Thursday, May 21, 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලකේන්ද්‍ර දෙකක් ඇතිවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොවේ – හර්ෂ ගුණසේන

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවර භාවයකට හෙළනු ලැබූ බවට පසුගියදා චෝදනා එල්ල විය. 
ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනය අහෝසි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයාද  පවසා තිබුණි. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරණ බවයි. එනමුත් දැන් අවධානය 19 වන සංශෝධනය අහෝසි කිරීම බව පෙනේ. 
පසුගිය වසරේ නොවැම්බර් මස හින්දු පුවත්පත මගින් ඉන්දියාවේදී කරණ ලද සම්මුඛ සාකච්ඡාවකදී 19 වන සංශෝධනය ගැන අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය. “19 වන සංශෝධනය අසාර්ථක එකකි. අපට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලැබුණ හොත් අපි එය අහෝසි කරමු. 19 වන සංශෝධනය ක්‍රියාත්මක කළ හැකි එකම ක්‍රමය සහෝදරයන් දෙදෙනකු (ජනාධිපති සහ අගමැති ලෙස ) සිටීම මගින් පමණකි.(සිනාසෙයි) රටක් සාර්ථක ලෙස පාලනය කිරීම සඳහා ස්ථාවරත්වයක් අවශ්‍යය. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ මෙම තත්ත්වය නොතිබුණි. ඔවුන් දෙදෙනා සැම විටම ආරවුල් ඇතිකරගනිමින් සිටි අතර සංවර්ධනයක් නොතිබුණි. ස්ථාවරත්වයක් නොමැතිව ආයෝජකයන් පැමිණෙන්නේ නැත.”
මන්ත්‍රීවරු 225 ක් සහිත ආණ්ඩුවේ මන්ත්‍රීවරු 212 ක් 19 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක් අයකු විරුද්ධව ඡන්දය දුන්නේය. එක් අයකු ඡන්දය දීමෙන් වැලකි සිටි අතර 10 දෙනෙක් සභාවට නොපැමිණියහ.
19 වන සංශෝධනයේ අඩුපාඩු තිබේ. නිදර්ශනයක් වශයෙන් ජාතික ආණ්ඩුවක නිර්වචනය දැක්විය හැක. මේ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සහිත පක්ෂයට වෙනත් ඕනෑම කණ්ඩායමක් සමඟ ඔවුන්ගේ ආසන සංඛ්‍යාව නොසලකා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැක. (46(5) වගන්තිය)
මෙම ලිපියේ අරමුණ 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කොට අගමැතිවරයා බලවත් කිරීම මගින් රට අස්ථාවර කළ බවට කෙරෙන චෝදනාව විග්‍රහ කර බැලීමයි.
ආණ්ඩුකරණයේ ආකෘති
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ආණ්ඩුකරණයේ ප්‍රධාන කුළුණු තුනක් තිබේ. එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. වෙස්ට්මින්ස්ටර් ක්‍රමය අනුව ආණ්ඩුවේ ප්‍රධානයා සතුව තිබෙන විධායක බලය ව්‍යවස්ථාදායකය තුළ සිටින  සහ එයට වගකිවයුතු අගමැති වරයා වෙත පවරා දෙනු ලැබේ. එබැවින් ව්‍යවස්ථාදායකය උත්තරීතර වේ. මෙම ක්‍රමයට ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. එකක් ඇමෙරිකානු ක්‍රමයයි. එහි විධායකය මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නා අතර ඔහු විසින් ව්‍යවස්ථාදායකයෙන් පරිබාහිරව අමාත්‍ය වරුන්  පත්කරනු ලැබේ. එබැවින් විධායකය ව්‍යවස්ථාදායකයෙන් ස්වායත්ත වන අතර එම ආයතන දෙකෙහි කාර්යභාරයන් සංවරණ සහ තුලනයන් සහිතව  නිශ්චිතව දක්වා තිබේ. අනෙක් ක්‍රමය ප්‍රංශ ව්‍යවස්ථාවයි. මේ අනුව ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නා අතර ඔහු විසින් ව්‍යවස්ථාදායකය තුළ සිටින අගමැතිවරයෙක් පත් කරනු ලැබේ. එබැවින් අගමැතිවරයා ව්‍යවස්ථාදායකයට වග කියයි. මේ ක්‍රමය අනුව ජනාධිපති සහ අගමැති වශයෙන් විධායකය දෙකට බෙදී ඇත. යම් හෙයකින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක නම් සංහිඳියා ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඔවුන්ට බල කෙරෙනු ඇත.
මෙම සංහිඳියාව පවත්නේ විධායකයන් දෙදෙනා අතරයි. ප්‍රංශයේ මෙවැනි අවස්ථාවකදී පොදු එකඟතාව නම් ජනාධිපතිවරයා විදේශ කටයුතු (52 වන වගන්තිය -ජාත්‍යන්තර සම්මුතීන් වලට සාකච්ඡා කර එකඟ වන්නේ ජනාධිපති යි.) සහ ආරක්ෂක කටයුතු (15 වන වගන්තිය- ජනාධිපති සන්නද්ධ සේවාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා වේ.) පිලිබඳ අවධානය යොමු කරණ අතර අගමැතිවරයා අනෙක් දේශීය කටයුතු පිලිබඳ අවධානය යොමු කරයි. පස්වන ජනරජ ව්‍යවස්ථාව අනුව 1986 දී පත්වූ ප්‍රථම සංහිඳියා ආණ්ඩුවේ කොන්සවැටිව් අගමැති ජැක් චිරාක් විසින් විදේශ කටයුතු සහ ආරක්ෂක ඇමති වරුන් ලෙස පත් කරණ ලද්දේ සමාජවාදී පක්ෂයේ ජනාධිපති ප්‍රන්ශුවා මිතරෝන් සමඟ පහසුවෙන් කටයුතු කළ හැකි දෙදෙනෙකි. එනමුත් ජනාධිපති සහ අගමැති අතර විදේශ සහ දේශීය ප්‍රතිපත්ති පිළිබඳව පසුව ඇතිවූ ආරවුල් හේතුවෙන් සංහිඳියා වේ අමිහිරි යථා තත්ත්වය ප්‍රදර්ශනය විය.
වෙස්ට්මින්ස්ටර් ක්‍රමය යටතේ පාලක පක්ෂයට ව්‍යවස්ථාදායකයේ පැහැදිලි බහුතරයක් තිබේනම් සංහිඳියාවක අවශ්‍යතාවක් නොමැත. එනමුත් ආණ්ඩුවට පැහැදිලි බහුතරයක් නොමැතිනම් පනත් සම්මත කර ගැනීමටද වෙනත් කටයුතු අනුමත කර ගැනීමටද වෙනත් පක්ෂ වල සහාය පැතීමට සිදුවේ. ඇමෙරිකානු ක්‍රමය අනුව විධායකය, කොන්ග්‍රසය සහ සෙනේට් සභාව යන ආයතන තුනෙන් එකක බලය එක් පක්ෂයකටත් එන් ආයතන දෙකේ බලය තවත් පක්ෂයකටත් තිබිය හැක. නිදර්ශනයක් වශයෙන් දැනට ඇමෙරිකන් ජනාධිපති රිපබ්ලිකන් පක්ෂයෙන් වන අතර සෙනේට් සභාවේ බලයද රිපබ්ලිකන් වරු සතුය. කොන්ග්‍රසයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය අතේය. මෙම තත්ත්වයන් යටතේද සංහිඳියාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා පැන නගී.
