Friday, April 18, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

මීට දින කීපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියු ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇතඒවා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර රටවල් ඇමෙරිකාව සමඟ කරන වෙළෙඳාමේ දී අයුතු වාසි ලබන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කළේයඔහු ජනාධිපතිවූ පසුව චීනයට එරෙහිව තීරුබදු ආයුධයක් ලෙස පාවිච්චි කළේයඑයට ප්‍රතිචාර ලෙස චීනය  ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා විශේෂයෙන්ම ට්‍රම්ප් ට ඡන්දය දුන් පිරිසක් වන එරට ගොවීන් ඉලක්ක කරමින් තීරුබදු පනවන ලදීපසුව මෙය වෙළෙඳ යුද්ධයක් විය.

ඇමෙරිකාවේ චීනය ට එරෙහි චෝදනාවක් වන්නේ චීනය ඔවුන්ගේ මූල්‍ය ඒකකය නියමිත අගයට වඩා අඩු අගයක පවත්වා ගැනීම මගින් චීන අපනයන භාණ්ඩ වලට වාසි සහගත තත්ත්වයක් අත් කර ගන්නා බවයිබරක් ඔබාමා ඇමෙරිකානු ජනාධිපති වූ යුගයේ ඔහු චීනය හැර පැසිපික් සාගරය අවට ඇති රටවල් සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කළේයමෙයට එක හේතුවක් වූයේ චීනයෙන් ඇමෙරිකාවට එන භාණ්ඩ අවම කිරීමයිවර්ෂ 2016 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල හිලරි ක්ලින්ටන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ගිවිසුම විචේචනය කළ අතර ට්‍රම්ප් ජනාධිපති වූ පසුව ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් විය.

ජෝ බයිඩන් වර්ෂ 2021 දී ඇමරිකන් ජනාධිපති වූ පසුව ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද බදු ඉවත් නොකළ අතර ඔහු එකවිට රුසියාව සහ චීනය සමඟ ආරවුලකට ගියේයරුසියාව සම්බන්ධයෙන්  යුක්රේන් යුද්ධය ආරම්භ  වූ අතර චීනය සම්බන්ධයෙන් වෙළෙඳ ආරවුල දිගටම පවත්වා ගෙන යන ලදී.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රධාන ඉලක්කය ඇමෙරිකාවේ අයවැය හිඟය සහ වෙළෙඳ හිඟය අවම කිරීමයිබොහෝ කලක් සිට පැවතෙන මෙම ද්විත්ව හිඟය නිසා ඇමෙරිකන් ආර්ථිකය අර්බුදයකට පත් නොවූයේ ඇමෙරිකන් මුදල් ඒකකය වන ඩොලරය ලෝකය පුරා සංචිත මුදල් ඒකකයක් ලෙස භාවිතා කිරීම නිසායද්වි පාර්ශ්වික වෙළෙඳාමෙන් ඇමෙරිකාවට වෙළෙඳ අවාසියක් සිදුවන විට අනෙක් රටට වෙළෙඳ වාසියක් සිදුවේවාසි සහගත වෙළෙඳ ශේෂයක් ඇති රටවල් එම අමතර ඩොලර් ඔවුන්ගේ රටවල් තුළට ගතහොත් එම රටවල අපනයන වෙළෙඳාමේ තරඟකාරීත්වය අඩු විය හැකි බැවින් එම අමතර ඩොලර් ඒ රටවල් විසින් ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම් කර වල ආයෝජනය කරන ලදීඇමෙරිකානු බැඳුම්කර වල ආයෝජනය කර ඇති රටවල් ප්‍රධාන වශයෙන් ජපානය ( ඩොලර් ට්‍රිලියන 1.1) චීනය (ඩොලර් බිලියන 749) සහ බ්‍රිතාන්‍යය (ඩොලර් බිලියන 690) වේ.

එබැවින් ඇමරිකාවේ ජංගම ගිණුම ඍන අගයක් ගත්තත් ප්‍රාග්ධන ගිනුම ධන අගයකිඑනම් වාසි සහගත එකකිඑයට අමතරව ඇමෙරිකාවට සිය මුදල් සැපයුම වැඩි කිරීම හෙවත් ඩොලර් අච්චු ගැසීම සිය රටේ උද්ධමනයට බලපෑමක් නොමැතිව කළ හැකිය . එසේ වන්නේ එය ලොව පුරා භාවිතා වන බැවිනි.

