අප
සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ ආගම ප්‍රශ්නයක පිළිතුරක් ලෙස ක්‍රියාකරනු ඇති
බවයි.එනමුත් ලංකාවේ ආගම ප්‍රශ්නයක් වී ඇත. ආගම ප්‍රශ්නයක් වීමට ප්‍රධාන හේතුව ආගම්
එම ආගම් කර්තෘ වරුන්ගේ මූලික අභිප්‍රායයන්
ගෙන් බැහැරව කටයුතු කිරීමයි. මානව ඉතිහාසයේ ආගම සාමාන්‍ය මහජනතාව පෙළීමට රජුන් හා
එක්ව කටයුතු කර ඇත. ආගම වෙනුවෙන් යුද්ධ ඇතිවී තිබේ. ආගම ජනතාවගේ අධ්‍යාත්මක
පාරිශුද්ධතාව ඇතිකිරීමේ සිය ප්‍රමුඛ කාර්යයෙන් බැහැරව වෙනත් කාර්යයන් වෙත යොමුවීම
නිසා ආගම ප්‍රශ්නයක් විය හැකි අතර එයට විසඳුම ආගම අවශේෂ කාර්යයන්ගෙන් බැහැරව සිය
ප්‍රමුඛ කාර්යය වෙත යොමුවීමයි.
මෙම
කාරණය බුද්ධාගම සම්බන්ධයෙන් මා විසින් මතුකර ඇත. එමෙන්ම ආගමික සහ ජනවාර්ගික අරගල
වලට එරෙහිව සහ ඒවාට පක්ෂ වන්නන්ගේ මතවාද වලට එරෙහිව මම ලියා ඇත්තෙමි. මෙම ලිපියේ
අරමුණ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව කිරීමයි.
ලංකාව
අද දවසේ ජන වර්ග වශයෙන්ද ආගම් වශයෙන්ද
බෙදී ඇත. ආගමික සංහිඳියාව උදෙසා අවශ්‍ය ප්‍රධාන කාරණයක් වන්නේ ස්වකීය ආගම් දැනට
සමාජය තුළ භාවිතා වන අන්දම පිළිබඳව ස්වයංවිවේචනාත්මකව එම ආගමිකයන් විසින් සලකා
බැලීමයි. සමහර විට ආගමික නායකයන් ඔවුන් දේශනා කරණ ලද වකවානුව තුළ අදාල වූ දෑ මෙකල
ඒ ආකාරයෙන්ම අදාල නොවිය හැක. උදාහරණයක් වශයෙන් බුදුහු අනාගතයේදී භික්ෂු විනයේ කුඩා
සහ අනුකුඩා විනය කරුණු අවශ්‍ය නම් වෙනස් කර ගත හැකි බව වදාළහ. එනමුත් කුඩා සහ
අනුකුඩා යන්නෙහි නිශ්චිත අර්ථය විමසා දැන නොගන්නා ලද හෙයින් භික්ෂුහු එකල පැනවූ
විනය නීති ඒ ආකාරයෙන්ම අදද
පිළිපදිති. එය භික්ෂූන්ගේ ප්‍රශ්නයකි. යම්
හෙයකින් මේ කාරණය සමාජ ප්‍රශ්නයක් වූවා නම් මහජනතාවට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා
බල කිරීමට අයිතියක් ඇතැයි මම සිතමි. මක්නිසාද යත් ආගම පවතින්නේ ජනතාව වෙනුවෙන්
නිසාය. ජනතාව පවතින්නේ ආගම වෙනුවෙන් නොවන නිසාය. බහු ජනයාගේ හිත සුව පිණිස සංචාරයේ
යෙදෙමින් ඔවුන්ට ධර්මය කියා දෙන ලෙස සිය ශ්‍රාවකයන්ට බුදුහු කීහ. මෙම කාරණය ඍග්
වේදයේද සඳහන් වේ.
