Thursday, July 20, 2023

Western Democracy & Our Democracy

By Harsha Gunasena –

Harsha Gunasena

Professor Jayadeva Uyandoda has written an interesting article to ‘Anidda’ last week about Thin Democracy and the requirement of deepening the same. He claimed that what Western countries mean by democracy is in fact thin democracy which means the power of the democratic institutions are with a handful of elites and the people have no say about the political decisions taken by them. Deepening of democracy is to work on the political reforms which increases the public participation of democratic processes as checks and balances  to the elites who hold the power now.

After reading the article I thought of presenting the following hypothesis about Western and Eastern Democracies. This in not in line with any theory of Political Science but based on what I have read what I think.

The different democratic governing structures prevalent today are influenced by Western Democracies. Western countries struggled long period against the rule of the kings and their Democracies originated with their experiences of those struggles. In this process they have created certain values. The values of the countries which were gifted with democracy with the independence from the western rulers,  and the countries which got adapted to democracy with the change of the world,   are different to the values of the countries which were struggled with kingships to form democracy.  Democracy which is in operation of the countries with traditional values is different to the democracy prevalent in those Western countries.

The fundamental values of the West in relation to democracy can be identified as liberty, equality, and justice. These values created by the people who struggled against kingships are not in the same form in other counties. As an example, there is no Sinhala word for liberty. Usually, it is translated as නිදහස which is freedom. I believe In Tamil also there is no word for liberty which is translated to Tamil as சுதந்திரம். It is freedom once again.

Western equality does not mean that all the citizens should be equal. It means that all the citizens should get equal opportunities, which means for opportunities, things such as origin will not be considered and only the capabilities will be considered. Justice is the fairness in the way the people are dealt with.

Freedom means the power or right to do or say what you want without anyone stopping you. Liberty means the freedom to live as you choose without too many limits from government or authority. 

The person who understand the meaning of liberty knows that it applies to other persons as well and the way he or she chosen to live should not be a hinderance to the others. In this type of societies, the connections between people are loose. They mind their own business. Democracy is the wish of the majority. People who understand liberty know that minority should not be crushed by the majority wish. 

In Sri Lanka or in many Eastern countries there is no freedom to the people to live in accordance with the way they have chosen. There are influences from the parents and various ingroups. They are connected to different networks from birth. The concept of justice is applied differently  to the people who are in the ingroups and who are outside of the ingroups. These ingroups can be created based on ethnicity, religion, caste, school educated, etc. Mahinda Rajapaksa understood this very well. That was why he said it was a good thing to treat his own people. Democracy under the western values cannot be functioned in this manner.

In the countries such as Sri Lanka the political parties got majority power usually suppress the rights of the minorities. This happens since those who govern and those who are governed do not have clear understanding of the concepts of liberty and justice which are fundamental democratic values. Even though they understand they do not have courage to implement those due to the influence of the people.  

This minority could be ethnic, religious, or political minority. One repercussion would be that these minorities could use undemocratic ways such as  armed struggles. We can understand in this line the reason of having three armed struggles in independent Sri Lanka. 

In the countries such as France the people wage massive demonstrations. However, people in France do not wish to get the power of the state by public protests. Emmanuel Macron in his first term as the President during a movement of public protests went around the country engaging with people trying to convince people with his idea.

The intention of the armed struggles in Sri Lanka was to get the power of the state or else to stop the operation of the state in their area. In the initial stages of the recent Aragalaya, they have requested fundamental changes of the governing system but at the final stage anarchism was emerging.

In Sri Lanka and in the countries with similar background, when the government gets more power the operation of the government is more authoritative and when the government gets a less power it leads to anarchism.  This is because our society is not shaped based on the fundamental values of a typical Democracy and the democracy in operation of our countries is based on the values of our society. We have a mutated democracy in operation.

In countries where real democracy is in operation when the government is having more power the government will become efficient and if the government is having less power, it becomes inefficient. in those countries this axis operates in the line of efficiency and inefficiency and in our type of countries it operates in the line of authoritarianism and anarchism. 

