හර්ෂ ගුණසේන
ජින් ෂාප් විසින් රචිත
ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම්වූ කෘතියේ තෙවන පරිච්ඡේදයේ දෙවන සහ අවසාන
භාගය මෙවර පත්‍රයේ පළවේ.
මෙවර පරිවර්තනයේදී කුඩා
සහ අනුකුඩා ප්‍රජාතන්ත්‍රවාදී සමිති සහ සංගම් වල පැවැත්ම ජින් ෂාප් විසින් අවධාරණය
කර තිබේ. පසුගිය රාජ්‍ය කාලයේදී විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලට එරෙහිව ඇතිකළ
ඊනියා ජන මතයට ද එම සංවිධාන වලට එරෙහිව ඇතිකළ මර්දන නීති වලටද හේතුව ඒ අනුව වටහා
ගත යුතුය.
එමෙන්ම බලයේ පැවැත්ම
උදෙසා තමන්ට අවනත වන ජන කොටසක් සිටීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජින් ෂාප් සඳහන් කරයි.
මේ සඳහා තමන්ට අවනත නොවන ජන මාධ්‍ය වෙත ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමටද සෙස්සන් චාටු
කථා මගින් අවනත කර ගැනීමට ද අවශ්‍ය වේ.
නිකොලෝ මැකියවෙල්ලි මේ උපාය මාර්ග ද්විත්වය බොහෝ කලකට පෙර නිර්දේශ කර ඇති අතර එය
පසුගිය යුගයේ භාවිතා විය.
එමෙන්ම සමස්තතාවාදී
බලය සෑමවිටම රටේ සමස්ත ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමට සිදුවන්නේ නම් එය ශක්තිමත්
ලෙස බොහෝ කාලයක් නොපවතිනු ඇති බවට සඳහනක් මෙවර පරිවර්තනයේ එයි. සමස්තතාවාදී බලය මෙරට
පාවිච්චි කරනු ලැබුවේ සුළු ජනතාවට එරෙහිවයි. එය සිංහල බෞද්ධ ජනතාවගේ නොමඳ ආස්වාදයට
හේතුවන සේ ඔවුන්ගේ හැඟීම් අවුස්සනු ලැබුණි. එමගින් තමන්ට අවනත ජන කොටසකගේ පැවැත්ම
තහවුරු කරනු ලැබුණි. හිටපු ජනාධිපතිගේ බලයේ මූලය මෙම ජනතාවයි.
එබැවින් අති
විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින්ද අති විශාල බලයක් යොදවමින්ද ව්‍යවස්ථාව සංශෝධනය කරමින්ද මැතිවරණය නියම කලට
පෙර කැඳවමින් ද නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බලයට පැමිණීමට හිටපු
ජනාධිපතිවරයා උත්සහ කලත් එය වැලකි ගියේය. මැතිවරණයට ආසන්නව නිති විරෝධී ලෙස හමුදා
ඛණ්ඩ ස්ථානගත කරවමින්ද මැතිවරණ පරාජය පෙනී පෙනී එය ආපස්සට හැරවීම සඳහා නිති විරෝධී
උත්සාහයක් දරමින්ද සිදු කළ කාර්යය සාර්ථක වූයේ නම් ජින් ෂාප් විසින් පෙන්වා දුන්
පරිදි ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයන් පවත්වන්නට සිදුවිය හැකිව
තිබුනේ ඉන් පසුවය.
ජින් ෂාප් විසින් රචිත
ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම්වූ කෘතිය ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය
කිරීමට මා පෙළඹවූයේ මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික පාලනයයි. යම් දිනයක එම
පාලනය පෙරළා දැමීම සඳහා ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයක යෙදීමට අවශ්‍යවේ
යයි හැඟීමක් මා තුළ විය. අත්තනෝමතිකත්වය රාජපක්ෂ පාලනයට පමණක් අනන්‍ය වුවක් නොවේ.
