Thursday, October 13, 2022

බෙදුණු ජාතිවාදයෙන් එකතුවූ ජාතිකවාදයට

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

සියලුම මනුෂ්‍යයෝ මමත්වයෙන් යුක්ත වෙති. ගෝත්‍රවාදයද ජාතිවාදයද මමත්වයේ දිගුවන් වේ. ගෝත්‍රවාදය යනු සිය ගෝත්‍රයේ ද ජාතිවාදය යනු සිය ජනවර්ගයේද අභිවෘධිය අනෙක් කණ්ඩායම් වලට වඩා ඉහලින් තැබීමයි. ජාතිකවාදය යනු සිය දේශයේ අභිවෘද්ධිය අනෙකුත් දේශයන්ට වඩා ඉහලින් තැබීමයි. ඒ අර්ථයෙන් අපි සියල්ලෝම ජාතිකවාදීහු වෙමු. කිසිම දේශපාලන නායකයකුට ජාතිකවාදියකු නොවී කිසිම රටක රාජ්‍ය නායකත්වයට පත්විය නොහැක. 

මෑතක සිට ලංකාවේ ජාතිවාදීන් තමන් ජාතිකවාදීන් යයි කියා ගනිති. එහි තේරුම ඔවුන් ජාතිකවාදීන් බවට රූපාන්තරණය වීම නම් එය පැසසුම් කටයුත්තකි. එසේ නොමැතිව එය තමන්ගේ ජාතිවාදිත්වය ආවරණය කර ගැනීමට පාවිච්චිකරන්නේ නම් එය වංචනික කටයුත්තකි.

අතීතයේදී 19 වන ශත වර්ෂයට පෙර මෙරට ජාතිවාදීහු නොසිටියහ. අතීතයේ සිටියේ ජාතිකවාදීහු ය. ලංකා ඉතිහාසය ගැන බොහෝ දෙනකු සිතා සිටින්නේ ඉතිහාසය පුරා සිංහලයන් සහ ද්‍රවිඩයන් අතර යුද්ධ ඇති වූ බවයි. යුද්ධ ඇති වූයේ රජවරුන් අතර බවත් බලය උදෙසා බවත් වර්තමානයේ මෙන් ජනවර්ග ගැටලුවක් එකල නොතිබූ බවත් ඉතිහාසය හදාරන්නකුට පැහැදිලි වේ.

නුවර යුගයේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතින් සමගියෙන් ජිවත්වුහ. පළමුවන විමලධර්මසුරිය රාජ්‍යත්වයට පෙර පෘතුගීසින්ට අයිතිව තිබු ගෝවේ ද කලක් සිටියේය. නුවර රාජ සභාවේ බටහිර ජාතිකයන් ද සිටි අතර අන්තර් ජාතික සම්බන්ධතා රජ සභාවේ සිටි මුස්ලිම්වරු හරහා ද සිදු විය. මුස්ලිම්වරුන් දළදා මාලිගාවේ රාජකාරියද කළහ.

දහනව වන සියවසේ අග භාගයේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයට හේතු වූයේ රාජ්‍යය විසින් බලය පාවිච්චි කර වැඩි දෙනා ගේ ආගම වූ බුද්ධාගම මැඩලීමයි. එවකට ආරම්භ කළ කොළඹ ආනන්ද මහා විද්‍යාලය ආරම්භ වූයේ බෞද්ධ ඉංග්‍රීසි පාසලක් වශයෙනි. ජනවර්ග ප්‍රශ්ණයක් එවකට නොතිබුණි.

අනගාරික ධර්මපාල නිදහස සඳහා පෙරට ආවේ මේ යුගයේදීය. රට නිදහස් කර ගැනීමට අමතරව අනගාරික ධර්මපාලට ප්‍රශ්න දෙකක් තිබුණි. එකක් රටේ වෙළෙඳ අධිපත්‍යය බහුතරය වන සිංහලයන් අත නොපැවතීමයි. එය ඔහුගේ ජාතිවාදයට හේතුවිය. අනෙක ස්වදේශිකයන් නව කර්මාන්ත කෙරෙහි උනන්දු නොවීමයි. එය ඔහුගේ ජාතිකවාදයට හේතුවිය. මෙම ජාතිකවාදය අභිබවා ජාතිවාදය ඉස්මතුවීම වර්තමානයේ ජනවාර්ගික සහ ආගමික ප්‍රශ්න වල මූල බිජයයි. ජාතිවාදියකු වන ගුණදාස අමරසේකර අනගාරික ධර්මපාල ගෙන් ඇරඹි ව්‍යාපාරය සූත්‍ර ගත කිරීමේදී ධර්මපාලගේ ජාතිකවාදී ප්‍රවේශය අතහැර දැමිය. 

