Sunday, May 18, 2025

ව්ලැඩිමීර් පුටින්, ෂී ජින්පින් සහ ජෝ බයිඩන්

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

පවතින ලෝක ආතතිමය ස්වභාවය අනුක්‍රමයෙන් උත්සන්න වෙමින් තිබේ. මෙයට මූලික හේතුව ඇමරිකන් ආරක්ෂක ප්‍රතිපත්තියයි. ඇමරිකන් විදේශ ප්‍රතිපත්තිය සැකසෙන්නේ ඒ අනුවයි. රුසියාවේද චිනයේද ආරක්ෂක ප්‍රතිපත්තිය අනුව විදේශ ප්‍රතිපත්තීන් සැකසේ. දෙවන ලෝක යුද්ධය අවසන් වීම සහ සෝවියට් සංගමයේ  බිඳවැටීම අතර කාල පරාසය තුළ වරින් වර උත්සන්න වූ ඇමරිකාව සහ රුසියාව අතර සිතල යුද්ධය සමයේදී දැනට පවතින යුක්රේන් යුද්ධය මෙන් සමීප යුදමය තත්ත්වයක් ඒ දෙරට අතර නොපැවතිණි. යුක්රේන යුද්ධයේ දී එක පසෙකින් රුසියාව සිටින අතර අනෙක් පසින් යුක්රේනය සිටින නමුත් යුක්රේනය පිටුපසින් ස්ථාවරව සිටින්නේ ඇමෙරිකාවයි. රුසියාවේ බලාපොරොත්තුව වූයේ කෙටි කලකින් යුක්රේනය යටත් කර ගැනීම වුවත් වසරකට පසුවත් රුසියාවට පිරිස් බලය සහ ආයුධ අතින් බොහෝ අලාභ සිදුවෙමින් යුද්ධය තවමත් පවතී. ඇමරිකන් ජනාධිපති බයිඩන් යුද්ධයේ වර්ෂ පුර්ණ අවස්ථාවේදී යුක්රේන අගනුවර වන කීව් හිදී කීව් තවමත් නොවැටී පවතින බවත් ප්‍රජාතන්ත්‍රවාදය තවමත් නොවැටී පවතින බවත් ප්‍රකාශ කළේය. 

සෝවියට් සංගමය පැවති යුගයේ රුසියාව යටතේ පැවති ක්‍රිමියාව නිකිතා කෘෂෙව් විසින් යුක්රේනයට පවරා දෙන ලදී. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව යුක්රේනයේ සහ තවත් සෝවියට් සංගමයට අයත් රටවල තිබුණු න්‍යෂ්ටික අවි පිලිබඳ ප්‍රශ්ණය ඇතිවූ අවස්ථාවේදී යුක්රේනය, රුසියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර 1994 දී අත්සන් කළ  බුඩාපෙස්ට් එකඟතාවය අනුව යුක්රේනය තමන් සතුව තිබූ න්‍යෂ්ටික අවි රුසියාවට බාර දුන් අතර ඇමෙරිකාව රුසියාව සහ බ්‍රිතාන්‍යය, යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවට සහ දේශපාලන ස්වාධිනත්වයට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතු සහ එම න්‍යෂ්ටික අවි ආත්මාරක්ෂාවට හැර යුක්රේනයට  එරෙහිව පාවිච්චි නොකළයුතු වේ. 

මෙම එකඟතාව රුසියාව විසින් බිඳ දමා ඇත. එබැවින් පවතින යුද්ධය අවසන් කිරීමට  රුසියාව සමඟ එකඟතාවකට යාමට යුක්රේනය මැලි වෙයි. එමෙන්ම බුඩාපෙස්ට් එකඟතාව බිඳ දමන තත්ත්වයට රුසියාව පත් කිරීම පිටුපස සිටියේ  ඇමරිකාවයි.

රුසියාවට හිතැති වික්ටර් යනුකොවිච් වර්ෂ 2010 දී යුක්රේනයේ ජනාධිපති වූ අතර 2013 දී ඔහු විසින් යුක්රේනය යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට උත්සාහ කල ගිවිසුම අහෝසි කිරීමට, දූෂණයට සහ අත්තනෝමතිකත්වයට  එරෙහිව ජනතා  උද්ඝෝෂණ ඇතිවූ විට යනුකොවිච් රුසියාවට පැන ගියේය. මේ අවස්ථාවේදී යුක්රේනයේ දේශපාලනයට ඇමරිකාව ඍජුව මැදහත් වූ අතර එවකට ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටි වික්ටෝරියා නුලන්ඩ් (ඇය දැන් නැවතත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටි. පසුගියදා ලංකාවටද පැමිණියාය) ගේ නිරාවරණය වූ දුරකථන සාකච්ඡා වක් මගින් එම මැදහත් වීමේ ප්‍රමාණය තේරුම් ගත හැකි විය. බටහිරට හිතැති අන්තර් වාර ආණ්ඩුව විසින් යුරෝපා සංගමය සමඟ එකඟතාවකට පැමිණෙන ලදී. ප්‍රතික්‍රියා වශයෙන් රුසියාව විසින් ක්‍රිමියාව 2014 දී ආක්‍රමණය කර රුසියාවට එකතු කර ගන්නා ලදී.

බටහිර රටවල උපාය මාර්ගය වූයේ නේටෝව නැගෙනහිරට විස්ථාපනය කර රුසියාවට බලපෑම් කිරීමයි. සිතල යුද්ධය අවසන් වීමෙන් පසු රටවල් 14 ක් මෙසේ එකතුකර ගන්නා ලදී. ඒවා නම් හංගේරියාව, චෙචියාව සහ පෝලන්තය (1999): බල්ගේරියාව, එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාව(2004): ඇල්බේනියාව සහ ක්‍රොයේෂියාව (2009): මොන්ටෙග්රෝ (2017) සහ උතුරු  මැසඩෝනියාව (2020) වේ. එස්ටෝනියාව සහ ලැට්වියාව රුසියානු දේශසීමාවේ ඇති අතර කලින්ම නේටෝවට එකතුවූ නොර්වේ ද රුසියානු දේශ සිමාවේ ඇත.යුක්රේනය සහ ජෝර්ජියාවද රුසියානු දේශසීමාවේ ඇත. 

ජෝර්ජියාවේ 2003 ඇතිවූ බටහිරට පක්ෂපාත ආණ්ඩු පෙරලිය 2008 රුසියන් ජෝර්ජියා යුද්ධයට මග පැදීය. ජෝර්ජියාවේ ඇති  දකුණු Ossetia සහ Abkhazia යනු ජාත්‍යන්තරව නොපිළිගත් සහ රුසියාව විසින් පිළිගත් වෙනම රාජ්‍ය වේ. යුක්රේනයේ Luhansk සහ Donetsk පෙදෙස් වෙනම රාජ්‍ය ලෙස රුසියාව විසින් 2022 පෙබරවාරි මස පිළිගන්නා ලදී. මෙම පෙදෙස් දැන් රුසියාව විසින් ආක්‍රමණය කර ඇත.

