Friday, November 15, 2024

නව රජය මුහුණ දෙන අභියෝග

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියානු පැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා වූ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් නව රජය සමඟ සාකච්ඡා කිරීමට පසුගියදා මෙරටට පැමිණියහඔක්තෝබර් 4 වන දින IMF විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ වර්ෂ 2022 සිට ශ්‍රී ලංකාව මුහුණ දෙන නරකම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ මාවතේ ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීම සඳහා උපකාරී වූ ඉතා අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ  තවදුරටත් ශක්තිමත් කරමින් සහ ආරක්ෂා කරමින් ඒ මාර්ගයේම ගමන් කිරීමේ වැදගත් කම පිළිබඳව දෙපාර්ශ්වය එකඟ වූ බවත් මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම පිළිබඳව IMF  දිරිමත් වූ බවත්ය.

මේ අනුව ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූද ඔවුන් විසින් පුනපුනා විවිධ අවස්ථාවලදී කරන ලද්දා වූ ද DSA හෙවත් ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිලිබඳ විශ්ලේෂණය නැවත IMF සමඟ සාකච්ඡා කරන බවට වූ  ප්‍රකාශය නිශේධනය වේමේ පිලිබඳ ඡන්ද දායකයන් රැවටීම පිලිබඳ විවිධ චෝදනා NPP වෙත එල්ල වන නමුත් මෙම තත්ත්වය ගැන කල්තබාම අපි  දැන සිටියෙමුකෙසේ වෙතත් පවතින තත්ත්වය ගැන IMF සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන Fitch Ratings මෙන්ම අප සියලු දෙනාම සතුටට පත් විය යුතු වෙමු.

මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති 2023 වර්ෂය සඳහා වන වාර්තාවෙන් ගත් යම් තොරතුරු සහ ඉදිරි වර්ෂ සඳහා IMF ඉලක්ක එකතු කර සාදාගත් වගුවක් මෙහි දක්වා ඇත.වගුවට අනුව වර්ෂ 2023 දී ඇස්තමේන්තු ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති අතර  ඇස්තමේන්තුගත වියදමට වඩා අඩු වියදමක් කර ඇතඒ අනුව ප්‍රාථමික ශේෂය ඇස්තමේන්තුගත ඍන රුබිලියන 221සිට ධන රුබිලියන 173 දක්වා රුබිලියන 394 කින් වැඩිවී ඇතණය සඳහා පොලී ගෙවීමටද ණය ආපසු ගෙවීමටද මුදලක් ඉතිරි වන්නේ මෙම අගය වැඩිවන ප්‍රමාණයටයවර්ෂ 2023 සඳහා ප්‍රාථමික ශේෂය  දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)  ප්‍රතිශතයක් ලෙස ගතහොත් IMF එකඟතාවයේ ඇති  අගය ඍන 0.7 ක් වන අතර වසර අවසානයේ ප්‍රතිඵලය ධන 0.6කිමේ අනුව එම වර්ෂය සඳහා බලාපොරොත්තු වූවාට වඩා ඉතිරියක් තිබේ.

වර්ෂ 2023 තුන්වන කාර්තුවේ සිට අර්ටික වර්ධනය ධන අතට හැරුන අතර මේ හේතුවෙන් 2023 සමස්ත මූර්ත වර්ධනය එනම් වෙළෙඳපොළ මිලගණන් අනුව වූ වර්ධනය උද්ධමනයට ගැලපීමෙන් පසුව වන වර්ධනය ඍන 2.3%ක් විය මෙය IMF සමඟ එකඟවූ ඍන 3%ට වඩා හොඳ අගයකිවර්ෂ 2024 පළමු කාර්තුවේ වර්ධනය 5.3% ක්ද දෙවන කාර්තුවේ 4.7% ක් ද වේඒ අනුව IMF සමඟ එකඟවූ ධන 1.5% ක වර්ධනය බෙහෙවින්ම ඉක්මවා යනු ඇත.

වර්ෂ 2024 පළමු මාස හතර සඳහා ප්‍රථමික ශේෂයේ රු බිලියන 365 ක අතිරික්තයක් පෙන්වා ඇතමෙය ඉලක්ක ඉක්මවා යමක් වන අතර මෙම ඉතිරිය ලබාගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් අඩු කර ඇත.

රාජ්‍ය ආදායම  GDP යෙන් 2024 වර්ෂයේදී 13.3% ක් ද 2025 වර්ෂයේදී 14.9% ක්ද වියයුතු අතර NPP ඉදිරිපත් කළ බදු කප්පාදු ක්‍රියාත්මක කළ හොත්  ඉතා සුගම ලෙස කෙරී ගෙන යන රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය අනතුරට ලක්වනු ඇතඑනමුත් හිටපු ජනාධිපතිවරයා මෙතෙක් ලැබී ඇති ප්‍රතිලාභද සැලකිල්ලට ගනිමින් IMF එකඟතාව මත යෝජනා කළ ප්‍රමාණයෙන් කුඩා වූ ආදායම් බදු අඩුකිරීම වැන්නක් කළ හැකි වනු ඇත.

