Wednesday, January 2, 2019

Translation of the ninth chapter of From Dictatorship to Democracy of Gene Sharp to Sinhala by Harsha Gunasena as published in 'Samabima'


ඒකාධිපතිත්වයේ බිඳවැටීම
මනා ලෙස ක්රියාත්මක කරනලද ජයග්රාහී දේශපාලන විරෝධතා ව්යාපාරයන්ගේ සමස්ත ප්රතිඵලය වන්නේ අරගලයේදී යටත්නොවිමේ ස්වභාවය ශක්තිමත් කිරීමත් ඒකාධිපතිත්වය සිය  ඵලදායි පාලන බලයේ සීමාවන්ට මුහුණ දෙන සමාජ අවකාශයන් ස්ථාපිත කර ඒවා පැතිරවීමත්ය. සහයෝගිතාවය ප්රතික්ෂේප කරන්නේ කෙසේද යන්න සහ දේශපාලන විරෝධතාවයන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් අත්දැකීම් මෙම විරෝධතා ව්යාපාර මගින් සලසනු ලැබේ. මහා පරිමාණ සහයෝගය නොදැක්වීම් සහ විරෝධතාවයන්ට අවස්ථාව පැමිණි විට මෙම අත්දැකීම් මහත්සේ උපකාරී වේ.
තුන්වන පරිච්ඡේදයේ සාකච්ඡා කළ පරිදි ඒකාධිපතියන්ට බලවත් වීමට නම් ජනතාවගේ කීකරුකම සහයෝගය සහ අවනතවීම අත්යවශ් වේ. දේශපාලන බලයේ ප්රභවයන්ට ප්රවේශ වීමේ හැකියාව ඒකාධිපතින්ට නොමැතිනම් ඔවුන්ගේ බලය දුර්වල වී අවසානයේදී වියැකී යයි. එබැවින් සහයෝගය ඉවත් කර ගැනීම ඒකාධිපතිත්වයක් බිඳ දැමීමට අවශ් ප්රධානතම ක්රියාව වේ. දේශපාලන විරෝධතා ව්යාපාර මගින් බලයේ ප්රභවයන්ට වන හානිය විමර්ශනය කිරීම ප්රයෝජනවත් විය හැක.
පාලන රෙජීමයේ සදාචාරාත්මක සහ දේශපාලන ආධිපත්යය සහ එහි සුජාත භාවය අනතුරට පත් කිරීමට හැකි  ක්රමවේදයන් අතර සංකේතාත්මක ප්රතික්ෂේප කිරීම් සහ විරෝධතාවයන් තිබේ. පාලන රෙජීමයේ  අධිපත්යය විශාල වත්ම එයට ලැබෙන කිකරුකමේ සහ සහයෝගිතාවයේ විශාලත්වය සහ විශ්වාසවන්ත භාවය වැඩිවේ. ඒකාධිපතිත්වයේ පැවැත්ම බරපතල ලෙස අභියෝගයට ලක් කිරීමට නම් එයට ඇති  සදාචාරාත්මක අප්රසාදය ක්රියාත්මක ලෙස ප්රකාශ කළ යුතුය. පාලන රෙජීමයේ බලයේ වෙනත් ප්රභවයන් තිබීම නැතිකර දැමීම සඳහා  සහයෝගය සහ කීකරු බව ඉවත්කර ගැනීම අවශ් වේ.
දෙවනුව වැදගත් වන බලයේ මූලය වන්නේ මානව සම්පත්. එනම් පාලකයින්ට කීකරු වන සහයෝගය දක්වන සහ උපකාර කරන පුද්ගලයන්ගේ සහ කණ්ඩායම් වල ප්රමාණය සහ ඔවුන්ගේ සුවිශේෂත්වයේ ප්රමාණයයි. ජනතාවගෙන් විශාල ප්රමාණයක් සහයෝගය නොදක්වන්නේ නම් බරපතල ගැටළුවකට මුහුණ දීමට පාලන රෙජිමයට සිදුවනු ඇත.උදාහරණයක් වශයෙන් සිවිල් සේවකයන් ඔවුන්ගේ සාමාන් කාර්යක්ෂමතාවයෙන් තව දුරටත් ක්රියාත්මක නොවන්නේ නම් හෝ වැඩට නොපැමිණ නිවෙස් වල  සිටින්නේ නම් පරිපාලන යාන්ත්රණයට බරපතළ හානි සිදු වනු ඇත.
