Sunday, August 25, 2019

Challenge Of Making The Democracy Win Rather Than Defeating The Autocracy

By Harsha Gunasena –
Harsha Gunasena
Civil society has done a positive role in the presidential elections in 2015 and the result was a revolutionary point of the democracy in Sri Lanka. By using the amended constitution of Sri Lanka and the feelings of people after the victory of the civil war, then government headed by Mahinda Rajapaksaproceeded in the path of an autocracy. It was with the blessings of the people somewhat similar to the early era of Hitler in Germany.
There was an illegal attempt to preserve the power by the outgoing president. However due to the opposing views of the leading government officers at that time and due to the intervention of Ranil Wickremesinghe who went to Temple Trees to discuss the change of power, the attempt was abandoned. At that time the presidential candidate who won the election was hiding at a coconut plantation in Kurunegala. That symbolized the status of the democracy prevailed at that time.
When the Press questioned about providing a helicopter to the outgoing president to move away, without answering the question Wickremesinghe said we got the presidency. This was an evidence that there was a deal at that point. Gene Sharp states as follows in his book, From Dictatorship to Democracy – A conceptual framework for democracy.
“In those types of conflicts, the only proper role of negotiations may occur at the end of a decisive struggle in which the power of the dictators has been effectively destroyed and they seek personal safe passage to an international airport.”
Sri Lanka secured independence without shedding blood. Unlike in Indian freedom struggle we have not adapted a mass struggle or political defiance movement against the rulers at that time. However apart from the wars waged by the Sinhala kings against Portuguese and Dutch rulers there were a series of uprisings against the Dutch rulers during the latter part of their rule and against the British rulers up to 1948 in which year the last major rebellion was marked. In 20th century we got independence by negotiation. Therefore, we did not have a chance to mobilize all people with different ethnicities and religions in a common resistance struggle. Although we did not shed blood at that time, we had to shed blood at prolonged unwanted period thereafter.
We got democracy together with the independence. We have enjoyed it prior to that under the British rule to a limited extent. At the point we virtually lost democracy it was preserved ironically by democratic means at an election. We have never launched a mass struggle for it. Gene Sharp in his landmark book points out that during the non-violent struggle against dictatorships by strengthening democracy within the movement strugglers can reduce the possibility of emerging fresh dictatorship at the end of the struggle. Therefore, we are fed-up of the prevalent democratic style which was thrust upon us. Government officers also work when they get orders such as from Ranasinghe Premadasa or Mahinda Rajapaksa.
After the independence Sri Lanka was virtually ruled by few families. There is an unwritten agreement among them not to dig into the corruption of the rule of each other. There are few exceptions to this. During this regime murders also added to those corruptions. The efficiency of the able officers of the Sri Lanka Police was blunted. Even though the corruption was put under the carpet as a compromise if a solution could have been found for the unresolved ethnic issue and governing structure, then it was a deal. It is not enough to get the presidency as a part of the deal. That was won. Murders cannot be a part of any deal.  
The next presidential election comes in this background. The next president does not have powers as this president. The next president cannot keep ministries under him. The current president does not have the same powers as the previous president. The present president shows that he is having certain power by acting illegally and by the inaction by the government against it. If prime minister can muster the majority of the parliament and if there would not be jumpers among the members of parliament, the power will be concentrated around the prime minister.
Gotabaya Rajapaksa came forward as the candidate of the SLPP. So far there is no concrete evidence of renunciation of his US citizenship. He was selected not by the party but by the family. Even if there was a vote of the party hierarchy  he would have been elected as the candidate. That it how it operates. The question is his conduct and military background. It appears to be that he would continue this behavior. This discipline is liked by the people who are not disciplined such as crabs enjoying in the pot. 
Sajith Premadasa says he will contest although his party did not approve it yet. Many in his party think that he would be a winning candidate. His vision is narrow as the vision of his opponent candidate. Since the vision of the people is also narrow one of these candidates can be elected as the president. However, according the constitution prime minister should have the vision for the country. The role of the president can be played by either Gotabaya or Sajith.
Ranil Wickremesinghe’s question, it appears to be that is the party leadership. Maithripala Sirisena is getting ready to be in the dustbin since he placed party leadership above the presidency. If a candidate of UNP or SLFP wins the presidential election, he will be the leader of the party he represented. The constitutions of these feudalistic parties also should have changed along with the changes to the constitution by which the powers of the president were reduced.
JVP leader, Anura Kumara Dissanayake is contesting this time after a long lapse. There are talks that SLFP also might put forward a candidate. They are divided in opinion same as UNP. There is an attempt to present an apolitical person to contest. In addition,  there is a movement to make nota vote in the ballot paper to mark the protest to the rotten existing system. Therefore, this presidential election will not be a contest between two parties like 2015. It will be a contest among many parties and there would be a possibility of counting the second preference vote. Hence the civil society is confused. It gets confused further since the people also take wrong decisions on and off. Brexit was such a decision taken by the British people.
In 2015 the situation was simple and narrow. Hence the selection was easy and straight forward. Now the situation is complicated, and the selection is wide. When the problem is complicated the correct answer should be innovative. Therefore, civil society has an opportunity to arrive at an innovative answer.
(Published in Colombo Telegraph on 23rd August 2019)
Print Friendly, PDF & Email

ඒකාධිපතිවාදය පරාජය කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අභියෝගය

වර්ෂ 2015 ජනාධිපතිවරණයේදී සිවිල් සමාජය විසින් සාධනීය කාර්යභාරයක් ඉෂ්ට කරන ලද අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී විප්ලවකාරී අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනද යුද ජයග්‍රහණයේ උන්නතිකාමයද යොදාගනිමින් එවකට පවත්වාගෙන ගියේ හිට්ලර්ගේ මුල් යුගයේ මෙන් ජනතා අනුමැතිය සහිත ඒකාධිපතිත්වයකි.

