හර්ෂ ගුණසේන
දැන් දෙමළ අන්තවාදය යුද්ධමය වශයෙන් පරාජය කර ඇත. දෙමළ අන්තවාදය ශක්තිමත් කළ සිිිිිංහල අන්තවාදය වඩාත් ප‍්‍රබල වී ඇත. අද ජාතික ප‍්‍රශ්නයක් නැති ලෙසට රාජ්‍යය හැසිරෙන්නේ එබැවිනි. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට යෝජනා කිරීම වැනි අමනෝඥ කි‍්‍රයාවලින් රාජ්‍යයේ අපරිණත මානසිකත්වය එළි දැක්වේ. මෙවැනි මානසිකත්වයකින් යුතු නායකත්වයකට රාජ්‍යයක් තබා කර්මාන්ත ශාලාවක්වත් මනාව පාලනය කළ නොහැක. නොමනාව පාලනය කළ හැක. එය බුරුම මිලිටරි ජුන්ටන් හෝ විමුක්තිකාමියකුගේ සිට කෲර පාලකයකුගේ මට්ටමට පිරිහුණුු රොබට් මුගාබේ මෙනි.
රට මුහුණ දී තිබෙන මෙම තීරණාත්මක අවස්ථාවේදී සොළී සතුරු හමුදාවන් පරාජය කර රට දිනූ දුටුගැමුණු සහ පළමුවන විජයබාහු යන ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයන් දෙදෙනා යුද්ධ ජය ගැනීමෙන් පසු දැරූ ආකල්ප නිර්වින්දනය වී සිටින අපේ සමාජයේ යහපත ස`දහා විමසා බලනු වටී. එයට පෙර සිංහලයන් අතර පවත්නා දුර්මතයක් සාකච්ඡුා කිරීමට කැමැත්තෙමි. එනම් ‘අතීතයේදී ද්‍රවිඩයන් ජාතියක් වශයෙන් සිංහලයන් ආක‍්‍රමණය කළ බව’යි. මෙම ප‍්‍රවාදය ඉතිහාසගත සාක්ෂි අනුව බිඳ හෙළිය හැක. අතීතයේදී සිදු වූයේ රාජ කුමාරවරුන් අතර බලය හා ආධිපත්‍යය සඳහා වූ යුද්ධයි. එ්වාට ජාති හෝ වර්ගය හෝ සාධකයන් නොවීය.
ලක්දිව රාජ කුමාරවරු ස්වකීය අභ්‍යන්තර අරගලවලදී බොහෝ විට දකුණු ඉන්දියානු ආධාර පැතූ බව වංශ කතාවල සඳහන් වේ. ධාතුසේන රජුගේ පුත් මුගලන් සිය සොහොයුරු වූ කාශ්‍යප සම`ග යුද කිරීමට රැුගෙන ආවේ දකුණු ඉන්දීය සේනාවකි. ”සලමෙවන් රජු රජ කරන කල දෙටුතිස් කුමර මයිල් සිරිනාග තෙමේ එතෙර ගොස් බොහෝ දෙමළුන් ගෙන අවුත් උතුරු රට ගන්ට පටන් ගත.” ”සිරිස`ගබෝ (අග්බෝ කුමර* දෙමළු කැටිව ලක්දිව පැමිණ දෙටුතිස් මරා රජ විය.” ”දළ සිව් නැමැති දෙටුතිස්ගේ ඇමැති දෙමළ සෙන් ගෙනවුත් සිරිස`ගබෝ නැවත දඹදිවට පළවා හැරීය.” ”මානවම්ම දඹදිව බොහෝ කලක් සිට එරජු හා මිතුරු වී ද්‍රවිඩ සේනා ගෙන ලක් රජය ගත්තේය.” යනාදී වශයෙන් ලංකා ඉතිහාසය මුළුල්ලේම දක්නට ලැබෙන මෙවැනි සිද්ධීන් ජාතිවාදී පදනමක් උඩ ඇති විය හැකි දැයි විමසා බැලිය යුතුය. එකල තිබූ චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී ද්‍රවිඩ රාජ්‍යයන් අතර ද නිරතුරුවම යුද්ධ පැවතිණි.
