Friday, January 20, 2023

මානව හිමිකම් හමුවේ ආණ්ඩුව නාවන්න ගෙනියන බල්ලා වැනිය

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

එක්සත් ජාතින් ගේ මානව හිමිකම් කවුන්සිලය (මෙය මින්පසු මෙම ලිපියේ කවුන්සිලය ලෙස හඳුන්වනු ලැබේ) විසින්  කරනු ලබන සර්ව කාලාන්තර සමාලෝචනය යටතේ පරදු පාර්ශ්වයන් විසින් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඉදිරිපත් කරන ලද කරුණු වල සාරාංශගත වාර්තාවක් 2022 නොවැම්බර් 7 වන දින නිකුත් කරන ලද අතර ඒවායේ කරුණු ද විමසා බලා මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව 2022 නොවැම්බර් 14 දින නිකුත් කරන ලදී. ඒවාට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජයේ වාර්තාව 2022 දෙසැම්බර් 30 වන දින නිකුත් කරන ලදී. මෙම වාර්තා සමුළුවේ වෙබ් පිටුවේ අඩංගු වේ. මේ පිලිබඳ සමාලෝචනයක් කවුන්සිලය විසින් 2022 පෙබරවාරි පළමුවන දින පෙරවරු 9 සිට දහවල් 12.30 දක්වා සිදු කරනු ලැබේ. මෙය සිව් වැනි කාලාන්තර සමාලොචනයයි.

මෙය හුදු චාරිත්‍රයක් බවට පත් වෙමින් තිබේ. පුළුල් වශයෙන් රටේ මහජනතාවට සිය අයිතිවාසිකම් පිලිබඳ අවබෝධයක් නොමැත. ඔවුන්ගේ සංස්කෘතිය සකස් වී තිබෙන්නේ බල අධිකාරියකට අනුගත වන ආකාරයටය. කීකරු දරුවන් හොඳ දරුවන් ලෙස දෙමාපියන් සහ ගුරුවරුන් විසින් හඳුන්වනු ලබන අතර සිද්ධාර්ථ ගෞතම වැනි සම්මතයට එරෙහි වන අකීකරු දරුවන් හොඳ දරුවන් නොවේ. මොවුන් රැකියා කිරීමේදී තමාට ඉහළ නිලධාරීන්ගේ විධානයන්ට අනුව කටයුතු කරති. ඔවුන් ඉහළ නිලධාරීන්ට සිය මතය ඉදිරිපත් කරන්නේ හෝ ඉහළ නිලධාරීන් ඔවුන්ගේ මතය විමසන්නේ හෝ නැත. පුරවැසියන් බොහෝ දෙනෙක් මෙවැන්නෝ වෙති. 

රටේ ජනතාවගේ මානව හිමිකම් ගැන උනන්දු වන සක්‍රිය පුරවැසියන්ට සිය ක්‍රියාවලිය දිගටම පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන මූල්‍යාධාර බටහිර විවිධ ආයතන විසින් සපයනු ලැබේ. මෙම ආධාර බොහෝ විට පුණ්‍යාධාර ලෙස එකතුවන ඒවා වන අතර ඔවුන් විසින් එම ආධාර දෙනු ලබන්නේ තමන් අගය කරන හර පද්ධතීන් අප වැනි රටවල ද ක්‍රියාත්මක වනු දැකීමට ඔවුන් කැමති නිසාය. අපද එවැනිය. උදාහරණයක් ගත හොත් බුදු දහම බටහිර ව්‍යාප්ත වනු දැකීමට අපි කැමති වෙමු.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන වලට අත්තනෝමතික බලයක් නොලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විවිධ ප්‍රතිපාදන පනවා තිබේ. ඒවා සංවරණ සහ තුලන වශයෙන් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් ව්‍යවස්ථාදායකය විසින් පනවන පනත් නිත්‍යානුකුල බවට අධිකරණය තීන්දු කරන අතර යම් අධිකරණ තීන්දු අතික්‍රමණය කරමින් ව්‍යවස්ථාදායකයට පනත් පැනවිය හැක. රාජ්‍යයේ අත්තනෝමතිකත්වයට කවුන්සිලය විසින් ද එක්තරා ආකාරයක තිරිංග දමා තිබේ. එයද සංවරණයකි. තුලනයකි. උදාහරණයක් වශයෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ 230කින් රජය පිළිගත් නිර්දේශ 177ක් සහ ස්ව කැමැත්තෙන් දුන් පොරොන්දු 12ක් සඳහා ප්‍රගතිය ඉදිරිපත් කරන බව සඳහන් වේ. මේ අනුව කවුන්සිලය නොතිබුනේ නම් ඉහත නිර්දේශ 177ද පොරොන්දු 12ද ක්‍රියාත්මක නොවනු ඇත.

මෙම නිර්දේශ ඉදිරිපත් වන්නේ රාජ්‍යය විසින් සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කරනු ලැබීම සඳහාය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව රජය එයට එකඟ වී ඇත. යම් රජයක් බාහිර පාර්ශ්වයකගේ බලපෑම මත සිය පුරවැසියන්ට ඔවුන්ගේ මුලික අයිතිවාසිකම ලබා දෙන්නේ නම් එය නින්දා සහගත තත්ත්වයකි. බලපෑම් ඇතිවීමට පෙර රජය ක්‍රියාත්මක වී තිබිය යුතුය.

මෙම බලපෑම රාජ්‍යයේ ස්වෛරීත්වයට හානියක් නොවේ. රාජ්‍යයට ස්වයං ස්වෛරිත්වයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන ව්‍යවස්ථාව අනුව රාජ්‍යයට ස්වෛරීත්වය ලැබෙන්නේ පුරවැසියන් ගෙනි. පුරවැසියන් විසින් ස්වෛරිත්වයේ භාරකාරීත්වය තාවකාලිකව පාලකයන් වෙත පවරනු ලැබේ. මෙම පාලකයන් විසින් සිය ස්වාමිවරුන් වන ස්වෛරීත්වය හිමි පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නම් රාජ්‍යය සිය එකඟත්වය දී ඇති පරිදි කවුන්සිලය විසින් මැදහත්වීමක් කර එම උල්ලංඝනය කිරීම නැවැත්වීම ස්වෛරිත්වයේ නියම හිමිකරුවන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කර දීමකි.

රාජ්‍යය යනු ආණ්ඩුව පමණක් නොවේ. රාජ්‍යය පවතින්නේ ආණ්ඩුවේ නායකත්වය යටතේය. එනමුත් රාජ්‍යයට ජනාධිපතිද ආණ්ඩුවද අගමැතිද විපක්ෂයද විපක්ෂ නායකද කතානායකද අධිකරණයද පුරවැසියන්ද ඇතුලත්ය. කවුන්සිලය විසින් මතුකරන ලද කාරනා සමස්ත රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයට අදාලය. නමුත් මේවාට උත්තර බඳින්නේ ආණ්ඩුවයි.