විසිවන සියවසේ මුලභාගයේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පී. ද එස්. කුලරත්න යුගයේදී දෙමළ සහ මුස්ලිම් ගුරුවරු ද විදුහලේ ඉගැන්වුහ. එවැනි ගුරුවරයකු වූ ටි. බි. ජයාට සහිරා විද්‍යාලයේ විදුහල්පති ධුරය බාරගන්නා ලෙස කෙරුණ ආරාධනය පිළිගන්නා ලෙස කී කුලරත්න ඔහුට සහායට ආනන්දයේ ගුරු පිරිසක්ද සහිරා විද්‍යාලයට යැවිය.

ආනන්දයට ජාතිවාදය රැගෙන ආවේ එල්. එච්. මෙත්තානන්දයි. එවකට මුළු රටම විවිධ ජනවර්ග වලට බෙදීම ඇරඹි තිබිණ. ජාතික නායකයන්ට මේ ප්‍රවාහය වැළැක්වීමේ හැකියාවක් නොවිය. පසුව බණ්ඩාරනායක මේ ප්‍රවාහයට නායකත්වය දුන්නේය. ජනවර්ග අතර සහයෝගිතාවද රටේ ආර්ථිකයද විනාශ කිරීමට මඟ පැදු බණ්ඩාරනායක කළ විශිෂ්ට තම ක්‍රියාව වූයේ රටේ පෑගී සිටි නිර්ප්‍රභූ පොදු ජනයා ඉහලට නැංවීමයි. අවාසනාවකට එය සිංහලයන්ට පමණක් සිමා විය.

ඉන් පසුව ජාතිවාදය සෑම දේශපාලන පක්ෂයක් විසින්ම පාවිච්චි කරන ලදී. ලිබරල්වාදයද මාක්ස් වාදයද ජාතිවාදය ප්‍රතික්ෂේප කරයි. මෙරට ලිබරල්වාදීන්ද මාක්ස්වාදීන් ද ජාතිවාදයට යටවීම රටේ අභාග්‍යයයි. ඇන්. ඇම්. පෙරේරා නායකත්වය දුන් ලංකා සමසමාජ පක්ෂයේ සිට ලංකා කොමියුනිස්ට් පක්ෂයද පසුව ජනතා විමුක්ති පෙරමුණද ජාතිවාදයට යටවූහ. ජනතා විමුක්ති පෙරමුණ තවම එයින් නිදහස් වී නැත. ලිබරල් අදහස් දැරූ දේශපාලනඥයන් අතර ජාතිවාදයට යට නොවූයේ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග යි. රනිල් වික්‍රමසිංහ ජාතිවාදයට යට නොවීම නිසා විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධන යුගයේද ඉන් පසුව ද දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ ජාතිවාදය වාමාංශිකවූ ද බණ්ඩාරනායකගේ දේශපාලන දරුවකු වූ ද මහින්ද රාජපක්ෂ විසින් අත්පත් කර ගන්නා ලදී. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කර ඇති දෙමළ ජාතිකයන් නිදහස් නොකරන්නේ රාජ්‍යය ජාතිවාදී නිසාය. එසේ නොමැති නම් ජාතිවාදී වන ඡන්ද දායකයන්ට බියෙනි. රනිල් වික්‍රමසිංහ 2001 දී නිර්භීත වූ නිසා ඊළඟ මැතිවරණයෙන් ඔහු පරාජය කරන ලදී. එබැවින් 2015 දී ඔහු නිර්භීත නොවිය. නිර්භීත බවක් ප්‍රදර්ශනය කළ අනෙක් දේශපාලනඥයා චම්පික රණවක යි. සිංහල බෞද්ධ ජාතිවාදී ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ පරිසරය පිලිබඳ ඇමැති ධුරය ගත් ඔහු ශබ්ද දුෂණයට එරෙහි එනම් පන්සල් වල සිටින ශබ්ද විකාශන යන්ත්‍ර මත යැපෙන භික්ෂූන්ට එරෙහි පියවර ගැනීමට මැලි නොවිය. බණ්ඩාරනායකට මෙම ශක්තිය තිබුනේ නම් රට මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් නොවනු ඇත.

