Wednesday, June 10, 2026

ආණ්ඩුවේ මංමුලාවූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති

 හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

වත්මන් රජය බලයට පැමිණීමට පෙර ජනතාවට ඒත්තු ගැන්වුයේ රාජ්යය මුල්ය අර්  බුදයකට මුහුණ පෑවේ පෙර සිටි පාලකයන් ගේ දුෂණ ක්රියා නිසා බවත් ඔවුන් බලයට පැමිණි පසු ඒවාට වගකිවයුතු අයට දඬුවම් කරන බවත් ය. පෙර මැතිවරණ ගණනාවකදී මෙන් මෙම දඬුවම් කිරීමට ඡන්දදායකයෝ මනාප වූහ.

රාජ්යය දුෂිතව තිබුන බව සත්යයකි. ඛේදවාචකය වන්නේ රාජ්‍යය අදටත් දුෂිත වීමය. දුෂණ වලට එරෙහිව ක්රියාකරන ප්රධාන ආයතනයක් වන පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානියා ජාතික ජන බලවේගයේ දේශපාලන ක්රියාධරයකු වූ අතර  අමාත්යංශයේ ලේකම් වරයාද එවැන්නෙකි. දුෂණය පිලිබඳ විමර්ශන කරන අනෙක් ආයතනය වන අල්ලස් හෝ දුෂණ විමර් ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වරයා හිටපු ජවිපෙ සාමාජිකයකු බවට එල්ලවූ චෝදනා වලට ඔහු සුදුසු පරිදි පිළිතුරු දුන්නේ නැත. සමහර පුද්ගලයන්ට එරෙහිව විමර් ශන  කෙරෙන බව පෙනෙන්නට නොමැත. එබැවින් පෙර  සිටි පාලකයන්ගේ දුෂිත ක්රියා පිලිබඳ වත්මන්  ආණ්ඩුව ක්රියා කරන්නේ තෝරාගත් පිරිසකට එරෙහිව බව පෙනෙන්නට තිබේ.

රාජ්යය මුල්ය අර්බුදයකට මුහුණ පෑ ප්රධාන හේතුව දුෂණය නොවේ. ප්රධාන හේතු ගණනාවකි. එකක් රාජ්යයේ දිගු කාලින අයවැය හිඟයයි. ලැබෙන ආදායම වියදමට ප්රමාණවත් නොවන නිසා දිගින් දිගටම ණය ගැනීමට සිදුවිය. අපනයන අනුක්රමයෙන් දල දේශීය නිෂ්පාදිතයට අනුරූපව අඩු වූ අතර වෙළෙඳ ශේෂය ද ජංගම ගිණුමේ හිඟය ද වැඩි විය. රාජ්ය ආයතන සතුව තිබු විදුලිය සහ ඉන්ධන වීකුනන ලද්දේ ගැනුම් මිලට වඩා අඩුවෙනි. හිඟය පියවන ලද්දේ රාජ්ය බැංකු වලින් ලබාදෙන ණය මගිනි. මේවාට අමතරව තිබු රාජ්ය ආයතන අතර පාඩු ලබන බොහෝ ආයතන තිබු අතර ඒ පාඩු දරන ලද්දේ රාජ්ය අයවැය මගිනි. රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම නිසා අඩු පොලි ණය ලබා ගැනීමේ අපහසු තත්ත්වයක් උද්ගත වූ අතර ලැබුණ ණය සඳහා ඇති කොන්දේසි පිළිපැදීමට රජය අකමැති වූ නිසා 2007 දී ජාත්යන්තර වෙළෙඳ පොළේ බැඳුම්කර විකිණීම මගින් ණය ලබා ගැනීමට රජය ක්රියා කළේය. මේ ණය වල පොලිය වැඩි වූ අතර ආපසු ගෙවන කාලය කෙටි විය. ණය සඳහා කොන්දේසි නැත. එමෙන්ම මෙම ණය වැඩි වශයෙන්ම යොදවන ලද්දේ ණයේ පොලියට වැඩ අඩු ප්රතිලාභ ලැබෙන ව්යාපෘති වලය. මෙම තත්ත්වය බරපතල ප්රතිවිපාක ඇති කරන ලදී.