එමෙන්ම  වර්ෂ 2024 දී IMF එකඟතාව මත රජයේ වියදම් සඳහා ඉතිරි වන්නේ GDP යෙන් 12.5% කි.මේ අනුව GDP යෙන් 6%ක් අධ්‍යාපනය සඳහාද 3% ක් සෞඛ්‍යය සඳහාද කෙටිකාලීනව හෝ නුදුරු අනාගතයේදී වියදම් කිරීමේ මැතිවරණ පොරොන්දු හිස් ප්‍රලාප වේඑබැවින් මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය පිලිබඳ තුලනය රජය  මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි.

එමෙන්ම  රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය නොකරන බව ප්‍රකාශ කර තිබේමෙරටට  ලිබරල් චින්තනය හඳුන්වා දෙන්නේ නව ලිබරල් ලෙස අපහාසත්මකව පාවිච්චි වන වදනත් සමඟයබොහෝ දෙනෙකුට ලිබරල් චින්තනය පිලිබඳ වැටහීමක් නොමැතකල් ඉකුත් වූ මාක්ස්වාදී චින්තනය පදනම් කර ගත් ශ්‍රී ලාංකික චින්තනය තුළ ඊනියා ජාතික සම්පත් පාඩුවට හෝ පවත්වාගෙන යාමට පරමාධිපත්‍යය හිමි ජනතාව කැමතියආයෝජන හෝ භාණ්ඩාගාරයේ ඇප මත ලබාගන්නා ණය හෝ පොම්ප කිරීමකින් තොරව මෙම ගුවන් සේවය නැංවිය නොහැකනමුත් ප්‍රශ්ණය වන්නේ මේ දෙකෙන් එකක් වත් කිරීමට IMF එකඟතාව යටතේ ආණ්ඩුවට හැකියාවක් නොමැති වීමයිඑමෙන්ම දිගටම පාඩු ලැබුවහොත් ඒවා ප්‍රතිපුරණය කිරීමටද ආණ්ඩුවට හැකියාවක් නොමැතමෙම ඊනියා ජාතික සම්පත් වෙළෙඳ පොළ අගයට පුද්ගලීකරණය කිරීමෙන් රටේ ණය පිළිබඳව යම් සහනයක් ලබා ගත හැක.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වර්ෂ 2024 සඳහා වන ගිණුම් වල ශේෂ පත්‍රයේ ප්‍රාග්ධනය සහ මුළු සංචිත වල එකතුව රුබිලියන 400 ක හිඟය කිවත්කම් මූල්‍යනය කර ඇත්තේ කෙටි කාලීන සහ දිගු කාලීන ණය වලිනිභාණ්ඩාගාරයෙන් ණය සඳහා  දුන් ඇපකර සහ ආණ්ඩුවෙන් දුන් සහනදායි ලිපි වලට අදාල ණය මුදල රුබිලියන 146 කි. IMF එකඟතාවය අනුව 2024 වර්ෂය සඳහා භාණ්ඩාගාර ඇප වල එකතුව රුබිලියන 2100 නොඉක්මවිය යුතුයනමුත් මුදල් අමාත්‍යංශයේ 2024 වසර මැද වාර්තාව අනුව 2024  අප්‍රේල් 30 දිනට මෙම ඇප වල එකතුව රුබිලියන 2228 කි.

ජේආර්ජයවර්ධන මෙරට ගුවන් සේවය ප්‍රතිසංවිධානය සඳහා සිංගප්පූරුවෙන් සහාය ඉල්ලූ අවස්ථාවේදී එරට අගමැති ලී ක්වාන් යූ කීවේ ගුවන් තොටුපල දියුණු කරන ලෙසයිඑයට හේතු වන්නට ඇත්තේ ශ්‍රී ලංකාව පිහිටි ස්ථානය වියහැකනමුත් ජේආර්විකල්පය තෝරාගත්තේ නැතඅපේ නායකයන් තවමත් සිතන්නේ ඒ ආකාරයටමයි.

එබැවින්රජයක්‍රියාත්මකකිරීමටඋත්සාහකරනමේසටන්පාඨමහපොළොවේයථාර්තයනොවේමේ චින්තනය අනුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකිරීමේ IMF එකඟතාව පිළිබඳව රජයේ ප්‍රතික්‍රියාව අවිනිශ්චිතයහිටපු ජනාධිපතිවරයා මෙම බැංකු දෙකේ ප්‍රග්ධනයෙන් 20% ක් ඒවායේ තැන්පත්කරුවන්ට සහ සේවා නියුක්තයින් ට නිකුත් කරන ලෙස යෝජනා කළත් මා සිතන්නේ මෙම බැංකු දෙක කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කර කොටස් වලින් 20% ක් පුද්ගලීකරණය කළ යුතු බවයිඑසේ කළ හොත් සම්පත් බැංකුව ආරම්භයේදී සිදුවූවාක් මෙන් බැංකු ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට භාජනය වනු ඇත.

