Sunday, September 13, 2020

වෙන වෙන රටවල ජාතික ආරක්ෂාව

 

පසුගියදා මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරමින් පහත සඳහන් අදහස් ප්‍රකාශ කළ බව සැප්තැම්බර් 4 දා fඬ්ලි මිරර් පත්‍රය වාර්තා කර තිබුණි.

“ආරක්ෂාව ගැන සහතික කළ නොහැකි නම් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැත. 19 වන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනාධිපතිට අමාත්‍ය ධුර දැරිය නොහැකි බව එහි පැහැදිලිව දැක්වේ. ජනාධිපති යනු කවුද? ඔහු ජනතාව විසින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කරමින් තෝරා පත් කරගත් අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මූලික වගකීම වන්නේ ජනතාවගේ සහ රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීමයි. එනමුත් 19 වන සංශෝධනයට අනුව ඔහුට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරිය නොහැක.” 4 වන සහ 3 වන ව්‍යවස්ථා අනුව ආරක්ෂාවද ඇතුළු විධායක බලතල ජනාධිපතිවරයා සතුවන බවත් මේ අනුව 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම පරස්පර විරෝධී බවත් අමාත්‍යවරයා කී බව පත්‍රය වාර්තා කර තිබුණි.

පළමුවෙන්ම කිව යුතු වන්නේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරිය හැකි බව ජනාධිපතිවරණයට පෙරත් පසුවත් ජී.එල්. පීරිස් සහ අලි සබි්‍ර විසින් කී බව පුවත්පත් වාර්තා කර තිබුණ බවයි.

ජනාධිපතිට ඕනෑම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් තමා වෙත තබා ගැනීමට ඉඩ සලස්වා තිබූ 44(2) වගන්තිය 19 වන සංශෝධනය මගින් ඉවත් කරනු ලැබූ හෙයින් ජනාධිපතිට කිසිම අමාත්‍ය ධුරයක් තමා වෙත තබා ගත නොහැකිය.

මේ සම්බන්ධව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සහිත වෙනත් රටවල් මෙම තත්ත්වය කලමනකරණය කර ඇත්තේ කෙසේදැයි විමසා බැලිය හැක.

දකුණු අප්‍රිකාවේ ජාතික මන්ත්‍රණ සභාව මගින් එහි සාමාජිකයන්ගෙන් කෙනෙකු ජනාධිපති ලෙස තෝරාගනු ලැබේ. ජනාධිපති රාජ්‍යයේ, ජාතික විධායකයේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාය. ඔහු හෝ ඇය ඇමතිධුර නොදරයි. ආරක්ෂක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් දරනු ලැබේ.

1978 ව්‍යවස්ථාවට මූලික වශයෙන් පාදක වූයේ ප්‍රංශ ව්‍යවස්ථාවයි. එරට ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිට අමාත්‍ය ධුර තබා ගත නොහැක. එයට මූලික හේතුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවත් ආණ්ඩුව පවත්නේ අගමැතිවරයා යටතේ බැවිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු නොවේ. යම් හෙයකින් ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දැරුවහොත් එම අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලට පාර්ලිමේන්තුවේදී උත්තර දීමට කිසිවකු නොමැත. මෙසේ වුවහොත් ආණ්ඩුක්‍රම ආකෘතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ආකෘතිය දෙසට තරමක් විතැන් වෙයි. එම ආකෘතිය අනුව අමාත්‍යවරු හෙවත් ලේකම්වරු පත්වන්නේ ව්‍යවස්ථාදායකයට පිටතිනි. අප රටේද ප්‍රංශයේද සියලු‍ම ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටිමින් එයට වග කියන බැවින් අතර එක් ඇමතිවරයකු එයට පිටින් සිටිමින් එයට වග නොකියන තත්ත්වක් තුළ ආණ්ඩුක්‍රම ආකෘතියේ ඒකාග්‍රතාව බිඳී යයි.

ප්‍රංශ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය අනුව එරට සේනාධිනායකයා ජනාධිපති වන අතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දැරිය යුතුය.

“ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම අගමැති විසින් කළ යුතුය. ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම ඔහු සතුය. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කිරීම ඔහු විසින් කළ යුතුය. 13 වන වගන්තියට යටත්ව ඔහු විසින් රෙගුලාසි පැනවිය හැකි අතර සිවිල් සහ හමුදා තනතුරු සඳහා පත්වීම් කළ හැක.” (21 වන වගන්තිය-ප්‍රංශ ව්‍යවස්ථාව )

(සටහන- 13 වන වගන්තියේ ජනාධිපති සතු බලතල දැක්වේ)

ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය නොදරයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිගේ කාර්යභාරය ද අගමැතිගේ කාර්ය භාරයද ප්‍රංශ ව්‍යවස්ථාවේ මනාව දක්වා ඇත. ජනාධිපති රාජ්‍යයේ ප්‍රධානියා වන බැවින් ඇමතිවරයකු විසින් කළ යුතු සිල්ලර වැඩ ඔහු විසින් කළ යුතු නොවේ. එබැවින් පීරිස් මහතාගේ තර්කය පිළිගත නොහැක.

ආරක්ෂක අමාත්‍ය ධුරය සියතෙහි තබා ගැනීමට මෙරට රාජ්‍ය නායකයෝ පෙළඹුනහ. සෝල්බරි ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යංශය ද විදේශ අමාත්‍යංශය ද අගමැතිවරයා අතෙහි තිබිය යුතු විය. (46-4 ව්‍යවස්ථාව) 1972 ව්‍යවස්ථාවේ මෙවැනි ප්‍රතිපාදනයක් නොතිබුනත් එවකට සිටි අගමැතිනිය එම අමාත්‍යංශ සියතෙහි තබා ගත්තාය. 1978 ව්‍යවස්ථාව ඇතිවූ පසු විදේශ අමාත්‍යංශයට ඇමතිවරයකු පත් කෙරුණත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ විය. ප්‍රථම වරට එය වෙනත් ඇමතිවරයකු යටතට ගියේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ පත් වීමෙන් පසුවය. 19 වන සංශෝධනය ඇතිවීමෙන් පසු එවකට සිටි ජනාධිපති වරයාට ආරක්ෂක අමාත්‍යංශය තබා ගැනීමට විශේෂ ප්‍රතිපාදන විය. වර්තමාන ජනාධිපතිවරයා පත් වීමෙන් පසුවද එම අමාත්‍යංශයේ ඇමති ධුරය හිස්ව තබා ගනිමින් ජනාධිපතිවරයා විසින් අනියම් ලෙස අමාත්‍යංශය පාලනය කරන ලදී.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයකි. එය තර්කයට ගෝචර නොවේ. සමහර විට එය ඇතිවන්නේ බිය නිසා විය හැක.

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවරභාවයකට හෙළනු ලැබූ බව එම සංශෝධනයට එරෙහිව නගන තවත් චෝදනාවකි. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ මන්ත්‍රීවරු 225 ක් සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 212 ක වැඩි ඡන්දයෙනි. පැවතියේ සුළුතරයේ ආණ්ඩුවකි. එක් අයකු විරුද්ධව ඡන්දය දුන්නේය. එක් අයකු ඡන්දය දීමෙන් වැළකි සිටි අතර 10 දෙනෙක් සභාවට නොපැමිණියහ. එබැවින් සංශෝධනය සම්මත වූයේ ආණ්ඩුවේත් විපක්ෂයේත් ආශීර්වාදය සහිතවය.

මුල් 1978 ව්‍යවස්ථාවේ බල කේන්ද්‍ර දෙකක් තිබුණි.

ජේ ආර්.ජයවර්ධන මහතා විසින් ජනාධිපති ධුරය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අගමැති ධුරය දුර්වල කරන ලදී. ඔහුගේ අගමැතිවරයා විසින් පසුව අගමැති ධුරය කාර්යාල කාර්ය සහායකයකුගේ ධුරයට සමාන කරන ලදී.

වර්ෂ 2015 ට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති එක් පක්ෂයකින්ද අගමැති තවත් පක්ෂයකින්ද පත් වී ඇත. වර්ෂ 1994 අගෝස්තු මස දී මාස තුනක පමණ කාලයකට ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අගමැති ලෙස පත් කරන ලදී. ඉන් අනතුරුව 2001 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති ධුරයට පත්විය. මෙම අවස්ථා දෙකේදී අදාළ ජනාධිපතිවරුන් ආණ්ඩුවේ සහ ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු වලට මැදහත් නොවූහ. වර්ෂ 2001 දී වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ විධායක බලතල සහිතව කුමාරතුංග මැතිනියගේ අධිපත්‍යය නොතකා කටයුතු කරන ලදී. මෙම තත්ත්වය අවසන් වූයේ කුමාරතුංග මැතිනිය විසින් අමාත්‍යංශ තුනක් අත්පත් කර ගැනීමෙන් පසුවය. ඉන් පසුව ඇය විසින් 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. පළමු අවස්ථාවේදී ජනාධිපති විජේතුංග ආරක්ෂක අමාත්‍යංශය තමන් වෙත තබාගත් අතර දෙවන අවස්ථාවේදී ජනාධිපති කුමාරතුංගට ආරක්ෂක අමාත්‍යංශයද තබා ගත නොහැකි විය. එම තත්ත්වය වෙනස් වූයේ ඇය විසින් එම අමාත්‍යංශය පවරා ගැනීමෙන් පසුවය.

