Thursday, December 21, 2023

මෙය මැතිවරණ අයවැයක්ද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

මෙම අයවැය සම්බන්ධව බොහෝ විවේචන එල්ල වෙමින් තිබේමෙය මැතිවරණ අයවැයක් බවද දිගින් දිගටම කෙරෙන ණය ගැනීම් වලින් සමන්විත අයවැයක් බවද මෙහි ඇත්තේ විකිණීමබදු ගැසීම සහ ණය  ගැනීම  පමණක් බවද ප්‍රකාශ වේ. අයවැයේ සාරාංශය ගෙන බලන විට පෙනීයන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව සකසන ලද අයවැයක් බවයමෙහි දක්වා ඇති පළමුවන වගුවේ තොරතුරු ගත්තේ අයවැය කතාවේ ඇමුණුම I සහ ඇමුණුම II හි ඇති තොරතුරු අනුවයමෙම සංඛ්‍යා වල සුළු පරස්පරතාවක් තිබේ. 

වගුව අනුව සමස්ත ආදායම රුබිලියන 4,164ක් වන අතර පොලී ගෙවීම් හැර මුළු වියදම රුබිලියන  4,358කිමෙම සංඛ්‍යා දෙකෙහි වෙනස හෙවත් ප්‍රාථමික ගිණුමේ හිඟ  ශේෂය රුබිලියන 194 කිමුල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2024 දී ප්‍රාථමික ගිණුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක අතිරික්තයක් විය යුතුයඑනමුත් මෙම අගය ද.දේ.නියෙන් 0.6%ක හිඟයකිබැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම් වල ඇතුලත් කර ඇති රුබිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේමෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ නොවේජාත්‍යන්තර මූල්‍ය අරමුදලයිමෙම රුබිලියන 450 ඉවත් කළ විට ප්‍රාථමික ගිණුමේ ශේෂය දදේනියෙන් 0.8%ක් වන අතර එය මූල්‍ය අරමුදලේ ඉලක්කය සමඟ සමපාත වේ. 

රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය රනිල් වික්‍රමසිංහ මෙවර මුදල් ඇමති වී ඉදිරිපත් කළ 2022 අතුරු අයවැයේ ද සඳහන් වියඑය මූල්‍ය අරමුදල සමඟ එකඟවූ  කොන්දේසි වලද ඇතුලත්යඔහු විසින් අතුරු අයවැයෙන් යෝජනා කළේ රාජ්‍ය බැංකු වල කොටස් වලින් 20%ක් බැංකුවල සේවකයන්ට සහ තැන්පත්කරුවන්ට ලබා දෙන බවයිරාජ්‍ය මුදල් වලින් කොටසක් ප්‍රති ප්‍රාග්ධනීකරණයට යොදවා ඉන් පසුව බැංකු වල කොටස් වලින් 20%ක් පුද්ගලීකරණය කිරීමට බලාපොරොත්තු වන බව පෙනෙන්නට තිබේඑය පැහැදිලි නැතරක්ෂණ සංස්ථාව සහ අර්ථසාධක අරමුදල වැනි ආයතන හරහා රජය විසින් සතුකර ගෙන තිබෙන වාණිජ බැංකු කොටස් විකිණීමෙන් ලැබෙන මුදලින් රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණයට දායක විය හැකඑසේ නැතිනම් මෙම රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඒවායේ කොටස් වලින් 20% කොටස් වෙළෙඳ පොළේ විකිණිය හැක. 

 ආණ්ඩුව එසේ කිරීම පමා කරන්නේ මෙරට ඇති පසුගාමී අමනොඥ ජනතා චින්තනය වන ඊනියා රාජ්‍ය සම්පත් රජය වෙතම තබාගෙන සිටීමට අනුගත වීමක් ලෙසයමෙම පසුගාමී ජනතා චින්තනය මෙම රාජ්‍ය සම්පත් කෙරෙහි සිය බලය පැතිරවීමට දේශපාලනඥයන්ගේ ඇති කැමැත්ත වටහා ගෙන නොමැතමෙම ඊනියා ජනතා චින්තනය විසින් කරනු ලබන්නේ දේශපාලනඥයන්ට සොරකම් කිරීමට අවස්ථා විවර කරවා දූෂිත වී ඇති රාජ්‍ය සේවයේද සමස්ත සමාජයේද වරද නැවත දේශපාලනඥයන් පිට පැටවීමයි.