යම් රාජ්‍ය ආයතන උපායමාර්ගිකව වැදගත් වෙතැයි පවසමින් එහි බෙදුම් ඉර පැහැදිලිව නොදක්වමින් පුද්ගලීකරණයට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආර්ථික වර්ධනයට ඉවහල් නොවේවර්ෂ 1956 සිට ව්‍යාපාරික ප්‍රජාවෙන් ජනසතුකරණයේ මුවාවෙන් උදුරාගත් ධනය නැවතත් ඔවුන්ට දිය යුතුය. 21 වන සියවසේ සමාජවාදය යනු රජය ව්‍යාපාර කිරීම හෝ රටේ ආර්ථිකය මධ්‍යගතව හැසිරවීම හෝ නොවේරටේ සංවර්ධනය ජනතාවට ගලා යාමට සැලැස්වීමයිදරිද්‍රතාවයෙන් ඉහලට ජනතාව ඔසවා තැබීමයිආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීමයිමෙය කළ හැක්කේ බදු ක්‍රමය හරහායි.

වඩාත් වැදගත් කාරණය වන්නේ රටේ ආර්ථිකය හැසිරවීමේ NPP ප්‍රවේශයයිමෙය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වේමක්නිසාද යත් IMF වැඩ පිළිවෙල කේන්ද්‍රගත වන්නේ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වයටයිආර්ථික වර්ධනයට නොවේමෙම අපහසු කාල පරිච්ඡේදය තුළද IMF සමඟ එකඟ වූ පුරෝකථන වලට ඉදිරියෙන් රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් අයුරු අප ඉහත සාකච්ඡා කළෙමුආර්ථිකය නැංවීමට ඉතා ඉක්මනින් මෙයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත යුතුය.

වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත් මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකය කේන්ද්‍රගත වී තිබුනේ ණයට මුදල් ගෙන කරන ලද ප්‍රතිඵලදායිත්වයෙන් අඩු ඉදිකිරීම් තුලය.

ලංකාව මුහුණ දෙන ප්‍රශ්ණ අනුව අපගේ ආර්ථික වර්ධනය කේන්ද්‍රගත විය යුත්තේ අපනයන මුල් කරගත් වෙළෙඳාම ටයිඔන්චිල්ලාව පැද්දෙන්නේ දෙපැත්තටයිඑක පැත්තකට නොවේඑබැවින් අපනයන සමඟ ආනයන ද වැඩි විය යුතුයවර්ෂ 2020 දී ශ්‍රී ලංකාව කරන ලද ආනයන වලින් හුදු පාරිභෝගික භාණ්ඩ වල ප්‍රතිශතය 21% කිඅනික් කොටස අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ විය.

NPP ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නිෂ්පාදන ආර්ථිකයකිඔවුන් අපනයනද ප්‍රවර්ධනය කරන බව කියන නමුත් මේ වචනයෙන් ගම්‍ය වන්නේ ‘අපේ රටට අපේ නිෂ්පාදන’ හෙවත් ‘අපි වැව්වොත් අපි කනවා’ වැනි සිරිමා බණ්ඩාරනායක යුගයේ පැවති අල බතල ආර්ථිකයකිමෙම ආර්ථික ක්‍රමය විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ පැවති  ආරක්ෂනකාරී ආනයන ආදේශන  ප්‍රතිපත්තියේම දිගුවකිමෙය සනාථ වන්නේ ආණ්ඩුව පසුගියදා පිටරටින් ගෙන්වන අල සහ ළුෑණු වලට අමතර තීරු බද්දක් පැනවීම මගිනි.

