Thursday, December 25, 2025

My Articles in Daily FT and Colombo Telegraph were published as a book, My View Alternate Thinking

 

Midpoint TV

https://www.youtube.com/watch?v=KXhxzkmp0CI


Through his widely influential columns to Colombo Telegraph and Daily FT, Harsha Gunasena has written subjects such as good governance, corruption, democracy, justice, economy, religion and various contemporary issues.

In this selection from the 170 columns Harsha has written in the past decade offers a unique and frank insight into the current debate on Sri Lankan affairs.

He is one of the main intellectual forces behind the present National Movement for Social Justice in relation to anti-corruption. Gunasena’s fact-based analysis often explains ‘why’.

Although many readers labeled him as a free market campaigner, in my opinion his columns reflect responsible capitalism which integrates social responsibility and ethical practices.

This book is a valuable addition to a meager list of books that take Sri Lanka’s social change seriously.

-Uvindu Kurukulasuriya - Founder and editor-in-chief of Colombo Telegraph

The title of the volume, My View: Alternative Thinking, gives an advance warning to the reader what to expect from the book: the thinking of a writer who has views different from what those in extant society popularly hold. His critical pen has penetrated all the governments that had been in power since 2004. Hence, readers may enjoy them at their convenience. A good point is that Gunasena’s writing is lucid, to the point, and easily understandable. His critical pen presents the critiques of extant popular beliefs and ideologies without partiality to any political party or ideology. Hence, they can be enjoyed by all readers interested in learning of an alternative view on contemporary issues.

-Dr W A Wijewardena, Formerly Deputy Governor of the Central Bank and presently independent economic analyst

"Harsha Gunasena is a Chartered Accountant by profession and holds a Master of Business Administration degree from Postgraduate Institute of Management of University of Sri Jayewardenepura. He had a long stint at the Private sector. His newspaper articles of over a decade compiled to this book are a diary of political and economic issues faced by Sri Lanka and provide a useful insight to Sri Lanka, its history, its people and its place in the international community."

( harsha.gunasena@gmail.com )

ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රතිසංස්කරණ වල ඉදිරි මග

 හර් ගුණසේන –

හර්ෂ ගුණසේන

ආණ්ඩුව විසින් 2024 අංක 36 දරණ විදුලිබල පනත සංශෝධනය  සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව විශාල සංවාදයක් රටේ ඇතිවූ අතර පෙත්සම් ගණනාවක් ශ්රේෂ්ඨාධිකරණයටද ඉදිරිපත් වියආණ්ඩුව ශ්රේෂ්ඨාධිකරණයේ නිගමන අනුව කටයුතු කළ අතර 2025 අංක 14 දරණ සංශෝධන පනත සම්මත කර ගන්නා ලදීවිදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරණ පිලිබඳ සංවාදය ඉදිරියට ගිය අතර මේ පසුබිමේ විදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරණ පිලිබඳ පුරවැසි සංවිධානය විසින් කැඳවන ලද සාකච්ඡා මාලාවක් SL Vlog යූ  ටියුබ් නාලිකාව විසින් විකාශය කරන ලදීමේවායේ අවසාන සාකච්ඡාවේදී මතුවූ කරුණක් වුයේ විදුලිබල ප්රතිසංස්කරණ පිලිබඳ පනත් කෙටුම්පතක්  2026 දී ඉදිරිපත් කරන අතර එහි බලශක්තිය විදුලිබලය සහ අදාල ගාස්තු පිළිබඳව රාජ්ය ප්රතිපත්ති ද අන්තර් ගත වනු ඇතමහජනතාව සමඟ මේ පනත් කෙටුම්පත පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරනු ඇතඑමෙන්ම මේ අවසන් සාකච්ඡාවේදී ප්රධාන වශයෙන් අදහස් හුවමාරු වූයේ විදුලිබල සැපයුමේ සංයුතිය සහ ප්රතිසංස්කරණ පිළිබඳවයිමේ ගැන පැහැදිලි කිරීමක් අවශ්යයි.