ජේ.ආර්. ජයවර්ධන විසින් දෙවන ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කරණ විට වෙස්ට්මින්ස්ටර් ක්‍රමය මගින් අස්ථාවර ආණ්ඩු නිර්මාණය කරණ බවත් යුගයේ අවශ්‍යතාව සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවත් කියා සිටියේය. ඔහුගේ විසඳුම වූයේ ජනාධිපති ක්‍රමයකි. ඔහුගේ කරුණු දැක්වීමට හේතුව වූයේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ විශ්වාස භංග යෝජනා මගින් ආණ්ඩු පෙරළා දැමීමට ඇති හැකියාවයි. පාර්ලිමේන්තුවෙන් ස්වායත්ත වූ ප්‍රබල විධායක ජනාධිපති ක්‍රමයක් ඔහු යෝජනා කළේය. යෝජිත ව්‍යවස්ථාව මගින් මූලික වශයෙන් ප්‍රංශ ව්‍යවස්ථාව අනුගමනය කරණ ලද අතර ජනාධිපති ධුරය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා ජයවර්ධනගේ පුද්ගලික අදහස් ද එයට ඇතුළත් කරණ ලදී.
ද්විත්ව විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ආකෘතිය
ජයවර්ධන විසින් ජනාධිපති ධුරය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අගමැති ධුරය දුර්වල කරණ ලදී. ඔහුගේ අගමැතිවරයා විසින් පසුව අගමැති ධුරය කාර්යාල කාර්ය සහායකයකුගේ ධුරයට සමාන කරණ ලදී.
වර්ෂ 2015 ට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති එක් පක්ෂයකින්ද අගමැති තවත් පක්ෂයකින්ද පත් වී ඇත. වර්ෂ 1994 අගෝස්තු මස දී මාස තුනක පමණ කාලයකට ජනාධිපති ඩී. බී. විජේතුංග යටතේ චන්ද්‍රිකා කුමාරතුංග අගමැති ලෙස පත් කරණ ලදී.  ඉන් අනතුරුව 2001 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති ධුරයට පත්විය. මෙම අවස්ථා දෙකේදී අදාල ජනාධිපතිවරුන් ආණ්ඩුවේ සහ ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු වලට මැදහත් නොවූහ. වර්ෂ 2001 දී වික්‍රමසිංහ විසින් සම්පූර්ණ විධායක බලතල සහිතව කුමාරතුංග ගේ අධිපත්‍යය නොතකා කටයුතු කරණ ලදී. මෙම තත්ත්වය අවසන් වූයේ කුමාරතුංග විසින් අමාත්‍යංශ තුනක් අත්පත් කර ගැනීමෙන් පසුවය. ඉන් පසුව ඇය විසින් 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. පළමු අවස්ථාවේදී ජනාධිපති විජේතුංග ආරක්ෂක අමාත්‍යංශය තමන් වෙත තබාගත් අතර දෙවන අවස්ථාවේදී ජනාධිපති කුමාරතුංගට ආරක්ෂක අමාත්‍යංශයද තබා ගත නොහැකි විය. එම තත්ත්වය වෙනස් වූයේ ඇය විසින් එම අමාත්‍යංශය පවරා ගැනීමෙන් පසුවය.
එබැවින් මෙම ආකෘතියට ද්විත්ව විධායකයක් තිබේ. වර්ෂ 2015 දී මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රීලනිප යේ නායකත්වය බාර ගත් පසුව ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වී සිටියහ. එබැවින් එම ආණ්ඩුව සංහිඳියා ආණ්ඩුවකි. එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇතැයි යමකු කිවහොත් එය සත්‍යයක් නොවේ. බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇත්තේ මුල් ව්‍යවස්ථාව කෙටුම් පත් කළ ව්‍යවස්ථා සම්පාදකයන් විසිනි. මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ විග්‍රහයේ ප්‍රධාන විවේචනයක් වූයේ මෙම කාරණයයි. 19 වන ව්‍යවස්ථාව මගින් කර ඇත්තේ එක් බල කේන්ද්‍රයක් අනෙකට වඩා ශක්තිමත් කිරීමයි. එම අවස්ථාවේදී ජනතා ඉල්ලීම එය විය. ඇත්ත වශයෙන්ම ජනතා ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම  අහෝසි කරණ ලෙසයි.
ජයවර්ධන විසින් අගමැති ධුරයට එරෙහිව ජනාධිපති ධුරය බොහෝසෙයින් ශක්තිමත් කරණ ලද නමුත් ඔහුගේ බල අභිලාෂයන්ට සාපේක්ෂව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දුර්වල බව ඔහු දැන සිටියේය. එවකට පර්ලෙමේන්තුවේ 2/3 ක බහුතරයක් තිබූ පක්ෂයේ බලසම්පන්න නායකයා වශයෙන්  පක්ෂයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ඔහු ලබා ගත්තේ ඒ අනුවය. ව්‍යවස්ථාවෙන් ඔහු ලැබූ බලය පාදක කොට ගෙන ඔහු අභ්‍යාස කළ නියම බලය වූයේ ව්‍යවස්ථාවට පිටින් ඔහු ලැබූ මෙම බලයයි. මෙම බලය දීර්ඝ කාලයක් භුක්ති විඳීමේ අභිලාෂය ඇතිව ඔහු විසින් පැවතුන පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා 1982 දෙසැම්බර් මස ජනමත විචාරණයක් පවත්වන ලදී. එක් ප්‍රමුඛ කැබිනට් ඇමතිවරයකු ගේ පමණක් සහාය ඇතිව අගමැතිවරයා ගේද තවත් ප්‍රමුඛ ඇමතිවරුන්ගේද ද්‍රවිඩ පක්ෂ හැර සමස්ත විපක්ෂයේද විරෝධතාව මැද ඇඳිරි නිතිය පනවමින් බොහෝ සෙයින්ම තනි මතයට ඔහු ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ මෙම බලය පාවිච්චි කරමිනි.  වර්ෂ 1987 දෙසැම්බර් මස සම්මත වූ 13 වන සංශෝධනය මෙහි ප්‍රතිඵලයකි. මෙය මෙරට ද්‍රවිඩ ජනතාවට නිදහසෙන් පසුව ලැබුන බලය බෙදා හැරීමේ එකම යාන්ත්‍රණය වෙයි. මෙය උත්ප්‍රාසයකි.
වර්ෂ 1991 සැප්තැම්බර් මස ඇතිවූ දෝෂාභියෝග යෝජනාව මගින් ජනාධිපති ධුරයේ ඇති අනතුරට භාජනය වන සුළු ස්වභාවය අපි දුටුවෙමු.  දෝෂාභියෝගය සම්මත කර ගැනීම සඳහා දීර්ඝ ගමනක් යා යුතු වුවත් ජනාධිපති ප්‍රේමදාස කම්පනයට පත්ව සිය ධුරය රැක ගැනීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරීය.
එබැවින් 19 වන සංශෝධනයට පෙරත් ජනාධිපතිවරයාට නියම බලය  ලැබුණේ ඔහුට තිබූ  පක්ෂ නායකත්වය සහ ඔහුගේ පක්ෂයට තිබූ පාර්ලිමේන්තු බහුතරයට සාපේක්ෂවය. ශ්‍රීලනිප නායකත්වය නොතිබුණේ නම් බල අරගලයට සාපේක්ෂව මෛත්‍රීපාල සිරිසේන පඹයකු විය හැකිව තිබුණි. ඔහුට බල පදනමක් නොතිබුණේ වුවත් 19 වන සංශෝධනය අනුව ඔහුගේ ධුරයට පැවරුන නව කාර්යය කිරීමට ඔහුට හැකියාවක් ලැබුනේ නම් එය රටටද ඔහුටද අත්‍යන්තයෙන්ම වැඩදායක වීමට තිබුණි.
