Wednesday, January 2, 2019

Translation of the appendix of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේ යෙදිය හැකි ක්‍රම

විරුද්ධත්වයේ සහ පොළඹවා ගැනීමේ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම

විධිමත් ප්‍රකාශ
1.      ප්‍රසිද්ධ දේශන
2.      විරුද්ධත්වය හෝ සහයෝගිත්වය හෝ දැක්වීමේ ලිපි
3.      සංවිධාන සහ ආයතන මගින් කරනු ලබන ප්‍රකාශ
4.      පොදු ජනතාව විසින් අත්සන් කරණ ලද ප්‍රකාශ
5.      දෝෂාරෝපණය කිරීමේ සහ සිය අරමුණු ඉදිරිපත් කිරීමේ ප්‍රකාශ
6.      කණ්ඩායමක් මගින් ඉදිරිපත් කරණ හෝ බහුජන පෙත්සම්
විශාල ජන කොටසක් සමඟ කෙරෙන සන්නිවේදන
7.      සටන් පාඨ, විකට චිත්‍ර සහ සංකේත
8.      බැනර්, පෝස්ටර්, සහ ප්‍රදර්ශනාත්මක සන්නිවේදන
9.      පත්‍රිකා, කුඩා පොත් සහ පොත්
10.  ප්‍රවෘත්ති පත්‍ර සහ සඟරා
11.  පටිගත කරණ ලද ප්‍රකාශන, ගුවන් විදුලිය සහ රුපවාහිනිය
12.   ප්‍රචාරක අහස් යානාවකින් අහසේ අකුරු ඇඳීම සහ පොලොව මත විශාල ප්‍රමාණයේ අකුරු ඇඳීම
කණ්ඩායම් සංදර්ශන
13.   නියෝජිත පිරිස්
14.  ව්‍යාජ තිලින ප්‍රදානය
15.  ජන කණ්ඩායම් වලට බලපෑම් කිරීම
16.  පිකට් කිරීම
17.  ව්‍යාජ මැතිවරණ පැවැත්වීම
සංකේතාත්මක පොදු ක්‍රියා  
18.  කොඩි සහ සංකේතාත්මක පාට ප්‍රදර්ශනය කිරීම
19.  සංකේත පැළඳීම
20.  යාඥාවන් සහ වන්දනාවන්
21.  සංකේතාත්මක ද්‍රව්‍ය බෙදා හැරීම
22.  විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඇඳුම් ඉවත් කිරීම
23.  සිය දේපල වලට හානි කර ගැනීම
24.  සංකේතාත්මක පහන්
25.  ආලේඛයන් ප්‍රදර්ශනය කිරීම
26.  විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට චිත්‍ර ඇඳීම
27.  නව සංඥා සහ නාම
28.  සංකේතාත්මක ශබ්ද
29.  සංකේතාත්මක ප්‍රතිසංස්කරණ
30.  ගොරෝසු අභිනයන්
පුද්ගල බලපෑම්
31.  නිලධාරීන් බිය ගැන්වීම
32.  නිලධාරීන් සරදමට භාජනය කිරීම
33.  සම්බන්ධතා පැවැත්වීම
34.  දිවා රෑ මුර කිරීම
නාට්‍ය සහ සංගීතය
35.  හාස්‍ය සහගත, උපහාස ජනක සහ සිනහවට ලක් කෙරෙන රචනා
36.  නාට්‍ය සහ සංගීත ප්‍රදර්ශන
37.  ගී ගැයීම
පෙළපාලි
38.  විරෝධතා ගමන්
39.  පෙළපාලි
40.  ආගමික පෙරහැර
41.  වන්දනා ගමන්
42.  රථ පෙළපාලි
මියගිය අයට ගරු කිරීම
43.  දේශපාලන ශෝකවීම්
44.  ව්‍යාජ අවමංගල්‍යයන්
45.  ප්‍රකාශනාත්මක අවමංගල්‍යයන්
46.  සොහොන් පිටි වල කෙරෙන ප්‍රණාමය දැක්වීම්
මහජන රැස්වීම්
47.  විරුද්ධත්වය දැක්වීමේ ගෝ සහයෝගිත්වය දැක්වීමේ රැස්වීම්
48.  විරුද්ධත්වය දැක්වීමේ හමුවීම්
49.  වඩාත් විශාල කර පෙන්වන විරුද්ධත්වය දැක්වීමේ හමුවීම්
50.  මහජන යහපතට අදාල සංවාද හා දේශන පැවැත්වීම
පසුබැසීම සහ අත්හැරීම
51.  වැඩ පොළවල් සහ එවැනි ස්ථාන වලින් වහාම ඉවත් වීම
52.  නිශ්ශබ්ද වීම
53.  ගරු සම්මාන ප්‍රතික්ෂේප කිරීම
54.  ප්‍රතික්ෂේප කිරීම හෝ අතහැර දැමීම