අරගලය කළ තරුණ තරුණියෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ දර්ශනය සමාජයේ ස්ථාපිත වූයේ නැත. දැන් රාජ්‍යය විසින් ඔවුන් මර්දනය කරනු ලැබේ. රටේ වර්තමාන අවශ්‍යතාව වන්නේ ලිබරල් වාදීන් ද මාක්ස්වාදීන් ද ඒ දෙකටම අයත් නොවන්නන් ද විසින් ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමයි. එවිට අපේ ප්‍රශ්ණ බොහොමයක් විසඳා ගැනීමට අත්තිවාරම වැටෙනු ඇත. යම් හෙයකින් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන්ට අපේ රටේ රාජ්‍ය නායක ධුරය දුන හොත් ඉතා කෙටි කාලයකින් ඇය විසින් මේ ප්‍රශ්ණ අපට විසඳා දෙනු ඇත.

කළ යුතු දෑ සරලය. රජය විසින් දකුණු අප්‍රිකානු ආකෘතියේ සංහිඳියා කොමිසමක් පත් කරන බව ජිනීවා හිදී ප්‍රකාශ කර ඇත. එය කළ යුතුව තිබුනේ යුද්ධය අවසන්වූ විගසයි. එහි අවශ්‍යතාව කල් ඉකුත් වෙමින් පවතී. යහපාලන රජය විසින් නිදහස් දිනයේ ජාතික ගීය දෙමළෙන්ද ගැයූ විට  එයට ප්‍රතිචාර දැක්වූ එවකට උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් නාග විහාරයට ගියේය. ජාතික ගීය දෙමළෙන් ගයා සියලු ප්‍රශ්ණ විසඳිය හැකි යයි මම නොකියමි.ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ රජයේද ජනතාව ගේද ආකල්ප වල වෙනසකි. ඒ සඳහා ජාතිවාදීන් නියම ජාතිකවාදීන් විය යුතුය.

Published in Colombo Telegraph on October 13, 2022 and in Samabima suppliment of Anidda on October 14, 2022

Tuesday, October 11, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රනිල් වික්‍රමසිංහ නව ලිබරල්ද?

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය වලට ණය දීමේදී එම රාජ්‍ය විසින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යයි නිර්දේශ කරන බවත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුගමනය කරනු ලබන්නේද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් බවත් කියනු ලැබේ.

සම්භාව්‍ය සහ නිර්බාධ ආර්ථික විද්‍යාඥයන් සරල විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් නිර්දේශ කළ අතර වෙළෙඳපොළ සම්බන්ධ ආණ්ඩුවේ මැදහත් වීම් නොඉවසූහ. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මේනාර්ඩ් කේන්ස් (1883-1946) නිර්බාධ ආර්ථිකය කිසිවක් නොකරන ප්‍රතිපත්තියක් යයි විවේචනයට ලක් කළේය.

වර්ෂ 1930 ගණන් වල ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යුගයේ දක්ෂිණාංශික සහ වාමාංශික ආර්ථික විද්‍යාඥයන් අතර වාද විවාද ඇතිවූ අතර කේන්ස් විසින් අර්බුදයට විසඳුමක් ලෙස ආර්ථිකයට රාජ්‍ය සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරිපත් කරන ලද මද මාවතේ ආර්ථික න්‍යාය බොහෝ රටවල් විසින් අනුගමනය කරන ලදී. නව ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යයන් ගේ බිහිවීම හේතුවෙන් මෙය සුබසාධක ලිබරල්වාදයක් බවට පරිවර්තනය විය. මෙයට එරෙහිව පැරණි ආර්ථික ලිබරල් වාදය ප්‍රවර්ධනය කිරීම නව ලිබරල් වාදය ලෙස හඳුනාගනු ලැබිණ.

