Wednesday, June 10, 2026

ජයදේව උයන්ගොඩගේ බව තරණ විචාරයට පසු වදනක්

 හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බව තරණය අරබයා ලියන ලද “නවකථාවක් පමණක් නොවන නවකථාවක් – බව තරණයේ යථාර්ථ රීතිය, දාර්ශනිකත්වය සහ සමාජ විමුක්තිකාමී යොමුව” නැමති කෘතිය ජනගත කිරීම පසුගිය මැයි 29 වන සිකුරාදා  ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවිය. මේ පොතෙහි අඩංගු කරුණු සහ මුල් බවතරණ කෘතිය පළ කළ කාල වකවානුවේදී ඇතිවූ විරෝධතා පිළිබඳව දෙසුම් දෙකක් මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ මහාචාර්ය නිර් මාල් රන්ජිත් දේවසිරි විසින් සිදු කරන ලදී. අනතුරුව පොතේ කතුවරයා විසින්ද පොත පිළිබඳව දේශණයක් පවත්වන ලදී. මම සෙනසුරාදා එක හුස්මට පොත කියැවූයෙමි. ඉරිදා උයන්ගොඩයන් හමුවී පොතේ යම් කරුණු සාකච්ඡා කළෙමි. මේ පොත පිළිබඳව යම් සටහනක් තැබීමේ අදහස මතුව ආවේ එම සාකච්ඡාවේ දිය.

ඔහු අපගේ ගම්වැසියෙකි. ඒ දෙආකරයකිනි. අපි කළුබෝවිල ග්‍රාම සේවා වසමේ නිවැසියෝ වෙමු. කාට ඡන්දය දුන්නත් ඡන්ද පොළේදී ඇතැම් විට හමුවෙමු. එමෙන්ම ඔහුගේ මුල් ගමද මගේ පියාගේ මුල්ගමද මාතර කඹුරුපිටිය ප්‍රදේශය වෙයි.

උයන්ගොඩයන් පුහුණු සාහිත්‍ය විචාරකයෙක් නොවේ. එබැවින් මෙහි කෙරෙන්නේ හුදු සාහිත්‍ය විචාරයක් නොවේ. පොතේ නමින්ම ගම්‍ය වන පරිදි එයට එහා ගිය පුළුල් විචාරයකි.

බව තරණය පොතේ ප්‍රධාන චරිත දෙකක් ඇතැයි උයන්ගොඩයන් කියයි. එක චරිතයක් සිදුහත් ගේ සහ බුදුන්ගේය. අනෙක් චරිතය පොදු ජනතාවගේය. බවතරණයේ විවිධ තැන් වල පොදු ජනතාව යන වචනය සඳහන් වන අතර සිදුහත් කුමරු ගේ සහ බුදුන් වහන්සේ ගේ චරිත වික්‍රමසිංහයන් විසින් නිරූපනය කර ඇත්තේ පොදු ජනතාවගේ දුක් කම්කටොලු වලට සංවේදී වූ චරිත වශයෙනි.

අවුරුදු තිස් පහකට පමණ පෙර රුපියල් 48 කට බව තරණය මිලදී ගෙන එය කියැවූ මට කරුණු දෙකක් නිසා සන්තෝෂයක් උපනි. එයින් එකක් වූයේ සිදුහත් කුමරු සිය බිරිඳටත් පිය රජුටත් නොදන්වා ගිහි ගෙය හැර ගියහයි සම්මතයේ එන කථාව වික්‍රමසිංහයන් විසින් වෙනස් කර තිබීමයි. බව තරණයට අනුව සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ යශෝධරා ගේ අනුදැනුම සහිතවයි. 10 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ, “එළිය වැටෙන්ට පෙර යහනින් නැගුනු සිදුහත් මුහුණ කට සෝදා මාළිගාවෙන් නික්මෙන්ට සුදානම් විය. සිදුහත් වලට යන බව දන සිටි යශෝධරා කලින් නැගී ඔහුට වුවමනා සියලු දේ සම්පාදනය කළාය.” මේ සන්තෝෂය සරච්චන්ද්‍රයන් ගේ මනමේ නාටකයේ මනමේ කුමරිය සම්බන්ධයෙන් ඔහු දුන් නව අර්ථ කථනය දැකීමෙන් ලත් සන්තෝෂය ට සමානයි.

සන්තෝෂයක් උපන් අනෙක් කරුණ නම් අපගේ සාහිත්‍යයේ දේවත්වයට පිරිහෙළා තිබූ බුද්ධ චරිතය බවතරණයේ නැවත මනුෂ්‍යත්වයට නංවා තිබීමයි. මහා පරිනිබ්බාන සුත්‍රයේ පාඨ උපුටා දක්වමින් මහගමසේකර ප්‍රබුද්ධ රචනා කළේ ඊට පසුවයි.

බව තරණය පිටවූ පසු එය බරපතල ලෙස විවේචනය කරමින් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් පොත් තුනක් ලියන ලදී. එකල එම පොත් මම කියැවීමි. එම පොත් දැනට මා සතුව නැත. පසුගිය දිනෙක පොතක් සෙවීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ගිය විට ඒවා දැනට මුද්‍රණයේද නැති බව දන ගතිමි.

මට මතක හැටියට බව තරණයට එරෙහිව කළ ප්‍රබලම විවේචනය එය විය. අනෙක් ඒවා හුදු විරෝධතා පමණක් විය. එහි නගා තිබු එක් කරුණක් මේ ලිපියේ ඉදිරියට නැවත මතු කරමි. මේ පොත් තමා පරිශීලනය කළ බවත් ඒවායේ අඩංගු කරුණු සිය පොතේ විෂය පථයට ඇතුළත් නොවූ බැවින් ඒවා පොතේ සාකච්ඡා නොකළ බවත් උයන්ගොඩයන් මා සමග කීය.

උයන්ගොඩයන් ගේ පොත බවතරණය පිළිබඳව අප මෙතෙක් සාකච්ඡා නොකළ මානයකට අප රැගෙන යයි. ඔහු පොතේ හැඳින්වීමේ දී කියන පරිදි “මේ රචනයෙන් සිදුවන්නේ බව තරණය නවකථාව සහ ඒ තුළින් ප්‍රකාශ වන කතුවරයාගේ ලෝක දෘෂ්ටිය ඔහුගේම පරිකල්පන රාමුව ඇතුළත සිටගෙන තේරුම් ගැනීමේත්, අගය, විචාරණය සහ අර් ථ කථනය කිරීමේත් උත්සාහයකි. ඒ අතර මෙම රචනයෙහි වැඩි අවධානය යොමු වන්නේ, බව තරණය නවකථාවක් පමණක් නොවීම යන ගති ලක්ෂණය පැහැදිලි කර ගැනීමටය.”

මේ කෙටි ලිපියේ මා අවධානය යොමු කරන්නේ ඉහත දෙවන කාරණයට සහ බුදු දහමේ කේන්ද්‍රීය කරුණු වන නිවන, කර් මය සහ පුනර් භවය පිලිබඳ වික්‍රමසිංහයන් බව තරණයේ මතුකළ අදහස් ඉස්මතු කිරීමටයි.

“බව තරණය කතුවරයා වූ මාර් ටින් වික්‍රමසිංහ තම නවකථාව තුළින් නිර් මානය කර ඇති බුදුන්වහන්සේ වූ කලි අධ්‍යාත්මික සහ ලෞකික යන අර්ථ දෙකින්ම ‘විප්ලවකරුවෙකි.’ එම විප්ලවියත්ව භාවිතයෙහි සහ දර්ශනයෙහි ලෞකික හරය වන්නේ සමාජ සමානාත්මතාවයයි.”

