ඇමරිකන්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද ශ්‍රී ලංකා
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද භාවිතාවේ බොහෝ සමාන කම් ඇත. ඔවුන් දෙදෙනාගේම ක්‍රියාකාර
කම් වල සම්ප්‍රදායික දේශපාලන භාවිතාවන් තරමක් ඉක්මවාගිය විදග්ධ ස්වරූපයෙන් බැහැර
වූ එක්තරා දුරකට අවංක ස්වභාවයක් පෙන්නුම් කරණ ඒ නිසාම ඔවුන්ගේ දේශපාලන පරිකල්පනයේ සීමාවන්
ඉක්මවා ගිය පුද්ගලයන්ට මුග්ධ යයි හඳුනාගත හැකි ලක්ෂණ දැකිය හැක. එම මට්ටමේ ක්‍රියාකාරකම්
අනුමත කරණ ජනතාවක් ඇමෙරිකාවේද ශ්‍රී ලංකාවේද ලෝකයේ සැම තැනකමද සිටිති. මොවුන්
දෙදෙනා ආමන්ත්‍රණය කරන්නේ එවැනි ජනතාවකටය. ඔවුන්ගේ අරමුණ ලාභ ජනප්‍රියත්වයයි. ඡන්ද
ලාභ වුවත් වියදම් සහගත වුවත් ඡන්ද ම වේ.
පසුගියදා
විදෙස් මූලයන් සහිත ඇමෙරිකානු කොන්ග්‍රස් සභික කාන්තාවන් හතර දෙනෙකුට ඇමෙරිකානු
ආණ්ඩුව හැසිරවිය යුතු අන්දම ගැන උපදෙස් දීම පසෙක තබා ඔවුන්ගේ මුල් රටවලට ආපසු ගොස්
ඉතා පසුගාමී ඒ රටවල ආණ්ඩු වලට උපදෙස් දෙන ලෙස ට්‍රම්ප් කළ සඳහන වර්ගවාදී බව බොහෝ
දෙනෙක් කියති. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මකෙල්, නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන්,
කැනඩා අගමැති ජස්ටින් ටෲඩො සහ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ඒ අතර වෙති. ඇමෙරිකාවේ
ශක්තිය එහි වෙසෙන විවිධ ජන වර්ග බව මකෙල් කියා සිටියාය. ( මේ සඳහන ශ්‍රී ලංකාවටද
වලංගුවේ.)
ශ්‍රී
ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නැවත මෙරට මරණ දඬුවම පනවන බවට කළ ප්‍රකාශයද ට්‍රම්ප්
ගේ ප්‍රකාශය වැනිම එකකි.
ට්‍රම්ප්
මෙන්ම සිරිසේනද සමහර අවස්ථා වලදී අඩියක් පස්සට ගනිති. උතුරු කොරියාව සම්බන්ධ ප්‍රශ්නයේදීද
ඉරානයට පහර දීමට සූදානම් වූ අවස්ථාවේදීද ට්‍රම්ප් අඩියක් පස්සට ගත්තේය. පසුගිය
ඔක්තෝබර් 26න් පසු
වික්‍රමසිංහ නැවත අගමැති නොකරන බවට ප්‍රකාශ කළ සිරිසේනට අඩියක් පස්සට ගැනීමට
සිදුවිය.
එනමුත්
ඔක්තෝබර් 26 සිද්ධියෙන්
පසු (තමා නම් එවැන්නක් නොකරන බව මහින්ද රාජපක්ෂ කීය)සිරිසේන යමක් ප්‍රකාශ කළ විට
කෙතරම් අමනෝඥ වුවත් ඔහු එය ක්‍රියාත්මක කිරීමේ අවදානමක් පවතින හෙයින් (ඔහුට ඔහු
වැනිම වූ උපදේශකයෝ රැළක් ද සිටිති) ඔහුගේ සූදානමට එරෙහි මූලික අයිතිවාසිකම්
පෙත්සම් ගණනාවක්ද ඉදිරිපත් විය. එයින් එක් පෙත්සමක පෙත්සම් කරුවන් අතර මෙම ලියුම්
කරුද විය.
මෙම
පෙත්සම් පසුගිය ජූලි 5 වනදා බුවනෙක
අලුවිහාරේ, ප්‍රසන්න
ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ඉදිරියේ විභාගයට
ගැනුනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මයික්‍රෆෝන තිබුනත්
විනිසුරුවරුන්ද නීතීඥයන්ද ඒවා පාවිච්චි නොකළ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3
සහ 4 ව්‍යවස්ථාවන්
අනුව පරමාධිපත්‍යය හිමි මහජනතාව
අතර පසුපෙළ
අසුන්ගෙන සිටි ලියුම්කරුට එහිදී සාකච්ඡා වූ සමහර කරුණු ඇසුනේ නැත. එම් ඒ
සුමන්තිරන් නීතිඥ වරයාගේ ස්වරය උච්ච වූ බැවින් ඔහු කී සියල්ල පැහැදිලිව ඇසුනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ
සහ වෙනත් උසාවි වල අසන වෙනත් නඩු පුද්ගලික ස්වරූපයක් ගනී . නඩුකරය විමසන විට
විත්තිකරුවන් සහ පැමිණිලිකරුවන් ඉදිරියට එන නිසා ඔවුන්ට නඩු විභාගය පැහැදිලිව ශ්‍රවණය
කළ හැක. එනමුත් මූලික අයිතිවාසිකම් පෙත්සම් උසාවියේ සිටින සැමට අදාලවේ. එබැවින් එම
නඩු එහි සිටින සැමට ශ්‍රවණය කළ හැකි පරිදි
විමසිය යුතු වේ. මයික්‍රෆෝන තිබෙන්නේ ඒ සඳහාය. එබැවින් විනිසුරන්ද නීතිඥයන්ද ඒවා
පාවිච්චි කළ යුතු යයි ලියුම්කරු සිතයි.