වර්ෂ 1979 දී බ්‍රිතාන්‍ය අගමැති වූ මාගරට් තැචර් සහ වර්ෂ 1981 දී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවූ රොනල්ඩ් රේගන් විසින් එම රටවල් වල පැරණි ආර්ථික ලිබරල් වාදය වූ නිර්බාධ වෙළෙඳ පොළ ආර්ථිකයට වැඩි බරක් තබා ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල් වාදයේ ප්‍රයෝගික භාවිතය ලෙස හඳුන්වනු ලැබිණ. එය පැරණි ආර්ථික ලිබරල් වාදයේම නව මුහුණුවරකි.මේ යටතේ  ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා රාජ්‍යය වඩාත් ශක්තිමත් විය යුතු බැවින් එය පැරණි ආර්ථික ලිබරල් වාදයට වෙනස් වේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට එක හේතුවක් එය විය.

නව ලිබරල් වාදයේ ප්‍රධාන අංග වන්නේ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය හරහා ආර්ථිකයේ රාජ්‍ය සහභාගිත්වය අවම කිරීම, වෙළෙඳ සම්බාධක අඩුකර ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, භාණ්ඩ සහ සේවා වල මිල පාලන  ඉවත් කිරීම, ප්‍රාග්ධන වෙළෙඳපොළ නිදහස් කිරීම, ආදායම් බදු සහ සමාගම් බදු අඩුකිරීම සහ සුබසාධන වියදම් අඩුකිරීම  වැනි කරුණුයි. මෙයට එරෙහි සමාජවාදී ආර්ථික ක්‍රමයන්හි ප්‍රධාන අංග වන්නේ ආර්ථිකයේ රාජ්‍ය සහභාගිත්වය උපරිම කිරීම, වෙළෙඳ සම්බාධක මගින් රට තුලට ගෙනෙන ආනයන සීමා කිරීම, මිල පාලනය මගින් ජනතාවට සහන මිලට  භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට සැලැස්වීම, ප්‍රාග්ධන වෙළෙඳපොළට සීමා පැනවීම, ධනපතියන්ට වැඩි බදු පැනවීම සහ සුබසාධන වියදම් අඩුකිරීම  වැනි කරුණුයි.

ජාත්‍යන්තර මූූල්‍ය අරමුදල එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂිකාව වූ ක්‍රිස්ටීන් ලෙගාර්ඩි යටතේ  තමන් ණය දෙන රටවල ආන්තික ජනතා කොටස් දුගී භාවයෙන් පෙලීම වැළැක්වීම සඳහා යම් සහන නිර්දේශ කරන ලදී. ඇත්ත වශයෙන්ම මූූල්‍ය අරමුදල මුල සිටම විරුද්ධ වූයේ ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාවට පොදුවේ ලබා දෙන සහන දුප්පතුන් විසින්ද ධනවතුන් විසින්ද එකසේ භුක්ති විඳීමට යි. ඉන්ධන සහ විදුලිය සඳහා ලබාදුන් සහන එවැනි ඒවාය. කෙසේවෙතත් මූූල්‍ය අරමුදලේ නව කළමනාකාර අධ්‍යක්ෂිකාව වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් දුගී ජන කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇත. ඔවුන් ගැන නොසැලකුව හොත් සම්පුර්ණ ආර්ථික ක්‍රමයම කඩා වැටීමට ඉඩ ඇති බවට ඇය අනතුරු අඟවා තිබුණි. ඒ අනුව මූූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සමාජ ආරක්ෂණ දැලක් පිළිබඳව අවධාරණය කර තිබුණි. මෙය නව ලිබරල් වාදී චින්තනයට පටහැනිය. 