ප්‍රංශ ව්‍යවස්ථාව
ප්‍රංශ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව 19 වන සංශෝධනයට ඍජුව සම්බන්ධ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඇති බලතල සමහරක් පිළිබඳව විමසා බලමු.
“ජනරජයේ ජනාධිපති විසින් අගමැති පත් කළ යුතුය. ඔහු විසින් අගමැති ගේ පත්වීම අවසන් කළ යුත්තේ අගමැති විසින් ආණ්ඩුවේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ විටය. අගමැතිගේ නිර්දේශය අනුව ඔහු විසින් ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන් ගේ පත්වීම් ද එම පත්වීම් අවසන් කිරීමද කළ යුතුය.” ( 8 වන වගන්තිය)
“ ජනරජයේ ජනාධිපති විසින් ඇමති මණ්ඩලයේ සභාපතිත්වය දැරිය යුතුය.” (9 වන වගන්තිය)
“ ජනරජයේ ජනාධිපති විසින් අගමැතිගේද පාර්ලිමේන්තු සභා දෙකේ සභාපතිවරුන්ගේද මතය විමසා ජාතික මන්ත්‍රණ සභාව විසුරුවා හැරිය හැක…….මැතිවරණයෙන් පසුව අවුරුද්දක් ගතවන තෙක් නැවත විසුරුවා හැරීමක් කළ නොහැක.” (12 වන වගන්තිය)
“ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම අගමැති විසින් කළ යුතුය. ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම ඔහු සතුය. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කිරීම ඔහු විසින් කළ යුතුය. 13 වන වගන්තියට යටත්ව ඔහු විසින් රෙගුලාසි පැනවිය හැකි අතර සිවිල් සහ හමුදා තනතුරු සඳහා පත්වීම් කළ හැක.”  (21 වන වගන්තිය)
 (සටහන- 13 වන වගන්තියේ ජනාධිපති සතු බලතල දැක්වේ)
ප්‍රංශ ව්‍යවස්ථාව සහ 19 වන සංශෝධනය
ජනාධිපති සතු බල අගමැතිට පැවරීමේදී 19 වන සංශෝධනය මගින් කෙරුණු ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන 4 කි. ඒවානම්, අගමැති ඉවත් කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කිරීම, ඇමතිවරු පත් කිරීමේදී ජනාධිපති විසින්  අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බව, ජනාධිපතිට ඇමති ධුර දැරිය නොහැකි බව; සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති බලතල වලට සීමා පැමිණවීම වේ.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව ඇමතිවරු පත් කිරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු වුවත් ජනාධිපතිට ඇමතිවරු සංඛ්‍යාව තීරණය කිරීමට සහ පත්කළ ඇමතිවරුන්ගේ විෂයයන් මාරු කිරීමට හැකියාව තිබේ. එම ප්‍රතිපාදන වෙනස් කර නොමැත.
ප්‍රංශ ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව ඇමතිවරු පත් කිරීමේදී ජනාධිපති විසින් අගමැතිගේ නිර්දේශය අනුව කටයුතු කළ යුතුය. ඇමතිවරුන්ගේ විෂය පථයන් තීරණය කිරීම පිළිබඳව ප්‍රංශ ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් නොවේ. එබැවින් මෙම සියළුම කරුණු අගමැතිවරයාගේ බලතල යටතට පත්වේ. ප්‍රංශ ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිය. (21 වන වගන්තිය) 19 වන සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතේ ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති ලෙස සඳහන් වූ නමුත් පනතේ එම ප්‍රතිපාදනය ඇතුළත්ව නොමැත. එබැවින් 19 වන සංශෝධනයෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව මෙරට අගමැති ප්‍රංශ අගමැති තරම් බලවත් නැත.
වර්ෂ 2018 දී ජනාධිපති විසින් අගමැති ඉවත් කිරීමට ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ පරිදි ජනාධිපතිට අගමැති ඉවත් කළ නොහැක. ප්‍රංශ ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව එරට ජනාධිපතිටද  අගමැති ඉවත් කළ නොහැක.
ජනාධිපතිට ඕනෑම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් තමා වෙත තබා ගැනීමට ඉඩ සලස්වා තිබූ  44(2) වගන්තිය 19 වන සංශෝධනය  මගින් ඉවත් කරනු ලැබූ හෙයින් ජනාධිපතිට කිසිම අමාත්‍ය ධුරයක් තමා වෙත තබා ගත නොහැකිය. ප්‍රංශ  ව්‍යවස්ථාව අනුවද එරට ජනාධිපතිට අමාත්‍ය ධුර තබා ගත නොහැක. එයට මූලික හේතුව ආණ්ඩුව පවත්නේ අගමැතිවරයා යටතේ බැවිනි. යම් හෙයකින් ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දැරුව හොත් එම අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්ණ කිරීම් වලට  පාර්ලිමේන්තුවේදී උත්තර දීමට කිසිවකු නොමැත. මෙම අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ආකෘතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ආකෘතිය දෙසට තරමක් විතැන් වෙයි. එම ආකෘතිය අනුව අමාත්‍යවරු හෙවත් ලේකම්වරු පත්වන්නේ ව්‍යවස්ථාදායකයට පිටතිනි. සියළුම ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටිමින් එයට වග කියන අතර එක් ඇමතිවරයකු එයට පිටින් සිටිමින් එයට වග නොකියන තත්ත්වක් තුළ ආණ්ඩුක්‍රම ආකෘතියේ ඒකාග්‍රතාව බිඳී යයි.  
අගමැතිගේ බලතල වැඩි වීමට හේතුවූ අනෙක් සාධකය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබූ බලතල වලට සීමාවක් පැනවීමයි. 19 වන සංශෝධනයට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර වසරක කාලයකට පසු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක. 19 වන සංශෝධනය මගින් මෙම වසරක කළ සීමාව වසර 4 ½ ක් දක්වා ඉහළ නංවා ඇත. ( 70 (1) වන වගන්තිය)  එයට අමතරව පාර්ලිමේන්තුව විසින් 2/3 ක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපති ගෙන් ඉල්ලන්නේ නම් ඔහුට එය කළ හැක.