එයට අමතරව රාජ්‍ය බැංකු වලට මේ තත්ත්වයට වැටීමට සිදුවූයේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සමාගමවිදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වල මුදල් ණයට දීමට සිදුවීම නිසායජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව අයවැය කථාවේ සඳහන් කර ඇතවිදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වූයේ අකාර්යක්ෂමතාවන්ට අමතරව ඒවායේ නිෂ්පාදනනිෂ්පාදන මිලට වඩා අඩුවෙන් ජනතාවට විකිනීමට සිදුවූ නිසායගුවන්  සමාගමේ පාඩු වලට තනිකරම වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි.  මක්නිසාද යත් පුද්ගලීකරණය කර තිබූ ගුවන් සමාගම පුද්ගලික අභිමතාර්ථයන් සඳහා නැවත රජයට පවරා ගැනීමට කටයුතු කළ බැවිනිඒ අර්ථයෙන් ඔහු ආර්ථික ඝාතකයෙකිරනිල් වික්‍රමසිංහද මෙවර අගමැතිවූ සැණින් ජාතිය අමතා කථා කරමින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන බව කියා සිටියේයඔහු සහ මේ සඳහා ඔහු විසින් පත් කල කොමිසම තවමත් මන්ද ගාමී ලෙස ඉදිරියට යතිවර්ෂ 2022දී අලාභ ලැබූ රාජ්‍ය ව්‍යවසාය 13 සමස්ත අලාභය රුබිලියන 1029කිඉන් බිලියන 1023ක් එනම් 99.3%ක් විදුලි බල මණ්ඩලයේ , ඛනිජ තෙල් සංස්ථාවේ  සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අලාභය. 

වගුවේ ඇති අනෙක් කරුණු වලට අනුව අයවැය හිඟය රුබිලියන 2,845කිඅයවැය හිඟය යනු රජයේ මුළු අදායමෙන් පොලී ගෙවීම ඇතුළුව මුළු වියදම අඩු කිරීමෙන් ලැබෙන ශේෂයයිමෙය ද.දේ.නියෙන් 9.1 ක හිඟයකිඉහත දැක්වූ බැංකු  ප්‍රති ප්‍රාග්ධනීකරණය ඉවත් කළ හොත් අයවැය හිඟය ද.දේ.නි.යෙන් 7.6% කිමෙම අගය වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව 8.5%කිවර්ෂ 2022 දී 10.2%කිමේඅනුව අයවැය හිඟය අනුක්‍රමයෙන් අඩුවෙමින් යයි. 

අයවැයේ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව රුබිලියන 7,350කිඑයින් රුබිලියන 6,919ක් එනම් ගන්නා ණයෙන් 94%ක් වැය වන්නේ   ගත්  ණය වල පොලී සහ ණය වාරික ගෙවීමටයිඑබැවින් මේ ණය ගැනීමට විරුද්ධව මත පල කරන්නන්ගේ මත හිස් ප්‍රලාප බවට පත්වේ.

එබැවින් අයවැය සංඛ්‍යා ලේඛන අනුව මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි වලට අනුගතය.ප්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ. 

මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2023දී බදු ආදායම රුබිලියන 2,949ක් විය යුතුයවර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව එම ආදායම රුබිලියන 2,596කිමේ අනුව 2023 වසරේ බදු ආදායමේ රුබිලියන 353ක හිඟයක් පවතීමූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව 2024දී VAT බද්ද වැඩි කිරීමක් නැතඑකඟ වී තිබුණේ VAT බද්ද පුළුල් කිරීම සහ SVAT ක්‍රමය නැති කිරීමයි. SVAT යනු  අපනයන ව්‍යාපාරිකයන්ට භාණ්ඩ සපයන ව්‍යාපාරිකයන් එම ගනුදෙනු සඳහා VAT බද්දෙන් නිදහස් කිරීමයිඅපනයන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත ආණ්ඩුව ලබන වසරේදී SVAT ඉවත් නොකරනු ඇතමේ අනුව බදු ආදායම් වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් VAT බද්ද ලබන ජනවාරි සිට 15% සිට 18% දක්වා 3%කින් වැඩිකර ඇත.   