මෙයට ඉහත තිබූ සිරිමාවෝ බණ්ඩාරනායක , ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා
බණ්ඩාරනායක යුග වලදීද මෙරට පාලනය අඩු වැඩි වශයෙන් අත්තනෝමතික විය. මෙම
අත්තනෝමතිකත්වය කූට ප්‍රාප්තියට පත්වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය.
ජවිපෙ දෙවන කැරැල්ල මූලික
වශයෙන් ඇතිවූයේ පාලකයන්ගේ අත්තනෝමතිකත්වයට එරෙහිවය. උතුරේ කැරැල්ල වර්ගවාදී
මුහුණුවරක් ගත්තද එහි හරය වූයේ පාලකයන්ගේ
අත්තනෝමතිකත්වයට එරෙහිවීමයි. මෙම කැරලි නිසා ඇතිවූ ජිවිත සහ දේපල හානි මෙරටට
ඔරොත්තු නොදෙන මට්ටමට අති විශාල වූ අතර රටේ ජන ජීවිතය සහ ආර්ථිකය කෙරේ ඉමහත්
බලපෑමක් ඒ මගින් ඇතිවිය. මෙම කැරලි වලින් ඝාතනය වූයේ රටට සම්පතක් වන්නට තිබූ සිංහල
හෝ දෙමළ තරුණ ජීවිතයි. මෙම කැරලි නායකයන් ගාන්ධි
විසින් සාර්ථකව අත්හදා බලන ලද පසුව ජින් ෂාප් විසින් සුත්‍ර ගත කරන ලද ප්‍රචණ්ඩකාරී නොවන දේශපාලන විරෝධතා ව්‍යාපාරයක
යෙදුනේ නම් ජිවිත හානි අවම වන්නට ඉඩ
තිබුණි. කැරලි මර්දනය කිරීම සඳහා කැරලි කරුවන් විසින් මුදාහල ප්‍රචණ්ඩත්වයට වඩා
වැඩි ප්‍රචණ්ඩත්වයක් රාජ්‍යය විසින් මුදා හරින ලදී. කැරලි දෙකම අවසාන වූයේ ප්‍රචණ්ඩත්වය
කූට ප්‍රාප්තියට පත්වීමෙනි. නිදහසින් පසුව තිබූ කෙටි කාල පරිච්ඡේදයක් තුළ අත්තනෝමතිකත්වයද ප්‍රචණ්ඩත්වය ද කූට ප්‍රාප්තියට පත්විය.
දැන් අපි සන්ධිස්ථානයකට
පැමිණ සිටිමු. අනාගතයේදී මෙරට ප්‍රචණ්ඩත්වය ද එයට හේතුවූ අත්තනෝමතිකත්වය ද නවතා
දැමීමට කාලය පැමිණ තිබේ.
මෙයට අඩිතාලම දැමීම සඳහා
විශේෂ ආකාරයේ පාර්ලිමේන්තුවක් දැන් අත්හදා බලමින් තිබේ. ජනාධිපතිවරයා එකවිට ආණ්ඩුවේ
නායකයාද විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද
වෙයි. අගමැති වරයාද සංහිඳියාව මත පදනම්වූ නව්‍ය ආණ්ඩු ක්‍රමයක් අත්හදා බැලීමට සුදානමින්
සිටි. එනමුත් පසුගිය ආණ්ඩුවේ ඇතිවූ දුෂණ සහ අපරාධ වලට නිසි දඬුවම් නිසි කලට
නොදෙන්නේ නම් මේ සත් කාර්යය කෙරෙහි වන ජනතා විශ්වාසය පළුදු වී යනු ඇත. එවිට
අරවින්ද් කෙජ්රිවාල් පන්නයේ ව්‍යාපාරයකට දේශපාලන අවකාශයක් මෙරට විවෘත වනු ඇත.
දැනටමත් හෙළ උරුමය මෙයට සුදානමින් සිටි.
No comments:
Post a Comment