එබැවින් මෙම ආකෘතියට ද්විත්ව විධායකයක් තිබේ. වර්ෂ 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රීලනිප යේ නායකත්වය බාර ගත් පසුව ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වී සිටියහ. එබැවින් එම ආණ්ඩුව සංහිඳියා ආණ්ඩුවකි. එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇතැයි යමකු කිවහොත් එය සත්‍යයක් නොවේ. බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇත්තේ මුල් ව්‍යවස්ථාව කෙටුම් පත් කළ ව්‍යවස්ථා සම්පාදකයන් විසිනි. මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ විග්‍රහයේ ප්‍රධාන විවේචනයක් වූයේ මෙම කාරණයයි. 19 වන ව්‍යවස්ථාව මගින් කර ඇත්තේ එක් බල කේන්ද්‍රයක් අනෙකට වඩා ශක්තිමත් කිරීමයි. එම අවස්ථාවේදී ජනතා ඉල්ලීම එය විය. ඇත්ත වශයෙන්ම ජනතා ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම අහෝසි කරණ ලෙසයි.

එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් ඇති කරන ලදැයි කීම පිළිගත නොහැකි තර්කයකි.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ අගමැති ධුරය වඩාත් ශක්තිමත් කිරීමයි. එම ශක්තිමත් වූ අගමැති ධුරයද ප්‍රංශ අගමැති ධුරය තරම් ශක්තිමත් නැත.

පවතින පාර්ලිමේන්තු බලය සමඟ ආණ්ඩු පක්ෂයට තමන් කැමති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට මාරු වීමේ අවකාශය තිබේ. මෙරට ඉතිහාසය පුරාම, 17 සහ 19 සංශෝධන හැර, සිදුව ඇත්තේ එයයි. අත්තනෝමතිකත්වයට තමන් බලාපොරොත්තු නොවන ප්‍රතිඵල ද අත්පත් කර දිය හැකි බව අප සියලු‍ දෙනා විසින් මතක තබා ගත යුතු යයි සිතමි.

 published in Anidda news paper on 13/9/2020

https://www.samabima.com/?p=21593

හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි

Tuesday, September 8, 2020

දහනව වැනි සංශෝධනයට එරෙහිව නගන කුතර්ක

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

පසුගියදා මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරමින් පහත සඳහන් අදහස් ප්‍රකාශ කළ බව සැප්තැම්බර් 4 දා  ඩේලි මිරර් පත්‍රය වාර්තා කර තිබුණි.

“ආරක්ෂාව ගැන සහතික කළ නොහැකි නම් ව්‍යවස්ථාව කින් පලක් නොමැත. 19 වන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනාධිපතිට අමාත්‍ය ධුර දැරිය නොහැකි බව එහි පැහැදිලිව දැක්වේ. ජනාධිපති යනු කවුද?ඔහු ජනතාව විසින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කරමින් තෝරා පත් කරගත් අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මූලික වගකීම වන්නේ ජනතාවගේ සහ රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීමයි. එනමුත් 19 වන සංශෝධනයට  අනුව ඔහුට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරිය නොහැක.” 4 වන සහ 3 වන ව්‍යවස්ථා අනුව ආරක්ෂාවද ඇතුළු විධායක බලතල ජනාධිපතිවරයා සතුවන බවත් මේ අනුව 19 වන සංශෝධනය මගින් ජනාධිපති වරයාට ආරක්ෂක ඇමති ධුරය දැරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම පරස්පර විරෝධී බවත් අමාත්‍ය වරයා කී බව පත්‍රය වාර්තා කර තිබුණි. 

පළමුවෙන්ම කිව යුතු වන්නේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරිය හැකි බව ජනාධිපතිවරණයට පෙරත් පසුවත් ජී. එල්. පීරිස් මහතා විසින් සහ අලි සබ්රි මහතා විසින් කී බව පුවත් පත් වාර්තා කර තිබුණ බවයි.

ජනාධිපතිට ඕනෑම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් තමා වෙත තබා ගැනීමට ඉඩ සලස්වා තිබූ  44(2) වගන්තිය 19 වන සංශෝධනය  මගින් ඉවත් කරනු ලැබූ හෙයින් ජනාධිපතිට කිසිම අමාත්‍ය ධුරයක් තමා වෙත තබා ගත නොහැකිය.

මේ සම්බන්ධව ජනාධිපති ආණ්ඩුක්‍රමයක්  සහිත වෙනත් රටවල් මෙම තත්ත්වය කළමණාකරණය කර ඇත්තේ කෙසේදැයි විමසා බැලිය හැක.

දකුණු අප්‍රිකාවේ ජාතික මන්ත්‍රණ සභාව මගින් එහි සාමාජිකයන්ගෙන් කෙනෙකු ජනාධිපති ලෙස තෝරාගනු ලැබේ. ජනාධිපති රාජ්‍යයේ, ජාතික විධායකයේ සහ කැබිනට් මණ්ඩලයේ  ප්‍රධානියාය. ඔහු හෝ ඇය ඇමතිධුර නොදරයි. ආරක්ෂක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් දරනු ලැබේ.

1978 ව්‍යවස්ථාවට මූලික වශයෙන් පාදක වූයේ ප්‍රංශ ව්‍යවස්ථාවයි. එරට ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිට අමාත්‍ය ධුර තබා ගත නොහැක. එයට මූලික හේතුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවත් ආණ්ඩුව පවත්නේ අගමැතිවරයා යටතේ බැවිනි. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු නොවේ. යම් හෙයකින් ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දැරුව හොත් එම අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්ණ කිරීම් වලට  පාර්ලිමේන්තුවේදී උත්තර දීමට කිසිවකු නොමැත. මෙසේ වුවහොත් ආණ්ඩුක්‍රම ආකෘතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ආකෘතිය දෙසට තරමක් විතැන් වෙයි. එම ආකෘතිය අනුව අමාත්‍යවරු හෙවත් ලේකම්වරු පත්වන්නේ ව්‍යවස්ථාදායකයට පිටතිනි. අප රටේද ප්‍රංශයේද සියළුම ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටිමින් එයට වග කියන බැවින් අතර එක් ඇමතිවරයකු එයට පිටින් සිටිමින් එයට වග නොකියන තත්ත්වක් තුළ ආණ්ඩුක්‍රම ආකෘතියේ ඒකාග්‍රතාව බිඳී යයි. 

ප්‍රංශ ව්‍යවස්ථාවේ 15  වන වගන්තිය අනුව එරට සේනාධිනායකයා ජනාධිපති වන අතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දැරිය යුතුය. 

“ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම අගමැති විසින් කළ යුතුය. ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම ඔහු සතුය. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කිරීම ඔහු විසින් කළ යුතුය. 13 වන වගන්තියට යටත්ව ඔහු විසින් රෙගුලාසි පැනවිය හැකි අතර සිවිල් සහ හමුදා තනතුරු සඳහා පත්වීම් කළ හැක.” (21 වන වගන්තිය-ප්‍රංශ ව්‍යවස්ථාව) (සටහන – 13 වන වගන්තියේ ජනාධිපති සතු බලතල දැක්වේ)

ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය නොදරයි. 

ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිගේ කාර්යභාරය ද අගමැතිගේ කාර්ය භාරයද ප්‍රංශ ව්‍යවස්ථාවේ මනාව දක්වා ඇත. ජනාධිපති රාජ්‍යයේ ප්‍රධානියා වන බැවින් ඇමතිවරයකු විසින් කළ යුතු සිල්ලර වැඩ ඔහු විසින් කළ යුතු නොවේ. එබැවින් පීරිස් මහතාගේ තර්කය පිළිගත නොහැක.

