Wednesday, September 7, 2022

අතුරු අයවැය 2022: රටේ ආර්ටික දිශානතිය වෙනස් කිරීම

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වශයෙන් 2022 අතුරු අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මෙම අයවැය අනුව රටේ ආර්ථික ඉදිරි ගමනේ මූලික දිශානතිය වෙනස්වේ. එනම් ආර්ථික ක්‍රියාකාරකම් වලින් රජය බැහැර වී නියාමනයට ප්‍රමුඛත්වය ලබා දීමයි.

අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතී ආණ්ඩු විසින් රටේ ආර්ථික ගමනේ මූලික දිශානතිය වරින් වර වෙනස් කර ඇත.සමහර අවස්ථා වලදී එය සම්පුර්ණයෙන්ම අංශක 180 ක් ආපසු හැරී ගමන් කර තිබේ. රට ආර්ථික අගාධයකට වැටී ඇති මේ අවස්ථාවේදී මෙම දිශානතියේ වෙනස අත්‍යවශ්‍ය කාරණයකි.

මේ වෙනස ජනාධිපතිවරයාට පක්ෂපාතිත්වය දක්වන පොදුජන පෙරමුණේ දේශපාලන දැක්මට  වෙනස්ය. එනමුත් ඔවුන්ගේ දේශපාලන දැක්මට පටහැනිව විවිධ ප්‍රයෝගික තීන්දු ඔවුන් විසින් ගෙන ඇත. 2022 අයවැය ඉදිරිපත් කරද්දී බැසිල් රාජපක්ෂ එවකට මුදල් ඇමතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය 300 ක් පමණ තිබෙන බවත් ඒවාට රජය විසින් කර ඇති ආයෝජනය රුපියල් බිලියන 670 කට අධික වන බවත් ඒවා නඩත්තු කිරීමට රුපියල් බිලියන 75 ක් පමණ වාර්ෂිකව වැය කරන බවත් කියා සිටියේය. මෙම නාස්තිය නැති කිරීමට ඔහු යෝජනා කලේ කාර්යක්ෂම කළමනාකාරීත්වයකි.

කාර්යක්ෂම කළමනාකාරිත්වයක් තිබේ නම් ලාභ වැඩි කල හැකිය. සිංගප්පුරුවේ රජය සතු දැවැන්ත සමාගමක් වන ටෙමාසෙක් එවැන්නකි. ලංකාවේ සමාජ සංස්කෘතිය සහ එහි උප කුලකයක් වන දේශපාලන සංස්කෘතිය අනුව වැඩි සැලකිලි ලැබෙන්නේ හිතවතාටයි. සුදුස්සාට නොවේ. නීතියට නොවේ. සිංගප්පුරුවේ ද තිබුණු මෙම සංස්කෘතිය එම රටේ අගමැති විසින් බලහත්කාරයෙන් වෙනස් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එය කළ යුතු දෙයකි. එයට වඩා විශාල සමාජ සංස්කෘතිය ද ලි ක්වාන් යු කළාක් මෙන් වෙනස් කළ යුතුය.

රාජ්‍යය කුඩාවී ප්‍රතිපත්ති සකස් කිරීමට සහ නියාමනයට ප්‍රමුඛතාව දුන හොත් එය රටේ මූලික ප්‍රශ්නයක් වන අයවැය හිඟය කෙරෙහි ක්ෂණිකව ධනාත්මක ලෙස බලපායි. රටේ ගාමක චින්තනය වන හිතවතුන්ට සැලකීම එනම් නීතියට නොසැලකීම සහ ව්‍යාපාර රජය සන්තකයේ තබා ගැනීම උත්කර්ෂයට නංවනු ලැබූ එක් අවස්ථාවක් මෙසේය.

මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි යුගයේ එමිරේට් සමගම විසින් පාලනය කල ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පුද්ගලික සංචාරයක යෙදී සිටි ජනාධිපති ඇතුළු කණ්ඩායමක ට පහසුකම සැලසීම වස් මුදල් ගෙවා ආසන වෙන් කරවා ගෙන සිටි මගින්  30 දෙනකු ගේ ගමන අත්හිටවීම ප්‍රතික්ෂේප කිරීම නිසා එවකට සිටි එමිරේට් ආයතනයේ මෙරට ප්‍රධානියාගේ නේවාසික විසා තහනම් කල අතර (විදේශිකයකු වූ ඔහු විවාහව සිටියේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟයි) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නැවත රජයට පවරා ගන්නා ලදී. එමිරේට් යටතේ ලාභ ලැබූ එම සමාගම දැන් පාඩු ලබන රාජ්‍ය සමාගම් අතර ඉදිරියෙන්ම සිටි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ හෙවත් පුද්ගලීකරණය කිරීමේ ප්‍රමුඛ තම ආයතන තුනක් බව ජනාධිපති වරයා විසින් අයවැය කථාවේදී සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 2021 මාර්තු 31 දිනට ප්‍රාග්ධනය සංචිත සහ එකතුවූ ලාභ වල සම්පුර්ණ එකතුව ඍන රුපියල් බිලියන 281 කි. එම වසරේ පාඩුව රුපියල් බිලියන 45 කි. පසුගියදා පුද්ගලීකරණය කළ ටාටා සමාගමට පවරා දුන් ඉන්දීය ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්ඩියා සමාගම ඊට වඩා විශාල ඊට වඩා පාඩු ලැබූ සමාගමකි.

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය දැනටමත් ආරම්භ කර ඇත. විදුලි බිලට  ද ඛනිජ තෙල් මිලට ද අදාල සහන ඉවත් කර ඇත. ඒ අනුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා පාරිභෝගිකයා ගෙවන මිලෙහි අඩුවීමක් තිබිය යුතුය.

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් 20% ක් සේවකයන්ට සහ තැන්පතුකරුවන්ට දීමට යෝජනා කර තිබුණි. එයට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කර තිබුනේ බැංකු වල ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා රජයට මුදල් යෙදවීමට අපහසු වීමයි. චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් මෙම බැංකුවල මුදල් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ට මුදා හැර ඒවා බොල් ණය ලෙස කපාහරින්නට මග පෑදු සේවකයන් බැංකු වල තබාගෙන 20% කොටස් දීමෙන් පලක් නැතැයි කීය. එයට අමතරව රජය සතු ව්‍යාපාර වල පාඩු නිසා ඉවතට ගලා යන මුදල් ණය වශයෙන් ප්‍රතිපුරණය කිරීම සඳහා මෙම රාජ්‍ය බැංකු යොදා ගෙන ඇත.

ඇත්ත වශයෙන්ම 20% කොටස් තැන්පත් කරුවන්ට සහ සේවකයන්ට දීමෙන් විශේෂ වෙනසක් ඇති නොවනු ඇත. නමුත් මෙය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආරම්භයයි. බැංකු වැනි ලාභ ලබන ආයතන වල කොටස් රජය සන්තකයේම තබාගත යුතු යයි කියන මතවාදය ඛණ්ඩනය කිරීමේ ආරම්භය මෙය වනු ඇත.

මෙම බැංකු වල කළමනාකාරිත්වය ඇතුළු 50% කට ආසන්න කොටස් ප්‍රමාණයක් පුද්ගලීකරණය කල යුතුය. ලංකා බැංකුව සහ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වෙළෙඳපොළෙන්  35% ක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. අනෙක් පුද්ගලික බැංකු සිටින්නේ ඒ සෙවනේය. ඔවුන් සියලු දෙනාටම උත්තේජනයක් අවශ්‍යව තිබේ.

මෙම රාජ්‍ය බැංකුද තවත් ග්‍රාමීය බැංකුද ප්‍රාදේශීය සංවර්ධන බැංකුද ඇති රටේ කුඩා ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර මොඩලයක් අතේ තිබුනත් සුරැකුම් නොමැතිව ණය ගැනීමේ හැකියාව අවමය. සුරැකුම් සහිතව ණය දීම වැඩි ආයාසයකින් තොරව කල හැකි දෙයකි. ණය නොගෙවිමටද ණය ගන්නා පිරිසක් මෙරට සිටින නිසා සුරැකුම් නොමැතිව ණය දීම ආයාසයකින් යුතුව කලයුතු දෙයකි.රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වය සපයන්නේ කුඩා ව්‍යාපාරිකයන් විසිනි. මෙම ව්‍යාපාරිකයන්ට අත දීමකින් තොරව රටේ ආර්ථිකය  නැංවිය නොහැක. 