These days in Bangladesh there are protests against the government. Sometime back when Khaleda Zia and Sheikh Hasina were in power in turns, the protests were strong to the extent of anarchism. In France protests cannot bring the country to that level.

Authority of law cannot be established in the country since from top to the bottom of the society, favoritism is established. Authority of law is a basic requirement of democracy. During the time of the kings authority was with the kings. Authority was transferred to the law thereafter. The Buddha transferred the authority to the Dhamma after him.   

Liberty, equality, and justice  are in line with Buddhism. However, those are not in line with the Sri Lankan culture. There is a visible conflict between the Buddhism and the Sri Lanka culture. Hence what we have done is to create a Buddhism which suits to our culture. In order to save that created Buddhism we are prepared to fight with anybody. This is against the real Buddhism.

Authority of law is in line with equality. We treat our friends. Then the President is also treat his friends. Then people try to be his friends and not to change our cultural bias.

Hence, we are in a trap. The first Prime Minister of Singapore imposed severe laws to overcome this cultural weakness. Mahatma Gandi during the Indian independence struggle openly spoken about the cultural weaknesses of the people. We should examine what we can do. 

In order to have meaning to our democracy we should propagate the values of liberty, equality and justice in our people. Also there is a trend that these values are getting inculcated in the minds of the people when there is economic prosperity.

(Published in Colombo Telegraph on June 16, 2023)

https://www.colombotelegraph.com/index.php/western-democracy-our-democracy/

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදය

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

පසුගිය අනිද්දා කලාපයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම සහ මතුපිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දේශපාලන විද්‍යා න්‍යායට අනුව අගනා විග්‍රහයක් කර තිබුණිබටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ මතුපිට ප්‍රජාතන්ත්‍රවාදය එනම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ප්‍රභූ පන්තියේ සුළුතරයක් අත පැවතීමත් තමන් පත්කරන නියෝජිතයන්ගේ දේශපාලන තීරණ පිළිබඳව බලපෑමක් කිරීමට නොහැකියාව බව ඔහු සඳහන් කර තිබුණිප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම යනු එය ග්‍රහණය කරගෙන සිටින ප්‍රභූ තන්ත්‍රයේ බලයට සංවරණයක් හා තුලනයක් ලෙස ජනතාවගේ සහභාගිත්වය ගොඩනගන දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සිතීමයි. 

ලිපිය කියවූ මට බටහිර සහ පෙරදිග ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව පහත දැක්වෙන ප්‍රවාදය ඉදිරිපත් කිරීමට සිතුණිමෙය දේශපාලන විද්‍යා න්‍යායකට අනුව ඉදිරිපත් කෙරෙන්නක් නොව මවිසින් කියවන ලද සහ මට සිතෙන දේවල් අනුව ඉදිරිපත් කෙරෙන්නකි.

ලොව දැනට විවිධ රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් අභාසය ලැබූ ඒවායබටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවූයේ රාජාණ්ඩු ක්‍රම වලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගල වලින් ලබන ලද පන්නරය උපයෝගී කර ගෙනයමෙම අරගල හරහා බටහිර රටවල් විසින් ගොඩනගා ගෙන ඇති හර පද්ධතියක් ඇතප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ මෙම සක්‍රිය ක්‍රියාවලියට දායක නොවූ එමෙන්ම  බටහිර රටවල යටත් විජිතයන්ව සිට නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු සහ ලෝකයේ වෙනස් වීම අනුව ප්‍රජාතන්ත්‍රවාදයට හැඩගැසුණු රටවල පවතින සම්ප්‍රදායික හර පද්ධතීන් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා අරගල කළ රටවල පවතින හර පද්ධතීන්ට වඩා වෙනස් වේවිවිධ රටවල මෙම  සම්ප්‍රදායික හර පද්ධතීන් මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස් මුහුණුවරක් ගනී.

ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධව බටහිර හර පද්ධතියේ මූලික වටිනාකම් නිදහස (Liberty) සමානාත්මතාව (Equality) සහ යුක්තිය (Justice) ලෙස හඳුනා ගත හැකරාජාණ්ඩු වලට එරෙහිව අරගල කළ ජනයා  විසින් ගොඩනංවන ලද මෙම වටිනාකම් ඒ ආකාරයෙන් ම වෙනත් රටවල නැතඋදාහරණයක් වශයෙන් ලිබර්ටි යන ඉංග්‍රීසි වචනයට සරිලන සිංහල වචනයක් අපට නැතඑය නිදහස නොවේනිදහසෆ්‍රීඩම් (freedom) යන ඉංග්‍රීසි වචනයෙන් අදහස් වේමා දන්නා තරමට දෙමළ භාෂාවේද ලිබර්ටි  යන ඉංග්‍රීසි වචනයට සරිලන වචනයක් නැතඑය දෙමළට පරිවර්තනය වන්නේ  சுதந்திரம் වශයෙනිඑහි අර්ථය නැවතත් නිදහසයි.

බටහිර සමානාත්මතාවයෙන් අදහස් කරන්නේ සියලු පුරවැසියන් සම මට්ටමේ අයවියයුතු බව නොවේපුරවැසියන් සියලු දෙනාටම සමාන අවස්ථා තිබිය යුතු බවයිඑනම් අවස්ථා සඳහා ඔවුන්ගේ ජන්මය ඇතුළු අනෙක්  කාරණා නෙසැලකිය යුතු අතර හැකියාව පමණක් සැලකිය යුතුයයුක්තිය යන්නෙන් සැමට සාධාරණය ඉෂ්ට විය යුතු බව අදහස් කෙරේ.

ෆ්‍රීඩම්  හෙවත් නිදහස යන ඉංග්‍රීසි වචනයේ අරුත කිසිවකු ගේ බාධාවකින් තොරව තමාට කැමති දෙයක් කීමට හෝ කිරීමට හෝ ඇති අයිතියයිලිබර්ටි යන ඉංග්‍රීසි වචනයේ අර්ථය ආණ්ඩුවෙන් හෝ වෙනත් අධිකාරියකින් හෝ ඇතිවන බොහෝ සීමා කිරීම් වලින් තොරව තමා තෝරාගත් ආකාරයට ජීවත්වීමට ඇති නිදහසයිජස්ටිස්  හෙවත් යුක්තිය යන වචනයේ තේරුම සාධාරණ ලෙස මිනිසුන්ට සැලකීමයි.

ලිබර්ටි යන්නෙහි නිසි අර්ථය දත් පුද්ගලයා තමා මෙන්ම අනෙක් අයටත් එය අදාල වන බවත් තමා තෝරාගත් ආකාරයට ජීවත්වීම අනෙක් අයට බාධාවක් නොවිය යුතු බවත් දනීමෙවැනි සමාජ වල පුද්ගලයන් අතර ඇති බැඳීම ලිහිල්යඔවුහු තමන්ගේ වැඩක් බලාගනිතිප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි දෙනාගේ කැමැත්තයිවැඩිදෙනා ගේ කැමැත්ත විසින් සුළුතරය පාගා නොදැමිය යුතු බව ලිබර්ටි  යන්නෙහි නිසි අර්ථය දත් පුද්ගලයා දනීඑබැවින් එක්තරා විදියකට ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවීමට එය හේතුවේ.

ලංකාවේ හෝ පෙරදිග බොහෝ රටවල හෝ තමා තෝරාගත් ආකාරයට ජීවත්වීමට නිදහසක් මිනිසුන්ට නැතදෙමවුපියන්ගෙන් සමාජයෙන් සහ තමන අයත් වන විවිධ කණ්ඩායම් වලින් බලපෑම් එල්ල වේඋපතේ සිටම ඔවුහු විවිධ සම්බන්ධතා ජාල සමඟ බැඳී සිටිතියුක්තිය (Justice) පිලිබඳ වන සංකල්පය මෙම ජාල තුළ සිටින අයට එක ආකාරයකටත් ජාල  වලින් පිටත සිටින අයට තවත් ආකාරයකටත් ක්‍රියාත්මකවේමෙම ජාල ජනවාර්ගිකත්වයආගමකුලයඉගෙනගත් පාසැල ආදී වශයෙන් ඇතිවිය හැකමහින්ද රාජපක්ෂ මෙම ආකාරය මැනවින් අවබෝධකරගත් අයෙකිඔහු තමන්ගේ මිනිහාට සැලකීම  හොඳ දෙයක් බව ප්‍රසිද්ධියේ කියා සිටියේයමක්නිසාද යත් එය ජනතාව අනුමත කරන දෙයක් බැවිනිප්‍රජාතන්ත්‍රවාදයට මේ ආකාරයට අසාධාරණ ලෙස ක්‍රියාත්මක විය නොහැක.

ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩි බලයක් හිමිකරගත් පක්ෂ විසින් සුළුතරයේ අයිතිවාසිකම් පාගා දැමීම බොහෝ විට දක්නට ලැබේ.එසේ වන්නේ පාලකයන්ට සහ ජනතාවට ලිබර්ටි  සහ ජස්ටිස්  හෙවත් සාධාරණ ලෙස මිනිසුන්ට සැලකීම යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප පිලිබඳ අවබෝධයක් නොමැති නිසායඅවබෝධයක් තිබුනත් සිය සංස්කෘතික බලපෑම මත එසේ කල යුතු යයි නොහැඟෙන නිසාය.

මෙම සුළුතරය ජනවාර්ගික සුළුතරය හෝ දේශපාලන පක්ෂ අනුව වන සුළුතරය හෝ විය හැකමෙහි එක ප්‍රතිඵලයක් වන්නේ මෙම සුළුතරය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම අනුගමනය කිරීමට පෙළඹීමයිලංකාවේ ප්‍රචණ්ඩ කැරලි තුනක් ඇතිවීම මේ අනුසාරයෙන් තේරුම් ගත හැක.

ප්‍රංශය වැනි බටහිර රටවල ජනතාව විසින් ඉතා බලපතළ විරෝධතා පවත්වනු ලැබේඑනමුත් ප්‍රංශයේ ජනතාව විරෝධතා ව්‍යාපාර වලින් හෝ අරගලයකින් හෝ රාජ්‍යයේ බලය අල්ලා ගැනීමට කල්පනා කරන්නේ නැතඑක වතාවක වර්තමාන ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඔහුගේ පළමු ධුර කාලයේ ඇතිවූ විරෝධතා ව්‍යාපාරයකදී ජනතාව සමග සංවාද කරමින් සිය මතය තහවුරු කිරීම පිණිස විවිධ පළාත් වලට ගියේය.

ලංකාවේ සන්නද්ධ කැරලි වල අරමුණ වූයේ රාජ්‍ය බලය ලබා ගැනීමයිඑසේ නැතහොත් සිය ප්‍රදේශය තුල රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන්ම නවතා දැමීමයිපසුගියදා පැවති අරගලයේ මුල් අවස්ථාවේදී  රාජ්‍යයේ මූලික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි නමුත් අවසාන අදියරේදී රට අරාජික වන ස්වභාවයක් මතුවිය.

ලංකාවේ සහ අප වැනි තවත් රටවල ආණ්ඩුවට වැඩි බලයක් ලැබෙන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අධිකාරිවාදී ස්වභාවයකට තල්ලු වන අතර ආණ්ඩුවේ බලය අඩුවන විට අරාජක තත්ත්වයක් ඇතිවේලාංකික ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම ස්වභාවය ඇතිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම් වලට අනුව අපේ සමාජය හැඩ ගැසී නොමැති නිසා සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ අපේ සංස්කෘතික වටිනාකම් වලට අනුව නිසා මෙහි ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් බැවිනි.

නියම ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල ආණ්ඩුවට වැඩි බලයක් තිබෙන විට ආණ්ඩුව කාර්යක්ෂම වේබලය අඩුවන විට නීති සම්මත කර ගැනීමට ඇතිවන බාධා නිසා කාර්යක්ෂමතාව අඩුවේඑවැනි රටවල මේ අක්ෂය ක්‍රියාත්මක වන්නේ කාර්යක්ෂමතාව සහ අකාර්යක්ෂමතාව පිලිබඳ අක්ෂයේ වන අතර ලංකාව වැනි රටවල එය ක්‍රියාත්මක වන්නේ අධිකාරිත්වය සහ අරාජකත්වය පිලිබඳ අක්ෂයේය.