ආරක්ෂක අමාත්‍ය ධුරය සියතෙහි තබා ගැනීමට මෙරට රාජ්‍ය නායකයෝ පෙළඹුනහ. සෝල්බරි ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යංශය ද විදේශ අමාත්‍යංශය ද අගමැතිවරයා අතෙහි තිබිය යුතු විය. (46-4 ව්‍යවස්ථාව) 1972 ව්‍යවස්ථාවේ මෙවැනි ප්‍රතිපාදනයක් නොතිබුනත් එවකට සිටි අගමැතිනිය එම අමාත්‍යංශ සියතෙහි තබා ගත්තාය. 1978 ව්‍යවස්ථාව ඇතිවූ පසු විදේශ අමාත්‍යංශයට ඇමතිවරයකු පත් කෙරුණත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ විය. ප්‍රථම වරට එය වෙනත් ඇමතිවරයකු යටතට ගියේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ පත් වීමෙන් පසුවය. 19 වන සංශෝධනය ඇතිවීමෙන් පසු එවකට සිටි ජනාධිපති වරයාට ආරක්ෂක අමාත්‍යංශය තබා ගැනීමට විශේෂ ප්‍රතිපාදන විය. වර්තමාන ජනාධිපතිවරයා පත් වීමෙන් පසුවද එම අමාත්‍යංශයේ ඇමති ධුරය හිස්ව තබා ගනිමින් ජනාධිපති වරයා විසින් අනියම් ලෙස අමාත්‍යංශය පාලනය කරණ ලදී.  

මෙය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයකි. එය තර්කයට ගෝචර නොවේ. සමහර විට එය ඇතිවන්නේ බිය නිසා විය හැක.

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවර භාවයකට හෙළනු ලැබූ බව එම සංශෝධනයට එරෙහිව නගන තවත් චෝදනාවකි.   මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ මන්ත්‍රීවරු 225 ක් සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 212 ක වැඩි ඡන්දයෙනි.  පැවතියේ සුළුතරයේ ආණ්ඩුවකි. එක් අයකු විරුද්ධව ඡන්දය දුන්නේය. එක් අයකු ඡන්දය දීමෙන් වැලකි සිටි අතර 10 දෙනෙක් සභාවට නොපැමිණියහ. එබැවින් සංශෝධනය සම්මත වූයේ ආණ්ඩුවේත් විපක්ෂයේත් ආශීර්වාදය සහිතවය.

මුල් 1978 ව්‍යවස්ථාවේ බල කේන්ද්‍ර දෙකක් තිබුණි.   

ජේ ආර්.ජයවර්ධන මහතා විසින් ජනාධිපති ධුරය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අගමැති ධුරය දුර්වල කරණ ලදී. ඔහුගේ අගමැතිවරයා විසින් පසුව අගමැති ධුරය කාර්යාල කාර්ය සහායකයකුගේ ධුරයට සමාන කරණ ලදී.

වර්ෂ 2015 ට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති එක් පක්ෂයකින්ද අගමැති තවත් පක්ෂයකින්ද පත් වී ඇත. වර්ෂ 1994 අගෝස්තු මස දී මාස තුනක පමණ කාලයකට ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අගමැති ලෙස පත් කරණ ලදී. ඉන් අනතුරුව 2001 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති ධුරයට පත්විය. මෙම අවස්ථා දෙකේදී අදාල ජනාධිපතිවරුන් ආණ්ඩුවේ සහ ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු වලට මැදහත් නොවූහ. වර්ෂ 2001 දී වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ විධායක බලතල සහිතව කුමාරතුංග මැතිනිය ගේ අධිපත්‍යය නොතකා කටයුතු කරණ ලදී. මෙම තත්ත්වය අවසන් වූයේ කුමාරතුංග මැතිනිය විසින් අමාත්‍යංශ තුනක් අත්පත් කර ගැනීමෙන් පසුවය. ඉන් පසුව ඇය විසින් 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. පළමු අවස්ථාවේදී ජනාධිපති විජේතුංග ආරක්ෂක අමාත්‍යංශය තමන් වෙත තබාගත් අතර දෙවන අවස්ථාවේදී ජනාධිපති කුමාරතුංගට ආරක්ෂක අමාත්‍යංශයද තබා ගත නොහැකි විය. එම තත්ත්වය වෙනස් වූයේ ඇය විසින් එම අමාත්‍යංශය පවරා ගැනීමෙන් පසුවය.

එබැවින් මෙම ආකෘතියට ද්විත්ව විධායකයක් තිබේ. වර්ෂ 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රීලනිප යේ නායකත්වය බාර ගත් පසුව ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වී සිටියහ. එබැවින් එම ආණ්ඩුව සංහිඳියා ආණ්ඩුවකි. එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇතැයි යමකු කිවහොත් එය සත්‍යයක් නොවේ. බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇත්තේ මුල් ව්‍යවස්ථාව කෙටුම් පත් කළ ව්‍යවස්ථා සම්පාදකයන් විසිනි. මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ විග්‍රහයේ ප්‍රධාන විවේචනයක් වූයේ මෙම කාරණයයි. 19 වන ව්‍යවස්ථාව මගින් කර ඇත්තේ එක් බල කේන්ද්‍රයක් අනෙකට වඩා ශක්තිමත් කිරීමයි. එම අවස්ථාවේදී ජනතා ඉල්ලීම එය විය. ඇත්ත වශයෙන්ම ජනතා ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම  අහෝසි කරණ ලෙසයි. 

එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් ඇති කරන ලදැයි කීම පිළිගත නොහැකි තර්කයකි.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ අගමැති ධුරය වඩාත් ශක්තිමත් කිරීමයි. එම ශක්තිමත් වූ  අගමැති ධුරයද .ප්‍රංශ අගමැති ධුරය තරම් ශක්තිමත් නැත.

පවතින පාර්ලිමේන්තු බලය සමඟ ආණ්ඩු පක්ෂයට තමන් කැමති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට මාරු වීමේ අවකාශය තිබේ. මෙරට ඉතිහාසය පුරාම, 17 සහ 19 සංශෝධන හැර, සිදුව ඇත්තේ එයයි. අත්තනෝමතිකත්වයට තමන් බලාපොරොත්තු නොවන ප්‍රතිඵල ද අත්පත් කර දිය හැකි බව අප සියළු දෙනා විසින් මතක තබා ගත යුතු යයි සිතමි.

published in Colombo Telegraph on 5/9/2020

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-5-september-2020/

An Unorthodox Preface To 20A

 By Harsha Gunasena –

Harsha Gunasena

Emeritus Professor of University of Colombo G.L. Peiris, who has transformed from an academic to a politician, said recently that we should not be afraid of power. What he meant was that the people should not be afraid of the government exercising its two third majority in Parliament to pass whatever the legislation they want.

Why should the people be afraid when the real power is with them? 


Monkey Master

Gene Sharp in his landmark book, ‘From Dictatorship to Democracy, A Conceptual Framework for Liberation’, quoted  one of the fables of Liu Ji, who was a great military strategist, officer, statesman and poet lived in 14th century in China. The fable goes as follows.

In the feudal state of Chu an old man survived by keeping monkeys in his service. The people of Chu called him “ju gong” (monkey master).


Each morning, the old man would assemble the monkeys in his courtyard and order the eldest one to lead the others to the mountains to gather fruits from bushes and trees. It was the rule that each monkey had to give one-tenth of his collection to the old man. Those who failed to do so would be ruthlessly flogged. All the monkeys suffered bitterly but dared not complain.

One day, a small monkey asked the other monkeys: “Did the old man plant all the fruit trees and bushes?” The others said: “No, they grew naturally.” The small monkey further asked: “Can’t we take the fruits without the old man’s permission?” The others replied: “Yes, we all can.” The small monkey continued: “Then, why should we depend on the old man; why must we all serve him?”

Before the small monkey was able to finish his statement, all the monkeys suddenly became enlightened and awakened.


On the same night, watching that the old man had fallen asleep, the monkeys tore down all the barricades of the stockade in which they were confined, and destroyed the stockade entirely. They also took the fruits the old man had in storage, brought all with them to the woods, and never returned. The old man finally died of starvation.

Sri Lanka

Therefore, those who exercise power unduly should be afraid of the consequences. In 1978 when President JR Jayewardene brought the present constitution the majority of the people supported it. Only a few objected to it. This writer was in the second group. This constitution has both positive and negative characteristics. The UNP which approved the constitution later opposed the dictatorial powers of the President when they were in the opposition and when they could not enjoy such powers. When they were in power, the 19th amendment to the constitution was brought in and was approved in the Parliament with the opposition of only one member. The two important amendments to the constitution, 17th and 19th were brought in with the consent of the opposition as well. Those amendments restricted the power of the President. The constitutions which were not powered by the consents of the respective oppositions have brought disastrous results to the introducers of those constitutions as well as to the people.

Therefore, we should be afraid to some extent.

According to the 1978 constitution the President had lot of ways to use his discretionary power. It is not appropriate since the President is not a king or a queen who gets the power by heritage. Democracies elect their presidents and they are guardians of the state for a specified period. That is why the 17th and 19th amendments were brought in. There are flaws of the 19th amendment which was passed without a prolonged discussion. Those should be rectified but the essence of it should not be touched since it is not appropriate to allow the President to fill the high positions of the state with his sole discretion. That was the situation prior to the 17th amendment. The Constitutional Council changed that position.