2019  දී පත්වූ ආණ්ඩුව විසින් බදු විශාල වශයෙන් අඩු කරන ලද අතර රාජ්ය ආදායම අඩුවීම නිසා ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවිය. මේ නිසා ශ්රේණිගත කරන ආයතන විසින් ලංකාවේ ශ්රේණිය පහත දමන ලදී. කොවිඩ් පැමිණීම නිසා ආර්ථික වර්ධනය අඩාල විය. රාජ්යය විසින් දේශීය ණය කෙරෙහි වැඩි බරක් තබන ලද අතර මුදල් සැපයුම හෙවත් මුදල් අච්චු ගැසීම වැඩි කරන ලදී. මේ නිසා උද්ධමනය වැඩි විය. මේ අවස්ථාවේදී ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යාම රජය ප්රතික්ෂේප කළේය. රසායනික පොහොර ගෙන්වීමද  නවත්වන ලදී. මහ බැංකුව ඩොලරයේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කළ නිසා කළු කඩයේ ඩොලරයේ මිල වැඩි විය. ඒ නිසා නිත්යානුකුල ක්රම හරහා ඩොලර් ලැබීම අඩාල විය. ප්රතිඵලයක් වශයෙන් රජයට අත්යවශ්ය ආනයනික භාන්ඩ සඳහා ගෙවීමට ඩොලර් නැති විය.

පසුව ජාත්යන්තර මුල්ය අරමුදල සමඟ එකඟතාවක් ඇතිවූ අතර ඒ අනුව බදු ද එහි ප්රතිඵලයක් ලෙස රාජ්ය ආදායමද වැඩිවිය. විදුලිය සඳහාද ඉන්ධන සඳහාද මිල නියම වුයේ ගැනුම් මිල සහ වියදම අඩු කිරීමෙන් පසුවය. රාජ්ය වියදම් බොහෝ සෙයින් සිමා කරන ලදී. ඒ අනුව ප්රාථමික ගිණුමේ (ආදායමපොලි හැර වියදම ) අතිරික්තයක් ඇතිවිය. මුදල්  අච්චු ගැසීම නවත්වන ලදී. පොලි අනුපාත වැඩි කරන ලදී. උද්ධමනය අනුක්රමයෙන් අඩුවිය. ඒ අනුව පොලි අනුපාතද අනුක්රමයෙන් අඩු කරන ලදී. විනිමය අනුපාතය කෘත්රිමව තබා නොගන්නා ලදී. මේ අනුව වෙළෙඳ ශේෂයේ හිඟයක් තිබුණද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර් තා විය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට තිබුනේ මේ තත්ත්වයයි.

ඔවුන් බලයට පැමිණීමට පෙර මුල්ය අරමුදල සමඟ ඇති ගිවිසුම සංශෝධනය කරන බව කීවත් එසේ නොකරන ලදී. ඔවුන් කරන එකම දෙය ඒ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්රියාත්මක කිරීමයි. එය හොඳ දෙයකි.

ඒ අනුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වර් තමාන දත්ත මෙසේය. 2025 දී දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස රාජ්ය ආදායම 16.7% කි (IMFසමග එකඟවූ 14.9%) ; ප්රාථමික  ගිණුම  5.4% කි (IMFසමග එකඟවූ 2.3%) ;  අයවැය හිඟය -2.3% කි(IMFසමග එකඟවූ -5%) ; මධ්යම රජයේ ණය 91.6% (IMFසමග එකඟවූ 103.3%);  ආර්ථික වර් ධනය 5% කි (IMFසමග එකඟවූ 2.6% ); විදේශ ගිණුම් වල ජංගම ගිණුම අතිරික්තය 1.6% කි. රාජ්ය මූල්ය ස්ථාවරත්වය පැත්තෙන් මෙය ඉතා හොඳ තත්ත්වයකි. ප්රශ්නය වන්නේ එපමණක් සෑහේ ද යන්නයි.

මෙම තත්ත්වය එක්  අතකින් මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවන ධුර කාලයේ මුල් භාගය (2010-2012) සිහිපත්  කරවයි. ඒ යුගයේ මෙරට වැඩිම ආර්ථික වර් ධන වේගයක් විය. (8%-8.6%) යුද්ධයෙන් පසුව ඇතිවූ වර් ධනයට ප්රධාන වශයෙන් දායකත්වය සපයන ලද්දේ ඉදිකිරීම් ක්ෂේත්ර යයි. මෙය මුල්යනය කරන ලද්දේ ඉහළ පොලි අනුපාත සහිත ණය විසිනි. සමහර ඉදිකිරීම් වල ප්රතිලාභය ණය පොලියට වඩා අඩුවිය. එම යුගයේ අපනයන දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ඉතා අඩු අගයක් වාර්තා කළේය (19%-20%) රාජ්ය ණය වැඩිවූ නමුත් ආර්ථික වර් ධනය හේතුවෙන් එය දල දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස තරමක් අඩුවිය. විනිමය අනුපාතය මහා බැංකුව විසින් කෘත්රිමව අඩු අගයක තබා ගන්නා ලදී. මෙය බැලූ බැල්මට හොඳ තත්ත්වයක් ලෙස පෙනුනත් තිබු බරපතල තත්ත්වය එම දත්ත තුලම අඩංගුය.