සම්පත් බැංකුව 1986 දී වෙළෙඳ පොලට පැමිණි පසුව බැංකු කටයුතු සඳහා තාක්ෂණය හඳුන්වා දෙන ලදී. ප්‍රථම මුදල් ගැනීමේ යන්ත්‍රය පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවයි. ඒ අනුව අනෙක් බැංකු ද තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගත් අතර එය ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පිබිදීමකට හේතු විය.

රාජ්‍ය  බැංකු වලට පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම මෙරට පවතින පසුගාමී බැංකු සංස්කෘතියේ වෙනසකට හේතුවනු ඇතැයි සිතමි. මේ වෙනස මෙරට ඇතැම් කුඩා පවුල් ව්‍යාපාර වල ඇති අමනෝඥ ක්‍රියාකාරකම් පිටුදැකිමටද හේතු විය හැක.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් නොපමාව කළ යුතු තවත් දෙයක් නම් කුඩා ව්‍යාපාර සඳහා මූලික ප්‍රාග්ධනය සපයන ආයතනයක් ඇති කිරීමයි. ව්‍යාපාරය නැංවුන පසු එම ප්‍රාග්ධනය නැවත අය කර ගත හැක. මේවා විශාල ආයාසය කින් කල යුතු වැඩයි. මෙවැනි දෑ නොකර රටක් නැංවිය නොහැක.

වැට් බද්ද 12% සිට 15% දක්වා වැඩි කර ඇත. මෙය පසුගිය යහපාලන රජය යුගයේ තිබුනේ 15% වශයෙනි. එය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් 2019 දෙසැම්බර් වල 8% දක්වා අඩු කරන ලදී. ඒ  සමඟ විශාල වශයෙන් අඩු කල බදු නිසා රාජ්‍ය ආදායම බොහෝ සෙයින් අඩුවී එම ක්‍රියාව අප දැන් සිටින ආර්ථික අර්බුදයට හේතුවක් විය. මෙම වසරේ මැයි මස රනිල් වික්‍රමසිංහ විසින් නිවේදනය කරන ලද බදු පිලිබඳ යෝජනා අනුව වැට් බද්ද මේ වසරේ ජුනි මස සිට 12% දක්වා වැඩිවිය. අයවැය යෝජනා අනුව එය තව දුරටත් 3% කින් වැඩි කර කලින් තිබු මට්ටමට පත් කර ඇත.

විශාල වශයෙන් ඉහල ගොස් ඇති ජිවන වියදම නිසා ජනතාවට මෙම වැඩිකිරීම දරා ගැනීමට අපහසු වන බව ඇත්තකි. එනමුත් පොදු ජනතාවට බලපාන වැට් බද්ද පමණක් වැඩිකර ඍජු ආදායම් බදු වැඩිකර නැතැයි කීම සත්‍යයක් නොවේ. මක්නිසාද යත් මෙම වසරේ මැයි මස නිවේදනය කළ බදු වැඩිකිරීම් ඔක්තෝබර් පළමු වන දින සිට ක්‍රියාත්මක වන බව අයවැය යෝජනා වල සඳහන් වීමයි. 

ඒ අනුව පුද්ගලික බදු සඳහා වූ රුපියල් මිලියන තුනක් වූ ආදායම් බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.8 දක්වා අඩු වනු ඇත. රුපියල් මිලියන 1.2 ව තිබු මෙම සීමාව රු. මිලියන තුන දක්වා වැඩි කරන ලද්දේ 2020 ජනවාරි මස සිටය. පුද්ගලික බදු අනුපාත ද වැඩිවනු ඇත. ඒ අනුව පළමු රු. මිලියන තුන සඳහා 6%ක් ද දෙවන රු. මිලියන තුන සඳහා 12% ක් ද ඉතිරි ආදායම සඳහා 18% ක් ද වශයෙන් වූ බදු අනුපාත රු මිලියන 1.2 කාණ්ඩ හතකින් 4% සිට 28% දක්වා වැඩිවේ. ඉන් පසුව බදු අයවන ආදායමෙන් රු. මිලියන 8.4 ට වැඩි ප්‍රමාණය ට බද්ද 32% කි.