උයන්ගොඩයන් සඳහන් කරන්නේ වික්‍රමසිංහයන් බව තරණය නවකථාවෙන් මතුකළ සමාජ සමානාත්මතා සහ සමාජ විසම්මුතිවාදී ප්‍රවේශය වෙතින් බෞද්ධ දර ශණය අර්ථ කථනය කිරීමේ ප්‍රයත්නය ගුණපාල මලලසේකර සහ කේ එන් ජයතිලක යන විද්වතුන් ගේ බුදු දහම සහ ජාති ප්‍රශ්නය නම් කෘතියෙන් හැර වෙනත් කෘතියකින් මතු නොවූ බවයි. එමෙන්ම සමාජ සමානාත්මතාව පිලිබඳ බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් පිලිබඳ ප්‍රබල කතිකාවක් සිංහල බෞද්ධ සමාජයෙහි මතු නොවීම, නුතන ලංකාවේ සමාජීය සහ බුද්ධිමය පරිවර් තන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මතුවන ප්‍රහේලිකාවක් බවද ඔහු සඳහන් කරයි. සියම් නිකාය විසින් වෙනත් කුල වල සාමාජිකයන් මහණ කිරීම අත්හිටවීම නිසා 19 වන සියවසේ මුල අමරපුර නිකාය ආරම්භ වීම උඩරට ගොවිගම රදල ආධිපත්‍යයට එරෙහිව නැගුනු කැරැල්ලකැයි ඔහු කියයි. මෙම සංස්කෘතික විඥානය මෙරට මහජන පරිමණ්ඩලය තුළ පුද්ගලික සහ මහජන පරිමණ්ඩල දෙක අතරමැද අළු පැහැති එනම් අඳුරු අවකාශයට සීමාවී ඇත. මේ අනුව වික්‍රමසිංහයන් සිදුහත් චරිතය ගොඩනගා ඇත්තේ ලාංකික බෞද්ධ සමාජයට තම හෘදය සාක්ෂිය ස්වයං පරීක්ෂණයකට ලක්කර ගැනීමට ආරාධනය කිරීමේ පණිවුඩයද සන්නිවේදනය කරමින් බව උයන්ගොඩයන් කියයි.

කතුවරයාගේ නිරීක්ෂණය වන්නේ වික්‍රමසිංහයන් සිය නවකථාවෙන් ගොඩනැගූ මුල් බුදු දහමේ තිබුණ සමාජ සමානත්මතාවාදී සහ සමාජ විමුක්තිවාදී දැක්ම නූතන බෞද්ධ සමාජ වලට ඇති අදාලත්වය පිලිබඳ තර්කය ඉදිරියට ගෙන යාමේ අරමුණ සහිත සමාජ ව්‍යාපාරයක මතුවීමට ප්‍රමාණවත් ආවේගයක් සැපයීමට බවතරණය වෙනුවෙන් පෙනීසිටි ප්‍රගතිශීලි බුද්ධිමතුන්ට උවමනා වූයේ නැති බවයි. වික්‍රමසිංහයන් එය නොකළේ ඔහු සමාජ ක්‍රියාකාරිකයකු නොවුන නිසා බවද කතුවරයා කියයි.

අනගාරික ධර්මපාල තුමා බුදුන් ගේ පණිවිඩය ලෝකයට ගෙනයාමේ ප්‍රමුඛ කාර් යයක් කළ නමුත් සමාජ සමානත්මවාදී පණිවුඩය පිළිබඳව ඔහු උනන්දු වුයේ නැති බවත් ඒ කාර් යය ඔහුගෙන් පවරා ගත්තේ දකුණු ඉන්දීය බෞද්ධයන් වන ඉයෝති දාස්, ලක්ෂ්මි නරාසු සහ සින්ගාරවේලු බවත් කතුවරයා සඳහන් කරයි. එබැවින් බවතරණය පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිටට සහ දකුණු ආසියාවට රැගෙන යා යුතු බව උයන්ගොඩයන් කියයි. බවතරණය නුදුරේදීම ඉංග්‍රීසියට පරිවර්තනය වන බව සම්මන්ත්‍රණයේදී ඔහු කීය.

මෙය දාර්ශනික නවකතාවක් බව උයන්ගොඩයන් විසින් සඳහන් කර ඇත. එයට හේතුවන එමෙන්ම බව තරණයේ ඇති මතභේදකාරී වන යම් කරුණු පහත දැක්වේ.

බවතරණයේ 16 වන පරිච්ඡේදයේ බුදුන් සමග සැරියුත් තෙරුන් කරන සාකච්ඡාවක් තිබේ. එහි මෙසේ සඳහන්ය. “කුසල් අකුසල් වල පල විදින්නේ මනුෂ්‍යයා පමණයි.අනික් සතුන්ට කුසලාකුසල විඥානයක් නැත. එහෙයින් කුසලාකුසල පල විඳින පුනර් භවයක් ඔවුන්ට නැත….මනුෂ්‍යයා භවයෙන් භවයට යන්නේ ඉඳුරු වෙනස් සැටියෙනි. ඔහුට කුසලාකුසල විඥානයක් ඇත. විඥාන ධාතුව ශුක්‍ර ශ්‍රෝණිත වල ඇත. ශුක්‍ර ශ්‍රෝණිත එක්වීමෙන් වැඩි බිහිවන දරුවා මව් පියන්ගේ කුසලාකුසල ක්‍රියා අනුව විපාක විඳියි…කුඩා දරුවන් විදින්නේ මව් පියන්ගේ කුසලාකුසල ක්‍රියා වල පල යි. ඒ පලයන්ට වාහකයන් වන්නේ සංඛාර කර් ම පදාර් ථයි. ඒ පදාර් ථ මව් පියන්ගේ ශුක්‍ර ශ්‍රෝණිත වල ඇත. සංස්කාර කර් ම හා කුසලාකුසල විඥානය ද නිසාය මනුෂ්‍යයාගේ පුනර් භවය. ජීවාත්මයක් ඇත්නම් පමණි මනුෂ්‍යයා පුනරුප්පත්තියක් ලබන්නේ. …..ජීවාත්මයක් නැති නිසා මනුෂ්‍යයාට හිමි වන්නේ පුනර් භවයයි.”

14 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. “ජීවාත්මය පිලිබඳ සංකල්පය ඉඳුරා සිතින් බැහැර කොට කෙලෙසුන් තවන්නෝ දෙවිදියකින් විමුක්තිය ලබති. ඒ විමුක්තිය සද්ධා විමුක්තිය , ප්‍රඥා විමුක්තිය යනු විසින් හැඳින්වෙයි. සද්ධා විමුක්තිය පුණ්‍ය චේතනාව වැඩීමෙන් ලැබිය යුත්තකි. ප්‍රඥා විමුක්තිය ධර් මය, පටිච්ච සමුප්පාදය,දර් සනය ඉගෙන බවුන් වැඩීමෙන් ලැබිය යුත්තකි. එය උගතුන්ට හා පින්සිත් ඇත්තන්ට උචිත විදර් ශනා මාර් ගයකි. ..සද්ධාව සහ පුණ්‍ය චේතනාව පිරිහෙන විට සද්ධා විමුක්තිය ලැබුවාහු විමුක්තියෙන් පිරිහෙයි. උපධිශේෂ නිර් වාණය සද්ධා විමුක්තිය ලබුවහුට පසක් කොට ගත නොහැකිය. උපධිශේෂ නිර් වාණය පසක් කොට ගන්නේ විදසුන් වඩා සමාධියට සමවදින්නා ය. (ලේඛකයාගේ සටහන – මෙය ප්‍රඥා විමුක්තිය විය යුතුය.)….ශ්‍රද්ධා විමුක්තිය ලබන්න නිවන පසක් කොට ගන්නේ භවයෙන් එතෙර වීමෙන් පසු නොහොත් මරණයෙන් පසුය.” “සද්ධා මහින් හෝ ප්‍රඥා මගින් හෝ ඉඳුරු දොරටු වසා ගන්නාට නිවන පසක් කොට ගත හැක්කේ මඳ වෙලාවකට පමණි……..ඇතැම් විටෙක ඔහුගේ පස්කම් ආසාව පිබිදෙයි. එවිට ඔහු සැනෙකින් සමාධියට සම වැදෙයි.”

