Friday, April 18, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

මීට දින කීපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියු ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒවා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර රටවල් ඇමෙරිකාව සමඟ කරන වෙළෙඳාමේ දී අයුතු වාසි ලබන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කළේය. ඔහු ජනාධිපතිවූ පසුව චීනයට එරෙහිව තීරුබදු ආයුධයක් ලෙස පාවිච්චි කළේය. එයට ප්‍රතිචාර ලෙස චීනය  ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා විශේෂයෙන්ම ට්‍රම්ප් ට ඡන්දය දුන් පිරිසක් වන එරට ගොවීන් ඉලක්ක කරමින් තීරුබදු පනවන ලදී. පසුව මෙය වෙළෙඳ යුද්ධයක් විය.

ඇමෙරිකාවේ චීනය ට එරෙහි චෝදනාවක් වන්නේ චීනය ඔවුන්ගේ මූල්‍ය ඒකකය නියමිත අගයට වඩා අඩු අගයක පවත්වා ගැනීම මගින් චීන අපනයන භාණ්ඩ වලට වාසි සහගත තත්ත්වයක් අත් කර ගන්නා බවයි. බරක් ඔබාමා ඇමෙරිකානු ජනාධිපති වූ යුගයේ ඔහු චීනය හැර පැසිපික් සාගරය අවට ඇති රටවල් සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කළේය. මෙයට එක හේතුවක් වූයේ චීනයෙන් ඇමෙරිකාවට එන භාණ්ඩ අවම කිරීමයි. වර්ෂ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල හිලරි ක්ලින්ටන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ගිවිසුම විචේචනය කළ අතර ට්‍රම්ප් ජනාධිපති වූ පසුව ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් විය.

ජෝ බයිඩන් වර්ෂ 2021 දී ඇමරිකන් ජනාධිපති වූ පසුව ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද බදු ඉවත් නොකළ අතර ඔහු එකවිට රුසියාව සහ චීනය සමඟ ආරවුලකට ගියේය. රුසියාව සම්බන්ධයෙන්  යුක්රේන් යුද්ධය ආරම්භ  වූ අතර චීනය සම්බන්ධයෙන් වෙළෙඳ ආරවුල දිගටම පවත්වා ගෙන යන ලදී.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රධාන ඉලක්කය ඇමෙරිකාවේ අයවැය හිඟය සහ වෙළෙඳ හිඟය අවම කිරීමයි. බොහෝ කලක් සිට පැවතෙන මෙම ද්විත්ව හිඟය නිසා ඇමෙරිකන් ආර්ථිකය අර්බුදයකට පත් නොවූයේ ඇමෙරිකන් මුදල් ඒකකය වන ඩොලරය ලෝකය පුරා සංචිත මුදල් ඒකකයක් ලෙස භාවිතා කිරීම නිසාය. ද්වි පාර්ශ්වික වෙළෙඳාමෙන් ඇමෙරිකාවට වෙළෙඳ අවාසියක් සිදුවන විට අනෙක් රටට වෙළෙඳ වාසියක් සිදුවේ. වාසි සහගත වෙළෙඳ ශේෂයක් ඇති රටවල් එම අමතර ඩොලර් ඔවුන්ගේ රටවල් තුළට ගතහොත් එම රටවල අපනයන වෙළෙඳාමේ තරඟකාරීත්වය අඩු විය හැකි බැවින් එම අමතර ඩොලර් ඒ රටවල් විසින් ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම් කර වල ආයෝජනය කරන ලදී. ඇමෙරිකානු බැඳුම්කර වල ආයෝජනය කර ඇති රටවල් ප්‍රධාන වශයෙන් ජපානය ( ඩොලර් ට්‍රිලියන 1.1) චීනය (ඩොලර් බිලියන 749) සහ බ්‍රිතාන්‍යය (ඩොලර් බිලියන 690) වේ.

එබැවින් ඇමරිකාවේ ජංගම ගිණුම ඍන අගයක් ගත්තත් ප්‍රාග්ධන ගිනුම ධන අගයකි. එනම් වාසි සහගත එකකි. එයට අමතරව ඇමෙරිකාවට සිය මුදල් සැපයුම වැඩි කිරීම හෙවත් ඩොලර් අච්චු ගැසීම සිය රටේ උද්ධමනයට බලපෑමක් නොමැතිව කළ හැකිය . එසේ වන්නේ එය ලොව පුරා භාවිතා වන බැවිනි.

වර්ෂ 2024 දී ඇමරිකන් අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.83 කි. ජාතික ණය ඩොලර් ට්‍රිලියන 35.5 කි. ජංගම ගිණුමේ ශේෂය ඩොලර් ට්‍රිලියන 1.13 කි. පසුගිය කාලය පුරා මෙම ශේෂයන් අනුක්‍රමයෙන් ඉහල ගිය අතර එය ඩොලරයේ ස්ථාවරත්වයට තර්ජනයක් බවද හඳුනාගන්නා ලදී. එබැවින් ට්‍රම්ප් මෙම හිඟයන් අවම කිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කළ  යුත්තකි.

ඇමෙරිකන් අයවැය හිඟය අවම කිරීමට ට්‍රම්ප් විසින් ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී. අමෙරිකාවේද රජය විශාල සේවා යෝජකයෙකි. එබැවින් රජය කුඩා කිරීමට ඔහු පියවර ගැනීමට බලාපොරොත්තුවේ. ඇමෙරිකන් මුදල් විශාල ලෙස වැය වුන යුක්රේන යුද්ධය නැවැත්වීමට ඔහු රුසියාව සමඟ සාකච්ඡා කරයි. හිටපු ජනාධිපති කෙනඩි විසින් සිතල යුද්ධ සමයේ ලොව පුරා  රටවලට මෘදු බලයක් පාවිච්චි කිරීමට යොදාගත් USAID සංවිධානයේ  කටයුතු අත්හිටවීමට තීරණය කර ඇත. මේ නිසා ඇමරිකන් ආණ්ඩුවට මුදල් ඉතිරි කිරීමට හැකි වුවත් මෘදු බලය අහිමි වනු ඇත. පැරිස් සම්මුතියෙන් ඉවත් වීම ඇමෙරිකාවේ ඇති තෙල් නිධි හෑරීමට අවස්ථාව සලසා ගැනීමකි.