එමෙන්ම ඒකාධිපතිත්වයට මීට පෙර  විශේෂිත නිපුණතා සහ දැනුම සපයා ඇති අය එම සහයෝගය නොදැක්වීමේ පුද්ගලයන් හෝ කණ්ඩායම් තුළ සිටින්නේ නම් සිය කැමැත්ත ක්රියාත්මක කිරීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වන බව ඒකාධිපතින්ට පෙනී යනු ඇත.
බොහෝවිට මිනිසුන් පාලකයන්ට අවනත වීමට සහ ඔවුන්ට ආධාර කිරීමට පොළඹවනු ලබන ස්පර්ශ කළ නොහැකි සාධක ලෙස හඳුන්වනු ලබන මානසික සහ මතවාදීමය බලපෑම් දුර්වල කළ හොත් හෝ ආපසු හැරවුව හොත් ජනතාව පාලකයන්ට අවනත නොවීමට හෝ සහයෝගය නොදැක්වීමට වඩාත් නැඹුරු වනු ඇත.
ඒකාධිපතින්ට භෞතික සම්පත් වලට ප්රවේශ වීමට ඇති හැකියාව ඔවුන්ගේ බලයට උපකාරීවේ. මුල්යමය සම්පත්, ආර්ථිකය, දේපල, ස්වභාවික සම්පත්, ප්රවාහනය, සහ  සන්නිවේදන විධි ක්රමයන් ගේ පාලනය පාලක රෙජීමයේ විරුද්ධවාදීන් හෝ විරුද්ධවාදීන් බවට පත් විය හැකි පුද්ගලයන් අත තබාගැනීම මගින් පාලකයන්ගේ බලයේ තවත් ප්රධාන ප්රභවයක් අනතුරුදායක තත්ත්වයකට පත්කිරීමට හෝ ඉවත් කිරීමට හැක.     
මිට පෙර සාකච්ඡා කළ පරිදි සම්බාධක ( අවිනීත, අවනත නොවන සහ සහයෝගය නොදක්වන ජනතා කොටස් වලට එරෙහිව කරනු ලබන දඬුවම්) පැනවීමට හෝ පනවනු ලබන බවට තර්ජනය කිරීමට ඇති හැකියාව ඒකාධිපතින්ගේ බලයේ ප්රධාන ප්රභවයක් වේ. මෙම බල ප්රභවය දෙආකාරයකින් දුර්වල කළ හැක. පළමුව යුද්ධයකදී පරිදි විරෝධතා ව්යාපාරය වෙනුවෙන් ගෙවිය යුතු මිල වශයෙන් එයින් මතුවන ඕනෑම ප්රතිවිපාකයකට මුහුණ දීමට ජනතාව සූදානම් නම් පාවිච්චි කළ හැකි සම්බාධක වල සඵල තාවය දැඩි සේ අඩුවනු ඇත. ( එනම් මර්දනය මගින් බලාපොරොත්තුවූ යටත්වීම ඒකාධිපතියන්ට  සාක්ෂාත් කර ගත නොහැකි වනු ඇත) දෙවනුව පොලීසිය සහ හමුදාවන් මහත්සේ කලකිරී ඇත්නම් ඔවුන් අරගල කරුවන් අත්අඩංගුවට ගැනීමට, අරගලකරුවන්ට පහර දීමට හෝ වෙඩි තැබීමට දෙනු ලබන නියෝගයන් පුද්ගලිකව හෝ සමූහ වශයෙන් පැහැර හැරීමට හෝ ප්රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. ඒකාධිපතියන්ට මර්දනය පවත්වා ගැනීම සඳහා පොලිසිය සහ හමුදාවන් මත තව දුරටත් විශ්වාසය තැබීමට නොහැකි නම් ඒකාධිපතිත්වය බලවත් තර්ජනයකට ලක්වේ. එබැවින් ඒකාධිපතිත්වයන්ට එරෙහි දේශපාලන විරෝධතා ව්යාපාරයන් සඳහා වන උපාය මාර්ගයන්  ඒකාධිපතියන්ගේ වඩාත්ම වැදගත් බල ප්රභවයන්ට ඉලක්ක කර  දක්ෂ ලෙස සැලසුම් කිරීම අවශ් වේ.

