ම
එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට අගමැතිවරයාද ඇතුළු
අමාත්‍යවරුන් 37 කගේ ලැයිස්තුවක් යැවූ බවත් එයින් නම් 8ක්
ජනාධිපතිවරයා විසින් කපා හළ බවත් ඒඅනුව
ඇමතිවරු 29ක්
දිවුරුම් දුන් බවත් වාර්තා විය.
එක්සත්
ජාතික පෙරමුණ අමාත්‍ය මණ්ඩලය සඳහා නම් 37ක් ජනාධිපති වෙත යවනු ලැබුවේ 46(4) අනු ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් ඇති විටදී
අමාත්‍ය වරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ හැකි බව දක්වා ඇති නිසා විය
හැකිය. 46(5) අනු ව්‍යවස්ථාව අනුව ජාතික
ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා දේශපාලන පක්ෂය සහ
පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවන ආණ්ඩුවයි. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු
සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටවිය හැකි යයි උපකල්පනය කිරීම ජනාධිපතිවරයා ව්‍යවස්ථාව
උල්ලංඝනය කර ඇතැයි චෝදනා කර ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් ගත් එක්සත් ජාතික පෙරමුණ
ට තරම් නොවේ. එමෙන්ම ඊට පසුව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති සහ අගමැති හැර 30 ක් විය යුතු
යයි එක්සත් ජාතික පෙරමුණ තර්ක කරයි. 46(1) (අ ) අනු ව්‍යවස්ථාව අනුව අමාත්‍ය
මණ්ඩලයේ මුළු අමාත්‍ය වරු සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුය. එමෙන්ම 42 (3) ව්‍යවස්ථාව
අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද එහි ප්‍රධානියා ද වන්නේය. මේ අනුව ජනාධිපතිවරයාද අගමැතිවරයාද ඇතුළුව
අමාත්‍ය මණ්ඩලය 30 නොඉක්මවිය යුතුය.
අමාත්‍ය
මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳව ජනාධිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විමසීමට එක්සත්
ජාතික පෙරමුණ සූදානම් වන බවට ද වාර්තා පලවිය. එක්සත් ජාතික පෙරමුණ
ද ජනාධිපතිවරයා වැටුණු දීන සහ නීච
තත්ත්වයට වැටීමට උත්සාහ කරණ බව පෙනේ. ඔවුන්ට තිබුනේ අගමැතිවරයාද ඇතුළු නම් 29 ක් අමාත්‍ය
මණ්ඩලය සඳහා යෝජනා කර යැවීමයි. අවශ්‍ය නම් සරත් ෆොන්සේකාද රංගේ බණ්ඩාර ද ඒ ලැයිස්තුවට ඇතුළත් කළ හැකිව තිබුණි.
විශාල පිරිසක් අතුරින් 28 ක් තෝරාගැනීම ලංකාවේ දේශපාලනය අනුව අසීරු කර්තව්‍යයකි.
එම අසීරු කර්තව්‍යය කිරීමට නායකත්වයට
හැකියාවක් තිබිය යුතුය. බළලුන් ලවා කොස් ඇට බෑවීම දේශපාලන උපාය මාර්ගයක් විය හැකි
නමුත් එම කර්තව්‍යය ජනාධිපතිවරයා වැනි පුද්ගලයකුට භාරදී ඔහු ලවා නම් කප්පවා ගැනීම
නින්දාවකි. එම නම් 29 ට සරත් ෆොන්සේකා ගේ නමද ඇතුලත්ව තිබුනේ නම්
ඔහුගේ නම ජනාධිපතිවරයාට කැපිය හැක්කේ ව්‍යවස්ථා විරෝධිව පමණි. මේ අවස්ථාවේදී
එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයා සමඟ අභියෝගාත්මකව
කටයුතු නොකළහොත් ඔවුන්ද නීච වී යනු ඇත.