පසුගිය දශක ගණනාව තුළ ඇමෙරිකානුවන් නිෂ්පාදනය සහ අපනයනය අතහැර පරිභෝජනය වැළඳ ගනිමින් සිටිති. වර්ෂ 1970 දී ඇමෙරිකාවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, ආදායම සහ සපයන ලද රැකියා ප්‍රමාණය අනුව ප්‍රධාන සමාගම් වූයේ ජෙනරල් මෝටර්ස්, එක්සෝන් මොබිල් සහ ෆෝඩ් මෝටර් යන සමාගම් තුනයි. මේවා නිෂ්පාදන සමාගම්ය. දැනට රැකියා ප්‍රමාණය අතින් වෝල්මාර්ට්, ඇමසන් සහ හෝම් ඩිපෝ යන සමාගම් ඉදිරියෙන් සිටී. මේවා පරිභෝජන සමාගම් ය. ආදායම අතින් වෝල්මාර්ට්, ඇමසන් සහ ඇපල් සමාගම් ඉදිරියෙන් සිටි. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන්  ඉදිරියෙන් සිටින්නේ ඇපල්, මයික්‍රොසොෆ්ට් සහ එන්විඩියා  (NVIDIA) සමාගම්ය. මේ සමාගම් තුනේ නිෂ්පාදන බොහොමයක් විදේශයන්හි කෙරේ. ඒවායේ සමහර නිෂ්පාදන ඇමෙරිකාවට ආනයනය කරනවා විය හැක.

නිෂ්පාදනය ඇමෙරිකාවෙන් ඉවත්වන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදන වියදම අනෙක් රටවලට සාපේක්ෂව වැඩි නිසාය. එසේ වන්නේ ඇමෙරිකාවේ ජිවන තත්ත්වය අනෙක් රටවලට වඩා වැඩි නිසාය. තීරුබදු වැඩි කිරීම හරහා කෘත්‍රිම ලෙස අනෙක් රටවලට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩු කිරීම මූලික ආර්ථික සිද්ධාන්ත වලට පටහැනිය. එය ඇමරිකන් ආර්ථිකය කාලය හරහා ආපසු ගමන් කිරීමට සැලැස්වීමකි. ඇමෙරිකාව විසින් කළ යුත්තේ නවෝත්පාදන හරහා අපනයන වැඩි කිරීමයි. ඇමරිකානු සමාගම්  එය කරමින් සිටි. ට්‍රම්ප් පරිපාලනය විසින් ගත්  පියවර සියලු දෙනාටම පරාජය ගෙන එන්නකි. ඇමරිකන් ආර්ථිකය නැවත නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත්කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ නම් එය ක්‍රියාත්මක නොකළ හැකි හුදු ප්‍රර්ථනා සහගත චින්තනයක් පමණක් වනු ඇත.

මෙම පියවරට එරෙහිව මහජන විරෝධතා දැනටමත් ඇතිවෙමින් තිබේ.මක්නිසාද යත් ආනයනික භාණ්ඩ වල මිල ඉහල යාම නිසා ඇමරිකන් පාරිභෝගිකයන්ට ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවන නිසාය.ලොව පුරා කොටස් වෙළෙඳ පොළ කඩා වැටෙමින් තිබේ. වැඩිවන තීරුබදු වලින් ලැබෙන මුදල් පාවිච්චි කර ඇමෙරිකාවේ පුද්ගල ආදායම් බද්ද අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙයි. මෙයින් අදහස් කරන්නේ ඍජු බදු අඩු වීම සහ වක්‍ර බදු වැඩි වීමයි. එනම් තමන්ට ගෙවිය හැකි  බද්දකින් පිරිසක්  නිදහස් වන අතර ගෙවිය හැකි නොහැකි සියල්ලන්ම යම්  බද්දකට යටත් වීමයි.

ට්‍රම්ප් විසින් තීරුබදු සඳහා ඉදිරිපත් කරන ලද සූත්‍රය විකාර සහගත එකකි. ඔහුගේ කථාවේදී අන්‍යෝන්‍ය බදු ගැන සඳහන් කළත් එවැන්නක් සුත්‍රයේ නැත. සරල කරන ලද සුත්‍රය පහත දැක්වේ.

ඇමෙරිකාව සමඟ වෙළෙද අවාසියක් පවත්වා ගෙන යන රටවල් ද තිබේ. ඒ අනුව එම රටවල් සමඟ කෙරෙන වෙළෙඳාම ඇමෙරිකාවට වාසි සහගතය. වෙළඳ වාසිය සහිත සමහර රටවල් වන්නේ යුරෝපා සංගමයේ සාමාජික රටක් වූ නෙදර්ලන්තය  (ඩොලර් බිලියන 55) හොංකොං (ඩොලර් බිලියන 21.9), ඔස්ට්‍රේලියාව (ඩොලර් බිලියන 14.9) සහ බ්‍රිතාන්‍යය ( ඩොලර් බිලියන 11.9) වේ. ට්‍රම්ප් 10% ක තීරුබද්දක් ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය මත පැනවූ අතර යුරෝපා සංගමය මත 20% ක බද්දක් පැනවිය. මේ අනුව නෙදර්ලන්තයට 20% ක බද්දක් ගෙවිය යුතුවේ. එබැවින් මෙම සුත්‍රයේ කිසිම තාර්කිකතාවයක් නැත. ට්‍රම්ප් සමහරවිට මේ සියල්ල ඉවත් කරගත හැක. නැතහොත් සමහර සංශෝධන කළ හැක. එසේ නැතහොත් ඇමෙරිකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් සමඟ අන්‍යෝන්‍ය තීරුබදු අනුප්‍රමාන සමාන මට්ටමකට ගෙන ආ හැක.