වර්ෂ 2024 දී ඇමරිකන් අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.83 කිජාතික ණය ඩොලර් ට්‍රිලියන 35.5 කිජංගම ගිණුමේ ශේෂය ඩොලර් ට්‍රිලියන 1.13 කිපසුගිය කාලය පුරා මෙම ශේෂයන් අනුක්‍රමයෙන් ඉහල ගිය අතර එය ඩොලරයේ ස්ථාවරත්වයට තර්ජනයක් බවද හඳුනාගන්නා ලදීඑබැවින් ට්‍රම්ප් මෙම හිඟයන් අවම කිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කළ  යුත්තකි.

ඇමෙරිකන් අයවැය හිඟය අවම කිරීමට ට්‍රම්ප් විසින් ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදීඅමෙරිකාවේද රජය විශාල සේවා යෝජකයෙකිඑබැවින් රජය කුඩා කිරීමට ඔහු පියවර ගැනීමට බලාපොරොත්තුවේඇමෙරිකන් මුදල් විශාල ලෙස වැය වුන යුක්රේන යුද්ධය නැවැත්වීමට ඔහු රුසියාව සමඟ සාකච්ඡා කරයිහිටපු ජනාධිපති කෙනඩි විසින් සිතල යුද්ධ සමයේ ලොව පුරා  රටවලට මෘදු බලයක් පාවිච්චි කිරීමට යොදාගත් USAID සංවිධානයේ  කටයුතු අත්හිටවීමට තීරණය කර ඇතමේ නිසා ඇමරිකන් ආණ්ඩුවට මුදල් ඉතිරි කිරීමට හැකි වුවත් මෘදු බලය අහිමි වනු ඇතපැරිස් සම්මුතියෙන් ඉවත් වීම ඇමෙරිකාවේ ඇති තෙල් නිධි හෑරීමට අවස්ථාව සලසා ගැනීමකි.

පසුගිය දශක ගණනාව තුළ ඇමෙරිකානුවන් නිෂ්පාදනය සහ අපනයනය අතහැර පරිභෝජනය වැළඳ ගනිමින් සිටිතිවර්ෂ 1970 දී ඇමෙරිකාවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයආදායම සහ සපයන ලද රැකියා ප්‍රමාණය අනුව ප්‍රධාන සමාගම් වූයේ ජෙනරල් මෝටර්ස්එක්සෝන් මොබිල් සහ ෆෝඩ් මෝටර් යන සමාගම් තුනයිමේවා නිෂ්පාදන සමාගම්යදැනට රැකියා ප්‍රමාණය අතින් වෝල්මාර්ට්ඇමසන් සහ හෝම් ඩිපෝ යන සමාගම් ඉදිරියෙන් සිටීමේවා පරිභෝජන සමාගම් යආදායම අතින් වෝල්මාර්ට්ඇමසන් සහ ඇපල් සමාගම් ඉදිරියෙන් සිටිවෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සම්බන්ධයෙන්  ඉදිරියෙන් සිටින්නේ ඇපල්මයික්‍රොසොෆ්ට් සහ එන්විඩියා  (NVIDIA) සමාගම්යමේ සමාගම් තුනේ නිෂ්පාදන බොහොමයක් විදේශයන්හි කෙරේඒවායේ සමහර නිෂ්පාදන ඇමෙරිකාවට ආනයනය කරනවා විය හැක.

නිෂ්පාදනය ඇමෙරිකාවෙන් ඉවත්වන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදන වියදම අනෙක් රටවලට සාපේක්ෂව වැඩි නිසායඑසේ වන්නේ ඇමෙරිකාවේ ජිවන තත්ත්වය අනෙක් රටවලට වඩා වැඩි නිසායතීරුබදු වැඩි කිරීම හරහා කෘත්‍රිම ලෙස අනෙක් රටවලට සාපේක්ෂව නිෂ්පාදන වියදම අඩු කිරීම මූලික ආර්ථික සිද්ධාන්ත වලට පටහැනියඑය ඇමරිකන් ආර්ථිකය කාලය හරහා ආපසු ගමන් කිරීමට සැලැස්වීමකිඇමෙරිකාව විසින් කළ යුත්තේ නවෝත්පාදන හරහා අපනයන වැඩි කිරීමයිඇමරිකානු සමාගම්  එය කරමින් සිටිට්‍රම්ප් පරිපාලනය විසින් ගත්  පියවර සියලු දෙනාටම පරාජය ගෙන එන්නකිඇමරිකන් ආර්ථිකය නැවත නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත්කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ නම් එය ක්‍රියාත්මක නොකළ හැකි හුදු ප්‍රර්ථනා සහගත චින්තනයක් පමණක් වනු ඇත.

