Monday, May 19, 2025

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

පසුගිය පළාත්පාලන මැ තිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබවිසින් වැඩිම ඡන්ද ප්රමාණයක් ලබාගත් නමුත් පසුගිය මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්රමාණයේ විශාල අඩුවක් දක්නට ලැබේප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද අත්ව ඇත්තේ එම ඉරණම මයි.

අප නිදහස ලබන විට ප්රධාන දේශපාලන පක්ෂ වූයේ එජාප සහ ලසසප යිදශක ගණනාවකට පසුව එජාප සහ ශ්රීලනිපද ප්රධාන පක්ෂ වියශ්රීලනිප පසුව ලසසප සහ කොප සහ තවත් පක්ෂ සමඟ සන්ධාන ගතවී පොදුජන එක්සත් පෙරමුණ බිහිවියපළමුව පැරණි වමද දෙවනුව එජාප සහ ශ්රීලනිපද ජනප්රියත්වයෙන් ගිලිහි ගියේයඉන්පසුව එජාප වෙනුවට විපක්ෂයේ බලය ලබා ගත් සජබ ද ශ්රීලනිප වෙනුවට ආණ්ඩු බලය ලබාගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණද උපත ලැබිය.

ශ්රී ලංකාවේ ප්රථම වතා වට පොදුජන පෙරමුණේ ජනතා ඡන්දයෙන් තෝරාගත් ජනාධිපතිවරයා ජනතා විරෝධතා මගින් පන්නා දමනු ලැබියමෙම විරෝධතා පළමුව අවිහිංසාවා දී වුවත් ආණ්ඩු පක්ෂයේ හිංසනයට ප්රතික්රියා වශයෙන් මහජන විරෝධයද හිංසාකාරී වූ අතර පසුව අයුතු ජනරාශි එයට මැදහත් වියලංකාවේ සන්නද්ධ කැරලි තුනක් ඇතිවූ නමුත් රාජ්ය නායකයා මේ අයුරින් පන්නා දැමීමට නොහැකි විය.

පත්කළ ජනාධිපතිවරයා විසින් පන්නා දමනු ලැබූ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පුර්ණ කළ අතර නව ජනාධිපතිවරයා ජාත්යන්තර මුල්ය අරමුදලේද සහාය ඇතිව බංකොලොත් ස්වභාවයෙන් රට මුදවා ගත්තේය ඉන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මහජන ඡන්දයෙනි.

සාධාරණ හේතු තිබුනත් ජනතාව විසින් පවතින ආණ්ඩුවද විපක්ෂයද ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සුබදායක නොවේමෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවති අතර සම්ප්රදායික පක්ෂ එකිනෙක අහෝසි වූයේ ඒ අනුවයි.

ලංකාවේ මහජන මතය අන් බොහෝ රටවල මෙන් ක්ෂණික ප්රතිඵල අපේක්ෂා කරන අතර ඔවුන් ක්ෂණික ප්රතිලාභ ද බලාපොරොත්තු වේවර්තමාන ආණ්ඩුව පොරොන්දුවූ පරිදි ප්රතිඵල පෙන්වීමට අසමත්ව තිබේඑහි ප්රතිවිපාක ඔවුන් විසින් විඳදරාගත යුතුව ඇතනමුත් ලංකාවේ ආර්ථිකයට තවත් ආණ්ඩු පෙරලීමේ විරෝධතා  ව්යාපාරයක් දරා ගැනීමේ හැකියාවක් නැත.

ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව වූයේ රාජ්යයට දරා ගත නොහැකි ප්රතිලාභ ජනතාවට ලබාදීමයිමේ ප්රතිලාභ වූයේ රාජ්ය ආයතන විසින් බෙදා හරින ලද විදුලි බලය සහ ඉන්ධන එහි පිරිවැයට වඩා අඩු මුදලකට ජනතාවට දීමත් ඵලදායිතාවයෙන් අඩු විශාල සේවක පිරිසක් රාජ්ය අංශයේ තබාගැනීමත් ආණ්ඩුව සන්තකයේ පාඩු ලබන වාණිජ ව්යාපාර පවත්වාගෙන යාමත්යමෙම ක්රියා වලියෙන් වාසි ලැබූ ඡන්දදායකයන් කල්පනා කළේ ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව රාජ්ය බලය හෙබවූ දේශපාලන පක්ෂ විසින් රාජ්ය දේපළ සොරකම් කිරීම බවයිජාජබ විසින් ආණ්ඩු බලය ලබා  ගැනීම උදෙසා මෙම සංකල්පය ජනගත කරන ලදීරටේ සංවර්ධනය උදෙසා ද ආයෝජන ගෙන්වා ගැනීම උදෙසා ද දුෂණය අවම කළ යුතු අතර රාජ්ය කටයුතු විනිවිද භාවයකින් යුක්තව කළ යුතු නමුත් ආර්ථිකය කඩා වැටීමේ ප්රධාන හේතුව දුෂණය නොවේ.

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා වට පදනම් වූ රාජ්ය ණය තිරසාරත්වය පිලිබඳ නැවත විශ්ලේෂණයක් කරන බව ජාජබ මැතිවරණ ප්රකාෂණයේ සඳහන් වුවත් ජනාධිපතිවරයා බලයට ඒමට පෙර කියා සිටියේ මූල්ය අරමුදල සමඟ එකඟතාව දිගටම පවත්වා ගෙන යන බවයිමෙය රටේ පැවැත්ම සහ ආණ්ඩුවේ පැවැත්ම සඳහා ගත හැකි සුදුසුම පියවරයි.

මූල්ය අරමුදලේ තුන්වන වාරිකය ගෙවීම ආණ්ඩුවේ 2025 අයවැය ඉදිරිපත් කරන තෙක් පමාවියඑය ගෙවනු ලැබුවේ ඉන් පසුවයදැන් හතරවන වාරිකය ගෙවීම විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කරන තෙක් පමා කර තිබේමූල්ය අරමුදල සමඟ වූ එක් කොන්දේසියක් වන්නේ විදුලි බලය සහ ඉන්ධන සඳහා පිරිවැය මත පදනම් වූ මිල ක්රමයකිආණ්ඩුව ඉන්ධන සඳහා මෙය ක්රියාත්මක කළ අතර විදුලි බලය සඳහා  එය ක්රියාත්මක කිරීම පැහැර හැරියේයඑබැවින් විදුලි බිල ළඟදීම ඉහල යනු ඇත.

මෑතකදී ජනාධිපතිවරයා ඉතා ප්රශස්ත ආකාරයට මෙම මිල සූත්රය පැහැදිලි කරනු මම අසා සිටියෙමිඔහු අතීතයේදී කී දේ පදනම් කරගෙන ඔහු විවේචනය නොකළ යුතු යයි සිතමිමක් නිසාද යත් එය කිරීමට ඔහු අසමත් වුවහොත් රට අර්බුදයකට යනු ඇතඔහුගේ ක්රියා වලට ප්රතිවිපාක ඔහු විසින් විඳිය යුතුයයම් හෙයකින් මලිමා වට ඡන්දය දුන් දුර නොදක්නා ජනතාව මෙයට විරුද්ධ වුව හොත් අප විසින් ආණ්ඩුව ආරක්ෂා කළ යුතු වේආණ්ඩුව විසින් කළ යුතු වන්නේ පසුගිය ආණ්ඩුව විසින් සම්මත කරගත් පනත අනුව විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමත් විදුලි පිරිවැය වැඩි කිරීමට දායක වන අකාර්යක්ෂමතා සහ නාස්ති විදුලි බල මණ්ඩලයෙන් ඉවත් කිරීමත් පද්ධතියට පුනර්ජනනීය විදුලි බලයේ දායකත්වය වැඩි කිරීමත්යආණ්ඩුවේ දැක්මේ ඇති දුගී බව නිසා හෝ කෙටි දුර පමණක් පෙනෙන මාලිමා ඡන්ද දායකයන්ට ඇති බිය නිසා හෝ මේ කටයුතු සිදුවන්නේ නැතවිදුලි බල මණ්ඩලයේ වෙබ් පිටුවට අනුව එහි අවසන් වාර්ෂික වාර්තාව නිකුත් වී ඇත්තේ 2022 වර්ෂය සඳහායමේ පමාවට වගකිව යුතු අය සේවයෙන් ඉවත් කිරීමට සුදුස්සෝ වෙති.