ප්‍රංශ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට සෙනේට් සභාව විසුරුවා හළ නොහැක. එනමුත් අගමැතිගේ ද  සෙනේට් සභාවේ සහ  ජාතික මන්ත්‍රණ සභාවේ සභාපතිවරුන්ගේද මතය විමසා ජාතික මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන. එමෙන්ම මැතිවරණයෙන් වසරක් තුළ නැවත එය විසුරුවා හැරීමට ඔහුට නොහැක. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයෙන් ජනාධිපති පත් වුව හොත් තමන් කැමති අගමැතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිට පුළුවන. ආණ්ඩුව ජාතික මන්ත්‍රණ සභාව තුළ පරාජයට පත් වුව හොත් ඔහුට එය විසුරුවා හළ හැක. මේ සඳහා නව අගමැතිවරයාගේ අනුමැතිය ඔහුට පහසුවෙන්ම ලබා ගත හැක. එයට අමතරව ඔහුට සෙනේට් සභාවේද ජාතික මන්ත්‍රණ සභාවේද සභාපතිවරුන්ගේ අනුමැතියද අවශ්‍ය වේ.
ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ සංශෝධනය කෙරෙන විට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ කාල  සීමාව නිශ්චිත කරණ වර්ෂ 2011 සම්මත කර ගත් පනත නීති සම්පාදකයන් ආදර්ශයට ගන්නට ඇත. මේ අනුව අගමැතිවරයාට පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම සඳහා රැජිනට උපදෙස් දිය නොහැක. මෙයට හේතුව වූයේ තමන්ට දේශපාලන වශයෙන් වඩාත් වාසිදායක කාලයක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිවරයාට හැකියාව ලැබෙන බැවිනි. එබැවින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රම දෙකකි. එනම් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වීම හෝ  පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් සහිත යෝජනාවකින් සම්මත වීමයි. මෙම පනත සම්මත කිරීමට මූලිකත්වය ගන්නා ලද්දේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය විසිනි. බලයේ සිටි කොන්සවැටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොතිබුණ බැවින් එම පක්ෂය විසින් එවකට ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුව තුළ සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරණ ලදී. එබැවින් මෙහි පසුබිම ශ්‍රී ලංකාවේ 17 වන සංශෝධනයේ පසුබිමට  සමානය.
එබැවින් තමාට දේශපාලන වශයෙන් වාසි සහගත අවස්ථාවකදී තම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන අවස්ථාවක පවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට නොහැක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයට අවශ්‍ය නම් සාමාන්‍ය බහුතරයකින් ආණ්ඩුව විසුරුවා හැරිය හැකි අතර ආණ්ඩු පක්ෂයට එය කිරීමට 2/3 ක බහුතරයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් ජනාධිපතිවරයාට  වෙනත් ආණ්ඩුවක් පත්කළ හැක. එනමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක. විශ්වාස භංග යෝජනාවක් මගින් ආණ්ඩුව පරාජයට පත් කළ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබුනේ  නම් වඩාත් සුදුසුය. පවතින තත්ත්වය මගින් අරාජකත්වය කට මඟ පෑදිය හැක. නීති සම්පාදකයන් විසින් බ්‍රිතාන්‍ය පනතෙන් උපුටා ගෙන ඇත්තේ ඔවුන්ට අවශ්‍ය කොටස පමණි.
ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකකදී එනම් 2015 සහ 2019 ජනාධිපතිවරණ වලින් පසුව එම අවස්ථාවල තිබූ පාර්ලිමේන්තු බහුතරය සහිත ආණ්ඩු පක්ෂ ජයගත් පාර්ශ්ව වලට සුළුතර ආණ්ඩු පිහිටුවීමට අවස්ථා සලසන ලදී.
සමාප්තිය
පාර්ලිමේන්තු2/3 ක බලය බොහෝ ව්‍යසන වලට මඟ පාදයි. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අය සතුව තිබූ 2/3 බලය අවභාවිත කිරීම 1977 දී ජේ. ආර්. ජයවර්ධනට 5/6 ක බලයක් ලැබීමට හේතුවිය. එම බලය සහ එය දීර්ඝ කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය රටේ කැරලි දෙකකට හේතු විය. වර්ෂ 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයට මූලික හේතුව වූයේ 18 වන සංශෝධනයෙන් පහසුකම් සැලසූ ඔහු විසින් භුක්තිවිඳි අසීමිත බලයයි. එබැවින් ඡන්ද දායකයන් විසින් කිසිවකුට 2/3 ක බලයක් නොදිය යුතුය. යම් හෙයකින් ජනාධිපති පොදුජන පෙරමුණේ නායකයා වූවා නම් ඔහුට  19 වන සංශෝධනය මගින් අගමැතිට පවරා දුන් බලතල ආපසු ගැනීමෙන් ලැබෙන බලයට වඩා වැඩි බලයක් ලැබිය හැක.
බල කේන්ද්‍ර දෙකක් පැවතීම මෙම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් වන අතර එය 19වන  සංශෝධනය මගින් ඇති කරණ ලද්දක් නොවේ. කළ යුතු සුදුසුම දෙය නම් ද්විත්ව විධායකයක් සහිත මෙම අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි. මේ සඳහා මූලික පියවර පසුගිය ආණ්ඩුව විසින් ගෙන ඇත. මෙම ද්විත්ව විධායකය අතරින් ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනාධිපති ධුරය අහෝසි විය යුතුය. ජනතාව එයට අකමැති නම් ඇමෙරිකාවේ පවතින්නාක් මෙන් එක් විධායක ධුරයක් සහිත සම්පුර්ණ  ජනාධිපති ක්‍රමයකට මාරු විය හැක.
එළඹෙන මැතිවරණයෙන් අගමැතිවරයා ජය ගත හොත් ඔහුට සහ ජනාධිපතිවරයාට බල කේන්ද්‍ර දෙකේ ප්‍රශ්ණය අදාල නොවේ.එය අදාල වන්නේ පක්ෂ දෙකක නායකයන් එම ධුර වලට පත්වන සංහිඳියා ආණ්ඩුව කටය. එමෙන්ම අප විසින් ප්‍රංශ අගමැතිවරයාගේ මට්ටමට මෙරට අගමැතිවරයා බලවත් කර නොමැත. එබැවින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තුරු පවතින බල තුලනය පවත්වාගෙන යාම සුදුසුය.
Published on 17 May 2020

