Friday, April 23, 2021

මියන්මාරය සහ ශ්‍රී ලංකාව – අත්තනෝමතික බල කේන්ද්‍රණය

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව සහ බුරුමය හෙවත් මියන්මාරය ශත වර්ෂ ගණනාවක සිට මිත්‍ර රාජ්‍යයෝ වෙතිඅශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේදී  මිහිඳු හිමියන් ලංකාවට එවන විට දැනට මියන්මාරය වන ස්වර්ණභුමිය ටද භික්ෂූන් යැවූ බව සඳහන් වේමියන්මාරයේ අනවරත (ක්‍රි  1014-1078) රජු ගේ යුගයේදී ලංකාවේ භික්ෂූන් එහි බුදු දහමේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කළහඉන් පසුව දෙරට අතර බුදු දහම මතු නොව වෙළෙඳාම සම්බන්ධයෙන්  බොහෝ සම්බන්ධතා තිබුණිනැතිවූ උපසම්පදාව 16 වන සියවසේ පළමුවන විමලධර්මසුරිය රජු ගේ කාලයේදී අපට මියන්මාරයෙන් ලැබුන අතර පසුව නැවතත්  19 වන සියවසේ දී අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ මියන්මාරයේ අනුග්‍රහයෙනිමෑත කාලයේදී ලංකාවේ ප්‍රචලිත වූ ථෙරවාදී විපස්සනා භාවනා ක්‍රම වලින් බොහොමයක් අප වෙත ලැබුනේ මියන්මාර ගුරු සම්ප්‍රදායයන් ගෙනිමහාසී සයාඩෝ සහ එස්එන්ගොයෙන්කා ගේ ගුරුවරයා වූ  බා කින් එයින් ප්‍රධානය.

මේ දිනවල මියන්මාරය ජාත්‍යන්තර පුවත් සිරස්තල වල තිබේමෙම වසරේ පෙබරවාරි පළමුවන දා එරට බලය හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදීජනතාව විරෝධතා දක්වන අතර හමුදාව ඔවුන්ට වෙඩි තබතිදිනෙන් දින මරණ සංඛ්‍යාව ඉහල යයිඑරට ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව මගින් පිහිටුවන ලද  විකල්ප ආණ්ඩුවේ වැඩබලන ප්‍රධානි  මාන් වින් කයින් තාන් හමුදා ආණ්ඩුව පෙරලා දැමීම සඳහා ‘විප්ලවයක්’ කරන බව කියා සිටියේයබලයෙන් පහ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානයේ නායකයන් බොහෝ දෙනෙක් සමඟ ඔහු  සැඟවී සිටියිඔහු ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ෆේස් බුක් හරහා .

මියන්මාර හමුදාව අනුකම්පා විරහිත විශ්වාස කළ නොහැකි දේශපාලන බල අධිකාරියක් ලෙස පිළිගත නොහැකි කණ්ඩායමකිඔවුන් පිළිගත හැක්කේ පසුගියදා එරට හමුදා ජුන්ටාවේ ඊනියා විදේශ ඇමති වරයාට කොළඹ පැවැත්වීමට නියමිත බෙංගාල බොක්ක අවට රටවල තාක්ෂණ සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන සමුළුවට ආරාධනා කළ දිනේෂ් ගුණවර්ධන වැන්නවුන්ට පමණිහමුදාව විසින් ස්ථාපනය කරනලද මියන්මාර 2008 ව්‍යවස්ථාවේ හතර වන වගන්තිය අනුව රාජ්‍යයේ ස්වෛරීත්වය උත්පාදනය වන්නේ ජනතාව වෙතිනිඑරට සිදුවන දේ අනුව හමුදා ජුන්ටාව කිසිසේත්ම ජනතා අභිලාෂයන් නියෝජනය නොකරයිමියන්මාරය  හමුදාවට පාලන උරුමය සහිත රාජධානියක් නොවේඑබැවින් මෙම ආරාධනය ප්‍රශ්ණකාරීය.