මෙය බදු ගෙවීමට හැකි අය  ගෙන්  බදු අයකර ගැනීමකි. එමෙන්ම සියලුම වයස 18 ට වැඩි පුරවැසියන් සඳහා ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කර ඇති යෝජනාව හොඳ එකක් වන අතර එය ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන ගැටළු මතුවිය හැක. සමස්ත රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණවේදීන්ට මිට වඩා වැඩි පිළිගැනීමක් ලබාදී  විවිධ දෙපාර්තමේන්තු වල ඇති දත්ත පද්ධතීන් ඒකාබද්ධ කිරීම හරහා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සරල වනු ඇත.  

ජනාධිපතිවරයා මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩනයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා වන යෝජනා සම්බන්ධව සිය අයවැය කථාවෙන් සැලකිය යුතු කොටසක් වෙන් කර ඇත. රටේ පවතින උද්ධමන මට්ටම අනුව ස්ථිර ආදායම් ලබන පුද්ගලයන්ට බලවත් ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබේ. ධනවතුන්ටද දුප්පතුන්ටද එකසේ ලැබුණ සහන අහිමිවෙමින් තිබෙන අතර සහන ලැබිය යුතු නියම කොටස් වලට සහන ලබාදීම රජයේ යුතුකමකි. ඒ සඳහා මුදල් සහනාධාර කෙලින්ම ඔවුන්ගේ ගිණුම් වලට ලබා දීමට යෝජනාවී තිබේ. 

මෙම සියලු යෝජනා වලින් පසුව අයවැය හිඟය රු ට්‍රිලියන 2.3 කි. බැසිල් රාජපක්ෂ 2022 සඳහා ඉදිරිපත් කළ අයවැයේ හිඟය රු. ට්‍රිලියන 1.6 කි. හිඟය වැඩිවී ඇත. වසරේ සෑහෙන කොටසක් ගෙවී ඇති බැවින් ඉලක්කම් වල විශ්වසනීයත්වය වැඩිය. මෙම අයවැය යෝජනා වලින් සහ ආර්ථික දිශානතියේ වෙනස්වීම මගින් අපේක්‍ෂිත ප්‍රතිලාභ ඉදිරියේදී ලැබෙනු ඇත.

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-1-september-2022/

Published in Colombo Telegraph on September 1, 2022 and in Samabima suppliment of Anidda news paper on September 2, 2022

Interim Budget 2022: Transformation Of The Economic Direction Of The Country

 

Interim Budget 2022: Transformation Of The Economic Direction Of The Country

By Harsha Gunasena –

Harsha Gunasena

President Ranil Wickremesinghe in the capacity of the Minister of Finance presented the interim budget 2022 to the parliament recently. According to this budget proposals the economic direction of the country would be transformed in the sense the government would reduce its involvement in economic activities and would focus more on regulation.

The governments of Sri Lanka have, from time to time, changed the economic direction of the country and in some instances, it was a 180-degree reverse affecting the economy of the country. Now it is an essential decision change this direction since the economy of the country has fallen due to the imprudent economic direction the country followed.

President Ranil Wickremesinghe

This change is not in line with the political ideology of the Podujana Peramuna. However, they have taken practical decisions against their political ideology. Basil Rajapaksa presenting the 2022 budget to the parliament told that there were around 300 government enterprises and the government invested around Rs. 670 Billion. The government pumps annually around Rs. 75 Million to maintain those enterprises. He suggested efficient management to reduce this waste.

Profits can be improved by efficient management. Temasek Holdings owned by the government of Singapore is one such organization.  In Sri Lankan political culture, which is a subset of a larger Sri Lankan social culture, a friend or a relative is selected over the qualified and the competent. The Singaporean Prime Minister changed this social and political culture forcibly.

Ads by FatChilli

The JVP is of the view and emphasizes that the political culture of Sri Lanka should be changed. Yes, it should be changed. Not only that, the social culture also should be changed as did by Lee Kuan Yew. 

If the government can be smaller and focuses on regulation it would have a positive impact on reduction of the budget deficit which is a burning issue. Following is an incident where the dominant ideology of the country, that treating the known well over the natural justice and keeping the business entities in the possession of the government irrespective of the results, is upheld.