රූපවාහිනිය නොමැති කාලයේ රේඩියෝවෙන් හේන්පිටගෙදර ඥානසිහ හිමියන් දෙසූ බණක් මගේ මතකයේ තිබේ. එහිමියන් කීවේ යම් අවස්ථාවලදී රහතුන් රහත් භාවයෙන් පිරිහිය හැකි බවයි. ඒ මතය වික්‍රමසිංහයන් ඉහත දක්වන මතය හා සමපාත වේ.

17 වන පරිච්ඡේදයේ බුදුන් යශෝධරාව හමුවීම පිලිබඳ පුවත මෙසේ දක්වා ඇත. යක්කඩුවේ හිමියන් විරුද්ධ වූහයි මට මතක කරුණ මෙයයි. “ඈ මුසපත් වූවක මෙන් බුදුන්ගේ දණිස් පහළ කකුල් ද අල්ලමින් සිඹින්නට වූවාය…සිදුහත් ලෙස යුද හරඹ දැක්වීමෙන් ජයගෙන යසෝධරාවගේ ප්‍රේමය හිමි කරගත් තැන් සිට රහල් කුමරුන් උපදින තෙක් ගත කළ ගිහි ජීවිතය පිලිබඳ තොරතුරු සිහිකරවන ගර් භාගාරයද එහි නොයෙක් සලකුණුද දුටු බුදුන් වහන්සේ ආවර්ජනයෙන් සමාධියට සම වැදුණෝ ය. මුහුණ පුරා මෙත් කරුණා පහන් බව පැතිරිණ. මේ වෙනස් වීම යශෝධරාවට වහා හැඟුනෙන් ඈ ප සිඹිම නවතා නැඟී බුදුන්ගේ මුහුණ බැලුවාය.”

යක්කඩුවේ හිමියන් මෙයට විරුද්ධ වූයේ මෙයින් බුදුන් කෙලෙස් ප්‍රහීන නොකළ බව හැඟෙන නිසාය. අනෙක් අතට වික්‍රමසිංහයන් ගේ අදහස වන්නට ඇත්තේ කෙලෙස් පහළ වීම ස්වභාවික වන අතර ඒවා ඒ ඒ අවස්ථාවේදී ප්‍රහීන කළ යුතු බවය. මෙය ඔහුගේ ඉහත දක්වන ලද අදහස් වලින්ද ගම්‍ය වේ.

අප විසින් කරුණු දෙකක් ඉටු කළ යුතුව ඇතැයි මම සිතමි. පළමුවැන්න ලිපියේ මුල් කොටසේ මතු කළ උයන්ගොඩයන් සඳහන් කළ කාරණය වන බව තරණයෙන් මතුකළ සමාජ විමුක්තිවාදී දැක්ම ඉදිරියට ගෙනයන සමාජ ව්‍යාපාරයක් ඇති කිරීමට හැකි හේතු සාධක විමසා බැලීමයි. දෙවැන්න වික්‍රමසිංහයන් පුනර්භවය සහ නිවන පිළිබඳව මතුකළ මතභේදකාරී කරුණු වලට පදනම්වූ මුලාශ්‍ර විමසීමයි. සම්මන්ත්‍රණය අවසානයේදී බවතරණයත් හර් මන් හෙස ගේ සිද්ධාර්ථ නවකතාවත් රජා රාඕ ගේ සර් පයා සහ කඹය පොතත් එකට ගෙන කියවිය යුතු යයි ද ඒ සඳහා ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ අසපුව සුදුසු යයි ද කතුවරයා යෝජනා කළේය.

මහාචාර් ය ජයදේව උයන්ගොඩ ගේ මේ පොත බවතරණයත් සමග බුදු සමය පිලිබඳ උනන්දුවක් දක්වන සියල්ලන් විසින්ම කියවිය යුතු යයි මම සිතමි.

Published in Colombo Telegraph on June 4, 2026

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-june-4-2026/

ආණ්ඩුවේ මංමුලාවූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති

 හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

වත්මන් රජය බලයට පැමිණීමට පෙර ජනතාවට ඒත්තු ගැන්වුයේ රාජ්යය මුල්ය අර්  බුදයකට මුහුණ පෑවේ පෙර සිටි පාලකයන් ගේ දුෂණ ක්රියා නිසා බවත් ඔවුන් බලයට පැමිණි පසු ඒවාට වගකිවයුතු අයට දඬුවම් කරන බවත් ය. පෙර මැතිවරණ ගණනාවකදී මෙන් මෙම දඬුවම් කිරීමට ඡන්දදායකයෝ මනාප වූහ.

රාජ්යය දුෂිතව තිබුන බව සත්යයකි. ඛේදවාචකය වන්නේ රාජ්‍යය අදටත් දුෂිත වීමය. දුෂණ වලට එරෙහිව ක්රියාකරන ප්රධාන ආයතනයක් වන පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානියා ජාතික ජන බලවේගයේ දේශපාලන ක්රියාධරයකු වූ අතර  අමාත්යංශයේ ලේකම් වරයාද එවැන්නෙකි. දුෂණය පිලිබඳ විමර්ශන කරන අනෙක් ආයතනය වන අල්ලස් හෝ දුෂණ විමර් ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වරයා හිටපු ජවිපෙ සාමාජිකයකු බවට එල්ලවූ චෝදනා වලට ඔහු සුදුසු පරිදි පිළිතුරු දුන්නේ නැත. සමහර පුද්ගලයන්ට එරෙහිව විමර් ශන  කෙරෙන බව පෙනෙන්නට නොමැත. එබැවින් පෙර  සිටි පාලකයන්ගේ දුෂිත ක්රියා පිලිබඳ වත්මන්  ආණ්ඩුව ක්රියා කරන්නේ තෝරාගත් පිරිසකට එරෙහිව බව පෙනෙන්නට තිබේ.

රාජ්යය මුල්ය අර්බුදයකට මුහුණ පෑ ප්රධාන හේතුව දුෂණය නොවේ. ප්රධාන හේතු ගණනාවකි. එකක් රාජ්යයේ දිගු කාලින අයවැය හිඟයයි. ලැබෙන ආදායම වියදමට ප්රමාණවත් නොවන නිසා දිගින් දිගටම ණය ගැනීමට සිදුවිය. අපනයන අනුක්රමයෙන් දල දේශීය නිෂ්පාදිතයට අනුරූපව අඩු වූ අතර වෙළෙඳ ශේෂය ද ජංගම ගිණුමේ හිඟය ද වැඩි විය. රාජ්ය ආයතන සතුව තිබු විදුලිය සහ ඉන්ධන වීකුනන ලද්දේ ගැනුම් මිලට වඩා අඩුවෙනි. හිඟය පියවන ලද්දේ රාජ්ය බැංකු වලින් ලබාදෙන ණය මගිනි. මේවාට අමතරව තිබු රාජ්ය ආයතන අතර පාඩු ලබන බොහෝ ආයතන තිබු අතර ඒ පාඩු දරන ලද්දේ රාජ්ය අයවැය මගිනි. රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම නිසා අඩු පොලි ණය ලබා ගැනීමේ අපහසු තත්ත්වයක් උද්ගත වූ අතර ලැබුණ ණය සඳහා ඇති කොන්දේසි පිළිපැදීමට රජය අකමැති වූ නිසා 2007 දී ජාත්යන්තර වෙළෙඳ පොළේ බැඳුම්කර විකිණීම මගින් ණය ලබා ගැනීමට රජය ක්රියා කළේය. මේ ණය වල පොලිය වැඩි වූ අතර ආපසු ගෙවන කාලය කෙටි විය. ණය සඳහා කොන්දේසි නැත. එමෙන්ම මෙම ණය වැඩි වශයෙන්ම යොදවන ලද්දේ ණයේ පොලියට වැඩ අඩු ප්රතිලාභ ලැබෙන ව්යාපෘති වලය. මෙම තත්ත්වය බරපතල ප්රතිවිපාක ඇති කරන ලදී.

