හර්ෂ ගුණසේන
ශ්‍රී
ලංකාව බංකොලොත් රටක් බවට පත්වී තිබේ. රාජ්‍යය විසින් ලබාගෙන ඇති විදේශ ණය ගෙවීමට
නොහැකි බවත් එම නිසා ඒවා නොගෙවන බවත් ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
විදුලිය, ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ වල හිඟය නිසා දේශපාලන පක්ෂ
වල මෙහෙයවීමකින් තොරව රට පුරා ජනතා
විරෝධතා ආරම්භ විය. මෙම විරෝධතා
සාමකාමී වූ අතර ප්‍රචණ්ඩත්වයෙන් තොර විය. විරෝධතා සංකේන්ද්‍රණය වී තිබූ ගාලු
මුවදොර පිටියට මැයි නව වනදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ අනුග්‍රහය සහිතව එල්ල
වූ මැර ප්‍රහාරය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර එයට එරෙහිව රට පුරා ජනතාවගෙන් එල්ලවූ
ප්‍රතිප්‍රහාරය ද ප්‍රචණ්ඩ විය.
එහි ප්‍රතිඵලයක්
වශයෙන් එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවූ අතර
නව අගමැති වශයෙන් ජනාධිපතිවරයා විසින් රනිල් ව්ක්‍රමසිංහ පත් කරන ලදී. නිර්ප්‍රචණ්ඩ
මහජන විරෝධතා දිගටම පැවති අතර ජූලි නව
වනදා ගාලු මුවදොර පිටියට පැමිණි අති විශාල මහා ජනතාව විසින් ජනාධිපති මන්දිරයද
ජනාධිපති ලේකම් කාර්යාලයද පසුව අගමැති කාර්යාලයද අත්පත් කර ගන්නා ලදී. අගමැතිවරයා
ගේ පුද්ගලික නිවසද ගිනිබත් කරන ලද අතර ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීම ඉතා ආසන්න
විය.
එනමුත්
ඔහු ඉල්ලා අස් නොවි රටින් පිටවිය. පසුව වැඩබලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ
පත් කල අතර ජනාධිපති ඉල්ලා අස්වීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකුලව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කර ගන්නා ලදී.
හිටපු
ජනාධිපතිවරයා විසින් මහජන විරෝධතා වලට එරෙහිව රාජ්‍ය බලය පාවිච්චි නොකරන ලදී.
පාවිච්චි කරන ලද එකම බලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ අනුග්‍රහයෙන් මැයි නව
වනදා සිදුකල මැර ප්‍රහාරයයි. එම මැර ප්‍රහාරය හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනීම
නොමැතිව සිදු වූ පසුව පැහැදිලි විය. රාජ්‍ය බලය පාවිච්චි නොකිරීමට හේතු වූයේ රට
පුරා ඔහුට එරෙහිව පැවති ප්‍රබල ජනමතය පිලිබඳ අවබෝධයක් ඔහු තුල වූ නිසා විය හැක.
ඔහුගේ අභිප්‍රාය වූ බව පෙනෙන්නට තිබුනේ ඔහුගේ ධුර කාලය අවසන් වීමට පෙර ඔහුගේ අසමත්
භාවය සමත්භාවය කට පෙරලා ගැනීමයි.
ජූලි
නව වනදා රාජ්‍ය ආයතන මහජනතාව විසින් අත්පත් කර ගනිද්දී ද රාජ්‍ය බලය මහජනතාවට
එරෙහිව පාවිච්චි නොකරන ලදී. එම විශාල ජනගඟ ට එරෙහිව බලය පාවිච්චි කිරීමේ හැකියාවක්
ද නොතිබිණි.
අපේ රට
සන්නද්ධ කැරලි තුනකට මුහුණදී ඇති අතර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට හෝ රාජ්‍ය
නායකයන් ඉල්ලා අස්වීමට පොළඹවා ගැනීමට හෝ එම සන්නද්ධ අරගල වලට නොහැකි විය. යම් අවස්ථාවලදී ප්‍රචණ්ඩ වූ බොහෝ සෙයින් නිර්ප්‍රචණ්ඩ
වූ එමෙන්ම සන්නද්ධ නොවූ මෙම ජනතා අරගලය විසින් ජනාධිපති අගමැති ඇතුළු සමස්ත
ආණ්ඩුවම වෙනස් කිරීමට හැකිවී තිබේ. එය ජනතා ජයග්‍රහණයකි. එහි ගෞරවය අරගල
කරුවන්ටද එයට දායක වූ මහජනතාවටද යා යුතුය.