සමාජයීය වශයෙන් සහයෝගය නොදැක්වීමේ ක්‍රම

පුද්ගලයන් කොන් කිරීම
55.  සමාජයීය වශයෙන් සියළු සම්බන්ධතා අතහැරීම
56.  සමාජයීය වශයෙන් තෝරාගත් සම්බන්ධතා අතහැරීම
57.  ස්ත්‍රීන් විසින් පුරුෂයන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතහැරීම
58.  ආගමික සංවිධාන වලින් තාවකාලිකව පිටමං කිරීම
59.  කාර්යයන් තහනම් කිරීම
සමාජයීය උත්සව, චාරිත්‍ර සහ ආයතන වලට සහයෝගය නොදැක්වීම
60.  සමාජයීය සහ ක්‍රීඩා කටයුතු තාවකාලිකව නැවැත්වීම
61.  සමාජ කටයුතු සම්බන්ධ සියළු සබඳතා අතහැරීම
62.  ශිෂ්‍ය වර්ජන
63.  සමාජයීය වශයෙන් අකීකරු ක්‍රියා
64.  සමාජ ආයතන වලින් ඉවත්වීම
සමාජ පද්ධතියෙන් ඉවත්වීම
65.  නිවසේ රැඳී සිටීම
66.  පුද්ගලිකව සම්පුර්ණයෙන්ම සහයෝගය නොදැක්වීම
67.  සේවකයන්ගේ පලායාම
68.  ආරක්ෂා ස්ථාන වලට යාම
69.  සාමූහික අතුරුදහන් වීම
70.  විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා යම් ප්‍රදේශයකින් සාමූහිකව ඉවත්වීම


(1)  ආර්ථික සම්බන්ධතා අතහැරීම

පාරිභෝගිකයන්ගේ ක්‍රියා

72.  මිලදී ගැනීම අතහරිනලද භාණ්ඩ පාවිච්චියෙන් වැලකි සිටීම
73.  පාවිච්චියේදී අරපරෙස්සම් සහගත වීම
74.  කුලී බදු ගෙවීම අත්හිටවීම
75.  කුලියට දීම ප්‍රතික්ෂේප කිරීම
76.   පාරිභෝගිකයන් විසින් ජාතික මට්ටමින් භාණ්ඩ මිලදී ගැනීම අතහැරීම
77.  පාරිභෝගිකයන් විසින් ජාත්‍යන්තර මට්ටමින් භාණ්ඩ මිලදී ගැනීම අතහැරීම
සේවකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ ක්‍රියා
78.  සේවකයන් විසින් සේවය සැපයීම අතහැරීම
79.  නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය අතහැරීම
අතරමැදියන්ගේ ක්‍රියා
80.  සැපයුම් කරුවන් සහ අතරමැදියන් විසින් සිය සේවය අතහැරීම
අයිතිකරුවන්ගේ සහ කළමනාකරුවන්ගේ ක්‍රියා
81.  වෙළෙඳාම නැවැත්වීම
82.  දේපල කුලියට දීම හෝ විකිණීම හෝ ප්‍රතිෂේප කිරීම
83.  වැඩපොළට සේවකයන්ගේ පැමිණීම වැළැක්වීම
84.  කර්මාන්ත සම්බන්ධයෙන් දෙන සහයෝගය ප්‍රතික්ෂේප කිරීම
85.  වෙළෙන්දන්ගේ “මහා වැඩ වර්ජනය”
මුල්‍ය සම්පත් දරන්නන් ගේ ක්‍රියා
86.  බැංකු තැන්පත් ඉවත් කර ගැනීම
87.  ගාස්තු, ගෙවියයුතු මුදල් සහ තක්සේරු කරනලද ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම
88.  ණය වාරික සහ පොළිය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම
89.  අරමුදල් සහ ණය වෙන් කිරීම
90.  ආණ්ඩුවට ලැබෙන අදායම දීම ප්‍රතික්ෂේප කිරීම
91.  ආණ්ඩුවේ මුදල් ප්‍රතික්ෂේප කිරීම
විදේශීය ආණ්ඩු වල ක්‍රියා
92.  අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිලිබඳ තාවකාලික තහනම
93.  යම් නිශ්චිත වෙළෙන්දන් පිරිසක් සමඟ වෙළෙඳ කටයුතු තහනම් කිරීම

