ඒකාධිපතිත්වයන්ට
දුර්වලතා ඇත.
ඒකාධිපතිත්වයන් බොහෝ විට අනතුරට භාජනය නොවන බව පෙනෙන්නට
තිබේ. බුද්ධි අංශ, පොලීසිය, සන්නද්ධ හමුදා, බන්ධනාගාර, පුනරුත්ථාපන කඳවුරු සහ ඝාතන
කල්ලි බලවත් කිහිප දෙනෙකු විසින් හසුරුවනු
ලැබේ. රටක මුදල් තත්ත්වය, ස්වභාවික සම්පත් සහ නිෂ්පාදන ශක්තිය බොහෝවිට
ඒකාධිපතීන් විසින් අත්තනෝමතිකව කොල්ලකනු ලබන අතර ඒවා ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය සඳහා යොදාගනු ලැබේ.
සංසන්දනාත්මක වශයෙන් විපක්ෂ ප්‍රජාතාන්ත්‍රික බලවේග අත්‍යන්තයෙන්ම
දුර්වල, උදාසීන සහ බල රහිත බව පෙනී යයි. විපක්ෂයේ මෙම බලරහිතභාවය යටතේ ඒකාධිපතිත්වය අනතුරට භාජනය
නොවන බවට වන හැඟීම නිසා ප්‍රබල විපක්ෂයක් නිර්මාණය නොවේ.
කෙසේනමුත් සම්පුර්ණ කථාව මෙය නොවේ.
ඒකාධිපතිත්වයේ ප්‍රධාන දුර්වල කම හෙවත් ‘ඇචිලිස් ගේ
විලුඹ’ හඳුනා ගැනීම
පුරාතන ග්‍රීක මිථ්‍යා කථාවක් මගින් අනතුරට භාජනය නොවන බව පෙනෙන්නට තිබෙන අයගේ
අනතුරට භාජනය වීමේ හැකියාව නිරූපණය වේ. ඇචිලීස් නැමැති රණශුරයාගේ සම කිසිම ප්‍රහාරයකින් තුවාල
කිරීමට හෝ කිසිම අසිපතක් මගින් පසාරු කරගෙන යාමට හෝ නොහැක. ඔහුගේ මව ඔහු ළදරු කල ස්ටික්ස්
නැමැති ඉන්ද්‍රජාලික නදියේ ගිල්වා ඇතැයි
සැලකෙන බැවින් ඔහුගේ සිරුර සියලුම අනතුරු වලින් ආරක්ෂිතව ඇත. කෙසේවෙතත් ගැටළුවක්
තිබේ. ළදරුවා නදියේ ගසාගෙන නොයනු පිණිස ඔහුගේ මව ඔහුගේ විලුඹෙන් අල්ලාගෙන සිටි
බැවින් ඔහුගේ ශරීරයේ එම කුඩා කොටස ඉන්ද්‍රජාලික ජලයට අනාවරණය නොවිය. ඇචිලිස්
වැඩුණු මිනිසකු වූ පසුව ඔහු සතුරන්ගේ ආයුධ වලින් අනතුරට භාජනය කළ නොහැකි තත්ත්වයක
පසුවිය. කෙසේනමුත් ට්‍රෝයි පුරයට එරෙහි සංග්‍රාමයේදී ඇචිලිස් ගේ දුබලතාව පිලිබඳ දන්නා අයකු විසින් දෙන ලද
උපදෙස් අනුව ඇචිලීස් ට තුවාල කළහැකි එකම ස්ථානය වන ඔහුගේ ආරක්ෂා නොකරන ලද විලුඹට සතුරු
සොල්දාදුවකු විසින් ඊතලයකින් විදින ලදී.
ප්‍රහාරය මරණීය විය. ප්‍රහාරයකදී යම් පුද්ගලයකුගේ, යම් සැලසුමක හෝ යම්
ආයතනයක ආරක්ෂා නොකරන ලද යම් කොටසක් හැඳින්වීම සඳහා ‘ඇචිලිස් ගේ විලුඹ’ යන වාක්‍ය
ඛණ්ඩය අද දක්වාම භාවිතා වේ.
අනුකම්පා විරහිත ඒකාධිපතිත්වයන්ටද මෙම සිද්ධාන්තයම අදාල
වේ. ඉතා ඉක්මනින් සහ අඩුම වියදමකින් ඔවුන්ගේ දුර්වලතාවයන් හඳුනා ගත හැකි නම් සහ
ප්‍රහාරය ඒවාට ඒකාග්ර කල හැකිනම් ඒකාධිපතිත්වයන්ද පරාජය කල හැකිය.
ඒකාධිපතිත්වයන්ගේ දුර්වලතා
ඒකාධිපතිත්වයන්ගේ දුර්වලතා අතර පහත සඳහන් දෑ ද තිබේ.