මැතිවරණ ප්‍රතිඵල පිටවන අවස්ථාවේදී එවකට තිබූ පාලනය විසින් මාරුවන ආණ්ඩු බලය බලහත්කාරයෙන් රැක ගැනීමේ වෑයමක් තිබුණ අතර එවකට සිටි ප්‍රධාන රජයේ නිලධාරීන්ගේ බලපෑම මත සහ අවසන් මොහොතේදී වර්තමාන අගමැතිවරයා මැදහත්විම මත සිදුවීමට ගිය විනාශය වළක්වා ගන්නා ලදී. එම අවස්ථාවේදී ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂකයා සිටියේ කුරුණෑගල පොල් වත්තක සැඟවීය. පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය එම සිදුවීමෙන්ම පෙනේ. හිටපු ජනාධිපතිවරයාට පිටත්ව යාමට හෙලිකොප්ටර් යානයක් සපයාදීම පිළිබඳව ප්‍රශ්න කළ එක් අවස්ථාවකදී වර්තමාන අගමැතිවරයා ප්‍රශ්නයට උත්තර නොදී අපට ජනාධිපති ධුරය ලැබුන බව කියා සිටියේය. ඒ අවස්ථාවේදී ගනුදෙනුවක් සිදුවූ බවට එම ප්‍රකාශය සාක්ෂියකි. ජිනී ෂාප් සියිඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට’ නැමැති කෘතියේ සාකච්ඡාව පිළිබඳව මෙසේ කියයි. “මෙවැනි ගැටුම්වලදී සාකච්ඡාවේ උචිත කාර්ය භාරය වනු ඇත්තේ තීරණාත්මක අරගලය අවසානයේදී නිශ්චිත ලෙස ඒකාධිපතීන්ගේ බලය විනාශ කළ පසු ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරා නිරුපද්‍රිතව යාමට ඔවුන්ට පහසුකම් සැලසීමයි.”

ශ්‍රී ලංකාව නිදහස ලබාගත්තේ ලේ හැලීම්වලින් තොරවය. ඉන්දියානු නිදහස් අරගලයේදී මෙන් පාරට බැස විරෝධතා දැක්වීමේ ක්‍රමයක් හෝ කැරලි ගැසීමේ ක්‍රමයක් හෝ අප විසින් අනුගමනය නොකරන ලදී. එනමුත් විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව සිංහල රජවරුන් විසින් කෙරුණු යුද්ධ හැරුණු විට ඔවුන්ට එරෙහිව ජනතා උද්ඝෝෂණ සහ කැරලි විශාල ප්‍රමාණයක් ලන්දේසි යුගයේ අවසානයේ සිට බි්‍රතාන්‍ය යුගයේ 1848 දක්වා ඇතිවී තිබේ. විසිවන සියවසේ අපට නිදහස ලැබුනේ සාකච්ඡා මාර්ගයෙනි. එබැවින් සටන්කාමී අරගලයක් තුළ රටේ සියලු‍ ජන කොටස් එක්රැස් කිරීමට අපට අවස්ථාවක් නොමැති විය. ඒ හේතුවෙන් අවශ්‍ය අවස්ථාවේදී නොව අනවශ්‍ය අවස්ථාවලදී ලේ හැලීමට අපට සිදුවිය.

ප්‍රජාතන්ත්‍රවාදයද අපට ලැබුනේ නිදහස සමඟමය. ඊට පෙරද බි්‍රතාන්‍ය පාලන යුගයේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්තිවිඳ ඇත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමට ගිය අවස්ථාවේදීද එය බේරා ගනු ලැබුවේ අරගලයකින් නොවේ. ඡන්දයෙනි. එබැවින් ලැබුන ප්‍රජාතන්ත්‍ර නිදහසේද අගයක් අපට නොතිබුණි. ඉහත සඳහන් කළ ජිනී ෂාප්ගේ කෘතියේදී ඒකාධිපතිත්වයන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී නොවන අරගලයේදී අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් අරගලය අවසානයේදී නැවත ඒකාධිපතිත්වයක් ඇතිවීමේ අනතුර අවම කර ගත හැකි වන බව ඔහු පෙන්වා දෙයි. මේ අනුව නිකම් ලැබුන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසෙන් අපි හෙම්බත්ව සිටිමු. රාජ්‍ය සේවකයන්ද වැඩ කරන්නේ රණසිංහ ප්‍රේමදාසගේ හෝ මහින්ද රාජපක්ෂගේ හෝ වැනි නියෝග ලැබුන විට පමණි.

නිදහසෙන් පසු ලංකාව පාලනය කර ඇත්තේ පවුල් කිහිපයක් මගින් පමණි. එකිනෙකාගේ පාලන කාල තුළදී සිදුවූ වැරදි සහ දූෂණ වසා ගැනීමේ සම්ප්‍රදායක් මෙරට පවතී. එම වැරදි සහ දූෂණවලට මිනීමැරුම්ද පසුගිය යුගයේ එකතුවිනි. ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය මොට කර දමා ඇත. වැරදි සහ දූෂණයට ගැසුවත් අඩුම තරමේ එයට හිලව්වක් වශයෙන් රටේ නොවිසිඳී ඇති ජාතික ප්‍රශ්නය සහ ආණ්ඩුක්‍රම ව්‍යුහය වැනි ඉතාමත්ම තීරණාත්මක ප්‍රශ්නවලට සාකච්ඡා කර විසඳුමක් ලබා ගත හැකි වී නම් එයද ගනුදෙනුවකි. ගනුදෙනුවේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති පදවිය පමණක් ලැබීම ප්‍රමාණවත් නොවේ. එය දිනා ගත් දෙයකි. මිනීමැරුම් කිසිම ගනුදෙනුවක ප්‍රස්තුත කාරණය විය නොහැක.

ඊළඟ ජනාධිපතිවරණය එන්නේ මෙම පසුබිම තුළය. ඊළඟ ජනාධිපතිවරයාට වර්තමාන ජනාධිපතිවරයා තරම් බලතල නොමැත. ඔහුට අමාත්‍යංශ තබාගත නොහැක. වර්තමාන ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයා තරම් බලතල නොමැත. වර්තමාන ජනාධිපතිවරයා තමන්ට යම් බලයක් තිබෙන බව පෙන්වාගෙන සිටින්නේ නීති විරෝධීව කටයුතු කිරීම මගින් සහ එයට එරෙහිව ආණ්ඩුව ප්‍රතික්‍රියා නොකිරීම මගිනි. ඊළඟ ජනාධිපතිවරයාට කළ හැකි දේවල සීමාවන් තිබේ. නිශ්චිත පාර්ලිමේන්තු බලයක් සහිත ගෙම්බන් රහිත ආණ්ඩුවක බලය අගමැති වටා සංකේන්ද්‍රණය වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඇත. ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ වී නොමැත. ඔහු තෝරා ගැනුනේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙළකට නොව පවුලේ නායකයාගේ නම් කිරීම මතය. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙළට තෝරා ගැනුනත් ඔහුට වැඩි ඡන්ද ලැබෙන්නට ඉඩ තිබුණි. ශ්‍රී ලංකාවේ පවුල්වාදය එවැනිය. ප්‍රශ්නය වන්නේ ඔහුගේ අතීත චර්යාව සහ මිලිටරි සම්භවයයි. එය ඉදිරියට ගෙන යන ලකුණු පෙනෙන්නට තිබේ. මෙම “විනයට” විනය නොපිළිපදින බොහෝ දෙනෙක් කැමති වන්නේ කකුළුවන් හැලියේ දිය කෙළින්නාක් මෙනි.