සමහර අවස්ථාවලදී සිංහල රජවරු දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළහ. දෙවන සේන (නමවෙනි සියවස*, පස්වන කාශ්‍යප (10 සියවස*, සිව්වන උදය (10 සියවස* සහ මහා පරාක‍්‍රමබාහු (12 සියවස* ඔවුන්ගෙන් සමහරෙකි. මාඝ ලක්දිව ආක‍්‍රමණය කරන සමයේ මෙරට සිටියේ සිංහල රජෙක් නොවේ. ”ධාර්මික යැයි සිතිය හැකි පරිදි රජ කළ” පරාක‍්‍රම නම් පාණ්ඩ්‍ය කුමාරයායි. ඔහුට කලින් රජ කළ ලෝකේශ්වර කාලිංග වංශිකයෙකු වූ බවත් සොළීන්ට විරුද්ධව සටන් කළ බවත් කොට්ටන්ගේ ගිරි ලිපිවලින් ඔප්පු වේ. මහා පරාක‍්‍රමබාහු සොළී, පඬි සේනා සමඟ පමණක් නොව බුරුමයට ද විරුද්ධව සටන් කළ බවට චූල වංශයේ එන විස්තරය දෙවනගල සෙල්ලිපියෙන් සනාත වේ. බුරුමය දෙමළ රටක් නොවේ. ලංකාව හා ඉපැරණි සබඳකම් තිබූ බෞද්ධ රටකි. මෙරට පළමු රජු වූ විජය, රටේ ප‍්‍රගතියට බොහෝ දෑ කළ නිශ්ශංකමල්ල සහ ලක්දිව දරුණු ලෙස විනාශ කළ මාඝ ද පැමිණියේ එකම කාලිංග දේශයෙනි. කි‍්‍ර.ව. 560 දී කීර්ති ශී‍්‍ර රජු දවස දන්ත ධාතුව මෙරටට ගෙන ආවේ ද කාලිංග දේශයෙනි. එම කරුණු අනුව ‘දෙමළුන් ලංකාව විනාශ කළා’ යන වැකියෙන් ගම්‍ය වන ‘දමිළයෝ ජාතියක් වශයෙන් සිංහලයන් ආක‍්‍රමණය කළහ’ යි යන අදහස නිසරු එකක් බවත් එකල පැවතියේ රාජ කුමාරවරුන් අතර බලය සඳහා කෙරුණු යුද්ධ බවත් පැහැදිලි විය යුතුය.
පුරාතන යුගයේ සිට සිංහල රජවරු ද්‍රවිඩ රජ කුමරියන් සරණ පාවා ගත්හ. ඔවුහු ජාතිවාදය නොතැකූ අතර රදළ සම්බන්ධතාව උසස් කොට තැකූහ. චන්ද්‍රමුඛ රජුගේ බිසව ද්‍රවිඩ දේවියකි. මහානාම රජුට දාව ද්‍රවිඩ ස්ත‍්‍රියක කුස උපන් සොත්ථිසේන එක් දිනක්් රාජ්‍යය කළේය. කුප‍්‍රකට අනුලා දේවියට දමිළ සැමියන් දෙදෙනෙක් සිටියහ. සිංහල රාජ්‍යයට පසු කලෙක නායක්කාර් වංශිකයන් පත් වූයේ ද සිංහල රජුන්ගේ ඉහත සඳහන් සිරිත නිසාය. 6 වන පැරකුම්බා රජුගේ දුව ලෝකනාථා විවාහ වූයේ ද්‍රවිඩ ජාතිකයකු සමඟය. 6 වන බුවනෙකබා නමින් රජ වූ සපුමල් කුමරුගේ පියා ද ද්‍රවිඩ ජාතිකයෙකි. එකල සිටි යුද්ධ සේනාවෝ දමිළයන්ගෙන් සමන්විත වූහ. අගම්පඩි සේනාවට සිංහලයන් ද සිටි නමුත් බොහෝ විට කේරල, කර්ණාටක ආදී දකුණු ඉන්දියාවෙන් පැමිණි ජනයා මේ ගණයට අයත් වූහ. කුලියට ගත් යුද භටයන් කොටසක් වූ වේලක්කාර සේනාව සමන්විත වූයේ ද්‍රවිඩයන්ගෙනි. පළමු වරට සිංහල රජුට සේවාකම් කළ දමිළයන් ගැන සඳහන් වන්නේ කි‍්‍ර.ව. 3 වන ශත වර්ෂයේ අග භාගයේදීය.