මේ දිනවල බංග්ලාදේශයේ විරෝධතා ඇතිවී තිබේකලකට පෙර ෂීක් හසිනා සහ ඛලිඩා ෂියා මාරුවෙන් මාරුවට අගමැතිවූ යුගයේ රට අරාජක වන මට්ටමට විරෝධතා වැඩි වියප්‍රංශයේ විරෝධතා නිසා රට අරාජක තත්ත්වයට පත් නොවේ.

රටේ නීතියේ අධිපත්‍යය පිහිටුවීමට නොහැක්කේ අපගේ සමාජයේ ඉහළ  සිට පහළට ඇති හිතවතුන්ට සැලකීමේ සංස්කෘතික ගුණාංගය නිසායනීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයකිරජුන්ගේ යුගයේ අධිපත්‍යය තිබුනේ රජුන්ටයනීතියට අධිපත්‍යය පැවරුනේ ඉන් පසුවයබුදුන් තමන් ගෙන් පසු ආධිපත්‍යය පැවරුවේ ධර්මයටයි.

ලිබර්ටිසමානාත්මතාව සහ යුක්තිය බුදුදහම සමඟ බොහෝ සෙයින් එකඟ වන අතර ඒවා සමඟ ලාංකික සංස්කෘතියේ එකඟතාවක් නැතමේ අනුව බුදු සමය සහ ලාංකික සංස්කෘතිය අතර පැහැදිලි ගැටුමක් පෙනෙන්නට තිබේඒ අනුව අප විසින් කර ඇත්තේ අපට ගැලපෙන බුද්ධාගමක් නිෂ්පාදනය කර ගැනීමයිමේ බුද්ධාගම රැකීමට අපි ඕනෑම අයකු සමඟ ගැටුමකට සුදානම්යඑමෙන්ම මේ බුද්ධාගම බුදුන් වදාල දහමට පටහැනිය.

නීතියේ අධිපත්‍යය සමානාත්මතාවට (equality) එකඟයිඅපි අපේ මිතුරන්ට සලකමුඑවිට ජනාධිපති ද ඔහුගේ මිතුරන්ට සලකයිජනතාව උත්සාහ කරන්නේ ඔහුගේ මිතුරන් වීමටයඅපේ සංස්කෘතික නැමියාව වෙනස් කර සමානාත්මතාව දෙසට ගමන් කිරීමට නොවේ.

මේ අනුව අප ඉන්නේ උගුලකයසිංගප්පුරුවේ ප්‍රථම අගමැතිවරයා දැඩි නීති පැනවීමෙන් මෙම සංස්කෘතික නැමියාව වෙනස් කළේයමහත්මා ගාන්ධි ඉන්දීය නිදහස් අරගලයේදී ජනතාවගේ සංස්කෘතික දුර්වලකම් ගැන ප්‍රසිද්ධියේ කථා කළේයඅපට කළ හැක්කේ කුමක්දැයි අප විසින් විමසා බැලිය යුතුවේ.

අපේ ප්‍රජාතන්ත්‍රවාදයට නියම අර්ථයක් ලබා ගැනීමට නම් ජනතාව අතර මෙම මූලික වටිනාකම් එනම් ලිබර්ටිසමානාත්මතාව සහ යුක්තිය  වර්ධනය කළ යුතුයඑමෙන්ම ආර්ථික දියුණුවට සමාන්තරව මෙම වටිනාකම් වර්ධනය වීමේ ප්‍රවනතාවක්ද තිබේ 