සජිත් ප්‍රේමදාසට තවමත් සිය පක්ෂයේ අනුමැතිය නොලැබී ඇතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියයි. ඔහුගේ දැක්ම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ දැක්ම මෙන්ම පටුය. ජනතාවගේ දැක්ම ද පටු බැවින් මේ දෙදෙනාගෙන් කෙනෙකු පත්විය හැක. කෙසේ වෙතත් වර්තමාන ව්‍යවස්ථාව අනුව රටේ අනාගතය පිළිබඳ දැක්මක් තිබිය යුත්තේ අගමැතිවරයාටයි. ජනාධිපතිවරයාගේ කාර්ය ගෝඨාභයට හෝ සජිත්ට හෝ පහසුවෙන් කළ හැක.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නය පෙනෙන අන්දමට ඔහුගේ පක්ෂයේ නායකත්වයයි. සිරිසේනද කුණු කූඩයට යාමට සූදානම් වන්නේ ජනාධිපතිකමට ඉහළින් පක්ෂ නායකත්වය තැබූ නිසාය. අවාසනාවකට මෙන් එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අයෙකු ජනාධිපති වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය ලැබේ. ජනාධිපතිගේ බලතල අඩු කරන විට වැඩවසම් පක්ෂවලද ව්‍යවස්ථා වෙනස් කළේ නම් වඩාත් සුදුසුය.

ජවිපෙ නායකයාද මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අතර ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙක් ද ඉදිරිපත් වීමට නියමිතයි. මෙයට අමතරව ඡන්දය අවලංගු කිරීම මගින් ක්‍රමයට විරෝධතාව ප්‍රකාශකිරීමේ ප්‍රයත්නයක් ද තිබේ. එබැවින් මෙවර ජනාධිපතිවරණය පසුගිය වතාවේ මෙන් දෙපිලක් අතර කෙරෙන සටනක් නොවේ. බොහෝ පිරිස් අතර කෙරෙන සටනකි. එබැවින් සිවිල් සංවිධානවල කාර්යභාරය ව්‍යාකූල වී ඇත. මෙය තවත් ව්‍යාකූල වන්නේ ජනතාවද ඉඳහිට වැරදි තීන්දු ගන්නා නිසාය. බි්‍රතාන්‍ය ජනතාවගේ Brexit තීන්දුව එවැනි එකකි.

වර්ෂ 2015 දී තත්ත්වය සරල විය. පටු විය. එබැවින් තේරීම පහසු විය. දැන් තත්ත්වය සංකීර්ණය. පළල්ය. ප්‍රශ්නය සංකීර්ණ වන විට නිවැරදි පිළිතුරේ නිර්මාණශිලිත්වය වැඩිය. එබැවින් මේ අවස්ථාවේදී සිවිල් සමාජයට නිර්මාණශීලි පිළිතුරක් දීමේ හැකියාව තිබේ.

530 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා හර්ෂ ගුණසේන විසින් ලියන ලද ලිපියකි. 

Friday, August 16, 2019

ශ්‍රී ලංකාවේ ආගම ප්‍රශ්නයකි.පිළිතුර කුමක්ද?

