හර්ෂ
ගුණසේන
පසුගියදා
ආණ්ඩුවේ දුෂණ විරෝධී වැඩ පිළිවෙල මන්දගාමී බව පවසමින් චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ
සරත් ෆොන්සේකා යන අමාත්‍යවරු සතර දෙනා කැබිනට්
සන්දේශයක් ඉදිරිපත් කළහ. ඔවුන් මතුකළ මූලික කාරණා වූයේ ජනවාරි 8 වන දිනට පෙර කරන
ලද දුෂණ ක්‍රියා සංඛ්‍යාත්මක වශයෙන් තහවුරු කර ඇති බවත් ඔවුන්ට දඬුවම් දීම ඉක්මන්
නොවන්නේ නම් ආණ්ඩුව දුෂිතයන් සමඟ ක්‍රියාකරන බවට ජනමතයක් ඇතිවෙමින් පවතින බවත්
එමෙන්ම එම කාලයේ ඇතිවූ දුෂණ ක්‍රියා සැබවින්ම ඇතිවූ ඒවා නොව බොරු චෝදනා බවට
දුෂිතයන් විසින් තවත් ජනමතයක් ඇති කරමින් යන බවත් මේ අනුව හිටපු ජනාධිපතිවරයා සහ
ඔහුගේ ආධාරකරුවන් දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් වන බවට මතයක් ජනතාව තුල ඇතිවිය
හැකි බවත් මහා පරිමාණ දුෂිතයන් ගේ දුෂිත ක්‍රියා පිළිබඳව පරීක්ෂණ නොකරන්නේ ආණ්ඩුවේ
ප්‍රබලයන් සමඟ ඔවුන්ට හිතවත් කම් ඇති නිසා බවත් ඒ අනුව සුළු පරිමාණ වැරදි කරුවන් ට
පමණක් චෝදනා එල්ලවන බවත් මෙම නැඹුරු තාව දිගටම ක්‍රියාත්මක වුව හොත් දුෂණ චෝදනා
ගෙන එන කවරකු හෝ ජනතාව ගේ හාස්‍යයට ලක් විය හැකි බවත් ය. එමෙන්ම 2004 සිට 2014
දක්වා කාලය තුල ඇතිවූ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති වින්දේ සාමාන්‍ය ජනතාව නොව
ඉතා සුළු පිරිසක් බවත් ජාත්‍යන්තර මුල්‍ය වංචා පිලිබඳ තොරතුරු අනුව එම කාලය තුල
ඩොලර් බිලියන 20 ක් මෙරටින් පිටකර ඇති බවත් එම බර ජනතාවට පැවරීමට වර්තමාන ආණ්ඩුවට සිදුවී
ඇති බවත් උත්ප්‍රාසාත්මක ලෙස දුෂණ වලට වගකිව යුතු අය මේ පිළිබඳව ආණ්ඩුවට දෝෂාරෝපණය
කරන බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ
පිළිබඳව සිවිල් සමාජය විසින් දිගින් දිගටම කරුණු දක්වා ඇත. සිවිල් සමාජයේ මතය
වන්නේ දුෂිතයන්ට දඬුවම් නොකළහොත් ඉදිරියේදීද බලවතුන් විසින් දුෂිත ක්‍රියා වල දීමට
ඇති ඉඩ ප්‍රස්ථා වැඩිවන බැවින් නොපමාව සහ නොපැකිලව ඔවුන්ට දඬුවම් කල යුතු
බවය.
මුල්
යුගයේදී මෙයට විරුද්ධව මතුකළ ප්‍රබල තම තර්කය වූයේ රාජපක්ෂ යුගයේදී මෙන් කැළෑ
උසාවි ඇති කර වැරදි කරුවන්ට දඬුවම් දිය නොහැකි බවත් රටේ පවතින ක්‍රම වේදය අනුව මේ
සඳහා කල් ගතවන බවත්ය. එමෙන්ම රාජපක්ෂවරුන් විසින් අයථා ක්‍රම මගින් මෙම දුෂණ
පිලිබඳ පරීක්ෂණ කරන නිලධාරීන්ට බලපෑම් කරන බවටද චෝදනාවක් ඇත.
