President
rushes in where angels fear to tread
හර්ෂ ගුණසේන
ජනාධිපතිවරයා
සිය පෞද්ගලික අභිමතාර්ථ සාධනය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කර තිබේ. සිය
අභිමතානුසාරී බලය පෞද්ගලික අභිමතාර්ථ සාධනය සඳහා යොදාගැනීම දේශ ද්‍රෝහී ක්‍රියාවකි.
නව
අගමැතිවරයා පත් කරණ විට ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය නොතිබූ බවට සාධක තිබේ. එමෙන්ම
ජනාධිපතිවරයාම විරුද්ධ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන්ට කථාකර සහාය ඉල්ලා තිබේ. මේ
සඳහා කාලය ගැනීමට ඔහු පාර්ලිමේන්තුව කල් තැබුවේය. පාර්ලිමේන්තුව ආරම්භයේ ඔහුගේ
කථාවට පසුව නව අගමැතිවරයාට විශ්වාසය හෝ අවිශ්වාසය හෝ පළකිරීමට අවස්ථාවක් නොදීමේ
සැලසුමක් තිබුණි. ඉන් පසු කතානායකට දෝෂාරෝපණය කරමින් ඔහු විසින් පාර්ලිමේන්තුව
විසුරුවා හරින ලදී. කලින් සඳහන් කළ පරිදි මෙය ඔහුගේ තවත් තුරුම්පුවකි. මෙවැනි
තුච්ඡ ක්‍රියාවක් කරණ විට සිය ආරක්ෂාව සඳහා කට පරිස්සම් කර ගැනීමට වත් ඔහු නොදනී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තේරුම නව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති
බවයි. එනම් නියම අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව
පක්ෂව සහ විපක්ෂව මත පලවී තිබේ.
ව්‍යවස්ථාවේ 33^2& (ඇ ) වගන්තිය
මෙසේය. “wdKavql%u jHjia:dfjka fyda fjk;a ,sÅ; kS;shlska
fyda m%ldYs;ju ckdêm;sjrhd fj; mjrd fyda kshu lr we;a;d jQ n,;,j,g iy ld¾hhkag
wu;rj" ckdêm;sjrhdg - md¾,sfïka;=j le|ùug" jdr
wjika lsrSug iy úiqrejd yeÍug n,h we;af;a h”
ව්‍යවස්ථාවේ
70(1) වගන්තියේ මෙසේ සඳහන් වේ. “ckdêm;sjrhd
úiska m%ldYhla u.ska md¾,sfïka;=j le|ùu" md¾,sfïka;=fõ jdrdjidk lsÍu iy
md¾,sfïka;=j úiqrejd yeÍu l< yelafla h. tfia jqjo" md¾,sfïka;=j úiska tys fkdmeñKs uka;%Sjrhka o
we;=¨j uq¿ uka;%Sjrhkaf.a ixLHdfjka ;=fkka follg fkdwvq ixLHdjlf.a fhdackd
iïu;hla u.ska md¾,sfïka;=j úiqrejd yßk f,i ckdêm;sjrhdf.ka b,a,Sula lrkq
,nkafka kï ñi" md¾,sfïka;=fõ m%:u /iaùu i|yd kshu lr.kq ,enQ Èkfhka wjqreÿ
y;rla iy udi yhl ld,hla wjika jk f;la ckdêm;sjrhd úiska md¾,sfïka;=j úiqrejd
yeÍu fkdl, hq;af;a h'”
පළමු වගන්තියේ ජනාධිපතිවරයාගේ බලතල සඳහන් කරණ අතර දෙවැන්නේ ඒවා
විස්තරාත්මකව දැක්වේ. මේ දෙක වෙන වෙනම ගත නොහැක. ජනාධිපතිවරයාට 33 (2) (ඇ) වගන්තිය
අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබේනම් එය 1978 මුල් ව්‍යවස්ථාවත් ඉක්මවා
යන බලයකි. මක්නිසාද යත් මුල් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට වසරක් ගතවන තුරු පාර්ලිමේන්තුව
විසුරුවිය නොහැකිව තිබුණ නිසාය. මෙම තර්කය අධිකරණය පිළිගතහොත් ඉදිරියේදී
ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත ඇත්තේ තම නොකැමැති අයකුට නම්
පාර්ලිමේන්තුව පත්වී මාසයක් ඇතුළත වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.
ප්‍රශ්නය වන්නේ සරත් සිල්වා, ජි එල්.
පිරිස් සහ විජයදාස රාජපක්ෂ වැනි නිතිය පිලිබඳ උගතුන් මෙම ප්‍රශ්නය පිළිබඳව අපක්ෂපාතිව නොව අදානග්‍රාහීව කරුණු දැක්වීමයි.
පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට බැවින් ජනතාවගේ අදහස් විමසීම වඩාත් සුදුසුම ක්‍රියාව බව
මතයක් පවතී. එය එසේ නොවේ. අපට ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක්
නොවේ. කෙනකුට අවශ්‍ය ආකාරයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එක්සත්
ජනපදයේ මැතිවරණ පැවැත්වෙන්නේ නියමිත දින වලටය. එය ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට විය
යුතුය. අනෙක මෙම අර්බුදය නිර්මාණය කලේ ද ජනාධිපතිවරයාය. ඔහුම අර්බුද නිර්මාණය කර
ඒවාට අත්තනෝමතික ව්‍යවස්ථා විරෝධී විසඳුම් ඔහුම දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මෙයට මැදහත්වී
තිබේ. මේ අවස්ථාවේදී නීතිමය විසඳුමට අමතරව දේශපාලන එකඟතාවයක්ද අවශ්‍යය.
මේ අවස්ථාවේදී අප සමාජයේ හර පද්ධතිය
පිළිබඳවද විමසා බැලීම සුදුසුය. ව්‍යවස්ථාව ගැන සලකා බැලු නිසා අප ව්‍යවස්ථාවේ
පූර්විකාව ගැනද අවධානය යොමු කළ හැක. එහි නිදහස, සමානාත්මතාවය, යුක්තිය ගැන සඳහන් වන නමුත් ”ලිබර්ටි “ නැමැති කාරණය එහි සඳහන්
නොවේ. එයට සිංහල වචනයක්ද නොමැත. එනමුත් ඇමරිකන් ව්‍යවස්ථාවේද, ප්‍රංස ව්‍යවස්ථාවේද, ඉන්දීය ව්‍යවස්ථාවේද “ලිබර්ටි “ පිළිබඳව
පැහැදිලිව සඳහන් වේ.
සිංහල පදයක්ද නොමැති මෙම වචනයේ තේරුම
කුමක්ද?
“ලිබර්ටි යනු නිදහස, වගකීම් සහගත ලෙස
නීතියේ අධිපත්‍යය යටතේ වෙනත් කිසිම
කෙනෙකුගේ නිදහස අවහිර නොවන සේ පාවිච්චි කිරීමයි. නිදහස යනු වඩාත් පළල් ලෙස කිසිම
සීමාවකින් තොරව තම අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීමයි. උදාහරණයක් වශයෙන් කෙනෙකුට
මිනි මැරීමට නිදහස තිබිය හැක. එනමුත් ඒ සඳහා ලිබර්ටි එකක් නැත.”
ලිබර්ටි යන්න අපට දිරවා ගත නොහැකි නිසා
එයට සිංහල වචනයක් ද නැත. අපි බොහෝ විට නීතියේ ආධිපත්‍යය නොතකා හරිමු. ජනාධිපතිවරයා
නීතියේ ආධිපත්‍යය සියතට ගත් විට සහ රටේ
ඉහළම නිතිය සිය ස්වාර්ථය සඳහා බිඳ දමන විට එය සුදුසු යයි අප කියමු. අප දේවල් තීරණය
කරන්නේ යුක්තිය හෝ සාධාරණත්වය හෝ නිතිය හෝ අනුව නොව අපගේ පක්ෂපාතකම් අනුවය.
ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීක පෞර රාජ්‍යයන්හි පළමුකොටම ඇති වූ
බව කියනු ලැබේ. ක්‍රි.පූ. හයවන සියවසේ බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ තිබූ ලිච්ඡවීන්ගේ
රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික එකකි. බුදුහු මෙම ආණ්ඩුක්‍රමයට ප්‍රශංසා කළහ. එමතුද නොව
ඔවුන් අනුගමනය කරන අපරිහානීය ධර්ම හතක් දක්වා එම ධර්ම අනුගමනය කරන තාක් කල් ඔවුන්
නොපිරිහෙන බව ඔවුන් ආක්‍රමණය කිරීමට පැමිණි
අජාසත් රජුගේ වස්සකාර නම් ප්‍රධාන ඇමතිවරයාට උන්වහන්සේ වදාළහ. මෙම අපරිහානීය ධර්ම වල පළමු
ධර්ම තුන මෙසේ දැක්විය හැක.
01. එදිනෙදා පරිපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා නිතර රැස්වීම්
පැවැත්වීම
02. එක්ව රැස්වීම, එක්ව වැඩ කිරීම සහ එක්ව විසිර
යාම
03. රාජ්‍ය නීතිය උල්ලංඝනය නොකිරීම
රාජ්‍ය
නිතිය උල්ලංඝනය නොකිරීම පැරණි ලිච්චවින් ගේ ද වර්තමාන ඉන්දියයන්ගේද
ඇමෙරිකානුවන්ගේද ප්‍රංස වරුන්ගේද හර පද්ධතියට ඇතුළත්ය. ඔවුහු සියළු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීහු
වෙති. ප්‍රජාතන්ත්‍රවාදය අපට බටහිරින් ප්‍රදානය කරණ ලද දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදයට
අදාල වටිනාකම් සමාජය විසින් නිසියාකාරව ග්‍රහණය කරගනු ලැබීමට අප තව බොහෝ දුර යා
යුතුය.
බුදුන්
වහන්සේගේ වචනය අනුව අපගේ පරිහානිය දැන් ඇරඹි ඇත.
No comments:
Post a Comment