සමහර විට මෙම නාටකයේ අවසන් ඉලක්කය චීනය විය හැක. පසුගිය වසරේ ඇමෙරිකන් මුළු  වෙළෙඳ හිඟයෙන් 29% ක් චීනය සමඟය, 17% ක් මැක්සිකෝව සමඟය 12% ක් වියට්නාමය සමඟය. චීනයේ මුදල් ඒකකය අඩු අගයක පවත්වාගෙන යාම හේතුවෙන් චීන අපනයන ලාබ දායි වීම හරහා චීනය පොහොසත් වීම ඇමෙරිකාවට තිබුන දීර්ඝ කාලින ගැටලුවකි.මීට පෙර සාකච්ඡා කල පරිදි විවිධ ඇමෙරිකන් ජනාධිපතිවරු ඒ සම්බන්ධ  විවිධ තීරණ ගත්හ. මේ වෙළෙඳ යුද්ධයෙන් චීනය පැරදවීමට ඇමෙරිකාවට හැකි වුවහොත් අපනයනය මත පදනම් වූ චීනයේ ආර්ථික වර්ධන වේගය බොහෝසෙයින් අඩුවනු ඇත. ඒ අනුව ආර්ථික වශයෙන් ඇමෙරිකාව අතික්‍රමණය කිරීම චීනයට දුෂ්කර වනු ඇත.

මෙවැනි තත්ත්වයක් දශක ගණනාවකට පෙර ජපානය අත්  වින්දේය. ජපන් ආර්ථිකය කඩා වැටුනේ 1990 ගණන් වල දීය. එයට ප්‍රධාන හේතුව වූයේ යෙන් එක ශක්තිමත් වීම වැළැක්වීමට මහා බැංකුව විසින් පොලි අනුපාත අඩු කිරීම හේතුවෙන් ඉඩම් වල මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ආර්ථික බුබුලක් ඇතිවීමයි. වර්ෂ 1980 මුල USD/YEN අනුපාතය 250 ක් පමණ විය. එහි තේරුම ජපන් අපනයන ලාබ දායි වීමයි. බුබුල පිපිරුන පසු මහා බැංකුව පොලි අනුපාත වැඩි කළේය. වර්ෂ 1995 දී යෙන් ඒකකය ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ අඩුම අගය 84 ක් විය. එනම් ජපන් අපනයන මිල අධික වීමයි. අපනයන මත රඳා පැවතුන ජපන් ආර්ථිකය පසු බැස්සේ ඒ අනුවය.

විනයේ අපනයන ගැන සලක බලන විට යුවානය මේ මට්ටමට දුර්වලව තිබීම විය නොහැක්කකි. අසාමාන්‍ය ලෙස යුවානය දුර්වල මට්ටමක තබා ගෙන සිටින  හේතුවෙන් සිය අපනයන වැඩි කර ගනිමින් සිටින චීනයටත් බලහත්කාරයෙන් ඇමෙරිකාව කරන්නට උත්සාහ කරන්නේ එවැන්නක් ද? ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව යුවානයේ අගය 1981 මාර්තු සිට 2024 ජූලි දක්වා පහත ප්‍රස්ථාරයේ දැක්වේ. (https://www.macrotrends.net/2575/us-dollar-yuan-exchange-rate-historical-chart)

මේ සඳහා ශ්‍රී ලංකාවට වන බලපෑම කුමක්ද? මෙරට ඇඟලුම් කර්මාන්තය පසුබෑමකට ලක් වනු ඇත. මෙම කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ තරඟකරුවන් සියලු දෙනාම වැඩි කළ තීරුබදු වලට මුහුණ දී ඇත. එනමුත් වැඩිම බලපෑමක් ඇත්තේ ශ්‍රී ලංකාවටයි. චීනය මෙන් ඇමෙරිකාවට ප්‍රති තීරුබදු පැනවීමේ හැකියාවක් අපට නැත. ශ්‍රී ලංකාවට කළ හැකි එක් දෙයක් වන්නේ ඇමෙරිකන් ආනයනික භාණ්ඩ වලට ඇති තීරුබදු අඩුකර ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමයි. එසේනම් අනෙකුත් රටවල් වලින් ආනයනික භාණ්ඩ සඳහා වන තීරුබදු ද අඩු කළ යුතුය. 

ආණ්ඩුව ආනයනික වාහන සඳහා අති විශාල බද්දක් පනවා ඇති අතර එහි මූලික අරමුණ වූයේ ආණ්ඩුවට ලැබෙන ආදායමයි. මක්නිසාද යත් ආණ්ඩුවේ බදු අඩු කිරීම් සහ වියදම් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම ආදායමද සැලකිල්ලට ගෙන බැවිනි. ලියුම්කරු ද ඇතුළුව බොහෝ දෙනෙක් තනිකර බදු ඉලක්ක කර ගෙන වාහන ආනයනය සඳහා අවසර නොදිය යුතු යයි කීහ.