ජාත්යන්තය මුල්ය අරමුදලේ කාර්ය භාරය වන්නේ රාජ්ය මූල්ය ස්ථාවරත්වයයි. ඒ අනුව රාජ්යයේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිවේ. රටේ ආර්ථිකයේ සම්පුර් න පාලනය මුල්ය අරමුදලට භාරදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. රටේ ආර්ථික වර්ධනය සඳහා ආණ්ඩුව කටයුතු කල යුතුය. මේ ආණ්ඩුව එසේ කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. අප වැනි රටක ආර්ථික වර්ධනයේ ප්රධානම සංඝටකයක් විය යුත්තේ අපනයන වර්ධනයයි.අපනයන පමණක් වර්ධනය කළ නොහැක. ඒ සමගම ආනයන ද වර්ධනය වේ. එහි තේරුම නම් වෙළෙඳාම වර්ධනය විය යුතුය. මහා පරාක්රමබාහු රජුගේ කාලයේද තත්ත්වය මෙසේමයි.

මූල්‍ය අරමුදලේ නිර් දේශ මත අමතර තීරු බදු ඉදිරි වසර වලදී අඩුකරන බව පසුගිය අයවැය කථාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. එනමුත් ඉදිරි වර් ෂ වල ආදායම් ඇස්තමේන්තු අනුව අමතර තීරුබදු වලින් ලැබෙන මුදල අනුක්‍රමයෙන් වැඩිවෙයි. මෙය අයවැය කතාවට පරස්පරය. අයවැය කතාව අනුව ක්‍රියාත්මක වුවොත්  2029 දී මුළු තීරුබදු 50%  කින් පමණ  අඩුවිය යුතුය. මෙය හොඳ ප්‍රවණතාවයකි. මෙය යම් ප්‍රමාණයකින් ජිවන වියදම අඩු වීමටද ඉවහල්වේ. නමුත් පරස්පර ඉඟි නිසා එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සැක සහිතය.

අපනයන වර්ධනය සඳහා ආණ්ඩුව විසින් ප්රතිපත්ති තීරණ ගත යුතුව තිබේ. පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත අනුව උදාහරණයක් ලෙස  දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්  ලෙස භාණ්ඩ සහ සේවා අපනයනය 2025 දී 25% ක් ද 2040 දී 60% ක්ද විය යුතුය. 2025 දී සාක්ෂාත් කළ මෙම අගය 19% කි. මෙම අගය 2000 දී 39% ක් විය

ආර්ථික පරිවර්තන පනත අනුව පුළුල් බලතල සහිත ආර්ථික කොමිෂන් සභාව, විවිධ ආර්ථික කලාප පාලනය සඳහා සෝන්ස් එස් එල් ආයතනය, ජාත්යන්තර වෙළෙඳාම සඳහා වූ කාර් යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, සහ ශ්රී ලංකා ආර්ථික විද්යා සහ ජාත්යන්තර වෙළෙඳ ආයතනය පිහිටු විය යුතු අතර මේවා කෙලින්ම ජාත්යන්තර වෙළෙඳාම, විදේශ ආයෝජන, අපනයනය සහ ඵලදායිතාව නැංවීම වැනි කරුණු වලට අවධානය යොමු කර ඇත.

වත්මන් ආණ්ඩුව එම  පනත ක්රියාත්මක වීම අත්හිටවා ඇති අතර එම අමතර නිර් නායක ක්රියාත්මක නොකරයි. ඔවුන් ක්රියාත්මක කරන්නේ මූල්ය අරමුදල සමඟ එකඟ වූ නිර් නායක පමණක් වන අතර රටේ ආර්ථිකය පරිවර්තනය සඳහා ආණ්ඩුව කිසිම ක්රියා මාර්ගයක් නොගනී. පනතට සංශෝධන අවශ්ය නම් ඒවා කළ යුතුය.