USA

There is a cooperative appointment mechanism of the high officials in USA. According to the Section 2 of the Article II of the constitution of USA the President can appoint the high officials of the state with the advice and consent of the Senate.

“He shall have Power, by and with the Advice and Consent of the Senate, to make Treaties, provided two thirds of the Senators present concur; and he shall nominate, and by and with the Advice and Consent of the Senate, shall appoint Ambassadors, other public Ministers and Consuls, Judges of the supreme Court, and all other Officers of the United States, whose Appointments are not herein otherwise provided for, and which shall be established by Law: but the Congress may by Law vest the Appointment of such inferior Officers, as they think proper, in the President alone, in the Courts of Law, or in the Heads of Departments.”

France

In France there is a representative appointment mechanism to the Constitutional Council to which the Institutional Acts, before their promulgation, Private Members’ Bills before they are submitted to referendum, and the Rules of Procedure of the Houses of Parliament shall, before coming into force, be referred, which shall rule on their conformity with the Constitution. In addition to that it shall ensure the proper conduct of the election of the President of the Republic and referendum proceedings; and rule on the proper conduct of the election of Members of the National Assembly and Senators in disputed cases.(Articles 58-61 of the constitution of France)

According to Article 56 of the constitution of France, the Constitutional Council shall comprise of nine members, each of whom shall hold office for a non-renewable term of nine years. One third of the membership of the Constitutional Council shall be renewed every three years. Three of its members shall be appointed by the President of the Republic, three by the President of the National Assembly and three by the President of the Senate. In addition to the nine members provided for above, former Presidents of the Republic shall be ex officio life members of the Constitutional Council.

India and South Africa

In India, every Judge of the Supreme Court shall be appointed by the President by warrant under his hand and seal on the recommendation of the National Judicial Appointments Commission comprising of Chief Justice, two other senior judges, Union Minister in charge of law and Justice and two eminent persons nominated by the committee consisting of the Prime Minister, the Chief Justice of India and the Leader of Opposition in the House. (Article 124 of the Indian constitution)

In South Africa the president, after consulting the Judicial Service Commission and the leaders of parties represented in the National Assembly, appoints the chief justice and the deputy chief justice. Constitutional Court is the highest court in South Africa. Other Constitutional Court judges are appointed by the president after consulting the chief justice and the leaders of parties represented in the National Assembly, from a list of nominees presented by the Judicial Service Commission. (Article 174 of South African constitution)

19th Amendment

Therefore, there are various checks and balances in various countries to the higher appointments in the state specially to the judiciary. In Sri Lankan constitution prior to the 17th amendment there were no such checks to the discretionary power of the President. After the 19th amendment with the reintroduction of the Constitutional Council, which was taken off by the 18th amendment, the President shall not appoint to the posts of the Chief Justice and the Judges of the Supreme Court; the President and the Judges of the Court of Appeal; the Members of the Judicial Service Commission, other than the Chairman; the Attorney-General; the Auditor-General; the Inspector-General of Police; the Parliamentary Commissioner for Administration (Ombudsman); and the Secretary-General of Parliament, unless such appointment has been approved by the Council upon a recommendation made to the Council by the President. The procedure applies to nine independent commissions as well.

The precedence in Sri Lanka as well as in prominent democracies in the world in respect of checks and balances in relation to the discretionary power of the President is outlined above. It is the duty and the responsibility of the holder of power to use it rather than abuse it. 

published in colombo Telegraph on 4/9/2020

https://www.colombotelegraph.com/index.php/an-unorthodox-preface-to-20a/

Republished in StanKaba

https://stankaba.com/an-unorthodox-preface-to-20a/

විස්සට පෙරවදනක්

 

විද්‍යාර්ථියකු ගේ සිට දේශපාලනඥයකු දක්වා රූපාන්තරණය වී ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා අප බලයට බිය විය යුතු නැතැයි කියයි. ඔහු අදහස් කරන්නේ ආණ්ඩුව තමන්ට ලැබී ඇති තුනෙන් දෙකේ බලය අභ්‍යාස කිරීම පිළිබඳව ජනතාව බිය විය යුතු නැති බවයි.

ජනතාව බිය වන්නේ කුමකටද? මන්ද යත් නියම බලය ඇත්තේ ජනතාව අත වන නිසාය.ිප්‍රයෝග මගින් පාලනය’ නම්වූ ලියු ජි (1311-1375) විසින් රචිත සිඩ්නි තායි විසින් පරිවර්තිත යු ලී සි නැමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් නොසලකා හරිනු ලබන දේශපාලන බලය පිළිබඳ කතාව මහාචාර්ය ජිනී ශාප් විසින් රචිත ලියුම්කරු විසින් පරිවර්තනය කරන ලද ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නම් කෘතියේ දැක්වේ.

“චු නැමැති වැඩවසම් දේශයේ සිටි එක්තරා මහළු මිනිසකු විසින් සිය ජීවිතය පවත්වා ගත්තේ වඳුරන් සේවයේ යොදවා ගැනීම මගිනි. චු දේශයේ මිනිසුන් විසින් ඔහු හඳුන්වන ලද්දේ ජු ගොන්ග් හෙවත් වඳුරු හිමියා යන නමිනි.

දිනපතා උදයේ මහළු මිනිසා වඳුරන් සිය අංගනයට එක්රැස් කරවා වඩාත්ම වැඩිමහළු වඳුරා බණවා අනෙක් වඳුරන් ද සමඟ කඳුකරයට ගොස් එහි ඇති ගස් සහ පඳුරු වලින් පළතුරු කඩා ගෙන එන ලෙස විධාන කරයි. නීතිය වන්නේ සියලු‍ම වඳුරන් විසින් ඔවුන් එක්රැස් කරගත් පළතුරු වලින් දහයෙන් එකක් මහළු මිනිසාට දිය යුතු වීමයි. එසේ කිරීමට අසමත් වන වඳුරන්ට ඉතා නිර්දය ලෙස පහර දෙනු ලැබේ. සියලු‍ම වඳුරන් ඉතා කණගාටුදායක ලෙස පෙළනු ලැබූ අතර කිසිවකු පැමිණිලි කිරීමට තරම් වත් නිර්භීත වූයේ නැත.

එක් දිනෙක කුඩා වඳුරෙක් අනෙකුත් වඳුරන් ගෙන් මෙසේ ඇසීය. “සියලු‍ම පළතුරු ගස් සහ පඳුරු පැල කරන ලද්දේ මහළු මිනිසා විසින්ද? අනෙකුත් වඳුරෝ “නැත. ඒවා ඉබේ පැලවී ඇත.” යනුවෙන් පිළිතුරු දුන්හ. කුඩා වඳුරා නැවත මෙසේ ඇසීය. “අපට මහළු මිනිසාගේ අවසරය නොමැතිව පළතුරු කඩා ගත නොහැකිද?” “අප සියලු‍ දෙනාටම එය කළ හැක.” යනුවෙන් අනෙක් වඳුරෝ පිළිතුරු දුන්හ. කුඩා වඳුරා තවදුරටත් මෙසේ ඇසීය. “එසේනම් අප මහළු මිනිසාගේ අණට යටත්ව ඔහුට සේවය කරන්නේ ඇයි?”

කුඩා වඳුරා සිය ප්‍රකාශය අවසන් කිරීමටත් ප්‍රථම සියලු‍ම වඳුරෝ එක්වරම ඥානය ලබා පවතින තත්ත්වය අවබෝධ කළහ.

එදින රාත්‍රියේ මහළු මිනිසා නින්දට වැටෙන තුරු බලාසිට සියලු‍ම බාධක සහ තමන් සිරකර තිබූ දඬුවැට කඩා දැමූ වඳුරෝ එය සම්පුර්ණයෙන්ම විනාශ කළහ. මහළු මිනිසා ගබඩා කර තැබූ සියලු‍ම පළතුරු පැහැර ගත් වඳුරෝ ඒ සියල්ලම රැගෙන වනාන්තරයට පළා ගිය අතර නැවත නොපැමිණියහ. අවසානයේදී මහළු මිනිසා කුසගින්නේ මියගියේය.”