2019  දී පත්වූ ආණ්ඩුව විසින් බදු විශාල වශයෙන් අඩු කරන ලද අතර රාජ්ය ආදායම අඩුවීම නිසා ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවිය. මේ නිසා ශ්රේණිගත කරන ආයතන විසින් ලංකාවේ ශ්රේණිය පහත දමන ලදී. කොවිඩ් පැමිණීම නිසා ආර්ථික වර්ධනය අඩාල විය. රාජ්යය විසින් දේශීය ණය කෙරෙහි වැඩි බරක් තබන ලද අතර මුදල් සැපයුම හෙවත් මුදල් අච්චු ගැසීම වැඩි කරන ලදී. මේ නිසා උද්ධමනය වැඩි විය. මේ අවස්ථාවේදී ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යාම රජය ප්රතික්ෂේප කළේය. රසායනික පොහොර ගෙන්වීමද  නවත්වන ලදී. මහ බැංකුව ඩොලරයේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කළ නිසා කළු කඩයේ ඩොලරයේ මිල වැඩි විය. ඒ නිසා නිත්යානුකුල ක්රම හරහා ඩොලර් ලැබීම අඩාල විය. ප්රතිඵලයක් වශයෙන් රජයට අත්යවශ්ය ආනයනික භාන්ඩ සඳහා ගෙවීමට ඩොලර් නැති විය.

පසුව ජාත්යන්තර මුල්ය අරමුදල සමඟ එකඟතාවක් ඇතිවූ අතර ඒ අනුව බදු ද එහි ප්රතිඵලයක් ලෙස රාජ්ය ආදායමද වැඩිවිය. විදුලිය සඳහාද ඉන්ධන සඳහාද මිල නියම වුයේ ගැනුම් මිල සහ වියදම අඩු කිරීමෙන් පසුවය. රාජ්ය වියදම් බොහෝ සෙයින් සිමා කරන ලදී. ඒ අනුව ප්රාථමික ගිණුමේ (ආදායමපොලි හැර වියදම ) අතිරික්තයක් ඇතිවිය. මුදල්  අච්චු ගැසීම නවත්වන ලදී. පොලි අනුපාත වැඩි කරන ලදී. උද්ධමනය අනුක්රමයෙන් අඩුවිය. ඒ අනුව පොලි අනුපාතද අනුක්රමයෙන් අඩු කරන ලදී. විනිමය අනුපාතය කෘත්රිමව තබා නොගන්නා ලදී. මේ අනුව වෙළෙඳ ශේෂයේ හිඟයක් තිබුණද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර් තා විය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට තිබුනේ මේ තත්ත්වයයි.

ඔවුන් බලයට පැමිණීමට පෙර මුල්ය අරමුදල සමඟ ඇති ගිවිසුම සංශෝධනය කරන බව කීවත් එසේ නොකරන ලදී. ඔවුන් කරන එකම දෙය ඒ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්රියාත්මක කිරීමයි. එය හොඳ දෙයකි.

ඒ අනුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වර් තමාන දත්ත මෙසේය. 2025 දී දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස රාජ්ය ආදායම 16.7% කි (IMFසමග එකඟවූ 14.9%) ; ප්රාථමික  ගිණුම  5.4% කි (IMFසමග එකඟවූ 2.3%) ;  අයවැය හිඟය -2.3% කි(IMFසමග එකඟවූ -5%) ; මධ්යම රජයේ ණය 91.6% (IMFසමග එකඟවූ 103.3%);  ආර්ථික වර් ධනය 5% කි (IMFසමග එකඟවූ 2.6% ); විදේශ ගිණුම් වල ජංගම ගිණුම අතිරික්තය 1.6% කි. රාජ්ය මූල්ය ස්ථාවරත්වය පැත්තෙන් මෙය ඉතා හොඳ තත්ත්වයකි. ප්රශ්නය වන්නේ එපමණක් සෑහේ ද යන්නයි.

මෙම තත්ත්වය එක්  අතකින් මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවන ධුර කාලයේ මුල් භාගය (2010-2012) සිහිපත්  කරවයි. ඒ යුගයේ මෙරට වැඩිම ආර්ථික වර් ධන වේගයක් විය. (8%-8.6%) යුද්ධයෙන් පසුව ඇතිවූ වර් ධනයට ප්රධාන වශයෙන් දායකත්වය සපයන ලද්දේ ඉදිකිරීම් ක්ෂේත්ර යයි. මෙය මුල්යනය කරන ලද්දේ ඉහළ පොලි අනුපාත සහිත ණය විසිනි. සමහර ඉදිකිරීම් වල ප්රතිලාභය ණය පොලියට වඩා අඩුවිය. එම යුගයේ අපනයන දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ඉතා අඩු අගයක් වාර්තා කළේය (19%-20%) රාජ්ය ණය වැඩිවූ නමුත් ආර්ථික වර් ධනය හේතුවෙන් එය දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස තරමක් අඩුවිය. විනිමය අනුපාතය මහා බැංකුව විසින් කෘත්රිමව අඩු අගයක තබා ගන්නා ලදී. මෙය බැලූ බැල්මට හොඳ තත්ත්වයක් ලෙස පෙනුනත් තිබු බරපතල තත්ත්වය එම දත්ත තුලම අඩංගුය.

ජාත්යන්තය මුල්ය අරමුදලේ කාර්ය භාරය වන්නේ රාජ්ය මූල්ය ස්ථාවරත්වයයි. ඒ අනුව රාජ්යයේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිවේ. රටේ ආර්ථිකයේ සම්පුර් න පාලනය මුල්ය අරමුදලට භාරදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. රටේ ආර්ථික වර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කල යුතුය. මේ ආණ්ඩුව එසේ කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. අප වැනි රටක ආර්ථික වර්ධනයේ ප්රධානම සංඝටකයක් විය යුත්තේ අපනයන වර්ධනයයි.අපනයන පමණක් වර්ධනය කළ නොහැක. ඒ සමගම ආනයන ද වර්ධනය වේ. එහි තේරුම නම් වෙළෙඳාම වර්ධනය විය යුතුය. මහා පරාක්රමබාහු රජුගේ කාලයේද තත්ත්වය මෙසේමයි.

මූල්‍ය අරමුදලේ නිර් දේශ මත අමතර තීරු බදු ඉදිරි වසර වලදී අඩුකරන බව පසුගිය අයවැය කථාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. එනමුත් ඉදිරි වර් ෂ වල ආදායම් ඇස්තමේන්තු අනුව අමතර තීරුබදු වලින් ලැබෙන මුදල අනුක්‍රමයෙන් වැඩිවෙයි. මෙය අයවැය කතාවට පරස්පරය. අයවැය කතාව අනුව ක්‍රියාත්මක වුවොත්  2029 දී මුළු තීරුබදු 50%  කින් පමණ  අඩුවිය යුතුය. මෙය හොඳ ප්‍රවණතාවයකි. මෙය යම් ප්‍රමාණයකින් ජිවන වියදම අඩු වීමටද ඉවහල්වේ. නමුත් පරස්පර ඉඟි නිසා එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සැක සහිතය.