නඩුකර
අතර මරණ ලයිස්තුවේ සිටි සිරකරුවෙක් විසින් පවරා තිබූ පළමුවන නඩුවට පෙනී සිටියේ
සුමන්තිරන් නීතිඥ වරයාය. එම නඩුව පළමුව විභාගයට ගන්නා ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
මූලික අයිතිවාසිකම් තුළ 10-11 ව්‍යවස්ථාවන්
ප්‍රධාන වන අතර 12-14 ව්‍යවස්ථාවන්
අප්‍රධාන වන බවත් 13(4) අනුව
උසාවි තිරනයක් මත කෙනකු මරණ දණ්ඩනයට පත් කළ හැකි වුවත් එම ව්‍යවස්ථාවට වඩා ප්‍රමුඛ
11 වන ව්‍යවස්ථාව
අනුව කෙනකු කෘර වධයට පත් කිරීම නොකළ යුතු බවත් එමෙන්ම මරණ දඬුවමේ නැවත ආපසු හැරවිය
නොහැකි ස්වභාවයත් සමස්ත ලෝකයම මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් වඩාත් දියුණු
ස්ථාවරයකට පැමිණෙමින් සිටින බවත්
උදාහරණයක් වශයෙන් 18වන
සියවසේ එංගලන්තයේ අනවසරයෙන් ගසක් කැපීමට ද මරණ දඬුවම නියම කළ බවත් ඔහු කීය.
මෙයට අමතරව 42(1) ව්‍යවස්ථාව
මගින් ආණ්ඩුවේ සම්පුර්ණ පාලනය කැබිනට් මණ්ඩලය සතු බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මරණ
දඬුවම නොපැනවිම බවත් ඔහු කී අතර ජනාධිපතිවරයා මරණ දඬුවම නියම වූ අයගෙන් හතර දෙනෙක්
තෝරාගැනීමේ පදනමද ඔහු ප්‍රශ්ණ කර සිටියේය.
ඔහුට
පිළිතුරු දුන් රජයේ නීතිඥ නරේන් පුල්ලේ මෙම කාරණය අධිකරණ බලතල වලින් ඔබ්බට ගොස්
ඇති බැවින් 80 ව්‍යවස්ථාව
අනුව අධිකරණයාට තීරණයක් දිය නොහැකි බවත් අපරාධ විධිවිධාන පනත අනුව එල්ලා මැරීමේ
දිනය සහ ස්ථානය ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බවත් ඔහු කියා සිටියේය. එනමුත්
මරණ දඬුවම නියම වූ අයගෙන් හතර දෙනෙක් තෝරාගැනීමේ පදනම කුමක්දැයි යනුවෙන් නැගූ තර්කයට
පිළිතුරු දීමෙන් ඔහු වැලකී සිටියේය. මේ අවස්ථාවේදී රජයේ නීතිඥ වරයා ඇමතු ප්‍රියන්ත ජයවර්ධන විනිසුරු
වරයා මේ පිළිබඳව ඔහුගේ ස්ථාවරය ප්‍රශ්ණ කළ විට තමා ඉදිරිපත් කලේ ප්‍රාථමික කරුණු
දැක්වීමක් පමණක් බවත් ඊළඟ නඩු දිනයේදී උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කරණ බවත් ඔහු කීය. සමහර විට නීතිපතිවරයා දැන් බොහෝවිට
කෙරෙන්නාක් මෙන් ඔහුගේ සේවා දායකයාගෙන් ඊළඟ නඩු දිනයට පෙර මේ පිළිබඳව උපදෙස් ලබා
ගනු ඇත. මේ අනුව නඩුව ඔක්තෝබර් 29 දිනට කල් ගිය අතර එතෙක් සිරකරුවන් එල්ලා මැරීම
තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් කරණ ලදී.
දියුණු
අධිකරණ ක්‍රමයක් පවතින රටවල පවා නිවැරදි කරුවන් අධිකරණ නියෝග මගින් මරා දැමූ අවස්ථා
තිබේ. ලංකාව යනු එක් හිටපු අගවිනිසුරුවරයෙක් ජනාධිපතිට අවශ්‍ය තීරණ ලබා දෙන
පොරොන්දුව පිට තමන් දිගටම තබා ගන්නා ලෙස ඉල්ලා සිටි බව එම ජනාධිපතිවරයාම ප්‍රකාශ
කළ එමෙන්ම තවත් හිටපු අගවිනිසුරුවරයෙක්
තමන් හිටපු ජනාධිපතිවරයෙක් ඔහු ජනාධිපතිවීමට පෙර නඩුවකින් නිදහස් කළ බවත් එයට
ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් ප්‍රකාශ කළ අවස්ථා දෙකක් තිබෙන රටකි. දැන් තත්ත්වය
වෙනස් වී ඇතත් ශක්තික සත්කුමාර සහ දොස්තර සාෆි තවමත් සිරභාරයේ තබාගෙන සිටින රටකි.
නිවැරදි කරුවන් පසෙක තබා වැරදි කරුවන් වුවද මරා නොදැමිය යුතුයයි යන ස්ථාවරයේ අපි
සිටිමු.
(සමබිම පුවත්පත 2019 ජූලි කලාපය)
No comments:
Post a Comment