පසුගියදා මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරමින් පහත සඳහන් අදහස් ප්‍රකාශ කළ බව සැප්තැම්බර් 4 දා fඬ්ලි මිරර් පත්‍රය වාර්තා කර තිබුණි.
“ආරක්ෂාව ගැන සහතික කළ නොහැකි නම් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැත. 19 වන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනාධිපතිට අමාත්‍ය ධුර දැරිය නොහැකි බව එහි පැහැදිලිව දැක්වේ. ජනාධිපති යනු කවුද? ඔහු ජනතාව විසින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කරමින් තෝරා පත් කරගත් අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මූලික වගකීම වන්නේ ජනතාවගේ සහ රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීමයි. එනමුත් 19 වන සංශෝධනයට අනුව ඔහුට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරිය නොහැක.” 4 වන සහ 3 වන ව්‍යවස්ථා අනුව ආරක්ෂාවද ඇතුළු විධායක බලතල ජනාධිපතිවරයා සතුවන බවත් මේ අනුව 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම පරස්පර විරෝධී බවත් අමාත්‍යවරයා කී බව පත්‍රය වාර්තා කර තිබුණි.
පළමුවෙන්ම කිව යුතු වන්නේ ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරිය හැකි බව ජනාධිපතිවරණයට පෙරත් පසුවත් ජී.එල්. පීරිස් සහ අලි සබි්‍ර විසින් කී බව පුවත්පත් වාර්තා කර තිබුණ බවයි.
ජනාධිපතිට ඕනෑම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් තමා වෙත තබා ගැනීමට ඉඩ සලස්වා තිබූ 44(2) වගන්තිය 19 වන සංශෝධනය මගින් ඉවත් කරනු ලැබූ හෙයින් ජනාධිපතිට කිසිම අමාත්‍ය ධුරයක් තමා වෙත තබා ගත නොහැකිය.
මේ සම්බන්ධව ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සහිත වෙනත් රටවල් මෙම තත්ත්වය කලමනකරණය කර ඇත්තේ කෙසේදැයි විමසා බැලිය හැක.
දකුණු අප්‍රිකාවේ ජාතික මන්ත්‍රණ සභාව මගින් එහි සාමාජිකයන්ගෙන් කෙනෙකු ජනාධිපති ලෙස තෝරාගනු ලැබේ. ජනාධිපති රාජ්‍යයේ, ජාතික විධායකයේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාය. ඔහු හෝ ඇය ඇමතිධුර නොදරයි. ආරක්ෂක අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් දරනු ලැබේ.
1978 ව්‍යවස්ථාවට මූලික වශයෙන් පාදක වූයේ ප්‍රංශ ව්‍යවස්ථාවයි. එරට ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිට අමාත්‍ය ධුර තබා ගත නොහැක. එයට මූලික හේතුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවත් ආණ්ඩුව පවත්නේ අගමැතිවරයා යටතේ බැවිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු නොවේ. යම් හෙයකින් ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දැරුවහොත් එම අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලට පාර්ලිමේන්තුවේදී උත්තර දීමට කිසිවකු නොමැත. මෙසේ වුවහොත් ආණ්ඩුක්‍රම ආකෘතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ආකෘතිය දෙසට තරමක් විතැන් වෙයි. එම ආකෘතිය අනුව අමාත්‍යවරු හෙවත් ලේකම්වරු පත්වන්නේ ව්‍යවස්ථාදායකයට පිටතිනි. අප රටේද ප්‍රංශයේද සියලුම ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටිමින් එයට වග කියන බැවින් අතර එක් ඇමතිවරයකු එයට පිටින් සිටිමින් එයට වග නොකියන තත්ත්වක් තුළ ආණ්ඩුක්‍රම ආකෘතියේ ඒකාග්‍රතාව බිඳී යයි.
ප්‍රංශ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය අනුව එරට සේනාධිනායකයා ජනාධිපති වන අතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දැරිය යුතුය.