එය
ජනතා ජයග්‍රහණයක් වන්නේ පැවති ආණ්ඩුව මෙම ආර්ථික අර්බුදය ඇති කිරීමට ඍජුවම දායක වූ
බැවිනි. ඒ බව හිටපු ජනාධිපතිවරයා මැයි 11වන දින නව අගමැති පත් කිරීමට පෙර ජාතිය
අමතා කල කථාවේදී සඳහන් කළේය. කාබනික
ගොවිතැන් ව්‍යාපෘතිය අසාර්ථක බවත් නිසි වෙලාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට
නොයාම වැරැද්දක් බවත් ඔහු පිළිගත්තේය. එනමුත් සිය තීරණ නිසා රට මේ සා විශාල
අර්බුදයකට හෙලු පසුව ඉල්ලා අස්වීමේ මහත්මා ගුණයක් ඔහු පෙන්නුම් නොකළේය. එබැවින්
ඔහු සහ ආණ්ඩුව බලයෙන් ඉවත්කිරීමේ අරගල ව්‍යාපාරය සාධාරණය.
අප
සමස්ත ප්‍රශ්ණය දෙස අවසාන විග්‍රහයේදී බැලිය යුත්තේ රාජ්‍යය පැත්තෙනි. රාජ්‍යය සකස්
කරගන්නේ ජනතාව විසිනි. රාජ්‍යය විසින්
ජනතාව ආරක්ෂා කල යුතු අතර එසේ ආරක්ෂා නොකරන්නේ නම් ජනතාව විසින් පත් කරගත් රාජ්‍ය
පාලනය කරන පිරිසට ඉවත් වන ලෙස බල කිරීමට ජනතාවට අයිතියක් ඇත. එනමුත් මෙම ක්‍රියාවලියේදී
රාජ්‍යය බිඳ වැටිය යුතු හෝ අරාජික විය යුතු හෝ නොවේ.
අරගල
කරුවන් අවසාන අවස්ථාවේදී පාර්ලිමේන්තුව වට කිරීමටද එය අල්ලා ගැනීමටද උත්සාහයක් ගත්
අතර අරගලයට සම්බන්ධ බෙහෝ පිරිස් එම උත්සාහය ව්‍යවර්ත කිරීමට කටයුතු කල බැවින් එය සාර්ථක නොවිය. එය සාර්ථක වී නම්
රට අරාජික තත්ත්වයකට පත් වනු ඇත.
එබැවින්
අරගල කරුවන් විසින් කල යුතුව තිබුනේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ පසුව අල්ලා
ගත් ස්ථාන වලින් ඉවත්වී අරගලය සමාප්ත කිරීමයි. මක්නිසාද යත් අරගලයේ ප්‍රධාන ඉල්ලීම
වූයේ හිටපු ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවයි. තමන් ඉවත්විය යුතු අවස්ථාව හිටපු
ජනාධිපති වරයා වටහා නොගත් අතර අරගලය අවසන් කලයුතු අවස්ථාව අරගල කරුවන් වටහා
නොගත්හ. එබැවින් හිටපු ජනාධිපතිවරයා බලයෙන් ඉවත්කිරීමට අරගලකරුවන්ට සිදුවූ අතර
අරගලකරුවන් විසින් තමන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහට අවස්ථාව සලසා දෙන
ලදී.
එම
ඉවත්කිරීම දේශීය වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද බලවත් විරෝධයට හේතුවිය. අප බොහෝවිට ප්‍රශ්ණය
දෙස බලන්නේ ජනතාව ගේ පැත්තෙනි. ප්‍රශ්ණය ආණ්ඩුවේ පැත්තෙන් ද බැලිය හැක. නමුත් ප්‍රශ්ණය
විශේෂයෙන්ම රාජ්‍යයේ පැත්තෙන් බැලිය යුතුය. රාජ්‍යය යනු ආණ්ඩුව නොවේ. ජනතාව විසින්
ආණ්ඩු පත්කර ගන්නේ රාජ්‍යයේ පරිපාලනය සඳහාය. රාජ්‍යය අප සියලුදෙනාම විසින් ආරක්ෂා
කරගත යුතුය. විදේශ ආක්‍රමණයකදී ජනතාව යුද්ධයට යන්නේ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම
සඳහාය. ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොවේ.