අපනයන වර්ධනය සඳහා ආණ්ඩුව විසින් ප්රතිපත්ති තීරණ ගත යුතුව තිබේ. පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව උදාහරණයක් ලෙස  දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්  ලෙස භාණ්ඩ සහ සේවා අපනයනය 2025 දී 25% ක් ද 2040 දී 60% ක්ද විය යුතුය. 2025 දී සාක්ෂාත් කළ මෙම අගය 19% කි. මෙම අගය 2000 දී 39% ක් විය

ආර්ථික පරිවර්තන පනත අනුව පුළුල් බලතල සහිත ආර්ථික කොමිෂන් සභාව, විවිධ ආර්ථික කලාප පාලනය සඳහා සෝන්ස් එස් එල් ආයතනය, ජාත්යන්තර වෙළෙඳාම සඳහා වූ කාර් යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, සහ ශ්රී ලංකා ආර්ථික විද්යා සහ ජාත්යන්තර වෙළෙඳ ආයතනය පිහිටු විය යුතු අතර මේවා කෙලින්ම ජාත්යන්තර වෙළෙඳාම, විදේශ ආයෝජන, අපනයනය සහ ඵලදායිතාව නැංවීම වැනි කරුණු වලට අවධානය යොමු කර ඇත.

වත්මන් ආණ්ඩුව එම  පනත ක්රියාත්මක වීම අත්හිටවා ඇති අතර එම අමතර නිර් නායක ක්රියාත්මක නොකරයි. ඔවුන් ක්රියාත්මක කරන්නේ මූල්ය අරමුදල සමඟ එකඟ වූ නිර් නායක පමණක් වන අතර රටේ ආර්ථිකය පරිවර්තනය සඳහා ආණ්ඩුව කිසිම ක්රියා මාර්ගයක් නොගනී. පනතට සංශෝධන අවශ්ය නම් ඒවා කළ යුතුය.

මෙයට අමතරව රජය සතු ව්යාපාරික ආයතන ප්රතිව්යුහගත කිරීම සඳහාද ආණ්ඩුව කඩිනමින් ක්රියාත්මක නොවේ. විදුලි බල මණ්ඩලය යම් ඉදිරි පියවරක් තබා ඇති අතර එය සුමට අන්දමින් ඉදිරියට යන බවක් පෙනෙන්නට නැත. රාජ්ය ව්යාපාර ප්රතිසංවිධානය සඳහා ද පනතක් ගෙන එන බවද ප්රකාශයට පත් කර ඇත. මේවා කඩිනමින් ක්රියාත්මක කළ යුතුය.

ඉන්දියාවට කෙරෙන අපනයන වර්ධනය සඳහා ඉන්දියාව සමග ඇතිආර්ථි කසහයෝගිතා ගිවිසුම ඉක්මනින්ම අලුත් නලෙස ආසියානු සංවර්ධන බැංකුව යෝජනාකර ඇත. ජපානය ඉන්දියාව සහ ලංකාව අතර යෝජිත ආර්ථික කොරිඩෝව පිලිබඳ වැඩ කටයුතු ඉක්මන් කරන ලෙස ජපන් තානාපති වරයා පසුගියදා ඉල්ලා සිටියේය. මේ සම්බන්ධව ගිවිසුමක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2026 පෙබරවාරි මස අත්සන් කරන ලදී. අපනයන සංවර්ධනය සඳහා ආණ්ඩුවක් විසින් ක්රියාත්මක කල යුත්තේ මෙවැනි දෑය. එය සමුළු පැවැත්වීමෙන් පමණක් කළ  නොහැක.

මාස ගණනාවකට පෙර ඉන්දියාව යුරෝපා සංගමය  සමග වෙළෙඳ ගිවිසුමක්  අත්සන් කළේය. එය සියලු වෙළෙඳ ගිවිසුම් වල මාතාව ලෙස හඳුන්වනු ලැබිණ. එය එතරම් විශාල එකකි. ඉන්දියාව එයට පෙර එක්සත් රාජධානිය සමඟ ද ගිවිසුමක් අත්සන් කරන ලදී. වියට්නාම් ජනාධිපතිවරයා දැන් ලංකාවේ සංචාරයක  යෙදේ. වියට්නාමය නිදහස් වෙළෙඳ ගිවිසුම් 19 කට එළඹ ඇත.

ආණ්ඩුවේ සහ  ඔවුන්ගේ හිතවාදීන්ගේ අරක්ෂනවාදී ප්රතිපත්තිය මෙවැනි ක්රියා මාර්ග සඳහා ප්රතිරෝධයක් ලෙස ක්රියා කරයි. මෙවැනි  ප්රතිසංස්කරණ ආණ්ඩුව විසින් නොකරන්නේ නම් මූල්ය අරමුදල සමඟ තවත් එකඟතාවකට යාමට සිදුවනු ඇතැයි ප්රකට ආර්ථික විද්යාඥයකු වන ගනේෂන් විග්නරාජා පසුගියදා අනතුරු ඇඟවිය.

මූල්ය අරමුදල සමඟ එකඟවූ නිර් නායක ක්රියාත්මක කරන තෙක් රාජ්යය මූල්ය අර බුදයකට මුහුණ නොපානු ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇත. එය ණය ආපසු ගෙවීම කෙරෙහිද බලපානු ඇත.

ඉක්මනින් වැඩි ආර්ථික වර්ධනය ක් ලබාගැනීම අවශ්ය වන තවත් ඉතා වැදගත් හේතුවක් තිබේ. 2022 ඇතිවූ උද්ධමනය හේතුවෙන් බඩු මිල ඉහල ගිය අතර පසුව කලින් වැඩි වූ බඩු  මිල දැනෙන තරමින් අඩු වුයේ නැත. මේ නිසා රටේ විශාල පිරිසක් දරිද්ර රේඛාවෙන් පහතට වැටී තිබේ. මේ පිරිස දරිද්ර මට්ටමෙන් ඉහලට ගත හැක්කේ ඉක්මන් ආර්ථික වර්ධනයක් මගින් සහ එම වර්ධනයේ ප්රතිලාභ ජනතාවට ගලා යාමට සැලැස්වීමෙනි. ආණ්ඩුවට මේ පිළිබඳව කිසිම අවබෝධයක් තිබෙන බව පෙනෙන්නට නොමැත.

මේ බරපතල තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුව සිය මංමුලා වීමෙන් එළියට පැමිණ නිවැරදි මාර්ගයේ ගමන් කළ  යුතු යයි සිතමි.

Published in Colombo Telegraph on May 10, 2026

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-may-9-2026/

Confused Macroeconomic Policies Of The Government

 By Harsha Gunasena

Harsha Gunasena

The Government, prior to assuming the power, convinced the voters at the elections that the State faced a financial crisis in 2022 due to the corruption of the previous successive governments and if they come to power they would punish the persons who were responsible. The voters liked this punishing part as in several previous elections.

It is true that the state was corrupt. The tragedy is that it is still corrupt. The head of the Criminal Investigations Department of the Sri Lanka Police, which is a key institution which investigates  corruption, is  a political activist of the JVP. The secretary of the relevant ministry is  also a political activist of the JVP. The other institution which investigates of corruption is the Commission to Investigate Allegations of Bribery or Corruption and the Director General of which faced allegations that he was a member of the JVP to which he has not responded appropriately. It seems to be that there are no investigations against certain individuals. Therefore it looks like that the Government acts selectively in respect of investigations against the individuals of the previous governments.