වර්ෂ 1962 ජුලි මස රැන්ගුන් විශ්ව විද්‍යාලයේ අරගල තිබුන අතර ඒවා මැඩපැවැත්වීමට හමුදාව යවන ලදීහමුදා ආඥාදායකයා වූ නේ වින් මෙසේ කීය.” මෙම අරගල අපට අභියෝග කරනු සඳහා ඇති කරන ලද්දේ නම් කඩුවට කඩුවෙන්  හෙල්ලට හෙල්ලෙන්  මුහුණ දීමට අප සූදානම් බව ප්‍රකාශ කරමි.” හමුදාව විරෝධතා කරුවන්ට වෙඩි තැබූ අතර ශිෂ්‍ය සංගම් මුලස්ථානය පුපුරුවා හරින ලදීවර්ෂ 1988. 8.8 අරගල ආරම්භ වූ විට එම නේ වින්  මෙසේ කීය. “හමුදාව කැඳවීමට සිදුවී තිබෙන අතර හමුදාව වෙඩි තබන විට අහසට වෙඩි තැබීමේ සම්ප්‍රදායක් නොමැති බවද ඔවුන් කෙලින්ම ඉලක්කයට වෙඩි තබන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.” අවසානයේදී මරණ සංඛ්‍යාව 3000ක් පමණ වූ බව වාර්තා විය.

මියන්මාරය

මියන්මාරයේ ප්‍රධාන වාර්ගික කණ්ඩායම බමර් ජාතිකයෝ (68%)වෙතිඅනෙක් අය නම් ශාන්  (9%), කරින් (7%), රඛින් (1.7%), චීන (2.5%), මොන් (2%), කචින් (1.5%), ඉන්දියානු (1.25%), කායා (1.83%),චින් සහ තවන් කණ්ඩායම් රාජ්‍යය විසින් වාර්ගික කණ්ඩායම් 135ක් පිළිගනු ලැබ ඇතමියන්මාරය තුළ බංග්ලා දේශයට මායිම් වූ උතුරු රඛින් දේශයේ වෙසෙන රොහින්ග්යා ජන කොටසට පිළිගැනීමක් නැතඔවුන් බංග්ලා දේශයෙන් පැමිණි සරණාගතයන් ලෙස සලකනු ලැබේබෞද්ධයන් 88% ක් වන අතර ක්‍රිස්තියානිහු   6% ක්ද ඉස්ලාම් ලබ්ධිකයෝ  4%ක්  වෙති.

නිදහසට පෙර භාරකාර ආණ්ඩුවේ නායකයා වූ අවුන්ග් සාන් විසින් 1947 පෙබරවාරි මස වාර්ගික කණ්ඩායම් වල නායකයන් සමග ඉක්මනින් නිදහස ලබාගැනීමේ අභිප්‍රායයෙන් යුතුව අත්සන් කරන ලද පෑන්ග්ලෝන්ග් සම්මුතිය මගින් දේශසීමා ප්‍රදේශ වල පිහිටි ඉතිහාසයේ කිසි කලෙකත්  බමර් ජාතිකයන්ට යටත් වී නොසිටි වාර්ගික කොටස් වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ප්‍රතිපත්තිමය වශයෙන් පොරොන්දු විය.  අවුන්ග් සාන් 1947 ජූලි මස ඝාතනය කරන ලද අතර එම ප්‍රදේශ වලට සම්පුර්ණ ස්වයං පාලනයක් ලබා දීමට එකඟ නොවූ බමර් ජාතිකයන් බහුතරයක ගෙන් සමන්විත ආණ්ඩු විසින් පන්ග්ලෝන්ග් සම්මුතිය ක්‍රියාත්මක නොකරන ලදීප්‍රතිඵලය වශයෙන් වාර්ගික ගැටුම් ආරම්භ විය.

නිදහසෙන් පසුව මියන්මාරයේ ප්‍රථම අගමැති වූ  නූ ගේ සමයේදී කොමියුනිස්ට් කැරැල්ලක් මර්දනය කරන ලදීබලයේ සිටි පැසිස්ට් විරෝධී ජනතා නිදහස් සන්ධානයේ බෙදීමක් ඇතිවී විශ්වාස භංග යෝජනාව කින්  නූ බේරුනේ යන්තමිනිවාර්ගික අරගල වල නැගීමත් සමග ඔහු 1958 දී තාවකාලිකව ආණ්ඩුව බාරගන්නා ලෙස එවකට හමුදා නිලධාරියකු වූ බමර් ජාතික නේ වින්  ආරාධනය කළේයමේ අවස්ථාවේදී  නූ හමුදාපති වරයා වූ කරින් ජාතික ස්මිත් ඩන් නොසලකා හැරියේයනේ වින් 1960 දී ආණ්ඩුව  නූ  නැවත බාර දුන්නත් ඔහු විසින් 1962 දී කුමන්ත්‍රණය කින් බලය පැහැර ගන්නා ලදීහමුදා පාලනය දිගටම තිබිණවර්ෂ 2010 දී අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වූ මියන්මාරයේ බලය  2015 දී අවුන්ග් සාන් සූ චි පැවරිණ.