උදාහරණයක් වශයෙන් කවුන්සිලයේ වාර්තාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආයතනික සංවරණ සහ තුලන ඉවත් කිරීම පරදු පාර්ශ්වයන් විසින් සඳහන් කල බව දැක්වේ. මෙයින් අදහස් වන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභාව මගින් කරන ලද පත්කිරීම් නාමික ව්‍යවස්ථා සභාවක අනුමැතිය යටතේ ජනාධිපති විසින් කිරීමයි. මේ සඳහා ආණ්ඩුව විසින් දෙන ලද පිළිතුරේ 21වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන කර ඇති බව වාර්තා කරයි. නමුත් ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කර නැත. එයට හේතුව වන්නේ ව්‍යවස්ථා සභාවට පත් කල යුතු සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා සම්බන්ධව අගමැතිවරයා සහ විපක්ෂ නායකයා අතර එකඟතාවක් නොමැතිවීම සහ සුළු පක්ෂ වෙනුවෙන් පත්කළ යුතු නියෝජිතයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ අතර එකඟතාවක් නොමැති වීමයි. 

මහ කොමසාරිස්ගේ වාර්තාව මගින් මතු කරන ලද විවිධ කරුණු වලට ආණ්ඩුවේ ප්‍රතිචාර දියාරු සහ තොරතුරු වසන් කිරීමේ ස්වභාවයක් ගනී. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන සඳහන් කරමින් මහා කොමසාරිස් වාර්තාව කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කරන බැවින් මෙහි ක්‍රියාකාරීත්වය අත්හිටුවා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකුල නව පනතක් ගෙන එන ලෙස පරදු පාර්ශ්වයන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම රජය නව පනතක් 2022 මාර්තු මස ඉදිරිපත් කල බවත් එහි සමහර සාධනීය වෙනස් කම් කර ඇති නමුත් මතභේදයට තුඩුදී ඇති ප්‍රතිපාදන වෙනස් කර නොමැති බවත් ආණ්ඩුව 2022 ජුනි මාසයේදී මෙම පනත ක්‍රියාත්මක වීම අත්හිටවන බව ප්‍රකාශ කළත් 2022 අගෝස්තු මාසයේදී එම පනත ක්‍රියාත්මක කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගත් බවත් මහ කොමසරිස් වාර්තාව සඳහන් කරයි.

ආණ්ඩුවේ පිළිතුර අනුව මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම නව සංශෝධන පනත කියවා නොමැති යයි උපකල්පනය කරන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සිය පිළිතුරේ 2022 මාර්තු මස ඉදිරිපත් කළ පනත ගැන නැවතත් සදහන් කරන අතර මහ කොමසාරිස් වාර්තාවට ප්‍රතිපක්ෂව එම පනත මගින් විශාල වෙනස්කම් සිදුකර ඇති බව වාර්තා කරයි. වෙනස්කම් අතර මසකට වරක් මහේස්ත්‍රාත් විසින් රැඳවුම්කරු සිටින ස්ථානයට යා යුතු බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කරන ලද පුද්ගලයන්ට රැඳවුම්කරු හමුවිය හැකි බවත් රැඳවුම්කරුට සිය ඥාතීන් සමඟ සන්නිවේදනය කළ හැකි බවත් යනාදී වශයෙන් පනතේ නව ප්‍රතිපාදන ගණනාවක් ඉදිරිපත් කර සිටී.

සත්‍ය සිදුවීම් මෙයට තරමක් වෙනස්ය. පනතේ 9වන වගන්තිය අනුව ඇමතිවරයාට දින 90ක් යන තෙක් ඔහු රඳවා තබා ගත හැක. ඔහුට අවශ්‍ය නම් කාල සීමාව දික් කළ හැක. මාර්තු මස සම්මත කල සංශෝධන අනුව මහේස්ත්‍රාත්වරයකුට රැඳවුම්කරු සිටින ස්ථානයට යා හැක්කේ මේ කාල සීමාව තුලය. පනත අනුව රඳවා ගත් ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේ මෙම පළමු දින 90 කාල සීමාව තුල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ඔහු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. පසුව ඔහු ඇප මත නිදහස් කළත් වෙනත් චෝදනා මත නැවත නැවතත් ඔහු අත්අඩංගුවට ගනිමින් තිබේ. මෙම ක්‍රියාවලිය මහ කොමසාරිස් වාර්තාවේ සඳහන් වන අන්දමට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද සැලකිල්ලට ගනිමින් විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීමක් ලෙස සැලකිය හැක. 

මෙහි තවත් පැත්තක් ද තිබේ. මෙරටේ පවතින කල්ලිවාදී සංස්කෘතිය අනුව තමන්ගේ කල්ලියට අයත් නොවන අනෙකාගේ මානව හිමිකම් කඩවීම තමන්ට ප්‍රශ්ණයක් නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නැතිව බොහෝ දෙමළ සිරකරුවන් රඳවාගෙන ඇත. එයින් එක අයකු වන සිවලිංගම් ආරුරන්ට අදුරසේලෙයි නවකතාව රචනා කිරීම නිමිත්තෙන් හොඳම නවකතාකරුට හිමිවන සම්මානය පසුගිය ඔක්තොබරයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ලැබිණ. වසන්ත මුදලිගේට ලැබෙන අවධානය මේ දෙමළ සිරකරුවන්ට නොලැබෙන්නේ මෙම කල්ලිවාදී සංස්කෘතිය නිසාය.

අවසාන වශයෙන් කිවයුත්තේ අපේ රටේ පුරවැසියන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමය පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතු බවයි. ඒ මගින් ආණ්ඩු ලවා ජනතාවට හිතකර විවිධ කාරනා ඉටුවේ. ආණ්ඩුව ලවා මේ කටයුතු කරවා ගැනීම බල්ලකු  නාවන්නට ගෙන යනවා වැනි වැඩකි. බල්ලා නාන්නේ ඉතාම අකමැත්තෙන් වුවත් එය සාධනීය ක්‍රියාවලියකි.

Published in Colombo Telegraph on January 19, 2023 and also in Sambima supplement in Anidda

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-19-january-2023/

The Role Of The Attorney General In Sri Lanka

 By Harsha Gunasena –

Harsha Gunasena

The Attorney General (AG) is the principal legal officer who represents the state in legal proceedings and gives legal advice to the government. In addition to that AG is the Public Prosecutor. In cases of corruption, it is required that the same AG conduct the prosecution of government entities or officials. This situation is vulnerable to a conflict of interest. In certain countries such as South Africa these two roles are played by different persons. In the UK AG is a MP and attends cabinet meetings and thereby he is accountable to the Parliament.  

