පසුගිය දා ලෙස්ටර් ජේම්ස් පදනම ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වීමට ලෝක සිනමාවට විශිෂ්ට සිනමා කෘති ගණනාවක් දායාද කළ සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන් ලංකාවට පැමිණියේය. ඔහුගේ ‛ගැහැනුන් හතර දෙනා’ නම් වූ චිත්‍රපටය ඔහුගේ ද සහභාගීත්වයෙන් යුතුව නැරඹීමට අවස්ථාව ලදිමි. එය 1940 – 1950 පමණ කාලයේ කේරළයේ කාන්තාවන් විඳින දුක්ඛදෝමනස්සයන් මැනවින් චිත්‍රණය කළ කෙටි චිත්‍රපට හතරක එකතුවකි. චිත්‍රපටය අවසානයේ ප්‍රශ්න ඇසූ පිරිමි මෙම චිත්‍රපටය මැනවින් වින්දනය නොකළ බව පෙනෙන්නට තිබුණි. සාකච්ඡාව අවසානයේදී අධ්‍යක්ෂකවරයා හමු වූ මම මෙම චිත්‍රපටය සර්වකාලීන එකක් බවත් පිරිමින්ට වඩා ගැහැනුන් මෙය වටහා ගනු ඇති බවත් කීමි. ලෝකයේ සෑම තැනම මෙම චිත්‍රපටය පෙන්වූ විට ඔහුගේ අත්දැකීම එය වූ බව පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේය.
ලාංකික සමාජයේ තිබෙන මූලික ප්‍රශ්නය අනෙකා කෙරේ සංවේදී නොවීමයි. ගැහැනුන් මුහුණ දෙන ගැටලු වටහා ගැනීමට පිරිමි අසමත් වෙති. දෙමළුන් මුහුණ දෙන ගැටලු වටහා ගැනීමට සිංහලයෝ අසමත් වෙති. ඒ අනුව ලාංකික සමාජයේ ප්‍රථම පංතියේ පුරවැසියන් වන්නේ සිංහල බෞද්ධ ගොවිගම පුරුෂයෝය.
ලාංකික ආර්ථිකයට ගැහැනුන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. බොහෝ අය මෙය දැන සිටියත් අවාසනාවකට මෙම දායකත්වය ලබා දෙන කාන්තාවන් නිසි ඇගයීමකට ලක් වී නැත. කලකට පෙර ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණේ තේ අපනයනයෙනි. දෙවැනි තැනට ආවේ රබර් අපනයනයයි. තේ හා රබර් කර්මාන්තවල ප්‍රමුඛතම කාර්යයන් වන තේ දලු නෙළීම හා රබර් කිරි කැපීම කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. ඉන් පසුව මෑත යුගයේ වැඩිම විදේශ විනිමය උපයන මාර්ගය බවට ඇඟලුම් කර්මාන්තය පත්විය. එහි ප්‍රමුඛතම නිෂ්පාදන කාර්යය කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. දැනට ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්නේ පිටරටවල වැඩ කරන ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල්වලිනි. මෙම ශ්‍රමිකයන්ගෙන් විශාල ප්‍රතිශතයක් කාන්තාවෝ වෙති.
2010 වර්ෂයේ මුළු අපනයන වටිනාකම රුපියල් බිලියන 937 කි. තේවලින් ලද ආදායම රුපියල් බිලියන 155 ක් වූ අතර රබර්වලින් ලද ආදායම රුපියල් බිලියන 19 කි. ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම රුපියල් බිලියන 374 කි. මුළු ආනයන වියදම රුපියල් බිලියන 1526 ක් වූ අතර වෙළඳ ශේෂ පරතරය රුපියල් බිලියන 588 කි. ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය රුපියල් බිලියන 465 කි. මුළු අපනයන ආදායම සහ ශ්‍රමිකයන් එවූ මුදල්වල එකතුව රුපියල් බිලියන 1402 කි. මෙම මුළු විදේශ විනිමය ලැබීම්වල ප්‍රතිශතයක් ලෙස ගතහොත් තේ සහ රබර්වලින් ලද ආදායම 12% කි. ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම 26% කි. ශ්‍රමිකයන් එවූ මුදල් 33% කි. මෙහි මුළු එකතුව 71% කි. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වේ.
මෙම ක්ෂේත්‍රයන්ගේ ප්‍රවර්ධනය කෙරෙහි රාජ්‍යයේ දායකත්වය ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර ඒ කෙරෙහි රාජ්‍ය ආකල්පය අසතුටුදායකය. තේ සහ රබර් වතුවල සේවය කරන මූලික වශයෙන් ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ට ලැබෙන වැටුප රටේ අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රමිකයන්ට ලැබෙන වැටුපට වඩා අඩු මට්ටමක පවතී. මේ හේතුවෙන් ඉඩප්‍රස්ථා අඩු වුණත් ශ්‍රමිකයන් වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු වීම වැඩි වෙමින් පවතී. සේව්‍ය සේවක දෙපක්ෂයම එකතු වී ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීමේ ක්‍රමෝපායන් හඳුනා ගැනීම අවශ්‍ය වන අතර එය තනිකර සේවක පක්ෂයේ වගකීමක් නොවේ.
