මේ
ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බව බොහෝ දෙනා කියති. ලියති. ආණ්ඩුව බොහෝ ක්ෂේත්‍රයන් හි
අසමත් බවද ඇත්තකි. සමත් අවස්ථාවලදීද ගමන සෙමින්ය. ඒ ගැන බොහෝ කරුණු දැක්වීම් තිබේ.
ඒගැන විවාදයක් නොමැත. යම් අවස්ථාවලදී අසමත් බවක් පෙන්නුම් කළද ඇත්ත වශයෙන්ම අසමත් නොවන
ස්වභාවයක්ද තිබේ. මෙම ලිපියෙන් ඉහත දැක්වූ අවසන් කාරනය පිළිබඳව සාකච්ඡා කිරීමට
බලාපොරොත්තු වෙමි.
මෙරට ජන විඥාණය සැකසී තිබෙන්නේ අධිකාරිවාදී පාලන
තන්ත්‍රයකට සරිලන අන්දමටය. දරුවන් තමන්ට කීකරු විය යුතු යයි දෙමව්පියෝද ගුරුවරු ද
සිතති. ස්වාධීනව වැඩ කිරීමට උත්සාහ කරණ දරුවන්ට දෙමව්පියන්ගෙන් බොහෝ බලපෑම් තිබේ.
එබැවින් වැඩිවියට පත්වූ පසුවද දරුවන්ට ස්වාධින වීමට කාලයක් ගතවේ.පන්ති කාමරයේදී
අනවශ්‍ය ප්‍රශ්ණ ඇසීමට ගුරුවරුන්ගෙන් දරුවන්ට අනුබල නොලැබේ. මේ රටේ ගුරුවරු
උගන්වති. මෙවැනි පරිසරයක් නොමැති රටවල දරුවෝ ඉගෙන ගනිති. වෙනස එයයි.
රැකියා
ස්ථාන වලද තීරණ ගන්නේ ඉහළ නිලධාරින්ය. තීරණ ගැනීමට අවකාශ ලැබුනද සමහරු තීරණ ගැනීමට
පැකිලෙති. රාජ්‍ය අංශයේදී මෙය බොහෝ විට දක්නට ලැබේ. මේ සැම අවස්ථාවකදීම දෙපිරිස
අතර පරතරයක් තිබේ. මෙම පරතරය ඇතිවන්නේ අධිපත්‍යය හෙවත් බලය පදනම් කරගෙනය. මෙම
පරතරය පාලකයන් සහ පාලිතයන් අතරද දක්නට ලැබේ. පසුගිය ආණ්ඩු කාලයේදී යුද්ධය ජයගත්
මහින්ද රාජපක්ෂ රජකු බවට පත්කළේ ජනතාව විසිනි. ඉන් පසුව තමාම රජ විය යුතු යයි ඔහු
කල්පනා කළේය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය එන්නේ ඒ අනුවය. එයට එවකට මහජනතාවගේ සම්පුර්ණ
ආශීර්වාදය ලැබුණි.
මෙම
ආණ්ඩුව බලයට පත්වී පසු යටපත් වී තිබුණු ප්‍රජාතන්ත්‍රීය ප්‍රවණතා නැවතත්
ඉස්මතුවිය. මෑත උදාහරණයක් දක්වන්නේ නම් පසුගියදා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි
සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් ගැනීමක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ
විමර්ෂණ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව
ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බව DailyFT පුවත්පත පසුගිය සිකුරාදා වාර්තා
කළේය. එනමුත් පුවත්පතට පැහැදිලි කිරීමක් ඒවා තිබූ අල්ලස් කොමිසම තමන් මේ පිළිබඳව
ජනාධිපතිවරයා දැනුවත් නොකළ බවත් එසේ නොකළේ
එසේ කිරීම සිය ස්වාධීනත්වයට
බාධාවක් වන නිසා බවත් සඳහන් කර තිබුණි. පසුගිය සෙනසුරාදා පුවත්පත් විසින් එම
පැහැදිලි කිරීම පළ කරණ ලදී. මෙයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා නිලධාරීන්
දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවා තිබුණි. ඔහු අල්ලස් කොමිසමට
තර්ජනය කළ බව හෝ කොමිසමේ නිලධාරීන්ගේ සේවය අත්හිටවූ බව හෝ වාර්තාවී නොමැත.
මෙම
තත්ත්වය පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමඟ සැසඳිය හැක. හිටපු ජනාධිපතිවරයා නිතිය
බිඳ හෙළන සිය අන්තේවාසිකයන් ප්‍රසිද්ධියේම ආරක්ෂා කළේය. වරලත් ගණකාධිකාරී ආයතනයේ
කතාවක් පවත්වමින් මේ බව ඔහු කියා සිටියේය. මෙම තත්ත්වයට පාදක වූයේ මහජනතාව විසින්
හිටපු ජනාධිපතිවරයාට ප්‍රදානය කරණ ලද රාජකීය මානසිකත්වය සහ ඔහුගේ හා ඔහු අවට සිටි අයගේ අධිකාරිවාදී අත්තනෝමතික ඇවතුම්
පැවතුම් වලට අමතරව මෙරට ජන විඥානයේ තිබෙන
යුක්තියට හෝ සාධාරණත්වයටහෝ වඩා තමන්ගේ
මිනිහාට සැලකිය යුතුය යන අදානග්‍රාහී ආකල්පයයි. ප්‍රජාතන්ත්‍රවාදය දීර්ඝකාලීනව
මුල්බැසගත් බටහිර රටවල තත්ත්වය මෙයට සපුරා වෙනස්ය. ඔවුන්ගේ හර පද්ධතියේ ඉහළින්ම
ඇත්තේ යුක්තිය සහ සාධාරණත්වයයි. එය කැඩෙන විට ඒ රටවල බලවත් විරෝධයක් ඇතිවන්නේ
එනිසාය.
