Saturday, June 7, 2025

භික්ෂු දේශපාලනය සහ වත්මන් ශ්‍රී ලංකාව

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකා ව විසින් ලෝකයට දායාද කළ ඍජු වූ ද මනා කොට ඍජු වූද අග්‍රගණ්‍ය උගතකු සහ බුද්ධිමතකු වූද වල්පොළ රාහුල හිමියන්ගේ 118 වන ජන්ම දිනය වෙනුවෙන් සමරු උත්සවයක් 2025 මැයි 24 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණමෙහිදී සමරු දේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා (නිර්මාල්විසිනිසාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු පිළිබඳව තව දුරටත් සාකච්ඡා කළ යුතු යයි සාකච්ඡා සභාව අවසා නයේදී අදහසක් පැන නැගිනිඑමෙන්ම රාහුල හිමියන් පිළිබඳව නොයෙකුත් ගුණකථන ලියැවී සහ කියැවී තිබුණද එහිමියන් ගත් මග පිළිබඳව විවේචන දුලබයගල්කන්දේ ධම්මා නන්ද හිමියන්ද සඳහන් කළ පරිදි රාහුල හිමියන්ගේ මග පිළිබඳව විවේචනාත්මක දෘෂ්ටියකින් බැලීමද අවශ්‍යයමේ ලිපිය ලියැවෙන්නේ ඒ වෙනුවෙනි.

ev Prof Walpola Rahula Thero

පළමුවෙන්ම මගේ ගුරුවරයකු දේශනයකදී පළ කළ අදහසක් සඳහන් කිරීමට කැමැත්තෙමිරාහුල හිමියන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටියදී කළමනා කරණ පීඨයක් ඇති කිරීමට කළ සාකච්ඡාවකදී සියළුම දෙනා එයට විරුද්ධවූ අතර පක්ෂ වූයේ රාහුල හිමි පමණක් බවත් අවසානයේදී රාහුල හිමියන්ගේ මතයට අනෙක් අය එකඟවූ බවත් කළමනාකරණය වෙනුවෙන් රාහුල හිමි කළ සේවයට උපහාර වශයෙන් තමන් බුදුන්ට මල් පූජා  කරන සැමවිටම රාහුල හිමියන් වෙනුවෙන්ද මලක් පූජා කරන බවත් ඔහු කියා සිටියේයමේ මගින් රාහුල හිමියන්ගේ අදීන බුද්ධිමත්භාවයේ තරමත් මගේ ගුරුවරයාගේ කෘතඥතාවයේ තරමත් පැහැදිලි වේ.

නිර්මාල් සිය දේශණය ආරම්භයේදීම තමන් ලංකාවේ දේශපාලන කතිකා ව තුළ හඳුනා ගැනෙන්නේ බෞද්ධ විරෝධියෙක් ලෙස බව කීයමමද පූජා විධි සහිත වර්තමාන ව්යවහාරික බුදු දහම මගේ තරුණ වියේ දීම හැර දැමුවෙමිඒ ඊඩබ්අදිකාරම් මහතාගේ ආභාසය නිසායරාහුල හිමියන්ගේ වීමංසනාත්මක දැක්ම බුදු දහමේ මේ ක්රියාකාරකම් වලටද  යොමුවී  තිබුණිමාර්ටින් වික්රමසිංහයන් ගේ අදහස මිට තරමක් වෙනස්යගැමියන් මල් පහන් තබා බුදුන් වඳින විට ඔවුන්ගේ මාන්නය තුනී වන බවත් පන්සල් වලට නිතර නොයන ඊනියා විදග්ධයන් වන අප වැන්නන්ගේ මාන්නය අධික බවත් ඔහු කියා තිබුණි.