වර්ෂ 1962 දී ඇමරිකාව ආසන්නයේ ඇති කියුබාව ඇමරිකාව විසින් ආක්‍රමණය කරනු ඇතැයි යන බිය උපයෝගී කරගනිමින් රුසියන් මිසයිල් කියුබාවේ ස්ථානගත කිරීමේ අර්බුදය අවසන් වූයේ රුසියන් මිසයිල් කියුබාවෙන් ඉවත් කර ගැනීමටත් ඇමරිකාව විසින් කියුබාව ආක්‍රමණය නොකිරීමටත් එකඟ වීමෙනි. මෙය යුක්රේන අර්බුදයට සමාන අවස්ථාවකි.

යුක්රේන් යුද්ධය පටන් ගැනීමට පෙර රුසියාව විසින් ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝවට ඇතුලත් නොවන බවට සහතිකයකි. එම සහතිකය දීමට යුක්රේනය හෝ ඇමරිකාව හෝ යුරෝපා සංගමය හෝ අසමත් විය. යුද්ධය පටන් ගත්  පසු මෙතෙක් නේටෝවට එකතු නොවී රුසියාව සමඟ එකඟතාවකින් සිටි රුසියානු දේශසීමාවේ ඇති පින්ලන්තය ද ඒ ආසන්නයේ ඇති ස්වීඩනය ද නේටෝවට බැඳීමට අයදුම් කර ඇත.

යුද්ධය පටන්ගත් පසුව රුසියන් ආයුධ අවසන් වෙමින් ඇති අතර රුසියන් යුද භටයන් යුක්රේනියානු යුද භටයන්ට වඩා විශාල වැඩි ප්‍රමාණයකින් මිය යමින් සිටිති.යුක්රේනයට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් ආයුධ ලැබෙමින් පවතී. රුසියාවට පනවා ඇති ආර්ථික තහංචි හේතුවෙන් රුසියන් ආර්ථිකය පසුබෑමකට ලක් වී ඇති අතර රුසියන් ගෑස්  නොමැති වීම නිසා ජර්මනිය වැනි යුරෝපා රටවලට විශාල අපහසුතා වලට මුහුණ දීමට සිදුව ඇත.රුසියාව විසින් ආක්‍රමණය කර ඇති ප්‍රදේශ යුක්රේනය විසින් ආපසු පවරා ගත හොත් ඔවුන් ක්‍රිමියාවට පහර දී එය නැවත අත්පත් කර ගනු ඇත. එසේ නැතහොත් යුද්ධය දිගටම පවත්වා ගැනීමේ අපහසුතා නිසා රුසියාව පසු බසිනු ඇත. මෙම අවස්ථා රසායනික හෝ න්‍යෂ්ටික හෝ  අවි පාවිච්චි විය හැකි අවස්ථා වේ. 

යුක්රේන ප්‍රශ්ණය මුලින්ම ඇතිවූයේ බරක් ඔබාමා ඇමරිකන් ජනාධිපති ධුරයේ (2009-2017)සිටියදී ය.එහිදී ඇමරිකාව යම් පසුබෑමකට ලක් විය. ඔබාමා චීනය සමඟ වූ ආර්ථික යුද්ධයට මුහුණ දීමට කල්පනා කළේ චීනය හැර ඒ ප්‍රදේශයේ සහ ඇමරිකානු රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පැමිණ චීන භාණ්ඩ ඇමරිකන් වෙළෙඳ පොළේ තරඟකාරී නොවන තත්ත්වයකට පත් කිරීම මගිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ පසුව (2017-2021) මෙම ප්‍රතිපත්ති වෙනස් විය. ඔහු රුසියාව සමඟ සංහිඳියා පිළිවෙතකට පැමිණියේය. Trans-Pacific වෙළෙඳ ගිවිසුම අවලංගු කළේය. ආනයනික චීන භාණ්ඩ වලට තීරු බදු වැඩි කළේය. චීනයද එයට ප්‍රතික්‍රියා කරමින් ආනයනික ඇමෙරිකානු භාණ්ඩ වලට තීරුබදු වැඩි කළේය.

ජෝ බයිඩන් 2021 දී ඇමරිකන් ජනාධිපති වූ පසුව රුසියාව සහ චීනය යන රටවල් දෙකම සමඟ එකවිට ගැටුමකට යාමට සුදානම් තත්ත්වයක් ප්‍රකට කරයි. යුක්රේන් යුද්ධය එක අතකින් යුක්රේනය පිලිබඳ ඇමෙරිකානු ස්ථාවරය තායිවානය සම්බන්ධයෙන් වන ඇමරිකානු ස්ථාවරයම වන බව චීනයට දැනුම් දීමකි. අවස්ථා දෙකෙහි දීම මිය යන්නේ හෝ මිය යනු ඇත්තේ  යුක්රේන හෝ  තායිවාන හෝ සොල්දාදු වන් සහ ජනතාවය. ඇමෙරිකානුවන් නොවේ.

ඇමරිකාව විසින් චීනයට එරෙහිව ජපානය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ Quad ආරම්භ කරන ලද්දේ ජපානයේ පෙළඹවීම මත 2007 දිය. එවකට චීනය සාමකාමිව නැගී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. වර්ෂ 2012 දී ෂී ජින්පින් ගේ ආගමනයත් සමඟ චීනයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති තරමක් ආක්‍රමණශීලී ස්වභාවයකට පරිවර්තනය විය. දකුණු චීන මුහුදේ වියට්නාමය සහ පිලිපීනය විසින් සෙමෙන් කරගෙන ආ දුපත් ගොඩ නැගීමේ ව්‍යාපෘතියට අනුගත වූ චීනය ඉතාමත් වේගයෙන් දුපත් ගොඩනගමින් සහ එක දුපතක මිලිටරි ආම්පන්න රඳවමින් එහි අර්බුද කාරී තත්ත්වයක් ඇති කරන ලදී. Belt and Road ක්‍රියාවලිය හරහා විදේශ රටවල ආයෝජනය කරමින් චීනය එම රටවල් නතු කරගන්නා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදී. බරක් ඔබාමා සිය ධුර කාලයේ අවසාන කාලයේදී සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලය තුළදී ප්‍රතික්‍රියා දැක් වූයේ ෂී  ජින්පින් විසින් ඇති කරන ලද මෙම තත්ත්වයටයි.

එමෙන්ම දේශීය වශයෙන් චීනය මෙතෙක් කරගෙන ආ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියේ ද යම් වෙනසක් සිදුවිය. ෂී ජින්පින් වැඩි අවධානයක් යොමු කළේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර වඩාත් විශාල ආයතන ඇති කිරීමටයි. පුද්ගලීකරණයට නොවේ. ඔහු පුද්ගලික අංශයේ වෙළෙඳ බලයට කැමති නොවිය. මෙහි කූටප්‍රාප්තිය සිදු වූයේ 2020 නොවැම්බර් මස අලිබබා ව්‍යාපාරය අයිතිකරු ජැක් මා ගේ Ant Corporation හි කොටස් නිකුතුවක් රාජ්‍ය නියාමනය මගින් අත්හිටවිමත් සමඟය. වර්ෂ 2021 අප්‍රේල් මස Meituan සමාගමේ ක්‍රියාකාරීත්වය පිලිබඳ රාජ්‍ය නියාමනය මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  වර්ෂ 2021 ජුනි මස Didi සමාගම ඇමෙරිකාවේ නිව් යෝක් හි කොටස් නිකුතුවක් කිරීමට සුදානම් වූ අවස්ථාවේදී ද රාජ්‍ය නියාමනය මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  මෙම සමාගම් ඉහළ තාක්ෂණික නිෂ්පාදන කරන දැවැන්ත  සමාගම් වේ.

