හර්ෂ ගුණසේන
ලංකාවේ දැන් තිබෙන්නේ මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියකි. යම් කිසි ප‍්‍රශ්නයක් ඇති වූ විට පළමු කොටම දේශපාලන බැලයන් ලවා ප‍්‍රස්තුත ප‍්‍රශ්නයට හේතු වූ රාජ්‍යයට හෝ පුද්ගලයාට හෝ ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරවනු ලැබේ. මීට අමතරව රාජ්‍ය තාන්ත‍්‍රික මාර්ගයන් හරහා ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ ගනු ලැබේ. එම උත්සාහයන්ගේ ප‍්‍රවේශය හා ස්ථාවරය ප‍්‍රසිද්ධියේ කරන දෝෂාරෝපණවල ප‍්‍රවේශය හා ස්ථාවරයට වඩා බොහෝ සෙයින් වෙනස් විය හැක.
මෙම මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියේ ආරම්භකයා හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස යි. 1977 මහ මැතිවරණයට පෙර ප‍්‍රසිද්ධ රැුස්වීම්වලදී ඉන්දිරා ගාන්ධි සහ ඇගේ පුත් සන්ජේ ගාන්ධි ඉන්දීය කොන්ග‍්‍රසයේ සලකුණ වූ එළදෙන සහ පැටියාට උපමා කරමින් ඔහු විසින් අපහාසාත්මක ප‍්‍රකාශ කරන ලදී. එයට පසු ඔහු ජනාධිපතිව සිටි යුගයේ ඉන්දීය හමුදාවට ලංකාවෙන් ඉවත් වෙන ලෙස ඔහු විසින් කරන ලද ප‍්‍රසිද්ධ කතාවකදී දැනුම් දෙන ලදී.
පේ‍්‍රමදාසගේත් වර්තමානයේත් වෙනස නම් වර්තමානයේ දේශපාලන බැලයන් ලවා කරවන දෙය පේ‍්‍රමදාස තමා විසින්ම කිරීමයි.
විදේශ සබඳතා සහ විදේශ ප‍්‍රතිපත්තීන් ඉතා පරිස්සමෙන් සහ ගෞරවාන්විතව හැසිර විය යුතුය. සමහරවිට පුද්ගලික හැසිරීමද හොඳ සම්බන්ධතාවකට මුල් විය හැකිය. ලංකාවට නිදහසින් වසර 50 ක් පිරුණු දා පැවැත් වූ උත්සවයේ විශේෂ ආරාධිතයන් පිළිගනු ලැබුවේ එවකට විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් විසිනි. එම කටයුත්ත ඔහු විසින් මනාව ඉටු කරන ලදී. අතට අත දෙන ආකාරය, කතා කරන ආකාරය සහ හැසිරීම ඉතා ප‍්‍රශස්ත මට්ටමක විය. ඉන්පසුව වඩාත් වැදගත් අමුත්තන් පිළිගැනීමට පැමිණියේ ප්‍රොටොකෝලයේ ඉහළ තැනක සිටි ස්වදේශ ඇමති රත්නසිරි වික‍්‍රමනායකයි. ඔහුගේ හැසිරීම උත්සවාකාර නොවන ‘හලෝ මචං’ මට්ටමේ එකකි.
කලකට පෙර ලංකාවේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියට ඉතා ඉහළ පිළිගැනීමක් ජාත්‍යන්තරයට තිබුණි. බණ්ඩාරනායක මැතිනිය අගමැතිව සිටි කාලයේ නැගෙනහිර පකිස්තානය සහ බටහිර පකිස්තානය අතර යුද්ධයක් ඇවිළී අවසානයේ නැගෙනහිර පකිස්තානය බටහිරින් වෙන්ව බංගලිදේශය නමින් වෙනම රාජ්‍යයක් ඇති විය. මෙම ක‍්‍රියාවලියට ඉන්දියාවේ නොමඳ සහයෝගය ලැබුණි. බටහිර පකිස්තානයේ සිට නැගෙනහිර පකිස්තානයට ගුවන් මගින් යා යුත්තේ ඉන්දියාව හරහාය. එවකට ඉන්දීය අගමැතිව සිටි ඉන්දිරා ගාන්ධි බටහිර පකිස්තාන් ගුවන් යානාවලට ඉන්දියාවට උඩින් පියාසර කිරීම තහනම් කළාය. පකිස්තාන් රාජ්‍ය නායකයා ලංකාව හරහා සිය ගුවන් යානාවලට පියාසර කිරීමට බණ්ඩාරනායක මැතිණියගෙන් අවසර පැතීය. එවකට ලංකාවට ඉන්දියාව සමග ඉතා හොඳ මට්ටමේ සම්බන්ධතාවක් තිබුණ අතර දෙරට රාජ්‍ය නායකයන් අතර ද සමීප සම්බන්ධතාවක් තිබුණි. බණ්ඩාරනායක මැතිණිය පකිස්තානයට අවශ්‍ය පහසුකම් සැලසූ අතර මේ හේතුවෙන් ලංකාවේ ඉන්දීය සබඳතා පළුදු නොවීය.