විදුලිබල සැපයුමේ සංයුතිය

බොහෝ රටවල් පුනර් ජනනීය විදුලිබලය පිලිබඳ අවධානය යොමු කර ඇතමෙයට හේතුවක් වන්නේ පැරිස් සම්මුතියේදී කාබන් විමෝචනය පිලිබඳ නිර්නායක අනුගමනය කරන බවට බොහෝ රටවල් පොරොන්දු වීම නිසායසූර් බලය සහ සුළං බලය බහුල ලෙස තිබේමේවා විදුලි බලය බවට පරිවර්තනය කිරීමේ තාක්ෂනය මිලෙන් අඩු වෙමින් පවතී.ස්ථාවර සැපයුමක් ඇති ඩිසල් පාවිච්චි කරන විදුලි බලාගාර මෙන් නොව පුනර් ජනනීය ප්‍රභවයන් පාවිචිචි කරන බලාගාර වල සැපයුම ස්ථාවර නොවන්නේ එම ප්‍රභවයන් ස්ථාවර නොවන බැවිනිපුනර්ජනනීය ප්‍රභවයන් ගෙන් ලැබෙන විදුලියේ විචලතාව අවම කිරීම සඳහා එම විදුලිය ගබඩා කර නිකුත්කිරීමට සහ ආවස්තිතතාව වැඩි කිරීමට ආයෝජන අවශ්‍ය වේඑබැවින් පුනර්ජනනීය විදුලියේ මිල මේ අමතර පිරිවැය සමඟ බද්ධ වී ඇත.

ප්රතිසංස්කරණ

විවිධ රටවල විදුලිය ජනනයසම්ප්රේෂණය සහ බෙදාහැරීම විවිධ සමාගම් වලින් කරන අතර මේ එක් එක් අංශයේ විවිධ සමාගම් අතර තරඟකාරීත්වය ප්රවර්ධනය කරනු ලැබේමේ නිසා විදුලිය සඳහා තොග වෙළෙඳපොලක් සහ සිල්ලර වෙළෙඳපොලක් නිර්මාණය වී ඇතතොග වෙළෙඳපොලේ විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් වන්නේ ජනතා සමාගම් හා බෙදාහරින සමාගම් වන අතර සිල්ලර වෙළෙඳපොලේ පිළිවෙලින් බෙදාහරින සමාගම් සහ පාරිභෝගිකයන් විකුණුම්කරුවන් සම්ප්රේෂණ සමාගම් සමග විදුලිය සැපයීම සඳහා එකඟතාවයන්ට පැමිණේපාරිභෝගිකයන්ට සිය කැමැත්ත අනුව බෙදාහරින්නකුගෙන් විදුලිය මිලදී ගත හැකමෙය විදුලිය බෙදාහැරීමේ වත්මන් ආකෘතිය වේමෙම සමාගම් වල අයිතිය රටෙන් රටට වෙනස් වන අතර එය රාජ්පුද්ගලික හෝ දෙඅංශයේ හවුල්කාරිත්වයන් විය හැක.

රටවල් තුනක විදුලිබල සැපයුමේ සංයුතිය සහ ප්රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම ප්රයෝජනවත් වේ යයි සිතමි.

හංගේරියාව

කලින් කොමියුනිස්ට් රටක් වූ හංගේරියාව යුරෝපා සංගමය තුල විදුලි ගාස්තු අඩුම රටකි. (2025 මුල් මාස හය) 2024 දී කාබන් විමෝචනයක් නොමැති න්යෂ්ටික බලයෙන් විදුලි නිෂ්පාදනය 33% ක් වූ අතර සූර්  බලය 23%කිLNG  සහ ගල් අඟුරු 15% වන අතර 19% ක් ආනයනික විදුලියයිතොග සහ සිල්ලර වීදුලි වෙළෙඳ පොල පවතින අතර හන්ගේරියන් විදුලි වෙළෙඳ පොල 2007 දී ස්ථාපිතයිඑය යුරෝපා විදුලි වෙළෙඳ පොල වන EPEX SPOT  හි හවුල්කරුවෙකි.  රජය සතු MVM සමාගම් සමූහය හන්ගේරියන් විදුලි වෙළෙඳ පොලේ ප්රබලයෙකිඑයට රජයේ මුදල් යොදවනු ලැබේඋදාහරණයක් වශයෙන් 2021 දී එහි ප්රාග්ධනය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 563 කින්ද 2022 දී ඩොලර් මිලියන  108 කින්ද වැඩි කරන ලදීමේ උපාය මාර්ගික ආයෝජන සහ පාඩු පියවා ගැනීම සඳහායි. (සමාගමේ වාර් ශික වාර් තාඑයට අමතරව රජය විසින් බැංකු ණය වලටද පහසුකම් සපයනු ලැබේ.