බ්‍රිතාන්‍යයේ මෑතකදී ඇතිකළ නව ලිබරල් වාදී ප්‍රතිසංස්කරණයක් නම් අගමැතිනි ලිස් ට්‍රස් විසින් ධනපතියන්ට සහන සලසමින් බදු විශාල ප්‍රමාණයකින් අඩු කිරීමයි. මෙයට විදේශ මුදල් වෙළෙඳපොළ ප්‍රතිචාර දැක්වුයේ පවුමේ අගය පහතට හෙළිමෙනි.  මූූල්‍ය අරමුදල එම ක්‍රියාව විවේචනය කරමින් සැප්තැම්බර් 27 වන දින නිවේදනයක් නිකුත් කළ අතර මූූල්‍ය අරමුදලේ ස්ථාවරය වූ  එම විවේචනය නව ලිබරල් චින්තනයට පටහැනිය.

නව ලිබරල්වාදී අංග මෙරට ආර්ථිකයේ  ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ ජේ. ආර්. ජයවර්ධන විසින් ආර්ථිකය විවෘත කිරීමත් සමඟය. සංවෘත ආර්ථිකයකින් හෙම්බත්ව සිටි මෙරට ජනතාවට එය සහනයක් විය. ඔහු බලයට පත්වූයේ මාගරට් තැචර් ට සහ රොනල්ඩ් රේගන් ට පෙර වූ අතර ඩෙන්ග් ෂියාවෝ පින්ග් විසින් චීන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමටද පෙරය. එකල ඇතිවූ පුද්ගලීකරණයේ වරද වූයේ බොහෝ ආයතන කිසිම විනිවිද භාවයකින් තොරව හිත මිතුරන්ට පැවරීමයි.

රනිල් වික්‍රමසිංහ වර්ෂ 2001 දී අගමැති වූ විට රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළේය.  වර්ෂ 2002 දී ඔහු විසින් ඉදිරිපත් කළ Regaining Sri Lanka වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට මෙරට සමාජවාදීන් බලවත් ලෙස විරුද්ධ වූ අතර ජනතාව ද එයට අනුමැතිය දුන්නේ නැත. එම වැඩ සටහනේ ප්‍රධාන අංග වූයේ ඵලදායිතාව ඉහල නැංවීම හරහා ආර්ථික වර්ධනයක් ඇතිකිරීමත් රටේ දිළිඳු බව අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත්ය. ඵලදායිතාව ඉහල නැංවීමේ ප්‍රධානතම අංගය වූයේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම සහ රජයේ දෙපාර්තමේන්තු කාර්යක්ෂම තත්ත්වයට පත් කිරීමයි. දිළිඳු බව අඩු කිරීම ජනසවිය සහ සමෘධි හරහා දේශපාලනීකරණය වීම පිලිබඳ විවේචනයක්ද එහි වෙයි.

වර්ෂ 2015 දී රනිල් වික්‍රමසිංහ Regaining Sri Lanka වැඩ සටහන ඉදිරිපත් කළේ නැත. ඔහු අගමැති වූ පසුව 2016 දෙසැම්බර් මස  ලංකා බැංකුව විසින් එය සතු සෙලාන් බැංකුවේ කොටස්, කොටස් වෙළෙඳපොළ හරහා විකිණු පසුව රනිල් වික්‍රමසිංහ එයට මැදහත් වී රජයේ පිළිවෙත රජය සතු සම්පත් විකිණීම නොවන බව සඳහන් කරමින් එම ගනුදෙනුවට රජයේ අනුමැතිය ලබා නොගත් බව පවසා එය අවලංගු කළේය.පසුව කොටස් වෙළෙඳපොළ විසින් ගනුදෙනුව ආපසු හරවන ලදී. එනමුත් ඔහු විසින් දීර්ඝ කාලින බදුකර යටතේ රාජ්‍ය සම්පත් තාවකාලිකව පුද්ගලික අංශයට පවරා දී ඇත. හම්බන්තොට වරාය එවැන්නකි. මෙම යුගයේදී ඔහු ආදායම් බදු වැඩි කිරීමට පියවර ගත් අතර එය නව ලිබරල් චින්තනයට පටහැනිය. 