ආණ්ඩුවේ අයවැය ඇස්තමේන්තු අනුව VATබද්දෙන් වර්ෂ 2024 ලැබෙන ආදායම රුබිලියන 2,235කිවර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම මුදල රුබිලියන 1,376කිමේ අනුව 2024 දී රුබිලියන 859 ක අමතර මුදලක් VAT වෙනුවෙන් ලැබේආදායම් බදු වෙනුවෙන් නොගෙවන්නන් හඹා යාමටත් අමතර බදු ලිපිගොනු විවෘත කිරීමටත් වඩා මෙය පහසු කටයුත්තකිජනාධිපති වරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා 50 ට වියදම් වන මුළු මුදල රුබිලියන 212කිරජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමට වියදම වන්නේ රුබිලියන 133 කිවෙනත් වැඩිහිටිඅබාධිත සහ වකුගඩු රෝගීන්ට ගෙවන මුදල ඇතුළු අස්වැසුම සඳහා තුන් ගුණයකින් වැඩිවූ මුදල රුබිලියන 205 කි. VAT බද්ද වැඩි කිරීමෙන් මේ සියල්ල පියවා ගත හැකි මුදලක් ලැබෙතැයි රජය ඇස්තමේන්තු කරයි. 

වඩාත් අපහසු බදු පදනම පුළුල් කිරීමේ කාර්ය භාරයට අතිරික්ත රජයේ සේවකයන් යොදවා හෝ අත ගැසිය යුතුයවර්ෂ 2024 ඇස්තමේන්තු අනුව මුළු බදු ආදායමෙන් ඍජු බදු හෙවත් ආදායම් බදු වලින් ලැබෙන ප්‍රතිශතය 28% කිවර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙය 33% කිවර්ෂ 2022 දී මෙය 30%කිමෙම ප්‍රතිශතය ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ප්‍රයෝගික වශයෙන්ද වැඩි කිරීම බදු ආදායම වැඩි කිරීම සඳහා වන  රජයේ ක්‍රියා මාර්ගය විය යුතුය.

මෙවර අයවැය යෝජනා 50 කට මුදල් වෙන් කර තිබේවෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද විමර්ශනයකින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තොරතුරු ප්‍රතිශතයක් ලෙස දෙවන වගුවේ දැක්වේ. (www.publicfinance.lk) වර්ෂ 2017 සිට 2022 දක්වා ඉදිරිපත් කල අයවැය යෝජනා වලින් ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් අවසන්), බොහෝ දුරට ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 66%-80% ප්‍රමාණයක් අවසන්), තරමක් දුරට ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 33%-66% ප්‍රමාණයක් අවසන්), සුළු වශයෙන් ඉටු කරන ලද (කාර්ය භාරයෙන් 33% කට අඩු ප්‍රමාණයක් අවසන්), ඉටු නොකරන ලද (කිසිවක් කර නොමැතිසහ දැන ගැනීමට නොමැති (තොරතුරු කිසිවක් නැතයනුවෙන් දක්වා ඇතමෙම තොරතුරු වර්ෂ 2023 ජුනි වන විට එම වර්ෂය සඳහා 8% ක් ඉටුවෙමින් තිබෙන, 24% ක් ඉටුවීම ප්‍රමාද වන සහ 68% ක් දැන ගැනීමට නොමැති වශයෙන් වර්ග කර ඇත.

මෙම තත්ත්වය සමතික්‍රමණය කිරීම සඳහා රාජ්‍ය මුදල් පාලන බලය හිමි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතු යයි සිතමි.