මෙයට ප්‍රතිපක්ෂ අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින් අපගේ වෙළෙඳපොළ හුදු මිලියන 22කට සීමා නොකර එය අති විශාල මට්ටමකට පරිවර්තනය කරයිමෙය ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියකි.එයට උත්තේජනය සපයන්නේ ආරක්ෂනකාරී මානසිකත්වය අතහැර දැමු ප්‍රහාරාත්මක මානසිකත්වයක් සහිත ආණ්ඩුජනතාවවෙළෙඳ ගිවිසුම් පිළිබඳව ආණ්ඩු වෙනුවෙන් සාකච්ඡා කරන නිලධාරීන් සහ වෙළෙඳ ප්‍රජාව විසිනි.දැනට පෙනෙන ආකාරයට මේ කිසිවකු මෙම චින්තනයේ නැතඉතාමත් අවාසනාවන්ත ලෙස ඉතා සුළු පිරිසක් හැරුණු විට වෙළෙඳ ප්‍රජාවද මෙම මානසිකත්වයේ නැතඅපේ රටේ ප්‍රමුඛ වෙළෙඳ ව්‍යාපාර අතර අපනයන ව්‍යාපාර අඩු  වන්නේ ද බැංකු වැඩි වන්නේද ඒ නිසාය.මෙම චින්තනය වෙනස් කිරීමට රජයට  හැකියාවක් හෝ අවශ්‍යතාවක් හෝ ඇතැයි දැනට නොපෙනේවසර 50 කට පෙර අපනයනය කරන්න නැතහොත් විනාශ වන්න යයි කිවේ එවකට සිටි මාක්ස්වාදී මුදල් ඇමති ඇන්ඇම්පෙරේරාය.

රජය හිටපු ජනාධිපතිවරුන්ගේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේද විශ්‍රාම වැටුප් අහෝසි කරන බව කියා තිබේඑය ඉතාම ජනප්‍රිය සටන් පාඨයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (1) ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට  විශ්‍රාම වැටුපක් හිමිබවත් යම් තැනැත්තකු ජනාධිපති ධුරයට පත්වූවිට පාර්ලිමේන්තුව විසින් එය නිශ්චය කළ යුතු බවත් පසුව මේ ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක් හෝ පරිච්ඡින්න කිරීමක් හෝ පසුව පනවනු ලබන නීතියක් හෝ මගින් මෙම හිමිකම අතීතයට බලපාන පරිදි වෙනස් කළ නොහැකි බවත්  එම හිමිකම පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් වැඩිකළ හැකි නමුත් අඩුකළ නොහැකි බවත් සඳහන්වේමෙයට අමතරව 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව විශ්‍රාමලත් ජනාධිපතිවරයකුට හෝ වැන්දඹුවට විශ්‍රාම වැටුපක්නිවාසයක්ප්‍රවාහන පහසුකම් සහ ලේකම්වරයකුට කරන ගෙවීම් හිමිය.

වර්ෂ 1977 අංක 1 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය ජාතික රාජ්‍ය සභාව මගින්  සම්මත කර ගන්නා ලදීලංකාවේ නීති අතීතයට බලපාන පරිදි වෙනස් කළ නොහැක.

දේශපාලනඥයන්ගේ දූෂණ නැති කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ ඔවුන්ගේ ඍජු වැටුප් වැඩි කිරීමයිඅඩු කිරීම නොවේඑමෙන්ම ඔවුන්ට බොහෝ සෙයින් මුදල් වියදම් වන සමානුපාතික මැතිවරණ ක්‍රමය යම් පමණකට සංශෝධනය කිරීමයිදූෂණයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයඒ සඳහා නීති සම්මතව ඇතදූෂණ සංස්කෘතිය වෙනස් වන්නේ ද දක්ෂයන් දේශපාලනයට එන්නේ ද ඉන් පසුවයිරාජ්‍ය සේවකයන්ගේ දූෂණය සහ අකාර්යක්ෂමතාව නැති කිරීමට අතිරික්ත සේවකයන් ඉවත්කර ඉතිරි අයගේ වැටුප් වැඩි කළ යුතු අතර කාර්යසාධන ඉලක්ක දිය යුතුයඉන් පසුව රෙඩ් ටේප් සංස්කෘතියද වෙනස් කළ යුතුය.

අපේ රටේ ආර්ථික ප්‍රශ්ණයට ප්‍රධාන හේතුව වන්නේ දූෂණය නොවේජනප්‍රිය වාදයෙන් බලයට පැමිණි ආණ්ඩු විසින් ජනතාව සැනසීමට ගත්  ක්‍රියාමාර්ග සහ ආර්ථික ප්‍රතිලාභ අවම ආයෝජන කිරිමයිමේ සියල්ලටම වියදම් වූයේ ණයට ගත් මුදල්ය.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ පුද්ගලීකරණයටගෝලීයකරණයටආර්ථිකයේ අවම රාජ්‍ය මැදහත්වීමකට  සහ නිදහස් වෙළෙඳාමට එරෙහි චින්තනයකට  දුෂණයට එරෙහි වීම කෙතරම් හොඳ වුවත් එයට එරෙහිවූ පමණින්  අද රටේ ප්‍රමුඛ ප්‍රශ්ණය වන ආර්ථික ප්‍රශ්ණය විසඳීමට අසීරු වන බවයිඑබැවින් රජය විසින් මේ කරුණු සැලකිල්ලට ගත යුතු යයි සිතමි.

( Published in Colombo Telegraph on October 18, 2024. Published in Anidda on  October 20, 2024 as well)

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-17-october-2024/

No comments:

Post a Comment