95.  ජාත්‍යන්තර ගැනුම් පිලිබඳ තාවකාලික තහනම
96.  ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ තාවකාලික තහනම

ආර්ථික වශයෙන් සහයෝගය නොදැක්වීමේ ක්‍රම

(2)  වර්ජනය
සංකේත වර්ජන
97.  විරෝධතා වර්ජනය
98.  හදිසි ඉවත්වීම්
කෘෂිකාර්මික වර්ජන
99.  ගොවි වර්ජනය
100.                      ගොවිපොළ  කම්කරු වර්ජනය
විශේෂිත කණ්ඩායම් වල වර්ජන
101.                      බලහත්කාරයෙන් වැඩ ගැනීම ප්‍රතික්ෂේප කිරීම
102.                      සිරකරුවන්ගේ වර්ජනය
103.                      ශිල්පිය කටයුතු පිලිබඳ වර්ජනය
104.                      වෘත්තිකයන්ගේ වර්ජනය  
සාමාන්‍ය කාර්මික වර්ජන
105.                      ආයතනික වර්ජනය
106.                      විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වර්ජනය
107.                      සානුකම්පික හේතු මත වන වර්ජනය
සීමිත වර්ජන
108.                      සේවකයන් කොටස් වශයෙන් කරණ  වර්ජනය  
109.                      එක් වරකට එක් කර්මාන්ත ශාලාවක් වශයෙන් කරණ වර්ජනය
110.                      වැඩ කිරීමේ වේගය අඩුකරන වර්ජනය
111.                      අකුරට වැඩ කිරීමේ වර්ජනය
112.                      ලෙඩ නිවාඩු දැමීම්
113.                      ඉල්ලා අස්වීම් මගින් කෙරෙන වර්ජනය
114.                      සීමාවක් සහිත වර්ජනය - යම් වැඩ කොටස් නොක‍ර හැරීම
115.                      තෝරාගන් ක්ෂේත්‍ර සඳහා වන වර්ජනය
බොහෝ කර්මාන්ත සඳහා වන වර්ජන
116.                      එක් එක් කර්මාන්තයක බහුතරය සහභාගී නොවන සාමාන්‍ය වර්ජනය
117.                      මහා වැඩ වර්ජනය
වැඩ වර්ජන සහ ආර්ථික වශයෙන් කෙරෙන වසා දැමීම් සම්බන්ධ කිරීම
118.                      හර්තාලය
119.                      සියලුදෙනා ආර්ථික වශයෙන් අක්‍රිය වීම