When Mahinda Rajapaksa was the president, SriLankan Airlines which was managed profitably by Emirates at that time, was requested to offload 30 passengers who have paid for their tickets and confirmed the passage in order to accommodate the president and his party who were not on official visit. Naturally the request was not accommodated. In retaliation the then president cancelled the resident visa of the Head of Emirates in Sri Lanka, whose wife was a Sri Lankan, and taken steps to take back SriLankan Airlines. The airline is in the front among the loss-making government entities and the losses are compensated even by the people who have never visited the airport.

The president identified in the budget speech that SriLankan Airlines, Ceylon Electricity Board (CEB) and Ceylon Petroleum Corporation (CPC) were the prime institutions for restructuring. Stated capital, reserves and accumulated profit of Sri Lankan Airlines as at 31 March 2021 was Rs. 281 Billion negative and the loss for the same year was Rs. 45 Billion. Recently privatized Indian national carrier Air India was a much bigger company with much bigger losses.

The restructuring process of CEB and CPC was already started. Electricity and fuel prices were increased and brought to the level where there were no subsidies. Therefore, there should be a reduction of prices paid by the consumer.

It was proposed that 20% of the shares of Bank of Ceylon and Peoples Bank to be offered to the depositors and the employees. The main reason was that to improve the liquidity of those banks and the government was unable to do so. Parliamentarian Champika Ranawaka said that there was no point of going ahead with this proposal keeping the officials who released large sums of money to politicians including the present parliamentarians paving way to provide those loans as bad debts. In addition to that these banks were used to pump funds to the government institutions which were making huge losses.

In fact, there will not be a big change by providing 20% of the capital to the depositors and the employees but this will be the starting point of the restructure. This will be the start of the breaking of the ideology that the ownership of the state institutions which make profits should be kept with the state.

Around 50% of the ownership of these banks together with the management should be privatized. These two banks account for around 35% of the market share. Other private banks are in the shade of these two banks. All of them need a stimulation. 

In this country where these government banks, private banks, rural banks and regional development banks are in operation an entrepreneur with a good business plan finds difficult to solicit a loan without a security to be offered. Giving loans with securities is not a difficult task since unconsciously detailed study is reduced to the level of reduced risk. Giving loans without security is a difficult task since there are persons who obtain loans with the intention of not to pay. Small entrepreneurs accounts for 52% of the gross domestic production of this country. The economy of the country cannot be upheld without giving a helping hand to these entrepreneurs.

Sampath Bank came to the market in 1986 and introduced technology to the industry. They installed first ATM machine out of which the customers and the bank were benefitted. After that the banking industry followed that path and it has awakened the industry. 

I believe that connecting the private sector to the state banks would change the backward banking culture of this country. This change would also influence the family businesses of this country to abandon some of their foolish practices. 

The president should establish without delay an institution which provides initial capital to the small businesses. Once the business is stable this capital could be recovered. These are the tasks to be done with great effort. A country cannot be transformed without engaging in this type of tasks.

Value added tax (VAT) has been increased from 12% to 15%. VAT at the time of previous yahapalana government also was 15%. Gotabaya Rajapaksa government in December 2019 reduced it to 8%. Along with that there were reductions of many taxes including income tax, and this was a cause   for the present economic crisis. Ranil Wickremesinghe increased VAT in May this year to 12% and he increased it further and brought it to the previous level.

Due to the increased cost of living as a result of the unprecedented inflationary trend, it is hard for the people to bear this. But it is not correct to say that only the VAT which is affecting ordinary people was increased. In the budget speech it was mentioned that the tax increases announced in May this year would be effective from 1st October 2022.

Accordingly, tax exempt limit of Rs. 3.0 Mn for personal taxes was reduced to Rs. 1.8 Mn. This was previously at the level of Rs. 1.2 Mn and it was increased to Rs. 3 Mn level in January 2020. Personal tax rates also will be increased. Accordingly, the existing tax brackets, where first Rs. 3 Mn is taxed at 6%, second Rs. 3 Mn is taxed at 12% and the rest is taxed at 18%, will be changed to seven brackets comprising of Rs. 1.2 Mn each which will be taxed from increasing rates of 4% to 28%. The rest which is over Rs. 8.4 Mn will be taxed at 32%.