රට පුරා පැවති වාර්ගික අරගල හේතුවෙන් මධ්‍යයේ බලවත් ආණ්ඩුවක් තිබීමේ අවශ්‍යතාව හමුදා පාලනයක් ඇතිවීම යුක්ති සහගත  කරන ලදීබලය ලැබුණ පසු හමුදාව විසින් සිය බලය තහවුරු කර ගන්නා ලදී.

කෙසේ නමුත් වාර්ගික අරගල දිගටම පැවතිණිවිවිධ වාර්ගික කණ්ඩායම් විසින් ඔවුන්ගේම  උප හමුදාවන් පවත්වාගෙන යන ලදීඋප හමුදාවන් නොමැතිව තමන් අනාරක්ෂිත බව ඔවුහු සිතතිවාර්ගික උප හමුදාවන්ට  අමතරව වෙනත්  උප හමුදාවන්ද තිබේසමහර උප හමුදාවන්  තත්මඩෝ යනුවෙන් හැඳින්වෙන  මියන්මාර හමුදාව සමග සහයෝගීතාවෙන් කටයුතු කරතිසමහර උප හමුදාවන්  මියන්මාර හමුදාව සමග ගැටෙතිමියන්මාරයේ උප හමුදා වර්ග හතරක් තිබේඒවා නම් තත්මඩෝ සමග සම්බන්ධ උප හමුදාතත්මඩෝ සමග සම්බන්ධ නැති උප හමුදාතත්මඩෝ විසින් මෙහෙයවනු ලබන ප්‍රජා උප හමුදා සහ වාර්ගික සන්නද්ධ හමුදා මේවායින් සමහර උප හමුදා නීති විරෝධී මත ද්‍රව්‍ය ජාවාරම් වල යෙදෙති. (මියන්මාර උප හමුදා –ජෝන් බියුකැනන්මෙම උප හමුදා මියන්මාර දේශයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇතැයි කියනු ලැබේ.

මියන්මාර හමුදාව වාර්ගික ජන කොටස් සමග සාම සාකච්ඡා පැවැත්වුවද එම ජන කොටස් වල ප්‍රධාන ඉල්ලීම වූ පෙඩරල් රාජ්‍යය  හමුදාව එකඟ නැත.

මියන්මාර බහුතරයද  බලය බෙදාහැරීමට එකඟ නැතඑක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමුහාණ්ඩුවාදී ආයතනයේ අනුග්‍රහය යටතේ 2019 දී පවත්වනු ලැබූ සමීක්ෂණයකදී එයට සහභාගී වුවන් ගෙන් පහත සඳහන් ප්‍රශ්ණය අසන ලදී. “පළාත් වලට වඩා ස්වාධීනත්වයක් සහ බලයක් දීමට ඔබ එකඟද අනුව ඔවුන්ට තමන්ට අදාල තීරණ ගත හැකි වේඑසේ නැතහොත් බලය සහ තීරණ ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව සතුව තිබිය යුතු යයි ඔබ සිතන්නේද?”  සහභාගී වුවන් ගෙන් 70% ක් තමන් මධ්‍යගත ක්‍රමයකට කැමති බව කී අතර 28% ක් තමන් විමධ්‍යගත ක්‍රමය කට කැමති බව කීහ. 8% ක් මේ පිළිබඳව තමන් අවිනිශ්චිත බව කීහඑමෙන්ම 53%ක් ප්‍රධාන ඇමතිවරු මධ්‍යම ආණ්ඩුවෙන් පත් කිරීමට කැමති වූහ. 39% ඔවුන් ප්‍රාදේශීය වශයෙන් තොර ගැනීමට කැමති වූ අතර 8%  තීරණය නිශ්චිත නැතමෙම සමීක්ෂණයට සහභාගී වූ අය  ගෙන් 70%ක් බමර් ජාතිකයෝ වූහ. (ජනමත සමීක්ෂණය මියන්මාරය -2019 – Center for Insights in Survey Research)