නිර්මාල් සිය කථාවේදී එක්තරා ප්රවාදයක් ගෙන එයිඑය සංක්ෂිප්තව දක්වතොත් මෙසේය. 1946 දී නිකුත් කරන ලද විද්යාලංකාර ප්රකාශයේ මෙසේ සඳහන් වේ. “එබැවින් භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේ නම් එහි නම දේශපාලනය වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය.” “උදාහරණයක් වශයෙන් කියතොත් අපේ රටවැසියාගේ පොදු දියුණුව සඳහා මේ ලඟදි ලැබුණු නිදහස් අධ්යාපනය විනාශ කරලීමට කරන හැම උත්සාහයකටම විරුද්ධව ක්රියා කොට එය චිරස්ථායි කර ගැනීම භික්ෂුන්ට අයත් පරම යුතුකමකි.” ඒ අනුව නිර්මාල් කියන්නේ මේ භික්ෂුන් විසින් ආරක්ෂා කරන නිදහස් අධ්යාපනයේ ඇත්ත සමාජයීය ප්රතිඵල වන ස්ථාපිත සමාජ පර්යාය උඩු යටිකුරු කිරීම භික්ෂූන් විසින් ආරක්ෂා කිරීමට උත්සාහ කරන සම්ප්රදායික සමාජ පර්යායේ අඛණ්ඩත්වය රැකගැනීම සඳහා වූ අභිලාෂයට පරස්පර වන බවයි.

විද්යාලංකාර භික්ෂුන්ගේ රැඩිකල් දේශපාලන නැඹුරුවම ඔවුන් සම්ප්රදායික සමාජ පර්යායේ අඛණ්ඩත්වය අපේක්ෂා නොකරන බවට තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකි යයි ද ඔහු කියයිඑනමුත් මේ භික්ෂූන් අපේක්ෂා කරන සම්ප්රදායික සමාජ පර්යාය කුමක්දැයි ඔහු නිශ්චිතව සඳහන් කළේ නැති බව මගේ වැටහීමයි.

මේ සමාජ පර්යාය කුමක්දඑය නම් බලය වේනිර්මාල්ම සඳහන් කරන ආකාරයට ලංකා ඉතිහාසයේ අඛණ්ඩත්වය සම්බන්ධයෙන් සැලකිල්ලට ගතහැකි ප්රබලම සාධකය වන්නේ භික්ෂු තන්ත්රයේ පැවැත්මයි.

මෙම භික්ෂු තන්ත්රයේ පැවැත්මට උපකාරී වූ එක ප්රධාන කාරණයක් වන්නේ අධ්යාපනය භික්ෂූන් අත තිබීමයිමේ හරහා භික්ෂූහු දේශපාලනයට බලපෑම් කරමින් තමන් සතුව යම් දේශපාලන බලයක් නිර්මාණය කර ගත්හඔවුන් දිගටම පවත්වා ගැනීමට අදහස් කරන සමා ජ පර්යාය නම් මේ දේශපාලන බලය තමන් අත තබාගැනීමයි.

යටත් විජිත පාලනය තුල අධ්යාපනය පන්සලෙන් ඉවත්වී භික්ෂූන්ට ඒ පිළිබඳව ඇති ආධිපත්යය නැතිවීම, 1931 සර්වජන ඡන්ද බලය ලැබීම, 1945 ඇතිවූ නිදහස් අධ්යාපනය යන කරුණු හේතුවෙන් භික්ෂුවගේ සමාජ ආධිපත්යය අනුක්රමයෙන් අඩුවූ අතර නිර්මාල් සඳහන් කරන ආකාරයට යුරෝපීයයන්ගේ පැමිණීමද ඔවුන්ගේ පැමිණීමෙන් පසුව 19 වන ශත වර්ෂයේ සිදුවූ බෞද්ධ පුනරුදයද භික්ෂුවගේ ආධිපත්යය සමාජය තුල නැවත ඇති කිරීමට හේතු වියකන්නංගර මහතා නිදහස් අධ්යාපනය යනුවෙන් අදහස් කලේ එවකට ගාස්තු අයකරමින් ඉගැන්වූ ඉංග්රීසි අධ්යාපනය නොමිලේ ලබා දීම බවත් අප මතක තබා ගත යුතුය.

මේ අනුව නිර්මාල් සඳහන් කරන ආකාරයට එම සමාජ පර්යායයන් දෙක අතර පරස්පරයක් තිබේ.

මෙම සාකච්ඡාව නිර්මාල් සඳහන් කළ කරුණු වලින් ඔබ්බට රැගෙන යාහැ කිය.