මෙම ක්‍රියාවලිය මගින් දෙන සඥාව නම් පුද්ගලික සමාගම් මර්දනයයි. හේතුව වන්නේ රජය දකින ආකාරයට පුද්ගලික සමාගම් අවශ්‍ය ප්‍රමාණයට වඩා බලසම්පන්න වී ඇති බවයි. මෙය තනිකරම බලය පිලිබඳ සාධකයකි. චීන රජය පවසන ආකාරයට මෙය ආදායම් බෙදී යාමේ විෂමතාවක් නම් එයට ප්‍රතිකර්ම යෙදිය යුත්තේ බදු මගිනි. මර්දනය මගින් නොවේ. ව්‍යාපාර ඒකාධිකාරය පිලිබඳ ප්‍රශ්ණයක් නම් ඒවාට අදාල නීති තිබිය යුතුය. මේවාට අදාල නීති පිළිබඳව නොපැහැදිලි කොටස් තිබෙනවා වන්නට පුළුවන. නමුත් මර්දනය ප්‍රතිකර්මයක් නොවේ.ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ යුගයේදී ඇතිවූ බලපෑම මත චීනයේ සිටි සමාගම් වියට්නාමය වැනි රටවලට සංක්‍රමණය විය. ව්‍යාපාර වල රජය කෙරෙහි ඇති විශ්වාසය ඉතාම පහලට වැටී ඇත. 

මෙම මාර්තු මස පත්වූ ෂී ගේ සමීපතමයකු වූ නව අගමැති ලි ක්වියැන්ග් සිය පළමු පුවත්පත් සාකච්ඡාවේදී පසුගිය කාලයේ වැරදි තීරණ ගත් බව පිළිගනිමින් වෙළෙඳපොළට සහ නීතියට අනුගත ජාත්‍යන්තර ව්‍යාපාර පරිසරයක් ගොඩනගන බවත් සියලුම ව්‍යාපාර වලට සමව සලකන බවත් කියා සිටියේය.

ෂී ට ප්‍රථමව බලයේ සිටි ජියැන්ග් සෙමින් (1993-2003)  සහ හු ජින්ටාවෝ (2003-2013) බලයේ සිටියේ පස් අවුරුදු ධුර කාල දෙක බැගිනි. ඒ අනුව දස අවුරුද්දකින් අනුප්‍රාප්තිකයා බලයට පැමිණේ. ෂී ජින්පින් මෙම සම්ප්‍රදාය වෙනස් කළ අතර පෙනෙන ආකාරයට ඔහුට ජිවිත කාලය දක්වාම බලයේ සිටිය හැක. හු ජින්ටාවෝ මෙම ක්‍රියාවලියට විරුද්ධ වූවා විය හැක. පසුගිය ඔක්තෝබරයේ කොමියුනිස්ට් පක්ෂයේ 20  වන ජාතික සභාවේ අවසාන උත්සවයේදී ඔහු බලහත්කාරයෙන් රැස්වීමෙන් ඉවත් කරන ලද්දේ ඒ නිසා විය හැක. 

මේ අනුව දේශීය සහ විදේශීය වශයෙන්ද රාජ්‍යය සහ ව්‍යාපාර වලද සිය බලය පතුරුවා හරින ඒකාධිපති පාලකයකු චීනයේ පහල වී සිටියි. චීනයේ පසුබැසීමක ආරම්භයද මෙය විය හැක. මොහු ස්වභාවයෙන්ම ආක්‍රමණශීලි ඇමරිකන් ආරක්ෂක ප්‍රතිපත්තියට සම්මුඛ වීම ලෝක සාමයට තර්ජනයක් විය හැක. සම්මුඛ වීම පුපුරා නොයන තාක් සිතල යුද්ධ තත්ත්වයක් ඇතිවේ. මේ සම්මුඛ වීම පුපුරා යා හැක්කේ තායිවානයෙනි.

තායිවාන් ජනාධිපතිනිය වන සායි ඉන් වෙන් ට ඇත්තේ තීරණාත්මක භූමිකාවකි. ඇය මුලික වශයෙන් වගකිව යුතු වන්නේ තායිවාන් ජනතාවටයි. තායිවාන් ජනතාවගේ ජිවිත සහ දේපල ආරක්ෂා කිරීම ඇයගේ වගකීමයි. යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි මෙන් ඇමරිකන් අවශ්‍යතා ඉටු කිරීම නොවේ. මෙය අතුරේ යනවා වැනි කාර්යයකි. 1992 දී චීනය සහ තායිවානය අතර ඇතිවූ එකඟතාව  චීනය විසින් අර්ථ දක්වන්නේ එක රටක් ක්‍රම දෙකක් වශයෙනි. තායිවානය එයට එකඟ නැත.

වර්ෂ 1999 දී බෝරිස් යෙල්ට්සින් යටතේ රුසියන් ජනාධිපති වන ව්ලැඩිමීර් පුටින් වර්ෂ 2000 දී එරට ජනාධිපති විය.ඉන් පසුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දිගටම ජනාධිපති ලෙස සිටිය නොහැකි නිසා කාලයකට අගමැති වුවත් එරට වර්ෂ 2000 සිට නිල නොලත් නායකයා ඔහුය. ෂී ජින්පින් ද චීනයේ දීර්ඝ කාලින ජනාධිපති තත්ත්වයට පත් වෙමින් සිටි. න්‍යෂ්ටික බලවතුන් වන රටවල නායකයන්  ඒකාධිපතීන් වන විට යුද්ධ වලදී ඔවුන් බිත්තියට හේත්තු කිරීම බරපතල ප්‍රතිවිපාක ඇතිවීමට හේතුවේ.

Published in Colombo Telegraph on March 30,2023

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-30-march-2023/

Print Friendly, PDF & Email

 

Vladimir Putin, Xi Jinping & Joe Biden

By Harsha Gunasena –

Harsha Gunasena

Political tensions of the world are getting intensified. The main reason for this is the defense policy of the USA. Their foreign policy is based on their defense policy. Russia and China also define their foreign policies based on their defense policies. Although during the time from the end of World War II and the collapse of the USSR the cold war between the USA and the USSR intensified from time to time, there was no war between those two countries as close as the present war in Ukraine. In the Ukraine war Russia is in one side and Ukraine is in the other side but the USA if firmly behind Ukraine. Although the intention of Russia would have been to finish the war within a short duration by conquering Ukraine, it continues after a lapse of one year with losses to Russia in weapons as well as in manpower. Biden said in Kyiv ahead of the one-year anniversary of war that Kyiv stands, and that democracy stands. 

During the time of the USSR, Crimea was handed over to Ukraine by Nikita Khrushchev, the then Soviet leader. After the collapse of the USSR the issue of nuclear weapons stored in Ukraine and other countries belonged to previous USSR came up. In 1994 Russia, the UK and the USSR along with Ukraine signed a document called Budapest Memorandum where the signatories  respected the Independence and Sovereignty and the existing borders of Ukraine,  reaffirmed their obligation to refrain from the threat or use of force against the territorial integrity or political independence of Ukraine, and that none of their weapons will ever be used against Ukraine except in self-defense or otherwise in accordance with the Charter of the United Nations. With those assurances Ukraine handed over the nuclear weapons to Russia.