Attorney General Sanjay Rajaratnam

Ads by FatChilli

In the past 2 years, a large number of corruption cases have been halted or withdrawn by the AG citing lack of evidence even though the cases were instituted during the previous government by the then AG who is the present Chief Justice, on the basis that there was adequate evidence to proceed with prosecution. This prompted a large number of lawyers to surround the AGs office during the time of Aragalaya asking explanations form the AG for such withdrawal of cases. Generally, the AG’s department reviews files carefully whether to file indictment based on the establishing of a prima facie case. There are several levels of reviews of the files and finally signed off by the AG especially in respect of controversial cases. Therefore, it was unlikely that there was lack of evidence in those cases.

An independent Public Prosecutor is required in ensuring that justice is not only done but also seen to be done. The Attorney General is able to serve the Government ensuring that they act within the law and independent Public Prosecutor will be able to prosecute criminals without fear or favour independent to the authority of the Government.

Jayantha Jayasuriya CJ (Former AG)

Ads by FatChilli

Different Models

There are different models in respect of the roles of AG and the Public Prosecutor. In the first model both positions are held by one person, and he/she is a public servant who is not subject to direction of any other authority. Sri Lanka is having this model along with Pakistan, Singapore, and many other countries. In the second model AG is a political appointment as in the UK and holding a ministerial office. The AG is responsible for public prosecution as well. In the third model the office of AG is combined with the portfolio of Minister of Justice such as in Canada and Australia. Public prosecution comes under the AG. Forth model is that the Public Prosecutor is a public servant and responsible to the President. This model is adopted in Tanzania. The fifth model is that the Public Prosecutor is a public servant and in certain cases the AG is empowered to give directions to the Public Prosecutor. This is practiced in Zambia. The sixth model is the South African Model which is described below.

South Africa

Ads by FatChilli

The South African model is different. According to Article 179 of the South African constitution there is a national prosecuting authority headed by a National Director of Public Prosecutions and the prosecuting authority has the power to institute criminal proceedings on behalf of the state. According to Article 181 this authority is independent and functions under the constitution. Solicitor General who is the chief legal advisor of the state in all civil litigation matters report to the Minister of Justice according to State Attorney Act.

Therefore, there is a clear division between the two roles of public prosecution and being the legal advisor to the government.

In the UK and in India Public Prosecutor is under the direction of AG. In both countries AG does not have any authority to interfere with the prosecutorial decisions. In the UK since the AG is a cabinet Minister he is under the Parliamentary scrutiny and thereby the actions of the Public Prosecutor.

Sri Lanka

Under the constitution the AG will have to ensure the constitutionality of the Bills and the AG shall be notified in all proceedings of the Supreme Court.

Referring to Fundamental Rights cases the following was stated on the website of the AG Department. “in cases where there are allegations of torture against public officers cited as respondents, the Attorney General may decline to represent such officers in those proceedings. Such a decision of the Attorney General is premised upon the reasoning that a conflict of interest may arise in the event a finding is made by the Supreme Court against such officers alleged to have committed to torture”

The same conflict of interest arises when the prosecution is needed against public officers.

In Section 32 (1) of the Administration of Justice Law No. 44 of 1973, the duty of Attorney General (AG) was stated as follows. “It shall be the duty of the Attorney-General to represent the Republic of Sri Lanka in courts established under this Law, to give advice to the Government of Sri Lanka upon all legal matters, and to discharge the functions conferred on him by or under this or any other written law.”

The President as well as the Legislature are integral parts of the Republic. However, in the proviso of the Article 35(1) which deals with the immunity of the President it was stated as follows. “Provided that nothing in this paragraph shall be read and construed as restricting the right of any person to make an application under Article 126 against the Attorney-General, in respect of anything done or omitted to be done by the President, in his official capacity:”

Therefore, the role of AG goes beyond representing the Republic in courts and he will have to defend himself in the courts against the follies of the President. Therefore, in essential he is the lawyer of the President.

That was why he had to say, “having regard to the role of the Attorney General under the Constitution, I am of the view that expressing an opinion on the said questions would be deemed inappropriate.” when the Speaker requested him to give an opinion of the constitutionality of the removal of the Prime Minister by the President on 26 October 2018.

Therefore, when there is a dispute between the Executive and the Legislature the AG has to take the side of the Executive. The role of the Public Prosecutor contradicts with this role since the Public Prosecutor will have to face the situations  leading the process of  indicting persons coming under the Executive.

Under the 21st amendment to the constitution AG should be appointed by the Constitutional Council. Really speaking the independence and impartiality should be ensured of the Public Prosecutor and accountability should be ensured of the AG. The President should be able to appoint his legal advisor provided he is suitable to hold that post but not the Public Prosecutor who should be appointed by the President with the recommendations of the Constitutional Council.

Published in Colombo Telegraph on January 18, 2023

https://www.colombotelegraph.com/index.php/the-role-of-the-attorney-general-in-sri-lanka/


මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිවයුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දින මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණි අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ නිරාවරණය කර නොමැත. එනමුත් IMF වෙබ් පිටුවේ දක්වා ඇති ආකාරයට එම එකඟතාවේ මූලික අංගයන් වන්නේ රාජ්‍ය ආදායම වැඩිකිරීම සහ වර්ෂ 2025 වන විට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ රටේ ළල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2.3% ක අතිරික්තයක් ඇති කිරීම; ඉන්ධන සහ විදුලිය සඳහා වියදම ප්‍රතිපූරණය වන ආකාරයේ මිලක් හඳුන්වා දීම; සමාජ ආරක්ෂණ ජාලයක් ඇතිකිරීම; දත්ත මත පදනම් වූ මූල්‍ය (monetary) ප්‍රතිපත්තියක්, රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම, මහ බැංකුව මගින් රජයට මුදල් නිකුත් කිරීම සීමා කිරීම සහ මහා බැංකුවේ ස්වාධීනත්වය ඇතිකිරීම හරහා භාණ්ඩවල මිල ස්ථායිකරණයක් ඇති කිරීම; වෙළෙඳපොළ විසින් තීරණය කරනු ලබන විදේශ විනිමය අනුපාතයක් පවත්වා ගැනීම මගින් විදේශ සංචිත වැඩි කර ගැනීම; මූල්‍ය (financial) අංශයේ ආරක්ෂණ දැලක් සහ වාණිජ බැංකුවල ප්‍රාග්ධනය නැංවීම මගින් මූල්‍ය ස්ථායි කරණයක් ඇති කිරීම; දූෂණය අවම කිරීම යන කරුණුයි.

ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය  අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි.

වර්ෂ 2020-2022 කාලයේ රජයේ සේවකයන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වෙන් කරන ලද මුදල රාජ්‍ය ආදායමෙන් 50% ක් පමණ වේ. වර්ෂ 2023 අයවැය ඇස්තමේන්තු වල මෙම ප්‍රතිශතය 30% දක්වා අඩුකර තිබුණි. එයට ප්‍රධාන හේතුව රජයේ ඇස්තමේන්තුගත ආදායම වැඩිවීමයි. රජය රාජ්‍ය සේවය සංකෝචනය කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයන් විශ්‍රාමයාම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමෙන් වැළකි සිටීම මගිනි. ඒවා පිරවීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වන අතර භාණ්ඩාගාරය එම අනුමැතිය ලබා දෙන්නේ නැත. රජය සතු ව්‍යාපාර පෞද්ගලිකකරණය හරහා ක්ෂණිකව රාජ්‍ය ආදායම ඉහළ යාම හරහා අයවැය හිඟය අඩුවන අතර දීර්ඝ කාලීනව මෙම ආයතනවලට මුදල් පොම්ප කිරීම නැවතීම හරහා අයවැය හිඟය අඩුවේ.

පසුගිය සැප්තැම්බර් මස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොට පක්ෂ රැස්වීමක් අමතමින් රාජ්‍ය සේවය සංකෝචනය විය යුතු බවත්, කාර්යක්ෂම විය යුතු බවත්, එමෙන්ම, රාජ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ ආධාරකරුවන්ට රැකියා ලබාදෙන ආයතන නොවිය යුතු බවත් කීය. උදාහරණ කිහිපයක් දක්වමින් ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රාලයීය සේවක පිරිස 600 ක් වන විට ශාස්ත්‍රාලයීය නොවන සේවක පිරිස 4000 ඉක්මවන බවත් සැමදා උදේ මාතර සිට කොළඹ වරායට බස්රථ පහක් එන බවත් ඒවායින් ගමන් ගන්නේ දේශපාලන පත්වීම් ලද සේවකයින් බවත් කීය.

වර්ෂ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත (හෙවත් පෞද්ගලිකකරණය)  කිරීම මගින් ලැබෙන මුදල් විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවයි. 

ඉන් පසුව පැවති අයවැය යෝජනා පිලිබඳ සම්මන්ත්‍රණයකදී රජය ව්‍යාපාර කිරීමට අදහස් නොකරන බවත් එසේ කිරීම මගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වියදම් කළ හැකිව තිබූ රුපියල් බිලියන සහ ට්‍රිලියන ගණන් මුදල් නාස්ති වී ඇති බවත් ඔහු කීය. අපට අවශ්‍ය ජනතාව ශක්තිමත් කිරී මද එසේ නැතහොත් රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ශක්තිමත් කිරිමදැයි ඔහු ප්‍රශ්න කළේය. මෙම ව්‍යාපාර විකිණීම සදහා වන ඔහුගේ දැක්ම ප්‍රකාශ කරමින් මෙම ආයතන විකුණා ඩොලර් බිලියන 7 ක් ලබා ගත හොත් පසුදින ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වනු ඇති බවත් ඔහු කීය. 

43 සේනාංකයේ නායක චම්පික රණවකගේ අදහස තරමක් වෙනස්ය.රට බංකොලොත් වී ඇති මේ අවස්ථාවේදී ඩොලර් ආයෝජනය කර රුපියල් ඉපයීම සඳහා (ඩොලර් පිටරට ගෙන යාමට සීමා පනවා තිබෙන සංදර්භයක් තුළ) මෙම ආයතන මිලදී ගැනීමට කිසිවකු නොපැමිණෙන බවත් පැමිණෙන්නේ නම් පැමිණෙන්නේ ඒ මගින් අදාල රාජ්‍යයන්ට භූ-දේශපාලනික වාසි ලබා ගැනීමට බවත් ඔහු කියයි. එබැවින් මේ ආයතන විකිණිය හැකි වන්නේ පසුගිය ආණ්ඩු කළාක් මෙන් සිය හිත මිතුරන්ට පවරා දීම මගින් බව ඔහුගේ අදහසයි. එයට ප්‍රතිවිරුද්ධව මේ අවස්ථාවේදී ඒවා කාර්යක්ෂම, වගවෙන  සහ දේශපාලන ගැතිකම් වලින් තොර පාලනයක් ඇති කළ යුතු බව ඔහු කියයි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකළ යුතු යයි ඔහු නොකියයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී කථා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කියා සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර විකිණීමට ඔවුන් විරුද්ධ බවයි. එහි අදහස ලාබ නොලබන රාජ්‍ය ව්‍යාපාර විකිනීමට ඔවුන් විරුද්ධ නොවන බවයි.

පසුගිය දෙසැම්බර් 15 දින ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සහ USAID අනුග්‍රහය සහිතව කරන ලද සමීක්ෂණයක් මගින් ලාංකිකයන් බහුතරයක් ජාතික සම්පත් විකිණීමට එරෙහි වන බවයි. ඒ අනුව තරුණ ජනගහනයෙන් 93.8% ක් ද වැඩිහිටි ජනගහනයෙන් 93.2% ක් ද ජාතික සම්පත් විකිණීමට විරුද්ධය. රාජ්‍ය අංශය සංකෝචනය කළ යුතු බව සිතන්නේ තරුණයන් ගෙන් 42.1% ක් සහ වැඩිහිටියන්ගෙන් 47.4% ක් පමණි. තරුණයන් ගෙන් 69.1% ක් ද වැඩිහිටියන් ගෙන් 69.4% ක් ද යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩවලින් යම් ප්‍රයෝජනයක් අනාගතයේ ලැබෙන බව සිතති. එමෙන්ම තරුණයන්ගෙන් 76.6% ක් ද වැඩිහිටියන්ගෙන් 71.9% ක් ද සිතන්නේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.

පෞද්ගලික ආයතන ජනසතු කිරීම සහ රාජ්‍ය ආයතන සංවර්ධනය හරහා ධනය ඒකරාශී වූයේ පුද්ගලයන් අත නොවේ, රජය අතය. ආර්ථික අර්බුදයක් ඇති වන්නේ දිගින් දිගටම පැවති ආණ්ඩු විසින් අනුගමනය කළ හිඟ අයවැය ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවල ප්‍රතිපත්තින්හි දායකත්වය ඇතිව මෙරට ව්‍යාපාරික ප්‍රජාව විසින් අලුත් දෑ නිපදවීම මගින් අපනයන සංවර්ධනය නොකළ නිසාය. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ විසින් වර්ධනය කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ එය අවුළුවා ලීය. මේ ක්‍රියාවලිය  සඳහා ජනතාවගේ පුර්ණ ආශීර්වාදය ලැබී තිබේ. එබැවින් මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන් නොවේ. මෙරට ජනතාවයි. ඔවුන් පවතින තත්ත්වය හරියාකාරව වටහා ගෙන නොමැති බැවින් මේ අර්බුදයෙන් ගොඩ ඒම අති දුෂ්කර කාර්යයක් වනු ඇත.