රජය සතු ව්යාපාර ආර්ථික වශයෙන් සහ වෘත්තීමය වශයෙන් සාධනීය ලෙස පවත්වා ගෙන යාම සඳහාත් භාණ්ඩාගාරයට මේවයින් ඇති අයහපත් බලපෑම සමනය කිරීම සඳහාත් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට මේවා යේ ආයෝජනය කිරීම සඳහාත් රාජ්ය වාණිජ ව්යාපාර කළමනා කරණය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව සහ එය කැබිනට් මණ්ඩලය අනුමත කළ බව 2025 අප්රේල් 29 දින කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස ප්රවෘත්ති සාකච්ඡාවේදී කීය.

මෙය ජජබ පෙර ක්රියාකා රිත්වයට සහ ශ්රී ලන්කන් ගුවන් සමාගමට 2025 අයවැයෙන් මුදල් වෙන්කර එය ආණ්ඩුව යටතේ දිගටම පවත්වා ගෙන යාමට එරෙහි වන අතර එය ඉතාමත් හොඳ ක්රියාවක් බව සටහන් කළ යුතුයමෙයින් පෙනී යන්නේ ආණ්ඩුව සිය පෙර වැරදි වලින් අනුක්රමයෙන් ඉවත් වන අතර සෙමෙන් නමුත් නිවැරදි තීරණ ගනිමින් සිටින බවයි.

ආණ්ඩුව අනුක්රමයෙන් ශ්රී ලංකාවේ සමාජවාදය පිලිබඳව ඇති වැරදි මතවාද නිශේධනය කරමින්ද එම මතවාදවලට ආශීර්වාද කළ මුග්ධ ජනතාව තුෂ්නිම්භූත කරවමින්ද සිටියිඔවුහු ක්රමක්රමයෙන් මෙරටට අවශ්ය ධනේශ්වර ප්රතිසංස්කරණ කරමින් සිටිතිමෙය කළ හැක්කේ ඔවුන්ට පමණියම් හෙයකින් එසේ නොකළ හොත් ආණ්ඩුවේ විනාශය ඉතා කෙටි කලකින් සිදුවනු ඇතඑබැවින් අප සියලු දෙනාගේම සහයෝගය ඇතිව එය කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුයවාමාංශික ආණ්ඩුවක් විසින් රට අවශ්ය ධනේශ්වර ප්රතිසංස්කරණ කිරීම උත්ප්රාසයකිඑනමුත් එය ශ්රී ලාංකික මොඩලයයි.

උත්ප්රාසය අවසන් නැතශ්රී ලංකාවට අවශ්ය සමාජවා දී ප්රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්දඑයට පෙර සමාජවාදී ප්රතිසංස්කරණ යනු මොනවාදබොහෝ කාලයක සිට බොහෝ රටවල මෙන් ලංකාවේද ආදායම් බෙදීයාමේ විෂමතාවක් තිබේජවිපෙ විසින්ද ජජබ විසින්ද මේ පිළිබඳව කථා කිරීමට පටන් ගත්තේ මෑතක දීයරජයක් වශයෙන්  මේ ප්රශ්ණය ආමන්ත්රණය කිරීමට කළ හැකි එක් දෙයක් වන්නේ ගෙවීමට ශක්යතා වක් ඇති අය විසින් දරා ගනු ලබන ඍජු බදු වැඩි කිරීමත් ගෙවීමට ශක්යතාවක් ඇති නැති සියල්ලන් විසින් දරා ගනු ලබන වක්ර බදු අඩු කිරීමත්යබොහෝ කාලයක සිට ශ්රී ලංකාවේ ඍජු බදු සහ වක්ර බදු අතර අනුපාතය 20:80 විය. 2022 දී ඍජු බදු වැඩි වීමත් සමඟ මෙය වෙනස් විය.