Ads by FatChilli

Russia has violated this agreement. Therefore, Ukraine is reluctant to come to an agreement with Russia to end the war. Also the country which put Russia in the position that it would breach the Budapest agreement was the USA.

Pro Russia Viktor Yanukovych became the President of Ukraine in 2010. A wave of demonstrations and civil unrest called Euromaidan has begun in November 2013 mainly to protest the suspension of preparation of signing an Association Agreement with European Union by the President and by and large to protest the widespread government corruption, abuse of power and violation of human rights. The President fled to Russia. 

Ads by FatChilli

The USA intervened in the unrest. The extent of intervention could be understood through the leaked telephone conversations of Victoria Nuland, then US Assistant Secretary of State. Nuland is the current US Under Secretary of State who has visited Sri Lanka recently. Interim government came to an agreement with the EU. In response Russia annexed Crimea in 2014.

Ads by FatChilli

The strategy of the West was to extend NATO to the east so that Russia could be stressed. Since the end of the Cold War and the collapse of the Soviet Union, 14 countries of the eastern Europe have joined NATO. Those were Hungary, Czechia and Poland (1999);  Bulgaria, Estonia, Latvia, Lithuania, Romania, Slovakia and  Slovenia (2004); Albania  and Croatia (2009); Montenegro (2017); and North Macedonia (2020). Estonia and Latvia are bordering Russia and Norway which entered into NATO at the initial stage is bordering Russia. Ukraine and Georgia are also bordering Russia.

Georgian change of regime in 2003 paved the way for the Russian- Georgian war in 2008. There are separatist movements in Georgia and Ukraine. In Georgia, South Ossetia and Abkhazia are Russian backed and internationally unrecognised separate states. Luhansk and Donetsk of Ukraine were recognised by Russia as separate states in February 2022. Russia had invaded these areas now.

In 1962 using the fear that the USA would invade neighboring Cuba, the USSR installed missiles in Cuba and planned to install more. The crisis ended with the agreement that the USSR to withdraw the missiles and the USA would not invade Cuba. This was similar to the current crisis of Ukraine. 

Ads by FatChilli

Prior to the eruption of the war Russia requested a guarantee that Ukraine would not join NATO. Neither the USA nor the EU nor Ukraine were able to give that assurance. Once the war erupted, Finland which is on the Russian border and had an understanding with Russia and not joined NATO, and Sweden which is in close proximity, applied to be members of NATO.

In the war Russian weapons are getting destroyed and the Russian soldiers are getting killed in large numbers compared to the Ukrainian soldiers. Ukraine is getting ample supply of weapons from the EU and from the USA. There is a setback of the Russian economy due to the sanctions imposed by the West. In turn EU countries such as Germany is suffering from the non-supply of Russian gas. If Ukraine take back the areas acquired by the USSR, Ukraine army would attack Crimea as well. Or else Russia may have to withdraw since it cannot sustain the war. In both instances there is a possibility that chemical or nuclear weapons could be used.

Ukraine issue first came when Barak Obama (2009-2017)  was the President of the USA. At that point there was a setback for the USA. Obama planned to face the economic war with China by introducing Trans-Pacific trade agreement along with quite a number of countries in that region without China. The intention was to make Chinese goods less competitive in the USA market. Donald Trump (2017-2021) changed these policies. He entered into a reconciliation process with Russia. He abandoned the  Trans- Pacific trade agreement and imposed higher trade tariffs on imported Chinese goods. China reciprocated and imposed higher trade tariffs on imported American goods.

When Joe Biden became the president of the USA it seems to be that he is prepared to take on both Russia and China  at the same time. In one way Ukraine war is an indication to China that it would be the same in the case of Taiwan as well. In both instances Ukrainian or Taiwanese soldiers and people are dying or will be dying, not the Americans.

The USA along with Japan, Australia and India initiated the Quad with the persuasion of Japan in 2007. During that time China advocated a policy of peaceful development. In 2012 with Xi Jinping coming to power the defense and foreign policies of China became aggressive. Building of islands in South China sea was started by Vietnam and by Philippines and they were doing it in a slow phase. Xi started building islands in South China sea rapidly and created a problem by storing weapons in one island. Under the Belt and Road project China invested in foreign countries and wanted control of these countries.  Obama during the tail end of his tenure and Trump responded to this new development of Chinese policies introduced by Xi.

There was a change of the project of privatization of State-Owned Enterprises. Xi has put more attention to enlarge the SOEs by amalgamating them and not to privatize. He did not like commercial power of the private sector. The zenith of this process came when an Initial Public Offering(IPO) of Ant Corporation of Jack Ma, the owner of Alibaba was halted by the authorities in November 2020. In April 2021 after a Public Offering of Meituan, an investigation was started. In June 2021, soon after the IPO of Didi in New York stock exchange, an investigation was launched against the company. All these are high-tech companies.

The signal of this process is crack down of large private companies. The reason is in the view of the government these companies became more powerful than the level it should be. This is an issue of power. If this is an issue of inequal distribution of wealth, there are taxes to address that issue. If the issue is monopolies, there should be antitrust laws. There is a possibility that there are legal gray areas. However, crackdown  is not the answer. Due to the economic pressure of the time of Trump some companies moved away from China and located in the countries such as Vietnam.

Li Qiang the new Prime Minister who is a close associate of Xi in his first press interview said that there were errors in the recent past and they will create a market-oriented, legalized and internationalized business environment, treat enterprises of all types of ownership equally, protect the property rights of enterprises and the rights and interests of entrepreneurs.

Jiang Zemin (1993-2003) and Hu Jintao (2003-2013) who were in power prior to Xi were in the helm for two five years period each. Accordingly, after ten years in power they stepped down. Xi changed this tradition and it looks like that he would continue in power throughout his life. Hu Jintao would have opposed to this and that was why Hu was forcibly removed from the 20th National Congress of the Chinese Communist Party held in last October. 

There is a dictatorial leader immerged in China who extend his power internationally as well as locally and, in the businesses, as well as in the state. That itself may be the starting point of the downturn. When he faces the inherently aggressive American defense policy the outcome would be explosive. Until such time it does not explode there will be a cold war. The triggering point may be Taiwan.

Tsai In-wen, the President of Taiwan has to play a critical role. She is primarily responsible to her people. Her responsibility is to safeguard the lives and property of the Taiwanese and not to safeguard the American interests as did by Volodymyr Zelenskyy, Ukrainian President. This is walking a tightrope. The agreement between China and Taiwan in 1992 is defined by China as one country, two systems and Taiwan does not agree to this.

In 1999 when Boris Yeltsin was the President of Russia, Vladimir Putin was the Prime Minister. Putin became the President in 2000. Since then, he was the unconditional leader of the country although he had to step down and act as the Prime Minister to avoid constitutional requirements. Xi Jinping is also in the process of becoming the lifetime President of China. It would create dangerous repercussions, at war if the back of a dictatorial leader of  a nuclear-powered country is against the wall.  

Published in Colombo Telegraph on March 29,2023

https://www.colombotelegraph.com/index.php/vladimir-putin-xi-jinping-joe-biden/

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම

 හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය.සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය. සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශනය එවකට පරිවෙනාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන්ගේ අත්සනින් නිකුත් වූයේ වර්ෂ 1946 පෙබරවාරි  13 වන දිනය. එකල විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්ට දායකයන් විසින් දානය නොසපයන තත්ත්වයට වැඩ සිද්ධ විය.

