හර්ෂ ගුණසේන
පසුගිය
වසරේ පෙබරවාරි මස ශ්‍රී
ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ සතිමත්බව
පිලිබඳ ජාත්‍යන්තර සමුළුවේ එක් සාකච්ඡාවක් වූ ප්‍රතිපත්ති සම්පාදනය, පාලනය සහ රාජ්‍ය
තාන්ත්‍රිකත්වය යන මාතෘකාව යටතේ විද්වත් සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිලිබඳ එක් රහසක් හෙළි කළේය. කලකට ඉහත පාර්ලිමේන්තු
සභා ගර්භයේ සජීව විකාශ වලට අවසර නොතිබුණ බවත් ඉන් පසුව දිනකට පැයක කාලයකට පමණක් මේ සඳහා අවසර දෙන ලද බවත් ඔහු කීය. මෙම
පැයේ කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීම මනා තත්ත්වයකට තිබෙන්නට
ඇතැයි කථාව අසාගෙන සිටි අය සිතුහ. එනමුත් සුමන්තිරන් කියා සිටියේ සම්පුර්ණයෙන්ම එහි අනෙක් පැත්ත සිදුවූ
බවයි. එනම් එම කාලය තුලදී මන්ත්‍රීවරුන් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස
හැසිරුණු බවයි. එයට හේතුව තමන්ගේ ඡන්ද දායකයන්ට තමන් අභීත අයකු ලෙස පෙන්නුම්
කිරීමේ අවශ්‍යතාවයයි. එහි තේරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරෙන්නේ තමන්ගේ
ඡන්දදායකයන්ට අවශ්‍ය පරිදි බවත් ඡන්ද දායකයන් සිය නියෝජිතයාගෙන් බලාපොරොත්තු වන්නේ
ව්‍යක්තව කරුණු ඉදිරිපත් කරමින් සාවධානව සවන් දෙමින් කරණ සාකච්ඡාවකට සහභාගී වීම
නොව ප්‍රතිවාදීන්ට අපහාස කරමින් කෙරෙන ප්‍රහාරාත්මක සාකච්ඡාවකට සහභාගී වීම බවයි.එමෙන්ම
පාර්ලිමේන්තු කමිටු සාකච්ඡා වලදී මන්ත්‍රීවරුන් ඉතා සුහදව අන්‍යෝන්‍ය ගෞරවයෙන්
යුතුව සාකච්ඡා කරණ බවත් සුමන්තිරන් කීය. ඔහු හාස්‍යයෙන් යුතුව සඳහන් කළේ කමිටු
සාකච්ඡා සජීවී ලෙස විකාශය නොකරනු ඇතැයි ඔහු සිතන බවය.
මහජනතාව
වන අප එක් පසෙකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ගෞරවනීය හැසිරීමක් බලාපොරොත්තු
වන අතර අනෙක් පසින් ඔවුන් ගෙන් ප්‍රහාරාත්මක හැසිරීමක් බලාපොරොත්තු වමු.
පාර්ලිමේන්තුව යනු මහජනතාවගේ ප්‍රතිබිම්බයයි. විමානය
සෑදෙන්නේ පෙරේතයාගේ හැටියටය.
පසුගිය
වසරේ ඔක්තෝබර් 26 වන දින සිදුවූ කුමන්ත්‍රණයෙන් පසුව
පාර්ලිමේන්තුවේ ඇතිවූ නින්දා සහගත හැසිරීම
පිළිබඳවද සැලකිය යුත්තේ මේ අනුසාරයෙනි.
රටේ
ආර්ථිකය තිබෙන්නේ ඉතා බරපතල තත්ත්වයකය. මෙතෙක් පැවති සියළු ආණ්ඩු එයට වගකිව යුතුය.
අවුරුදු දෙකක හැර නිදහසින් පසු සෑම අවුරුද්දකම රාජ්‍ය අදායම වියදමට වඩා වැඩි විය.
මෙම අමතර වියදම පියවා ගත යුතු වන්නේ දේශීය සහ විදේශීය ණය වලිනි. රාජ්‍ය වියදම
වැඩිවීම උද්ධමනයට හේතුවන අතර ආර්ථිකය ක්‍රියාකාරී මට්ටමින් තබාගැනීමට ද එය
ඉවහල්වේ. රාජ්‍යයේ දේශීය ණය නිසා දේශීය පොලි අනුපාත ඉහළ යා හැක. උද්ධමනය සහ පොලි
අනුපාත ඉහළයාම නිසා විදේශ වෙළෙඳ පොළවල අපගේ අපනයන වල තරඟකාරීත්වය අඩුවී ඒ සඳහා වන
ඉල්ලුම අඩුවිය හැක. මෙය රටේ ගිණුම් වල ආනයන සහ අපනයන අතර හිඟයට එනම් ආනයන වලට වඩා
අපනයන අඩුවීමට හේතුවේ.
මෙම
තත්ත්වය සමනය කර ගැනීමට පසුගිය ආණ්ඩු යම් ක්‍රියාකාරකම් ගෙන ඇති නමුත් ඒවා අසාර්ථක
විය. ජේ ආර් ජයවර්ධන 1953 දී මුදල් ඇමති ලෙස සහල් සලාකය ඇතුළු සහනාධාර කප්පාදු කරමින්
රාජ්‍ය වියදම අඩු කිරීමට ගත් තීරණය ලංකා සමසමාජ පක්ෂයේ මූලිකත්වයෙන් ඇතිවූ හර්තාලය
නිසා ආපසු හැරවිණ. 1970 දී ඇතිවූ සමගි ආණ්ඩුවේ පටි තදකරගැනීමේ ආර්ථික ප්‍රතිපත්තිය
අවසාන වූයේ 1977 දී ජේ
ආර් ජයවර්ධනට 5/6 ක පාර්ලිමේන්තු බලයක් ලබා දෙමිනි. 2001
දී
රනිල් වික්‍රමසිංහ අගමැතිවූ පසුව එවකටද ප්‍රසාරණය වී තිබූ රාජ්‍ය අංශයට කෙරෙන
පත්වීම් නවතා දැමීය. එහි අරමුණ වූයේ වැඩි වෙමින් තිබූ රාජ්‍ය වියදම කපා හැරීමයි.