මෙය
නිලධාරීන්ගේ හෝ ක්‍රමවේදයේ හෝ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව ආණ්ඩුව විසින්
තේරුම් ගත යුතුය. කලකට පෙර චම්පික රණවක
අමාත්‍ය වරයා විසින් විශේෂ අධිකරණයක් මේ සඳහා ඇතිකළ යුතු බව යෝජනා කලේ ඒ නිසාය.
රටේ
කටයුතු සිදුවන ආකාරය පිලිබඳ මනා උදාහරණයක් පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව
විසින් වැඩ තහනමට ලක් කළ තිලිණ ගමගේ මහේස්ත්‍රාත් වරයා මගින් පැහැදිලි කළ හැක.
මෙරට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චය කරුවන්
පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයන්ට යටත්ව ජනාධිපතිවරයා විසිනි.
මහාධිකරණයේ විනිසුරු වරුන් පත්කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත
ජනාධිපතිවරයා විසිනි. අනෙකුත් සෑම අධිකරණයකම විනිසුරු වරුන් පත් කිරීම සහ ඉවත්
කිරීම පිලිබඳ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාව සතුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ
සේවා කොමිෂන් සභාව සමන්විත වන්නේ අගවිනිසුරු ( ඔහු හෝ ඇය කොමිෂමේ සභාපති වේ ) සහ ජනාධිපති
විසින් පත් කරන ලද තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් දෙදෙනෙකු ගෙන් ය. රටේ නිතිය
පසිඳලීමේ ක්‍රියාවලිය අපක්ෂපාතිව සිදුවන බවටත් එසේ සිදුවන බව පෙනෙන්නට තිබෙන බවටත් අධිකරණ සේවා
කොමිෂන් සභාව වග බලා ගත යුතුය. එසේ නොවුන හොත් නීතියේ අධිපත්‍යය බිඳ වැටේ. ඇත්ත
වශයෙන්ම පසුගිය යුගයේ එය බිඳවැටී තිබුන අතර දැනට කෙරෙමින් පවතින්නේ බිඳ වැටී ඇති
ප්‍රතිරූපය නැවත නඟා සිටුවීමයි. එමෙන්ම සරත් සිල්වා ගේ යුගයේදී අධිකරණ සේවා
කොමිෂන් සභාව මගින් පහළ උසාවි වල විනිසුරු වරුන්ට සැලකු නිහීන ආකාරය පිලිබඳ කරුණුද පසුගිය යුගයේදී එළිදරවු විය.
තිලින
ගමගේ මහේස්ත්‍රාත් වරයා අලි හොරකමකට සම්බන්ධ බවට තොරතුරු පුවත් පත් වල විශේෂයෙන්ම
රාවය පුවත්පතේ දිගින් දිගටම පලවිය. රාවය කතුවරයාවන කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් ලියන
ලද අවසන් ලිපියේ මාතෘකාව වුයේ ජනපතිගේ, අගමැතිගේ, අගවිනිසුරුගේ, නීතිපතිගේ,
පොලිසියේ හා නීති යේ රෙදි ගලවන මහේස්ත්‍රාත් යන්නයි. ලිපිය පළවූ දිනම අදාළ
මහේස්ත්‍රාත් වරයා වැඩ තහනමට ලක් කල බව අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කළේය. මෙසේ නිවේදනය
කලේ බැරිම තැනය. අවසන් අවස්ථාවේ දිය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක්
සටහන් කරගෙන අදාළ මහේස්ත්‍රාත් උසාවියට ඔහු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදීමෙන් පසුව ඔහු පොලිසියට කට්ටි පනිමින් සිටි
අවස්ථාවේදීය. රටේ නීතියේ ගෞරවය ආරක්ෂා කිරීමේ
වගකීම ඇත්තේ රාවය පුවත් පතටද?
රටේ
පවතින මෙම තත්ත්වය පිළිබඳව එක අන්තයක් වන්නේ හිටපු නීතිපති වරයා නීතිපති
දෙපාර්තමේන්තුව විසින් දුෂමාන තොරතුරු මත නඩු නොපවරන බවට කළ ප්‍රකාශයයි. අනෙක්
අන්තය වන්නේ ඉහත උදාහරණයයි. රටේ නිතිය පසිඳලීමේ ක්‍රියාවලිය මෙම අන්ත දෙකෙන් තොරව
වහ වහා මැද මාවතකට පැමිණීමේ අවශ්‍යතාවය අද ඉතා තදින් දැනේ.
No comments:
Post a Comment