විද්‍යාලංකාර ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. “අද ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ යහපත පිණිස කරන හැම වැඩපිළිවෙලක් ම දේශපාලනයට අයිති යයි අපි විශ්වාස කරමු.ආගම දියුණුවට ක්‍රියා කිරීම භික්ෂුන්ට අයිති යුතුකමක් බව කවුරුත් පිළිගනිති. ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. සිංහල මනුෂ්‍යයා බුද්ධාගම්කරයා යම් කලක දියුණු නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලයේම බව ඉතිහාසයෙන් ඔප්පු වේ. එබැවින් භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් වේ නම් එහි නම දේශපාලනය වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය. සිංහල භික්ෂුන්වහන්සේ මුල් කාලයේ පටන්ම සිංහල ජාතියේත් සිංහල දේශයේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියා කරමින්ම භික්ෂු ජීවිතය ගත කල බව අමතක කල නොහැකිය.”

මේ ප්‍රකාශය අනුව බුද්ධාගමේ දියුණුව ලෙස සලකනු ලබන්නේ බාහිර දියුණුවක් බවත් අභ්‍යන්තර හෝ අධ්‍යාත්මික දියුණුව එයට අදාල නොවන බවත් පැහැදිලිවේ.

ඉන්පසු එවකට විද්‍යාලංකාර පිරිවෙනේ සිටි වල්පොල රාහුල හිමියෝ භික්ෂුවගේ උරුමය නම් පොතක් ප්‍රකාශ කළහ. එහි අංගුත්තර නිකාය අටුවාව, දීඝ නිකාය අටුවාව, මජ්ජිම නිකාය අටුවාව  සහ ධම්මපදට්ඨ කථාව උපුටා දක්වමින් රාහුල හිමියන් කියන්නේ ප්‍රතිවේධය හෙවත් නිවන අවබෝධ කිරීමත් ප්‍රතිපත්තිය හෙවත් සීලාදී ගුණ ධර්ම පුරුදු කිරීමත් ඇතත් නැතත් ශාසනයේ පැවැත්මට පර්යාප්තිය හෙවත් ත්‍රිපිටක ධර්ම ඉගෙනීම ප්‍රමාණවත් බවයි.

එහිමියෝම ප්‍රතිපත්තියත් ප්‍රතිවෙදයත් පර්යාප්තියට වඩා උතුම් බැව් තථාගතයන් වහන්සේගේ මුල් ඉගැන්වීම බව සඳහන් කරති. (26 පිටුව) එමෙන්ම අටුවාවල මුලික අරමුණ සුත්‍ර පිටකයේ ඇති නිවන අරමුණු කරගත් සුත්‍ර දේශනා වලට අරුත් සැපයීමයි.

රාහුල හිමියෝ අංගුත්තර නිකාය අටුවාවේ මිලක්ඛතිස්ස කථා වස්තුව උපුටා දක්වමින් ග්‍රන්ථ ධුරය (පර්යාප්තිය) බලසම්පන්නයන්ට අයිති දෙයක් ලෙසද  විදර්ශනාව දුර්වලයන්ට අයිති දෙයක් ලෙස සැලකු බවත්  පවසා අධෝ ලිපි වල අදත් මෙසේ ජීවිතය ගතකරන හෙවත් විදර්ශනාව වඩන සමහර මහලු ස්ථවිර වරු සිටින බව සරදම් ස්වරයෙන් සඳහන් කරති. (32 පිටුව) එනමුත් එහිමියන් අමතක කල හෝ නොසලකා හැරි කාරණාව නම් අවසානයේදී  මිලක්ඛතිස්ස හිමි මාර්ගඵල හෙවත් ප්‍රතිවේදයේ ඵලය ලැබූ බවය. (මනෝරථපුරණි – එකක නිපාත වර්ණනාව- සයවන වර්ගය)

එකල ලංකාවේ ත්‍රිපිටකය ඉගෙනීමට මෙන්ම වෙනත් භාෂා ශාස්ත්‍ර ඉගෙනිමටද ආරාම ආශ්‍රිතව තිබූ පිරිවෙන් මුල් වූ අතර සමන්තපාසාදිකා විනය අටුවාව උපුටා දක්වමින් රාහුල හිමියෝ භාතිය රජ දවස (ක්‍රි.ව. 38-67) මෙරට අග්‍ර විනිශ්චයකාර ධුරය භික්ෂුවකට පවරන ලද බව සඳහන් කරති.(34 පිට)

අනුරාධපුර යුගයේ සිට භික්ෂුන් බලවත් වූයේද දේශපාලනයට මැදහත් වූයේද අධ්‍යාපනය ඔවුන් අත තිබු නිසාය. මේ දේශපාලන භික්ෂූන් බුදු දහමේ මූලික අරමුණ වන තමන් පිළිබඳව කරන ආර්ය පර්යේෂණයට වඩා ත්‍රිපිටකය ඉගෙනීම ඉහල ස්ථානයක තැබීමට තරම් සාහසික වූහ. මෙම සාහසික ස්වභාවයේ බලවත්කම එය අටුවාවට පිවිසීම හරහා සනාථවේ. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගමේ මුල් අවස්ථාවයි. දේශපාලන බුද්ධාගම අනුදත් රාහුල හිමි මෙය බුද්ධ වචනයට පටහැනි බව සඳහන් කරමින්ම අටුවාව උපුටා දක්වන්නේ එබැවිනි.

මෙම කාරණය වෙනත් උදාහරණයකින් ප්‍රකට විපස්සනා ආචාර්ය වරයකුවූ එස්. එන්. ගොයෙන්කා උපුටා දක්වමින් සඳහන් කරන්නේ නම් එය වෛද්‍ය වරයකු විසින් නිර්දේශ කරන බෙහෙත් පාවිච්චි නොකරමින් බෙහෙත් තුණ්ඩුව අධ්‍යයනය කිරීම වැනිය.  අටුවාවල සඳහන් වන්නේද රාහුල හිමියන් උත්කර්ෂයට නංවන්නේද එවැනි භික්ෂූන් ය.

සමහර විට එයට එක හේතුවක් වන්නට ඇත්තේ රාහුල හිමියන් සඳහන් කරන ආකාරයට බැමිනිටියා සාය වැනි යුග වලදී මුඛ පරම්පරාගතව පැමිණි ත්‍රිපිටකයේ පැවැත්ම ගැන ප්‍රශ්ණයක් ඇතිවූ නිසා විය හැක. එමෙන්ම එම සායට ටික කලකට පසුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල අතර දැන් එය අන්තර්ජාලයේ තිබේ. මවිසින් මනෝරථ පුරණි අංගුත්තර නිකාය අටුවාව  කියවන ලද්දේ අන්තර්ජාලයෙනි.

ශ්‍රී ලංකාවේ සිටි මානව​ විද්‍යාඥයකු වූ එච්. එල්. සෙනෙවිරත්නගේ කියැවීම අනුව සහ භික්ෂු දේශපාලනය පිළිබඳව විද්‍යාලංකාර ප්‍රකාශයේ අර්ථ කථනය අනුව භික්ෂු දේශපාලනය කළ විද්‍යෝදය පිරිවෙනට අනුබද්ධ භික්ෂුන් ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට ඉමහත් සේවයක් කරමින් ජීවත්වූ අතර විද්‍යාලංකාර පිරිවෙනේ මග ගත් දේශපාලන භික්ෂූන් පාර්ලිමේන්තුවට ගියහ.