එබැවින්
මෙම ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙල පසුගාමී සහ අදානග්‍රාහී වන මෙරට ජන විඥාණය ට පටහැනිව
ක්‍රියා කරයි. එම ක්‍රියා පිළිවෙල ඉදිරිගාමී වන අතර අදානග්‍රාහී නොවේ. ජනතාවට එය
දිරවා ගත නොහැක්කේ ඒ නිසාය. ජනතාව ඉහත සඳහන් කළ කාරණය දකින්නේ වෙනත් දෘෂ්ටි
කෝණයකිනි. එනම් මෙම ආණ්ඩුවේද සොරුන් සිටින බවත් ගිය ආණ්ඩුවේද සොරුන් සිටි බවත්
එබැවින් සොරකම සම්බන්ධයෙන් මේ දෙපාර්ශ්වයම එක හා සමාන බවත්ය. එමෙන්ම මේ ආණ්ඩුවේ
සොරුන් අල්ලාගැනෙන බවත් ගිය ආණ්ඩුවේ සොරුන්ට ඇති චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වී
ඇත්තේ ඔවුන් කර ඇති සොරකමක් නැති නිසා බවටද මතයක් පවතී. ජනතාව නොදකින වැදගත්ම
කාරණය වන්නේ මෙරට ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් අනුක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින
බවයි. මෙය ඔවුන්ගේ විඥානයට පටහැනි වුවද ඉතාමත් ඉදිරිගාමී සහ ඔවුන්ගේ පැවැත්මට ඉතාමත්
හිතකර ප්‍රවනතාවයක් බව ඔවුන් විසින් වටහාගත යුතුය.
පසුගිය
ආණ්ඩුවේ ප්‍රශ්නකාරී ගණුදෙනු සහ මිනීමැරීම් සම්බන්ධ තත්ත්වයද නැවත ඇතිකරන ලද ප්‍රජාතන්ත්‍රවාදී
ව්‍යුහයන් සමඟ ගැටීමකට ලක්වේ. මෙරට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පසුගිය ආණ්ඩු කාලයේ
ක්‍රියා කර ඇත්තේ කෙසේදැයි උසාවිය හරහා පුවත්පත් මගින් ජනතාවට දැන ගන්නට ලැබේ. එම
පරීක්ෂණ ප්‍රමාද වන බවත් ආරක්ෂක අංශ අවශ්‍ය තොරතුරු උසාවියට ලබා නොදෙන බවත් මෙය
රණවිරු දඩයමක් බවට ජනමතයක් ඇතිකිරීමට චෝදනා ලාභීන් ක්‍රියා කරණ බවත් නොරහසකි. එම
ජනමතය දරන්නවුන් සිය ජන විඥාණය අනුව යමින් තමන්ගේ මිනිහා යුක්තියට සහ සාධාරණත්වයට
ඉහළින් තබති. ඊනියා රණවිරුවන්ට හෝ වේවා දෙවියන් වහන්සේට හෝ වේවා නිරපරාදේ මිනිසුන්
මැරීමට අයිතියක් නොමැති බවත් එයට දඬුවම් ලැබියයුතු බවත් යම් හෙයකින් ඔවුන්
රණවිරුවන් නම් එයට ලැබිය යුතු ප්‍රසංශාව නොමඳව ඔවුන්ට ලැබිය යුතු බවත් ඒ දෙක එකට
පටලවා නොගත යුතු බවත් ජනතාව වටහා ගත යුතුය. මේ පටලවා ගැනීම ඔවුන්ගේ ජන විඥානයේ
පවතින සංස්කෘතික උරුමයකි. එනමුත් ඔවුන් වැඩි දෙනෙක් අදහන බුද්ධාගමේ එන
කර්ම නියාමය ඔවුන්ගේ විඥානයේ එන පටලවා ගැනීම ප්‍රතික්ෂේප කරයි. තමන් විසින් කරණ ලද
කර්ම වලට වෙන වෙනම විපාක විඳිය යුතු බව කර්ම නියාම යයි. බුද්ධාගමට වඩාත් ගැලපෙන්නේ
මෙරට ජනතාවගේ විඥාණය සහ හර පද්ධතිය නොව බටහිර මිනිසුන්ගේ චින්තනයත් ඔවුන්ගේ හර පද්ධතියත් ය.
එමෙන්ම
යුක්තියට සහ සාධාරණත්වයට ඉහළින් තබන මේ තමන්ගේ මිනිහා තමන්ට එරෙහි වන දිනය ගැන
ඔවුන්ට වැටහීමක් නොමැත. මොවුන් තමන්ගේ මිනිසුන් වන්නේ දෙමළාට එරෙහිවය. තමන් විසින්
ආරක්ෂා කළ තමන්ගේ මිනිසුන් තමන්ට එරෙහි වූ අවස්ථා සහ තමන්ට එරෙහිවිය හැකි අවස්ථා
ගැන ඉතා ඉහළ සාක්ෂරතාවයක් සහිත ජනතාවට වැටහීමක් තිබිය යුතු යයි සිතමි.
No comments:
Post a Comment