හර්ෂ ගුණසේන
බ්‍රිතාන්‍ය
මහා මැතිවරණය අවසන් වී ඇත. එහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන ප්‍රධාන කරුණු දෙකක්
තිබේ. පළමුවැන්න බොහෝ කලකට පසු, මැතිවරණයකදී බලයේ සිටි ආණ්ඩුව සිය අසන සංඛ්‍යාව
වැඩි කර ගැනීමයි. දෙවැන්න ස්කොට්ලන්ත ජාතික පක්ෂය විසින් 59 ක්වූ ස්කොට්ලන්ත අසන
වලින් 56 ක් ජයග්‍රහණය කිරීමයි.
බොහෝ දෙනා
බලාපොරොත්තු වූයේ කිසිම පක්ෂයකට බහුතර බලයක් නොලැබෙන ආණ්ඩුවකි. එනමුත් ඩේවිඩ්
කැමරුන් විසින් මෙහෙයවන ලද කොන්සවෙටිව් පක්ෂය 50% කට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා
ගැනීමට සමත් විය. එමෙන්ම කම්කරු පක්ෂය ලිබරල් පක්ෂය සහ බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂය
යන පක්ෂ නායකයෝ පරාජයේ වගකීම පිළිගනිමින් ඉල්ලා අස්වූහ. 1997 සිට 2015 දක්වා බ්‍රිතාන්‍ය
මහා මැතිවරණ වලදී එක් එක් පක්ෂය ලබාගත් අසන සහ එම පක්ෂ එම මැතිවරණ වලදී
ස්කොට්ලන්තය තුල ලබාගත් ආසන වගුවේ දක්වා ඇත.
පාර්ලිමේන්තු ආසන -එක්සත් රාජධානිය
|
|||||
2015
|
2010
|
2005
|
2001
|
1997
|
|
කොන්සවෙටිව් පක්ෂය
|
331
|
306
|
198
|
166
|
165
|
කම්කරු පක්ෂය
|
232
|
258
|
355
|
412
|
418
|
ලිබරල් පක්ෂය
|
8
|
57
|
62
|
52
|
46
|
ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP)
|
56
|
6
|
6
|
5
|
6
|
පාර්ලිමේන්තු ආසන-ස්කොට්ලන්තය
|
|||||
කොන්සවෙටිව් පක්ෂය
|
1
|
1
|
1
|
1
|
|
කම්කරු පක්ෂය
|
1
|
41
|
41
|
56
|
56
|
ලිබරල් පක්ෂය
|
1
|
11
|
11
|
10
|
10
|
ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP)
|
56
|
6
|
6
|
5
|
6
|
කම්කරු පක්ෂය ස්කොට්ලන්තයේ හැරුණු විට බ්‍රිතාන්‍යයේ
අනෙක් ප්‍රදේශ වල ආසන ප්‍රමාණය වැඩි කරගත් අතර වඩාත් බලවත් පසුබෑමකට ලක් වූයේ ලිබරල්
පක්ෂයයි. ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) සිය ආසන සංඛ්‍යාව 6 සිට 56 දක්වා
වැඩිකර ගැනීමට සමත් විය. මෙම මැතිවරණයේ තීරණාත්මක භූමිකාව රඟපෑවේ SNP විසිනි. එහි නායිකාව විසින්
මැතිවරණයේදී පහත සඳහන් ප්‍රකාශය කරන ලදී. “කොන්සවේටිව් පක්ෂය බලයට පත්කරන කිසිම ක්‍රියාවක
අපි නිරත නොවෙමු. මැතිවරණයෙන් පසුව කොන්සවෙටිව් පක්ෂය බලයට පත් නොවීම සඳහා
කොන්සවෙටිව් විරෝධී පෙරමුණකට අපි සහයෝගය දෙමු. ඉන්පසුව කම්කරු පක්ෂයට වඩාත්
නිර්භීත වීමට සහ යහපත් වීමට අපි බල කරමු.”
මෙම සටන් පාඨයට එරෙහිව කොන්සවෙටිව් පක්ෂය ක්‍රියාත්මක වෙමින් යම් හෙයකින්
කම්කරු පක්ෂය බලයට පැමිණියහොත් SNP සමඟ ගණුදෙනු කිරීමේදී ආණ්ඩුව දුර්වල විය හැකි
බව ප්‍රකාශ කරන ලදී.
1999 සිට
1998 ස්කොට්ලන්ත පනතට අනුව මහා බ්‍රිතාන්‍යය තුල
ස්කොට්ලන්තයේ වඩාත් ස්වාධින ආණ්ඩුවක් ක්‍රියාත්මක වේ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය
තුල තමන් අඩු සැළකිලි ලබන බවට හැඟීමක් ස්කොට්ලන්ත ජාතිකයන් තුල පවතී. මැතිවරණ ජයග්‍රහණයෙන්
පසුව SNP නායිකාව පහත
සඳහන් ප්‍රකාශය කළාය. “ස්කොට්ලන්ත ජාතිකයන් වන අප තවදුරටත් නොසලකා හැරිය නොහැක.”