ද්‍රවිඩ භික්ෂුහූ එකල ලංකාවේ සිටියහ. චෝල රටේ උරග පුරයේ උපන් බුද්ධදත්ත හිමියෝත් කාඤ්චී පුරයේ උපන් බෑරතිත්ථ ධම්මපාල හිමියෝත් ද්‍රවිඩ ජාතික අටුවාචාරීන් වහන්සේලාය. සොළී රටින් පැමිණි භික්ෂූන් කොටසක ප‍්‍රධානියා වූ සංඝමිත‍්‍ර සහ මහසෙන්ගේ ආචාර්යවරයා වීය. සමහර යුගවලදී දකුණු ඉන්දියානු ද්‍රවිඩ රටවලදී බුද්ධ ධර්මයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණු බව පැහැදිලි වෙයි.
එකල විද්‍යාස්ථානයන්හි ද්‍රවිඩ භාෂාව ඉගැන්වුණි. වෝහාරතිස්ස රජුගේ ඇමතියෙකු වූ කපිල ද්‍රවිඩ භාෂා විශාරදයෙකි. සය වන අග්බෝ රජුගේ ඇමතියෝ ද්‍රවිඩයෝ වූහ. දෙවන පැරකුම්බා ද්‍රවිඩ භාෂාව දැන සිටි බව දඹදෙණි අස්නෙන් පැහැදිලි වේ. එකල අපේ භාෂා සාහිත්‍යයට ද්‍රවිඩ භාෂාව තදින් බලපෑ බව උමන්දාව වැනි පොත් සාක්ෂි දරයි. ද්‍රවිඩ භාෂාව සහ සාහිත්‍ය තොටගමුවේ විජයබා පිරිවෙනේ ද උගන්වන ලදී. 1815 ගිවිසුමේදී මොණරවිල කැප්පෙටිපොල, ගලගොඩ හා ගලගම යන තිදෙනා හැරුණු විට අනෙක් අය අත්සන් කළේ දෙමළෙනි. මෙකල ඉංග‍්‍රීසිය මෙන් එකල දෙමළ ”ප‍්‍රභූවරුන්ගේ භාෂාවක්ව” තිබුණු බව එයින් පිළිගත හැකිය.
සමහර දෙමළ රජවරු බෞද්ධයන්ව සිටි බව පෙනේ. ක‍්‍රි.ව. 5 වන ශත වර්ෂයේ සිටි කුඩා පාරින්ද නම් දෙමළ රජු බෞද්ධයෙකුව සිටි බව ඔහුගේ අනුරාධපුර සෙල් ලිපියෙන් නිගමනය කළ හැකිය. අසද්දා කව ලියූ රාජාධි රාජසිංහ මෙන්ම අනෙක් නායක්කාර් වංශික රජවරුද බෞද්ධයෝ වූහ. පොළොන්නරු යුගයේ සිංහල කලා ශිල්පවල හින්දු බලපෑම ශිව දේවාල, ප‍්‍රතිමාඝර සහ සඳකඩ පහණින් ගවයා ගිලිහී යාම වැනි කරුණුවලින් පැහැදිලි වෙයි. ලංකා ඉතිහාසය මුළුල්ලේම පවතින ද්‍රවිඩ සම්බන්ධතා ගැන සලකා බලන විට ජාති භේදවාදී හැගීම් එකල පැවතුණු බවට පැහැදිලි සාක්ෂි නොමැත.
යුද්ධයෙන් පසුව පළමුවන විජයබාහු දෙමළ ජනතාව සමඟ අදහස් හුවමාරු කිරීමට දෙමළ භාෂාව භාවිත කළ අතර ඔවුන්ගේ ඇදහිලි ක‍්‍රම යටපත් නොකර එ්වාට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන් බවට සාක්ෂි ඇත. එමතුද නොව ඔහු සොළීන් සමඟ මිත‍්‍ර සම්බන්ධතාද ඇති කරගෙන ඇත.