This is taxing the people who can pay. Also, it was proposed that all the citizens who are over 18 years of age should open a tax file. This is a good proposal, but it would face obstacles when implementing. The task of the Inland Revenue Department will be eased if the data bases of various departments of the government are amalgamated with giving more recognition to the information technologists. 

The president has allocated a considerable portion of his speech for the concessions to the people who would be affected due to the economic catastrophe. Prevalent inflationary trend caused many difficulties to the fixed income earners. Subsidies enjoyed by the rich as well as the poor are being withdrawn. Therefore, it is the duty of the government to support the real persons who are affected. It was proposed to give direct cash transfers to their accounts.

After all these proposals the budget deficit is Rs. 2.3 trillion. The deficit of the Budget 2022 presented by Basil Rajapaksa was Rs. 1.6 trillion. Deficit was increased. Since several months of the year was passed the credibility of the figures is increased. The country will get the benefits of these budget proposals and the change of the direction of the economy in the future.

Published in Colombo Telegraph on September 1, 2022

https://www.colombotelegraph.com/index.php/interim-budget-2022-transformation-of-the-economic-direction-of-the-country/




SJ / September 1, 2022

 

 

“…in some instances, it was a 180-degree reverse affecting the economy of the country.”
We suffered a serious 180 degree turn in 1978 and economic policy has not been reversed since.
*
“…imprudent economic direction the country followed”? Can we be specific?
We borrowed a lot of money from different lenders. Where specifically did each borrowing go?
Big borrowing from private lenders began during the war and account for half of all foreign debt.
Why are we not talking of the ever rising consumption of non-essentials, and its impact on balance of payments?
*
“The restructuring process of CEB and CPC was already started. Electricity and fuel prices were increased”
Do not the massive devaluation and rise in global fuel prices have a role in price increases?
The deplorable aspect is that the electricity price subsidy for small users is gone. Only that points to a policy change– not the suggested 180 degrees (or 360 degrees as the Maharajah TV network will have it).
Restructuring is a separate matter altogether, and in line with the JRJ policies.
*
BTW
Why should two well performing banks be privatized to let some private bankers get rich?
This obsession with privitisation has cost the country a lot.
The serious woes concern planning and management.

  • A picture containing building, floor

Description automatically generated

Harsha Gunasena / September 2, 2022

 2

 0

SJ- Thanks.
“180-degree reverse”
Yes. in 1978 and in 1956 and particularly in 1970. We were swinging this way and that way.
After 1978 also there were changes although not 180 degrees, in 2005
“Imprudent economic direction the country followed”
This is the continuous budget deficits and lack of focus to exports-oriented policy which created current account deficits. Borrowings were used for consumption. Investments also did not provide adequate returns. i.e. Mahinda Rajapaksa era investments. Finally, it was triggered due to the wrong policy decisions of GR.
“CEB and CPC”
Yes, Rupee depreciation contributed. But the point I raised was that not there is no subsidy included in the price.
Restructuring, no subsidies for all, and identifying the vulnerable people and help them direct is the policy change.
Banks.
Banks are making profits. My point here is different which I have explained in the article. For instance the objectives Illangarathne had when establishing Peoples Bank are not the objectives the bank is having now. We need a fresh start to the Banking industry. Among the top 20 companies there are quite a number of banks, instead export companies should be there. I am not against the banks. I am for the country.

Log in to Reply

    • A picture containing text, clipart

Description automatically generated

SJ / September 2, 2022

 4

 2

Sorry,
We had not swung significantly before 1978.
1956 marked freeing the country from foreign domination. I hope that you are not an advocate of continued colonial control of our harbours and foreign naval and air bases.
it was a steady drift towards ridding the country of foreign control of our wealth. Even the UNP government of 1965-70 dared not touch them. in fact it even encouraged state owned small-medium scale industries.
!978 was an absolute reversal from whose effects we are unable to escape.
A lot of reform is possible without privatisation. (What did Britain achieve by privatising electricity, railways and water supply? It fed some fat cats.)
No subsidies is fine if there is fair treatment of all sections of the population.