ඉතා මෑතක
2014 දී ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් විය
යුතු දැයි ජනමත විචාරණයක් පවත්වන ලදී. මෙයට පක්ෂව SNP ප්‍රචාරණයේ යෙදුන අතර අගමැතිවරයා සහ විපක්ෂ නායක
වරයා ප්‍රමුඛ ප්‍රධාන පක්ෂ එයට විරුද්ධව ප්‍රචාරණයේ යෙදුනහ. මෙයට පක්ෂව ඡන්ද 44.7%
ක් ලැබුන අතර විපක්ෂව ඡන්ද 55.3%ක් ලැබුණි. පරාජයෙන් පසු එවකට සි SNP නායකයා ඉල්ලා අස්වූ අතර වත්මන් නායිකාව එම
තනතුරට පත් වූවාය.
SNP මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන තැනක් දී තිබුනේ
සමස්ත බ්‍රිතාන්‍යයේ ම ප්‍රශ්ණ ගැන සාකච්ඡා කිරීමටය. අසාධාරණ බදු ඉවත් කිරීමටත්
අවම වැටුප ඉහල නැංවීමටත් රාජ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමටත් එමෙන්ම ස්කොට්ලන්ත
හඬ පාර්ලිමේන්තුවේ ප්‍රබලව ඇසෙන්නට සැලස්විමටත් ඔවුහු ප්‍රතිඥා දුන්හ.
ලංකාවේ
සිටින අපට මෙම මැතිවරණයෙන් වැදගත් පාඩම් තුනක් ඉගෙනගැනීමට තිබේ.
පළමුවැන්න
ජාතික ප්‍රශ්නයකට යොමු වන ආකාරයයි. ස්කොට් ජාතිකයන්ට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තුල
ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන්ගේ වෙනම රාජ්‍යයක් සඳහා වන ව්‍යාපාරයෙන් පැහැදිලිවේ.එරට
රාජ්‍ය නායකයෝ පළමුකොට ඔවුන්ර වඩාත් බලතල සහිත ප්‍රාදේශීය ආණ්ඩුවක් ප්‍රදානය
කිරීමෙන්ද දෙවනුව වෙනම රාජ්‍යයක් අවශ්‍යද යන කරණය මත ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක්
පැවැත්වීමෙන්ද එයට අනුග්‍රහ දැක්වූහ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක
වීමකි. ලංකාවේ ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යයි මම
යෝජනා නොකරමි. එය අවශ්‍ය නොවේ. එනමුත් මෙරට සිංහල බහුතරය විසින් වෙනත් රටවල මේ
සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිලිබඳ දැනුවත් වී සිටීම දැනට වඩාත් අවශ්‍ය ජාතික සංහිඳියාවකට
මඟ පාදනු ඇත.
දෙවැන්න
වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින SNP ඉතාමත් පැහැදිලිවම සමස්ත බ්‍රිතාන්‍යයේ ම ප්‍රශ්ණ ගැන සිය මැතිවරණ
ප්‍රකාශනයේ සඳහන් කිරීමයි. ලංකාවේ මුල සිටම දෙමල ජාතික පක්ෂ විසින් ජාතික ප්‍රශ්න
පිළිබඳව දක්වන ලද්දේ උදාසීන ආකල්පයකි. 1977 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමට
අමිර්තලිංගම් ට ලැබුණ අගනා අවස්ථාව ඔහු විසින් පාවිච්චි කළේ එවකට ජාතික වශයෙන්
නැගීගෙන ආ අධිපතිවාදයට එරෙහිව ක්‍රියාකිරීමට
නොව දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ පිළිබඳව පමණක් කථා කිරීමයි. ජාතික දේශපාලනයට ඔවුන් අනුගත
නොවීම හේතුවෙන් සාමාන්‍ය සිංහල ජනතාව ගේ ඔවුන් පිළිබඳව තිබු ආකල්පය නොපහන් එකක්
විය. SNP මෙන් දෙමළ ජාතික පක්ෂද අප සියළු දෙනාටම පොදු රටක් තනා ගැනීමේ මෙරට
පොදු දේශපාලන අරගලයට දායක වූයේ නම් දෙමළ ජාතක පක්ෂ කෙරෙහි සිංහල ජනතාවගේ ආකල්පය
වඩාත් ධනාත්මක වීමට ඉඩ තිබුණි. එසේනම් එය මෙරට මෑත ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක් වූ
තිස් අවුරුදු යුද්ධය ඇති නොවීමට යම් බලපෑමක් කිරීමට ඉඩ තිබුණි.
අවසාන
වශයෙන් එරට පරාජිත දේශපාලනඥයන්ගේ ඉල්ලා අස්වීම් රාජපක්ෂගේ නැවත ආගමනය සඳහා කෙරෙන
බලපෑම් සමඟ සැසඳිය හැක.
ඩේවිඩ්
කැමරුන් විසින් විසින් සඳහන් කළ පරිදි “එක් ජාතියක්” සඳහා ක්‍රියාත්මක වීම බ්‍රිතාන්‍යයට
පමණක් නොව ලංකාවටද අද දවසේ අත්‍යවශ්‍ය කාරණයකි.
Published in samabima June 2015