Corruption was not the main cause which led the state to a financial crisis. There were several causes. One of them was the long- term deficit budgeting. Since the income generated was not sufficient for the expenses, the requirement was to borrow over and over again. Exports as a percentage of the GDP reduced gradually. Trade deficit was widened and as a result there was a deficit of the current account in the external sector. Electricity and fuel which were government monopolies, were sold at a loss. The deficit was financed by the state banks. In addition to these two, there were several loss making SOEs which were financed by the government budget. Since the per capita income of the country increased, it was difficult to get low interest loans and at the same time government did not like to adhere to the conditions aligned with the low interest loans. In 2007 the government issued International Sovereign Bonds of which the interest rate was high and the repayment period was shorter. However, there were no conditions  for these loans  and those  were utilised mostly for the projects where the rate of return was lower than the interest rate. This situation created serious consequences.

The government elected in 2019 reduced the taxes considerably and as a result the ability of the government to repay the loans was diminished. This led the rating agencies to down- grade the credit ratings of Sri Lanka. The economy was affected due to Covid. The government placed much emphasis on local debt and money supply or so- called money printing was increased drastically. As a result, inflation was increased. The government refused to seek assistance from the IMF. Import of chemical fertiliser was halted abruptly. The government tried to keep the exchange rates artificially low so that the cost of the dollar in the black market was increased and as a result the supply of dollars to the market in authentic channels was diminished. Finally the government did not have sufficient foreign currency to pay for the essential goods imported.

Ads by FatChilli

Later there was an agreement with the IMF and taxes and  the government revenue were  increased. Electricity and fuel were sold at cost reflective prices. Government expenses were reduced drastically. As a result, primary account of the fiscal accounts was made positive. Money printing was stopped. Interest rates were increased. Inflation was reduced gradually. Exchange rates were not fixed artificially. Hence although there was a trade deficit the current account recorded a positive balance.

This was the situation when this government came to power.

They claimed that the IMF agreement would be revised by revisiting  Debt Sustainability Analysis. However, they did not initiate it and continued with  it as it was. It was  a relief.

Accordingly these are the data. In 2025 as a percentage of the GDP government revenue was 16.7% (agreed with the IMF 14.9%); primary account balance 5.4% (agreed with the IMF 2.3%); budget deficit 2.3% (agreed with the IMF 5%); central government debt 91.6% (agreed with the IMF 103.3%); economic growth 5% (agreed with the IMF 2.6%);current account balance in the external sector 1.6%. These indicators are very good in the point of view of the financial stability of the government but the question is whether that is sufficient.

This situation reflects the situation in the beginning of the second term of President Mahinda Rajapaksa (2010-2012) In that period the country experienced the highest ever economic growth rate (8%-8.6%) Construction sector contributed most to the growth after the war. This was financed by the debt with high interest rates. The rate of return of some constructions were lower than the interest. During that period exports recorded very low percentage of the GDP.  (19%-20%) Although the government debt was increased, due to the high growth rate it ended up with a lower value as a percentage of the GDP. The Central Bank kept the artificially low exchange rates. Although these data could be interpreted positively at a glance, the dangerous situation is reflected in the data.

The objective of the IMF is the financial stability of the government. As a result, the debt repayment ability of the government increases. The government cannot stay nonplussed after handing over the control of government finance to the IMF. The government should act for the economic development of the country. It is not visible that this government does so. A country like ours should have export development as a component of the economic growth. One cannot grow only exports and imports come along which means trade should grow. This was the case even during the time of Parakramabahu the Great.

The President announced in the last budget speech that import tariff mainly para tariff will be reduced gradually based on the IMF recommendations.  However, the projected revenue of the government indicated an increase of income from para tariff which was contrary to the statement.  If implemented, in 2029 there will be around a 50% reduction of the total tariff. This will be a good move which would contribute to reduce the cost of living as well but we are not sure about the implementation due to the different indications.

The government should take policy decisions to increase exports. As an example according to the Economic Transformation Act established by the previous government export of goods and services as a percentage of GDP in 2025 should be 25% and in 2040 it should be 60%. The reality in 2025 was just 19%. This figure in 2000 was 39%.

According to the Economic Transformation Act, Economic Commission Zones SL, Office for International Trade, National Productivity Commission, and Sri Lanka Institute of Economics and International Trade should be established. These institutions directly linked to the international trade and investments.

The government halted the operation of this Act and does not work to achieve the targets established other than IMF targets. At present there is no programme to transform the economy. If they think there are amendments needed those should be established and the Act should be implemented.

In addition to that the government does not act swiftly to restructure the SOEs. There was a step forward to restructure the CEB but further actions are delayed. The government announced that there will be a Bill to give the guidelines to restructure the SOEs and actions should be taken faster.

Asian Development Bank recently suggested that Economic Agreement with India should be revisited in order to increase the exports to India. The ambassador of Japan recently requested the government to expedite the work towards proposed economic corridor connecting India, Japan and Sri Lanka  for which there is a Memorandum of Cooperation signed by Japan and Sri Lanka in February 2026.  The government should take this type of initiatives in order to promote exports. It cannot be done by just holding seminars.

Few months ago, India signed a Free Trade Agreement with the EU which was called the mother of all FTAs considering the value covered by it. Prior to that India entered into a trade agreement with the UK as well. Vietnam of which the President is in Sri Lanka now, is having 19 free Trade Agreements.

Protectionist policies of the government and its supporters acts as a hinderance for the pro trade policies. Ganeshan Wignaraja, a prominent economist, recently warned  that if the reforms are not carried out it is possible that the country  should have to go for another agreement with the IMF.

The government may not face a financial crisis if the government implement the policies of the IMF. However, if the growth rate is hampered it may affect the repayment of debt.

There is another important point why a rapid high economic growth is needed. As a result of the inflationary condition in 2022 cost of goods and services increased and subsequently the price level has not reduced. As a result, a considerable number of the population has fallen below the poverty level. They can be lifted above the level by having a rapid economic growth and allowing the benefits of the growth filtered down to the people. It seems to be that the government does not have a proper understanding of this.

The government should come out of its confusion and move towards the correct direction in order to ease this serious situation.

Published in Colombo Telegraph on May 9, 2026

https://www.colombotelegraph.com/index.php/confused-macroeconomic-policies-of-the-government/

සජිත් ප්‍රේමදාසගේ අර්බුදය

 හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය මාර් තු 20 වනදා ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ ගුණානුස්මරණ සභාවේදී විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්රේමදාස මහතා (සජිත්) කතාවක් කරමින් ඔහුගේ දේශපාලන දෘෂ්ටිය පැහැදිලි කළේය. මෙයට පෙරද ඔහු විසින් මෙය පැහැදිලි කර ඇති අතර ඔහු සම්පුර් නයෙන්ම  ක්රියාත්මක වන්නේ ඒ අනුවය. ඔහුගේ කථාව උපුටා දැක්වුවහොත් ඒ මෙසේය. “අද බොහෝ දෙනෙක් කතාකරනවා කඳවුරු ගැන. ගාමිණී දිසානායක මහතා හිටපු කඳවුර තමයි ජනතා වාදී ජනහිතකාමී ජනතාව පැත්තේ හිටපු කඳවුර.. අද ලෝකයේ වමත් අසාර් ථකයි. දකුණත්  අසාර් ථකයි. ඔය වාමවාදී දක්ෂිණාංශිකවාදී කියන න්යායයන් අපේ රටට ආනයනය කරපු විදේශීය පරගැති න්යායයන්. අද රටට අවශ්ය වෙලා තියෙන්නේ ජනතාවාදී න්යාය. පොදු ජනතාව සුරක්ෂිත කරණ පොදු ජනතාව රැකගන්න පොදු ජනතාවගේ සුබසිද්ධිය සෞභාග්යය සංවර්ධනය උදෙසා ක්රියාත්මක වන න්යායයන්. ….     ගාමිණී දිසානායක මැතිතුමා ලුම්පන් ධනවාදය කුප්රකට ගජමිතුරු ධනවාදය වාමවාදී සමාජවාදී අන්තය ප්රතික්ෂේප කරා. …ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස​ යන සියලු දෙනාම ගමන් කලේ එක මාවතක. එය ධනවාදය වත් සමාජවාදය වත් ලිබරල්වාදය වත් නොවේ. ගමන් කරපු එකම මාවත පොදුජන මාවත.” ඔහු යෝජනා කරන්නේ ලුම්පන් ධනවාදය, කුප්රකට ධනවාදය, අන්තවාදී ලිබරල් න්යායන් සහ අන්ත කොමියුනිස්ට් වාදය ප්රතික්ෂේප කල මානුෂික ධනවාදය ප්රමුඛ කරගත් ජනතාවාදී ජනහිතකාමී දේශපාලන ව්යාපාරයකි.