රජයේ සම්පත් පුද්ගලික අංශයට විකිණීම නව ලිබරල් වාදය නම් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීම මගින් ද මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තිබූ බිම විකිණීම මගින්ද නව ලිබරල් වාදීහු වෙති. එමෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ ආදායම් බදු අනුක්‍රමයෙන් අඩුවූ අතර ගෝඨාභය රාජපක්ෂ විසින් වර්ෂ 2019 දී විශාල ප්‍රමාණයකින් ආදායම් බදු අඩු කරන ලදී. මේවා නව ලිබරල් චින්තනයට අනුකූලය.

අප අද වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ එ්ම සඳහා ප්‍රයෝගික තත්ත්වයන් යටතේ නව ලිබරල් වාදය විසින් අනුමත කරන ලද  ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අපට බල කෙරී ඇත. ඒ අනුව දැන් ඉන්ධන සඳහා රජය දුන් සහනාධාර ඉවත් කර ඇති අතර මිල සූත්‍රය ක්‍රියාත්මක වේ. මිල සුත්‍රයේ අන්තර්ගත වන ඛනිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාව සම්බන්ධ පිරිවැය ඉවත් කිරීම   එය ප්‍රතිසංවිධානය කිරීම හරහා සිදුවනු ඇත. මේ අනුව තවත් බොහෝ රාජ්‍ය සංවිධාන ද ප්‍රතිසංවිධානය වනු ඇත. එයට අමතර වශයෙන් ආදායම් බදු වැඩිවනු ඇති අතර එය නව ලිබරල් චින්තනයට පටහැනි වේ.

මෙම වැඩ පිළිවෙල දෘෂ්ටිවාද වලින් තොරව ක්‍රියාත්මක කළ හැකි ප්‍රයෝගිකවාදී එකකි. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ එවැන්නකි. ශ්‍රී ලංකාවේ නව ලිබරල් වාදය යන යෙදුම යෙදෙන්නේ අවඥා සහගත ස්වරුපයකිනි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නව ලිබරල් ප්‍රතිපත්තියක් වන අතර සමාජ ආරක්ෂණ දැලක් ඇති කිරීම සමාජවාදී ප්‍රතිපත්තියකි. මේ සියලු මතවාද වලින් අපට සුදුසු දේවල්  තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය යුතුය. චීනය විසින් අනුගමනය කළ මෙවැනි වැඩ පිළිවෙලක් නිසා එරට අද ලෝකයේ ආර්ථික බලවතකු වී ඇති අතර එරට පැතිරී තිබු දරිද්‍රතාව විශාල වශයෙන් පහත දමා ගැනීමට සමත් වී ඇත. 

Published in Colombo Telegraph on 11 October 2022 and in Samabima suppliment of Anidda on  7 October 2022

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-11-october-2022/

Are The IMF & Ranil Wickremesinghe Neoliberal?

 By Harsha Gunasena –

Harsha Gunasena

It is claimed in Sri Lanka that the International Monetary Fund (IMF) when releasing loans, recommends the recipient member states to follow neo liberal economic policies and President Ranil Wickremesinghe adopts neo liberal economic policies. 

Classical or laissez-faire (leave alone) economists advocated the simple system of economic liberty and opposed the excessive government intervention. John Maynard Keynes (1883-1946), a British economist criticized laissez-faire as a do-nothing policy. 

Ads by FatChilli

In the 1930s when there was a world recession there were arguments between the right and the left economists. Keynes presented a middle path economic theory emphasizing the intervention of the state where necessary. Thereafter this was followed by many countries. With more democratic states emerging, it was developed to a level of welfare liberalism.  Introduction of liberal economic policies once again against these policies with state intervention was identified as neo liberalism. 

Margaret Thatcher who became the Prime Minister of Britain in 1979 and Ronald Regan who became the President of United States in 1981 gave more emphasis on laissez-faire economics and it was identified as practical implementation of neo liberalism. This is same old policies but in order to execute the reforms the state should be stronger. Therefore, neo liberalism differs from liberalism to that extent. One of the reasons for the introduction of new constitution with the strong center by J.R. Jayewardene was to achieve that objective. 

The main ingredients of neo liberalism are minimizing state control of economy by privatization of the state entities, promoting international trade by reducing trade barriers, eliminating price controls of goods and services, deregulation of capital markets, lowering of income and corporate taxes and reduction of welfare expenses. The opposite of neo liberalist economic model is to promote maximizing of state participation to the economy, control imports to the country by imposing trade barriers, introduce price controls so that people can get goods and services at reasonable prices, control capital markets, and introduce comparatively higher taxes and promoting welfare expenses.