වැඩිවන නිදහස
තෝරාගත් අරගල ව්යාපාර ක්රියාත්මක කරන අදියරේදී ස්වාධින සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ආයතනයන්ගේ වර්ධනය දේශපාලන විරෝධතා ව්යාපාරය සමඟ සම්බන්ධ වීම මගින් සිදුවන අතර මගින් සමාජයේප්රජාතාන්ත්රික අවකාශයප්රගතිශීලී ලෙස විකාශනය වෙමින් ඒකාධිපතිත්වයේ පාලන බලය වියැකී යයි. ඒකාධිපතිත්වයට එරෙහිව සමාජයේ සිවිල් ආයතන බලවත් වන බැවින් ඒකාධිපතින්ගේ කුමන බලාපොරොත්තු තිබුණත් ජනතාව අනුක්රමයෙන් ඔවුන්ගේ පාලනයෙන් බැහැරව නිදහස් සමාජයක් ගොඩනගමින් සිටිනු ඇත. මෙමවැඩිවන නිදහසනැවැත්වීමට ඒකාධිපතිත්වය මැදහත් වන විට අළුතෙන් දිනාගත් අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා ප්රචණ්ඩකාරී නොවන අරගලය භාවිතා කළ හැක. මේ හරහා ඒකාධිපතිත්වයට අරගලයේ තවත්පෙරමුණ කට මුහුණදීමට සිදුවනු ඇත.
කාලය ගත වන විට අරගලයේ සහ ආයතන ගොඩ නැංවීමේ සංයෝජනය මගින් ඒකාධිපතිත්වය බිඳ දමමින්    සමාජයේ බල සම්බන්ධතාවයන්ගේ පදනම වෙනස් කර ඇති බැවින් ප්රතික්ෂේප කළ නොහැකි ලෙස ප්රජාතන්ත්රවාදී ව්යුහය නිල වශයෙන් ස්ථාපිත කරමින් තත්ත්වාකාර නිදහස කට මග පෙන්වනු ඇත.  
අරගලය මගින් සමාජයේ කාර්යයන් සහ ආයතන ප්රගතිශීලි ලෙස නැවත අත්පත් කර ගැනීමට නිශ්චිත උදාහරණයක් 1970 සහ 1980 ගණන් වල පෝලන්තය මගින් සපයනු ලැබේ. කතෝලික පල්ලියට හිංසා කරන ලද නමුත් එය සම්පුර්ණයෙන්ම කොමියුනිස්ට් පාලනයට යටත් නොකරන ලදී. 1976 දී සමහර බුද්ධිමතුන් සහ කම්කරුවන් විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා  කම්කරු ආරක්ෂක කොමිටි වැනි කුඩා කණ්ඩායම් ඇති කරන ලදී. සහයෝගිතා වෘත්තීය සමිති සංවිධානය වැඩ වර්ජන සාර්ථකව සංවිධානය කිරීමට තමන්ට ඇති බලය පාවිච්චි කරමින් 1980 දී සිය සංවිධානය නීතිගත කරගන්නා ලදී.ගොවියන් ශිෂ්යයන් සහ වෙනත් නොයෙකුත් කණ්ඩායම් ස්වාධින සංවිධාන ඇති කර ගන්නා ලදී.මෙම කණ්ඩායම් විසින් බල සම්බන්ධතා වෙනස් කර ඇති බව කොමියුනිස්ට් වරු අවබෝධ කර ගත්  පසුව සහයෝගිතා සංවිධානය නැවතත් තහනම් කරන ලද අතර හමුදා පාලනයක් ඇති කරන ලදී.
හමුදා නිතිය යටතේ පවා බොහෝ සිර දඬුවම්ද දරුණු වධ බන්ධන සමඟ සමාජයේ නව ස්වාධින ආයතන දිගටම පවත්වා ගෙන යන ලදී.  උදාහරණයක් වශයෙන් නීති විරෝධී පුවත්පත් සහ සඟරා දුසිම් ගණනක් නොනවත්වා පළ කරන ලදී. නීති විරෝධී ප්රකාශන ආයතන මගින් සිය ගණනක් පොත් වාර්ෂිකව නිකුත් කරන ලද අතර ප්රසිද්ධ ලේඛකයන් විසින් කොමියුනිස්ට් ප්රකාශන සහ ආණ්ඩුවේ ප්රකාශන ආයතන වර්ජනය කරන ලදී. සමාජයේ අනෙක් අංශ වලද මේ හා සමාන ක්රියාවන් කරගෙන යන ලදී.