ලංකාවට මානුෂික ධනවාදය යන වචනය රැගෙන ආවේ චන්ද්රිකා කුමාරතුංග මහත්මියයි (චන්ද්රිකා). සමාජවාදී අන්තයකින් පැමිණි දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ඇය ජේ ආර් ජයවර්ධන මහතා (ජේ ආර්) විසින් ඇතිකළ ලිබරල් ධනවාදී ක්රමය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්ය වූ නිසා ය (එසේ වුයේ පැරණි සමාජවාදී ක්රමය තව දුරටත් වලංගු නොවූ නිසාය.) මානුෂික ධනවාදය නමැති වචනය හඳුන්වා දෙන ලදී. සජිත් එරෙහිවන ලුම්පන් ධනවාදය සහ ගජමිතුරු ධනවාදය මෙරට ස්ථාපනය කරන ලද්දේ ඔහු විසින් සඳහන්  කළ ඔහුගේ පියාද ඇතුළු දේශපාලනඥයන් ගෙන් සමන්විතවූ 1977 දී බලයට පත් දේශපාලන ව්යාපාරය විසිනි. එයට හේතු වුයේ 1970 දී බලයට පත් රජය විසින් ලුම්පන් සහ ගජමිතුරු සමාජවාදයක් මෙරට ක්රියාත්මක කළ නිසාය.

1977 දී ඇතිවුයේ දශක දෙකක්  තිස්සේ රාජ්යය විසින් ජනතාවගෙන් කොල්ල කාගත් ධනය ආපසු ජනතාවට දෙමින්, එවකට අනුක්රමයෙන් සංවෘත බවට පත්වූ විදේශ වෙළෙඳපොළ එක්තරා ප්රමාණයකට විවෘත කරමින්, ආර්ථික  සංවර්ධනය සඳහා ජනතා සහභාගිත්වය බලගැන්වූ අර්ථක්රමයක ආරම්භයයි. එය මනා පරිපාලනයකින් තොරව ගජමිතුරු ධනවාදයක් කර පසුබැසි බව අප දන්නා නමුත් ඒ නිසා 1977 දී ඇතිවූ ආර්ථික පරිවර්තනය කිසිසේත් අවතක්සේරු කළ නොහැක. එමෙන්ම එය සජිත් හිතන ආකාරයත ඊනියා ජනතා සුබසිද්ධිය කේන්ද්ර කරගත් ප්රතිපත්තියක් නොවේ. රටේ ආර්ථිකයට ජනතා සහභාගිත්වය කේන්ද්ර කරගත් ආර්ථික ප්රතිපත්තියකි. එයට පෙර තිබුනේ රාජ්යය කේන්ද්‍ර​ කරගත් ආර්ථික ප්රතිපත්තියකි. එයට ප්රතිවිරුද්ධව ඇතිවූ ඒ යුගයේ රාජ්ය ප්රතිපත්ති වලින් ජනතාව ප්‍රතිලාභ​ ලැබූ බව සැබෑය. නමුත් ඉලක්කය රටේ ආර්ථික වර්ධනයයි. ප්රේමදාස මහතාගේ ජනසවිය හුදු ආධාර බෙදා දීමක් නොවේ. එය දිළිඳු ජනතාවට යම් මුදලක් අතට ලැබීමට සලස්වා ඒ සමඟ ඒ මුදලින් කොටසක් ඉතුරු කර වැඩ සටහන අවසානයේ ඉතිරි වන තැන්පත් මුදල යොදවා කුඩා ව්යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන් පෙලඹවූ වැඩ සටහනකි. එය හුදු ආධාර බෙදීමක් බවට පරිවර්තනය කළේ චන්ද්රිකා සහ එස්බි දිසානායක  මහතා විසිනි. එමෙන්ම ඔහුගේ ඇඟලුම් කම්ගල් වැඩ පිළිවෙල ග්‍රාමීය​ ජනතාව රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙලකි. හුදු සහන දීමක් නොවේ.

සජිත් ඔහුගේ දේශපාලන ප්රතිවාදියකු වන රනිල් වික්රමසිංහ මහතා (රනිල්) ගැන වචනයක් වත් සඳහන් නොකරයි. සජිත් මෙයට පෙර අවස්ථා වලදී සජබ සහ එජාප යන පක්ෂ දෙක එකතු නොවුනේ ඇයිද යන පැනයට පිළිතුරු ලෙස සඳහන් කර ඇත්තේ රනිල් ගේ ස්ථාවරය නව ලිබරල් දක්ෂිණාංශික එකක් බවත් තමන් ගේ ස්ථාවරය දකුණේ හෝ වමේ හෝ නැතිව මැද තැනක තිබෙන ජනතාවාදී එකක් බැවින් එක්වීම අසීරු වූ බවය. මේ කථාවේදී සජිත් එජාපයේ පැරණි නායකයන් ජනතාවාදී වූ බවත් ඔවුන් විශේෂයෙන්ම ගාමිණී දිසානායක ලුම්පන් සහ ගජ මිතුරු ධනවාදයට විරුද්ධ වූ බවත් සඳහන් කරයි. එසේනම් ලුම්පන් ගජමිතුරු ධනවාදියා සහ නව ලිබරල් වාදියා රනිල් විය යුතුය.

රනිල් එවැන්නෙක් ද? ඔහු සිය ගජ මිතුරන් කිහිප දෙනෙකුට බර තබා පාලන කටයුතු කළ බව අපි දනිමු. සජිත් සිය පක්ෂයේ කටයුතු කරන්නේද එසේය. ගජමිතුරන් සම්බන්ධයෙන් රනිල්ට ආ එකම චෝදනාව මහා බැංකු බැඳුම්කර වංචාවයි. එය නොකළ යුත්තකි. එයට අදාලව මහා බැංකුවට පාඩු වූ මුදල රඳවා ගැනීමක් ලෙස බැංකුවේ ඇත. එයට අමතරව ඔහු ගජ මිතුරු සත්කාර වලට සම්බන්ධ වූ අයෙක් නොවේ.