දේශපාලන වශයෙන් සහයෝගය නොදැක්වීමේ ක්‍රම
බල අධිකාරිය නිෂ්ප්‍රභා කිරීම
120.                      අවනතභාවය අත්හිටුවීම හෝ ඉවත්කරගැනීම
121.                      පොදු සහයෝගය ප්‍රතික්ෂේප කිරීම
122.                      අරගලයට උපස්තම්භක වන ලියවිලි සහ කථා
ආණ්ඩුව වෙත පුරවැසියන්ගේ  සහයෝගය නොදැක්වීම
123.                      නීති සම්පාදන ආයතන වර්ජනය
124.                      මැතිවරණ වර්ජනය
125.                      ආණ්ඩුවේ තනතුරු දැරීම වර්ජනය
126.                      ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ඒජන්සි සහ වෙනත් ආයතන වර්ජනය
127.                      ආණ්ඩුවේ අධ්‍යාපන ආයතන වලින් ඉවත්වීම
128.                      ආණ්ඩුව විසින් සහයෝගය දෙනු ලබන ආයතන සමඟ සම්බන්ධතා අතහැරීම
129.                      බලය ක්‍රියාත්මක කරණ ආයතන වලය සහයෝගය නොදැක්වීම
130.                      තමන්ගේ සංඥා සහ සංඥා සලකුණු ඉවත්කර ගැනීම
131.                      පත්කරන ලද නිලධාරීන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම
132.                      පවතින ආයතන විසුරුවා හැරීම ප්‍රතික්ෂේප කිරීම

අවනත වීම වෙනුවට පුරවැසියන්ට ඇති විකල්ප ක්‍රියා මාර්ග
133.                      කැමැත්තකින් තොරව සහ සෙමෙන් කෙරෙන අනුකුලතාවය
134.                      රිජු  සුපරික්ෂණයක් නොමැති අවස්ථාවලදී කිකරුනොවිම
135.                      පුළුල් වශයෙන් කෙරෙන කීකරු නොවීම
136.                      වෙස්වලාගත් අකීකරුකම
137.                      රැස්වීමක් හෝ ජන එකතුවක් විසිරයාම ප්‍රත්ක්ෂේප කිරීම
138.                      බිම වාඩි වීම
139.                      හමුදාවට බඳවා ගැනීමට සහ රටින් පිටමං කිරීමට සහයෝගය නොදැක්වීම
140.                      සැඟවීම, පලායාම සහ වැරදි අනන්‍යතාවයන් ඉදිරිපත් කිරීම
141.                      “නීති විරෝධී” නීති සඳහා සිවිල් අකීකරු ක්‍රියා
ආණ්ඩුවේ සාමාජිකයන් විසින් කරණ ක්‍රියා
142.                      ආණ්ඩුවේ සහකරුවන් විසින් තෝරාගත් අවස්ථා වලදී සහාය දීම ප්‍රතික්ෂේප කිරීම
143.                      අණදීමේ සහ තොරතුරු දීමේ මාර්ග අවහිර කිරීම
144.                      ඇනහිටවීම සහ අවහිර කිරීම
145.                      සාමාන්‍ය පරිපාලනයේදී සහයෝගය නොදැක්වීම
146.                      නිතිය පසිඳලීමේ ක්‍රියාවලියට සහයෝගය නොදැක්වීම
147.                      ආණ්ඩුවේ කටයුතු ක්‍රියාත්මක කරණ නියෝජිතයන් විසින් චේතනාන්විතව වන   අකාර්යක්ෂමතාවය සහ තෝරාගත් කටයුතුවලට සහයෝගය නොදැක්වීම
148.                      කැරලි ගැසීම
ආණ්ඩුව තුළ අභ්‍යන්තරික ක්‍රියා
149.                      පරිපාලන රෙගුලාසි සැකසීම වැනි අර්ධ වශයෙන් කෙරෙන නීතික ක්‍රියා මගහැරීම හෝ අතපසුකිරිම
150.                      ආණ්ඩුවේ සංඝටක වන යම් ඒකක වල සහයෝගය ආණ්ඩුවට නොදැක්වීම

විදේශීය ආණ්ඩු වල ක්‍රියා
151.                      රාජ්‍ය තාන්ත්‍රික සහ වෙනත් නියෝජිතයන් සම්බන්ධව කෙරෙන වෙනස් කිරීම්
152.                      රාජ්‍යතාන්ත්‍රික උත්සව කල්දැමීම සහ අවලංගු කිරීම
153.                      රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම අත්හිටවීම
154.                      රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නතරකිරිම
155.                      ජාත්‍යන්තර සංවිධාන වලින් ඉවත්වීම
156.                      ජාත්‍යන්තර ආයතන වල සාමාජිකත්වය දීම ප්‍රතික්ෂේප කිරීම
157.                      ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වය තහනම් කිරීම