රාහුල හිමි භික්ෂුවගේ උරුමය ලියන යුගයේදී විපස්සනාව එතරම් ප්‍රචලිතව තිබුනේ නැත. සියල්ලන්ගේම අරමුණ වූයේ මතු ආත්ම භාවයක නිවන් දැකීමයි. මෙම තත්ත්වය වෙනස් වූයේ තායි සහ බුරුම ආරන්‍ය වාසි භික්ෂූන් විසින් පරපුරෙන් පරපුරට රැකගෙන ආ විපස්සනා භාවනා ක්‍රම දසදින භාවනා වැඩ සටහන් හරහා ගිහියන් ගේ අතට පත්වීම නිසාය. මෙම භාවනා ක්‍රම ඉගෙනීමට බටහිර සිට පැමිණි සමහර ගිහියෝ එය බටහිර සමාජය තුළ ඔසවා තැබුහ. ඔවුන් අතරවෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වූ Jon Kabat Zinn, භාවනානුයෝගීන්ගේ මොලයෙන් නිකුත් කරන තරංග පිළිබඳව පර්යේෂණ කළ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු වූ Richard Davidson සහ මනෝ වෛද්‍යවරයකු වූ Daniel Goleman ද සිටියහ. ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවෝ වෙති.

මොවුන්ගේ සහ තවත් බොහෝ අයගේ පුරෝගාමී මෙහෙවර අනුව බොහෝ බටහිර රටවල mindfulness හෙවත් සතිය පාසල් සිසුන්ට ඔවුන්ගේ විෂය මාලාව තුළ උගන්වනු  ලැබේ. එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටද ගොස් ඇති බව ඔබ විශ්වාස නොකරනු ඇත. දැන් ලංකාවේ පාසල් වලද මීතිරිගල නිස්සරණ වනයේ උඩ ඊරියගම ධම්මජිව හිමි ප්‍රමුඛව මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ වී ඇත.  බටහිර රටවල mindfulness විසල් ව්‍යාපාරයක් බවට පෙරලි ඇතැයි දැනට ඇමෙරිකාවේ වෙසෙන භික්ඛු බෝධි චෝදනා කරයි.

Jon Kabat Zinn ගේ MBSR (Mindfulness Based Stress Reduction) හෙවත් සතිය පදනම් කරගෙන ආතතිය අඩුකිරීම බොහෝ ආතතියෙන් වෙසෙන බටහිර ජනයාට සහනකාරී වැඩපිළිවෙලකි.

නැවතත් එස්. එන්. ගොයෙන්කා ගේ උපමාවක් ගන්නේ නම් සීනි කර්මාන්තශාලාවකින් මොලෑසස් ද නිෂ්පාදනය වේ. එබැවින් සතිය හෝ සති මාත්‍රය ආතතිය දුරලීම සඳහාද තවත් දුර යනවිට නිවන සඳහාද උපකාරීවේ. බුදුහු සතිපට්ඨාන සුත්‍රයේ ආරම්භයේදී මෙයම සඳහන් කරති. තමන්ගේ මෙම දේශනාව සත්ත්වයන්ගේ සිතේ පිරිසිදු බව සඳහාද ශෝක වැළපීම් ඉක්මවනු සඳහාද දුක් දොම්නස් දුරුවනු සඳහාද ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහාද නිවන පසක් කරනු සඳහාද හේතුවන බව කියති. එබැවින් බටහිර මෙම මාර්ගයට පිවිස ඇත. ඔවුන්ගේ අතේ ධර්මය ඇති අතර දේශපාලන බුද්ධාගමක් නැත.

බටහිර සංස්කෘතිය එක් අතකින් බුදුදහමේ හරය හා ඒකමිතික වේ. අපේ සමාජයේ ප්‍රචලිත එක යෙදුමක් නම් එයා තනියෙන් බුදුවෙන්න යනවා යන්නයි. එය යෙදෙන්නේ කණ්ඩායමේ අනෙක් අයට සාපේක්ෂව ඉදිරියට යන කෙනෙකු අරබයා ය. බුදුවන්නේ හෝ නිවන් දකින්නේ හෝ එකලාව ය. බජාර් පිටින් නොවේ. Collectivism හෙවත් සහචර වාදය ප්‍රචලිතව ඇති ලංකාවේ එය නොමනා කටයුත්තකි. කෙනෙකු ගේ ක්‍රියා සිය කණ්ඩායමේ ක්‍රියා වලට අනුගත විය යුතුය.

බටහිර individualism හෙවත් පුද්ගලවාදය අනුව පුද්ගලයා සමස්ත ලෝකයට එරෙහිව සිටින අතර සහචරවාදයේදී සමස්ත ලෝකයට එරෙහිව සිටින්නේ පුද්ගල කණ්ඩායමකි. ඒ අනුව බුදු දහමේ හරය බටහිර පුද්ගලවාදය හා  ඒකමිතික වේ.

එමතුද නොවේ. බුදු දහමේ මූලිකව කෙරෙන්නේ තමන් පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා කෙරෙන ආර්ය පර්යේෂණයකි. අප ජීවත්වීම යනුවෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියයන් මගින් ලෝකය හා සම්බන්ධ වීමයි. මෙම ලෝකය හා ස්පර්ශ වීම පිළිබඳව සම්පුර්ණ අවධානයෙන් යුතුව සිටීම හෙවත් තමන් පිළිබඳව කෙරෙන ආර්ය පර්ය්යේෂණය මගින් තමන් පිළිබඳව සම්පුර්ණ අවබෝධයක් ලබා ගත හැකි බව බුදු දහම කියා සිටි. සම්පුර්ණයෙන්ම විද්‍යාත්මක චින්තනයට අනුගත වී ඇති මෙම ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම බටහිට වැසියන්ට පහසු කටයුත්තකි.

මෙම පහසු කටයුත්ත ලංකාවේ භික්ෂූන් මෙන්  පර්යාප්තිය හෙවත් ත්‍රිපිටකය පිලිබඳ ඉගෙනීම නැතහොත් ගොයෙන්කාජි ගේ වචන වලින් බෙහෙත් තුණ්ඩුව අධ්‍යයනය කර නොතිබුණු සුනීත, සෝපාක සහ කිසා ගෝතමී වැන්නන්  විසින්   බුද්ධ කාලයේදී පහසුවෙන් කරන ලදී. අප දේශපාලන බුද්ධාගම සමඟ එක තැන කැරකෙමින් සිටිමු. මෙසේ දිගටම ගිය හොත් අනාගතයේදී ප්‍රයෝගික බුද්ධාගම අපට ඉගෙන ගැනීමට සිදුවන්නේ බටහිරිනි. දේශපාලන බුද්ධාගම ඔවුන්ට ඉගැන්වීමට අපට හැකිවනු ඇත. ඒ සඳහා ගැනුම්කරුවන් සිටීම ඉතාමත් සැක සහිතයි.