හර්ෂ ගුණසේන
සාමාන්‍යයෙන් ආගම ප්‍රශ්නයකට පිළිතුරක් විය යුතු නමුත් ශ්‍රී ලංකාවේ ආගම ප්‍රශ්නයක් වී තිබේ. එසේ නම් පිළිතුර කුමක් විය හැකිද? මිනිස් ඉතිහාසය පුරා දේශපාලන අවියක් ලෙස ජනතාව මර්දනය කිරීමට ආගම යොදාගෙන තිබේ. මධ්‍යතන යුගයේ ද ඊට පසුව ද ආගම නාමයෙන් නොයෙකුත් යුද්ධ ඇතිවී තිබේ. රටක ආගම ප්‍රශ්නයක් වූ විට එරට ආගමික නායකයන්ද ඇතුළු එරට වගකිව යුතු පුරවැසියන් විසින් එයට විසඳුමක් සොයා ගත යුතුය.  
ශ්‍රී ලංකාව අද වාර්ගික සහ ආගමික වශයෙන් බෙදී තිබේ. අන්තර් ආගමික සංහිඳියාවක් සඳහා සිය ආගම් සමාජය තුළ භාවිතා වන්නේ කෙසේද යන්න පිළිබඳව එම ආගමිකයන් විසින් ගැඹුරු අන්තරාවලෝකනයකින් යුතුව නිරීක්ෂණය කළ යුතුය. සමහර අවස්ථා වලදී එම ආගම් දේශනා කළ අවදියේ පැවති  සමාජ දේශපාලන තත්ත්වය අද තත්ත්වයට වඩා සපුරා වෙනස් විය හැකිය. උදාහරණයක් වශයෙන් බුදුහු අනාගතයේදී භික්ෂු විනයේ කුඩා සහ අනුකුඩා විනය කරුණු අවශ්‍ය නම් වෙනස් කර ගත හැකි බව මහා පරිනිබ්බාන සුත්‍රයේ වදාළහ. විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සඳහන් වන පරිදි ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ පිළිබඳව ආනන්ද තෙරුන් ගෙන් විමසූ විට  කුඩා සහ අනුකුඩා යන්නෙහි නිශ්චිත අර්ථය විමසා දැන නොගන්නා ලද බව කියා සිටි හෙයින් ප්‍රථම සංගායනාවේදී ඒවා වෙනස් නොකරන ලදී. බුද්ධ ජයන්තියේදී බුරුමයේ පවත්වන ලද හයවන ධර්ම සංගායනාවේද මෙහි වෙනසක් නොකරන ලදී. එබැවින් භික්ෂුහු එකල පැනවූ විනය නීති ඒ ආකාරයෙන්ම  අදද පිළිපදිති. එය භික්ෂූන්ගේ ප්‍රශ්නයකි. යම් හෙයකින් මේ කාරණය සමාජ ප්‍රශ්නයක් වූවා නම් මහජනතාවට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බල කිරීමට අයිතියක් ඇතැයි මම සිතමි. මක්නිසාද යත් ආගම පවතින්නේ ජනතාව වෙනුවෙන් නිසාය. ජනතාව පවතින්නේ ආගම වෙනුවෙන් නොවන නිසාය. බහු ජනයාගේ හිත සුව පිණිස සංචාරයේ යෙදෙමින් ඔවුන්ට ධර්මය කියා දෙන ලෙස සිය ශ්‍රාවකයන්ට බුදුහු කීහ. මෙම කාරණය ඍග් වේදයේද සඳහන් වේ.
මෙම රචනය මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රස්තුත කාරණය පිලිබඳ මෙරට පවතින ප්‍රධාන ආගම් දෙකක් වන බුදුදහම සහ ඉස්ලාම් දහම සම්බන්ධව සමාලෝචනයක් ඉදිරිපත් කරනු ලැබේ. සමාලෝචනයේ දෘෂ්ටි කෝණය මහජනතාවගේ දෘෂ්ටි කෝණයයි. ආගමික බලධාරීන්ගේ දෘෂ්ටි කෝණය නොවේ. 
බුදු දහම 
අතීත ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූහු ග්‍රන්ථ ධුර සහ විපස්සනා ධුර වශයෙන් දෙකොටසකට බෙදී සිටියහ. ග්‍රන්ථ ධුරය යනු පොත් පත් අධ්‍යයනය කිරීම වන අතර විපස්සනා ධුරය යනු  එදිනෙදා ජිවිතයේ එහි භාවිතයයි. ඒ යුගයේදී බෞද්ධ පිටක ග්‍රන්ථ කටපාඩමෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ නිසා පිටක ග්‍රන්ථ රැක ගැනීම සම්බන්ධයෙන් ග්‍රන්ථ ධුරය විපස්සනා ධුරයට වඩා විශේෂ කාර්ය භාරයක් කළා වන්නට පුළුවන. එනමුත් බුදුහු භාවිතය හෙවත් විපස්සනාව උතුම් කොට සැලකුහ. ක්‍රිස්තු වර්ෂයෙන් පළමු ශත වර්ෂයේදී වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරණ ලද අතර එය අද අන්තර්ජාලයේද තිබේ. 
ග්‍රන්ථධුරය පසු කලෙක බෞද්ධ පොතපත පමණක් නොව සාහිත්‍යය සහ ඉතිහාසය වැනි වෙනත් විෂයයන්ටද ව්‍යාප්ත විය. එයට හේතුව වූයේ  ක්‍රිස්තියානි මිෂනාරි වරුන් මෙරටට පැමිණෙන තෙක් වසර 2500 ක් තුළ මෙරට අධ්‍යාපනය බෞද්ධ පිරිවෙන් කේන්ද්‍රගතව පැවතීමයි. පසළොස් වන ශත වර්ෂයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ විශිෂ්ට සිංහල පද්‍ය ග්‍රන්ථ රචනා කළ අතර මෙවැනි ක්‍රියා බුදුන් අනුමත කලේ නැත. 