පළමුවන විජයබාහු රජතුමාගේ කාලයේදී කරවන ලද පාලමෝට්ටෙයි (කන්තලේ අසළ* දෙමළ සෙල් ලිපියේ බ‍්‍රාහ්මණ කාන්තාවක් විසින් ශිව දෙවියන්ට කරන ලද පරිත්‍යාගයන් ගැනත් එයට වේලක්කාර සේනාව මගින් ආරක්ෂාව ලබා දීමක් ගැනත් සඳහන් වේ. මේ පිළිබඳව විස්තරයක් ලියන ආචාර්ය පරණවිතාන මේ ශිව දේවාලය කරවන ලද්දේ පළමුවන විජයබාහු විසින් හෝ එතුමාගේ අනුග‍්‍රහය යටතේ හෝ විය හැකි බව සඳහන් කරයි. ආචාර්ය පරණවිතාන මෙසේ ද කියයි. ”විජයබාහු සම්බන්ධව මෙතෙක් සොයා ගත් ඓතිහාසික ලේඛන හා සෙල් ලිපි අනුව ඔහු බුදු සමයේ ශ්‍රේෂ්ඨ අනුග‍්‍රහයෙකු බවත් චෝල සමයේ පහත් තත්වයක වැටුණු බුදු සමය න`ගා සිටුවීමෙහිලා ඔහු මුළු ශක්තියම යෙද වූ බවත් පැහැදිලිය. නමුත් මෙම සෙල්ලිපියෙන් පැහැදිලි වන පරිදි බුදු සමය කෙරේ ඔහු තුළ පැවති ප‍්‍රබල ලැදියාව ඔහුගේ යටත් වැසියන් අතර ප‍්‍රචලිත වූ ඇදහිලිවලට ඔහුගේ අනුග‍්‍රහය පුළුල් කිරීමට බාධකයක් නොවීය.’’
පළමුවන විජයබාහු තනිකරම දෙමළ හින්දු ප‍්‍රදේශවල බුදු පිළිම ගොඩ නොනංවන්නට ඇතැයි අනුමාන කරමි. නිකවැරටිය අසළ බුදු මුත්තාවෙන් ක‍්‍රි.ව. 1122 කරවන ලද දෙමළ ටැම් ලිපි දෙකක් හමුවී ඇත :ෑග2ගඪදක සසස*. වීරබාහුගේ (මෙ නම් එවකට ප‍්‍රදේශාධිපතිව සිටි මානාභරණ යැයි ආචාර්ය පරණවිතාන සඳහන් කරයි* නිලධාරීන් පැරණි සිරිත් විභාග කර බලා, කම්මල්කරුවන්ට ”කොට්ට කලූ” බඩු ගෙන යන අශ්වයන්ගේ සෑදැල සහ මළවුන්ගේ මුහුණු ආවරණය සඳහා රෙදි ආදිය භාවිතයට ඉඩ ඇතැයි තීරණය කර රෙදි සෝදන්නන්ට ඔවුන්ගේ සේවය එ් අනුව ඉටු කරන ලෙස නියෝග කිරීමක් ගැන මෙයින් පළමු වන ලිපියේ සඳහන් වේ. එ් යුගයේ රජය දෙමළ ජනයා සමග කටයුතු කිරීමේදී මාධ්‍ය ලෙස දෙමළ භාෂාව යොදාගත් බව මෙයින් පැහැදිලි වෙයි. දෙවන ලිපියේ ස`දහන් වන්නේ සොළී රජ කුමරියන් ඊශ්වර දේවාලයකට දුන් පහනක් නඩත්තු කිරීම සඳහා කළ මුදල් පරිත්‍යාගයක් ගැනයි. මේ ලිපියෙන් පැහැදිලි වන පරිදි එවකට ලංකාව සොළීන් සමග මිත‍්‍ර සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව පෙනෙතැයි ආචාර්ය පරණවිතාන කියයි. දුටුගැමුණු ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම දේශපාලනඥයෙකි. ඔහුට සටන් කිරීමට සිදු වූයේ එවැනිම ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් වූ එළාර සම`ගය. දුටුගැමුණු ප‍්‍රධාන චරිතය කොට ගත් වීර කාව්‍යයක් ලෙස රචිත මහාවංශය එළාරගේ දුර්ගුණයකට දක්වන්නේ ඔහු නොනසන ලද මිථ්‍යාදෘෂ්ටි ඇතිව විසූ බව පමණි. ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළ තෙමේ යනුවෙන් පටන් ගන්නා මහාවංශ විස්තරය රජ තෙමේ විනිශ්චය කාලයේ සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථ වී යනුවෙන් ද සඳහන් කරයි. එක් දිනක් එළාර භික්ෂුන් හමු වී ආපසු එන අතරතුර ඔහුගේ රථය වැදීමෙන් චෛත්‍යයක කොටසක් කැඞී ගියේය. එකල ඔහු රථයෙන් බැස ”චක‍්‍රයෙන් මාගේ හිස ද සිඳිව්” යැයි මඟ හොත් බව මහාවංශයේ සඳහන් වේ. නමුත් මහාවංශයේම වළගම්බා පින් චෝරනාග ගැන ”එ් පාපිෂ්ට තෙම ලෝකාන්තරික නිරයෙහි උපනි” යනුවෙන් ද මහසෙන් ගැන ”පවිටු වූ මහසෙන් රජු” යනුවෙන් ද සඳහන් වේ.
යුද්ධයේදී අවසන් අදියරේදී තරුණ වියේ පසු වූ දුටුගැමුණු විසින් දෙපාර්ශවයේම සේනාව විනාශ වීම වැළැක්වීම සඳහා යෝජනා කළ ද්වන්ද්ව සටනට එවකට වයස 70 ක් පමණ වූ එළාර කැමැති වීම මගින් මොවුන් දෙදෙනාගේ විශේෂයෙන්ම එළාරගේ ශ්‍රේෂ්ඨත්වය විද්‍යමාන වේ.
යුද්ධයෙන් පසු දුටුගැමුණු විසින් එළාර සොහොන නිර්මාණය කරන ලද්දේ එම ශ්‍රේෂ්ඨ මිනිසාට ගෞරව කිරීමට අමතරව යුද්ධයෙන් පරාජය වූ ජනතාවට ගෞරව කිරීමටයි. ඉන්පසු දුටුගැමුණු, එම ස්ථානය පසු කර යන ඕනෑම කෙනෙකු රථයෙන් බැස පයින් ගමන් කළ යුතු බවට නියෝග කළේය. මෙම නියෝගය කෙතරම් බලවත් වීද යත් දුටුගැමුණුගේ සොහොයුරාගේ බාල පුත් වළගම්බාට, සොළී ආක‍්‍රමණයකින් පසු පළා යන විට එළාර සොහොන පා ගමනින් පසු කර යාමට සිදු වීම නිසා ආක‍්‍රමණිකයන්ගෙන් බේරීමට සිය බිසව වූ සෝමා දේවිය රථයෙන් බස්වා පළා යාමට සිදු විය.
පරාජිතයෙකුට මේ තරම් ගෞරව කළ අවස්ථාවක් ලංකා ඉතිහාසයෙන් සොයා ගැනීමට නොහැක. මෙය ලෝක ඉතිහාසයේද අසාමාන්‍ය සිදු වීමකි. දුටුගැමුණුගේ සහ පළමුවන විජයබාහුගේ විශිෂ්ට රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය ආදර්ශයට ගැනීම වත්මන් රාජ්‍ය පාලකයන්ගේත් ඔවුන්ට බලපෑම් කරන සිංහල අන්තවාදීන්ගේත් නිර්වින්දනය වී සිටින සිංහල සමාජයේත් වගකීමක් හා යුතුකමක් වන්නේය.
දෙමළ අන්තවාදය ද සිංහල අන්තවාදය ද මතවාදී තලයේදී පරාජයට පත් කිරීම අද ජීවත් වන දමිළයන්ගේත් සිංහලයන්ගේත් ඓතිහාසික කාර්යභාරය වන්නේය. මේ සඳහා මූලිකත්වය ගත හැකි වන්නේ මධ්‍යස්ථ මතධාරී සිංහලයන්ටයි x
(Published in Samabima)
No comments:
Post a Comment