රනිල් නව ලිබරල් වාදියෙක් ද? නව ලිබරල් වාදය යනු කුමක්ද? එහි ප්රධාන සංඝටක වන්නේ රාජ්ය නියාමනය අවම කිරීම, පුද්ගලීකරණය, රාජ්ය වියදම් කප්පාදු කර බදු අඩු කිරීම සහ තීරුබදු අඩු කර නිර් බාධ වෙළෙඳාම ප්රවර් ධනය කිරීමයි. රනිල් විවිධ පනත් මගින් රාජ්ය නියාමනය වැඩි කළේය. පුද්ගලීකරණය කරන බවට කයිවාරු ගැසූ මුත් පුද්ගලීකරණය නොකළේය. ඔහු නව ලිබරල්වාදියෙක් නම් ඔහුට ලැබුන අවස්ථාවේ ගුවන් සේවය පුද්ගලීකරණය කර රාජ්ය බැංකු දෙකෙහි අයිතිය යම් ප්රමාණයකට පුද්ගලික අයිතියට පැවරිය යුතුව තිබුණි. මේ කරුණු දෙක සඳහා යම් බල පෑමක් මුල්ය අරමුදල සමඟ වූ එකඟතාවයෙන්ද ලැබුණි. රනිල් රාජ්ය වියදම් කප්පාදු කල නමුත් බදු වැඩි කළේය. එමෙන්ම අස්වැසුම සහන දුන්නේය. තීරුබදු අඩු කර නිර් බාධ වෙළෙඳාම ප්රවර්ධනය කිරීමේ කටයුත්තටද විදුලිබල මණ්ඩලය කොටස් වලට කැඩීමටද  වත්මන් ආණ්ඩුව අතගසා සිටියි. මේ අනුව රනිල් නව ලිබරල් වාදියෙක් නොවේ.

තව දුරටත් ගැඹුරට නව ලිබරල් වාදය ගැන කතා කරන්නේ නම් එහි හරය වන්නේ ගෝලීයකරණය ප්රවර් ධනය කිරීම, සමාගම් වල කොටස් හිමියන්ගේ ධනය වැඩි කිරීමට ප්රමුඛත්වය දෙමින් සමාගමේ වර්ධනය සහ රැකියා ලබාදීමට ප්රමුඛත්වය නොදීම සහ වෘත්තීය සමිති පසු බෑමකට ලක් කිරීමයි. රනිල් මෙවැනි කරුණු වලට අතගසා නැත.

එබැවින් රනිල්ට එරෙහිව මැදට ගමන් කිරීමේ තේරුමක් නැත. රට සංවර්ධනය කිරීමට නම් සිටිය යුත්තේ රනිල්ට දකුණෙනි. සජිත් වර්ණනා කරන ජේ ආර් සිටියේ රනිල්ට දකුණෙනි. සමහර විට රනිල්ට තවත් අවස්ථාවක් ලැබුනේ නම් තව ටිකක් දකුණට යාමට ඉඩ තිබුණි. වර්තමාන ජනාධිපතිවරයාද ගමන් කරන්නේ දකුණටය. මක්නිසාද යත් විසදුම හෙවත් ධනය උත්පාදනය තිබෙන්නේ වමේ හෝ මැද හෝ නොව දකුණේ නිසාය. උත්පාදනය කරන ධනය පහළට ගලා යා යුතු බව මම පිළිගනිමි.

සජිත් ඉදිරිපත් කරන ජනතාවාදී මතවාදය හෙවත් ජනකාන්ත වාදය යනු කුමක්ද?

ජනකාන්තවාදය යනු යම් මතවාදයක් ජනතාවට ඉදිරිපත් කිරීමේ ප්රවේශ මාර් ගයකි. එබැවින් එය බොහෝ විට ක්රියාත්මක වන්නේ වෙනත් මතවාදයන් සමඟය. ඒවා අතර ජාතිවාදය, වර්ගවාදය, සමාජවාදය සහ සමාජ සාධාරණත්වය වැනි මතවාද වේ. සම්ප්රදායික දේශපාලන වර්ගීකරණය අනුව මේවා එනම් පළමු මතවාද දෙක දක්ෂිණාංශික ලෙසද අවසන් මතවාද දෙක වාමාංශික ලෙසද වර්ගීකරණය වේ. මේ අනුව දක්ෂිණාංශික ජනකාන්තවාදය සහ වාමාංශික ජනකාන්තවාදය වශයෙන් ජනකාන්තවාදයේ ප්‍රභේද​ දෙකක් තිබේ.

වාමාංශික ජනකාන්තවාදයේ න්යායාචාර්යවරයකු වූ අර්නස්ටෝ ලක්ලාව් සඳහන් කරන්නේ ජනකාන්තවාදය යනු විමුක්තිකාමී සමාජ ප්රවාහයක් බවත් ඒ මගින් සමාජයේ ආන්තික කොටස් වලට ස්ථාපිත අධිකාරිවාදී බලයට අභියෝග කල හැකි බවත්ය. ඔහුට අනුව ජනකාන්තවාදයේ අග්ර ඵලය සමාජවාදයයි. පෝල් ටගට් ගේ අදහස අනුව ජනකාන්තවාදය යන යෙදුම අපේ යුගයේ බොභෝ සෙයින් භාවිතයේ යෙදුනත් එහි තේරුම අවබෝධ කරගෙන ඇත්තේ ඉතා අඩුවෙනි. මාගරට් කැනෝවන් මෙයට හේතුව සඳහන් කරයි. එනම් ජාත්යන්තර ජනකාන්තවාදීන් විසින් ජනකාන්තවාදයේ තේරුම නිර්වචනය කර නොමැති බැවින් එම වචනය භාවිතා කරන්නන් එයට ඉතා පුළුල් අර්ථ සපයා ඇති බවය.

බණ්ඩාරනායක ද ජේ ආර් ද ජනකාන්තවාදීහු වුහ. මක්නිසාද යත් මුග්ධයන් ගෙන් ඡන්ද ලබා ගැනීම අපහසු බැවිනි. බණ්ඩාරනායක ගේ උපක්රමය වුයේ සිංහල රාජ්ය භාෂාව කිරීමයි. ජේ ආර් ගේ උපක්රමය වුයේ ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීමයි. අනුර දිසානායක ගේ උපක්‍රමය වුයේ 76 අවුරුදු සාපය අවසන් කිරීමයි. මෙය මතුරන උගත්තු අදත් සිටිති. සජිත් ගේ ජනකාන්තවාදයේ අරමුණ කුමක්ද? එහි අරමුණක් නැත. ආඛ්යානයක් නැත. එය හුදු ජනතාවට සේවය කිරීමම වෙයි. මෙය විකාරයක් බව ඔහුට නොතේරෙන්නේ ඇයි?

සජිත් ගේ සජබ හෝ රනිල් ගේ එජාප හෝ මෙරට දේශපාලනයෙන් අතුගෑවී ගියාට මට ප්රශ්නයක් නැත. රටේ අද අවශ්යතාව ධනවාදී ප්රතිසංස්කරණ කිරීමයි. ඒවා නම් රාජ්ය ආයතන පුද්ගලීකරණය, වසා දැමීම, රාජ්ය පුද්ගලික සහභාගිත්වය හෝ තනිකර ස්වාධින අධ්යක්ෂ මණ්ඩල හරහා පාලනය වීම, ආනයන ලයිසන් අවම කිරීම, තීරුබදු අවම කර නිර් බාධ වෙළෙඳාම ප්රවර්ධනය කිරීම, විදේශ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගනිමින් අපනයන ප්රවර්ධනය කිරීම වැනි දේ ය. වර්තමන ජනාධිපතිවරයා මේ දේ ඉතා සෙමෙන් කරමින් සහ කරන ලද දේ ආපසු නොහරවමින් සිටි. ඔහුගේ හැටියට එයද ලොකු දෙයකි. ඊලග නායකයා සජිත් වැන්නෙක් වුවහොත් ඔහුගේ ධුර කාලය තුළ රට එකතැන පවතිනු ඇත. එබැවින් ඔහු වෙනස් විය යුතුය නැතහොත් අනුප්රාප්තිකයකු පත් කර ගත යුතුය.

Published in Colombo Telegraph on March 26, 2026

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-march-26-2026/