මේ දේශපාලන බුද්ධාගම සිය බලය සඳහා මුලින්ම භාවිතා කලේ බණ්ඩාරනායකයි. ඉන් පසුව සියලුම නායකයන් විසින් එය අඩුවැඩි වශයෙන් භාවිතා කරන ලදී. මහින්ද රාජපක්ෂ එය ඉතා විනාශකාරී අන්තයකට රැගෙන ගියේය.එය අද අනුක්‍රමයෙන් බුදුදහමට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ දහමක් සමාජයේ පතුරුවමින් සිටී.ලංකාවේ බුදු දහමේ විනාශය සනිටුහන් කරමින් සිටී.

දේශපාලන බුද්ධාගම හෙවත් හරය අමතක කර මතුපිට ගැන පමණක් සැලකිලිමත්වීම අද මෙන් ප්‍රබලව නොතිබුණු යුගයේ මාර්ටින් වික්‍රමසිංහ විසින් බව තරණය පොත ලියන ලදී. බවතරණයේ 144 වන පිටුවේ බුදුන්ට යශෝධරා හමුවීම පිළිබඳව මේ කියුම එයි.

“ඈ මුසපත් වූවක මෙන් බුදුන්ගේ දණිස් පහළ කකුල් ද අල්ලමින් සිඹින්ට වූවාය….සිදුහත් ලෙස යුද හරඹ දැක්වීමෙන් ජයගෙන යසෝධරාවගේ ප්‍රේමය හිමි කරගත් තැන් සිට රහල් කුමරුන් උපදින තෙක් ගතකළ ගිහි ජීවිතය පිලිබඳ තොරතුරු සිහිගන්වන ගර්භාගාරයද එහි නොයෙක් සලකුණුද දුටු බුදුන් වහන්සේ ආවර්ජනයෙන් සමාධියට සම වැදුනෝය. මුහුණ පුරා මෙත් කරුණා පහන් බව පැතිරිණ. මේ වෙනස්වීම යසොධරාවට වහා හැඟුනෙන් ඈ පා සිඹිම නවතා  නැඟී බුදුන්ගේ මුහුණ බැලුවාය.”

මෙම ප්‍රකාශය බුදුන් කෙලෙස් සම්පුර්ණයෙන් නසා නොසිටි බව කියා පාන්නක් බවත් මේ අනුව කෙලෙස් මැඩ  පැවැත්වීම සඳහා බුදුන් සමාධියට සම වැදුන බවත් කී යක්කඩුවේ ප්‍රඥාරාම හිමි බවතරණ විචාරය නමින් බවතරණය මෙන් තුන්ගුණයක් පමණ විශාල පොත් දෙකක් පළ කළහ.

මෙම ප්‍රකාශය  සම්බන්ධව මම යක්කඩුවේ හිමියන් සමඟ එකඟ වෙමි. එහෙත් වික්‍රමසිංහයන්ට දඬුවම් කළ යුතුයයි කියන මතයේ මා නැත. යක්කඩුවේ හිමි ද ඒ බවක් කියා නැත.

එවකට අගමැතිව සිටි සිරිමා  බණ්ඩාරනායක බව තරණය තහනම් කිරීම හෝ මාර්ටින් වික්‍රමසිංහ ට එරෙහිව ක්‍රියාකිරීම හෝ ප්‍රතික්ෂේප කළාය.

පසුගියදා නතාෂා එදිරිසුරිය විහිළු වැඩසටහනකදී පහත සඳහන් ප්‍රකාශය කළාය

“බුදු හාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ සිදුහත් කුමාරයා කාලේ, කුමාරයා බබා කලේ ඒ සමවයසේ ළමයින්ට මාර pressure එකක් තියෙන්න ඇතිනේ. අර සුද්ධෝදන ගේ ළමයා, ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිද්දානේ. ඒකට මේගොල්ලෝ. තාම කෙලින් කරලා වඩා ගත්තම බෙල්ල කඩා වැටෙනවා. අර සුද්ධෝදනගෙ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියල. ඒකට මුන්. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුන දවසේ කියල නෑ දැන්මම තීරණය කරලා තියෙන්නේ එය ලොකු වෙලා මොනවාද කරන්නේ කියල. අපේ අය ඉතින් හැම දේම අපි කරලා දෙනකන් බලා ගෙන ඉන්නවා නේ. ඒ ළමයට අම්මත් නෑ. මූට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මොනවයින් අඩුවක්ද. සැප වැඩියි. වැඩියම බැනුම් අහන්න ඇත්තේ දේවදත්ත. එකනේ ගලක් පෙරලුවේ.”

මෙහි බුදුන්ට අපහාස කිරීමක් නැත. එසේ වෙතැයි කියන්නෝ, රාජ්‍යයද ඇතුළුව, මුග්ධයෝය.යමක හරි වැරැද්ද තේරුම් ගත නොහැකි පුද්ගලයෝය. දේශපාලන බුද්ධාගමේ කෙළ පැමිණියෝය.

Published in Colombo Telegraph on June 8, 2023

https://www.colombotelegraph.com/index.php/harsha-gunasena-8-june-2023/

Political Buddhism In Sri Lanka

 By Harsha Gunasena –

Harsha Gunasena

Around the year 1945 there was a conflict between DS Senanayake, The Leader of the House and the Bhikkhus of the Vidyalankara Pirivena. Senanayake was of the view that to engage in politics was not suitable for the Bhikkhus, and Bhikkhus of the Vidyalankara Pirivena held the opposite view. The Vidyalankara Declaration was released on February 13, 1946 under the signature of Ven. Kiriwaththuduwe Pannasara, the Head of the Vidyalankara Pirivena. Bhikkhus of the Pirivena were facing grave difficulties as people were refusing to provide alms to the Bhikkhus under the influence of various interested parties. 

The following was stated in the Vidyalankara Declaration.

Ads by FatChilli

“We believe that whatever the work done for the benefit of the people in the contemporary world belongs to politics. Everybody believes that it is the duty of the Bhikkhus to work for the upliftment of the religion. The upliftment of the religion depends on the upliftment of the people who follow that religion. The history proved that whenever the Sinhala Buddhist person was developed the development of the Buddhism  also happened in that period. Therefore, to engage in any programme which benefits the people of this country  without causing any harm to the Bhikkhu hood, even though the name of that programme is politics or otherwise, is suitable for the Bhikkhus. We cannot forget that the Sinhalala Bhikkhus spent their life from the beginning working for the upliftment of Sinhala nation Sinhala country and Buddhism” (translation was by the writer)

According to this statement it is evident that development of Buddhism means an external superficial development but not an internal spiritual development.

Ads by FatChilli

Thereafter Ven. Walpola Rahula who was at the Vidyalankara Pirivena at that time published a book called Bhikshuvage Urumaya ( The Heritage of the Bhikkhu) With reference to Commentaries to Anguttara Nikaya, Digha Nikaya, Majjima Nikaya and Dhammapadaya, Ven. Rahula says that whether the realization of Nibbana (pativedha) and the practice of virtues (patipatti) are there or not the study of the doctrine (pariyatti) is sufficient for the stability of the Sasana (Religion). However Ven. Rahula  mentioned in the book that according to the original teachings of the Buddha the practice of virtues (patipatti) and the realization of Nibbana (pativedha) are far more important than the mere study of the doctrine (pariyatti). Also, the main intention of the Commentaries was to elaborate  the meaning of the Suttas of the Tripitaka. 