ජරුසේල්ස්කි ගේ හමුදා රෙජීමය යටතේ කොමියුනිස්ට් හමුදා ආණ්ඩුව එක් කලෙකදී සමාජය තමන් වෙත නම්මා ගැනීමට උත්සාහ දරමින් සිටි බව සඳහන් කර ඇත. නිලධාරීහු ආණ්ඩුවේ කන්තෝරු සහ ගොඩනැගිලි තුළ තව දුරටත් නිලතල දරමින් සිටියහ. දඬුවම්, අත් අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, මුද්රණ යන්ත්රාල අත්පත් කරගැනීම් වැනි දෑ මගින් සමාජය තලා බිම හෙලීමට රෙජිමයට තව දුරටත් ශක්තිය තිබුණි. කෙසේනමුත් ඒකාධිපතිත්වයට සමාජය පාලනය කර ගත නොහැකි විය. එතැන් සිට සමාජය විසින් රෙජීමය සම්පුර්ණයෙන් බිඳ හෙලීම කාලය පිලිබඳ ප්රශ්නයක් පමණි.
ඒකාධිපතිත්වය ආණ්ඩුවේ තනතුරු තවදුරටත් දරමින් සිටියදී පවා ප්රජාතන්ත්රවාදීසමාන්තර ආණ්ඩුවක් පවත්වාගෙන යාම  සමහර විට කළ හැක. මෙයට  ජනතාවගේ සහ ජනතා ආයතන වල පක්ෂපාතිත්වය, අනුමැතිය, සහ සහයෝගිතාවය ලබමින් ප්රතිවිරුද්ධ ආණ්ඩුවක් ලෙස දිනෙන් දින ස්ථාපිත වෙමින් කටයුතු කළ හැක. ප්රතිඵල වශයෙන් ඒකාධිපතිත්වය දිනෙන් දින ආණ්ඩුවක් සතු නෛසර්ගික ලක්ෂණ වලින් තොර කරනු ඇත. අවසානයේදී ප්රජාතන්ත්රවාදී සම්ප්රදායකට සංක්රමණය වීමේ ක්රියාවලියේ කොටසක් වශයෙන්  ප්රජාතාන්ත්රික සමාන්තර ආණ්ඩුව විසින් ඒකාධිපති රෙජීමය සම්පුර්ණයෙන් ප්රතිස්ථාපනය කළ හැක. යථා කාලයේදී සංක්රමණයේ කොටසක් වශයෙන් ව්යවස්ථාවක් සම්මත කරගෙන මැතිවරණ පැවැත්විය හැක.

ඒකාධිපතිත්වයේ බිඳවැටීම
සමාජයේ ආයතනවල පරිවර්තනය සිදුවනවිට විරෝධතා ව්යාපාර සහ සහයෝගය නොදීමේ ව්යාපාර සිය කාර්යයන් උත්සන්න කළ යුතුය. ප්රජාතන්ත්රවාදී බලවේග වල උපායමාර්ග සකසන්නන් විසින් කල්තබා කල්පනා කළ යුතු කරුණක් නම් ප්රජාතන්ත්රවාදී බලවේග වලට තෝරාගත් විරෝධතාවයන්ගෙන් ඔබ්බට ගොස් මහා පරිමාණ විරෝධතා ව්යාපාර දියත් කිරීමට හැකිවන කාලය එළඹෙන බවයි. බොහෝ අවස්ථා වලදී අරගල කිරීමේ හැකියාව ඇතිකිරීමට, ගොඩනැංවීමට, සහ පුළුල් කිරීමට කාලය ගතවනු ඇත. මහා පරිමාණ විරෝධතාවයන් ගොඩනැංවීම සිදුවන්නේ අවුරුදු ගණනාවකින් පසුව විය හැක. මෙම අන්තර් කාලයේදී අනුක්‍රමයෙන් වැදගත්වන  දේශපාලන අරමුණු වලට අනුකුලවනසේ  තෝරාගත් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කළ යුතුය. මේ සඳහා සමාජයේ සියළුම මට්ටම් වල ජනතාවගේ මහා පරිමාණ සහභාගිත්වයක් තිබිය යුතුය. අනුක්‍රමයෙන් වැඩිවන ක්‍රියාකාරකම් අතරතුර  අධිෂ්ඨාන සහගත වුද සංයමයෙන් යුක්ත වුද දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් මගින් ඒකාධිපතිත්වයේ අභ්‍යන්තර දුර්වලතා වඩාත් ප්‍රකට වීමට බොහෝසෙයින් ඉඩතිබේ.  