බ්‍රිතාන්‍ය යුගයේදී ක්‍රිස්තියානි මිෂනාරි වරුන් විසින් ක්‍රිස්තියානි පාසල් ආරම්භ කිරීමෙන් පසුව පිරිවෙන් ආශ්‍රිතව තිබූ අධ්‍යාපනය ක්‍රිස්තියානි පාසල් වලට මාරු වන්නට විය. බෞද්ධ ශිෂ්‍යයන්ට ක්‍රිස්තියානි වටාපිටාවක අධ්‍යාපනය ලබන්නට සිදුවීම නිසා ඔවුන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා බලපෑම් එල්ල වන්නට විය. 1873 දී  ක්‍රිස්තියානි සහ බෞද්ධ දෙපාර්ශ්වය අතර පානදුරා වාදය ඇතිවූ අතර එහි විවාද වූ කරුණු වල පිටපතක් ඇමෙරිකන් ජාතිකයකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට් ට කියවන්නට ලැබින.  බෞද්ධයන්ට උදවු පිණිස  1880 දී ඔහු මෙරටට පැමිණි අතර ඔහු රට පුරා බෞද්ධ පාසල් ආරම්භ කළේය. අනගාරික ධර්මපාල විසින් ඕල්කට් ආරම්භ කළ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන ලදී. 19වන ශත වර්ෂයේ ඇතිවූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මඟ සලකුණු මේවා ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි රාජ්‍ය තන්ත්‍රයේ මර්දනයට ලක්වී සිටි බෞද්ධ භික්ෂුන් මර්දනයට එරෙහිව ඉදිරියට පැමිණියහ. භික්ෂුන් දේශපාලනීකරණය වීම ඉදිරියට ගිය අතර එය ස්ථාපිත වූයේ 1946 පෙබරවාරි 13 වනදා විද්‍යාලංකාර පිරිවෙන මගින් නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනය මගිනි. ඒ මගින් සිය දායකයන්ගේ අභිවෘද්ධිය උදෙසා සමාජ සහ දේශපාලන ක්‍රියා වල යෙදීම සාධාරණිකරණය කරණ ලදී. මෙම තත්ත්වය නිදහසෙන් පසුවද ඉදිරියට පැවතිනි. බ්‍රිතාන්‍යයන් ලංකාව හැර ගිය පසු දෙමළ ජාතිකයන්ට විරුද්ධව මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වූ අතර එම හේතුවෙන් වසර 30 ක වාර්ගික යුද්ධයෙන් පසුවද සැමට එකඟ වන පරිදි වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දැන් යුද්ධයෙන් පසුව විරුද්ධත්වය මුස්ලිම් ජාතිකයන් වෙත එල්ල වී තිබේ.   
වර්ෂ 1956 දී ලෝකය බුද්ධ ජයන්තිය සමරන ලදී. මේ සමඟම ලොව පුරා අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ පුනරුදයක් ඇතිවිය. දස දින භාවනා වැඩ සටහන් මඟින් තායි සහ බුරුම භික්ෂූන් විසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ විපස්සනා භාවනා ක්‍රම ගිහියන් අතට ද පත්විය. මේවා බටහිරටද පැතිරී ගිය අතර 1970 ගණන් වල බටහිර වෛද්‍ය වරුන් විසින් අනාපාන සති භාවනාව මානසික ආතතිය සඳහා ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කරණ ලදී. පසුව දලයි ලාමා තුමාගේද අනුග්‍රහය ඇතිව පළපුරුදු විපස්සනා භාවනානුයෝගීන් බටහිර විද්‍යාඥයන් විසින් පරික්ෂාවට ලක් කරණ ලද අතර භාවනාව මගින් මානසික ආතතිය අඩුවන අතර මනස සන්සුන් වන බව ඔවුන් විසින් තහවුරු කර ගන්නා ලදී. මේවා බෞද්ධයන්ගේ භාවනාවේ පරමාර්ථ සමඟ ගත කල ප්‍රාථමික මට්ටමේ ප්‍රතිඵල වුවත් මෙම මැනීම් මගින් බටහිර ජනයා තුළ මේ පිලිබඳ විශ්වාසය ස්ථාපිත විය. අද විපස්සනා භාවනාව බටහිර බොහෝසෙයින් පැතිර ඇති අතර පාසල් විෂය නිර්දේශයන්ටද ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෙම බෞද්ධ පුනරුද ව්‍යාපාර දෙකෙහිම විකාශයන් දක්නට ලැබේ. පළමුවන පුනරුද ව්‍යාපාරය බෞද්ධයන්ගේ සමාජ සහ දේශපාලන අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වූ අතර දෙවන පුනරුද ව්‍යාපාරය බෞද්ධයන්ගේ අධ්‍යාත්මික ප්‍රගමනය පිලිබඳ සැලකිලිමත් විය.
පළමු පුනරුද ව්‍යාපාරය මූලිකවම යටත් විජිත පාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අතර දෙවනුව එය මෙරට වෙසෙන වෙනත් ජන කොටස් සහ වෙනත් ආගමිකයන්ට එරෙහිව ක්‍රියාත්මක විය. එබැවින් එය නිදහසට පෙර සාධනීය කාර්ය භාරයක් ඉටු කලත් නිදහස් ලංකාව තුළ සියළු ජන වර්ග සහ ආගමිකයන් ඒකරාශී කිරීමට අසමත් විය. අපි දැන් නිදහස් ජාතියක් වන අතර මෙරට පුරවැසියන් අතර ගැටුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැත. එසේ වුවහොත් රටේ සංවර්ධනය අඩාල වේ. යටත් විජිත යුගයේ මෙන් නොව වැඩි පිරිස වන සිංහලයෝ  සහ බෞද්ධයෝ රටේ අධිපත්‍යය දරති.