වර්ෂ2015  සූ චි බලයට පැමිණි පසුවද තත්ත්වයේ විශාල වෙනසක් සිදු නොවියඇය  බොහෝ අවස්ථා වලදී ප්‍රශ්නයට විසඳුම පෙඩරල් ව්‍යවස්ථාවක් බව කියා ඇතරොහින්ග්යා  මුස්ලිම් වරුන් පිලිබඳ ඇගේ ස්ථාවරය ප්‍රසිද්ධයගැම්බියාව මියන්මාරයට එරෙහිව රොහින්ග්යා  මුස්ලිම් වරුන් සමුලඝාතනය සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඉදිරියේ නඩුවක් පැවරූ අතර සූ චි සිය රට වෙනුවෙන්  කරුණු ඉදිරිපත් කළායඇය සිය පාලන කාලය තුළ වාර්ගික කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළායබොහෝ කණ්ඩායම් ඇය සමග සාකච්ඡා කිරීමට එකඟ වූ අතර තවත් බොහෝ කණ්ඩායම් පසුගිය කාලය තුල වාර්ගික ජන කොටස් ඉල්ලීම් පිළිබඳව ඇගේ නොසැලකිල්ල මත පදනම්ව ඇය විශ්වාස කිරීමට කැමති නොවුහ.

එනමුත් හමුදාව විසින් ඇතිකළ 2008 ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූ චි ගේ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික සන්ධානය (සන්ධානයඋත්සාහ ගත්තේයව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික රාජ්‍ය සභාවේ 75% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍යවේජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් ගෙන් 25%ක් පත් කරන්නේ හමුදාව විසිනිසමහර වගන්ති සංශෝධනය සඳහා මෙයට අමතරව ජනමත විචාරණයක්  අවශ්‍ය වේ.( 436 වන වගන්තියවර්ෂ 2020 දී වෙනත් සංශෝධන වලට අමතරව ව්‍යවස්ථාවේ 188,196,198(b) සහ 198(d) වගන්ති සංශෝධනය මගින් පළාත් ව්‍යවස්ථාදායක වලට වැඩි බලතල දීමටද, 225 සහ 226 වගන්ති සංශෝධනය මගින් මධ්‍යය විසින් පළාත් පරිපාලනයට කරන බලපෑම් අවම කිරීමටද, 261, 262 සහ 264 වගන්ති සංශෝධනය මගින් පළාත් වල මහ ඇමතිවරුන් පත් කිරීමේදී සහ  ඇමතිවරුන් පත්කිරීමේ හා  ඉවත් කිරීමේ දී පළාත් වලට වැඩි බලතල දීමටද සන්ධානය උත්සාහ ගත්තේයහමුදාව සහයෝගය නොදැක්වීම නිසා මෙම යෝජනා මන්ත්‍රණ සභාවේදී පරාජයට පත් විය.

එබැවින් සන්ධානය හමුදාවට වඩා වාර්ගික ප්‍රශ්ණය පිළිබඳව සංවේදී මෙය 2020 නොවැම්බර් 8වන දින පැවැත්වූ මහ මැතිවරණයෙන් සනාථ වේමියන්මාරයේ ජාතික මන්ත්‍රණ සභාවජාතිකත්ව සභාව සහ මහජන මන්ත්‍රණ සභාව යන සභා දෙකෙන් සමන්විත වේසන්ධානය විසින් හමුදාවට වෙන් කල 25% ක් වන ආසන  ඇතුළුව සියළු ආසන වලින් ජාතිකත්ව සභාවෙන්  61.6% ක්  මහජන මන්ත්‍රණ සභාවෙන් 58.6% ක්  දිනා ගන්නා ලදීවාර්ගික පළාත් වලින් උභය මන්ත්‍රණ සභා වලට එවූ නියෝජිතයන්ගේ බහුතරය රඛින් සහ ශාන් පළාත් හැර සන්ධානයේ නියෝජිතයන් විසින් දිනා ගන්නා ලදීපළාත් ව්‍යවස්ථාදායක වල මැතිවරණයද මේ සමඟම පවත්වන ලදීඒවායින්ද හමුදාවට වෙන් කල 25% ක් වන ආසන  ඇතුළුව 56.9% බහුතරයක් ආසන සන්ධානය විසින් දිනා ගන්නා ලදීරඛින් සහ ශාන් පළාත් ව්‍යවස්ථාදායක වල බහුතරය සන්ධානයට අහිමි වියමෙයට අමතරව පළාත් ව්‍යවස්ථාදායක වලට තෝරා පත් කර ගන්නා ලද වාර්ගික කටයුතු පිලිබඳ ඇමතිවරුන් ගෙන් 79% සන්ධානයේ නියෝජිත යෝයජාතිකත්ව සභාවේ ආසන වලින් 3.1%    මහජන මන්ත්‍රණ සභාවේ ආසන වලින් 3.4%   පළාත් ව්‍යවස්ථාදායක වල ආසන වලින් 5.5%   ප්‍රතිඵල කලබල හේතුවෙන් අවලංගු කරන ලදීඑබැවින් සන්ධානයේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයිවර්ෂ 2015 දී පැවැත්වුන මහා මැතිවරණයට සාපේක්ෂව ඔවුන් විසින් උභය මන්ත්‍රණ සභා වලද පළාත් ව්‍යවස්ථාදායක වලද අසන සංඛ්‍යාව වැඩි කර ගන්නා ලදීමැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ ප්‍රතිඵල නිරවද්‍ය බවද ඒවායින් ජනතා කැමැත්ත ප්‍රකාශ වන බවද ප්‍රකාශ කරන ලදී.