ප්‍රචණ්ඩකාරී නොවන මැදහත් වීමේ ක්‍රම
මානසික මැදහත් වීම්
158.                      මුලිකාංග වලට ස්ව කැමැත්තෙන් නිරාවරණය වීම
159.                      උපවාසය
a.      සදාචාරාත්මක බලපෑමක් සඳහා උපවාස කිරීම
b.      ආහාර වර්ජනය
c.       සත්‍යග්‍රහය
160.                      විත්තිකරුවන් විසින් නඩු පවරන්නන් සහ බලධාරීන් ප්‍රශ්ණ කිරීම
161.                      ප්‍රචණ්ඩකාරී නොවන හිරිහැර කිරීම
භෞතික මැදහත් වීම්
162.                      වාඩිලා සිටිමින් විරෝධය පෑම
163.                      සිටගෙන සිටිමින් විරෝධය පෑම
164.                      ගමනේ යෙදෙමින් විරෝධය පෑම
165.                      ප්‍රබල ලෙස අදහස් කියා පෑම   
166.                      සැරිසරමින් විරෝධය පෑම
167.                      විරෝධතා යාඥාවන්
168.                      ප්‍රචණ්ඩකාරී නොවන වැටලීම්
169.                      ගුවනින් පත්‍රිකා බෙදීම වැනි ප්‍රචණ්ඩකාරී නොවන විරෝධතා
171.                      ප්‍රචණ්ඩකාරී නොවන වාචික බාධා කිරීම්
172.                      ප්‍රචණ්ඩකාරී නොවන අවහිර කිරීම්
173.                      ප්‍රචණ්ඩකාරී නොවන අත්පත් කර ගැනීම්
සමාජයීය මැදහත් වීම්
174.                      නව සමාජයීය ආදර්ශ ස්ථාපිත කිරීම
175.                      විශාල පිරිසක් සේවා ලබාගැනීම සඳහා ආයතන වලට එකවර පැමිණීම
176.                      සාමාන්‍ය ක්‍රියා හැකිතාක් සෙමෙන් සිදු කිරීම
177.                      දිගටම කථා කරමින් විරුද්ධත්වය දැක්වීම
178.                      විරෝධාත්මක විදි සංදර්ශන
179.                      විකල්ප සමාජ ආයතන
180.                      විකල්ප සන්නිවේදන ක්‍රම
ආර්ථික මැදහත් වීම්
181.                      දිගටම වැඩෙහි යෙදීම
182.                      වැඩපොලෙහි රැඳී සිටිමින් වැඩ වර්ජනය කිරීම
183.                      ප්‍රචණ්ඩකාරී නොවන ලෙස ඉඩම් අත්පත් කර ගැනීම
184.                      බලවත් විරෝධතා දක්වමින් බාධා ඇතිකිරීම
185.                      දේශපාලන අරමුණු සහිත ව්‍යාජ ක්‍රියා
186.                      අන් අයට මිලදී ගැනීමට නොහැකි වන සේ සියළු සම්පත් මිලදී ගැනීම
187.                      වත්කම් අත්පත් කර ගැනීම
188.                      චේතනාන්විතව අඩු  මිලකට විකිණීම
189.                      තෝරාගත් අනුග්‍රාහකත්වය
190.                      විකල්ප වෙළෙඳපොළ
191.                      විකල්ප ප්‍රවාහන ක්‍රම
192.                      විකල්ප ආර්ථික ආයතන
දේශපාලන මැදහත්වීම්
193.                      අසාමාන්‍ය ලෙස අවනත වීම මගින් පරිපාලන ව්‍යුහය මත වැඩි බරක් පැටවීම
194.                      රහස් ඒජන්තවරුන්ගේ අනන්‍යතාවයන් හෙළි කිරීම
195.                      සිර දඬුවම් විඳීමට ඉදිරිපත් වීම
196.                      සිවිල් නීති කැඩීම
197.                      සහයෝගය නොදෙමින් වැඩ කරගෙන යාම
198.                      ද්විත්ව පරමාධිපත්‍යය සහ සමාන්තර ආණ්ඩුව

No comments:

Post a Comment