 

 

 

 

  • A picture containing building, floor

Description automatically generated

Harsha Gunasena / September 3, 2022

 4

 0

SJ- We have fundamental differences. My concept of socialism is to reduce as much as possible the inequality of income distribution. This can be done through tax structure. Benefits of whatever development should go to the masses. Your concept of socialism is to keep the business enterprises under the state control.
We are currently seeing the inefficiencies of government enterprises.
Prior to 1956 we had virtually an open economy. In 1956 we have seen the programme of nationalization of private business entities starting from public transport, It continued under Mrs.B in 1960s and after 1970 as well. When oil industry was nationalized in 1960s they have gone to Singapore and they were welcomed by LKY. Then they started oil refineries which contributed to the development of Singapore.
When Tea estates were nationalized in 1970s they have gone to Kenya. Now Kenya is a strong competitor of Ceylon tea.
Because of this nationalization process there was depletion of private capital in the country. We need private capital to develop a country. I think you should learn from Deng Xiaoping.
Thanks for the dialogue.

Log in to Reply

    • A picture containing text, clipart

Description automatically generated

SJ / September 3, 2022

 2

 1

Thank you for the lesson on socialism. But my reading says otherwise.
Have you any idea of what bus transport was like before nationalization?
The three oil vendors were here from god knows when, did they ever think of a refinery here? What has the take over to do with whatever they did in Singapore?
*
The nationalization of tea plantations had many benefits that are not spoken about. The plantation workers had for the first time been allowed educational facilities like the other people. Not only the literacy rose, their competence too.
Kenya’s tea estates are no threat to any other country’s. (Kenya is a great coffee exporter too.) Our fault was not in moving with the times and go for other tea-based products and promote tea globally, so that it did not lose its market to coffee.
*
The Chinese people too have learned from Deng so that fewer mention him there now than those who mention JRJ here in a positive light.
Under Xi social welfare has received more attention than ever from the 1980s.
Can you suggest a better teacher than Deng!

 

Harsha Gunasena / September 4, 2022

 3

 0

SJ- No it is not a lesson rather an identification of the differences.
Yes, I have heard and read about the situation prior to nationalization of public transport. I agree with you, but I believe that what the government should have done was to introduce regulatory measures rather than taking over the business.
If the oil companies built up a refinery it also would have been nationalized.
Yes, the living standards of plantation workers improved after nationalization but at what cost to the national economy. Same results could have been achieved with the involvement of the government
Deng and Xi, both are in the same line of thinking. One is at the beginning of the process and the other is at the middle. Both believed the value of private enterprises.

 

eeakdavi / September 2, 2022

 18

 7

The article draws attention to a huge problem. Nothing can be done it seems because things have gone completely out of control. In China for example Mahinda would face the death penalty for what the author describes Mahinda did to Emirates-Air Lanka.
The death penalty should be introduced in SL with retroactive jurisdiction for commercial crimes above a certain financial amount. Justice must the executed summarily. There is no alternative.
Kumar David

 

Sinhala_Man / September 2, 2022

 9

 2

It’s interesting to see how investigations into crimes are sabotaged. The airline lost so much, but when 3.5 million was paid for inquiring into it, see what a fuss was made:
.
https://www.colombotelegraph.com/index.php/sri-lankan-airlines-weliamuna-inquiry-costs-rs-3-5-million/
.
Articles such as this exposed what had happened:
.
https://www.tisrilanka.org/shocking-details-of-corruptions-at-srilankan-pm-office/
.
As for the Peter Hill story there are plenty of reports:
.
https://www.sundaytimes.lk/071230/News/news0002.html
.
All that when the war against Prabhakaran was being fought.
.
I’ve now lost track of all the reports that I have looked at during the past two hours. Here are some:
.
http://www.aircargonews.com/071229/peterhill071229.html
.
and here is mention of his Lankan wife and his house in Kotte:
.
https://www.sundaytimes.lk/071230/News/news0002.html
.
Readers should do their own googling!
.
https://www.sundayobserver.lk/2018/06/10/opinion/slfp-16-and-parable-peter-hill
.
Laymen like us can’t investigate this sort of thing. Once investigated, yes “Justice must the executed summarily as Professor Kumar David says.
.
All citizens have to foot the bills for these crimes, but few of us can understand all the details.
.
Panini Edirisinhe

 

A picture containing building, floor

Description automatically generated

Harsha Gunasena / September 2, 2022

 10

 0

eeakdavi- Thank you for your comment. This is a well known fact. I can very well remember the sequence of events. Please do more research and raise the issue.