චන්ද්‍රිකා කුමාරතුංග විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එළඹි මහා
මැතිවරණයේ දී ඔහුගේ පරාජයට එම තීරණය මගින් දැඩි බලපෑමක් කරණ ලදී. එබැවින් සිය
පැවැත්ම තහවුරු කර ගැනීමේ අරමුණින් ආණ්ඩු විසින් ජනතාවට සහන ලබා දෙනු ලැබේ.
පසුගියදා ඇතිවූ කුමන්ත්‍රණ කාරී ආණ්ඩුව විසින් දුන් සහ ඉදිරි අයවැය මගින් පවතින ආණ්ඩුව විසින් දීමට
නියමිත සහන මගින් රටේ ආර්ථික ප්‍රවර්ධනය අඩාල වේ.
අපට
ඇති අනෙක් ප්‍රධාන ප්‍රශ්ණ වන්නේ පළාත් වලට බලය බෙදීම සහ මධ්‍යයේ බලය ඒකරාශී වීම
වැළැක්වීමයි. මහානායක වරුන් ප්‍රධාන සංඝයා සහ ඒ වටා සිටින පිරිස් මෙහි ඇති ප්‍රශ්නයක්
නොදකිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ඇමතිවරු පළාත් සභා සඳහා වැඩි බලතල ඉල්ලා
සිටියහ. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතුවී නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවට නිර්දේශ ඉදිරිපත් කළහ. ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව සකස් කිරීම සඳහාවූ මෙහෙයුම් කමිටුවේ අනු කමිටු වල සභාපති ධුර දරන ලද්දේ
මහින්ද සමරසිංහ. රවුෆ් හකීම්, සාගල රත්නායක, බන්ධුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, සහ ධර්මලිංගම්
සිද්ධාර්තන් යන මන්ත්‍රී වරුය. සුමන්තිරන් සඳහන් කළ පරිදි අනු කමිටු ජනතාවට විවෘත
නොවූ නිසා ඔවුන් හොඳින් සාකච්ඡා කර එකඟතාවයකට එන්නට ඇත. විපක්ෂ මන්ත්‍රීවරු
පාර්ලිමේන්තුවේදී එකක් කියති. එලියට පැමිණ ජනතාවට තව එකක් කියති. ඔවුහු ජනතාව
පසුපස යති. ව්‍යවස්ථාව පිලිබඳ හසරක් නොදන්නා බෙදුම්වාදී භික්ෂුන්ට ව්‍යවස්ථා
විශාරදයන් සේ කතාකිරීමට ඉඩ හැර බලා
සිටිති.
මේ
සියල්ල සිදුවන්නේ මහජනතාවගේ අවශ්‍යතාවය අනුවයි. විමානය සෑදෙන්නේ
පෙරේතයාගේ හැටියටය.
පෙරේතයාගේ
හැටියට නොසෑදෙන විමානද තිබේ. මහත්මා ගාන්ධි සිය අවසාන සත්‍යග්‍රහ උපවාසය කලේ
මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙනි. ඔහු ඝාතනය කරන ලද්දේද ඒ නිසාය. නෙල්සන්
මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති වූ පසුව සිය රටේ උන්නතිය පිණිස සිය
පාක්ෂිකයන්ගේ සහ ජනතාවගේ විරෝධය නොතකා හිටපු වර්ණභේදවාදී පාලකයන් සමඟ සන්ධාන ගත
විය.නොයෙකුත් අඩුපාඩුකම් මැද වුවත් එක්සත් ප්‍රබල දකුණු අප්‍රිකාවක් ඇති වූයේ ඒ
නිසාය. ගාන්ධි රටේ දේශපාලන නායකත්වය භාර
නොගත් අතර මැන්ඩෙලා ජනාධිපති පදවිය දැරුවේ එක් වතාවක් පමණි. ඉන්පසු ඔහු විශ්‍රාම
ගියේය. ඔවුහු පෙරේතයන්ට වඩා බොහෝ උසස්
අන්දමට විමාන නිර්මාණය කළහ.
ලිච්ඡවීන්ගේ රාජ්‍යකරණය අනුව යමින් රනිල් වික්‍රමසිංහ
විසින් යෝජනා කර ක්‍රියාත්මක කරණ ලද සන්ධාන ආණ්ඩුවේ අරමුණ වූයේද නෙල්සන් මැන්ඩෙලා
ගේ අරමුණමයි. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයේ ද තිබුනේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවූ
සන්ධාන ආණ්ඩුවකි. රටක් ප්‍රබල ජාතික ප්‍රශ්නයකට මුහුණ දෙන විට කටයුතු කළ යුත්තේ ඒ
ආකාරයටයි.. මෙරට විමානය සෑදී ඇත්තේ පෙරේතයාගේ
හැටියට වන නමුත් ලෝක ඉතිහාසයේ නොයෙකුත්
අවස්ථාවල සිදුවූ පරිදි විමානය පෙරේතයා ට වඩා උසස් අන්දමට නිර්මාණය කිරීමට තවමත්
අවකාශ තිබේ.