මියන්මාර ජනතාව 2010 සිට අනුක්‍රමයෙන් නිදහස භුක්ති වින්දහඑබැවින් ඔවුන් හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වනු ඇතමෙම කාරණය හමුදාව විසින් අව තක්සේරු කරන ලදීප්‍රාදේශීය උප හමුදාවන් සහ වාර්ගික හමුදාවන් විරෝධතා දක්වන ජනතාවට සහාය දුන හොත් එය හමුදාවට අසීරු තත්ත්වයක් වනු ඇතමේ සඳහා බහුතර බමර් ජාතිකයන් විසින් මධ්‍යගත පාලනයක් සඳහා වන ඔවුන්ගේ කැමැත්ත හළ යුතුය අනුව රට නැවත ප්‍රශ්නයේ මුලට පැමිණ ඇතආරම්භයේදී එය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම වූ අතර දැන් එය හමුදාවෙන් නිදහස ලබා ගැනීම වේඑබැවින් වාර්ගික ප්‍රශ්ණය බලය විමධ්‍යගත කිරීම හරහා නොවිසඳීම හේතුවෙන් මධ්‍යයේ ඇතිවූ අත්තනෝමතික බල කේන්ද්‍රය විසින්  බලය විමධ්‍යගත කිරීමට එරෙහි වූ ජන කොටස ගේම නිදහස උදුරා ගෙන ඇත.

රුසියාව සහ චීනය ජාත්‍යන්තර වේදිකාවේදී හමුදා ජුන්ටාව ආරක්ෂා කරයිඑය ඔවුන්ගේ විශේෂයෙන්ම චීනයේ බල අවශ්‍යතා සපුරා ලයිමිතුරන් ගෙන් තොර තනිවූ දේශයක් තුළ චීනයට සිය වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට බාධාවක් නැත.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ තත්ත්වය මියන්මාරයේ තත්ත්වයේ මෘදු ස්වරූපයකිරටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්ණ වලින් එකක් වන වාර්ගික ප්‍රශ්ණය වසර 30ක් දිග්ගැස්සුණු අභ්‍යන්තර කැරැල්ල කට හේතුවියබහුතරය වන සිංහලයෝ බලය විමධ්‍යගත කිරීමට එරෙහි වෙතිවිවිධ දේශපාලන නායකයන් විසින් මේ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වියමෙය සන්නද්ධ අරගලය කට හේතුවූ අතර අරගලය මධ්‍යයේ ඉන්දියාවේ බලපෑම මත ගෙන  13 වන ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් වියසන්නද්ධ කැරලි කරුවන් මේ විසඳුම නොපිළිගත් අතර ඔවුන් යුදමය වශයෙන් පරාජය කරන ලදී.