ජර්මනිය

අනෙක් අතට ජර්මනිය යුරෝපා සංගමයේ වැඩිම විදුලි ගාස්තු සහිත රට (2025 මුල් මාස හයරට වේන්යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්නේ නැත. 2024 දී විදුලිය සැපයීමේ සංයුතියපුනර්ජනනීය 58% (සුළං බලය 23% ක් ඇතුලත්වගල් අඟුරු 21% සහ  LNG 15%.  ජර්මනිය  EPEX SPOT හි සාමාජිකයෙකිබොහෝ කාලයක් ජර්මනියේ විදුලිය ශුද්ධ අපනයනයක් වූ අතර 2023 දී එය වෙනස් වියපුනර්ජනනීය බලය ප්රධාන වශයෙන් උත්පාදනය කරනු ලබන්නේ පුද්ගලික සමාගම් විසිනිජනනය සහ සම්ප්රේෂණය ප්රධාන වශයෙන් පුද්ගලික සමාගම් විසින් කරනු ලබන අතර බෙදාහැරීම ප්රධාන වශයෙන් නගරසභා සතු පොදු සමාගම්සමුපකාරසහ ජ්යාත්යන්තර සමාගම් විසින් කරනු ලැබේරජය විසින් විදුලි බල ක්ෂේත්රයේ අයිතිය නැවත ලබාගත යුතු යයි උද්ඝෝෂණ තිබේ.

ඔස්ට්‍රේලියාව​

දුරින් පිහිටීම හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාව​ සහ උතුරු ප්රදේශය හැර ඕස්ට්රේලියාවේ සියලුම ප්රාන්ත NEM ජාතික විදුලි වෙළඳ පොලේ සාමාජිකයෝ වෙතිබටහිර ඔස්ට්‍රේලියාවේ​ පර් ත් සහ තදාසන්න පෙදෙස් වල විදුලි තොග වෙළෙඳ පොළ ක්රියාත්මකයිසිල්ලර වෙළෙඳ පොළේ බොහෝ  නිවෙස් සහ කුඩා ව්යාපාර වලට විදුලිය සපයන්නේ Synergy නම් ප්රාන්ත රජය සතු සමාගමයිබටහිර ඔස්ට්‍රේලියාවේ​  ක්වින්ස්ලන්තයේද බොහෝ විදුලි සමාගම් ප්රාන්ත රජය සතුය. 2024 දී දකුණු ඔස්ට්‍රේලියාවේ​ පුනර් ජනනීය විදුලිය 74% කිටස්මෙනියාවේ ජල විදුලිය සහිතව පුනර්ජනනීය බලය 95%  කිඅනෙක් සියලුම ප්රාන්ත වල පුනර්ජනනීය බලය අඩු මට්ටමක පවතීදකුණු ඔස්ට්‍රේලියාවේ විදුලි ගාස්තු අනෙක් ප්රාන්ත වලට වඩා වැඩි එහි විදුලි ක්ෂේත්රයේ වැඩිපුරම තිබෙන්නේ පුද්ගලික සමාගම්එහි ප්රාන්ත රජය විසින් විදුලිබල ක්ෂේත්රයේ අයිතිය නැවත ලබා ගත යුතු යයි ඉල්ලීම් තිබේ.

ශ්රී ලංකාව

ශ්රී ලංකාව තුල රාජ් ආයතන පුද්ගලීකරණය නොකළ යුතු යයි මතවාදයක් තිබේ. 1956 සිට රජය විසින් පුද්ගලික ආයතන පවරා ගත් අතර එනිසා රාජ්යයේ අධිකාරිත්වය වැඩි විය. 1977 සිට යම් ආයතන පුද්ගලීකරණය කළ අතර එම ක්රමවේදය බොහෝවිට පාරදෘශ් නොවිය. 2022 දී ඇතිවූ මූල් අර්බුදයට ප්රධාන හේතුවක් වූයේ රජයෙන් සහනාධාර ලත් රාජ් සමාගම් වල දිගුකාලීන අලාභයිඑබැවින් වියදම මත පදනම්වූ මිල ක්රමය හඳුන්වා දෙන ලදීවිදුලිබල මණ්ඩලය කොටස් වලට කඩා ප්රතිව්යුහගතකරණය දශක දෙකකට පෙර සැලසුම් කලත් 2024 දී එය නැවත පනතක් මගින් නීතිගත කරන ලදී.