සමාජයේ විපස්සනා භාවනාවට ඇති ඉල්ලුම සලකා බැලීමේදී දෙවන බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵල දැක ගත හැකිය. විපස්සනා  භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ වැඩීම ආගමික පූජා විධි වලින් තොරව ආගමික නොවන පරිසරයක සිට කළ හැකිය. මෛත්‍රී භාවනාව සිංහලුන්ටද දෙමළුන්ටද මුස්ලිම් වරුන්ටද ක්‍රිස්තියානින්ටද හින්දුන්ටද එකසේ පැතිරවිය හැකිය. මෙය සුවපත්වීමේ ආරම්භයයි. මෙය සියළුම ආගමිකයන්ට සහ සියළුම ජාතීන්ට කළ හැකිය. මෙය සුවපත්වීමේ සහ පුද්ගලික සහ සමාජයීය වශයෙන් තමන් අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියක ආරම්භයයි. 
එබැවින් බෞද්ධයන්ද භික්ෂුන්ද එදිරිවාදිකම සහ සැකය පතුරවන පළමුවන පුනරුද ව්‍යාපාරය සමඟ නොව සාමය සහ අවබෝධය පතුරවන දෙවන පුනරුද ව්‍යාපාරය සමඟ එක් වන්නේ නම් එය වඩාත් තර්කානුකුල වේ.
ඉස්ලාම් දහම 
කාන්තාවන්ගේ ඇඳුම පිලිබඳ ප්‍රශ්නයක් ඉස්ලාම් ආගම සම්බන්ධයෙන්  තිබේ. ඉස්ලාම් ආගම දේශනා කරණ ලද යුගයේදී මැද පෙරදිග මතු නොව ලොව බොහෝ පෙදෙස් වල කාන්තාවන්ට තිබුනේ පිරිමින්ට හා සමාන අයිතියක් නොවේ. ලොව කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේද පිරිමින්ට පසුවය. දැන් තත්ත්වය වෙනස්ය. ඉස්ලාම් ආගමික නායකයන් මේ කරුණු සැලකිල්ලට ගත යුතු යයි මම යෝජනා කරමි. දැනට අවුරුදු 50 කට පමණ පෙර මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම වූයේ ජෙසීමා ඉස්මයිල්, ෆේරියල් අශ්රොෆ් සහ බංගලා දේශ අගමැතිනි ශික් හෂිනා වැනි සම්භාවනීය මුස්ලිම් කාන්තාවන්  අදද අඳින ඇඳුමයි. එසේ වුවත් කිසිවකුට තවත් කණ්ඩායමක ඇඳුම වෙනස් කිරීම සඳහා බල කළ නොහැක. එය එම කණ්ඩායම විසින් හෝ පුද්ගලයන් විසින් හෝ තීරණය කළ යුතුය.
ඇඳුම පිලිබඳ පසු කාලීනව ඇතිවූ වෙනස 1977 න් පසුව මැද පෙරදිග විශේෂයෙන්ම සවුදි අරාබියේ රැකියාවන් සඳහා ලංකාවෙන් ගිය මුස්ලිම් තරුණියන් මෙරටට ගෙන ආ දෙයක් බව මගේ මුස්ලිම් මිත්‍රයන් මා සමඟ කියා ඇත. එහි යම් සත්‍යතාවයක් තිබේ. එමෙන්ම සවුදි අරාබියේ සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ වහාබ්වාදය හේතුවෙන් සහ වහාබ්වාදය  මෙරට පැතිරීම හේතුවෙන් මෙරට සංස්කෘතිය හා බැඳී සිටි මුස්ලිම් ජනතාව එම මූලයන් ගෙන් ඈත් වීම සිදුවූ බවද සත්‍යයකි. 
නබි නායක තුමා ඉපදුනේ සවුදි අරාබියේ මක්කමේ දිය. සවුදි අරාබිය ලොව ප්‍රමුඛතම මුස්ලිම් රාජ්‍යයයි. එබැවින් ආගමික අධිපත්‍යය සම්බන්ධයෙන් සවුදි අරාබියේ අද පවතින තත්ත්වය විමර්ශනය කිරීම සුදුසුය.
සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මන් හෙවත් MbS එරට අබ්දුල්ලා රජු විසින් ආරම්භ කරණ ලද ප්‍රතිසංස්කරණ කරගෙන යයි. වර්ෂ 2005 දී  එරට පිරිමි සහ ගැහැණු තරුණ තරුණියන් පිටරට යවා ඉගැන්වීමේ දැවැන්ත ක්‍රියාවලියක් අබ්දුල්ලා රජු විසින් අරඹන ලදී. පිටරට නොගිය තරුණ තරුණියෝද වැඩුනේ අන්තර්ජාල භාවිතය සමඟය. චීනයේ මෙන් නොව සවුදි අරාබියේ සමාජ මාධ්‍ය තහනමක් නොමැත. ජමාල් කශෝගී ඝාතනය පිළිබඳව MbS බරපතල ලෙස විවේචනය කරණ CNN නාලිකාව එරටට  විවෘතය. අබ්දුල්ලා රජු කාන්තාවන්ට ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීමටද ඔවුන්ට  තනිවම හෝටල් වලට යාමටද නගර සභාවන්හි ඡන්දය පාවිච්චි කිරීමටද ගල්ෆ් කලාපය තුළ පුරුෂයන්ගේ අවසරයකින් තොරව යාම් ඊම් කිරීමටද අවසර දුන්නේය. ඒ සමයේදී ජාතික ශුරා කවුන්සිලයට කාන්තාවන්ද  පත් කෙරිනි. MbS මෙම ප්‍රතිසංවිධාන දිගටම කරගෙන යයි. මෑතකදී ඔහු කාන්තාවන්ට රිය පැදවීමේ බලපත් ලබා දුන්නේය. එරට ආගමික පූජක වරු වරින් වර ජනතාව ගැවසෙන ස්ථාන වලට පැමිණ කාන්තාවන් ගේ ඇඳුම් පිළිබඳව ඔවුන්ට නොයෙකුත් විධාන දෙන සිරිතක් අනුගමනය කළහ. MbS ගේ නියෝග මත මෙම අනවශ්‍ය කටයුතු වලින් බැහැර වීමට එරට පූජක වරුන්ට සිදුවී ඇත. මේ නිසා කාන්තාවන්ට මග තොටේදී වන පූජක බලපෑම් වලින් මිදීමට හැකියාව ලැබී ඇත.
සවුදි අරාබිය අරාබිය අනුගමනය කරණ මුස්ලිම් වරුන් එරට මෙන් මෙරටද ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සුදුසු වේ.