අවසාන
විග්‍රහයේදී සරත් එන්. සිල්වා, විජයදාස රාජපක්ෂ සහ ජි එල්. පිරිස් යන කුප්‍රකට
නීති විශාරදයන් ප්‍රමුඛව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයද අනුගමනය කළ, ව්‍යවස්ථාව
සමස්තයක් වශයෙන් ද ව්‍යවස්ථාවට පාදක වූ සමාජ දේශපාලන කතිකාව සහ ව්‍යවස්ථා
සම්පාදකයන් ගේ අරමුණු ද නොසලකා ව්‍යවස්ථාවෙන් රිංගා යා හැකි සිදුරු සොයමින් ව්‍යවස්ථාව
අර්ථ කථනය කිරීමේ කර්තව්‍යය නීච වූ ජනාධිපතිවරයා මතු නොව එක්සත් ජාතික පෙරමුණ ද
කිරීමට උත්සාහ කිරීම දේශපාලන උත්ප්‍රාසයකි.
ප්‍රධාන
මාධ්‍ය සහ විකල්ප මාධ්‍ය
මේ
අවස්ථාවේදී ජාතික දෘෂ්ටි කෝණයකින් යුතුව මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කටයුතු කරන්නේ නැත.
රාජ්‍ය මාධ්‍ය ගතහොත් දින 51 අවිචාර සමය තුළ ඔවුන් කටයුතු කළ අදානග්‍රාහී
ස්වරූපය කැපී පෙනුනි. විද්‍යුත් රුපවාහිනී නාලිකා ගතහොත් රාජ්‍ය නාලිකා දෙක රාජ්‍ය
පක්ෂපාතිත්වයකින් යුක්තය. පුද්ගලික නාලිකා අතරින් එකක් එක්සත් ජාතික පක්ෂයට පක්ෂව
කටයුතු කරයි. තවත් එක් නාලිකාවක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බලවත් ලෙස විවේචනය
කරණ අතර එහි නියෝජ්‍ය නායකයා සහ තවත් එම
පක්ෂයේ තෝරාගත් පිරිසක් මතු කර පෙන්වයි.
අනෙකුත් නාලිකා මහින්ද රාජපක්ෂට හිතකර ආකල්පයක් දරති. පුවත් පත්ද වැඩි ප්‍රමාණයක්
මහින්ද රාජපක්ෂට හිතකර ලෙස ප්‍රවෘත්ති පළ කරති. අභාග්‍යය වන්නේ ඒවායින් සමහරක්
අන්ත ජාතිවාදී සිංහල බෞද්ධ ස්ථාවරයක සිට සිය පුවත් පළ කිරීමයි. ඒ මගින් ජනතාව උසි
ගැන්වීමට හිතා මතා කටයුතු කරනු ලැබේ. ඒ සඳහා අසත්‍ය ප්‍රවෘත්ති ද අර්ධ සත්‍ය ප්‍රවෘත්ති
ද පළ කරනු ලැබේ. මෙය ජාතික එකාග්‍රතාවයට නිශ්චිත බාධාවකි. සමස්තයක් වශයෙන් මෙරට
ඉංග්‍රීසි පත්‍ර සිංහල පත්‍ර තරම් අදානග්‍රාහිත්වක් නැත.
එසේ
වුවත් ජනමතය හැසිරවීමෙහි ලා මෙම ඊනියා ජාතික මාධ්‍ය වල ශක්‍යතාවය අනුක්‍රමයෙන් අඩු
වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව අන්තර්ජාලය පාදක වූ සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරිත්වයයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන් නොව සමාජ මාධ්‍ය ජාල සංවාදයට විවෘතය. සමහර අවස්ථා වලදී
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංවාදයක නිරත වීමට ඇති නොහැකියාව මෙම සංවාද වලට සමාජ ජාල
තුළ සහභාගී වන අය පෙන්නුම් කරණ නමුත් මාධ්‍ය වල අනාගතය රැඳී ඇත්තේ මේ තුලය.
එබැවින් මෙම ජාල උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් සඳහා වඩාත් ඉඩකඩක් සපයා
දීමටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල හැසිරීම අභියෝගයට ලක් කිරීමත් විශේෂයෙන්ම
ජාතිවාදී පදනමකින් යුක්තව අසත්‍ය ප්‍රවෘත්ති පළ කරණ මාධ්‍ය එම මාධ්‍යවේදින්ද ඒවායේ
අයිතිකරුවන්ද සමඟ හෙළිදරවු කිරීමත් ජාතික දෘෂ්ටි කෝණයකින් යුතුව රටේ දේශපාලනය සහ
මානව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීමත් අද දවසේ සිවිල් සමාජ සංවිධාන වල වගකීම වේ.
(සමබිම අතිරේකය අනිද්දා පුවත්පත -4.1.2019
No comments:
Post a Comment