අනුරාධපුර යුගයේ සිට භික්ෂූහු දේශපාලනයට බලපෑම් කළහමෙම කාරණයද විද්යාලංකාර ප්රකාශනයේ එන දේශපාලනය පිලිබඳ අර්ථකථනය ද සැලකිල්ලට ගතහොත් ලංකාවේ දේශපාලන බුද්ධාගමේ ද දේශපාලන භික්ෂුන්ගේ ද ආරම්භය සනිටුහන් වන්නේ අනුරාධපුර යුගයේ සිටයඑය කෙතරම් බරපතලද යත් එය අටුවාවටද පිවිස තිබේබුද්ධඝෝෂ හිමියන්  හෙළ අටුවා පාදක කරගෙන පාලි අටුවා ලියන්නේ පස් වන සියවසේ දිය.

එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන්ගේ අත්සනින්ද යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ දායකත්වයෙන්ද නාත්තන්ඩියේ පඤඤකර හිමි සහ වල්පොළ රාහුල හිමි ඇතුළු විද්‍යාලංකාර සභාවේ සම්පූර්ණ අනුමැතියෙන්ද නිකුත් වූ   විද්යාලංකාර ප්රකාශයේ මෙසේද සඳහන් වේ. “අද ලෝ කයෙහි මනුෂ්යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙලක්ම දේශපාලනයට අයිතියයි අපි විශ්වාස කරමුආගම දියුණුවට ක්රියා කිරීම භික්ෂුන්ට අයිති යුතුකමක් බව කවුරුත් පිළිගනිතිආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලියසිංහල මනුෂ්යයා බුද්ධාගම්කරයා යම් කලක දියුණු නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු වේ.” “සිංහල භික්ෂුන්වහන්සේ මුල් කාලයේ පටන්ම සිංහල ජාතියේත් සිංහල දේශයේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගා මීව ක්රියාකරමින්ම භික්ෂු ජීවිතය ගත කල බව අමතක කල නොහැකිය.”

මේ අනුව බුද්ධා ගමේ දියුණුව ලෙස විද්යාලංකාර ප්රකාශය මගින් සලකනු ලබන්නේ බාහිර දියුණුවක් බවත් අභ්යන්තර නැතහොත් අධ්යාත්මික දියුණුව එයට අදාල නොවන බවත් පැහැදිලිවේ.

විද්යාලංකාර ප්රකාශයට අටුවාවක් ලෙස ඉදිරිපත් කළ භික්ෂුවගේ උරුමය පොතේ අංගුත්තර නිකාය අටුවාවදීඝ නිකාය අටුවාවමජ්ජිම නිකාය අටුවාව සහ ධම්මපදට්ඨ කථාව උපුටා   දක්වමින් රාහුල හිමියන් කියන්නේ ප්රතිවේධය හෙවත් නිවන අවබෝධ කිරීමත් ප්රතිපත්තිය හෙවත් සීලා දී ගුණ ධර්ම පුරුදු කිරීමත් ඇතත් නැතත් ශාසනයේ පැවැත්මට පර්යාප්තිය හෙවත් ත්රිපිටක ධර්ම ඉගෙනීම ප්රමාණවත් බවයි.

එහිමියෝ ම ප්රතිපත්තියත් ප්රතිවෙදයත් පර්යාප්තියට වඩා උතුම් බැව් තථාගතයන් වහන්සේගේ මුල් ඉගැන්වීම බව සඳහන් කරති. (26 පිටුවඑමෙන්ම අටුවාවල මුලික අරමුණ සුත්ර පිටකයේ ඇති නිවන අරමුණු කරගත් සුත්ර දේශනා වලට අරුත් සැපයීමයි.

රාහුල හිමියෝ මෙයට උදාහරණ දෙතිඑනම් ධම්ම පදට්ඨ කථාවේ ඇති චක්ඛුපාල කථා වස්තුව සහ අංගුත්තර නිකාය අටුවාවේ ඇති  මිලක්ඛතිස්ස කථා වස්තුවයිඑයින් පසුව රාහුල හිමියෝ අටුවාව ආශ්රයෙන් මෙසේ කියති. “ග්රන්ථ ධුරය බලසම්පන්නයන්ට අයිති දෙයක් හැටියටත්  විදර්ශනාව දුර්වලයන්ට බාරවූ දෙයක් හැටියටත් සැලකු බවද එසේම විදර්ශන ධුරය පුරන්නට පටන් ගත අය එසේ නොකළේ ග්රන්ථ ධුරය පුරන්නට ශක්තිය නොතිබුණු නිසා  බවද ඉහත සඳහන් කතා වලින් හොඳ හැටි පැහැදිලි වෙයි.” (32 පිටුව)