Two Headed Executive System Is Not A Creation Of The 19th Amendment

By Harsha Gunasena –
Harsha Gunasena
There are allegations against the 19th amendment which was passed by 225-member Parliament with 212 votes in support of it, one vote against, one abstention and ten were absent during the vote, that it created two powerbases and hence caused instability in the governance structure.
The President sometime back mentioned that he will abolish the 19th amendment to the constitution and for that he will need 2/3 majority in the parliament. In his election manifesto he promised to prepare a new constitution for Sri Lanka. However, the current focus seems to be the repeal of 19th amendment. 

In November 2019 when he was interviewed by The Hindu in India, he responded to a question regarding the 19th amendment as follows. “The 19th amendment (passed in 2015) is a failure and if we get 2/3rds majority in parliament we will drop it from the constitution. The only way you can even make the 19th amendment work is with two brothers (laughs) [at the top]. For a country to be governed successfully, you need stability. This was not the case during the Sirisena-Wickremesinghe government, where they were fighting all the time and there was no development. Without stability, investors won’t come.”
There are flaws in the 19th amendment such as the definition of a national government under which, the political party of highest number of seats can form a national government with any other group irrespective of their number of seats. (Article 46(5)) Under this provision previous government tried to form a national government with Sri Lanka Muslim Congress with one seat under its own name. In the future also this provision may be used to enjoy higher number of portfolios.
However, the intention of this article is to examine whether the 19th amendment paved the way for instability in the country by creating two power bases by strengthening the office of the Prime Minister.
Models of Government
There are three main pillars in governance in democracies. the Executive, Legislature and Judiciary. In the Westminster system, Executive is the head of the government and that power is assigned to the Prime Minister who is within the legislature and accountable to the legislature. Therefore, legislature is supreme. There are two alternatives to this system. One is the American model where the Executive is elected directly by the people and he select the suitable members of the cabinet outside of the legislature. Therefore, the Executive is totally independent from the legislature and they both have defined roles with effective checks and balances. The other model is the French constitution. Under this the president is elected by the people and he appoints the Prime Minister from the legislature and therefore the Prime Minister is accountable to the legislature. This model inherently creates two executives, the President and the Prime Minister and if they are from two parties, they are compelled to implement cohabitation system of governance. 
This cohabitation should be with the two executives. In France it is the common understanding that in this type of situation the President looks after the foreign affairs (Article 52- President should  negotiate and ratify international treaties) and Defence (Article 15-President is the Commander-in-Chief of the Armed Forces) and the Prime Minister looks after the domestic affairs. In the first cohabitation government under the fifth republic constitution of France in 1986, conservative Prime Minister Jacques Chirac nominated two ministers for Foreign affairs and Defence with whom the socialist President Francois Mitterrand can easily work. However subsequently two men had several rows over the foreign policy as well as domestic policies which showed the bitter side of cohabitation.