කාන්තාවන්ගේ
ඇඳුම පිලිබඳ ප්‍රශ්නයක් ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් තිබේ. මා අදහන ආගම මා අඳින පළඳින ආකාරය සහ මා කන
බොන ආකාරය වැනි සිල්ලර කරුණු පිළිබඳව මට බලපෑම් කරන්නේ නම් මම ඒ ආගමෙන් ඉවත් වෙමි.
එනමුත් යම් කිසිවෙක් එම බලපෑම අනුමත කර ඒ අනුව ක්‍රියා කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ
හෝ එම අයිතිය වෙනුවෙන් මම පෙනී සිටිමි. ඉස්ලාම් ආගම දේශනා කරණ ලද යුගයේදී මැද
පෙරදිග මතු නොව ලොව බොහෝ පෙදෙස් වල කාන්තාවන්ට තිබුනේ පිරිමින්ට හා සමාන අයිතියක්
නොවේ. ලොව කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේද පිරිමින්ට පසුවය. ඉස්ලාම් ආගමික නායකයන් මේ
කරුණු සැලකිල්ලට ගත යුතු යයි මම යෝජනා කරමි. දැනට අවුරුදු 50 කට පමණ පෙර
මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම වූයේ ජෙසීමා ඉස්මයිල්, ෆේරියල් අශ්රොෆ් සහ බංගලා දේශ
අගමැතිනි ශික් හෂිනා වැනි සම්භාවනීය මුස්ලිම් කාන්තාවන් අදද අඳින ඇඳුමයි. ඇඳුම ගැන යොදන අවධානය ශුද්ධ වූ කුරානයේ බොහෝ
තැන් වල සඳහන් වන අධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා යොදන්නේ නම් වඩාත් සුදුසු බව මම
සිතමි.
ඇඳුම
පිලිබඳ පසු කාලීනව ඇතිවූ වෙනස 1977 න් පසුව මැද පෙරදිග විශේෂයෙන්ම සවුදි අරාබියේ
රැකියාවන් සඳහා ලංකාවෙන් ගිය මුස්ලිම් තරුණියන් මෙරටට ගෙන ආ දෙයක් බව මගේ මුස්ලිම්
මිත්‍රයන් මා සමඟ කියා ඇත. එහි යම් සත්‍යතාවයක් තිබේ. එමෙන්ම සවුදි අරාබියේ සියවස්
කිහිපයකට පෙර ආරම්භ වූ වහාබ්වාදය හේතුවෙන් සහ වහාබ්වාදය මෙරට පැතිරීම හේතුවෙන් මෙරට සංස්කෘතිය හා බැඳී
සිටි මුස්ලිම් ජනතාව එම මූලයන් ගෙන් ඈත් වීම සිදුවූ බවටද මතයක් පවතී. එනමුත් සවුදි
අරාබියේ අද සිදුවන්නේ කුමක්ද? එරට ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මන් හෙවත් MbS එරට කාන්තා
නිදහස සුරක්ෂිත කරමින් යයි. මෙම ප්‍රතිසංවිධාන ඇරඹුණේ මෙයට කලින් සිටි රජු වන
අබ්දුල්ලා ගේ සමයේදීය. ඒ සමයේදී ජාතික ශුරා කවුන්සිලයට කාන්තාවන් පත් කෙරිනි.
කාන්තාවන්ට ජාතික හැඳුනුම් පත් නිකුත් කෙරිනි. කාන්තාවන් ට තනිවම හෝටල් වලට යාමටද
නගර සභාවන්හි ඡන්දය පාවිච්චි කිරීමටද රට තුළ පුරුෂයන්ගේ අවසරයකින් තොරව යාම් ඊම්
කිරීමටද අවසර ලැබිණි. MbS මෙම ප්‍රතිසංවිධාන
දිගටම කරගෙන යයි. මෑතකදී ඔහු කාන්තාවන්ට රිය පැදවීමේ බලපත් ලබා දුන්නේය. එරට ආගමික පූජක වරු වරින් වර ජනතාව ගැවසෙන ස්ථාන
වලට පැමිණ කාන්තාවන් ගේ ඇඳුම් පිළිබඳව ඔවුන්ට නොයෙකුත් විධාන දෙන සිරිතක් අනුගමනය
කළහ. MbS ගේ
නියෝග මත මෙම අනවශ්‍ය කටයුතු වලින් බැහැර වීමට එරට පූජක වරුන්ට සිදුවී ඇත. මේ නිසා
කාන්තාවන්ට මග තොටේදී වන පූජක බලපෑම් වලින් මිදීමට හැකියාව ලැබී ඇත.