අරගල
කරුවන් සහ ජනතාව ඉල්ලා සිටියේ Gota Go Home හෙවත් හිටපු ජනාධිපතිවරයා බලයෙන්
ඉවත්විය යුතු බවය. ඔහු නායකත්වය දුන් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීම අරගල
කරුවන්ගේ හෝ ජනතවගේ හෝ අභිප්‍රාය නොවිය. ඔහු එලවා දැමීමට පාවිච්චි කලේ ඔහුගේ නිවහන
වූ ජනාධිපති මන්දිරය සහ ඔහුගේ කාර්යාලය වූ ජනාධිපති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන්
අත්පත් කර ගැනීමයි. ඔහු ඉවත්වූ පසුව නව ජනාධිපතිවරයෙක් පත්විය. ඉන්පසු අරගලකරුවන්
ජනාධිපති මන්දිරයෙන් ඉවත් වූ අතර ජනාධ්පති කාර්යාලයේ දිගටම රැඳී සිටීම රාජ්‍යය
විසින් අනුමත කල නොහැක. එබැවින් නව ජනාධිපතිවරයා විසින් අරගල කරුවන් විසින් එම
ස්ථානය අත්පත් කර ගැනීමට භාවිතා කල ක්‍රමවේදයම භාවිතා කරමින් ඔවුන් එම ස්ථානයෙන්
ඉවත්කරන ලදී. අවස්ථා දෙකේදීම භාවිතා කල ක්‍රමවේදය එකක්ම විය. පළමු අවස්ථාවේදී හෝ
දෙවන අවස්ථාවේදී හෝ සන්නද්ධ බලය පාවිච්චි නොවිය. හිටපු ජනාධිපතිවරයාද අරගලකරුවන්ද
සිය ඉවත්වීම එකසේ ප්‍රමාද කළහ. එමෙන්ම එහි ප්‍රතිඵලයට ඔවුහු එකසේ මුහුණ දුන්හ.
ඉන්
පසුව වන අරගලකරුවන් දඩයම් කිරීම සරල රේඛිය චින්තනයක ප්‍රතිඵලයකි. නිතිය ක්‍රියාත්මක වීම සියල්ලන්ටම එකසේ සිදු
නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
දැන්
අප විසින් කල යුත්තේ වර්තමාන ජනාධිපතිවරයා ඉවත්කරන ක්‍රියාදාමය සැලසුම් කිරීම
නොවේ. සියල්ලන්ම එකතුවී පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග
සැලසුම් කිරීමයි. රට මේ තත්ත්වයට පත්වීමට ආසන්න හේතුව වූයේ බදු අඩුකිරීම සඳහා ගත්
ක්‍රියාවෙන් ඇරඹි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපරිණත ක්‍රියා කලාපය වුවත් රට ගමන්
කරමින් තිබුනේ ඒ දිසාවටය. රාජ්‍ය ගිණුම් වල දීර්ඝ කාලින අයවැය හිඟය සහ දීර්ඝ කලින්
ජංගම ගිණුමේ හිඟය හෙවත් ආනයන සහ අපනයන අතර පරතරය එයට හේතුවිය. ගොඩ ඒම සඳහා මෙම
හේතු ඉවත් කල යුතුය.
සාධනීය
කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථික වශයෙන්
පහලට වැටෙන ජනතාවට සහන සැලසීම හෙවත් ආරක්ෂණ දැලක් ඇතිකිරීම කරුණු දක්වා තිබීමයි.
අතීතයේදී මෙම කාරණය පිළිබඳව කිසිම රටකදී ඔවුහු සංවේදී නොවූහ. එසේ නොවුන හොත් සමස්ත
ධනවාදී ක්‍රමයම බිඳ වැටෙන බව ඔවුන්ට අවබෝධ වී තිබේ.
ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලෙන් සහන ණයක් ලැබෙන්නේ එම හේතු ඉවත්කරන ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවේ
අනුමැතිය ඇතිව ඉදිරිපත් කළහොත් පමණි. ආණ්ඩු වෙනස් වීමේදී ශ්‍රී ලංකාවේ සිදුවන
බරපතල ප්‍රතිපත්ති වෙනස් වීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වල අනුමැතිය මෙම
වැඩ පිළිවෙල සඳහා ලැබුනොත් එම ක්‍රියාමාර්ගයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමේ වැඩි ඉඩකඩක් තිබේ.