ප්‍රබල දේශපාලන විරෝධතා ව්‍යාපාරයක ද ස්වාධීන ආයතන ගොඩ නැංවීමක ද සංයෝජනය කාලයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට වාසි සහගත වන පැතිරුණු ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමට ඉඩ තිබේ. මේ මගින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහයෝගය පිණිස ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික දෝෂාරෝපනයන්ද පිටුදැකීම්ද  වෙළෙඳ සම්බාධකද  ඇතිවීමට ඉඩ තිබේ. (පෝලන්තයේ ඇතිවූ පරිදි)
සමහර අවස්ථා වලදී, නැගෙනහිර ජර්මනියේ 1989 දී ඇතිවූවාක් මෙන්, ඒකාධිපතිත්වයේ බිඳ වැටීම ඉතා ඉක්මනින් සිදුවිය හැකි බව උපායමාර්ග  සැලසුම් කරන්නන් දැනසිටිය යුතුය.  සමස්ත ජනතාවගේම පිළිකුල ඒකාධිපතිත්වය වෙත එල්ලවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බලයේ මූලයන් විශාල වශයෙන් කැපී ගිය විට මෙය සිදුවිය හැක. මෙම ආදර්ශය සාමාන්‍ය නොවේ. කෙසේ වුවත් කෙටි අරගලකටද සූදානම් වන අතර දීර්ඝ කාලීන අරගලයකට සැලසුම් කිරීම වඩාත් යෝග්‍ය වේ.
විමුක්ති අරගලය අතරතුරදී, ඉතා සීමිත ප්‍රශ්ණ වලට අදාලව වුවද, ජයග්‍රහණයන් සැමරිය යුතුය. ජයග්‍රහණයේ හිමිකරුවන් පිළිගැනීමකට ලක් විය යුතුය. පරික්ෂාකාරී ව කරනු ලබන සැමරීම් අරගලයේ ඉදිරි අවස්ථාවන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය පවත්වාගැනීමට උපකාරී වනු ඇත.

ජයග්‍රහණය වගකීම් සහගතව හැසිරවීම
නව ඒකාධිපතිත්වයක් ඇතිවීම වලකමින්ද කල්පවත්නා ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් අනුක්‍රමයෙන් ස්ථාපිත වීම සහතික කරමින්ද ජයග්‍රාහී අරගල ව්‍යාපාරයක් ප්‍රශස්ත අන්දමින් අවසන් කළ හැකි එමෙන්ම වඩාත් සුදුසු ක්‍රම කවරේද යන්න අරගලයේ ප්‍රධාන උපාය මාර්ගය සැලසුම් කරුවන්ගේ අවධානයට කල්තබා ලක් විය යුතුය.
අරගලය අවසානයේදී ඒකාධිපතිත්වයේ සිට අන්තර් වාර ආණ්ඩුවට බලය මාරුවීම සිදුවන්නේ කෙසේද යන්න ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් මනා කොට සැලසුම් කළ යුතුය. එම අවස්ථාවේදී ක්‍රියාත්මක ආණ්ඩුවක් ඉක්මනින් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. කෙසේනමුත් එය නව මුහුණු සහිත පැරණි ආණ්ඩුවම නොවිය යුතුය.   පැරණි ආණ්ඩුවට උරුමවී තිබුණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂණ හේතුවෙන් එම ආණ්ඩු ව්‍යුහයෙන් සම්පුර්ණයෙන්ම හළ යුතු අංග ( දේශපාලන පොලිසිය වැනි) කවරේද සහ මතු ඇතිවන ප්‍රජාතන්ත්‍රකරණ ක්‍රියාවලියකට යටත්ව එම ආණ්ඩු ව්‍යුහයේ තබාගත යුතු අංග කවරේද යන්න සලකා බැලීම අවශ්‍යය.  ආණ්ඩුකරණයේ සම්පුර්ණ හිඩැසක් ඇතිවීම ව්‍යකුලත්වයකට හෝ නව ඒකාධිපතිත්වයකට හෝ  මඟ පාදනු ඇත.