සවුදි
අරාබිය අනුගමනය කළ ලාංකික මුස්ලිම් වරුන් විසින් MbS ගේ ප්‍රතිසංවිධාන ද අනුගමනය කළ යුතු
යයි මම යෝජනා කරමි. ප්‍රතිසංවිධාන පිළිබඳව ලංකාවේ වඩාත්ම ආන්දෝලනාත්මක කාරණය වන්නේ
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතයි. මේ ප්‍රතිසංවිධාන ඇති කිරීමට පිළිබඳව රජය
විසින් කමිටුවක් පත්කර එහි වාර්තාව නිකුත් කර ඇත. මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක
කිරීමට ජමයිතුල් උලමා සංවිධානය විරුද්ධ වන බවට වාර්තා ලැබී ඇත. ලංකාවේ මුස්ලිම්
දැරියන්ගේ විවාහ වන අවම වයස 12කි.
සවුදි අරාබියේ වයස 15 ට අඩු
දැරියන් විවාහ කර දීම නීතියෙන් තහනම් වේ. වයස 18 ට අඩු දැරියන් උසාවි අවසරයකින් විවාහ
කර දිය හැක. ලංකාවේ පනතට අනුව කාන්තාවන්ගේ අවම විවාහ වන වයස 18ක් කරණ ලෙසද, කාන්තාවන්
විවාහ රෙජිස්ටාර් වරුන් ලෙස හා අදාල උසාවි වලට පත් කරන ලෙසද පනත් සියළුම මුස්ලිම්
වරුන්ට ඒකාකාරව ක්‍රියාත්මක කරණ ලෙසද විවාහ ලියාපදිංචි සහතිකයේ මනාලයා ගේ සහ
මනාලියගේ අත්සන් දෙකම ඇතුළත් කරණ ලෙසද විවාහය බලාත්මක කිරීම සඳහා ලියාපදිංචිය අත්‍යවශ්‍ය
වන ලෙසද වැඩිහිටි මුස්ලිම් කාන්තාවන්ට විවාහ වීම සඳහා කිසිම පුරුෂයකුගේ අවසරය
අනවශ්‍ය ලෙසද දික්කසාදය සඳහා කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ අයිතීන් එක හා සමාන වන
ලෙසද මුස්ලිම් උසාවි ක්‍රමය කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන ප්‍රවේශයන් ඇතිවන සේ ප්‍රතිසංවිධානය
කරණ ලෙසද ප්‍රතිපාදන සලස්වන මෙන් මුස්ලිම් කාන්තාවෝ ඉල්ලා සිටිති.
මෙම ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට
අනුකුල වේ. එබැවින් ශ්‍රී ලංකාවේ ජමයිතුල් උලමා සංවිධානයට මෙම ඉල්ලීම් වලට එකඟ විය හැකි නම් ඒ
අගනේය. කාන්තාවන්ට මේ ආකාරයෙන් සැලකීම මධ්‍යතන
යුගයේ නිර්ණායක අනුව සාධාරණ විය හැකි වුවත් වර්තමානයේ ලොව පුරා පිළිගැනෙන නිර්ණායක
අනුවද මුස්ලිම් වරුන්ගේ මූලස්ථානය වන සවුදි අරාබියේ වර්තමාන ගමන් මඟ අනුවද අසාධාරණ
වේ. අසාධාරණය සිංහල ජාතිවාදය හෝ වේවා මුස්ලිම් හෝ බෞද්ධ හෝ ආගමික අන්තවාදය හෝ වේවා එයට එරෙහි වීමට අපි කැපවෙමු.
(අනිද්දා පත්‍රය සමබිම අතිරේකය 2019.08.18)
No comments:
Post a Comment