එබැවින් බිය විය යුත්තේ බලය අනිසි ලෙස අභ්‍යාස කරන පුද්ගලයන්ය. වර්ෂ 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් වර්තමාන ව්‍යවස්ථාව ගෙන එන විට රටේ බහුතරය එයට විරුද්ධ වූයේ නැත. එයට විරුද්ධ වූයේ සුළු පිරිසකි. විරුද්ධ වූ සුළු පිරිස අතර ලියුම්කරු ද සිටියේය. එම ව්‍යවස්ථාවේ අසාධනිය ලක්ෂණ මෙන්ම සාධනීය ලක්ෂණද තිබේ. එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට තිබූ ඒකාධිපති බලතල වලට අනුමැතිය දුන් එක්සත් ජාතික පක්ෂය තමන්ට දීර්ඝ කාලීනව විපක්ෂයේ සිටීමට සිදුවූ විට එම ඒකාධිපති බලතල වලට විරුද්ධ වී ඒවා අඩු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයකුගේ පමණක් විරුද්ධත්වය ඇතිව ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ආවේය. ව්‍යවස්ථාවට 17 සහ 19 සංශෝධන ගෙන එන විට විපක්ෂ දේශපාලන පක්ෂ වලටද ඇහුම් කන් දීමට ආණ්ඩු වලට සිදුවූ අතර එම ඇහුම්කන් දීම මගින් ශක්ති සම්පන්න නොවූ 1972 ව්‍යවස්ථාව සහ 1978 ව්‍යවස්ථාව එහි යෝජකයන්ට මෙන්ම ජනතාවටද යම් ව්‍යසනයන් ගෙන ඒමට මුල් විය.

අප යම් ප්‍රමාණයකට බිය විය යුත්තේ ඒ නිසාය.

1978 ව්‍යවස්ථාවේ ප්‍රකාර ජනාධිපතිට සිය අභිමතානුසාරී බලය පාවිච්චි කිරීමට බොහෝ අවස්ථා තිබේ. ඔහු හෝ ඇය රජෙකු හෝ රැජිනක හෝ නොවන නිසා එම බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කිරීමට ඉඩ දීම යුතු නොවේ. ව්‍යවස්ථාවට 17 සහ 19 සංශෝධන ගෙන ආවේ ඒ නිසාය. දීර්ඝ සාකච්ඡාවකින් තොරව සම්මත කර ගත් 19 සංශෝධනයේ විවිධ අඩුපාඩු කම් තිබේ. ඒවා සමනය කිරීම අවශ්‍ය දෙයකි. එනමුත් පාක්ෂික දේශපාලනයක නිරත වන රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ තනතුරු සිය අභිමතය මත පමණක් පිරවීමට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට හිතකර නොවේ. 17 වන සංශෝධනයට පෙර මෙරට පැවතියේ එම තත්ත්වයයි. ඉන්පසු ව්‍යවස්ථා සභාව මගින් එම තත්ත්වය වෙනස් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ දෙවන කොටස අනුව ජනාධිපතිවරයාට ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ද රාජ්‍යයේ ඉහළ නිලධාරීන්ද තානාපතිවරුන්ද පත්කිරීමට බලය ඇත්තේ සෙනෙට් සභාවේ උපදෙස් සහ අනුමැතියට යටත්වය.

ප්‍රංශ ව්‍යවස්ථාවේ 56 වන වගන්තිය අනුව එරට ව්‍යවස්ථා සභාවට පත්කරන සාමාජිකයන් 9 දෙනා ගෙන් තුන් දෙනෙකු ජනාධිපතිවරයා විසින්ද, තුන් දෙනෙකු ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති විසින්ද, තුන් දෙනෙකු සෙනෙට් සභාවේ සභාපති විසින්ද පත් කරනු ලැබේ. එයට අමතරව හිටපු ජනාධිපතිවරුන් නිල බලයෙන් එයට පත්වේ. ජාතික මන්ත්‍රණ සභාවේ පනත්වල ව්‍යවස්ථාපිතභාවය තීරණය කිරීම සඳහා ඒවා ව්‍යවස්ථා සභාවට යොමු කළ යුතුය. මෙයට අමතරව ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ මනාව පැවැත්වෙන බව ව්‍යවස්ථා සභාව විසින් සහතික කළ යුතු අතර ජාතික මන්ත්‍රණ සභාවේ සහ සෙනෙට් සභාවේ මැතිවරණ සම්බන්ධ මතභේද වලදී ව්‍යවස්ථා සභාවට තීරණ ගත හැක.

ඉන්දියාවේ ශේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරන්නේ ජාතික අධිකරණ කොමිසමේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. මෙම කොමිසම සමන්විත වන්නේ අගවිනිසුරු, වෙනත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකු, අධිකරණ ඇමති, සහ තවත් විද්වතුන් දෙදෙනෙකු ගෙනි. මේ විද්වතුන් දෙදෙනා පත් කරන්නේ අගමැති, විපක්ෂ නායක සහ අගවිනිසුරු ගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි. (ඉන්දියානු ව්‍යවස්ථාවේ 124 වන වගන්තිය)

දකුණු අප්‍රිකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ මතය විමසා අග්‍රවිනිශ්චයකාරවරයා සහ නියෝජ්‍ය අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. රටේ ඉහළම අධිකරණය වූ ව්‍යවස්ථා අධිකරණයේ අනෙකුත් සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ අධිකරණ සේවා කොමිසම මගින් ඉදිරිපත් කරනු ලබන නාමාවලියකින් තෝරා ගනු ලබන අය පිළිබඳව අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ ජාතික මන්ත්‍රණ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ මත විමසා බැලීමෙන් අනතුරුවයි. (දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ 174 වන වගන්තිය)

එබැවින් විවිධ රටවල රාජ්‍යයේ ඉහළ තනතුරු වලට නිලධාරීන් විශේෂයෙන්ම විනිසුරුවරුන් පත් කිරීමේ දී නොයෙක් සංවරණ සහ තුලන ක්‍රියාත්මක වේ. මෙරට 17 වන සංශෝධනයට පෙර මෙවැනි තත්ත්වයක් නොතිබිණි. 18 වන සංශෝධනය මගින් ඉවත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 19 වන සංශෝධනය මගින් නැවත ඇතිකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට කරන ද නිර්දේශයක් මත ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇත්නම් මිස,

අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්; අභියාචනාධිකරකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්; අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්; නීතිපතිවරයා; විගණකාධිපතිවරයා; පොලිස්පතිවරයා; පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා; සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත. මෙම ක්‍රියා පටිපාටිය ස්වාධීන කොමිෂන් සභා නවයක සාමාජිකයන් පත් කිරීමේදීද අදාළ වේ.

ව්‍යවස්ථාවට අදාළ මෙරට සහ පිටරට පූර්වාදර්ශ ඉහත දක්වා ඇත. බලය නිසි ලෙස භාවිතා කිරීම බලය දරන්නා ගේ යුතුකම සහ වගකීම වේ. 

 published in sunday anidda on 6/9/2020

https://www.samabima.com/?p=21545

හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි.

Tuesday, August 11, 2020

Challenges of remedying the Sri Lankan economy

 

The politicians and the Government servants of this country are concerned about the privileges they get and the people are concerned about the relief they get. All of them live by mortgaging the future generation – Pic by Shehan Gunasekara

 

The new government will have to face the serious task of reviving the economy. Those who governed the country after the independence, those who were in the opposition during that period and the people who have voted in the elections from the independence are responsible for the economic plight of the country. 

There is a Sinhala saying that the mansion is according to the devil. As a person who voted from 1977, I feel that I am also responsible for this. This article is written in that point of view.

The economy was already in a bad shape but it was aggravated after COVID-19. There were deficits, which means the expenses of the Government were more than its income, in the Government budget from the independence except for two years where M.D.H. Jayawardena was the Minister of Finance. The deficits were met by the domestic and foreign borrowings.

If the excessive expenses were of the capital nature and those investments generated adequate returns resulting in an expansion of the economy it would have been a gainful act since the burden would not have been felt when the debts were repaid. 

On the other hand, if the excessive expenses were of the recurrent nature which means the expenses for consumption or there are no adequate returns of the capital expenses it would be a burden to repay the debts. Sri Lanka faces this situation today. 



Budget deficits

Budget deficits keep on increasing at the election years in Sri Lanka. This is a common phenomenon under all the governments. In recent times it happened in 2015 as well. Although there were various arguments the prime reason for this was to bribe the voters officially. People also like this. That was the reason we had the promises such as bring rice even from the moon. There were such promises in this election as well.

The other main reason for a deficit budget is reduction of Government revenue. The main component of Government revenue is tax income. During the period of the government up to 2014 government revenue in relation to Gross Domestic Production (GDP) was dropped. At that time there were various concessions to the business community. 

The previous Government increased the taxes and took away certain tax concessions in order to consolidate the weakening fiscal situation of the country. Thereafter, the Government account started to improve but there were hardships to the business community. This Government has taken off the increase taxes and thereby the Government revenue dropped drastically prior to the COVID-19 disaster.

The Government gets around 80% of its tax income from indirect taxes whereas only 20% comes from direct taxes. The beggar as well as the affluent person equally pay the indirect tax. Direct taxes are paid by those who can pay. In India as well as in Singapore around 50% of the tax revenue is from direct taxes. The Government hopes to promote investments by reduction of direct taxes. It is to be investigated whether this hope was materialised. 

The Gini coefficient indicates the disparity of the income distribution of a country. An increase of Gini index means an increase of the disparity of income distribution. In 1988 Gini Index of Sri Lanka was 32 and in 2016 it was 39.8. In most of the countries other than Scandinavian countries the Gini Index is high. 