ඒකාධිපතිත්වයේ බලය බිඳ වැටුණු පසු එහි උසස් නිලධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධව කල්තබා කල්පනා කර තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් ඒකාධිපතින් උසාවියක නඩු විභාගය කට බඳුන් කළ යුතුද? ඔවුන්ට නිත්‍ය වශයෙන්ම රටින් බැහැර වීමට ඉඩ සැලසිය යුතුද? දේශපාලන විරෝධතා ව්‍යාපාරයට , රට නැවත ගොඩ නැංවීමේ අවශ්‍යතාවයට  සහ ජයග්‍රහණයෙන් පසුව නැවත ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැංවීමට  අනුරුප වෙනත් විකල්ප කවරේද? අනාගත ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට බරපතල ප්‍රතිවිපාක ඇතිකරවන ලේ හැලීමක් වැළැක්විය යුතුය.
ඒකාධිපතිත්වය දුර්වල වන විට හෝ බිඳ හැලෙන විට ප්‍රජාතන්ත්‍රවාදයට සංක්‍රමණය වීම සඳහා ක්‍රියාත්මක කළ හැකි නිශ්චිත සැලසුම් සූදානම් වී තිබිය යුතුය. කුමන්ත්‍රණයක් මගින් වෙනත් කණ්ඩායමක් විසින් රාජ්‍ය බලය පැහැර ගැනීම වැළැක්වීම සඳහා එවැනි සැලසුම් උපකාරී වේ. සම්පුර්ණ දේශපාලන සහ පුද්ගල නිදහස සහිත ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථාපිත ආණ්ඩුවක් සඳහා සැලසුමක්ද අවශ්‍යය. විශාල මිලක් ගෙවා ඇතිකරගත් වෙනස සැලසුම් නොමැතිවීම හේතුවෙන් අහිමි වී යාමට ඉඩ නොතැබිය යුතුය.
දිනෙන් දින බලවත් වන ජනතාවද ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික කණ්ඩායම් වල සහ ආයතන වල නැගීමද විසින් අභියෝගයට ලක් කරනු ලැබූ ( සහ මෙම කාරණා දෙකම මත සිය අධිපතිත්වය පවත්වා ගැනීමට අසමත් වූ )  ඒකාධිපතිත්වය විසින් ඔවුන්ගේ සම්පුර්ණ ව්‍යාපාරයේම ඇති ගැටළු ලිහී යමින් පවතින බව අවබෝධ කර ගනු ඇත.  සමාජය තුළ ඇතිවන පැතිරුණු සත්‍යග්‍රහ, මහා වැඩ වර්ජන, විරෝධතා පෙළපාලි හෝ ඒ හා සමාන වෙනත් කටයුතු මගින් ඒකාධිපතින්ගේ සංවිධානය සහ ඒ හා සම්බන්ධ ආයතන දුර්වල කරනු ඇත. කාලයක් තිස්සේ ජනතාවගේ සහභාගිත්වයෙන් ඥානාන්විතව ක්‍රියාත්මක කරණ ලද මෙම විරෝධතා සහ සහයෝගය නොදීමේ ක්‍රියා වල ප්‍රතිඵලයක් වශයෙන් ඒකාධිපතින් බල රහිත වන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජයග්‍රහණය කරනු ඇත. අරගලකාරී ජනතාව ඉදිරියේ ඒකාධිපතිත්වය බිඳ වැටෙනු ඇත.
විශේෂයෙන් අපහසුවෙන්ද කලාතුරකින් ඉක්මනින්ද කෙරෙන මෙවැනි සෑම උත්සාහයක්ම සාර්ථක නොවේ. සන්නද්ධ බලය යොදා කෙරෙන බොහෝ යුද්ධ දිනා ඇති සේම පරාජය ද වී ඇති බව මතක තබා ගත යුතුය. එසේ වුවද දේශපාලන විරෝධතා ව්‍යාපාර ජයග්‍රහණය සඳහා සැබෑ හැකියාවක් පෙන්නුම් කරයි. මෙයට පෙර සඳහන් කළ පරිදි ඥානාන්විත ප්‍රධාන උපාය මාර්ගයක් ගොඩනැංවීම, සුක්ෂ්ම උපාය මාර්ගික සැලසුම්, උත්සාහවන්තව වැඩ කිරීම, සහ සංයමයෙන් හා ධෛර්යයෙන් යුතුව අරගලයේ යෙදීම  මගින් එම හැකියාව බොහෝ සෙයින් වැඩි කරගත හැක.



No comments:

Post a Comment