Published in Colombo Telegraph on December 23, 2022 and in samabima  supplement of Anidda as well.

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena23-december-2022/

Who Are Primarily Responsible For The Economic Disaster, The Politicians Or The People?

 By Harsha Gunasena –

Harsha Gunasena

Sri Lanka has entered into a staff level agreement with IMF on 1 September 2022 and the agreement was not reveled to the Parliament. However the summary of the agreement was published in the webpage of IMF. The key elements of the agreement were raising fiscal revenue and aim to reach a primary surplus of 2.3% of GDP by 2025; introducing cost-recovery based pricing for fuel and electricity;  introducing a social safety net; restoring price stability through data-driven monetary policy action, fiscal consolidation, phasing out monetary financing, and stronger central bank autonomy; rebuilding foreign reserves through restoring a market-determined and flexible exchange rate; safeguarding financial stability by ensuring adequately capitalized banking system, and by upgrading financial sector safety nets; and reducing corruption. 

Primary account is the difference between the revenue and expenditure of the government excluding interest payments and debt repayments. If a surplus is needed in addition to increasing the revenue the expenditure also should be reduced. IMF statement was not specific about that. What was meant by fiscal consolidation was to reduce the budget deficit and expansion of debt.

Salaries and wages of the government employees amounts to around 50% of the government revenue in 2020-2022. In the budget estimates of 2023, it was brought down to 30% level as a result of the increase of the revenue. The government intend to reduce the number of government employees by not filling the vacancies. The treasury should give the approval to fill the vacancies but they do  not give such approval. Revenue will increase instantly by privatizing the State Owned Enterprises (SOE) and thereby the budget deficit will reduce. By doing so there is an impact to the budget deficit in the long run since the government does not have to pump cash to these institutions if they make losses.

In last September addressing a party meeting in Ambalantota, JVP leader Anura Kumara Dissanayake said that the state sector must be downscaled and be made more efficient. He said over the years, politicians have used the State sector to provide employment to their supporters.

Citing few examples he said that there were 600 academic staff at the University of Sri Jayewardenepura while it had over 4000 non-academic staff and the bottom level of the state sector is inundated with staff.  He said five buses leave Matara daily with workers bound for the Colombo harbour after they were employed by a politician who hailed from the area during his tenure as Ports Minister.

The President in his  budget speech said in  Parliament on 14 November 2022 that .he proposes to restructure which means privatize Sri Lankan Airlines, Sri Lanka Telecom, Colombo Hilton, Waters Edge and the Insurance Corporation and use such funds to increase the foreign exchange reserves of the country and strengthen the Rupee.

At a conference about budget proposals he said that the Government does not intend to do business, whilst pointing out that it lost billions and trillions of rupees which would have been better invested on education, health or housing. He said that we have to decide whether we want to strengthen the people or whether we want to take public money and strengthen the Insurance Corporation, SriLankan Airlines and Sri Lanka Telecom. He stressed that his priority was to look at the people and not these companies and buildings. He went on to say that if these institutions could fetch USD 7 Billion Sri Lanka would be back to normal.  

Champika Ranawaka, the leader of the 43 Brigade is having a different view. He is of the view that there will not be foreign investors at the point where the country is bankrupt. They will not be interested to invest in Dollars and get the return in Rupees since there are restrictions for outward remittances. If any one comes the reason could be that there are geopolitical interests of the nations hosting those companies. Therefore these institutions could be sold to the cronies as did by the previous governments. In contrast to this process he thinks that efficient management without any political biases should be appointed to SOEs at this point. He is not of the opinion that SOEs should not be privatized.

Former President Mahinda Rajapaksa and Opposition Leader Sajith Premadasa speaking in the Parliament during the budget debate said that they were opposed to selling SOEs which make profits which means they were not opposed of selling loss making SOEs.

Daily Mirror Newspaper reported on 15 December 1922 that that based on a  survey carried out by Social Scientists Association led by Prof. Jayadeva Uyangoda together with USAID had revealed that 93. 8% of the younger generation and 93.2% of the elderly population does not think national assets should be sold off. Only 42.1% of the youth and 47.4% of the elderly believe that recruitment of persons to the state sector should be minimized. As per the research report 69.1% of the youth population and 69.4% of the elderly population believes that development projects implemented in Sri Lanka after the war will have some benefit to the nation in the future. The survey has also revealed that 76.6% of the youth population, and 71.9% of the elderly population believe that rulers have to be responsible for the country’s economic downturn

In this country as a result of nationalization of businesses the wealth of the country concentrated in the hands of the government. The underlying reason for the economic downturn of the country is the deficit budgeting policy applied by the successive governments and the business community has not increased the exports by innovation supported by the government policies. This process was aggravated during the time of Mahinda Rajapaksa and it was triggered during the time of Gotabaya Rajapaksa. People have given their blessings for this process. Therefor I would say that those who are primarily responsible for the economic downturn is not the politicians but the people. Since they still do not understand the situation it would be difficult to come out from this disastrous position. 

Published in Colombo Telegraph on December 23 2022

https://www.colombotelegraph.com/index.php/who-are-primarily-responsible-for-the-economic-disaster-the-politicians-or-the-people/

පළමුවෙන් බංකොලොත්භාවයෙන් ගොඩ ආ යුතුය – අයවැය 2023

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත් කරන ලද්දේ රට ඉතිහාසයේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවකට පත්ව සිටින මොහොතකය.මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේ සිය පැවැත්ම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති විය.

රටේ මත ඉදිරිපත් කරන ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් රට විසින් අනුගමනය කල යුතු ආර්ථික ප්‍රතිපත්ති සිය ආර්ථික දේශපාලන දැක්ම අනුව තීරණය කර මත ඉදිරිපත් කරති. අයෙක් ආනයන ආදේශක ඉදිරියට ගත යුතු යයි සිතන අතර අයෙක් අපනයන ප්‍රවර්ධනය ඉදිරියට ගත යුතු යයි සිතති. අයෙක් රාජ්‍යය ව්‍යාපාර නොකළ යුතු යයි සිතන අතර අයෙක් රාජ්‍ය ව්‍යාපාර පාඩු නොලබන ලෙස පවත්වාගත යුතු යයි සිතති. අයෙක් පුද්ගලික අංශයට විරුද්ධ වන අතර අයෙක් පුද්ගලික අංශය ප්‍රවර්ධනය කල යුතු යයි සිතති. අයෙක් විදේශ ආයෝජන වලට එරෙහි වන අතර අයෙක් විදේශ ආයෝජන වලට අනුග්‍රහය දක්වති.