යම් හෙයකින් ට්‍රම්ප් මේ බදු සශෝධනය කරනවා නම් පළමුවෙන්ම ඔහු සංශෝධනය කළ යුත්තේ ඇමෙරිකාවට වෙළෙඳ වාසියක් සහිත රටවලට පැනවූ බදුයි.එසේ නොකර අපට අනුකම්පා කර අපේ බදු සංශෝධනය කිරීමේ හැකියවක් නැත.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් වන්නේ නිෂ්පාදන ආර්ථිකයකි.එයින් ගම්‍ය වන්නේ  ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය දේ මෙහිම නිෂ්පාදනය කර අතිරික්තය අපනයනය කිරීමයි. මෙය ට්‍රම්ප් ගේද  දර්ශනයයි. ට්‍රම්ප් මෙවැනි කථා කියන විට මෙම දර්ශනය සහිත ලාංකිකයෝ උද්දාමයට පත්ව සිටියහ. ලංකාවද දැන් පහල මැදි ආදායම් ලබන රටකි. ඇඟලුම් ක්ෂේත්‍රයේ බංග්ලාදේශයට ආයෝජන සඳහා ඉල්ලුමක් තිබුනේ ඔවුන්ගේ වැටුප් ශ්‍රී ලංකාවටද වඩා අඩු නිසාය. කෘෂිකාර්මික භාණ්ඩ මෙරට නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරනවාට වඩා වැඩි මිලක් යන්නේ නම් ඒවා ඉන්දියාවෙන් ආනයනය කළ යුතුය. එබැවින් අප ඉලක්ක කළ යුත්තේ භාණ්ඩ සහ සේවා අපනයන ආර්ථිකයකි, නිෂ්පාදන ආර්ථිකයක් නොවේ. එය මෙරට පරිභෝජනය ඉක්මවා ලෝක පරිභෝජනය ඉලක්ක කළ යුතුය.

කුඩා රටක් වන ශ්‍රී ලංකාවට ආනයනික තීරුබදු අඩුකර අනික් ගනුදෙනුකාර රටවල් වලින් අපේ භාණ්ඩ සඳහාද තීරුබදු අඩුකරන ලෙස ඉල්ලා සිටීම වාසි සහගත වේ.මක්නිසාද යත් මෙරට වෙළෙඳපොළ මිලියන 22ක් පමණක් වන අතර විදේශ වෙළෙඳ පොළ ඊටවඩා  බොහෝසෙයින් විශාල බැවිනි. එනමුත් මේ සඳහා ආක්‍රමණශීලී භාණ්ඩ සහ සේවා අපනයන ව්‍යාපාරිකයන් පිරිසක් අවශ්‍යය. එමෙන්ම මේ පියවර වලට අවහිර නොකරන අමුග්ධ ජනතාවක් අවශ්‍යය.

එමෙන්ම මෙරට බොහෝ පිරිසක් ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි වන අතර චීනයට හෝ රුසියාවට හෝ පක්ෂ වෙති. ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. එය මුළු අපනයන වලින් 23% කි. එවැනිම ප්‍රතිශතයක් යුරෝපා සංගමයට යවනු ලැබේ. එබැවින් GSP+  සහනය දිගටම ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කල යුතුය. එමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එරෙහි මතවාදයට එරෙහිව  ඇතිකර ගත් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කළ යුතු අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹිය යුතුය. ප්‍රධාන වශයෙන් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ට්‍රම්ප් විසින් ද  ක්‍රියාත්මක කරන රාජ්‍යය කුඩා කිරීම සඳහා වන කාලයක් තිස්සේ අතපසු වෙමින් ආ ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කළ යුතුය.

ශ්‍රී ලංකාව බරපතල ගැටලුවක් අබියස සිටින අතර එයට මුහුණ දීම සඳහා සියලු දෙනාම එකතු විය යුතුය. ආර්ථික අර්බුදය සමයේ එවකට සිටි ජනාධිපතිවරයා විපක්ෂයේ සහය ඉල්ලා සිටි නමුත් අවශ්‍ය සහය ඔහුට නොලැබුණි. දැන් විපක්ෂය සහාය දීමට සුදානම් බව පවසන මුත් පෙනෙන ආකාරයට ආණ්ඩුවේ ඒ ගැන කැමැත්තක් නැත. සර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනාවක් අසන්නට ලැබුණි, එවැනි සාකච්ඡා වහාම පැවැත්විය යුතුය.

Published in Colombo Telegraph and Anidda on April 10, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-10-april-2025/


Donald Trump & His Tariff

 By Harsha Gunasena –

Harsha Gunasena

Donald Trump long before becoming the President in 2017 was of the view that  the friendly nations were benefitting out of the trade with the US. When he became the President, he weaponized tariffs against China, and China in return imposed reciprocal tariffs on US imports targeting mainly the farmer community in the US which was his one of the voter bases. It has become eventually a trade war.

The US was accusing China that they undervalue their currency so that China was getting undue advantage when exporting to the US. When Barack Obama was the President, he entered into Trans-Pacific Partnership with the Pacific Rim Economies except China. One of the intentions may be to reduce the Chinese imports to the USA. During the election campaign in 2016 both Hilary Clinton and Donald Trump spoke against the agreement and when Trump became the President, the USA withdrew from the agreement.

Ads by FatChilli

When Joe Biden became the President, he did not remove the tariff imposed by Trump on China. Instead, he took on both Russia by Ukraine war and China by trade barriers.

President Trump’s intention basically was to reduce the budget deficit and the trade deficit of the US. For a long time, the US has been having these deficits and was not affected due to the fact the US Dollar is a reserve currency. When the US was having a trade deficit, the countries which had favorable trade balances, invested those dollars in US Treasuries. One reason was that the US Dollar was stable, and the other reason was that those countries did not use those dollars in their own economies since their competitiveness will go down. The main countries which hold US government debt are Japan (USD 1.1 trillion), China(USD 749 billion)  and the UK (USD 690 billion).

Therefore, even though the US current account was negative, there was a positive balance of the US capital account. In addition to that the US could print Dollars without facing domestic inflation since the Dollar is a global currency.

Ads by FatChilli

In 2024 the US federal budget deficit was USD 1.83 trillion, and the national debt was USD 35.5 trillion. The current account deficit in 2024 was USD 1.13 trillion. These balances have been going up in recent years and the stability of the currency was questioned.

Trump has taken several moves to reduce the budget deficit. Government is also a big employer in the US and Trump plans to reduce the size of the government. Peace negotiations with Russia were to avoid the massive expenses on the Ukraine war. USAID was introduced during the cold war at the time of President Kennedy in order to have a soft power  in the recipient countries. Stopping that would save money for the government coffers but at the same time the US government would lose the soft power. Withdrawing from the Paris convention is a move towards excavating   oil deposits in the US.