1.
ක්‍රමය පවත්වා ගෙන යාමට අවශ්‍ය බොහෝ ජනයාගේ, කණ්ඩායම් වල
සහ ආයතන වල සහයෝගය සිමා වීමට හෝ ඉවත් කර ගැනීමට ඇති හැකියාව
2.
පාලන තන්ත්රයේ පැරණි ප්‍රතිපත්ති වල අවශ්‍යතා සහ ඒවායේ
ප්‍රතිඵල මගින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පාලන
තන්ත්රයට දැනට ඇති හැකියාව සිමා කිරීම
3.
ක්රමයේ ක්‍රියාකාරීත්වය නිතිපතා කෙරෙන පුරුද්දක් බවට
පත්වීමෙන් අළුත් අවස්ථාවන්ට ඉක්මනින් අනුගත වීමට ඇති හැකියාව අඩු වීම
4.
පවතින කාර්යයන් වෙත දැනටමත් අනුයුක්ත කර ඇති පිරිස් සහ සම්පත්
නව කාර්යයන් සඳහා පහසුවෙන් පාවිච්චි කළ
නොහැකි වීම
5.
පහළ මට්ටමේ සේවකයන් විසින් සිය ප්‍රධානීන් අසන්තෝෂ
කිරීමට ඇති බිය නිසා ඒකාධිපතීන් ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි සහ සම්පුර්ණ
තොරතුරු ඔවුන්ට දැනුම් දීමෙන් වැලකි සිටීම
6.
මතවාදය දියාරු වී යා හැකි අතර පවතින ක්රමයේ ඇති මිත්‍යාවන්
සහ සංකේත අස්ථාවර විය හැක.
7.
යමකුගේ යථාර්තය පිලිබඳ දෘෂ්ටියට බලපෑ හැකි ප්‍රබල
මතවාදයක් ඇතිවේනම් ඒ පිලිබඳ දැඩි විශ්වාසය මගින් සැබෑ කොන්දේසි සහ අවශ්‍යතා කෙරෙහි අනවධානයක් ඇති
විය හැක.
8.
නිලධාරිතන්ත්රයේ පිරිහෙමින් පවතින කාර්යක්ෂමතාවය සහ
නිපුණතාවය හෝ පමණට වඩා වැඩි පාලනයන් හෝ නියාමනයන් මගින් පවතින ක්රමයේ ප්‍රතිපත්ති
සහ ක්‍රියාකාරීත්වය බල රහිත කිරීමට ඉඩ ඇත.
9.
අභ්‍යන්තර ආයතනික මත ගැටුම්, පුද්ගල එදිරිවාදිකම් සහ
සතුරුකම් මගින් ඒකාධිපතිත්වයේ ක්‍රියාකාරිත්වයට හානි පැමිණවිය හැකි හෝ එය බිඳ
දැමිය හැකි වනු ඇත.
10.
පවතින තත්ත්වයන්, සීමාවන්, නිශ්චිත දේශපාලන මතවාදයකට
අනුගත වීමට කෙරෙන බලපෑම් සහ මර්දනයට ප්‍රතිචාර වශයෙන් බුද්ධිමතුන් සහ ශිෂ්‍යයන් අසහනකාරී
තත්ත්වයකට පත්විය හැක.
11.
කාලයක් ගතවීමේදී මහජනතාව පාලන තන්ත්රය කෙරෙහි උනන්දුව
හීන වීමට, එය සැක කිරීමට හෝ එයට සතුරු වීමට ඉඩ තිබේ.
12.
ප්‍රාදේශීය, පන්ති, සංස්කෘතික හෝ ජාතික වෙනස්කම් උග්‍ර
වීමට ඉඩ තිබේ.
13.
ඒකාධිපතිත්වයන්ගේ බල ධුරාවලිය සෑමවිටම එක්තරා ප්‍රමාණයකට
අස්ථාවර වන අතර සමහර අවස්ථාවන් හිදී එය බොහෝ සෙයින් අස්ථාවර වේ. පුද්ගලයන්
එකම තනතුරේ සහ එකම මට්ටමේ දිගටම නොසිටින අතර එම මට්ටමෙන් ඉහල යාමට, පහළ යාමට,
තනතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර දැමීමට හෝ වෙනත් කෙනෙකු එම තනතුරට පත් කිරීමට ඉඩ
තිබේ.
14.
පොලිසියේ හෝ සන්නද්ධ හමුදා වල සමහර කොටස්, තමන්ගේම
අරමුණු මුදුන්පත් කර ගැනීමට කටයුතු කරනු ඇත. මෙය බලය තහවුරු කරගත් ඒකාධිපතීන්ගේ
අභිලාෂයන්ට පටහැනිව රාජ්‍ය විරෝධී කුමන්ත්රනයකින් හෝ විය හැක.