The most suitable economic model for Sri Lanka is social market economy which was accepted by the previous Government as a principle but was not implemented. The benefit of this is that there would be an adequate social cover for vulnerable segments such as unemployed and elderly people. The President sometime before assuming duties mentioned that he would follow socialist market economy. This is applicable for a country like China and not for us. 

The trade balance of the country is continuously unfavourable which means the import expenses are more than the export income. The deficit is met with the foreign reserves of the country. These foreign reserves are mainly comprising of the foreign loans. Export income dropped drastically during the government till 2014 and the previous government also failed to bring it back to the level it was.

Japan is the country which is having highest ratio of debt to GDP which is 237%. Japan is having a budget deficit as well which was very high previously and now it was brought down to the level of 3.7% in 2018. Japan from the government budget spends on social security, education and infrastructure soft and hard which facilitate their businesses. Majority of public debt of Japan is domestic debt since the domestic savings is high.

Japan is having an excess of the current account which includes the balance of the trade account. In 2017 the excess was second only to Germany. The reason for this is the export income and the foreign remittances. Therefore, the issue is when there are deficits in the government budget, trade balance or current account with excessive public debt. Sri Lanka is in such a situation. Another country in this category is Greece.



Public sector

The public sector of Sri Lanka is comparatively large. Government business entities incur losses due to undue political interference and inefficient management. Politicians continue to maintain these institutions to provide employment to their henchmen and to exercise power through these institutions. People want to get employment in those institutions through politicians without proper qualifications and due to so-called patriotism which was implanted in them by the very politicians. 

If the Government can sell these institutions by calling proper tenders or if those institutions can be managed by an independent authority which can ensure zero political influence the burden of those institutions to the Government budget can be minimised.

There are unnecessary appointments in Government departments as well. Those who govern and those who are governed equally like this situation. Those who govern give appointments with an eye of the elections. Those who are governed like public sector jobs since they are entitled to an un-contributory pension scheme and more importantly they can work less compared to the private sector. Some join the public sector by abandoning higher paying private sector jobs. This situation is a burden to the national economy.

The driving force of the national economy is the banks. The two largest banks in Sri Lanka, Bank of Ceylon and People’s Bank are State banks. These banks are inefficient compared to the private sector banks. The people of this country pay for this inefficiency and hiding behind that inefficiency the private banks earn profits. If the Government either privatises these two banks or ensures that those are run efficiently without political influence there will be a reduction of excessive profits of the banking industry in this country and it will be beneficial to the businesses and the people. 

Out of the top 10 companies in Sri Lanka there are four banks and out of the top 20 companies there are seven banks. In India corresponding figures are one and three and in United States it is one and two. In a progressive country there should be more manufacturing companies with in the top 10 or 20 companies, not banks. Out of those companies also the majority should be export companies. 



Doing business

If a country is to progress on the economic front there should be respect for the business entities of the people of that country. People of this country think that businesses are run by cheaters. They respect the officers of the armed forces or the medical officers more than the businessmen. 

Without uplifting the Small and Medium-scale Enterprises (SMEs) it would be difficult to uplift the economy of this country. Producing doctors or engineers or accountants alone would not be sufficient to take the economy forward since they are not the driving force of the economy. The Government and the various institutions should facilitate these SMEs and there should be due recognition form the people for them. This recognition does not come from a set who like to spend time in vain.

Foreign Direct Investments are not coming to the country due to the inefficient cluster of institutions, commission mafia, policy inconsistency and the perception of the absence of rule of law. Also, it would be disadvantageous for investors to come here for industries with low technology if the workers are paid comparatively higher salaries and they have the legal right to strike. Similarly, they would not invest in industries with high technology if the workforce is not competent enough to handle it. Therefore, they would go to Bangladesh or to Vietnam. Both countries were behind us. 

Universities in our country should produce not only academics but also professionals in various fields. Reactionary political parties and the student community do not promote modernisation of the universities. They even support ragging of the newcomers which eventually turns them into a bunch of imitators. Welivitiye Soratha Thero, the first Vice Chancellor of the Vidyodaya University, said that the students should be revolutionaries, of course ideologically. Education should take the lead in economic development.

The Government which was in power up to 2014 attempted to increase the economic growth by construction and services. It appears to be that the policy of the present Government is to restrict imports and promote local producers. There is no question that we need an economy based on production. However, it should not be associated with so-called patriotism.

Imports are needed for exports as well as for the products which cannot be manufactured here economically. Also, through the import restrictions there can be a promotion of inefficient industries which prevailed during the 1970-1977 era. Local industries should aim not only for the 20 million local market, they should aim for the unlimited export market as well. That is why exports are more important than import substitutions.

The entrepreneurs especially the SMEs pay less attention to the quality of the goods and services they produce. Some of them do away with long-term continuity of the businesses in exchange for short-term gains by sacrificing the quality. A country should produce entrepreneurs who preserve the quality of the goods and services produced by them.

In this hour a lot of people request strong leadership. Businesses cannot be promoted as fighting wars. For that there should be a change of attitudes of the people as well as a change of facilities provided by the Government and its policies. There should be a democratic approach for this since the so-called strong governments of this country ended up in making disasters for the country, the people and themselves.

The politicians and the Government servants of this country are concerned about the privileges they get and the people are concerned about the relief they get. All of them live by mortgaging the future generation. People should live to work rather than work to live. If working can be the passion of life a person can live to work. We need this type of people to uplift the economy. The Buddha lived to work and not worked to live.

published in DailyFT on 11 August 2020

http://www.ft.lk/columns/Challenges-of-remedying-the-Sri-Lankan-economy/4-704385

Monday, August 10, 2020

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ අභියෝග

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

විශාල බලයක් සහිතව අලුතෙන් පත් වෙමින් සිටින බව පෙනෙන නව ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන මූලික ගැටළුව වන්නේ ආර්ථික අර්බුදයයි. කොවිඩ් හේතුවෙන් බරපතල තත්ත්වයකට පැමිණ ඇති ආර්ථිකය ඊට පෙරද පැවතියේ අනතුරුදායක තත්ත්වයකය. 

මෙරට මුහුණදෙන ආර්ථික ගැටළුවට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියළුම දේශපාලන පක්ෂද පාර්ලිමේන්තුවේ සිටි විරුද්ධ පක්ෂද මෙරට ජීවත්වූ මැතිවරණ වලදී ඡන්ද බලය පාවිච්චි කළ සියළු ජනතාවද වග කිව යුතු වෙයි. විමානය සෑදෙන්නේ පෙරේතයා ගේ හැටියට යයි කියමනක් තිබේ.එබැවින්  ජනතාවට මේ වගකීමෙන් මිදිය නොහැක. වර්ෂ 1977 සිට ඡන්දය පාවිච්චි කළ පුරවැසියෙක් වශයෙන් එම වගකීමට මමද බැඳී සිටිමි. මේ ලිපිය ලියැවෙන්නේ එම දෘෂ්ටි කෝනයෙනි.

නිදහසෙන් පසුව වර්ෂ දෙකක හැර මෙරට රාජ්‍ය අයවැයේ හිඟයක් තිබුණි. එනම් රාජ්‍යයේ වියදම් ලැබෙන ආදායමට වඩා වැඩි වීමයි. මෙම හිඟය පියවා ගන්නේ දේශීය සහ විදේශීය ණය වලිනි. එම වැඩිපුර කරණ වියදම් ප්‍රාග්ධන වියදම් වන්නේ නම් සහ එම ආයෝජනයන් ගෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබී ආර්ථිකය ප්‍රසාරණය වන්නේනම් එය ලාභදායි කටයුත්තකි. මක්නිසාද යත් ණය ගෙවන විට එහි බරක් නොදැනෙන බැවිනි. එසේ නොමැතිව වැඩිපුර කරණ වියදම් පුනරාවර්තන හෙවත් පරිභෝජනය සඳහා කරණ වියදම් වන්නේ නම් හෝ ප්‍රාග්ධන ආයෝජනයන් ගෙන් බලාපොරොත්තු  ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් හෝ ඒ සඳහා ගන්නා ණය ගෙවීම අසීරු කාර්යයක් වනු ඇත. ශ්‍රී ලංකාව අද මුහුණ දී ඇත්තේ මෙම තත්ත්වයටයි.

මෙරට මැතිවරණ වර්ෂ වලදී අයවැය හිඟය වැඩිවේ. සැම රජයකම මෙම තත්ත්වයේ වෙනස් නොවේ. මෑත කාලයේදී 2015 වර්ෂයේදීද එය දැකගත හැකි විය. විවිධ තර්ක ඉදිරිපත් කළත් එයට ප්‍රධාන හේතුව වන්නේ මැතිවරණ ජයග්‍රහණය සඳහා ජනතාවට නිත්‍යානුකුල අල්ලස් දීමයි. ජනතාවද  මේ සඳහා කැමැත්තක් දක්වති.මැතිවරණ වලදී හඳෙන් හෝ හාල් ගෙනත් දීම වැනි පොරොන්දු එන්නේ ද ඒ අනුවයි. එවැනි පොරොන්දු මේ මැතිවරණයේදීද දක්නට ලැබුණි.