එයට
අමතරව අප විසින් ණය ආපසු නොගෙවා පැහැර හැර ඇති බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට
සියලු ණය කරුවන්ගේ අනුමැතිය අවශ්‍යව තිබේ.
අප විසින් චීනයෙන් ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය නොකැමැත්ත ප්‍රකාශකර ඇති අතර
ඒ ණය ගෙවීම සඳහා අලුත් ණය දීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. සහනදායක පුවතක්
වන්නේ පසුගියදා සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය කැමැත්ත ප්‍රකාශ
කිරීමයි.
මේ ප්‍රශ්ණයේදී
චීනය කළමනාකරණය කර ගැනීම බරපතල කාර්යයකි.
චීනය සහ ඇමෙරිකාව අතර දැන් පවතින බල අරගලය එයට හේතුවයි. මෙයට ඉන්දියාවද සම්බන්ධ වී
තිබේ. දැන් මතුවී තිබෙන ඉන්දියන් විරෝධය නිසා චීන නැවේ ගමන අත්හිටුවීම හේතුවෙන් ප්‍රශ්ණය
උග්‍ර වී තිබේ.
රනිල්
වික්‍රමසිංහ බොහෝවිට බටහිර ගැත්තකු ලෙස අර්ථ දක්වනු ලැබේ. එනමුත් යුක්රේන අර්බුදය
සම්බන්ධව ඔහු කල විග්‍රහයේදී ඔහු බටහිරට පක්ෂපාත නොවිය. ඔහු මෙය යුරෝපය ඇතිකර ගත්
යුද්ධයක් බවත් යුරෝපය මෙය විසඳා ගත යුතු බවත් කීය.එමෙන්ම ඔහු යුක්රේන ජනාධිපති
සෙලෙන්ස්කි ගත් ස්ථාවරය විවේචනයට ලක් කරමින් සෙලෙන්ස්කිගේ මූලික කර්තව්‍යය සිය
ජනතාව ආරක්ෂා කිරීම බව කීය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාවට එරෙහි
යෝජනාවට ඉන්දියාවද චීනයද පාකිස්තානයද බංග්ලාදේශයද ඡන්දය දීමෙන් වැලකි සිටීම උපුටා
දක්වමින් ආසියාව මේ ප්‍රශ්ණයේදී පැත්තක් නොගත් බව කීය.
මෙම
ස්ථාවරය හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මිතුරන්ට සහාය පළකිරීමේ විදේශ ප්‍රතිපත්තියට
වෙනස්ය. පෝක්ලන්ඩ් යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ යෝජනාවේදී විදේශ ඇමති හමීඩ් ගේ නිර්දේශ නොතකා ඔහු ආජන්ටිනාවට එරෙහිව බ්‍රිතාන්‍යයට පක්ෂව ඡන්දය
පාවිච්චි කිරීමට තීරණය කළේය. එමෙන්ම එය රාජපක්ෂ වරුන්ගේ තමන්ට වාසි පැත්තට හැරීමේ
ප්‍රතිපත්තියටද වෙනස්ය. එය වඩාත් ලංවන්නේ සිරිමා බණ්ඩාරනායක අනුගමනය කල විදේශ ප්‍රතිපත්තියටයි.
වර්ෂ 2015
දී ඔහු බලයට
පත්වූ විට එවකට පැවති මූල්‍ය අර්බුදය යම් ප්‍රමාණයකට සමනය කිරීම සඳහා හම්බන්තොට
වරාය චීනයට බදු දීමට ගත් තීරණය ඉන්දියාවේ මෙන්ම බටහිර ද විවේචනයට ලක් විය. එමෙන්ම
කොළඹ වරාය නගරයේ චීනයට අයිතිව තිබූ කොටස
බදු දීමක් බවට පරිවර්තනය කිරීමටද ඔහු පියවර ගත්තේය.
මේ
අවස්ථාවේදී චීනය සහ ඉන්දියාවද එමෙන්ම බටහිරද හැසිරවීමට සුදුසුම පුද්ගලයා රනිල්
වික්‍රමසිංහ යයි මම සිතමි. එමෙන්ම ඔහු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සම්බන්ධව කල ප්‍රකාශය
ඔහුටද අදාල කරගනු ඇත.
No comments:
Post a Comment