වර්ෂ 2015 සිට 2019 දක්වා බලයේ සිටි පසුගිය ආණ්ඩුව පළල් මහජන ඉල්ලීම් මත ප්‍රතිසංස්කරණ ගෙන  අතර ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කරන ලදීජනාධිපති බලතල අඩු කල පාර්ලිමේන්තු බලතල වැඩි කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔවුන් විසින් ගෙන එන ලදීඑක අතකින් මධ්‍යයේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට ආපසු යන ආකෘතියකින්    අනෙක් අතින් පරිධියේ පළාත් සභා වලට වැඩි බලතල ලැබෙන ආකෘතියකින්   සමන්විත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඔවුන් උත්සාහ කළහ.

අනුක්‍රමයෙන් වෙනස් වූ ජනප්‍රිය මතවාදය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නිශ්චිත ලෙසම වෙනස් වියජනාධිපති බලතල වැඩි කරන ලෙස වූ ඉල්ලීම 20 වන සංශෝදනය මගින් ඉටු කරන ලදීජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මගින් ගෙන එන ලද 46/1  යෝජනාව අනුවද විවේචනයට ලක්වූ විවිධ අත්තනෝමතික ක්‍රියා ආණ්ඩුව විසින් කරන ලදීපළාත් වලට දෙනලද ව්‍යවස්ථාවේ ඇති බලතල වලට වඩා අඩු සීමිත බලතල  ඉවත් කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතීමෙය කළ නොහැක්කේ ඉන්දියාවේ විරුද්ධත්වය නිසාය.

කෙසේ වුවත් පසුගි  ආණ්ඩුව කාලයේ පළල් වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට හුරුවූ ජනතාව වැඩිවූ ජනාධිපති බලතල වලින්ද පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන්ද පහසුවෙන් මර්දනය කළ නොහැකමැතිවරණ සමයේදී යෝජනා වූ හිට්ලර් කෙනකු මෙන් කටයුතු කරන ලෙස වූ නින්දිත ඉල්ලීමද නැවත ඉදිරිපත්ව තිබේමෙයට ප්‍රතිචාර දැක්වූ මෙරට ජර්මන් තානාපතිවරයා මිලියන ගණනාවක ජිවිත ව්‍යසනයට වගකිවයුතු වූ හිට්ලර් කිසිම දේශපාලනඥයකුට ආදර්ශයක් නොවිය යුතු බව කියා ඇත.

චීනය සහ රුසියාව ජාත්‍යන්තර බලපෑම් වලින් ශ්‍රී ලංකාවට රැකවරණය දීමට උත්සාහ කරති.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව

වර්ෂ 1948 ජනවාරි 4 වනදා මියන්මාරය  එයි මාසයකට පසුව 1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවද බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූහ.

රටවල් දෙකේම බහුතරයබමර් සහ සිංහල ජාතිකයෝ පෙඩරල් ව්‍යවස්ථාවන්ට විරුද්ධ වෙතිමියන්මාරයේ යුනියන් යන යෙදුම යොදන අතර ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය යන යෙදුම යොදනු ලැබේඔවුන් සියල්ලෝම පෙඩරල් යන වචනය ටද විරුද්ධ වෙති.

බමර්වරු සහ සිංහලයෝ ප්‍රධාන වශයෙන්ම බෞද්ධයෝ වෙතිරටවල් දෙකේම බෙදීම් ප්‍රධාන වශයෙන් ජන වර්ගය මත පදනම්ව ඇති අතර ආගමේ බෙදීම ඇත්තේ එයට වඩා අඩු මට්ටමකයමියන්මාරයේ බෞද්ධ ජන වර්ග අතරද ගැටුම් ඇතශ්‍රී ලංකාවේ එසේ නොමැති අතර සිංහල බෞද්ධයෝ සංයුක්ත කණ්ඩායමක් ලෙස සිටිති.

මියන්මාරයේ මධ්‍යය අත්තනෝමතික ලෙස බලවත් වීමට හේතුව ජනතා කැමැත්ත මත නිසි කලට පරිධියට අවශ්‍ය බලය ලබා නොදීමයිශ්‍රී ලංකාවේ මෑත අතීතයේදී ලිබරල් වාදීන් බලයට පත්වූ විට ප්‍රවනතාව වූයේ පරිධියට බලය විමධ්‍ය ගත කර මධ්‍යයේ ඉහල සංකේන්ද්‍රණය වූ බලය පහලට ගලා යාමට සැලැස්වීමයිවර්තමානයේ මෙන් ජාතිවාදීන් බලයට පත්වූ විට බලය තිරස් අතර පරිධියේ සිට මධ්‍යය ටද සිරස් අතට පහල සිට ඉහළටද සංකේන්ද්‍රණය කිරීමට උත්සාහ කර ඇතමෙම ප්‍රවණතාව දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාවටද මියන්මාරයේ අත්දැකීම ලැබිය හැක.