In the Westminster system, cohabitation is not required if the ruling party is having absolute majority in the Parliament. However, the government will have to depend on the other parties for passing laws and getting approval for certain actions if they are a minority government. Under the American system,  out of the three institutions, the President, Congress and Senate, there can be instances where one institution is  dominated by one party and the balance two by the other party. For instance, at present US President is a Republican and most of the Senate are Republicans whereas the Congress is controlled by Democrats. In this type of situation also cohabitation is needed to a certain extent.
When JR Jayewardene introduced the second republican constitution he claimed that Westminster system of governance often creates unstable governments and to meet the requirements of the day there should be a stable government. His solution was a presidential system. Reason for his claim was that the ability to defeat the governments by no confidence motions in the parliament. He proposed to have a powerful executive president independent of the parliament. The constitution drafted followed mainly the model of French constitutions together with Jayewardene’s personal views to make the office of the president more powerful.
Model of having two executives
Jayewardene weakened the office of the Prime Minister so that the President can be stronger paving way his Prime Minister to opine that his post was like that of a peon.
Prior to 2015, we have seen two instances of having the President from one party and the Prime Minister and the government from another party. In August 1994 Chandrika Kumaratunga became the Prime Minister under President D.B. Wijetunga for a short period of three months. Thereafter Ranil Wikremesinghe became the Prime Minister under the President Chandrika Kumaratunga in December 2001. In these two instances the respective Presidents did not interfere with the government and the formation of the ministers. Wickremesinghe in 2001 ran the government with executive powers and with full authority irrespective of the power of the President until such time the President took over three ministries and subsequently dissolved the parliament in February 2004. In the first instance Wijetunga had the control of the Defence ministry but in the second instance Kumaratunga did not have even that control till she took over three ministries. 
Hence this system is having two executives. When Maithripala Sirisena took the leadership of the SLFP in 2015, the President and the Prime Minister were from two different parties. It was a government of cohabitation. Therefore, if someone says that due to the 19th amendment, the constitution has created two power bases that allegation is wrong. The two power bases were created intentionally by the persons who drafted the original constitution. This was one of the main allegations against the 1978 constitution by Dr. N.M. Perera. What 19th amendment did was to strengthen one power base against the other. This was the popular request at that time. In fact, the request was to abolish the executive presidential system in total.
Although Jayewardene strengthened the office of the President against the office of the Prime Minister, he knew the weaknesses of the constitution in relation to his ambitions of power. That was the reason as the powerful leader of the UNP he demanded the undated resignation letters of all the UNP MPs who accounted 5/6th majority of the parliament. That was the real power he exercised which was outside of the constitution and which supplemented the constitutional power. With the intention of exercising this power for a longer period he held a referendum in December 1982 to extend the existing parliament rather than holding a general election. He signed the Indo-Lanka agreement in July 1987 by using this power almost single handedly with the support of only one prominent cabinet minister and with the objections of the Prime Minister, senior ministers, entire opposition other than the Tamil parties with the imposition of curfew. This paved the way to the 13th amendment to the constitution in November 1987 which was the only devolution package introduced as a solution to the ethnic problem since independence. 
We have seen the vulnerability of the president in September 1991 when there was an attempted impeachment. President Premadasa was shaken and struggled for power although there was a lengthy process to succeed the attempt of impeachment.    
Therefore, even prior the 19th amendment in addition to the constitutional provisions the real power of the President comes from the majority of the parliament and from the leadership of the political party that holds the majority. Maitripala Sirisena would have been a puppet in relation to the power struggle if he did not have the leadership of SLFP. However, if he did not have a power base and if he adhered to the new role assigned to him by the 19th amendment it would have been immensely beneficial not only to the country but also to him. 
Constitution of France
Let us examine some of the provisions of the French constitution in respect of the powers of the President and the Prime Minister, which are directly related to the 19th amendment. 
“The President of the Republic shall appoint the Prime Minister. He shall terminate the appointment of the Prime Minister when the latter tenders the resignation of the Government. On the recommendation of the Prime Minister, he shall appoint the other members of the Government and terminate their appointments.” (Article 8)
“The President of the Republic shall preside over the Council of Ministers.” (Article 9)
“The President of the Republic may, after consulting the Prime Minister and the Presidents of the Houses of Parliament, declare the National Assembly dissolved…… No further dissolution shall take place within a year following said election.” (Article 12)
“The Prime Minister shall direct the actions of the Government. He shall be responsible for national defence. He shall ensure the implementation of legislation. Subject to article 13, he shall have power to make regulations and shall make appointments to civil and military posts.” (Article 21)
(Note: In Article 13 certain authorities of the President were outlined)
19th Amendment to the constitution in relation to the Constitution of France
There were four main amendments of the 19th amendment which shifted the power of the President towards the Prime Minister. Those were: taking off the authority of the President to remove the Prime Minister; appointment of the ministers  by the President should be done on the advice of the Prime Minister; President is barred from holding any ministerial portfolios: and  restrictions imposed on the President to dissolve the parliament.
Although the President can appoint the ministers only on the advice of the Prime Minister as per the 19th amendment, he can continue to decide the number of ministers and to change the ministries among appointed ministers. Those provisions were not amended.
According to Article 8 of the French constitution President should act based on the recommendations of the Prime Minister in respect of appointing of the ministers and the French constitution is silent about deciding on the portfolios of the ministers. Therefore, all these are within the authority of the Prime Minister. He is also the head of the government (Article 21) Although in the Bill of the 19th amendment it was mentioned that the Prime Minister should be the head of the government, it was removed in the Act. Hence in this respect French constitution gives more powers to the Prime Minister than the Sri Lankan constitution even after the 19th amendment.
The President cannot remove the Prime Minister after the 19th amendment and this was confirmed by the Supreme Court as well after the abortive attempt to remove the Prime Minister in 2018. This is the same in the French constitution as well. (Article 8)
The President cannot hold any ministerial portfolio since the previous article 44(2), where the President could keep any number of portfolios with him, was repealed by the 19th amendment to the constitution. In the French constitution as well, the President cannot keep any ministerial portfolios since government is under the Prime Minister. If the President holds any ministerial portfolios there is no body in the parliament to answer about the activities of such ministries. In this case the constitutional model shifts towards the American model where the ministers, according to the American constitution secretaries, are outside of the legislature. There is no consistency the model of the government  if all the  ministers are responsible to the parliament except for one.    
The other feature which strengthened the office of the PM was the introduction of limits to the authority of the President to dissolve the parliament. Prior to the 19th amendment the President can dissolve the parliament after one year from the date appointed for its first meeting. This limit of one year was increased by the 19th amendment (Article 70(1)) to four and half years. In addition, if the parliament requests the President to dissolve it with 2/3rd majority, then he can dissolve it.
According to the French constitution the President cannot dissolve the senate. He can dissolve only the National Assembly and for that he should get the consent of the Prime Minister and the presidents of the two houses. Also, he cannot further dissolve it within one year after the election. If the President is elected from a party other than the party holds the majority in the parliament, the President can name a Prime Minister  as his wish and if the government gets defeated at the National Assembly, he can dissolve it. For this he can easily get the consent of the new Prime Minister and in addition to that he should get the consent of the presidents of the National Assembly and the Senate.
In amending this Article 70(1) of the constitution by the 19th amendment law makers may have taken guidance from the British Parliament where under the Fixed term parliament Act 2011, Prime Minister cannot advice the Queen to dissolve the parliament early. The reason was that the Prime Minister can take an undue advantage by holding the election at a time favourable to him. Therefore, there are two methods for the early dissolution. One is a no confidence vote against the government and the other is a vote for an early election which should be passed by 2/3rd majority. Passing of this Act was initiated by the Liberal Democrats who supported the conservative government which failed to get absolute majority in the parliament. Hence the background of this Act was like that of the 17th amendment in Sri Lanka. 
Therefore, the 19th amendment restricts the President to dissolve the parliament at a time politically advantages to him. In Britain if the government wants to dissolve the parliament, they need 2/3rd majority and if the opposition wants to dissolve it, they need simple majority. In Sri Lanka if the Prime Minister resigns, the President can appoint a fresh government which should have the support of the parliament. It would have been better if the President is given authority to dissolve the parliament when the government is defeated by a no confidence motion in the parliament. Current provision is too stringent. Law makers have adopted only a portion of the British law.
In two instances in Sri Lanka, after Presidential elections of 2015 and 2019, the governing party after the defeat at the elections allowed the winning party to create a minority government.
Conclusion
Two third  majority in Sri Lanka had  lead the country to disaster. In 1977 JR Jayewardene was able to get such a majority because of the bad governance  of Prime Minister Sirimavo Bandaranaike mainly due to the absolute majority she had. Root causes of the two rebellions we had, lies in the extended absolute majority JR Jayewardene had. Root cause of the defeat of Mahinda Rajapaksa in 2015 was the absolute power he enjoyed facilitated by  the 18th amendment to the constitution. Therefore, the voters should not give absolute majority to anyone. If the President is the leader of SLPP he  would command more power  than the power he would get by re-acquiring the powers transferred to Prime Minister by 19th amendment.
The issue of two power bases is inherent in this constitution and it is not a creation of the 19th amendment. What is ideal to do is to draft a fresh constitution to end this two headed executive system. For this the previous government has taken the initial steps. Out of the two executives the office of the President directly elected by the people should be abolished. If the people want to keep it, we should go for the American style full presidential system where there is only one executive. 
The question of two power bases does not apply to the President and the incumbent Prime Minister if the Prime Minister  can continue after the general election. It will be a question only in a cohabitation government. Also, we have not strengthened the office of the Prime Minister to the level of French Prime Minister. Therefore, this level of balancing of power would be ideal until such time we have a fresh constitution.
Published in Colombo Telegraph on 16 May 2020

Did we strengthen the PM’s office too much under 19A, causing instability?