මෙයට අමතරව රජය සතු ව්යාපාරික ආයතන ප්රතිව්යුහගත කිරීම සඳහාද ආණ්ඩුව කඩිනමින් ක්රියාත්මක නොවේ. විදුලි බල මණ්ඩලය යම් ඉදිරි පියවරක් තබා ඇති අතර එය සුමට අන්දමින් ඉදිරියට යන බවක් පෙනෙන්නට නැත. රාජ්ය ව්යාපාර ප්රතිසංවිධානය සඳහා ද පනතක් ගෙන එන බවද ප්රකාශයට පත් කර ඇත. මේවා කඩිනමින් ක්රියාත්මක කළ යුතුය.

ඉන්දියාවට කෙරෙන අපනයන වර්ධනය සඳහා ඉන්දියාව සමග ඇතිආර්ථි කසහයෝගිතා ගිවිසුම ඉක්මනින්ම අලුත් නලෙස ආසියානු සංවර්ධන බැංකුව යෝජනාකර ඇත. ජපානය ඉන්දියාව සහ ලංකාව අතර යෝජිත ආර්ථික කොරිඩෝව පිලිබඳ වැඩ කටයුතු ඉක්මන් කරන ලෙස ජපන් තානාපති වරයා පසුගියදා ඉල්ලා සිටියේය. මේ සම්බන්ධව ගිවිසුමක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2026 පෙබරවාරි මස අත්සන් කරන ලදී. අපනයන සංවර්ධනය සඳහා ආණ්ඩුවක් විසින් ක්රියාත්මක කල යුත්තේ මෙවැනි දෑය. එය සමුළු පැවැත්වීමෙන් පමණක් කළ  නොහැක.

මාස ගණනාවකට පෙර ඉන්දියාව යුරෝපා සංගමය  සමග වෙළෙඳ ගිවිසුමක්  අත්සන් කළේය. එය සියලු වෙළෙඳ ගිවිසුම් වල මාතාව ලෙස හඳුන්වනු ලැබිණ. එය එතරම් විශාල එකකි. ඉන්දියාව එයට පෙර එක්සත් රාජධානිය සමඟ ද ගිවිසුමක් අත්සන් කරන ලදී. වියට්නාම් ජනාධිපතිවරයා දැන් ලංකාවේ සංචාරයක  යෙදේ. වියට්නාමය නිදහස් වෙළෙඳ ගිවිසුම් 19 කට එළඹ ඇත.

ආණ්ඩුවේ සහ  ඔවුන්ගේ හිතවාදීන්ගේ අරක්ෂනවාදී ප්රතිපත්තිය මෙවැනි ක්රියා මාර්ග සඳහා ප්රතිරෝධයක් ලෙස ක්රියා කරයි. මෙවැනි  ප්රතිසංස්කරණ ආණ්ඩුව විසින් නොකරන්නේ නම් මූල්ය අරමුදල සමඟ තවත් එකඟතාවකට යාමට සිදුවනු ඇතැයි ප්රකට ආර්ථික විද්යාඥයකු වන ගනේෂන් විග්නරාජා පසුගියදා අනතුරු ඇඟවිය.

මූල්ය අරමුදල සමඟ එකඟවූ නිර් නායක ක්රියාත්මක කරන තෙක් රාජ්යය මූල්ය අර බුදයකට මුහුණ නොපානු ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇත. එය ණය ආපසු ගෙවීම කෙරෙහිද බලපානු ඇත.

ඉක්මනින් වැඩි ආර්ථික වර්ධනය ක් ලබාගැනීම අවශ්ය වන තවත් ඉතා වැදගත් හේතුවක් තිබේ. 2022 ඇතිවූ උද්ධමනය හේතුවෙන් බඩු මිල ඉහල ගිය අතර පසුව කලින් වැඩි වූ බඩු  මිල දැනෙන තරමින් අඩු වුයේ නැත. මේ නිසා රටේ විශාල පිරිසක් දරිද්ර රේඛාවෙන් පහතට වැටී තිබේ. මේ පිරිස දරිද්ර මට්ටමෙන් ඉහලට ගත හැක්කේ ඉක්මන් ආර්ථික වර්ධනයක් මගින් සහ එම වර්ධනයේ ප්රතිලාභ ජනතාවට ගලා යාමට සැලැස්වීමෙනි. ආණ්ඩුවට මේ පිළිබඳව කිසිම අවබෝධයක් තිබෙන බව පෙනෙන්නට නොමැත.

මේ බරපතල තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුව සිය මංමුලා වීමෙන් එළියට පැමිණ නිවැරදි මාර්ගයේ ගමන් කළ  යුතු යයි සිතමි.

Published in Colombo Telegraph on May 10, 2026

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-may-9-2026/

No comments:

Post a Comment