ප්‍රතිසංවිධාන පිළිබඳව ලංකාවේ වඩාත්ම ආන්දෝලනාත්මක කාරණය වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතයි. මුස්ලිම් කාන්තාවන් වසර 30 ක් මුළුල්ලේ මේ පනතට එරෙහිව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. මේ ප්‍රතිසංවිධාන ඇති කිරීමට පිළිබඳව රජය විසින් 2009 දී සලීම් මසුෆ් විනිසුරු තැන ගේ ප්‍රධානත්වයෙන්  කමිටුවක් පත්කර එහි වාර්තාව දැන් නිකුත් කර ඇත. මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා 14 කට අනුමැතිය දී ඇතත් මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීමට ජමයිතුල් උලමා සංවිධානය විරුද්ධ වන බවට වාර්තා ලැබී ඇත.  එම සංවිධානයේ සභාපති රිස්වි මෆ්ටි මෙම පනතේ වෙනස් කිරීමට කිසිවක් නොමැති බව ප්‍රකාශ කර ඇත. 
ලංකාවේ මුස්ලිම් දැරියන්ගේ විවාහ වන අවම වයස 12කි. සවුදි අරාබියේ 2019 ජනවාරි සිට වයස 15 ට අඩු දැරියන් විවාහ කර දීම නීතියෙන් තහනම් වේ. මෙම තීරණය එරට ශුරා කවුන්සිලය 2/3  ක වැඩි ඡන්දයෙන් අනුමත කර ඇත. වයස 18 ට අඩු දැරියන් උසාවි අවසරයකින් විවාහ කර දිය හැක. 
ලංකාවේ පනතට අනුව කාන්තාවන්ගේ අවම විවාහ වන වයස 18ක් කරණ ලෙසද, කාන්තාවන් විවාහ රෙජිස්ටාර් වරුන් ලෙස හා අදාල උසාවි වලට පත් කරන ලෙසද පනත් සියළුම මුස්ලිම් වරුන්ට ඒකාකාරව ක්‍රියාත්මක කරණ ලෙසද විවාහ ලියාපදිංචි සහතිකයේ මනාලයා ගේ සහ මනාලියගේ අත්සන් දෙකම ඇතුළත් කරණ ලෙසද විවාහය බලාත්මක කිරීම සඳහා ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන ලෙසද වැඩිහිටි මුස්ලිම් කාන්තාවන්ට විවාහ වීම සඳහා කිසිම පුරුෂයකුගේ අවසරය අනවශ්‍ය ලෙසද දික්කසාදය සඳහා කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ අයිතීන් එක හා සමාන වන ලෙසද මුස්ලිම් උසාවි ක්‍රමය කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන ප්‍රවේශයන් ඇතිවන සේ ප්‍රතිසංවිධානය කරණ ලෙසද ප්‍රතිපාදන සලස්වන මෙන් මුස්ලිම් කාන්තාවෝ ඉල්ලා සිටිති.
මෙම ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුකුල වේ. එබැවින් ශ්‍රී ලංකාවේ ජමයිතුල් උලමා සංවිධානයට  මෙම ඉල්ලීම් වලට එකඟ විය හැකි නම් ඒ අගනේය.  කාන්තාවන්ට මේ ආකාරයෙන් සැලකීම මධ්‍යතන යුගයේ නිර්ණායක අනුව සාධාරණ විය හැකි වුවත් වර්තමානයේ ලොව පුරා පිළිගැනෙන නිර්ණායක අනුවද මුස්ලිම් වරුන්ගේ මූලස්ථානය වන සවුදි අරාබියේ වර්තමාන ගමන් මඟ අනුවද උචිත නොවේ. 
සමාප්තිය 
ක්‍රිස්තියානි පල්ලිය අනුක්‍රමයෙන් ශ්‍රී ලාංකික සංස්කෘතිය වැළඳ ගනිමින් සිටියි. මෙය ක්‍රිස්තියානි පල්ලියේ සියළු නිකාය මගින් දැනුවත්ව ගත් තීරණයකි. එනමුත් මුස්ලිම් පල්ලිය මෙරට සංස්කෘතියෙන් ඉවත් වීමට උත්සාහයක් දරන බව පෙනෙන්නට තිබේ. මේ මගින් මුස්ලිම් සමාජය ඉස්ලාම් ආගමේ කොටසක් නොවන මුස්ලිම් ශිෂ්ඨාචාරය සමඟ අනන්‍ය වීමට උත්සාහ දරයි. මෙය සැමුවෙල් හන්ටින්ටන් විසින් වරක් පෙන්වාදුන් පරිදි ශිෂ්ඨාචාර ගැටුමකට මඟ පෑදිය හැක. අනෙක් අතට පළමු බෞද්ධ පුනරුද ව්‍යාපාරය සමඟ අනන්‍ය වූ සටන්කාමී සිංහල  බෞද්ධයෝ වෙනත් ආගමිකයන් හා වෙනත් ජන වර්ග කෙරෙහි සතුරු ආකල්පයක් දරති. පළමු බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ආරම්භයට පෙර මුස්ලිම් වරුන් යුරෝපිය ආක්‍රමණිකයන් බේරා ගැනීමට ඔවුන් උඩරට පළාත් වල පදිංචි කර ඔවුන් රැක බලා ගත්තේ සිංහල බෞද්ධයන් සහ ඔවුන්ගේ රජවරුන් බව අප විසින් මතක තබා ගත යුතුය.  
එබැවින් ආගම් විසින් සමාජ සහ දේශපාලන කරුණු වලට වඩා වැඩි අවධානයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරණ අධ්‍යාත්මික කරුණු කෙරෙහි යොමු කළ හැකි නම් ආගම් ඒවා පවතින සමාජ වලට ප්‍රශ්නයක් නොවී සමාජ වල ප්‍රශ්ණ වලට පිළිතුරක් විය හැක.
(Colombo Telegraph වෙබ් අඩවියේ 2019 අගෝ. 17 වන දින පලවිය)