Over the years the Americans moved to consumerism from production and exports. In 1970 the largest companies in the US based on market capitalization, revenue and employment were General Motors, Exxon Mobil and Ford Motor. Now the largest companies in the US based on employment are Walmart, Amazon and Home Depot; based on revenue are Walmart, Amazon and Apple and based on market capitalization are Apple, Microsoft and Nvidia.



Ads by FatChilli

Production was moving out of the US mainly since the cost of production in the other countries is lower and the standard of living in the US was higher compared to those countries. Artificial lowering of cost of production in the US by increasing tariff of the imported goods goes against the basic economic theory and it is moving economies backwards in time. What the US has to do is to increase exports through innovation which is being carried out and that is to be accelerated. This move by the Trump administration is a lose- lose situation rather than a win-win situation. If Trump thinks that he could convert the US economy to a manufacturing hub once again, it is wishful thinking.

There are early signs of protests throughout the world and slowing down of the stock markets. The consumers in the US will be paying additional costs. Trump administration aiming to cut the income taxes which would be compensated by the additional tariff. This means increasing indirect taxes and reducing direct taxes and taxes will be paid by every one rather than those who can pay.

The formula imposed by Trump for tariff is a funny one. In his speech he said he imposes reciprocal tariff, but the formula was different to that, and the simplified version is as follows.

This is the percentage of tariff imposed by the US for that country. This has nothing to do with the import tariff of the other country for the American goods so that it is not reciprocal.

There are quite a number of countries where they maintain a trade deficit with the US which means it is a trade surplus for the US. Some of the countries are Netherlands which is an EU member (USD 55 billion), Hong Kong (USD 21.9 billion), Australia (USD 17.9 billion) and the UK (USD 11.9 billion). Interestingly Trump charged 10% tariff for all the countries and the UK and Australia were subject to that and  EU was charged 20% and the Netherlands also will have to pay this. Thus, there is no logic at all in this formula. Trump may either withdraw the whole operation or he may adjust it to ease the situation. Probably the situation could be eased to reciprocal tariff rates imposed by the trading partners.

In this light we have to look into the consequences that  Sri Lanka faces. Our apparel industry would be affected most. In this industry all our competitors are affected  but Sri Lanka is the most affected country. Sri Lanka cannot impose reciprocal tariffs to the US like other powerful countries does. One step Sri Lanka can take is to reduce the tariff to the US imports and then go for the negotiations. This would mean that Sri Lanka may have to reduce the tariff for the other countries as well.

At this point the country will face the situation where vehicle imports were allowed by this government with very high tariffs with the aim of increasing the revenue to the government and  the corresponding expenditure was already committed. Many, including the writer, has cautioned that this should not be done with the sole intention of increasing the government revenue.

Unlike bigger countries Sri Lanka will be benefited if the country can lower the tariffs and get the reciprocal reductions from the trading partners since Sri Lankan market is smaller and the markets of other countries would be bigger. For that Sri Lanka should have an aggressive set of entrepreneurs.

Sri Lanka is having an uphill task for which all should get together. During the time of financial crisis, the then President appealed to all opposition parties, but none supported him for different reasons. Now the opposition says that they will support the government in this endevour, but it seems to be that the government is not interested.

Published in Colombo Telegraph on April7, 2025

https://www.colombotelegraph.com/index.php/donald-trump-his-tariff/

 9
 0

leelagemalli
“an aggressive set of entrepreneurs”
They should be able to capture the markets in bigger countries.
Not only under the current circumstances, but also in general our entrepreneurs, I believe, are not aggressive. They are in general complaisant and most of the time not focused on quality. Their financial literacy is low. You cannot just keep on blaming the governments.

  •  2
     0

    “During the time of financial crisis, the then President appealed to all opposition parties, but none supported him for different reasons. “
    Are people supposed to support the President regardless of what their stand is on any issue?

    •  0
       0

      SJ
      No, they shouldn’t. This was a national issue. The President invited all firstly to find out a common solution and then to implement it jointly. During the time of World war II Clement Atlee joined Churchill. JVP is the next elected government. Did their stand different to the economic recovery programme of RW?
      What JVP did at that time to request all the expatriates not to send money to Sri Lanka. Why? They wanted to capture power using the difficult situation of Sri Lanka. I have experienced an incident where CV Vignashwaran, just before Gota was ousted, said he will request Tamil diaspora to remit the funds to SL.

 0
 0

leelagemalli
Persons who handled the economy during Gotabaya regime, Secretary to the President, Secretary of the Ministry of Finance and the Governor of the Central Bank were summoned by a Select Committee of the Parliament and they were asked the question why they have implemented the tax cut which triggered the process of bankruptcy. They answered that it was in the Election Manifesto and approved by the masses. During the election campaign of Trump his action plan was discussed and people approved it. I think there will be an in depth discussion of the US democracy in time to come.


                                                                                                                                                                                                            

ඩොනල්ඩ් ට්‍රම්ප්, ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සහ රනිල් වික්‍රමසිංහ

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වල හරය වන්නේ ඇමෙරිකාවේ අයවැය හිඟය සහ ජංගම  ගිණුමේ හිඟය අවම කිරීමයි. ලෝකය පුරා ඇතිවන ඇමෙරිකාව සම්බන්ධ යුද්ධ නිසා ඇමෙරිකාවට විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. රුසියාව සමඟ සහජීවනයක් ඇතිකර ගැනීම මගින් මේ යුද්ධ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කර ගත හැකි වෙතැයි ඔහු සිතයි. චීනය සමඟ ඇති වෙළෙඳ ශේෂය ඇමෙරිකාවට අවාසියට ඇති විශාලම වෙළෙඳ ශේෂයයි. එබැවින් චීනය සමඟ කෙරෙන වෙළෙඳාමට තීරු බදු පැනවීම මගින් එම අවාසි සහගත වෙළෙඳ ශේෂය අඩු කර ගත හැකි වෙතයි ඔහු සිතයි.