ඉන් පසුව මිලක්ඛතිස්ස හිමියන් ආචාර්යයන්ගෙන් කමටහන් ගෙන වත්පිළිවෙත් කරමින් තැනින් තැන ගමන් කිරීමට අධෝ ලිපියක් ලෙස මෙසේ සඳහන් කරති. “අදත් මෙසේ ජීවිතය ගතකරන සමහර මහලු ස්ථවිරවරු සිටිත් ” (32 පිටුවමෙය සරදමකිඑනමුත් එහිමියන් අමතක කල හෝ නො සලකා හැරි කාරණා ව නම් අවසානයේදී  මිලක්ඛතිස්ස හිමි මාර්ගඵල හෙවත් ප්රතිවේදයේ ඵලය ලැබූ බවය. (මනෝ රථපුරණි – එකක නිපාත  වර්ණනාව– සයවන වර්ගය)

රාහුල හිමියන්ගේ භික්ෂුවගේ උරුමය පොතෙන් සිදුවූයේ වර්තමාන භික්ෂු පරපුරට අනුරාධපුර යුගයේ පැවති භික්ෂුවගේ උරුමය හඳුන්වා දීමයිඑනම් තමන් පිළිබඳව කරන ආර්ය පර්යේෂණයට වඩා ත්රිපිටකය ඉගෙනීම හා සිය දායකයන්ගේ අභිවෘ ද්ධිය සඳහා කරන දේ ඉහල ස්ථානයක තැබීමයි.

නමුත් රාහුල හිමියන් භික්ෂුවගේ උරුමය පොත ලියන යුගයට වඩා අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ.ඒ කෙසේදතායි සහ බුරුම ආරන්ය වාසි භික්ෂූන් විසින් පරපුරෙන් පරපුරට රැකගෙන ආ විපස්සනා භාවනා ක්රම දසදින භාවනා වැඩ සටහන් හරහා ගිහියන් ගේ අතට පත්වී තිබේමෙම භාවනා ක්රම ඉගෙනීමට බටහිර සිට පැමිණි සමහර ගිහියෝ එය බටහිර සමාජය තුළ ඔසවා තැබුහඔවුන් අතර වෛද්ය විද්යාව පිලිබඳ මහාචාර්යවරයකු වූ Jon Kabat Zinn, භාවනානුයෝගීන්ගේ මොලයෙන් නිකුත් කරන තරංග පිළිබඳව පර්යේෂණ කළ මනෝ විද්යාව පිලිබඳ මහාචාර්යවරයකු වූ Richard Davidson සහ මනෝ වෛද්යවරයකු වූ Daniel Goleman ද සිටියහඔවුන් තිදෙනාම ඇමෙරිකානුවෝ වෙති. Jon Kabat Zinn ගේ MBSR (Mindfulness Based Stress Reduction) හෙවත් සතිය පදනම් කරගෙන ආතතිය අඩුකිරීම බොහෝ ආතතියෙන් වෙසෙන බටහිර ජනයාට සහනකාරී වැඩපිළිවෙලකිබටහිර වෛද්යවරු ආතතිය අඩු කිරීම සඳහා අනාපාන සති භාවනාව නිර්දේශ කරතිබටහිර රටවල සතිය හෙවත් mindfulness කුඩා කල සිට උගන්වනු ලැබේමෙරටද සති පාසැල නමින් එවැනි ව්යාපාරයක් තිබේමේ අනුව භාවනාව ආතතිය අඩු කිරීම සඳහා ද නිවන්දැකීම සඳහා ද මෙන්ම දෙවියන් වහන්සේ සමඟ ඒකාත්මික වීම සඳහා ද භාවිත කල හැකැයි සිතමි.

මේ පසුබිම මත අපේ භික්ෂූන් කල යුත්තේ කුමක්දසාකච්ඡා මණ්ඩපයේදී සුනිල් විජේසිරිවර්ධන මහතා පැවසුවාක් මෙන් අධ්යාත්මික දියුණුව සහ බාහිර දියුණුව එක්ව ගැනීමයිඑසේ කළ හොත් අනාගතයේදී අනාපාන සතිය අපට බටහිරින් ඉගැනීමට සිදු නොවනු ඇත.

Published in Colombo Telegraph and in Anidda on May 29, 2025

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-29-may-2025/

No comments:

Post a Comment