අයවැය හිඟයට හේතුවන තවත් ප්‍රධාන කරුණක් වන්නේ අඩුවන රාජ්‍ය ආදායමයි. රාජ්‍ය ආදායමේ ප්‍රධාන සංඝටකයක් වන්නේ බදු ආදායමයි. වර්ෂ 2014 දක්වා පැවති ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ආදායම දළ දේශීය අදායමට සාපේක්ෂව පහත වැටුණි. එකල ව්‍යාපාරිකයන්ට බොහෝ බදු සහන විය. පසුගිය ආණ්ඩුව මගින් යම් බදු සහන අහෝසි කර බදු වැඩි කරණ ලදී. මේ මගින් රාජ්‍ය ආදායම වැඩිවී රාජ්‍ය ගිණුම් වල තත්ත්වය යහපත් වීමට ආරම්භ වූ නමුත් ව්‍යාපාර වලට අපහසුතා ඇතිවිය. මෙම රජය මගින් නැවත බොහෝ බදු අහෝසි කිරීම මගින් රාජ්‍ය ආදායම පහත වැටුණි.  

රාජ්‍ය බදු වලින් 80% ක් පමණ ලැබෙන්නේ වක්‍ර බදු මගිනි. ඍජු බදු මගින් ලැබෙන ප්‍රමාණය 20% ක් පමණය.වක්‍ර බදු එනම් පරිභෝජනය මත පනවන බදු හිඟන්නා ද ධනපතියාද විසින් එකසේ ගෙවනු ලැබේ. ඍජු බදු ගෙවන්නේ ගෙවීමට හැකියාව ඇති අය පමණි. සිංගප්පුරුවේ ද  ඉන්දියාවේ ද රාජ්‍ය බදු ආදායමෙන් 50%ක් පමණ ලැබෙන්නේ ඍජු බදු වලිනි. ඍජු බදු අඩු කිරීමෙන් රජයක් බලාපොරොත්තුවන්නේ බදු ගෙවන්නන් විසින් කරනු ලබන ආයෝජන දිරි ගැන්වීමයි. මෙම බලාපොරොත්තුව ඉටුවී ඇත් දැයි විමසා බැලිය යුතුය.

රටක ආදායම් බෙදී යාමේ විෂමතාව ගිනි දර්ශකය මගින් පෙන්වනු ලැබේ. ගිනි දර්ශකය වැඩිවීම මගින් රටේ ආදායම අසමාන ලෙස බෙදී යාමේ වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ මෙය 2016 දී  39.8 ක් වූ අතර 1988 දී එය  32 ක් විය. ස්කැන්ඩිනේවියානු රටවල් හැර ලෝකයේ බොහෝ රටවල් වල ගිනි දර්ශකය වැඩි අගයක් ගනී. අපට වඩාත් උචිත වන්නේ පසුගිය රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් එනමුත් ක්‍රියාත්මක නොකළ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකි. ඒ මගින් සමාජයේ අවවරප්‍රසාදිත විශේෂයෙන් රැකියා විරහිත සහ වියපත් සමාජ කොටස් වලට සහන සැලසේ. ජනාධිපතිවරයා පදවිප්‍රාප්ත වීමට පෙර කලකට ඉහතදී අනුගමනය කරණ බව කී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකය අදාල වන්නේ චීනය වැනි රටවලටයි, අපට නොවේ.

එමෙන්ම මෙරට වෙළෙඳ  ගිණුම දිගින් දිගටම අවාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම්   රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිය.  මෙම හිඟය ප්‍රතිපූරණය කරන්නේ රටේ ඇති විදේශ සංචිත මගිනි. මෙම විදේශ සංචිත බොහෝවිට සමන්විත වන්නේ විදේශ වලින් ණයට ගන්නා මුදල් වලිනි. අපනයන ආදායමද 2014 දක්වා පැවති රජය කාලයේ අවවර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය රජයද එය පෙර පැවති තත්ත්වයට වර්ධනය කිරීමට අසමත් විය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රාජ්‍ය ණය වැඩිම රට ජපානයයි. එය 237% කී. ජපානයේ අයවැය හිඟයක් ද ඇත. එය අතීතයේ යම් වර්ෂ වල 8% මට්ටම දක්වා ඉහළ ගිය අතර  වර්ෂ 2018 දී 3.7% ක් විය. ජපානය රාජ්‍ය අයවැයෙන් සමාජ ආරක්ෂනයටද අධ්‍යාපනයටද වෙනත් පොදු වැඩ වලටද වියදම් කරමින් ව්‍යාපාර සඳහා මෘදු සහ දෘඪ යටිතල පහසුකම් සලසා දෙයි. එරට රාජ්‍ය ණයෙන් විශාල ප්‍රමාණයක් දේශීය ණය වේ.  ජපානය වෙළෙඳ ශේෂයද ඇතුළත් වන ජංගම ගිණුමේ ශේෂයේ  විශාල අතිරික්තයක් පෙන්වන රටකි. 2017 දී එය දෙවැනි වූයේ ජර්මනියට පමණි. මෙයට හේතු වන්නේ දියුණු ව්‍යාපාර වලින් ලැබෙන අපනයන ආදායම සහ විදේශීය ප්‍රේෂණ යි. එබැවින් ප්‍රශ්ණය වන්නේ වෙළෙඳ ශේෂයද අයවැය හිඟයද රාජ්‍ය ණයද අවාසි සහගත වන විටය. ශ්‍රී ලංකාව එවැනි රටකි.එවැනි තවත් රටක් නම් ග්‍රීසියයි.

මෙරට රාජ්‍ය අංශය අසාමාන්‍ය ලෙස විශාලය. අකාර්යක්ෂම කළමණාකරණය සහ අනවශ්‍ය දේශපාලන මැදහත්වීම් නිසා රාජ්‍ය අංශයේ ව්‍යාපාර පාඩු ලබයි. දේශපාලනඥයන් මේ ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ තම හිතවතුන්ට රැකියා දීම සඳහා සහ තමන්ගේ බලය ඒ මගින් පවත්වා ගෙන යාම සඳහා ය. ජනතාව මේ ව්‍යාපාර විකිනීමට විරුද්ධ වන්නේ තමන්ට දේශපාලනඥයන් හරහා සුදුසුකම් වලින් තොරව ඒවායේ රැකියා ලබා  ගැනීමට ඇති අවශ්‍යතාව සහ එම දේශපාලනඥයන් විසින්ම තමන් වෙත ආරෝපණය කරණ ලද ඊනියා දේශප්‍රේමය නිසාය. රජය විසින් මේවා ටෙන්ඩර් කැඳවා විකුණා දැමීම මගින් හෝ සිංගප්පුරුවේ මෙන් සම්පූර්ණ ස්වාධීන ආයතනයක් මගින් පාලනය කිරීමෙන් හෝ මෙම තත්ත්වය සමනය කර ගත හැක. එමගින් රාජ්‍ය අයවැයට වන බලපෑම අවම කර ගත හැක.

රාජ්‍ය දෙපාර්තමේන්තු වල ද අනවශ්‍ය ලෙස සේවක පත්වීම් දක්නට ලැබේ. පාලකයෝ ද පාලිතයෝ ද මේ තත්ත්වයට කැමැත්තක් දක්වති. පාලකයන් මැතිවරණ බලාපොරොත්තුවෙන් පත්වීම් දෙන අතර පාලිතයන් එනම් ජනතාව රාජ්‍ය සේවයේ තිබෙන විශ්‍රාම වැටුපත් එම සේවයට ඇතුළත් වීම තුළ පුද්ගලික අංශයට සාපේක්ෂව නිකරුනේ කාලය ගත කිරීමට ඇති හැකියාව නිසාත් රාජ්‍ය සේවයේ රැකියාවකට කැමතිවෙති. සමහරු වැඩි වැටුප් ලබන පුද්ගලික අංශයේ රැකියා අතහැර රාජ්‍ය අංශයට එකතු වෙති. මෙම තත්ත්වය ජාතික ආර්ථිකයට බරකි.