The President some time back mentioned that he would abolish the 19th Amendment to the Constitution and for that he would need a two-thirds majority in Parliament. In his election manifesto he promised to prepare a new constitution for Sri Lanka. However, the current focus seems to be the repeal of the 19th Amendment. 

In November 2019 when he was interviewed by The Hindu in India, he responded to a question regarding the 19th Amendment as follows. “The 19th Amendment (passed in 2015) is a failure and if we get a two-thirds majority in Parliament we will drop it from the constitution. The only way you can even make the 19th Amendment work is with two brothers (laughs) [at the top]. For a country to be governed successfully, you need stability. This was not the case during the Sirisena-Wickremesinghe Government, where they were fighting all the time and there was no development. Without stability, investors won’t come.”

The 19th Amendment was passed by 225-member Parliament with 212 votes in support of it, one vote against, one abstention and 10 were absent during the vote.

There are flaws in the 19th Amendment such as the definition of a national government under which the political party of highest number of seats can form a national government with any other group irrespective of their number of seats. (Article 46(5)) 

However, the intention of this article is to go deep into the allegation that 19th Amendment paved the way for instability in the country by creating two power bases and strengthening the office of the prime minister.

Models of government

There are three main pillars in governance in democracies. The Executive, Legislature and Judiciary. In the Westminster system, the Executive is the head of the government and that power is assigned to the prime minister who is within the Legislature and accountable to the Legislature. Therefore, the Legislature is supreme. 

There are two alternatives to this system. One is the American model where the Executive is elected directly by the people and he select the suitable members of the cabinet outside of the Legislature. Therefore, the Executive is totally independent from the Legislature and they both have defined roles with effective checks and balances. 

The other model is the French Constitution. Under this the president is elected by the people and he appoints the prime minister from the Legislature and therefore the prime minister is accountable to the Legislature. This model inherently creates two executives, the president and the prime minister, and if they are from two parties, they are compelled to implement a cohabitation system of governance. 

This cohabitation should be with the two executives. In France it is the common understanding that in this type of situation the president looks after the foreign affairs (Article 52 – President should negotiate and ratify international treaties) and Defence (Article 15 – President is the Commander-in-Chief of the Armed Forces) and the prime minister looks after the domestic affairs. 

In the first cohabitation government under the fifth Republic Constitution of France in 1986, conservative Prime Minister Jacques Chirac nominated two Ministers for Foreign Affairs and Defence with whom the socialist President Francois Mitterrand can easily work. However subsequently two men had several rows over the foreign policy as well as domestic policies which showed the bitter side of cohabitation.

In the Westminster system, cohabitation is not required if the ruling party is having absolute majority in the Parliament. However, the government will have to depend on the other parties for passing laws and getting approval for certain actions if they are a minority government. 

Under the American system, out of the three institutions, the President, Congress and Senate, there can be instances where one institution is dominated by one party and the balance two by the other party. For instance, at present US President is a Republican and most of the Senate are Republicans whereas the Congress is controlled by Democrats. In this type of situation also cohabitation is needed to a certain extent.

When J.R. Jayewardene introduced the second Republican Constitution he claimed that Westminster system of governance often creates unstable governments and to meet the requirements of the day there should be a stable government. His solution was a presidential system. 

The reason for his claim was that the ability to defeat the governments by no confidence motions in the Parliament. He proposed to have a powerful Executive president independent of Parliament. The Constitution drafted followed mainly the model of French Constitutions together with Jayewardene’s personal views to make the office of the president more powerful.

Model of having two Executives

Jayewardene weakened the office of the prime minister so that the president could be stronger, paving the way for his prime minister to opine that his post was like that of a peon.

Prior to 2015, we have seen two instances of having the president from one party and the prime minister and the government from another party. In August 1994 Chandrika Kumaratunga became the Prime Minister under President D.B. Wijetunga for a short period of three months. Thereafter Ranil Wickremesinghe became the Prime Minister under President Chandrika Kumaratunga in December 2001. In these two instances the respective Presidents did not interfere with the Government and the formation of the ministers.

Wickremesinghe in 2001 ran the Government with Executive powers and with full authority irrespective of the power of the President until such time the President took over three ministries and subsequently dissolved Parliament in February 2004. In the first instance Wijetunga had control of the Defence Ministry but in the second instance Kumaratunga did not have even that control till she took over three ministries. 

Hence this system is having two Executives. When Maithripala Sirisena took the leadership of the SLFP in 2015, the President and the Prime Minister were from two different parties. It was a government of cohabitation. Therefore, if someone says that due to the 19th Amendment the Constitution has created two power bases, that allegation is wrong. The two power bases were created intentionally by the persons who drafted the original Constitution. 

This was one of the main allegations against the 1978 Constitution by Dr. N.M. Perera. What the 19th Amendment did was to strengthen one power base against the other. This was the popular request at that time. In fact, the request was to abolish the Executive presidential system in total.

Although Jayewardene strengthened the office of the president against the office of the prime minister, he knew the weaknesses of the Constitution in relation to his ambitions of power. That was the reason as the powerful Leader of the UNP he demanded the undated resignation letters of all the UNP MPs who accounted for a five-sixths majority of the Parliament. That was the real power he exercised which was outside of the Constitution and which supplemented constitutional power.

With the intention of exercising this power for a longer period he held a referendum in December 1982 to extend the existing Parliament rather than holding a General Election. He signed the Indo-Lanka Agreement in July 1987 by using this power almost singlehandedly with the support of only one prominent Cabinet Minister and with the objections of the Prime Minister, Senior Ministers, and the entire Opposition other than the Tamil parties with the imposition of curfew. This paved the way to the 13th Amendment to the Constitution in November 1987 which was the only devolution package introduced as a solution to the ethnic problem since independence. 

We have seen the vulnerability of the President in September 1991 when there was an attempted impeachment. President Premadasa was shaken and struggled for power although there was a lengthy process to succeed the attempt of impeachment. 