ජනාධිපති ඔබාමා  චීනයේ වෙළෙඳ ශේෂය පිලිබඳ ප්‍රශ්ණයට මුහුණ දුන්නේ චීනය හැර පැසිපික් සාගරය දෙපස ඇති රටවල නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකිරීමට උත්සාහ කිරීම හරහාය. ඒ අනුව චීනයෙන් ලැබෙන භාණ්ඩ වෙනත් රටවලින් ලැබේ. රුසියාව සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ හැකි තරම් රුසියාව බෙල හීන කිරීමයි.

වර්ෂ 2010 දී රුසියාවට හිතවත් වික්ටර් යනුකොවිච් යුක්රේනයේ ජනාධිපති විය. වර්ෂ 2013 දී ඔහු යුක්රේනය යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට සුදානම් වූ ගිවිසුම ඇතිකර ගැනීම කල් දැමිය.මේ නිසා රට පුරා ඔහුට එරෙහි විරෝධතා ඇතිවිය. මේ විරෝධතා පිටුපස සිටියේ ඔබාමා ජනාධිපති වූ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ අරමුණ වූයේ යුක්රේනය බටහිරට සම්බන්ධ කර ගැනීමයි. ඒ අනුව බටහිර කඳවුර රුසියන් දේශසීමාව දක්වා ව්‍යාප්ත වේ. මේ සඳහා ඇමෙරිකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් වියදම් කල බව වාර්තා විය. යනුකොවිච් 2014 පෙබරවාරි වල බලයෙන් පහ වූ අතර රුසියාව 2014 මාර්තු වල යුක්රේනයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කළේය.

ඉන් පසුව බලයට පැමිණි පොරෂේන්කෝ යුක්රේනය තුල රුසියන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් සිටීම නොතකා යුක්රේනය තුල රුසියන් භාෂාව බල රහිත කිරීම ඇතුළු රුසියන් විරෝධී ක්‍රියා විශාල ප්‍රමාණයක් කළේය. 2019 සෙලෙන්ස්කි බලයට පැමිණෙන විට යුක්රේනයේ රුසියන් විරෝධී මතවාදයක් තිබුනි. සෙලෙන්ස්කි බලයට පැමිණියේද රුසියන් විරෝධී මත වාදය හරහාය. එවකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වූ අතර ජෝ බයිඩන් 2021 දී ජනාධිපති විය.

ජෝ බයිඩන් චීනය සම්බන්ධ ට්‍රම්ප් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය අතර රුසියාව සම්බන්ධව ඔබාමා ගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගත්තේය. මේ අනුව බටහිර කඳවුර විසින් යුක්රේනය නේටෝවට ඇතුලත් කර ගැනීමට ක්‍රියාමාර්ග ගත් අතර රුසියාව ඉතාමත් සාධාරණ ලෙස එයට විරුද්ධ විය. යුක්රේනය ආක්‍රමණය නොකිරීමට රුසියාව ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් පමණි. ඒ සහතිකය දීමට බටහිර කඳවුරද යුක්රේනයද අසමත් විය. ඒ අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කල අතර බටහිර කඳවුර යුක්රේනයට දිගටම සහය දුන්නේය. සෙලෙන්ස්කි මේ තීරණාත්මක මොහොත සිය රටට වාසි වන ලෙස කළමනාකරණය කිරීමට අසමත් විය.

බලයට පැමිණි අවස්ථාවේදී සෙලෙන්ස්කි විසින් තම රට තිබුන තත්ත්වය සැලකිල්ලට ගෙන රුසියාව සමඟ සහජීවනයකට යා යුතුව තිබුනැයි අපි අද කියමු. මා පුවත්පත්  ලිපියක් මගින් යුද්ධය ආරම්භ වූ වහාම ඒ බව කියා සිටියෙමි. එනමුත් එය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. පළමුවන හේතුව ඒ වන විට යුක්රේනයේ ඉතා බලවත් රුසියන් විරෝධී ආකල්ප තිබීමයි. රුසියන් ජනාධිපති පුටින් විසින් නාසි වාදීන් ලෙස හඳුන්වන ලද්දේ මෙම ජනතාවයි. යුක්රේනය තුල සිටින නාසි වාදීන්ට දඬුවම් කල යුතු බව පුටින් කීය. යම් හෙයකින් සෙලෙන්ස්කි රුසියාවට නැඹුරු ප්‍රවේශයක් ගත්තේ නම් වික්ටර් යනුකොවිච් මුහුණ දුන් ඉරණමට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත. එය වඩාත් බරපතල වන්නේ යම්හෙයකින් ජනතා විරෝධයක් පැමිණියේ නම් ඇමෙරිකාව එම විරෝධය ඇවිලවීමට සූදානම්ව සිටින බැවිනි.

ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මේ සඳහා තිබුන සුදුසුම අවස්ථාව වූයේ සෙලෙන්ස්කිගේ ධුර කාලය තුල ට්‍රම්ප් ඇමරිකන්  ජනාධිපතිව සිටි  2019-2021 අතර කාලයයි. මේ කාලය තුල ඔහු පුටින් සමඟ සංහිඳියාවකට ගියේ නම් එයට එරෙහිව ඇමරිකාව යුක්රේනය තුල කටයුතු නොකරනු ඇත. නමුත් සෙලෙන්ස්කිට රට තුල ජනමතය හැසිරවීමට සිදුවනු ඇත. ඔහු වැනි ආධුනිකයකුට එවැනි ප්‍රබල ජනමතයක් හැසිරවීම පහසු නොවේ. එබැවින් සෙලෙන්ස්කිට එරෙහිව අප කුමක් කීවත් එහි අවසාන වගකීම බාරගත යුත්තේ යුක්රේන ජනතාව විසිනි.