මෙම බෙදීම නව ලිබරල් වශයෙන්ද සමාජවාදී හෝ මාක්ස්වාදී වශයෙන්ද මෙම අන්ත අතර ඇති යම් මතවාද වශයෙන්ද අර්ථ දක්වනු ලැබේ. සිංහල ගැමියන් අතර වැඩක් කළ යුත්තේ වැඩේට ඕනෑ හැටියට යයි කියුමක් තිබේ.එහි තේරුම වැඩේට තමන් නිමවිය යුත්තේ කෙසේදැයි අදහසක් ඇති බව නොවේ. යම්කිසි වැඩක් සාර්ථක අවසානයකට යා යුතු නම් එය කළ යුතු එක්තරා ක්‍රමයක් තිබෙන බවත් වැඩේ කරන්නා විසින් එම ක්‍රමය අල්ලා ගත යුතු බවත්ය. මෙය බිත්තියකට ඇණයක් ගැසීමට,  ආර්ථිකය පාලනයට මෙන්ම නිවන් දැකීමටද එකසේ අදාලය.

එබැවින් ආර්ථිකය පාලනය කළ යුත්තේ ආර්ථිකය දියුණු කල හැකි ක්‍රමවේදයකට මිස එක් එක් අයගේ මතවාද සන්තර්පණය කිරීමට හෝ ජනතාව ඇන්දවීම හරහා මැතිවරණ ජයග්‍රහණය පිණිස හෝ නොවේ. විශේෂයෙන්ම මේ අර්බුදකාරී අවස්ථාවේ මෙයින් ගොඩ ඒමට හැකි (එය පහසු නැත) ක්‍රමවේදයක් හරහාය.

අයවැය අවසානයේ ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු වල සාරාංශය වගුවක් ලෙස මේ සමඟ ඉදිරිපත් කර ඇත. වර්ෂ 2018 සිට 2023 දක්වා පසුගිය අයවැය කථා ආශ්‍රයෙන් අදාල තොරතුරු එම වගුවේ දැක්වේ. ගණන් දක්වා ඇත්තේ රුපියල් බිලියන වලිනි.වර්ෂ 2022 සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇස්තමේන්තු නොව රනිල් වික්‍රමසිංහ අතුරු අයවැය මගින් ඉදිරිපත් කල ඇස්තමේන්තු යොදා ගෙන ඇත.අවසාන තීරුවේ දැක්වෙන්නේ වර්ෂ 2022 ඇස්තමේන්තු පදනම වශයෙන් ගෙන 2023 සඳහා වර්ධනය ප්‍රතිශතයක් ලෙසයි. දල ජාතික නිෂ්පාදිතය මහා බැංකු වාර්තා වලින් ලබාගත් අතර 2022 වර්ෂය සඳහා ආර්ථිකය 9.2% කින්ද 2023 සඳහා ආර්ථිකය 4.2% කින්ද හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව විසින් පුරෝකථන කර ඇත. ඒ අනුව 2021 දල දේශීය නිෂ්පාදිතය 9.2% කින් හකුළුවා එය 2022 සඳහා දල දේශීය නිෂ්පාදිතය ලෙස සහ එම අගය තවත් 4.2% කින් හකුළුවා එය 2023 සඳහා දල දේශීය නිෂ්පාදිතය ලෙස වගුවේ දක්වා ඇත. 

වගුවට අනුව අදායම් බදු වලින් ලැබෙන ආදායම 63.4% කින් වැඩිවී ඇති අතර භාණ්ඩ සහ සේවා මත බදු වලින් ලැබෙන ආදායම 81.4% කින් වැඩිවී ඇත. ආදායම් බදු වලින් ලැබෙන ආදායම රු. බිලියන 912ක් වන අතර  භාණ්ඩ සහ සේවා මත බදු වලින් ලැබෙන ආදායම එයට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වන රු. බිලියන 1763 කි. වර්ෂ 2018 දී මෙම අනුපාතය තුන් ගුණයකට වඩා වැඩි විය. රජයේ සමස්ත ආදායමෙන් ආදායම් බදු වලින් ලැබෙන ආදායම 2018 දී 15.3% ක් වූ අතර 2023 දී එය 26.7% ක් වේ. භාණ්ඩ සහ සේවා මත බද්ද 2018 දී මුළු ආදායමෙන් 52.4% වූ අතර 2023 දී එම ප්‍රතිශතය 51.6% කි. මේ අනුව ආදායම් බදු මත යැපීම වර්ධනය වී ඇති අතර භාණ්ඩ හා සේවා මත යැපීම ඉතා සුළු ප්‍රමාණයක් අඩුවී ඇත. රට යා යුතු ඉදිරි මග මෙය වේ යයි සිතමි. රටේ පවතින බලවත් ඇති නැති පරතරයට මෙය එක්තරා ආකාරයක විසඳුමක් වේ යයි සිතමි.

අනෙක් අතට ආදායම් බදු වැඩි කිරීමෙන් රටක් සංවර්ධනය කල නොහැක. එය අපි සියලු දෙනාම දනිමු.  එනමුත් මේ අවස්ථාවේදී කළ යුත්තේ රට සංවර්ධනය කිරීමට පළමුව රාජ්‍යය බේරා ගැනීමයි. බංකොලොත් වී ඇති රාජ්‍යය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා ආදායම් වැඩි කළ යුතු අතර වියදම් අඩු කළ යුතුය. ඒ අතර ඉදිරි සංවර්ධනයේ බිජ ද පැල කළ යුතුව ඇත.

රාජ්‍ය වියදම් වල සැලකිය යුතු ප්‍රමාණයක් යෙද වෙන්නේ වැටුප් සහ වේතන සඳහාය. වර්ෂ 2022 ට සාපේක්ෂව වැටුප් සහ වේතන සඳහා ඇස්තමේන්තු ගත මුදල වැඩිවී ඇත්තේ 0.7% ක් වැනි සුළු ප්‍රමාණයකිනි. 2022 සැප්තැම්බර් මස වන විට රටේ සාමාන්‍ය උද්ධමන අනුපාතය 73.7% ක් ද ආහාර සඳහා උද්ධමන අනුපාතය 85.8% ක් ද වන රටක (ජාතික පාරිභෝගික මිල දර්ශකය- මෙය ඔක්තෝබර් මාසයේදී මෙම වසර තුල ප්‍රථම වතාවට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.) වැටුප් සහ වේතන වැඩි නොවීම ඔවුන්ගේ වැටුප 73.7% කින් පහත හෙළීමකි.මෙය රාජ්‍ය වියදම් වල විශාල කප්පදුවකි. එමෙන්ම වෙනත් භාණ්ඩ සහ සේවා වල වැඩි වීම 33.3% ක් ද සහනාධාර වල වැඩිවීම 9.1% ක් ද රජයේ ආයෝජන වල වැඩිවීම 13.8% ක් ද වේ මෙම අගයයන් ආදායම් වැඩිවීමට සාපේක්ෂව අඩු ප්‍රතිශතයන් වේ. 