Therefore, even prior to the 19th Amendment in addition to the constitutional provisions the real power of the president comes from the majority of the Parliament and from the leadership of the political party that holds the majority. 

Maithripala Sirisena would have been a puppet in relation to the power struggle if he did not have the leadership of the SLFP. However, if he did not have a power base and if he adhered to the new role assigned to him by the 19th Amendment, it would have been immensely beneficial not only to the country but also to him. 

Constitution of France

Let us examine some of the provisions of the French Constitution in respect of the powers of the president and the prime minister, which are directly related to the 19th Amendment. 

“The President of the Republic shall appoint the Prime Minister. He shall terminate the appointment of the Prime Minister when the latter tenders the resignation of the Government. On the recommendation of the Prime Minister, he shall appoint the other members of the Government and terminate their appointments.” (Article 8)

“The President of the Republic shall preside over the Council of Ministers.” (Article 9)

“The President of the Republic may, after consulting the Prime Minister and the Presidents of the Houses of Parliament, declare the National Assembly dissolved… No further dissolution shall take place within a year following said election.” (Article 12)

“The Prime Minister shall direct the actions of the Government. He shall be responsible for national defence. He shall ensure the implementation of legislation. Subject to article 13, he shall have power to make regulations and shall make appointments to civil and military posts.” (Article 21)

(Note: In Article 13 certain authorities of the President were outlined)

19th Amendment to the Constitution in relation to the Constitution of France

There were four main amendments of the 19th Amendment which shifted the power of the president towards the prime minister. Those were: taking off the authority of the president to remove the prime minister; appointment of the ministers by the president should be done on the advice of the prime minister; the president is barred from holding any ministerial portfolios: and restrictions imposed on the president to dissolve the Parliament.

Although the president can appoint the ministers only on the advice of the prime minister as per the 19th Amendment, he can continue to decide the number of ministers and to change the ministries among appointed ministers. Those provisions were not amended.

According to Article 8 of the French Constitution the president should act based on the recommendations of the prime minister in respect of appointing of the ministers and the French Constitution is silent about deciding on the portfolios of the ministers. Therefore, all these are within the authority of the prime minister. He is also the head of the government (Article 21). 

Although in the Bill of the 19th Amendment it was mentioned that the prime minister should be the head of the government, it was removed in the Act. Hence in this respect the French Constitution gives more powers to the prime minister than the Sri Lankan Constitution even after the 19th Amendment.

The president cannot remove the prime minister after the 19th Amendment and this was confirmed by the Supreme Court as well after the abortive attempt to remove the prime minister in 2018. This is the same in the French Constitution as well. (Article 8)

The president cannot hold any ministerial portfolio since the previous article 44(2), where the president could keep any number of portfolios with him, was repealed by the 19th Amendment to the constitution. In the French Constitution as well, the President cannot keep any ministerial portfolios since government is under the prime minister. If the president holds any ministerial portfolios there is nobody in the Parliament to answer about the activities of such ministries. 

In this case the constitutional model shifts towards the American model where the ministers, according to the American Constitution secretaries, are outside of the Legislature. There is no consistency in the model of the government if all the ministers are responsible to the Parliament except for one. 

The other feature which strengthened the office of the PM was the introduction of limits to the authority of the president to dissolve Parliament. Prior to the 19th Amendment the president can dissolve Parliament after one year from the date appointed for its first meeting. This limit of one year was increased by the 19th Amendment (Article 70(1)) to four-and-a-half years. In addition, if the Parliament requests the president to dissolve it with a two-thirds majority, then he can dissolve it.

According to the French Constitution the president cannot dissolve the Senate. He can dissolve only the National Assembly and for that he should get the consent of the prime minister and the presidents of the two houses. Also, he cannot further dissolve it within one year after the election. If the president is elected from a party other than the party holds the majority in the Parliament, the president can name a prime minister as his wish and if the government gets defeated at the National Assembly, he can dissolve it. For this he can easily get the consent of the new prime minister and in addition to that he should get the consent of the presidents of the National Assembly and the Senate.

In amending this Article 70(1) of the Constitution by the 19th Amendment, lawmakers may have taken guidance from the British Parliament where under the fixed term Parliament Act 2011, the prime minister cannot advice the Queen to dissolve the Parliament early. The reason was that the prime minister can take an undue advantage by holding the election at a time favourable to him. 

Therefore, there are two methods for the early dissolution. One is a no confidence vote against the government and the other is a vote for an early election which should be passed by a two-thirds majority. Passing of this Act was initiated by the Liberal Democrats who supported the conservative government which failed to get absolute majority in the Parliament. Hence the background of this Act was like that of the 17th Amendment in Sri Lanka. 

Therefore, the 19th Amendment restricts the president to dissolve the Parliament at a time politically advantageous to him. In Britain if the government wants to dissolve the Parliament, they need a two-thirds majority and if the opposition wants to dissolve it, they need a simple majority. 

In Sri Lanka if the prime minister resigns, the president can appoint a fresh government which should have the support of the Parliament. It would be better if the president is given authority to dissolve the Parliament when the government is defeated by a no confidence motion in the Parliament. The current provision is too stringent. Lawmakers have adopted only a portion of the British law.

In two instances in Sri Lanka, after the Presidential Elections of 2015 and 2019, the governing party after the defeat at the elections allowed the winning party to create a minority government.

Conclusion

A two-thirds majority in Sri Lanka had led the country to disaster. In 1977 J.R. Jayewardene was able to get such a majority because of the bad governance of Prime Minister Sirima Bandaranaike, mainly due to the absolute majority she had. The root causes of the two rebellions we had lie in the extended absolute majority J.R. Jayewardene had. The root cause of the defeat of Mahinda Rajapaksa in 2015 was the absolute power he enjoyed facilitated by the 18th Amendment to the Constitution. 

Therefore, the voters should not give absolute majority to anyone. If the president is the leader of the SLPP he would command more power than the power he would get by re-acquiring the powers transferred to the prime Minister by the 19th Amendment.

The issue of two power bases is inherent in this Constitution and it is not a creation of the 19th Amendment. What is ideal to do is to draft a fresh constitution to end this two-headed Executive system. For this the previous Government has taken the initial steps. Out of the two Executives the office of the president directly elected by the people should be abolished. If the people want to keep it, we should go for the American style full presidential system where there is only one executive. 

The question of two power bases does not apply to the president and the incumbent prime minister if the prime minister can continue after the General Election. It will be a question only in a cohabitation government. Also, we have not strengthened the office of the prime minister to the level of French prime minister. Therefore, this level of balancing of power would be ideal until such time we have a fresh constitution.
Published in DailyFT on 16May 2020