“ආණ්ඩුවේ කටයුතු මෙහෙයවීම අගමැති විසින් කළ යුතුය. ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීම ඔහු සතුය. ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කිරීම ඔහු විසින් කළ යුතුය. 13 වන වගන්තියට යටත්ව ඔහු විසින් රෙගුලාසි පැනවිය හැකි අතර සිවිල් සහ හමුදා තනතුරු සඳහා පත්වීම් කළ හැක.” (21 වන වගන්තිය-ප්‍රංශ ව්‍යවස්ථාව )
(සටහන- 13 වන වගන්තියේ ජනාධිපති සතු බලතල දැක්වේ)
ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුවද ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය නොදරයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිගේ කාර්යභාරය ද අගමැතිගේ කාර්ය භාරයද ප්‍රංශ ව්‍යවස්ථාවේ මනාව දක්වා ඇත. ජනාධිපති රාජ්‍යයේ ප්‍රධානියා වන බැවින් ඇමතිවරයකු විසින් කළ යුතු සිල්ලර වැඩ ඔහු විසින් කළ යුතු නොවේ. එබැවින් පීරිස් මහතාගේ තර්කය පිළිගත නොහැක.
ආරක්ෂක අමාත්‍ය ධුරය සියතෙහි තබා ගැනීමට මෙරට රාජ්‍ය නායකයෝ පෙළඹුනහ. සෝල්බරි ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යංශය ද විදේශ අමාත්‍යංශය ද අගමැතිවරයා අතෙහි තිබිය යුතු විය. (46-4 ව්‍යවස්ථාව) 1972 ව්‍යවස්ථාවේ මෙවැනි ප්‍රතිපාදනයක් නොතිබුනත් එවකට සිටි අගමැතිනිය එම අමාත්‍යංශ සියතෙහි තබා ගත්තාය. 1978 ව්‍යවස්ථාව ඇතිවූ පසු විදේශ අමාත්‍යංශයට ඇමතිවරයකු පත් කෙරුණත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ විය. ප්‍රථම වරට එය වෙනත් ඇමතිවරයකු යටතට ගියේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ පත් වීමෙන් පසුවය. 19 වන සංශෝධනය ඇතිවීමෙන් පසු එවකට සිටි ජනාධිපති වරයාට ආරක්ෂක අමාත්‍යංශය තබා ගැනීමට විශේෂ ප්‍රතිපාදන විය. වර්තමාන ජනාධිපතිවරයා පත් වීමෙන් පසුවද එම අමාත්‍යංශයේ ඇමති ධුරය හිස්ව තබා ගනිමින් ජනාධිපතිවරයා විසින් අනියම් ලෙස අමාත්‍යංශය පාලනය කරන ලදී.
මෙය ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයකි. එය තර්කයට ගෝචර නොවේ. සමහර විට එය ඇතිවන්නේ බිය නිසා විය හැක.
දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවරභාවයකට හෙළනු ලැබූ බව එම සංශෝධනයට එරෙහිව නගන තවත් චෝදනාවකි. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ මන්ත්‍රීවරු 225 ක් සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 212 ක වැඩි ඡන්දයෙනි. පැවතියේ සුළුතරයේ ආණ්ඩුවකි. එක් අයකු විරුද්ධව ඡන්දය දුන්නේය. එක් අයකු ඡන්දය දීමෙන් වැළකි සිටි අතර 10 දෙනෙක් සභාවට නොපැමිණියහ. එබැවින් සංශෝධනය සම්මත වූයේ ආණ්ඩුවේත් විපක්ෂයේත් ආශීර්වාදය සහිතවය.
මුල් 1978 ව්‍යවස්ථාවේ බල කේන්ද්‍ර දෙකක් තිබුණි.
ජේ ආර්.ජයවර්ධන මහතා විසින් ජනාධිපති ධුරය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අගමැති ධුරය දුර්වල කරන ලදී. ඔහුගේ අගමැතිවරයා විසින් පසුව අගමැති ධුරය කාර්යාල කාර්ය සහායකයකුගේ ධුරයට සමාන කරන ලදී.