මූල්යඅර්බුදයේඅ බුදය හේතුවෙන් රජයට විශාල ආයෝජන කිරීමට නොහැකි නිසා මේ අවස්ථාවේදී පුද්ගලික අංශයේ ආයෝජන අවශ්යයිරාජ්ය ආයතන වල අයිතියේ වෙනස්කම් කිරීම මගින් ඒවායේ කළමනාකරණය කාර් යක්ෂම කිරීමේ විභවයක් පවතීරජය විසින් අවධානය යොමු කළ යුත්තේ දේශීය සහ විදේශීය මුදල් ප්රවාහයන් පිළිබඳව මිස වත්කම් ගොඩ ගසා ගැනීම පිළිබඳව නොවේ.

LTL හෝල්ඩින්ස් සමාගමේ අයිතිය පිලිබඳ ප්‍රශ්නය​ එන්නේ මේ පසුබිම තුලයමෙහි ප්‍රශ්නගත​ ගනුදෙනුව වන්නේ විදේශ කොටස් හිමි සමාගම එම කොටස් විදුලිබල මණ්ඩලයට පිරිනමා එය ප්රතික්ෂේප වීමෙන් පසුව සමාගමේ සේවකයන් විසින් එය මිලදී ගැනීමයියම් හෙයකින් මණ්ඩලය පුද්ගලික අයිතියේ තිබුනේ නම් මෙම අවස්ථාව නැති කර ගන්නේ නැතඑමෙන්ම මණ්ඩලය මෙම කොටස් ගත්තේ නම් සමාගමේ වර්ධනය බාල වීමට එය හේතුවක් වන්නට ඉඩ තිබුණිවිගණකාධිපතිවරයාට පමණක් සුදුසු විගණනයක් කිරීමට හැකියයි සිතීම  පිළිගත නොහැකඑමෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව විගණකාධිපතිවරයාට මෙම සමාගම විගණනය කළ නොහැකමේ අනුව ආණ්ඩුව විසින් කළ යුත්තේ සොබාධනවි බලාගාරය ගොඩ නැගීම අවශ්ය නම් LTL මූලික කොටස් නිකුතුවට ඉඩ දීමයිප්රාග්ධනය ගලා එන්නේ මේ ලෙසටයි.

අවසාන සාකච්ඡාවේදී කතිකා කළ  විදුලි බල සැපයුමේ සංයුතිය

2030 සිට පුනර් ජනනීය බලයෙන් 70% ක් විදුලිය නිපදවීමට බලාපොරොත්තුවන විදුලිබල මණ්ඩලයේ සැලැස්ම විවේචනයට ලක් වියරට නියම අවස්ථාවේදී ගල් අඟුරු බලාගාර ගොඩනැගුවේ නැත.එමෙන්ම සම්ප්රේෂණය සඳහා නියම අවස්ථාවේදී ආයෝජනය කළේ නැතපුනර්ජනනීය බලය නිෂ්පාදනය කරන පළාත් වලින් බස්නාහිර පළාතට විදුලිය සම්ප්රේෂණය වැඩි දියුණු කළ යුතුයවහලවල් මත සවිකර ඇති සූර් පැනල වලින් ජනිත විදුලියට පහසුකම් සැලසීම සඳහා බෙදාහැරීම් ජාලයද ශක්තිමත් කළ යුතුයදැන් ප්‍රශ්නය​ වන්නේ සම්ප්රේෂණ ජාලය සඳහා ඩොලර් බිලියන 5 ක් (උපකල්පිත අගයකිවියදම් කරන්නේද නැතහොත් බෙදාහැරීම් ජාලය සඳහා ඩොලර් බිලියන 2 ක් (උපකල්පිත අගයකිවියදම් කර කලින් ප්රතිඵලයම ලබා ගන්නේද යන්නයිබෙදාහැරීම් ජාලය සඳහා වියදම් කරන්නේ නම් බටහිර  ඕස්ට්රේලියාවේ අත්හදා බැලූ ලෙස  වහලවල් මත සවිකර ඇති සූර් පැනල වලින් ජනිත විදුලියේ ප්රමාණය ඉහල නැංවිය හැකමේ අනුව පුනර්ජනනීය බලයෙන් 70%  වඩා විදුලිය නිපදවීමට හැකඑමෙන්ම පසුව සාකච්ඡා කරන පරිදි සංශෝධිත පනතට අනුව මෙම වියදම් පුද්ගලික අංශයට දැරීමට අවස්ථාව තිබේ.