මෙම අනුපාතය 40:60 මට්ටමට ගෙන ආ හැකි නම් ඉතා හොඳයමේ සඳහා සමාජය පොහොසත් විය යුතු අතර වැඩි දෙනෙක් ආදායම් බදු  ගෙවිය යුතුයඑබැවින් මෙය කළ හැ ක්කේ අනාගත ධනේශ්වර ආණ්ඩුවකටයිඅනෙක් උත්ප්රාසය එයයියම් උදාහරණයක් දක්වන්නේ නම් වරෙක ධනේශ්වර ජේආර්ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමති වූ රොනී ද මැල්ගේ ආන්තික ආදායම් බදු අනුපාතය සමාජවා දී සිරිමා  බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් ඇමති ඇන්ඇම්පෙරේරාගේ ආන්තික අදායම් බදු අනුපාතයට වඩා වැඩිවිය.

ප්රශ්ණය වන්නේ මූල්ය අරමුදල සමඟ එකඟ වූ ධනේශ්වර ප්රතිසංස්කරණ කිරීමෙන් පමණක් ආර්ථික අර්බුදයෙන් ගොඩයා නොහැකි වීමයිමේ ප්රතිසංස්කරණ ඉලක්ක කර ඇත්තේ රාජ්ය මූල්ය ස්ථාවරත්වයයිඑයට අමතරව අප විසින් ආර්ථිකය වැඩි අනුපාතයකින් වර්ධනය කර ගත යුතුයශ්රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය අනුව ආර්ථික වර්ධනයේ වැඩි බරක් තැබිය යුත්තේ අපනයනය ඉලක්ක කර ගත් විදේශ වෙළෙඳාමේ වර්ධනයකටයිමේ සඳහා ආණ්ඩුවට පැහැදිලි දැක්මක් තිබිය යුතුයශ්රී ලංකාවේ මාධ්ය වාමාංශික ආණ්ඩු විසින් අනුදත් ආරක්ෂනවාදය ආණ්ඩුවේ අරමුණ වී තිබේආරක්ෂනවාදය කිසිසේත්ම ප්රහාරාත්මක නොවේප්රහාරාත්මක ආර්ථික ප්රතිපත්තියක විදේශ වෙළෙඳාම සඳහා වන තීරුබදු අඩුයඑම ප්රතිපත්තිය තුළ විදේශ වෙළෙඳ ගිවිසුම් ප්රමුඛත්වයක් ගනීඉන්දියාව යෝජනා කළ ආණ්ඩුව එකඟ නොවූ ඉන්දියාව හා ලංකාව අතර පාලමද මන්නාරම සිට ත්රිකුණාමලය දක්වා වූ අධිවේගී මාර්ගයද ඒ මගින් විශාල ආර්ථික වර්ධනයක් සහිත දකුණු ඉන්දියාව ලංකාවට සම්බන්ධ කිරීමද ප්රහාරාත්මක ආර්ථික ප්රතිපත්තියක අංග වේඒ වෙනුවට ආණ්ඩුව ආරක්ෂාව සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට ලංකාව බැඳ තබා  ඇත.

ජාජබ ආණ්ඩුවේ බිඳ වැටීම සනිටුහන් කරනු ඇත්තේ අනාගත ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් දැක්මක් ආණ්ඩුවට නොමැති  වීමයිඑය රටටද අහිතකර ලෙස බලපානු ඇත.

Published in Colombo Telegraph and in Anidda on May 16, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-16-may-2025/


No comments:

Post a Comment