බලය විමධ්‍යගත කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෝ දුර්වල රාජ්‍යයෝ නොවෙතිශක්තිමත් බව ලැබෙන්නේ සමගිය හෙවත් එක්සත්භාවය මතයිබෙදීම මත නොවේරටක් එක්සත් බව නොමැති නම් විදේශ බලයන්ට එරටට අත පෙවීමට අවස්ථාව ලැබේශ්‍රී ලංකාවේ 1980 ගණන් වල පැවති රජයට විරුද්ධව මෙය සිදුවූ අතර මියන්මාරයේ අද පවතින ඊනියා රජයට පක්ෂව එය සිදුවේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාව ජනතාවට දිගට හරහට වෙඩි තැබුවත් ඔවුන් මර්දනය කිරීමට නොහැකි වී ඇත්තේ පසුගිය පාලන සමයේ ඔවුන් නිදහස භුක්ති විඳ ඇති බැවිනිශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාගේ බියජනක ලෙස ඉහල නංවා තිබුණ ප්‍රතිරූපය පහල මට්ටමකට වැටුනේ පසුගිය ආණ්ඩුව සමයේ ජනතාව භුක්ති විඳ පුරුදු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එය සම්මුඛ වීම නිසාය.

මියන්මාරයද ශ්‍රී ලංකාවද පිළිවෙලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයටද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ටද වාර්ගික ප්‍රශ්ණ සම්බන්ධයෙන් රපෝර්තු කරනු ලැබ ඇතඑබැවින් රටවල් දෙකේම  වාර්ගික ප්‍රශ්ණ ජාත්‍යන්තර කරණය වී ඇත.

චීනය සහ රුසියාව රටවල් දෙකටම සහයෝගය දෙයිමේ සම්බන්ධ ඔවුන්ගේ බල අභිලාෂයන් සැඟවීමට උත්සාහ කරනු ලැබේ.

මියන්මාරය අනීතික සහ කිසිම නීතික උරුමයක් නොමැති හමුදාව භාරයේ තිබේමියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොහෝ පුද්ගලික කැප කිරීම් කර ඇති සූ චී නිවස අඩස්සියට පත් කර ඇතමරණ සංඛ්‍යාව 600 ඉක්මවයිමියන්මාරයේ මුල්කාලීන ජනතා විදි විරෝධතා දැන් තරමක් අඩුවී ඇතහමුදාව විදි විරෝධතා වලට ඍජුව වෙඩි තැබූ අතර රාත්‍රියේදී විරෝධතාකරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් අත් අඩංගුවට ගත්හනැතහොත් මරා දැමූහවිරෝධතා ව්‍යාපාර නායකයන් මෙම තත්ත්වය කළමනාකරණය කළ යුතු අතර මෙවැනි ඒකාධිපති පාලකයන්ට මුහුණ දීමේ ක්‍රමවේද සාකච්ඡා කරන ජිනී ශාප් විසින් රච්ත From Dictatorship to Democracy නමැති කුඩා ග්‍රන්ථය හැදෑරිය යුතුය. (මෙය මෙම ලිපියේ ලේඛකයා විසින් ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මැයෙන් සිංහලට පරිවර්තනය කර ඇත.)

ලෝකය මියන්මාර ජාතික රාජ්‍ය සභාවේ උභය මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කමිටුව පිළිගැනීම දිශාවට ගමන් කළ යුතුයමියන්මාරයේ මානව හිමිකම් පිලිබඳ විශේෂ වාර්තාකරු තොමස් ඇන්ඩෲස් මියන්මාරයට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවද එය දැන් අවශ්‍ය බවද කියා සිටියේයශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනා සම්මතයෙන් පෙනීයන්නේ එවැනි ජාත්‍යන්තර මැදිහත් වීමකි.

(සමහර තොරතුරු විකිපීඩියා මගින් ලබා ගන්නා ලදී)

Published on April 22, 2021 in Colombo Telegraph

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-22-april-2021/

No comments:

Post a Comment