අප විසින් යම් විදුලි බලාගාර LNG පාවිච්චි කිරීමට බලාපොරොත්තුවෙන් ස්ථාපිත කර ඇතත් LNG සැපයීමේ යටිතල පහසුකම් නොමැති බැවින් එම බලාගාර වල පාවිච්චි කරන්නේ ඩීසල්ය. LNG ඩීසල් වලට වඩා මිලෙන් අඩු වන නමුත් එය පුනර්ජනනීය බලයට වඩා මිලෙන්  වැඩියඑබැවින් LNG බලාගාර පාවිච්චියෙන් විදුලි බිල අඩුකර නොහැකආයෝජකයින් මෙරටට පැමිණෙන විට හෝ මෙරට භාණ්ඩ අපනයනය කරන විට හෝ මෙරට විදුලිය නිෂ්පාදනයේ වැඩි බරක් පුනර්ජනනීය බලයට යොදා තිබේ නම් එය අපට වාසි සහගතයඑමෙන්ම සැලසුම් කරන විට අප විදුලිය පාවිච්චි කරන්නේ කුමන කටයුත්තකටද යන බව උදාහයිඩ්‍රජන් නිපදවීමටද නැතහොත් ඩේටා සෙන්ටර් වලටද යන්න වැදගත් වේ.

අවසාන සාකච්ඡාවේදී කතිකා කළ යෝජිත ප්‍රතිසංස්කරණ

සංශෝධිත පනත අනුව සමාගම් කීයක් ඇතිවන්නේද යන්නත් ඒවායේ අයිතියත් අපි දනිමු. 2024 පනතේ 15 වන වගන්තිය සංශෝධනය කර නොමැති බැවින් පුද්ගලික ආයෝජකයන්ට නව සම්ප්රේෂණ ජාල ගොඩනැගිය හැක. 2024 පනතේ 30(2) වගන්තිය සංශෝධනය කර විදුලිබල තොග වෙළෙඳ පොළක් වෙනුවට තොග ස්ථානීය වෙළෙඳ පොළක්තොග වෙළෙඳ පොළක්අනුශාංගික සේවා වෙළෙඳ පොළක් සහ සිල්ලර වෙළෙඳ පොළකින් සමන්විත ජාතික විදුලිබල වෙළෙඳ පොළක් ඇති කිරීමට කටයුතු කර තිබේ.

දැනටත් පුද්ගලික අංශය සතු ජනන සමාගම් තිබේයෝජිත රජය සතු ජනන සමාගමට පුද්ගලික අංශය හා එක්ව ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමේ හැකියාවද සාකච්ඡා වියඉදිරි බෙදාහැරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගම් ඇතිවිය හැකි අතර ඒ සඳහා පනතෙන් බාධාවක් නොමැත.

එබැවින් ආණ්ඩුවේ අරමුණ වන්නේ පවතින රාජ්ය දේපළ රජය සන්තකයේ තබාගෙන ඒවා ප්රසාරණය කිරීම සඳහා අවශ්යවන ආයෝජන පුද්ගලික අංශයෙන් ලබා ගැනීමයිමෙම ආයෝජන සම්ප්රේෂණයබෙදාහැරීමජනනය හෝ සිල්ලර වෙළෙඳ පොළේ නව බෙදාහැරීම් සමාගම් ඇතිකිරීම සඳහා විය හැකකවුරු ආයෝජනය කළත් ඒවා ප්රතිපුරණය කර ගත හැකි වන්නේ පාරිභෝගිකයන්ගෙන් අය කරන විදුලි ගාස්තු මගිනි.