Ven. Rahula in his book, quoting from Milakkhathissa narrative from the Anguttara Nikaya Commentary says that Grantha Dhura (study of the doctrine) is for more energetic Bhikkhus, and Vipassana (path to realization of Nibbana) is for the less energetic Bhikkhus. He in the foot notes sarcastically mentioned that even at the time of writing the book there were some old Bhikkhus following Vipassana. Ven Rahula has neglected or deliberately not mentioned the fact that  Ven. Milakkhathissa realized higher states in the path of Nibbana (Manorathapurani).

Ven. Rahula mentioned in the book that during those days Pirivena which were associated with Buddhist temples  were the only places to study Thripitaka as well as languages and arts. Quoting from Samanthapasadika the commentary to the Vinaya he mentioned that during the time of King Bhathiya (38-67AD) the post of the Chief Justice was held by a Bhikkhu.  

From the Anuradhapura era the Bhikkhus were so powerful since the education was in their hands. These political Bhikkhus were outrageous to place the study of the doctrine above the noble research to be done on oneself which was the ultimate intention of Buddhism. The intensity of this outrageousness is proven by such ideas being crept into the Commentaries. This was the initial stage of Political Buddhism. That was why Ven. Rahula  who promoted Political Buddhism quoted from the Commentaries while indicating that those were against the Buddha’s teachings. 

This point could be stressed by quoting from S.N. Goenka, a renowned meditation master. He equated the practice of chanting the  doctrine without practicing it to chanting the prescription given by a doctor rather than taking the medicine. Ven. Rahula wanted to follow such Bhikkhus whose actions were justified in the Commentaries as well.

Sometimes the reason for this may be as mentioned by Ven. Rahula  that there could have been a danger to the continuity of Buddhism which was brought forward from generation to generation by memorizing, at the time of Baminitia famine where a lot of Bhikkhus died. However, after the famine Buddhism was documented. Now it is on the internet as well. I have read Manorathapurani, the Commentary to the Anguttara Nikaya from the internet.

According to the view of HL Seneviratne, Sri Lankan anthropologist, the Bhikkhus who were engaged in politics in line with the declaration of Vidyalankara and affiliated to Vidyodaya Pirivena have done immense service to the people in rural areas whereas the Bhikkhus who had taken the path of Vidyalankara Pirivena have entered into the Parliament.

At the time when Ven. Rahula was writing the book the Heritage of a Bhikkhu, Vipassana was not very prevalent. All of them were thinking of attaining Nibbana in a subsequent birth. This situation was changed when Thai and Burmese Vipassana Meditation Masters who brought meditation techniques from generation to generation handed over the same to the lay persons through 10-day meditation courses. Those who came from the West to learn these techniques went back to the West and upheld those practices there. Jon Kabat Zinn, a medical professor, Richard Davidson, a professor of psychology and psychiatry who did neurological experiments of the emission of gamma rays from the brains of meditators, and  Daniel Goleman, a psychologist were among them. All three of them were Americans.

As a result of the pioneering work of them and many others, in Western countries mindfulness is thought to the children in their schools. You may not believe that it has gone to the British Parliament as well. Now mindfulness is thought in the schools in Sri Lanka as well initiated by Ven. Uda Iriyagama Dhammajiva of Mitirigala Nissarana Vanaya. Bhikkhu Bodhi, who is in USA states that mindfulness in the West has become a lucrative business.

MBSR (Mindfulness Based Stress Reduction) introduced by Jon Kabat Zinn is a relief for many in the West who are under stress in their day-to-day work.

Again, if an example is taken from SN Goenka, a sugar factory produces molasses as well. Therefore Sati or mindfulness helps in reduction of stress and the same Sati will help in attaining Nibbana. Buddha elaborated this at the beginning of Satipattana Sutta. Accordingly the Sutta will help in purification of the mind, overcoming of grief and lamentation, extinction of pain and sorrow, attaining the right path and realization of Nibbana. The West has entered into this path. They do not have a Political Buddhism in their hands.

On one hand Western culture is in line with the essence of Buddhism. One dictum prevalent in our society is that when a person goes ahead compared to the rest of the group it is said that he wants to attain Buddhahood all alone. Attaining Buddhahood or Nibbana should be done all alone and not with one’s ingroup. In Sri Lanka where collectivism is prevailed it is a thing not to be done. One should work in line with his ingroup. In Western individualism one is against the whole world and in Eastern collectivism one, together with his ingroup, is against the whole world. The essence of Buddhism is in line with individualism. 

Not only that. Buddhism mainly focuses on the noble research one has to do in order to understand oneself. What we mean by living is to get connected to the world through our organs. Buddhism says that by paying full attention to the process of connecting to the world, which is called the noble research, one can understand self. This process, which is in line with the scientific process could be understood well by the Westerners.

This easy task was done by the persons like Suneetha, Sopaka and Kisagothami during the time of the Buddha and they have not concentrated on studying Thripitaka like our Bhikkhus. We who are burdened with political Buddhism, are in the same place. If this is continued to the future, we may have to learn practical Buddhism from the West. There would be no demand for our variety, Political Buddhism.

Bandaranaike used this Political Buddhism for power. Thereafter all the leaders used it at different levels. Mahinda Rajapaksa has taken it to a very dangerous level. Now it spreads a totally opposite doctrine to Buddhism and  orchestrating a disaster for Buddhism. 

When Political Buddhism  which is to pay attention to the periphery ignoring the essence, was not so strong as of today, Martin Wickramasinghe has written Bavatharanaya. Following statement was in the book in page 144 describing the meeting of the Buddha and Yasodhara.  

She was not in her normal senses and started touching and kissing the legs below knees of the Buddha…The Buddha having seen various signs of the living area which led to the previous memories from winning the competitive armed drills  and winning the love of Yasodhara and to the birth of Rahula, have entered  from recollection of past memories to samadhi. Throughout the face tranquility was visible. Yasodhara who realized this change stopped the kissing of Buddha’s lower legs, got up and looked at the face of the Buddha.” (Translation was by the writer)

Ven. Yakkaduwe Pragnarama said that by this statement it indicated that the Buddha has not got rid of the defilements of the mind and in order to suppress those defilements Buddha has entered into Samadhi. He has written two books thrice the size of Bavatharanaya, to criticize it.

I agree with Ven. Yakkaduwe but I am not of the view that Wickramasinghe should have been punished. Ven. Yakkaduwe also has not claimed that.

Then Prime Minister Sirima Bandaranaike refused to prohibit Bavatharanaya or to punish Wickramasinghe . 

Recently in a comedy show. Nathasha Edirisooriya made the following statement.

“There could have been an immense pressure to the children at the time of Buddha and when he was Siddhartha as a small child. Suddhodana’s child walked soon after his birth. See our children. When we hold them straight their heads swing down. Suddhodana’s small fellow chanted a verse on the very day he was born. See our fellows. Suddhodana’s lad has decided on the day he was born that what he planned to do in the future. Our fellows wait till we do everything for them. That boy has lost his mother. Our fellow is having both the father and mother. He has everything. Too  much of comfort. Davadatta would have been scolded most. That was why he rolled a stone to Buddha.” (Translation was by the writer)

Here there is no insultation to Buddha. Not at all. Those who say, including the state, that this is an insultation, are idiots. They cannot understand what is wrong and what is correct. They have mastered the art of political Buddhism.

Published in Colombo Telegraph on June 8, 2023

https://www.colombotelegraph.com/index.php/political-buddhism-in-sri-lanka/