Ads by FatChilli

The IMF under its former Managing Director Christine Lagarde promoted concessions to the economically vulnerable groups to the countries to which the IMF lend. In fact, the IMF opposed from the beginning the general concessions in Sri Lanka which were equally enjoyed by the poor as well as the rich. Concessions on fuel and electricity were such reliefs. However, the IMF now under its Managing Director Kristalina Georgieva has given  special attention to economically vulnerable groups. Recently she alarmed that if the governments do not look after them the entire system may collapse. Accordingly, the IMF in respect of Sri Lanka has emphasized the social security net for the economically vulnerable people. This is against the neo liberal thinking.

A recent example of neo liberal economic policy applied in Britain was that of cutting taxes to a great extent facilitating the rich by Prime Minister Liz Truss. Market reacted immediately by allowing the Pound to depreciate and IMF also responded by issuing a statement on September 27 against the policy.  This act of the IMF is not in line with  the neo liberal thinking.

Neo liberalism started  operating in Sri Lanka when J.R.Jayewardene liberalized the economy in 1977. It was a relief for the people suffered from a closed economy. He came into power prior to Margaret Thatcher and Ronald Regan in UK and US respectively and prior to Deng Xiaoping reformed the Chinese economy. The privatization at that time was flawed due to the transfer of state-owned assets to cronies without any transparency. 

When Ranil Wickremesinghe became the Prime Minister in 2001 he implemented the policies of privatization of state assets.  The programme of Regaining Sri Lanka which was presented by him in 2002 was opposed by the socialists and the people also have not approved it. The main components of that programme were accelerating economic growth by removing the barriers to productivity and to take steps for reduction of poverty in the country. The main item of productivity increase was privatization of commercial entities of the government and make inefficient government departments efficient. There was a critique of politicization of poverty alleviation through Janasaviya and Samrudhi. 

Ranil Wickremesinghe did not present Regaining Sri Lanka in 2015. After he became the Prime Minister in December 2016 Bank of Ceylon (BOC) sold shares of Seylan Bank held by them through Colombo Stock Exchange (CSE).  After the sale took place, he intervened and asked BOC to reverse the sale saying that it was not the policy of the government to sell the state assets and BOC did not take approval of the government to sell the shares. He also met the buyer of the shares to explain his position. However, it was a big blow to the reputation of CSE. He took steps to transfer government assets on long leases. Hambantota port was such an entity. During this period, he has increased the income and corporate taxes which was contrary to the neo liberal thinking.

In this sense Chandrika Kumaratunga and Mahinda Rajapaksa were neo liberalists since they took steps to privatize the shares of Sri Lanka Telecom and sell the land outright where the headquarters of Sri Lanka Army was, respectively.  During Mahinda Rajapaksa era there were tax reductions and Gotabaya Rajapaksa in 2019 had a drastic cut which were in line with neo liberalism.

We are compelled to adopt certain elements of neo liberal policies to overcome the current economic crisis. Accordingly, fuel subsidy was removed, and price formula is in operation. The inefficiencies of the Petroleum corporation are included in the price formula and the corporation will be restructured to remove those inefficiencies.  Many other government entities will face that fate. In addition to that there will be increases of income and corporate taxes which are contrary to neo liberalism.

This programme is a pragmatic one which can be implemented without aligning to different ideologies. Sri Lanka needs such an approach now. Neo liberalism is a term used in Sri Lanka in derogatory manner to condemn a person. Privatization of government entities is a neo liberalist ideology and creating a social security net is a socialist ideology. The country should be able to take positives from any ideology and implement those to the benefit of our people, not of trade unions. China adopted a similar approach. As a result, China is an economic power of the world today and was able to reduce poverty of the country drastically.   