අනෙක් අතට සිතල් යුද්ධය අවසන් වීමෙන් පසුව වට පහකින් නේටෝව විසින් නැගෙනහිර යුරෝපා රටවල් 14 ක්  බඳවා ගත් බව යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාව විසින් පැමිණිලි කරන ලදී. එය ඇත්තකි.නමුත් යුද්ධය ආරම්භවීමෙන් පසුව 2023 දී පින්ලන්තයද  2024 දී ස්වීඩනය ද නේටෝවට ඇතුළත් විය.

පසුගියදා ට්‍රම්ප්, වාන්ස් සහ සෙලෙන්ස්කි අතර වූ සාකච්ඡාවේදී සෙලෙන්ස්කි හේ හැසිරීම සම්බන්ධව විවිධ විවේචන ඔහු වෙත එල්ල වෙමින් පවතී. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නොවුන බව ඇත්තකි. ඔහුගේ ප්‍රවේශය ම වැරදිය. ශරීර භාෂාවද වැරදිය. ඔහු සිටියේ අත් බැඳ ගෙනය. ඔහුගේ සීමාව ඔහු විසින් දැනගත යුතුව තිබුණි. නමුත් ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රික ද? මෙවැනි සාකච්ඡාවක් මෙලෙස විවෘතව පැවැත්වුයේ ඇයි?

සෙලෙන්ස්කිගේ ඇඳුම ගැන කීමට ඇත්තේ ඔහු ඇමෙරිකන් කොන්ග්‍රසය අමතන විට ඇඳ සිටියේද මේ ඇඳුමම බවයි.

ට්‍රම්ප් හෝ  බයිඩන් හෝ ඇමරිකාව නොවේ. ඇමරිකාව ඊට වඩා විශාලය. ඇමරිකාව විසින් පොළඹවනු ලැබ යුද්ධයකට පැටලුන යුක්රේනය මෙලෙස අතරමං කිරීමට මාර්ග සිතියම සකස් කිරීම ඇමරිකාවට කල හැකිද? එය රාජ්‍ය තාන්ත්‍රික භාවයද?

බයිඩන් ගේ සමයේදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් ඔබාමා යුගයේදී ඇතිකරගත් න්‍යෂ්ටික අවි පිලිබඳ ගිවිසුමෙන් ට්‍රම්ප් ගේ යුගයේදී ඇමෙරිකාව ඉවත්වීම ගැන කියා සිටියේ ඇමරිකාව කිසිසේත් විශ්වාස කල නොහැකි බවයි. ඔහු ට්‍රම්ප් විශ්වාස කල නොහැකි යයි කීවේ නැත. ඇමෙරිකාව හෝ වෙනත් කිසිම රටක් හෝ මෙසේ කටයුතු නොකළ යුතුය. සෙලෙන්ස්කිටද ඇමෙරිකාවට කීමට ඇත්තේ එයයි.

යුක්රේන යුද්ධයේදී ඇමරිකාව යුරෝපයද ඒ සඳහා පෙළඹවිය. යුක්රේනය මතුනොව යුරෝපයද වර්තමාන තත්ත්වය නිසා බලවත් අර්බුදයකට යනු ඇත.  යුරෝපා නායකයෝ ලන්ඩනයේදී රැස්වී යුක්රේනයට සහය දෙන බව කියා ඇත. එමෙන්ම යුක්රේනය සමඟ එක්ව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සාම ගිවිසුමක් සකස් කරන බව කියා ඇත. එම ක්‍රියාව පිළිබඳව ධවල මන්දිරට සතුට ප්‍රකාශ කර ඇත.

වර්තමාන තත්ත්වය තුල සෙලෙන්ස්කි වැඩ වරද්දා ගත් බව නිගමනය කිරීමට ඉක්මන් නොවිය යුතු යයි සිතමි. මෙය ඊට වඩා බොහෝ සෙයින් බරපතල ප්‍රශ්නයකි. නැවත ප්‍රතිෂ්ඨාපනය නොකළහොත් මෙය බටහිර සන්ධානයේ බිඳ වැටීමයි. මෙහිදී  බොහෝ දෙනෙකුට වැඩ වරදිනු ඇත. මෙහි ජයග්‍රාහකයා බොහෝ විට චීනය වනු ඇත.

යුක්රේනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල විදේශ සම්බන්ධතා පිළිබඳව අප බොහෝ දෙනෙක් අනුදත් ප්‍රවේශය වන්නේ නොබැඳි ප්‍රතිපත්තියයි.  ශ්‍රී ලංකාව විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිනිය ගේ යුගයේ කටයුතු කර ඇත්තේ මේ ආකාරයටයි. ජේ ආර් ජයවර්ධන යුගයේ බටහිරට පක්ෂවීම  හෝ පක්ෂ වෙතැයි එවකට බටහිරට එරෙහි ඉන්දියාව විසින් සිතා ගැනීම නිසා හෝ යුක්රේනය මුහුණ දුන් තත්ත්වයට ආසන්න තත්ත්වයකට ශ්‍රී ලංකාවට  මුහුණ දීමට සිදුවිය. ඒ අවස්ථාවේදී අප බේරුනේ ජේ ආර් විසින් මුළු රටම එරෙහි වෙද්දී ඉන්දියාව සමඟ සාම ගිවිසුම අත්සන් කිරීම නිසාය.

මේ සම්බන්ධයෙන් අප රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය විමසා බැලිය යුතුය. ඔහු ඉදිරිපත් කරන්නේ නොබැඳි ප්‍රතිපත්තිය නොවේ ශ්‍රී ලංකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. ඔහු පක්ෂ ඉන්දියාවට ද නැතිනම් චීනයට දැයි ඇසූ ප්‍රශ්ණය කදී ඔහු තමන් ශ්‍රී ලංකාවට පක්ෂ බව කියා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන්නේ ද ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. දීර්ඝ කාලීනව ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි ඇමරිකන් ජනාධිපතිවරු අවධානය යොමු කළ අතර ට්‍රම්ප් කෙටි කාලින වාසි කෙරෙහි අවධානය යොමු කරයි. මක්නිසාද යත් අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය ඉක්මනින් අඩු කර ගත යුතු නිසාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට දුන් යුද ආධාර වලට හිලව්වට එහි ඇති ඛනිජ සම්පත් වල අයිතිය ඉල්ලා සිටියේය. ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඇමෙරිකාව විසින් යුක්රේනයට දී ඇති පොරොන්දු සහ එකඟතා සැලකිල්ලට ගන්නේ නැත.