මෙම පියවරට එරෙහිව මහජන විරෝධතා දැනටමත් ඇතිවෙමින් තිබේ.මක්නිසාද යත් ආනයනික භාණ්ඩ වල මිල ඉහල යාම නිසා ඇමරිකන් පාරිභෝගිකයන්ට ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවන නිසාය.ලොව පුරා කොටස් වෙළෙඳ පොළ කඩා වැටෙමින් තිබේවැඩිවන තීරුබදු වලින් ලැබෙන මුදල් පාවිච්චි කර ඇමෙරිකාවේ පුද්ගල ආදායම් බද්ද අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙයිමෙයින් අදහස් කරන්නේ ඍජු බදු අඩු වීම සහ වක්‍ර බදු වැඩි වීමයිඑනම් තමන්ට ගෙවිය හැකි  බද්දකින් පිරිසක්  නිදහස් වන අතර ගෙවිය හැකි නොහැකි සියල්ලන්ම යම්  බද්දකට යටත් වීමයි.

ට්‍රම්ප් විසින් තීරුබදු සඳහා ඉදිරිපත් කරන ලද සූත්‍රය විකාර සහගත එකකිඔහුගේ කථාවේදී අන්‍යෝන්‍ය බදු ගැන සඳහන් කළත් එවැන්නක් සුත්‍රයේ නැතසරල කරන ලද සුත්‍රය පහත දැක්වේ.

ඇමෙරිකාව සමඟ වෙළෙද අවාසියක් පවත්වා ගෙන යන රටවල් ද තිබේඒ අනුව එම රටවල් සමඟ කෙරෙන වෙළෙඳාම ඇමෙරිකාවට වාසි සහගතයවෙළඳ වාසිය සහිත සමහර රටවල් වන්නේ යුරෝපා සංගමයේ සාමාජික රටක් වූ නෙදර්ලන්තය  (ඩොලර් බිලියන 55) හොංකොං (ඩොලර් බිලියන 21.9), ඔස්ට්‍රේලියාව (ඩොලර් බිලියන 14.9) සහ බ්‍රිතාන්‍යය ( ඩොලර් බිලියන 11.9) වේට්‍රම්ප් 10% ක තීරුබද්දක් ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය මත පැනවූ අතර යුරෝපා සංගමය මත 20% ක බද්දක් පැනවියමේ අනුව නෙදර්ලන්තයට 20% ක බද්දක් ගෙවිය යුතුවේඑබැවින් මෙම සුත්‍රයේ කිසිම තාර්කිකතාවයක් නැතට්‍රම්ප් සමහරවිට මේ සියල්ල ඉවත් කරගත හැකනැතහොත් සමහර සංශෝධන කළ හැකඑසේ නැතහොත් ඇමෙරිකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් සමඟ අන්‍යෝන්‍ය තීරුබදු අනුප්‍රමාන සමාන මට්ටමකට ගෙන ආ හැක.

සමහර විට මෙම නාටකයේ අවසන් ඉලක්කය චීනය විය හැකපසුගිය වසරේ ඇමෙරිකන් මුළු  වෙළෙඳ හිඟයෙන් 29% ක් චීනය සමඟය, 17% ක් මැක්සිකෝව සමඟය 12% ක් වියට්නාමය සමඟයචීනයේ මුදල් ඒකකය අඩු අගයක පවත්වාගෙන යාම හේතුවෙන් චීන අපනයන ලාබ දායි වීම හරහා චීනය පොහොසත් වීම ඇමෙරිකාවට තිබුන දීර්ඝ කාලින ගැටලුවකි.මීට පෙර සාකච්ඡා කල පරිදි විවිධ ඇමෙරිකන් ජනාධිපතිවරු ඒ සම්බන්ධ  විවිධ තීරණ ගත්හමේ වෙළෙඳ යුද්ධයෙන් චීනය පැරදවීමට ඇමෙරිකාවට හැකි වුවහොත් අපනයනය මත පදනම් වූ චීනයේ ආර්ථික වර්ධන වේගය බොහෝසෙයින් අඩුවනු ඇතඒ අනුව ආර්ථික වශයෙන් ඇමෙරිකාව අතික්‍රමණය කිරීම චීනයට දුෂ්කර වනු ඇත.