වර්ෂ 2015 ට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති එක් පක්ෂයකින්ද අගමැති තවත් පක්ෂයකින්ද පත් වී ඇත. වර්ෂ 1994 අගෝස්තු මස දී මාස තුනක පමණ කාලයකට ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අගමැති ලෙස පත් කරන ලදී. ඉන් අනතුරුව 2001 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අගමැති ධුරයට පත්විය. මෙම අවස්ථා දෙකේදී අදාළ ජනාධිපතිවරුන් ආණ්ඩුවේ සහ ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු වලට මැදහත් නොවූහ. වර්ෂ 2001 දී වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ විධායක බලතල සහිතව කුමාරතුංග මැතිනියගේ අධිපත්‍යය නොතකා කටයුතු කරන ලදී. මෙම තත්ත්වය අවසන් වූයේ කුමාරතුංග මැතිනිය විසින් අමාත්‍යංශ තුනක් අත්පත් කර ගැනීමෙන් පසුවය. ඉන් පසුව ඇය විසින් 2004 පෙබරවාරි මස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. පළමු අවස්ථාවේදී ජනාධිපති විජේතුංග ආරක්ෂක අමාත්‍යංශය තමන් වෙත තබාගත් අතර දෙවන අවස්ථාවේදී ජනාධිපති කුමාරතුංගට ආරක්ෂක අමාත්‍යංශයද තබා ගත නොහැකි විය. එම තත්ත්වය වෙනස් වූයේ ඇය විසින් එම අමාත්‍යංශය පවරා ගැනීමෙන් පසුවය.
එබැවින් මෙම ආකෘතියට ද්විත්ව විධායකයක් තිබේ. වර්ෂ 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රීලනිප යේ නායකත්වය බාර ගත් පසුව ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වී සිටියහ. එබැවින් එම ආණ්ඩුව සංහිඳියා ආණ්ඩුවකි. එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇතැයි යමකු කිවහොත් එය සත්‍යයක් නොවේ. බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කර ඇත්තේ මුල් ව්‍යවස්ථාව කෙටුම් පත් කළ ව්‍යවස්ථා සම්පාදකයන් විසිනි. මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ගේ විග්‍රහයේ ප්‍රධාන විවේචනයක් වූයේ මෙම කාරණයයි. 19 වන ව්‍යවස්ථාව මගින් කර ඇත්තේ එක් බල කේන්ද්‍රයක් අනෙකට වඩා ශක්තිමත් කිරීමයි. එම අවස්ථාවේදී ජනතා ඉල්ලීම එය විය. ඇත්ත වශයෙන්ම ජනතා ඉල්ලීම වූයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම අහෝසි කරණ ලෙසයි.
එබැවින් 19 වන සංශෝධනය මගින් බල කේන්ද්‍ර දෙකක් ඇති කරන ලදැයි කීම පිළිගත නොහැකි තර්කයකි.
ඇත්ත වශයෙන්ම සිදුවූයේ අගමැති ධුරය වඩාත් ශක්තිමත් කිරීමයි. එම ශක්තිමත් වූ අගමැති ධුරයද ප්‍රංශ අගමැති ධුරය තරම් ශක්තිමත් නැත.
පවතින පාර්ලිමේන්තු බලය සමඟ ආණ්ඩු පක්ෂයට තමන් කැමති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට මාරු වීමේ අවකාශය තිබේ. මෙරට ඉතිහාසය පුරාම, 17 සහ 19 සංශෝධන හැර, සිදුව ඇත්තේ එයයි. අත්තනෝමතිකත්වයට තමන් බලාපොරොත්තු නොවන ප්‍රතිඵල ද අත්පත් කර දිය හැකි බව අප සියලු දෙනා විසින් මතක තබා ගත යුතු යයි සිතමි.
published in Anidda news paper on 13/9/2020
https://www.samabima.com/?p=21593
හර්ෂ ගුණසේන විසින් සමබිමට ලියන ලද ලිපියකි