1983 ජූලි කලබල ඇතිවන අවස්ථාවේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ජනාධිපති බලතලත් ආණ්ඩු පක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි සමඟ පාර්ලිමේන්තුවේ 5/6 ක බලයකුත් තිබුණි. මෙතරම් බලයක් පරිහරණය කළ, ජනතා කැමැත්තෙන් තේරී පත්වූ වෙනත් නායකයකු ලංකාවේ සිටියේ නැත. ඔහු කෙතරම් බලවන්තයකු වුවත් එම අවස්ථාවේදී ඔහුගේ හැසිරීම නිවට සහ බියසුළු විය. නියමිත අවස්ථාවේදී ඇඳිරි නීතිය පැනවීමට ඔහු අසමත් විය. ඔහුට ජාතිය අමතා කතා කිරීමට දින කිහිපයක් කල් ගියේය. එම කතාවේදීත් ඔහු දෝෂාරෝපණය කළේ පීඩකයාට නොව පීඩිතයාටය.
මෙරට ජනතාවගේ සම්මත විශ්වාසය නම් ජේ.ආර්. ජයවර්ධන ඉතා ප‍්‍රබල නායකයකු වූ බවය. වැඩ වර්ජනය කර පෙළපාලි යන නිරායුධ කම්කරුවන්ට, ආයුධ සන්නද්ධ පොලිස් මැරයන් ලවා පහර දීමෙන් හෝ ගැටඹේ පන්සලේ නායක හාමුදුරුවන් රාජ්‍ය නායකයා ද්‍රෝහියකු විය හැකි යැයි කළ ප‍්‍රකාශයක් පදනම් කරගෙන එම පන්සල වටා කටුකම්බි ගැස්සවීමෙන් හෝ රාජ්‍ය නායකයෙකුගේ ප‍්‍රබලත්වය හෝ නිර්භීතභාවය මැනිය නොහැක. නායකයාගේ ප‍්‍රබලත්වය හෝ නිර්භීතභාවය හෝ මැනෙන්නේ දුෂ්කර අවස්ථාවන්හිදී ඔහු ක‍්‍රියා කරන ස්වභාවය අනුවය. ජනතාවගෙන් කොටසක් අන්තවාදීව සහ විනාශකාරීව හැසිරෙන විට එම පිරිසට විරුද්ධ වීමට තරම් ශක්තිමත් පිටකොන්දක් ඔහුට නොතිබුණි. ඔහු එම අවස්ථාවේදී එසේ කළා නම් ලංකා ඉතිහාසය මෙයට වඩා වෙනස් වන්නට තිබුණි.

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විශාල බලයක් පරිහරණය කරයි. යුද්ධය ජය ගැනීම නිසා ඇතිවූ ජනතා ප‍්‍රසාදය තවමත් සිඳී ගොස් නැත. 18 වන සංශෝධනය හරහා යාවජීව ජනාධිපති වීමේ හැකියාවක් ද තිබේ. ආත්ම ලාභය පෙරටු කර ගත් මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර බලය ද ජනාධිපති සතුය. මෙතරම් බලයක් සහිත ජනාධිපතිවරයා රටේ සම්මත ව්‍යවස්ථාවේ ඇති 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව එකිනෙකට පරස්පර විරෝධී ප‍්‍රකාශ ගණනාවක් කර තිබේ. යුද්ධය අවසන් වූ වහාම 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ගැන ප‍්‍රකාශ විය. ඉන්පසුව ප‍්‍රමාද කිරීමේ උපායමාර්ග හරහා දෙමළ ජාතික සන්ධානය සමඟ කළ සාකච්ඡාවලදී 13 වන සංශෝධනය යටතේ ඇති ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදෙන බව ප‍්‍රකාශ විය. දැන් ඉන්දීය විදේශ ඇමතිවරයා ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රකාශකයකු කරමින් නැවතත් 13+ ගැන ප‍්‍රකාශ වේ.
මෙතරම් බලයක් සහිත ජනාධිපතිවරයා බලය බෙදීම සම්බන්ධව නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකිව මඬේ සිටවූ ඉන්නක් මෙන් වැනෙන්නේ ඇයි? ඉන්දියාව හෝ බටහිර ජාතීන් හෝ බලපෑම් කරන විට ඒ අතටත් හෙළ උරුමය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ පවුල් සමාගම හෝ බලපෑම් කරන විට මේ අතටත් නැමීම ප‍්‍රබලයකුගෙන් අපේක්ෂා කළ හැකිද? මෙය නිශ්චිත වශයෙන්ම දුබලයකුගේ ක‍්‍රියාවකි.
ප‍්‍රබල යුද හමුදාපතිවරයෙකු සිටින විට යුද්ධ කරන ලෙස අණ දීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවේ. එමෙන්ම මෙතරම් විශාල බලයක් පරිහරණය කරමින් ජාතික ප‍්‍රශ්නය ගැන තීන්දුවක් ගැනීම ද දුෂ්කර කටයුත්තක් නොවේ. කටයුත්ත දුෂ්කර වන්නේ නායකයා දුබල වන විටය.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනතාව විසින් සලකනු ලබන්නේ දුර්වල නායකයකු ලෙසය. ඔහු අවසන්වරට මෙරට අගමැති වූයේ රටේ ජනාධිපති පදවිය තමන්ට විරුද්ධ පක්ෂයේ නායිකාව විසින් දරන ලද අවස්ථාවේදීය. අගමැති වශයෙන් ඔහුගේ බලතල ඉතාමත් සීමාසහිත විය. මෙම සීමාසහිතකම් තිබියදීත් රාජ්‍ය නායිකාවට ද නොදන්වා කොටි සංවිධානය සමඟ සාම ගිවිසුම අත්සන් කිරීමට ඔහු ගත් තීරණය ඉතාමත් නිර්භීත එකකි. එහි ප‍්‍රතිවිපාක ගැන නොයෙකුත් මතිමතාන්තර පළ වේ. එනමුත් එවැනි අවස්ථාවක එවැනි තීරණයක් මෙරට ප‍්‍රබල නායකයන් ලෙස ජනතාව විසින් සලකනු ලබන ජේ.ආර්. ජයවර්ධන හෝ මහින්ද රාජපක්ෂ හෝ විසින් ගනු ලබතැයි අනුමාන කළ නොහැක.
ඉන්දියාවේ ජාතිවාදී කලබල සමයේදී මහත්මා ගාන්ධි ඔහුගේ ක‍්‍රියා කලාපය මඟින් ඔහු ජනතාවගේ අනුගාමිකයෙකු නොව ජනතාවගේ නායකයෙකු බවත් නිකම්ම නායකයෙකු නොව දැවැන්ත නායකයෙකු බවත් මනාව ඔප්පු කළේය.
නිර්භීතභාවය හෝ ප‍්‍රබලත්වය හෝ මැනෙන්නේ විශාල ජන බලයක් සහ නිල බලයක් තිබෙන විට ගනු ලබන ජනප‍්‍රිය තීරණ මත නොව විශාල ජන බලයක් හෝ නිල බලයක් හෝ නොමැති විට ගනු ලබන ජනප‍්‍රිය නොවන තීරණ මත සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව මතය.
හර්ෂ ගුණසේන
(published in Samabima 6th March 2012)
No comments:
Post a Comment