15.
ඒකාධිපතිත්වය අළුත් නම් එය මනාව තහවුරු වීම සඳහා යම්
කාලයක් අවශ්‍ය වනු ඇත.
16.
ඒකාධිපතිත්වය ක්‍රියාත්මක වීමේදී බොහෝ තීරණ ටික දෙනෙකු
විසින් ගනු ලබන හෙයින් විනිශ්චයේ, ප්‍රතිපත්ති වල සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක
කිරීමේදී වැරදි සිදුවිය හැක.
17.
පාලන තන්ත්රය මෙම අනතුරු වලක්වා ගැනීමේ අටියෙන් පාලන
බලය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීමට අදහස් කරන්නේ නම් බලයේ මර්මස්ථාන
හැසිරවීමේ පාලන තන්ත්රයේ හැකියාව වියැකී යනු ඇත.
ඒකාධිපතිත්වයන්ගේ දුර්වල තැන් වලට පහර දීම
ඒකාධිපතිත්වයන්ගේ මෙම නෛසර්ගික දුර්වලතා පිලිබඳ දැනුමෙන්
පෝෂණය වූ ප්‍රජාතාන්ත්‍රික විපක්ෂය පවත්නා ක්රමයේ ප්‍රබල වෙනසක් කිරීම හෝ එය බිඳ
දැමීම සඳහා ඕනෑකමින්ම මෙම තත්ත්වය උග්‍ර කිරීමට හෙවත් ‘ඇචිලීස් ගේ විලුඹ ඉලක්ක
කිරීමට කටයුතු කළ යුතුය.
එබැවින් මතු දැක්වෙන නිගමනය නිරවුල් විය යුතුය. මතුපිටින්
පෙනෙන්නට ප්‍රබලතාවයන් තිබුනත් සියළුම ඒකාධිපතිත්වයන්ට ආවේනික දුර්වලතා, අභ්‍යන්තර
අකාර්යක්ෂමතාවයන්, පුද්ගල එදිරිවාදිකම්, ආයතනික අකාර්යක්ෂමතාවයන්, සහ සංවිධාන හා
දෙපාර්තමේන්තු අතර මත ගැටුම් තිබේ. කාලයාගේ ඇවෑමෙන් මෙම දුර්වලතා මගින් පාලන තන්ත්රයේ
ඵලදායිතාවය අඩුකරනු ලබන අතර පාලන තන්ත්රය වෙනස්වන තත්ත්වයන්ට සහ චේතනාන්විතව කරනු
ලබන අරගලයන්ට ගොදුරු වීමේ හැකියාව වැඩි
කරනු ලබයි. පාලන තන්ත්රය සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන සියළුම දෑ අවසන් කිරීමට
නොහැකි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඇතැම් අවස්ථා වලදී හිට්ලර් ගේ ඍජු නියෝගයන් පවා
ක්‍රියාත්මක නොවුනි. මක්නිසාද යත් බල ධුරාවලියේ ඔහුට පහළින් සිටි අය විසින් ඒවා ක්‍රියාත්මක
කිරීම ප්‍රතික්ෂේප කළ බැවිනි. අප නිරීක්ෂණය කළ පරිදි ඒකාධිපති පාලන තන්ත්රයන්
සමහර අවස්ථා වලදී ඉතා ඉක්මනින් බිඳී විසිරී
යා හැක.
අවදානම් හදිසි අනතුරු හා තුවාල කරුවන්ගෙන් තොරව ඒකාධිපතිත්වයන්
බිඳ දැමිය හැකි බව මෙයින් අදහස් නොවේ. විමුක්තිය සඳහා වන සියළුම ක්‍රියාකාරකම්, අවදානම සහ
විඳිය හැකි දුක් වේදනාවන් සමඟ බැඳී ඇති අතර ඒවා ක්‍රියාත්මක වීම සඳහා කාලයක් ගතවේ. එසේම
ඇත්ත වශයෙන්ම සෑම අවස්ථාවකදීම කිසිම ක්‍රියාවක් මගින් ඉක්මන් ජයග්‍රහණයක් සහතික කළ
නොහැක. කෙසේනමුත් ඒකාධිපතිත්වයක් පැහැදිලිවම බලවත් වන අවස්ථා වලදී එයට එරෙහිව සටන්
කරනු ලබන අරගලයකට වඩා ඒකාධිපතිත්වයක හඳුනාගත හැකි දුර්වලතා ඉලක්ක කරනු ලබන අරගලයක්
ජයග්‍රාහී වීමට වඩාත් ඉඩකඩ තිබේ. ප්රශ්නය වන්නේ මෙම අරගලය පවත්වාගෙන යන්නේ කෙසේද
යන්නයි.
No comments:
Post a Comment