වඩාත් බරපතල ප්‍රශ්ණය වන්නේ මෙයයි. එනම් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූූල්‍ය  අරමුදලට පොරොන්දු වී ඇති රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසරේදී දල ජාතික නිෂ්පාදිතයෙන් 2.3% ධන අගයක් බවට පත් කිරීමයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු මුළු රාජ්‍ය ආදායමෙන් පොලි හැර වෙනත් වියදම් අඩුකළ පසු ඉතිරිවන ශේෂයයි. වර්ෂ 2018 සිට මෙම ශේෂයන් වගුවේ දක්වා ඇත. මෙම ලිපියේ ඉහත දැක්වූ කරුණු අනුව 2023 වසරේ ඇස්තමේන්තුගත දල ජාතික නිෂ්පාදිතය රු. බිලියන 14622 කි.  මේ අනුව 2023 වසරේ ප්‍රාථමික ගිණුමේ රු. බිලියන 211 ක හිඟයක් තිබේ. එය දල දේශීය නිෂ්පාදිතයෙන් ඍන 1.44% කි. මෙම වසරේ එය ධන 2.3% බවට පත්වීමට නම්, (එය කොන්දේසියක් නොවේ)  අදාල ශේෂය රු. බිලියන 336ක් විය යුතුය. එනම් පවතින තත්ත්වයට වඩා රු. බිලියන 547 ක් වැඩිවිය යුතුය. මෙම අගය ලැබෙන්නේ හැැකුළුණු ආර්ථිකයක් තුලය. ආර්ථිකය 2024 සිට ප්‍රසාරණය වේ නම්, (එසේ විය යුතුය) මෙම තත්ත්වය තවත් අසීරු වනු ඇත.

එබැවින් ඉදිරියේදී ජනාධිපතිවරයා අයවැය යෝජනා වල දැක්වූ පරිදි රාජ්‍ය ආයතන විකිණීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම, අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායකයන් නගා සිටුවීම වැනි යෝජනා හුදු වචන වලට පමණක් සීමා නොකර (සාමාන්‍ය තත්ත්වය එයයි. )වහ වහා ක්‍රියාත්මක කළ යුතුය. ව්‍යවසායකයන් කෙරෙහි සමාජයේ පවතින ආකල්ප පිළිබඳව ජනාධිපතිවරයා විසින් මතු කළ කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකම මවිසින් අවධාරණය කර ඇත. එයට අමතරව ඔවුන් සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා දීමට ආයතනයක් ඇති කිරීම රජයේ යුතුකමකි. දශක කිහිපයකට පෙර DFCC සහ  NDB බැංකු පුද්ගලිකරණයෙන් පසුව මෙම යුතුකම පිලිබඳ හැඟීම ජාතික මට්ටමෙන් ගිලිහි ගොස් ඇත. මෙය අපනයන වැඩි කිරීමට ද ඉවහල් වේ.

විදේශ ප්‍රේෂණ වැඩිවීම  සහ සංචාරක කර්මාන්තයේ නැගීම මගින් රටේ විදේශ ආදායම් පිලිබඳ තත්ත්වය යහපත් වනු ඇති අතර ක්ෂණික අපනයන (භාණ්ඩ හෝ සේවා)  වැඩි කිරීමකට විදේශ ආයෝජන අවශ්‍යවේ. මේ සඳහා විදේශ ආයෝජන වලට එරෙහි මානසිකත්වය අප විසින් හල යුතුය.

අප විසින් කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආ මඟ කෙටි වන අතර යා යුතු මඟ බොහෝ දුරය. මේ සඳහා අවශ්‍ය ශක්තිය සහ දිරිය රාජ්‍ය නායකත්වයට මෙන්ම ජනතාවටද තිබිය යුතුය.

Published in Colombo Telegraph on November 24, 2022 and in samabima supplement of Anidda

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-24-november-2022/

ලංකාවේ බැංකු අස්ථාවරද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය මෙරට බැංකු පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. මේ තත්ත්වය ආරම්භ වූයේ කොවිඩ් හේතුවෙන් රට වසා තැබූ කාලයේ සිටය. ඒ යුගයේ ව්‍යාපාර වලට ආදායම් අඩු වීම නිසා ගත්  ණය ගෙවා ගැනීමට අපහසු වූ අතර වර්තමානයේ මේ අවුරුද්දේ අනුක්‍රමයෙන් වැඩි වන්නට වූ උද්ධමන අනුපාතය සහ එය පාලනය කිරීමට ඉහල නංවන ලද පොලි අනුපාත නිසා ව්‍යාපාරිකයන් විසින් ගන්නා ලද ණය ගෙවීමේ අපහසුතාවක් වර්ධනය වෙමින් පවතී.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අනුක්‍රමයෙන් අඩුවන පසුබිමක වෙළෙඳ ව්‍යාපාර වල පිරිවැටුම ද අඩුවේ. ආර්ථිකය හැකිලී යන මෙවැනි වකවානුවක එහි බලපෑම බැංකු වලටද දැනේ. ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ස්වෛරී විදේශ බැඳුම්කර වල මෙරට බැංකු ද ආයෝජනය කර තිබේ. ආණ්ඩුව එම බැඳුම්කර වල මුදල් ආපසු ගෙවීම අත්හිටවා ඇති බැවින් අදාල බැංකු වලට ඒ සඳහා ලිපියේ පසුව විස්තර කෙරෙන ණය ඇතුළු වත්කම් වල අගය හීන වීම වෙනුවෙන් ප්‍රතිපාදන කිරීමටද සිදුව ඇත.

ආණ්ඩුව මේ දිනවල විදේශ ණය හිමියන් සමඟ සාකච්ඡා පවත්වා ගෙන යන අතර එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ප්‍රතිව්‍යුහගත කිරීමට ණය ගෙවිය යුතු කාල සීමාව දීර්ඝ කිරීම සහ ගත් ණයෙන් කොටසක් කැප හැරීමද ඇතුලත්වේ. මෙම සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බව ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය. 