Published in Colombo Telegraph on 11 October 2022

https://www.colombotelegraph.com/index.php/are-the-imf-ranil-wickremesinghe-neoliberal/

A Brief Comment Of Ponniyin Selvan: I

 By Harsha Gunasena –

Harsha Gunasena

I have watched this film directed by Mani Ratnam which was released worldwide recently. The epic film was based on a novel by Kalki Krishnamurthy written in 1955. The period was the tenth century. It was focused on Chola dynasty and there was uncertainty about the successor of Parantaka (Sundara) Chola II, the father of Rajaraja Chola who was supposed to be the greatest king of Chola dynasty.

At the time of the film (and the novel) the Cholas have defeated Vira Pandyan of the Pandyan dynasty. Vira Pandyan was killed by Aditya Karikalan the eldest son of Sundara Chola. Vira Pandyan was the lover of Nandhini. She wanted to take the revenge of the killing of her lover and later became the young wife of Periya Pazhavetturayar, chancellor of the Chola kingdom. The film revolves around this and there were spies roaming around conspiracies were carried out and reconciliations were waged. 

Ads by FatChilli

In the film, Arulmozhi Varman who was the youngest son of Sundara Chola and who became Rajaraja Chola later, was in Sri Lanka fighting against Mahinda V, the Sri Lankan king at that time. In relation to Sri Lankan history many think that there were eternal fights between Sinhalese and Tamils which was not the case. In the film it was depicted that the fights were among the kings and princes for the sake of power. There was no ethnic rivalry in ancient Sri Lanka as of now. There were rivalries between Cholas and Pandyas as depicted in the film. In addition to that there were Cheras and Sinhalese. In certain cases, Sinhala kings brought Pandyan armies against their rivals in the island. Pandyan origin princes ruled Sri Lanka and got their names entered in chronicles.

According to Chulavamsa ( Chapter 55) Mahinda V was a weak king.  “As he wandered from the path of statecraft, and was of very weak character, the peasants did not deliver him his share of the produce. As the Prince in his tenth year has entirely lost his fortunes, he was unable to satisfy his troops by giving them their pay. All the Keralas who got no pay planted themselves one with another at the door of the royal palace, determined on force, bow in hand, armed with swords and (other) weapons with a cry ‘so lang as there is no pay, he shall not eat’ “  

The king escaped by an underground passage and ruled the country from Rohana, the south. The rest of the country was ruled by Keralas, Sinhalas and Kannatas. Thereafter Cholas invaded Sri Lanka and they captured the king and imprisoned him. He ruled the county for 36 years out of which was from Ruhuna and was imprisoned for 12 years. The Kerala army referred to in Chulavamsa were the mercenaries of Kerala origin hired by the king.

Ads by FatChilli

In the film there was a fight between the forces of Mahinda V and Arulmozhi Varman. The king was defeated and subsequently the Bhikkhus of Anuradhapura offered the crown to the Chola Prince. He refused the crown saying that his father was already holding the crown of Chola empire and cannot accept a separate crown. This was a great gesture in a period where there were fights even among close relatives for power. 

In real life Arulmozhi Varman took the initiation to give the crown to his uncle after the demise of his father. He took the crown after his uncle’s 15 year reign. Maybe the film maker/novelist have created the above incident in the film taking that quality from the character of Arulmozhi Varman.

In the film we can see Mahinda V in his palace probably at Ruhuna, after his defeat. According to Chulavamsa he fled to Ruhuna due to the rebel of his soldiers and not due to a Chola invasion.

It was clearly visible that the Buddha statues in the film were of Thai origin since it was filmed in Thailand. Director, I believe, was forced to ignore this point. Shyam Fernando portrays the image of a weak ruler. All the other actors and actresses also played their roles well.

It is considered that Mahinda V was the weakest king of Sri Lanka. Gotabaya Rajapaksa may be the close second. Mercenaries employed by Mahinda V surrounded his palace and the people of Aragalala surrounded the presidential house of Gotabaya Rajapaksa. Both fled.  The problems of the both started from the point that the income of the state reduced due to the reduction of the tax revenue. In the case of Mahinda V peasants refused to pay their taxes due to inefficiencies of the king. Gotabaya Rajapaksa took the decision of reducing the taxes taking the wrong advice. History repeats itself.  

Published in Colombo Telegraph on 11 October 2022

https://www.colombotelegraph.com/index.php/a-brief-comment-of-ponniyin-selvan-i/