මෙවැනි තත්ත්වයක් දශක ගණනාවකට පෙර ජපානය අත්  වින්දේයජපන් ආර්ථිකය කඩා වැටුනේ 1990 ගණන් වල දීයඑයට ප්‍රධාන හේතුව වූයේ යෙන් එක ශක්තිමත් වීම වැළැක්වීමට මහා බැංකුව විසින් පොලි අනුපාත අඩු කිරීම හේතුවෙන් ඉඩම් වල මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ආර්ථික බුබුලක් ඇතිවීමයිවර්ෂ 1980 මුල USD/YEN අනුපාතය 250 ක් පමණ වියඑහි තේරුම ජපන් අපනයන ලාබ දායි වීමයිබුබුල පිපිරුන පසු මහා බැංකුව පොලි අනුපාත වැඩි කළේයවර්ෂ 1995 දී යෙන් ඒකකය ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ අඩුම අගය 84 ක් වියඑනම් ජපන් අපනයන මිල අධික වීමයිඅපනයන මත රඳා පැවතුන ජපන් ආර්ථිකය පසු බැස්සේ ඒ අනුවය.

විනයේ අපනයන ගැන සලක බලන විට යුවානය මේ මට්ටමට දුර්වලව තිබීම විය නොහැක්කකිඅසාමාන්‍ය ලෙස යුවානය දුර්වල මට්ටමක තබා ගෙන සිටින  හේතුවෙන් සිය අපනයන වැඩි කර ගනිමින් සිටින චීනයටත් බලහත්කාරයෙන් ඇමෙරිකාව කරන්නට උත්සාහ කරන්නේ එවැන්නක් දඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව යුවානයේ අගය 1981 මාර්තු සිට 2024 ජූලි දක්වා පහත ප්‍රස්ථාරයේ දැක්වේ. (https://www.macrotrends.net/2575/us-dollar-yuan-exchange-rate-historical-chart)

මේ සඳහා ශ්‍රී ලංකාවට වන බලපෑම කුමක්දමෙරට ඇඟලුම් කර්මාන්තය පසුබෑමකට ලක් වනු ඇතමෙම කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ තරඟකරුවන් සියලු දෙනාම වැඩි කළ තීරුබදු වලට මුහුණ දී ඇතඑනමුත් වැඩිම බලපෑමක් ඇත්තේ ශ්‍රී ලංකාවටයිචීනය මෙන් ඇමෙරිකාවට ප්‍රති තීරුබදු පැනවීමේ හැකියාවක් අපට නැතශ්‍රී ලංකාවට කළ හැකි එක් දෙයක් වන්නේ ඇමෙරිකන් ආනයනික භාණ්ඩ වලට ඇති තීරුබදු අඩුකර ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමයිඑසේනම් අනෙකුත් රටවල් වලින් ආනයනික භාණ්ඩ සඳහා වන තීරුබදු ද අඩු කළ යුතුය

ආණ්ඩුව ආනයනික වාහන සඳහා අති විශාල බද්දක් පනවා ඇති අතර එහි මූලික අරමුණ වූයේ ආණ්ඩුවට ලැබෙන ආදායමයිමක්නිසාද යත් ආණ්ඩුවේ බදු අඩු කිරීම් සහ වියදම් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම ආදායමද සැලකිල්ලට ගෙන බැවිනිලියුම්කරු ද ඇතුළුව බොහෝ දෙනෙක් තනිකර බදු ඉලක්ක කර ගෙන වාහන ආනයනය සඳහා අවසර නොදිය යුතු යයි කීහ.