ඉන්දියාවේ පසුගියදා පැවති සම්මේලනයේදී චීන නැව් පර්යේෂණ සඳහා පැමිණීම පිළිබඳව රනිල් ගෙන්  ප්‍රශ්නයක් අසනු ලැබිය. ප්‍රශ්ණකාරිය ගේ සැලකිල්ල යොමුවූයේ එම නැව් නිසා ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. රනිල් කියා සිටියේ එම නැව් පැමිණීම තමන් තාවකාලිකව නැවැත්වූ බවත් තම මුහුදු සීමාවේ පර්යේෂණ කරන්නේ නම් තම රටට යම් මුදලක් ලැබිය යුතු බවත් ඒ සඳහා නීති  සම්පාදනයට කටයුතු කල බවත්ය. මේ ප්‍රවේශය ට්‍රම්ප් ගේ ප්‍රවේශයයි. එය නොබැඳි ප්‍රවේශය ඉක්මවා යන්නකි.

එම සාකච්ඡාවේදීම ඉන්දියාව සහ චීනය අතර වන ගැටුම් කාරී තත්ත්වය තුල ශ්‍රී ලංකාව වාසි ලබාගන්නා බව ප්‍රශ්ණ කරුවෙන් කීය. එකවිට QUOD (මෙය චීනයට එරෙහි සංවිධානයකි. ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සාමාජිකයන්ය.) සහ  BRICS (මෙය නැගී එන ආර්ථික බලයක් සහිත රටවල් සඳහා වන කණ්ඩායමක් වන අතර ප්‍රධාන රටවල් වන්නේ  බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය, සහ දකුණු අප්‍රිකාවයි.) සංවිධාන වල සාමාජිකයකු වන ඉන්දියාව චීනය සමඟ ගැටුමකට නොයනු ඇති බවත් ඔවුන්ට ඔවුන්ගේ ගේම් එක ගැසිය හැකි අතර අපි අපගේ ගේම් එක ගසන බවත්ය. මේ ගේම් එක නොබැඳි ප්‍රතිපත්තිය නොවේ සමහර විට එය අවස්ථා වාදී විය හැක.

වර්ෂ 2024 ජනවාරි මස රනිල්  ජනාධිපති ව සිටි යුගයේදී නොබැඳි සමුළුව අමතමින් පලස්තීන රාජ්‍යය වසර පහක් ඇතුලත පිහිටුවීම සඳහා නොබැඳි සමුළුව කටයුතු කළ යුතු බව කීය. පසුව ඔහු රතු මුහුදේ ක්‍රියාත්මක වන හුතී කැරලි කරුවන්ට එරෙහිව ඇමරිකානු නාවුක හමුදාව සමඟ කටයුතු කළේය. ඒ පිලිබඳ ප්‍රශ්ණ කල විට ඔහු කීවේ හුතී කැරලිකරුවන්ගේ ක්‍රියා නිසා යුරෝපයට සහ ඇමෙරිකාවට යන ලංකාවේ අපනයන වලට වැඩිපුර නාවුක ගාස්තු ගෙවීමට සිදුවන නිසා ඔවුන් මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. මෙය පලස්තීනයට එරෙහි වීම නොවේ. ඊශ්රාලයට පක්ෂවීමද නොවේ. නොබැඳි ප්‍රතිපත්තියද  නොවේ. ශ්‍රී ලංකාවට පක්ෂ වීමයි. 

එමෙන්ම යුක්රේන යුද්ධය පටන්ගත් යුගයේදී රනිල් කියා සිටියේ (එවකට ඔහු බලයේ නොසිටියේය) සෙලෙන්ස්කි යුක්රේනයට පක්ෂ නොවූ බවයි. ඔහු ඒ අවස්ථාවේදී බටහිර විවේචනය කළේය. (ඔහු බටහිර ගැත්තෙකැ යි චෝදනා තිබේ. ) එමෙන්ම රුසියාවට පක්ෂව කථා කළේය. චීනය සහ ඉන්දියාව උදාහරණ ලෙස පෙන්වමින් ආසියාව මේ අවස්ථාවේදී ස්වාධීනව සිටින බවත් පැත්තක් නොගන්නා බවත් කීය. යම් හෙයකින් රනිල් ඒ අවස්ථාවේදී යුක්රේනයේ බලයේ සිටියේ නම් මුළු රටම විරුද්ධ වෙද්දී ජේ ආර් ඉන්දියන් ගිවිසුම අත්සන් කලාක් මෙන් තමන් නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් රුසියාවට දෙනු ඇත. මෙවැනි තීරණාත්මක අවස්ථා වලදී සාමාන්‍යයෙන් මුග්ධ ඊනියා ජනමතය නොසලකා හැරිය යුතුය.

කුඩා රටක් රනිල් පන්නයේ විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ නම් එම රටේ රාජ්‍ය නායකයා අතිශයින්ම විචක්ෂණ පුද්ගලයකු විය යුතුය. මක්නිසාද යත් එය කඹයක ගමන් කිරීම වැනි දෙයක් නිසාය. සෙලෙන්ස්කිට එම විචක්ෂණ භාවය නැත. ට්‍රම්ප් ට එම විචක්ෂණ භාවය තිබේදැයි නුදුරු අනාගතයේදී ඔහු විසින් පෙන්නුම් කරනු ඇත.

Published in Colombo Telegraph and Anidda on March 6, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-6-march-2025/