ඇඟලුම් අපනයන ආදායමෙන් 50% ක් ලැබෙන්නේ යුරෝපා සංගමයේ රටවලිනි. එක්සත් ජනපදය 40% කට දායක වන අතර අනෙකුත් රටවල් 10% කට දායක වේ. ජී.එස්.පී. ප්ලස් :ඨීඡූ* සහනය දීර්ඝ කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ යම් යම් වෙනස්කම් ඇති කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම යෝජනා ක්‍රියාත්මක වූයේ නම් ඒවා ජනතාවට හිතකර වනු ඇති අතර මර්දනකාරී පාලනයට අහිතකර වනු ඇත. යුරෝපා සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කර සාධනීය යෝජනා පිළිගන්නා මට්ටමකට රජය යොමු වුණේ නම් එය අපනයන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම කෙරෙහි සහ ජනතා පරමාධිපත්‍ය හා ජනතා අයිතීන් කෙරෙහි හිතකර ලෙස බලපානු ඇත. එහෙත් රාජ්‍ය ස්වෛරීත්වයට මුවා වී තෝරා ගත්තේ ජනතාවට අහිතකර, රටට අහිතකර, මර්දනකාරී පාලනයකට හිතකර විකල්පයකි.
පසුගිය දා රාජ්‍යය විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට තැත් කළ පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවිකාවන්ගේ මූලික සමාජ අවශ්‍යතාවයන් නොසලකා ඇති කරන ලද්දකි. කෙටි කලක් සේවය කර අර්ථසාධක අරමුදල හරහා විවාහය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. රාජ්‍යයට මෙය ඒත්තු ගැන්වීම සඳහා විශාල අරගලයක් කිරීමට අවශ්‍ය විය.
විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවලින් 60% ක් ලැබෙන්නේ මැද පෙරදිග රටවලිනි. මුළු විදේශගත ශ්‍රමිකයන්ගෙන් 66% ක් ගෘහ සේවිකාවෝ හා නුපුහුණු ශ්‍රමිකයෝ වෙති. 2010 මහබැංකු වාර්තාවේ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණ මුදල් වෙළඳ ශේෂ හිඟය ආවරණය කිරීමට උපකාරී වූ බව සඳහන් වේ. ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීම සඳහා සේවා යෝජකයන් සමඟ ඉහළ වැටුප් ගෙවීම සම්බන්ධව සාමූහික සම්මුතීන්ට එළඹීම හා ඉහළ වැටුප් සහිත රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් දිරිමත් කිරීම යන කරුණු දෙක හැරුණු කොට දක්වා ඇති අනෙක් කරුණු බැංකු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළ වේ. විදේශ රැකියා සඳහා නුපුහුණු ශ්‍රමිකයන් ඇදී යාම ආරම්භ වූයේ 1980 දශකයේ මුල හරියේය. වසර 30 ක් පමණ කාලයක් තිස්සේ වසරින් වසර වැඩි වූ මෙම ප්‍රේෂණ ජාතික ආර්ථිකය පෝෂණය කිරීමට රාජ්‍යය විසින් යොදා ගනු ලැබ ඇත. දීර්ඝ කාලීන වශයෙන් මෙම ශ්‍රමිකයන්ගේ සේවා තත්ත්වය උසස් කිරීමට සහ ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙළක් රාජ්‍ය විසින් තවමත් හඳුන්වා දී නොමැත.
පසුගිය කාලයේ වැට් බද්ද ආපසු ගෙවීමේදී අපනයන ව්‍යාපාරිකයන් කෙරෙහි රජය විසින් දක්වන ලද ඍණාත්මක ආකල්පය දැන් යම් තරමකට හොඳ අතට හැරී ඇතත් රජයේ විනිමය ප්‍රතිපත්තිය අපනයනවලට අහිතකරය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු කිරීම එනම් රුපියල ප්‍රබල කිරීමේ ප්‍රයත්නයක වර්තමාන රජය නිරතව සිටියි. රුපියල ස්ථායි අගයක පවත්වා ගැනීම සිය අරමුණ බව රජය ප්‍රකාශ කර ඇතත් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 100 දක්වා අඩුවනු ඇති බවට අනාවැකි පළ කර ඇත. ඩොලරයකට ලැබෙන රුපියල් ගණන වෙළඳපොළේ දිනෙන් දින අඩු වෙමින් පවතී. මේ මඟින් අපනයනයේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු වී එය එම ප්‍රතිග්‍රාහකයන්ට අහිතකර ලෙස බලපානු ඇත.
සමස්තයක් වශයෙන් රටට මුදල් උපයා දෙන පාර්ශ්වයන් කෙරෙහි රජය දක්වන අසතුටුදායක ආකල්පය දීර්ඝ කාලීන වශයෙන් රටේ ප්‍රගමනයට අහිතකර ලෙස බලපානු ඇත. මෙම මුදල් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයන්වල ගාමක බලවේගය කාන්තාවන් බව රාජ්‍යය මෙන්ම පුරවැසියන් ද සිහියේ තබා ගැනීම වටී∎

හර්ෂ ගුණසේන
(Published in Samabima- 16th September 2011)
No comments:
Post a Comment