යම් හෙයකින් ට්‍රම්ප් මේ බදු සශෝධනය කරනවා නම් පළමුවෙන්ම ඔහු සංශෝධනය කළ යුත්තේ ඇමෙරිකාවට වෙළෙඳ වාසියක් සහිත රටවලට පැනවූ බදුයි.එසේ නොකර අපට අනුකම්පා කර අපේ බදු සංශෝධනය කිරීමේ හැකියවක් නැත.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් වන්නේ නිෂ්පාදන ආර්ථිකයකි.එයින් ගම්‍ය වන්නේ  ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය දේ මෙහිම නිෂ්පාදනය කර අතිරික්තය අපනයනය කිරීමයිමෙය ට්‍රම්ප් ගේද  දර්ශනයයිට්‍රම්ප් මෙවැනි කථා කියන විට මෙම දර්ශනය සහිත ලාංකිකයෝ උද්දාමයට පත්ව සිටියහලංකාවද දැන් පහල මැදි ආදායම් ලබන රටකිඇඟලුම් ක්ෂේත්‍රයේ බංග්ලාදේශයට ආයෝජන සඳහා ඉල්ලුමක් තිබුනේ ඔවුන්ගේ වැටුප් ශ්‍රී ලංකාවටද වඩා අඩු නිසායකෘෂිකාර්මික භාණ්ඩ මෙරට නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරනවාට වඩා වැඩි මිලක් යන්නේ නම් ඒවා ඉන්දියාවෙන් ආනයනය කළ යුතුයඑබැවින් අප ඉලක්ක කළ යුත්තේ භාණ්ඩ සහ සේවා අපනයන ආර්ථිකයකිනිෂ්පාදන ආර්ථිකයක් නොවේඑය මෙරට පරිභෝජනය ඉක්මවා ලෝක පරිභෝජනය ඉලක්ක කළ යුතුය.

කුඩා රටක් වන ශ්‍රී ලංකාවට ආනයනික තීරුබදු අඩුකර අනික් ගනුදෙනුකාර රටවල් වලින් අපේ භාණ්ඩ සඳහාද තීරුබදු අඩුකරන ලෙස ඉල්ලා සිටීම වාසි සහගත වේ.මක්නිසාද යත් මෙරට වෙළෙඳපොළ මිලියන 22ක් පමණක් වන අතර විදේශ වෙළෙඳ පොළ ඊටවඩා  බොහෝසෙයින් විශාල බැවිනිඑනමුත් මේ සඳහා ආක්‍රමණශීලී භාණ්ඩ සහ සේවා අපනයන ව්‍යාපාරිකයන් පිරිසක් අවශ්‍යයඑමෙන්ම මේ පියවර වලට අවහිර නොකරන අමුග්ධ ජනතාවක් අවශ්‍යය.

එමෙන්ම මෙරට බොහෝ පිරිසක් ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි වන අතර චීනයට හෝ රුසියාවට හෝ පක්ෂ වෙතිශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ලැබෙන්නේ ඇමෙරිකාවෙනිඑය මුළු අපනයන වලින් 23% කිඑවැනිම ප්‍රතිශතයක් යුරෝපා සංගමයට යවනු ලැබේඑබැවින් GSP+  සහනය දිගටම ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කල යුතුයඑමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එරෙහි මතවාදයට එරෙහිව  ඇතිකර ගත් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කළ යුතු අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹිය යුතුයප්‍රධාන වශයෙන් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ට්‍රම්ප් විසින් ද  ක්‍රියාත්මක කරන රාජ්‍යය කුඩා කිරීම සඳහා වන කාලයක් තිස්සේ අතපසු වෙමින් ආ ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කළ යුතුය.

ශ්‍රී ලංකාව බරපතල ගැටලුවක් අබියස සිටින අතර එයට මුහුණ දීම සඳහා සියලු දෙනාම එකතු විය යුතුයආර්ථික අර්බුදය සමයේ එවකට සිටි ජනාධිපතිවරයා විපක්ෂයේ සහය ඉල්ලා සිටි නමුත් අවශ්‍ය සහය ඔහුට නොලැබුණිදැන් විපක්ෂය සහාය දීමට සුදානම් බව පවසන මුත් පෙනෙන ආකාරයට ආණ්ඩුවේ ඒ ගැන කැමැත්තක් නැතසර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනාවක් අසන්නට ලැබුණිඑවැනි සාකච්ඡා වහාම පැවැත්විය යුතුය.

Published in Colombo Telegraph and Anidda on April 10, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-10-april-2025/


No comments:

Post a Comment