ලංකාවට තිබූ මෙම ජාත්‍යන්තර ගෞරවණීය තත්වය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූ පසු පිරිහීමට ලක් විය. ඉන්දියාව මනාව හසුරුවා ගැනීමට ඔහුට නොහැකි වූ අතර ජාත්‍යන්තර නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියට වඩා සිය මිත‍්‍රයන්ට සලකන ප‍්‍රතිපත්තියකට ලංකාව මාරු වූ අතර මිතුරන්ගෙන් අවශ්‍ය අවස්ථාවල බලාපොරොත්තු වූ ප‍්‍රතිලාභ ද නොලැබී ගියේය.
චන්ද්‍රිකා කුමාරතුංගගේ ධූර කාලයේදී ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයා විසින් ජාත්‍යන්තර තලයේදී කරන ලද අතිවිශාල කාර්යභාරය ඇගේ ධූර කාලයේදී සිදු වූ එකම ප‍්‍රමාණාත්මක වෙනස ද විය හැකිය.
ආර්. පේ‍්‍රමදාස විසින් ආරම්භ කළ මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තිය වර්තමාන පාලකයන් විසින් වඩාත් උත්කර්ෂයට නංවා ඇත. එනම් රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ඍජුව කතා කර තම අදහස් නොපැකිළිව ඉදිරිපත් කර ප‍්‍රතිවාදියා තම මතයට නම්මා ගැනීමට ඇති නොහැකියාවයි. මෙයින් සිදුවන්නේ ජාත්‍යන්තර තලයේ අවඥාවට ලක් වීමයි.
මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තියට වත්මන් පාලකයන් විසින් ‘බුරුමයට හැකි නම් අපට නොහැකි ඇයි?’ මාදිලියේ අලූත් එකතු කිරීමක් ද කර ඇත. බුරුම ජුන්ටෝ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන ඉල්ලීම්වලට නිසි සැලකිල්ලක් නොදක්වති. එනමුත් චීනයේ පිහිටෙන් පාලනය පවත්වා ගෙන යාමට ඔවුන්ට හැකි වී තිබේ.
පසුගිය යුද්ධයේ අවසාන අදියරේදී ස්වීඩන් විදේශ අමාත්‍යවරයා ද බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ විදේශ ඇමතිවරුන් සම`ග මෙරටට පැමිණීමට බලාපොරොත්තු විය. එනමුත් ඔහුට එ් සඳහා වීසා නිකුත් නොකරන ලදී. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ අපේ මහවැලි ව්‍යාපාරයට විශාල වශයෙන් ආධාර දුන් ස්වීඩනය සිය තානාපති කාර්යාලය ලංකාවෙන් ඉවත් කර ගැනීමයි.
අපේ වෙළඳ ගනුදෙනු වැඩි වශයෙන්ම ඇත්තේ බටහිර රටවල් සම`ගයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම`ග මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම අප වැනි කුඩා රටකට අත්‍යවශ්‍ය කොන්දේසියකි. එබැවින් බටහිර රටවලට සහ එක්සත් ජාතීන්ට එරෙහිව මරියකඬේ විදේශ ප‍්‍රතිපත්තිය භාවිතයේ යෙදවීම අමනෝඥ කි‍්‍රයාවකි.x
(Published in Samabima)
No comments:
Post a Comment