  •  0
     0

    හර්ෂ, ඉතා හොඳ ලිපියක්!
    මා සිතන ආකාරයට liberty සහ freedom යන වචන දෙකේ ඇති වෙනසක් නෑ. “ලිබර්ටි” යන වචනය විකාශනය වන්නේ “ලිබර්ටේටම්” [libertatem] කියන ලතින් වචනයෙන් වන අතර එහි තේරුම නිදහස යන්නයි. එය ඉංග්‍රීසි භාෂාවට එන්නේ පැරණි ප්‍රංශ වචනයක් වන “ලිබර්ටේ” [liberte] හරහාය, එහි නිසි අර්ථය නම් “නිදහස” යන්නයි. ඔය මොන වචනයෙන් කීවත් අවසන් අරුත නම් මනුෂ්‍ය චින්තනයට අවශ්‍ය නිවහල් භාවයක් යම් සමාජයක් විසින් හරවත් ලෙස ඇති කර තියෙනවාද කියන කාරණයයි. එනම්, අනුමත වූ නීතිමය රටාවකට අනුකූලව මිනිසෙකුට තමාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය යම් කිසි සමාජයක් විසින් ඇති කර තිබේද යන්නයි. ඒ අනුව මගේ පිළිගැනීම නම් මේ දෙකම එකම අර්ථයක් ඇති වචන දෙකක්.

    දැන් අපි ගමු ලාංකීය සමාජ රටාවන්, චර්යා ධර්ම, ඉතිහාසය, ආගමානුකුල පිළිවෙත් හා මේ සියල්ලේ ඇති විෂම සම්බන්ධතාවයන්. මා කියන්ට යන තර්කය දූපත් චින්තනයෙන් බැහැර වූ ඉන් පෝෂණය නොවූ, වෙනත් රටවල මිනිසුන් ජීවත් වන ලෝක ධර්මතාවෙන් පෝෂ්‍ය වූ එකක් කියල මුලින්ම කියන්ට ඕනා. අපිට පැහැදිලිවම පේනවා නේද පවතින ලාංකීය සමාජ ගත චාරිත්‍ර හෝ වටිනාකම් බොහොමයක් පදනම් වී ඇත්තේ සාමූහිකවාදී සමාජ ධර්ම (collectivist) මත කියලා? වැඩිහිටි ගරු පිළිවෙත්, පවුල් පන්සල් යනාදී කටයුතු වල සාමුහික තීරණ ගැනීම්, ආගමාණුකූල වත් පිළිවෙත්, පන්සල හා ඇති දැඩි බැඳීම්, අත්තම් ක්‍රමය වැනි ආර්ථික කටයුතු…. මේ සියල්ල සාමුහික සමාජයක දක්නා වැදගත් ලක්ෂණයන්. වෙනත් විදියට කියනවානම්, තමාට රුචි පරිදි තීරණ ගැනීමට පුද්ගලයෙකුට ඇති නිදහස ඉතාම අවම වීම හෝ කොහෙත්ම නැති වීම මේ සමාජයන් තුල ඉතා සුලභ දෙයක්. විශේෂයෙන්ම පුරුෂ ආධිපත්‍ය බලවත් වූ මේ සමාජ ක්‍රමය තුල කාන්තාවන්ට ඇති අයිතීන් හෝ නිදහස ඉතා සීමිත වීම.


  • Contd….. හැබැයි, පහුගිය දශක පහක විතර කාලයේ ලංකාව දිහා බැලුවොත් අපි බොහොමයක් නූතන බටහිර පාරිභෝගික සමාජ ක්‍රමයට දැඩි ඇල්මක් දක්වනවා කියන එක මැනවින් පේනවා නේද? හැමෝටම සිංහල දෙමළ කෙසේ වෙතත් ඉංගිරිසි ඉගෙන ගන්ට දැඩිවම අවශ්‍යයිනේ? මානව අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය, චන්ද බලය, පුද්ගලික නිදහස, කාන්තා විමුක්තිය, ලිංගික නිදහස, දේශපාලන නිදහස යනාදී කාරනා අද ඉතා වැදගත් කාරනා නේද? හැබැයි මේ එකක්වත් අපේ සිංහල රාජාණ්ඩු ක්‍රමයේ හෝ සිංහල සංස්කෘතියේ තිබු ලක්ෂණ නොවෙයිනේ? ඒ ගැන කීයෙන් කී දෙනාද දැනුවත් වන්නේ? මේ කාරනා ගැන අපේ පරම්පරාගත නිර්ණයන් ඉතා දැඩි ලෙස සංවාදයට ලක් වෙලා තියෙනවා නේද? අද ජීවත් වන ජනගහනය පරණ යල් පිනූ මතවාද සෑහෙන දුරකට ප්‍රතික්ෂේප කරනවා නේද? ඒ කියන්නේ බටහිර සමානාත්මතාවාදී (egalitarian) වටිනාකම් ඔස්සේ හඹා යන බවත් පැහැදිලිවම පේනවා නේද? ඒ තමා බටහිර සමානාත්මතාවාදී (egalitarian) ප්‍රවේණිගත ලක්ෂණ!