එමෙන්ම බලශක්තියෙන් ලාභ ඉපයීමට බලාපොරොත්තුවක් රජයේ නැති බවද ප්රකාශ වියඑහි තේරුම නම් ටෙන්ඩර් වලට පුද්ගලික අංශය සමඟ රාජ්ය අංශය ද තරඟකාරීව ඉදිරිපත් වන බවත් රාජ්ය අංශයේ ටෙන්ඩර් ලාභ හෝ පාඩු නොමැති තත්ත්වයක් මත ඉදිරිපත් කරන බවත්ය.

අවසානයේදී වැදගත් ප්රකාශයක් ඉදිරිපත් වියවිදුලිබල මණ්ඩලය කොටස් වලට කැඩීම සිදුවනවිට විදුලිය තරඟකාරීත්වය සහ වෙළෙඳපොළ නිදහස හරහා වාණිජකරණය විය යුතුයඇතිවන ආයතන ස්වාධින අධ්‍යක්‍ෂවරු හරහා සංස්ථාපිත විය යුතුයඑමෙන්ම අයිතිය කොටස් වෙළෙඳපොළ හරහා බෙදී යා යුතුය.

ඉන්දියාව සමඟ සම්බන්ධ වීම

විදුලිබල මණ්ඩලයේ සැලසුම අනුව ඉන්දියන් විදුලි වෙළෙඳපොළ සමඟ සම්බන්ධවීම සලකා බලා තිබුණිමෙම ලිපියේ සාකච්ඡා කළ පරිදි ලෝකය ගමන් කරන්නේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම වෙතටයශ්රී ලංකාවට කළ හැක්කේ විශේෂයෙන් පුනර්ජනනීය බලය හරහා අතිරික්ත ජනනයක් වන විට ඉන්දියාවට  විකිණීමත්​ අවශ් විට ඉන්දියාවෙන් මිලදී ගැනීමත් යුරෝපා සංගමය මෙන් නොව ඉන්දියාවේ අසල්වැසි රාජ් සමඟ ඇති විදුලිබල සම්බන්ධතා ද්වි පාර්ශ්වික වේකළ යුත්තේ ද්වි පාර්ශ්වික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් වැළකීම නොව සියලු අදාල රටවල් සමඟ එකතුවී පවතින සම්බන්ධතා බහු පාර්ශ්වික කර ගැනීමයි.

සමාප්තිය

ආණ්ඩුව සංශෝධිත පනත ක්රියාත්මක කර ඇති බැවින් පනතෙන් පොරොන්දු වූ පරිදි අවසන් සැලසුම වසරක් ඇතුලත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

ආණ්ඩුව විසින් ජාත්යන්තර මූල් අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් රට මූල් අර්බුදයකට යනු ඇතැයි සිතිය නොහැකනමුත් දැන් අවශ්යතාව වන්නේ ආර්ථික වර්ධනයයි සඳහා ආයෝජන අවශ් වේආණ්ඩුවට මෙයට හැකියාවක් නැතබලාපොරොත්තු පරිදි ආයෝජන නොපැමිණෙන්නේ නම් රාජ් ආයතන විකිණීමෙන් අරමුදල් සපයා ගත හැක.

ශ්රී ලංකාවේ අනාගත ආර්ථික ප්රගතිය රැඳී ඇත්තේ විදුලි රැහැන් පමණක් නොව භෞතිකවද ඉන්දියාව සමඟ සම්බන්ධ වීමෙනිමේ සඳහා විශාල රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන බිය ජනක තත්ත්වයෙන් ශ්රී ලාංකිකයන් මිදිය යුතුයමේ සම්බන්ධ ආදර්ශයක් සිරිමා බණ්ඩාරනායක සහ රනිල් වික්රමසිංහ විසින් දී තිබේ.

(මේ ලිපිය සම්පාදනය කිරීමේදී කීර්ති ගොඩිගමුව ගෙන් ලැබුණ දායකත්වය ලියුම්කරු අගය කරයි.)

Published in Colombo Telegraph and in Anidda on December 12, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-12-december-2025/