මේ ණය සම්බන්ධ සාකච්ඡා වලදී ණය හිමියන් ඉල්ලා සිටින එක කොන්දේසියක් වන්නේ සියළුම ණය හිමියන්ට සමානව සලකන ලෙසයි. මේ කොන්දේසිය සමාගමක් ඈවර කිරීමේ දීද බලපැවැත්වේ. එහි අතුරු කොන්දේසියක් වන්නේ සමහර ණය වලට අනෙක් ණය වලට වඩා ප්‍රමුඛතාවක් ලැබේ. උදාහරණයක් වශයෙන් සේවක වැටුප් සහ අර්ථසාධක මුදල් අනෙකුත් ණය හිමියන්ට ගෙවීමට පෙර පියවිය යුතුය.

මේ ප්‍රශ්ණයේදී චීනය සහ දේශීය ණය අනෙක් ණය වලට අසමානව සැලකීමේ විභවයක් තිබේ. තමන් විසින් දුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව එම ණය පියවීම සඳහා තවත් ණය දිය හැකිය යන චීනයේ ස්ථාවරය වෙනස් වී ඇත්දැයි නොදනිමි. එමෙන්ම යම් හෙයකින් දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවුවහොත් දැනටද එක්තරා ප්‍රමාණයකට අර්බුදයකට ගොස් ඇති මෙරට බැංකු පද්ධතිය තවදුරටත් අර්බුදයකට යනු ඇත. එයට හේතුව වන්නේ ආණ්ඩුවට දේශීය වහයෙන් ණය දී  ඇත්තේ ප්‍රධාන වශයෙන්ම මෙරට බැංකු පද්ධතිය විසින් වීමයි.

මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කලකට ඉහත ප්‍රකාශ කළේ දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවුවහොත් මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුවට මුදල් යෙදවීමට සිදුවනු ඇති බවයි. මේ සඳහා යෙදවීමත ආණ්ඩුවට මුදල් නොමැති නිසා භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුව විසින් මිලදී ගැනීම හරහා මුදල් අච්චු ගැසීමට ආණ්ඩුවට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය තවත් වටයකින් ඉහල යාමයි. 

එබැවින් මේ ක්‍රියාදාමය හරහා බැංකු පද්ධතිය බිඳ නොවැටෙනු ඇත. වියහැකි නරකම ප්‍රතිඵලය වන්නේ උද්ධමනය දරා ගත නොහැකි මට්ටමකට ඉහල යාමයි. එනමුත් ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව හිතුමතේ මුදල් අච්චු ගැසීමේ හැකියාවක්ද නැතිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීමට එකඟ වී ඇති ණය මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9 ක මුදලකි. එයද ලැබෙන්නේ වාරික වශයෙනි. පසුගිය වසරේ අපි ඩොලර් බිලියන හතරක පමණ මුදලක් රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා වැය කර ඇත්තෙමු. එයට සාපේක්ෂව මුල්‍ය අරමුදලේ ණය මුදල විශාල එකක් නොවේ.

එබැවින් ආණ්ඩුව වහ වහා රාජ්‍ය වියදම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල යුතුය.

මෙරට බැංකු අර්බුදයකට ගොස් ඇතත් මූල්‍යමය වශයෙන් ස්ථාවර මට්ටමක පවතී. එබැවින් බැංකු වල මුදල් තැන්පත් කිරීමට කිසිවකු බිය විය යුතු නැත. මේ සමඟ ඇති වගුවේ ලංකාවේ විශාලතම බැංකු වන ලංකා බැංකුවේද මහජන බැංකුවේද කොමර්ෂල් බැංකුවේද හැටන් නැෂනල් බැංකුවේද ආදායම් ප්‍රකාශ වල දල සටහනක් 2022 ජුනි 30 වන දිනෙන් අවසන්වූ කාර්තුව සඳහාද 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වූ කාර්තුව සඳහාද 2021 වර්ෂය සඳහාද 2020 වර්ෂය සඳහාද ඉදිරිපත් කර ඇත.

මෙහි සියළුම ගණන් රු. බිලියන වලින් දක්වා ඇත. වර්ෂ 2021 දී රු. බිලියන 43 ක ලාභයක් ලැබූ ලංකා බැංකුව මේ වසරේ ජුනි 30 දිනෙන් අවසන් වූ මාස තුන සඳහා රු. බිලියන 12 ක ලාභයක් ලබා ඇත.එමෙන්ම 2021 දී රු. බිලියන 30 ලාභ ලැබූ මහජන බැංකුව අදාල මාස තුන සඳහා රු. බිලියන 3 ක්ද 2021 දී රු. බිලියන 19 ක් ලාභ ලැබූ හැටන් නැෂනල් බැංකුව අදාල මස තුන සඳහා රු. බිලියන 5 ක්ද ලාභ ලබා ඇත. කොමර්ෂල් බැංකුවේ 2021 දී රු. බිලියන 32 ක් වූ ලාභය අදාල මාස තුන සඳහා රු. බිලියන 3ක පාඩුවක් පෙන්වන නමුත් මේ වසරේ මුල් මාස හය සඳහා රු. බිලියන 13ක් ලාභයක් පෙන්නුම් කරයි.

මෙහි ප්‍රශ්ණය වන්නේ impairment හෙවත් ණය ඇතුළු වත්කම් වල අගය හීන වීම වෙනුවෙන් කර ඇති ප්‍රතිපාදනයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත – 9 අනුව ණය කරුවකුට දී ඇති ණයක් ආපසු ලබාගත නොහැකි තත්ත්වයට පත්වීමට පෙර යම් නිර්ණායක අනුව එම ණය ආපසු නොලැබීමට යම් ශක්‍යතාවක් තිබේ නම් ඒ සඳහා මූල්‍ය වාර්තා වල ප්‍රතිපාදන කළ යුතුය. යම් හෙයකින් එම ණය ආපසු ලැබෙන්නේ නම් ඒ අවස්ථාවේදී එම ප්‍රතිපාදනය ආපසු හැරවිය හැක. මෙම අගය සියළුම බැංකු වල අනුක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ ණය කරුවන් මුහුණ දෙන අර්බුද කාරී තත්ත්වය නිසාය. 

මෙම තත්වය යටතේත් බැංකු පද්ධතිය ස්ථාවරව පවතී. ඉදිරියේදී එන අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට ශක්තිමත් ප්‍රාග්ධනයක් වගුවේ දක්වා ඇති පරිදි සෑම බැංකුවකටම ඇත.

Published in Colombo Telegraph on November 10, 2022 and in Samabima supplement in Anidda as well.

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-10-november-2022/