Religion Is For The People; People Are Not For The Religion

By Harsha Gunasena –
Harsha Gunasena
Over the years of human history, religion was used as a political tool to suppress the masses. Religions were responsible for number of deadly wars during the mediaeval times and to date. Generally, it is expected that religion should be a solution to a problem. Ironically in Sri Lanka religion is the problem. Therefore, what would be the solution? When religion becomes a problem of a country, responsible citizens of that country, including the religious leaders, should seriously find a solution for that. 
Sri Lanka today is divided in the lines of religion and ethnicity. The members of the respective religions with deep introspection should contemplate how religion is used in the society by the followers in order to have an inter religious reconciliation. Sometimes the social backgrounds of the founders of the respective religions at the time they preached may not be in line with the present-day context. For example, Buddha prior to his death in Maha Parinibbana Sutta said “After I am gone, the sangha — if it wants — may abolish the lesser & minor training rules.” Chullavagga, a Vinaya Pitaka book reported that in the First Council Ven Ananda said that he neglected to ask a clarification from Buddha what these lesser and minor rules were. Hence at the First Council and at the Sixth Council held In Rangoon At the Buddha Jayanthi Vinaya Pitaka was not amended. It is an issue of Bhikkus. If it affects the general public in relation to any religion, people should have the right to pressure for a change since the religions are for the people and not the other way around. Buddha suggested his disciples to work for the welfare and happiness of the masses. This dictum is in Rigveda as well. 
This essay is written in Sri Lankan context analyzing the present state of Buddhism and Islam in Sri Lanka. It looks at the issues from the viewpoint of the general public and not from the viewpoint of the religious authorities. 
Buddhism
In ancient Sri Lanka Bhikkus who practiced Buddhism were divided to two sectors, scholarly Bhikkus and practicing Bhikkus- grantha dhura and vipassana dhura. Those days Buddhist texts were memorized, and it was passed from teacher to the pupil. Scholarship serves  better than practice in preservation of the text but the Buddha emphasized on practice. Buddhist texts were taken into paper in the first century BC. At present these texts can be found on the internet. 
This scholarship of the Buddhist texts was later expanded to scholarship of other subjects as well such as literature and history since during the last two and half millennia prior to the arrival of Christian missionary education, Sri Lankan education was centered in the temples at Pirivenas. In 15th century scholarly Bhikkus like Totagamuwe Sri Rahula was engaged in highly reputed Sinhala literary work which was not recommended by the Buddha.
In the British period with the arrival of Christian missionaries education started moving from Buddhist Pirivens to Christian missionary schools. As a result, Buddhist children were compelled to get modern education under Christian atmosphere which created a pressure to change their religion. After the Panadura debate in 1873 between the Christians and Buddhists and when the contents of it reached Henry Steel Olcott in USA he came to Sri Lanka to support Buddhists in 1880. Olcott started Buddhist schools throughout the island. Anagarika Dharmapala continued the work of Olcott. These were the milestones of the Buddhist revival in the 19th century. As a result, Buddhist monks who were suppressed by the British rulers came forward against the suppression. This politicization of the Bhikku order was continued and established with the Vidyalankara declaration on 13th February 1946, which justified social and political work of the Bhikkus for the benefit of their dayakas. This continued after the independence. When the British left the country, animosity was directed at Tamils. As a result, the country was not able to have a political solution for the ethnic problem even after a war of 30 years. Now this animosity is directed at the Muslim community.
In 1956 the world celebrated completion of  2500 years after passing away of the Buddha. With this there was a Buddhist revival worldwide on the spiritual side. Vipassana meditation techniques which were passed on from teacher to pupil by the Thai and Burmese Bhikkus were passed on to the lay persons by way of 10-day meditation retreats. This was spread to the West as well and in 1970s western physicians started prescribing mindfulness meditation as a therapy for mental stress. Later a series of studies were conducted by the western researchers with the support of Dalai Lama using serious vipassana meditators and they found that mindfulness meditation reduces mental stress and it leads to calmness of the mind. These results were below the religious expectations of Buddhists by engaging in meditation, but those results were measurable. Today mindfulness meditation has spread wildly in the West, and it is taught in the schools as well.
These two revival processes of Buddhism are in operation in the contemporary Sri Lankan society. First revival is directed towards Social and Political progress of the Buddhists and the second revival is directed at the spiritual progress of the Buddhists. 
The first Buddhist revival was primarily against the colonial masters and secondarily against the other ethnic and religious groups. Hence it failed to mobilize all ethnic and religious groups in independent Sri Lanka   even though it served a timely purpose prior to the independence. Now we are an independent nation and need no hostilities towards fellow citizens and if so, it would be contrary to the development of the country. Majority Buddhists and Sinhalese are in control of the country unlike in the colonial era. 
The effects of the second Buddhist revival can be seen in the enthusiasm of vipassana meditation in the society. Practicing of vipassana meditation or loving kindness are secular practices which have no connection to religious rituals. Loving kindness-metta bhavana- can be practiced extending loving kindness to Sinhalese, to Tamils, to Muslims, to Christians to Hindus and to all. This would be the beginning of healing. this can be practiced by the members of all religions and all ethnicities. It would be a healing process as well as a process of self- realization, individually and collectively.
 Therefore, it is more logical if the Buddhist society and the Bhikku order in Sri Lanka can align to the second Buddhist revival process which spreads peace and understanding rather than to the first one which spreads hatred and doubt. 
Islam
There is an issue of  the dress code of Muslim women related to Islam. During the time when Islam was preached not only in Middle East but also in other parts of the world, women were not treated equally. Women got franchise to vote after men. Now the situation is different. Fifty years back the dress of the Sri Lankan Muslim women was the same which is worn by prominent Muslim ladies such as Jezima Ismail, Ferial Ashraff and Sheikh Hasina, Bangladeshi Prime Minister, today. However, no one have the right to force another group to change their dress. It is the right of that group or individuals to decide. 
A Muslim friend of mine told me that the change of the dress of Muslim women has taken place after Muslim female youth visited Middle East including Saudi Arabia for jobs after 1977. There is some truth to this. It is also true that spreading Wahhabism, which was originated in Saudi Arabia in 18thcentury,  in Sri Lanka has created an alienation of the Muslim culture prevailed in Sri Lanka for centuries, from the dominant Sri Lankan culture. 
Muhammad was born in Mecca, Saudi Arabia which is the most prominent Muslim country in the world today. Therefore, it is pertinent to inquire the present status of Saudi Arabia in relation to religious domination.
Crown Prince of Saudi Arabia Mohammed bin Salman alias MbS is taking forward the reforms initiated during the time of King Abdullah. In 2005 King Abdullah implemented a massive initiative to send Saudi students both male and female to study abroad. Even young people who did not pursue a degree abroad grew up with access to the Internet. Unlike China, Social Media is not banned or discouraged in Saudi Arabia. CNN which attacks, more rightfully of cause, MbS for killing of Jamal Khashoggi, can be viewed freely in Saudi Arabia. King Abdullah took steps to issue national ID cards to women, allowed women to register in hotels, and to travel in the countries of Gulf Cooperation Council without their guardian’s permission. Moreover, he appointed women to the Shura(consultative) Council in 2013. MbS takes this reform process forward. Recently he gave permission to women to drive. Religious police, known as the mutawa or the hay’a, that once roamed the streets to enforce rules like gender segregation and women covering is absent now due to the directions of MbS. 
I suggest that the Muslims who followed Saudi Arabia should follow a reform process in Sri Lanka as well as  initiated in Saudi Arabia by King Abdullah and spearheaded by MbS and King Salman. 
At present in Sri Lanka amendments to the Marriage and Divorce (Muslim) Act of 1951 (MMDA) are discussed. Muslim women were agitating against the provisions of the Act for more than 30 years. Successive governments appointed different committees. Committee headed by Justice Saleem Marsoof was appointed in 2009 and the report was issued in July 2019. Although Muslim Parliamentarians agreed to 14 recommendations, it is reported that All Ceylon Jamiyyathul Ulama (ACJU) was against these recommendations. ACJU President Rizwi Mufti reportedly said, “Muslim Marriage and Divorce Act is perfect in its present state.”.
In the Sri Lankan Act the minimum age for marriage for a Muslim girl is 12 years. In January 2019 it was reported that Saudi Arabia approved regulations which prohibit marriage for children under 15 years of age. The ban on child marriages came following a ruling by the kingdom’s Shura Council, which saw two thirds of the advisory body vote in favor, according to Arab News. However, teens under the age of 18 can marry if approval is granted by a specialized court. ACJU President should follow Saudi Arabia at least in this respect. 
Muslim women request that the minimum age of marriage for all Muslims must be 18 years without any exceptions; women should be eligible to be appointed as Quazis, as Members of the Board of Quazis, Marriage Registrars, and Assessors (jurors); the MMDA must apply uniformly to all Muslims without causing disadvantage to persons based on sect or madhab; signature or thumbprint of bride and groom is mandatory in all official marriage documentation to signify consent; registration should be required for legal validity of marriage; adult Muslim women are entitled to equal autonomy and need not require the ‘permission’ by law of any male relative or Quazi to enter into a marriage;  Talaaq (divorce) and Faskh (annulment) rights between women and men must be equal; Procedures for divorce initiated by men and women must be the same, including appeal process ; and to revise the Quazi court system to ensure a competent system with improved access to justice for women and men.
These requests are basic in present day context and I am at a loss that how this Act was approved in 1951. These are in line with the United nations Human Rights Convention. Therefore, I believe that ACJU should approve the recommendations.
Therefore, Islamic community in Sri Lanka, considering the reforms taking place in Saudi Arabia and in the context of contemporary human rights of the world, should think progressively about the social reforms.
Conclusion
Christian Church is gradually embracing the local Sri Lankan culture. It was a conscious decision taken by all the sectors of the Christian Church. Sadly, Sri Lankan Mosque try to move away from the local Sri Lankan culture. By this act Sri Lankan Mosque is trying to identify themselves with Islamic Civilization which is different to the religion of Islam and which would lead to a clash of civilizations as Samuel Huntington suggested. On the other hand, militant Buddhists aligned with the first Buddhist revival are hostile towards other believers and ethnicities. It should be noted that prior to the first Buddhist revival Muslims were settled within the interior areas of the country by the Sinhala Buddhists and by their kings in order to protect them from European Invaders. 
If the religions can move forward by paying lesser attention to the social and political issues and pay more attention to the spiritual aspect, which is the main reason of their existence, religions will be solutions to the problems of the people rather than becoming problems itself. Then only the religion will be for the people. 
(Published in Colombo Telegraph on 17th Aug. 2019)