රටේ ආර්ථිකය දුවවන ගාමක බලය රටේ ඇති බැංකු වලින් සපයනු ලැබේ. මෙරට ඇති විශාලතම බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව රාජ්‍ය ආයතන වේ. ඒවායේ කටයුතු කෙරෙන්නේ සාපේක්ෂ වශයෙන් අකාර්යක්ෂම ලෙසය. මේ අකාර්යක්ෂමතාවට ගෙවනු ලබන්නේ රටේ ජනතාවයි. එමෙන්ම එයට මුවා වී අවශේෂ බැංකු විසින්ද ලාභ ලබනු ලැබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව කාර්යක්ෂම ලෙස පවත්වා ගනු ලැබුව හොත් හෝ පුද්ගලීකරණය කළහොත් හෝ මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ඇති අසාමාන්‍ය ලාභ අඩුවී ව්‍යාපාර වලට සහ ජනතාවට සෙත සැලසෙනු ඇත. මේ රටේ පළමු කොම්පැනි 10 තුළ බැංකු  4 ක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ බැංකු  7 ක් තිබේ. ඉන්දියාවේ පළමු කොම්පැනි 10 තුළ ඇත්තේ එක බැංකුවකි, පළමු කොම්පැනි 20 තුළ බැංකු 3 ක් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු කොම්පැනි 10 තුළ එක බැංකුවක් ඇති අතර පළමු කොම්පැනි 20 තුළ ඇත්තේ බැංකු දෙකක් පමණි. ඉදිරිගාමී රටක පළමු කොම්පැනි 10  හෝ  20 හෝ තුළ වැඩි ප්‍රමාණයක් තිබිය යුත්තේ නිෂ්පාදන ආයතනයි, බැංකු නොවේ. ඒවායිනුත් බහුතරය අපනයන ව්‍යාපාර විය යුතුය.  

රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් එරට ව්‍යාපාර කෙරෙහි ජනතා ගෞරවයක් සහ පිළිගැනීමක් තිබිය යුතුය. මෙරට ජනතාව සිතන්නේ ව්‍යාපාර කරනු ලබන්නේ වංචනිකයන් විසින් බවය. ඔවුන් ව්‍යාපාරිකයාට වඩා හමුදා නිලධාරියාට හෝ වෛද්‍යවරයාට හෝ ගරු කරති. රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමෙන් තොරව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අසීරු වනු ඇත.  වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් හෝ ගණකාධිකාරීන් හෝ ඇති කිරීමෙන් පමණක් ආර්ථිකය ඉදිරියට ගමන් නොකරයි. මක්නිසාද යත් ඔවුන් ආර්ථිකයේ ගාමක බලවේගය නොවන නිසාය. මේ සඳහා රජය විසින් සහ විවිධ ආයතන විසින් පහසුකම් සැලසිය යුතු අතර මෙම කුඩා ව්‍යාපාර වලට මනා පිළිගැනීමක් ජනතාව කෙරෙන් ලැබිය යුතුය. නිකරුනේ කාලය ගත කිරීමට කැමති පිරිසක ගෙන් මෙම පිළිගැනීම නොලැබේ.

මෙරට ඇති අකාර්යක්ෂම ආයතන පද්ධතිය,  කොමිස් පද්ධතිය, රාජ්‍ය ප්‍රතිපත්ති වල අස්ථායි ස්වභාවය සහ නීතියේ අධිපත්‍යය පිලිබඳ විශ්වාසයක් නොමැති වීම  තුළ විදේශ ආයෝජන මෙරටට පැමිණීම සීමාවී ඇත. එමෙන්ම සාපේක්ෂව වැඩි වැටුප් ලබන වැඩ වැරීම සඳහා නීතිමය සහන සහිත ශ්‍රම බලකායක් සිටින රටක අඩු තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. තාක්ෂණ දැනුමෙන් නොපිරිපුන් ශ්‍රම බලකායක් සිටින රටක වැඩි තාක්ෂණයක් සහිත ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම අවාසි සහගතය. එබැවින් ආයෝජකයෝ මෙරටට නොපැමිණ බංග්ලා දේශයට හෝ වියට්නාමයට හෝ යති. කලකට පෙර ඒ දෙරටම සිටියේ අපට පසුපසිනි.

අපේ රටේ විශ්ව විද්‍යාල මගින් ශාස්ත්‍රඥයන් මෙන්ම වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර වල වෘත්තීයවේදින්ද බිහි කළ යුතුය. පසුගාමී දේශපාලන පක්ෂ සහ ශිෂ්‍ය ප්‍රජාව විසින් විශ්ව විද්‍යාල නවීකරණය කිරීමට එරෙහිව කටයුතු කරනු ලැබේ. සිසුන් අනුකාරක අහිනක් බවට පත්කරන නවක වධය ටද ඔවුහු පක්ෂපාත වෙති. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වැලිවිටියේ සෝරත හිමියෝ විශ්ව විද්‍යාල සිසුන් විප්ලවකාරී විය යුතු බව කිහ. ඒ මතවාදී වශයෙනි.  ආර්ථික සංවර්ධනයේ පෙරමුණ ගත යුතු වන්නේ අධ්‍යාපනයයි.

ආර්ථික වර්ධනය ඉදිකිරීම් මගින් සහ සේවා මගින් ලබා ගැනීමට 2014 දක්වා පැවති රජය උත්සාහ කළ අතර පසුගිය රජය රාජ්‍ය අයවැය ස්ථාවර කිරීම සඳහා කටයුතු කළේය. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ආනයන සීමා කර දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම බව පෙනෙන්නට තිබේ. අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය මූලික කරගත් ආර්ථික ක්‍රමයක් බවට විවාදයක් නැත. එහෙත් එයට ඊනියා දේශප්‍රේමය ගාවා ගත යුතු නැත. අපනයන සඳහා සහ මෙරට ආර්ථික වශයෙන් සාර්ථකව නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ සඳහා ආනයන ද අවශ්‍ය වේ. එමෙන්ම 1970 -1977 කාලයේ තිබුනා වැනි  අකාර්යක්ෂම ව්‍යාපාර ආනයන සීමාව හරහා දිරි ගැන්වේ. මෙරට ව්‍යාපාර නිෂ්පාදනය කළ යුත්තේ මිලියන 20 ක් වන මෙරට වෙළෙඳපොළ සඳහා පමණක් නොවේ. අසීමිත වූ ලෝක වෙළෙඳපොළ සඳහාය. මෙරට වෙළෙඳපොළ සඳහා වන ආනයන ආදේශන ද වැදගත් නමුත් අපනයන වඩාත් වැදගත් වන්නේ එනිසාය.

මෙරට ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරණ භාණ්ඩ සහ සේවා වල ගුණාත්මකභාවය පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි. ඔවුන්ගෙන් සමහරු කෙටි කාලීන ලාභ උදෙසා ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම මගින් ව්‍යාපාරය තුළින් තමන්ට දීර්ඝ කාලීනව ලැබිය හැකි ලාභ අතහැර දමති. රටක් බිහිකළ යුත්තේ තමන් නිෂ්පාදනය කරණ භාණ්ඩ වල ගුණාත්මකභාවය සුරකින ව්‍යාපාරිකයන්ය.

බොහෝ දෙනකු විසින් ශක්තිමත් නායකත්වයක් ඉල්ලා සිටිනු දක්නට ලැබේ. යුද්ධ කරන්නාක් මෙන් ව්‍යාපාරද ආර්ථිකයද ප්‍රවර්ධනය කළ නොහැක. ඒ සඳහා ජනතාවගේ ආකල්ප වල වෙනසක්ද රජය මගින් සලසන පහසුකම් සහ ප්‍රතිපත්ති වල වෙනසක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් අපේ රටේ තිබුණ ඊනියා ශක්තිමත් ආණ්ඩු කෙළවර වූයේ රටටද ජනතාවටද පාලකයන්ටද විනාශයන් අත් කර දෙමින් බැවිනි.

මේ රටේ දේශපාලකයන් සහ  රාජ්‍ය සේවකයන් තමන්ට ලැබෙන වරප්‍රසාද ගැනද  ජනතාව තමන්ට ලැබෙන සහන ගැනද සැලකිලිමත් වෙති. මේ සියළුම දෙනා ජිවත් වන්නේ අනාගත පරපුර උගසට තබා ය. “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී.හිඟා කෑම බැරි වුන තැන ලගී ගයා මර ගී” යනුවෙන් කීහ, කුමාරණතුංග මුනිදාසයෝ. ජීවත්වීම සඳහා වැඩ කිරීම නොව වැඩ කිරීම සඳහා ජිවත්විය යුතුය. වැඩකිරීම ජිවිතයේ ලලාසාව හෝ අභිප්‍රාය හෝ  බවට පත්වූවිට වැඩ කිරීම සඳහා ජිවත්විය හැක. රටක ආර්ථිකයක් නැංවීම සඳහා මෙවැනි මිනිසුන් කොටසක් අවශ්‍ය වේ. නිකමුන් පිරිසක් සමඟ ආර්ථිකයක් නැංවිය නොහැක. බුදුන් වහන්සේ වැඩ කලේ ජීවත්වීම සඳහා නොවේ, ජීවත්වූයේ වැඩ කිරීම සඳහාය.

Published in Colombo Telegraph on 7 August 2020

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-6-august-2020/