    මෙන්න මේ සංඝටකය තමා අද ලාංකීය සමාජය විපරිත, තුෂ්ණිම්භූත භාවයට ඇද දාලා තියෙන්නේ. අපේ ජනතාව බොහෝ දෙනෙක් මේ ප්‍රපංචයන් දෙකේ වෙනස දන්නේ නෑ. වසර 2500 රාජාණ්ඩු ක්‍රමයේ සිට අවුරුදු 443 විදේශීය පාලනයන් හා ඊට පසු 70 වසරක වෙස්මිනිස්ටර් ප්‍රජාතන්තරවාදයක වෙනස විසඳා ගන්ට බැරි තත්වයක් නේ මේ තියෙන්නේ? උදාහරණයක්, අපේ ප්‍රවේණිගත සමාජය රාජාණ්ඩු පාලනයකින් මෙහෙය වූ ක්‍රමයක්. ඒ කියන්නේ රජුන්ට හෝ ඔවුන්ගේ බිසවුන්ට හෝ රජුන්ගේ හිතවත් අදිකාරම් ලාට අභිමත පරිදි ගෙන ගිය සමාජ ආර්ථික ක්‍රමයක්. රජුන්ට දොළ පිදේනි දුන්නොත් ඔක්කොම ගොඩ! නමුත් සුද්දන් අපිට ගෙනාවේ ඊට හාත් පසින්ම වෙනස් පුද්ගලික හා මානව හිමිකම් ඇති ක්‍රමයක් නේ?

  • Cntd…..චන්ද ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, රස්සා දීමේ ක්‍රමය…මේ ඔක්කොම දේවල් වලට ජාති, ආගම් කුල බේද වලංගු උනේ නෑනේ. අද ලංකාව අපේ පරම්පරාගත collectivist ක්‍රමය එක්ක බටහිර egalitarian ක්‍රමයත් පටලෝගෙන නේ ඉන්නේ. පුද්ගලික වාසි වෙනුවෙන් රාජපක්ෂ (පවුල නොවේ) ක්‍රමයට දැඩි ලෙස ආ වඩන අතරම පුද්ගලික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ඒ ගැනත් කෑ ගහනවා. මේ දෙක දෙකක්! එකක් නොවේ! රජුන්ට පක්කලිකම් කර තානාන්තර ගන්නා අතර පුද්ගලික නිදහසත් අත් විඳින්ට බෑ !! රස්සාවල් ගන්ට, පෙට්‍රල් ෂෙඩ් එකක් ගන්ට, අරක්කු තැබෑරුමක් ගන්ට රජුන්ට පන්දම් අල්ලලා ඊට පස්සේ පුද්ගලික නිදහස ඉල්ලන්ට විදියක් නෑ ඒ ක්‍රමයේ. මේ අන්ත දෙක hybrid කරන්ට කිසිම විදියක් නෑ! ඒක තමයි වෙස්මිනිස්ටර් එංගලන්තෙයි සිංහල බෞද්ධ ලංකාවෙයි වෙනස!

    අද ලාංකිකයන් මේ දෙකොනම පටලාගෙන ඉන්නා බවත්, ඉන් කිසිම විසඳුමක් ලැබෙන්නේ නැති බවත් කියමින් මේ සටහන අවසන් කරමි. දොන් නම් දොන් – සිමන් නම් සිමන් කියන්නේ මේවාටය.

  • (published in Colombo Telegraph on June 16, 2023)

  • https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-16-june-2023/