අයවැයේ ආදායම් ඉලක්ක සාධනීය නොවන බවට මත පලවී තිබේෆිච් රේටින්ග්ස් ආයතනය දැනටමත් ඒ බව නිවේදනය කර තිබේමෙය ඇත්තකිවර්ෂ 2023 සශෝධිත ඇස්තමේන්තු මුල් ඇස්තමේන්තු සමඟ සංසන්දනය කල විට ආදායමේ 16.7%ක අඩුවීමක් තිබේ. VATආදායම  21.95%ක අඩුවීමක් පෙන්නුම් කරන අතර ආදායම් බදු 5.26% ක අඩුවක් පෙන්නුම් කරයිමෙම අඩුවීම් සමනය කිරීම සඳහා ආණ්ඩුව වියදම් ඇස්තමේන්තු අඩු කර ඇතබරපතල අඩුවීමක් පෙන්නුම් කරන්නේ ප්‍රාග්ධන වියදම්යඑය 35.9%කිපොලි ගෙවීම් අඩු කල නොහැකවැටුප් හා වේතන වියදම් අඩුවී ඇත්තේ 1.6% කිනි. 

එබැවින් සිදුවිය හැක්කේ රුමිලියන 400ක් වෙන්කර ඇති අනුරාධපුර මහා විහාර විශ්ව විද්‍යාලය වැනි සුරංගනා යෝජනා ආදායම අඩුවන විට පෑල දොරෙන් විසිවී යාමයිවෙරිටේ රිසර්ච් ආයතනයට මෙය දැනගැනීමට නොමැති වශයෙන් වර්ග කල හැක. 20 කට වැඩි අයවැය යෝජනා වලට මුදල් ප්‍රතිපාදන නැතඒවා කෙලින්ම දැනගැනීමට නොමැති වශයෙන් වර්ග කල හැකආණ්ඩුවට පඩි වැඩිවීම එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතප්‍රශ්නය වන්නේ ප්‍රාග්ධන වියදම් අඩුවීමට ඇති ප්‍රවනතාවයි.

සමස්තයක් වශයෙන් අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත් බවට සාධක නොමැතමක්නිසාද යත් පෙර මැතිවරණ වර්ෂ වල මෙන් ජනතාවට සහන දීම සඳහා මුදල් ණයට ගෙන නොමැති අතර සහන දී ඇත්තේ ජනතාවගෙන්ම අය කර ගන්නා VAT බද්ද මගින් වීමයිමෙය මැතිවරණයක් ඉලක්ක කර ගත්තේ නම් රජයට මැතිවරණයේදී වැඩි කල VAT බද්ද වෙනුවෙන් ජනතාවට උත්තර බැඳීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරයා තම කාලය සම්පුර්ණයෙන් රටේ ආර්ථික වර්ධනය සඳහා යොදවන බැවින් ඊලග ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේද යන්න ගැන තවම තීරණයක් ගෙන නොමැති බව පසුගියදා ප්‍රකාශ කර  තිබුණිඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් බියක් සැකක් නැතිව රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතිරිවී ඇති කාලය තුල සිදු කළ හැකමෙම ප්‍රතිසංස්කරණ වන්නේ පුද්ගලීකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය විනිවිද භාවයකින් යුතුව පුද්ගලීකරණය කිරීමරාජ්‍ය ආදායම් අධිකාරියක් ඇතිකිරීමරාජ්‍ය කටයුතු ඩිජිටලීකරණය කිරීම(මෙයට අයවැය ප්‍රතිපාදන ඇත.), කාර්ය සාධක නිර්ණායක රජයේ සේවකයන්ට හඳුන්වා දීමසරත් පොන්සේකා යුද සමයේ කළාක් මෙන් උසස්වීම් ජ්‍යෙෂ්ටතාව මත දීම නැවැත්වීමවිදේශ ආයෝජන පැමිණීමට අවශ්‍ය වාතාවරණය සැකසීමපොරොන්දු වූ අපනයන කලාප ඇතිකිරීම ඉක්මන් කිරීමසහ සුදුසු රටවල් සමඟ වාසි දායක කොන්දේසි යටතේ ඉක්මනින් ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් වලට එළඹීම වේමේ රටේ දක්ෂිණාංශික හෝ වාමාංශික හෝ ජනප්‍රිය ජනාධිපතිවරයකුට මෙම යෝජනා ක්‍රියාත්මක කළ නොහැකමෙම යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් ඒවායේ ප්‍රතිඵල ලැබෙන විට රට වැසියන්ගේ සිත් වල සදාකල් ජීවත්වීමට ඔහුට හැකිවනු ඇත.

(published in Colombo Telegraph on November 16, 2023 and in Samabima supplement in Anidda newspaper.)

Print Friendly, PDF & Email

No comments:

Post a Comment